Thursday, February 26, 2015

පොඩි බංඩා


තනි අන්ඩෙන් ගෙම්බා පනිමින් ජේම්ස් පීරිස් ශාලාව පිහිටා ඇති කුඩා කඳු ගැටය නැගීමේ ප්රීතිජනක අවස්තාව ප්රතමයෙන් මා හට ලබා දුන්නේ පොඩි බංඩා .


හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින් ගෙම්බා පනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින්  ජේ පී කන්ද තරනය කරඅමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා බව කිසි දා අමතක නොවේ.


වචනයේ පරිසමාප්රත අර්තයෙන් පොඩි බංඩෙකු වූ ඔහු කුඩා මනුස්සයෙකි. පොකුටු කෙස් සහ කුරා උඩු රැවුල නිසා රූකාන්ත ගුනතිලක ගේ රුවට සමාන විය.
 
නවක ශිශ්යයන් ලෙස සරසවියට පැමිනි අපට වදය දීමට වඩා ගොන් පාට් දැමීමට උත්සුක වූ කන්ඩායමට ඔහු අයත් විය.

වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන්  හා නවකයන් සැවොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි.

ඉඳහිට් ඔවුන් වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරා ගෙන කෑමට උත්සුක වූයේ නැත.
 
 
තනි අන්ඩෙන් ජේ පී කන්ද තරනය කරන ලෙස සිනාසෙමින් කීවා මිස අනෙක් ජේශ්ටයන් මෙන් පොඩි බංඩා අපට තර්ජනය කලේ නැත. එපමනක් නොව තනි අන්ඩෙන් ගෙම්බා පැන නන්නත්තාර වී සිටි අපව ජේ පී කැන්ටිමට ගෙන ගොස් ප්ලේන් ටී අරන් දුන්නාත් මතකය.
 
 
නවක වදය අවසානයේ පවත්වන්නට යෙදෙන බොඩි ෆීඩ් එකට දින කිහිපයකට කලින් මාත් මගේ රූමාත් පේරාදෙනිය රාජකීය උද්භිද උද්යානයට ගියේ කොලඹ සිට නුවර සංචාරයකට පැමිනි පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමටයි.
 
මින් පෙර නුදුටු කෙනෙකු සමග පොඩි බංඩා ජේශ්ට උත්තමයා ලොකු කතාවකට වැටී සිටියේ උද්යානයේ ඇති දෙබිඩි පොල් ගසක් යට . ජේශ්ටයන් දුටුවාම මහ හැර යෑම ආනන්තරිය පාපකර්මයක් හෙයින් මත් මගේ  රූමාත් පොඩි බංඩා ලඟට ගියේ වෙන කල හැක්කක් නොවූ නිසාය.
 
 
වෙනදා සරසවියේ දී අප පසු පස හඹා එමින් ගොන් පාට් දමන පොඩි බංඩා එදින අප ඔහු වෙත ඒම ගැන දැක්වූයේ නොසතුටකි. පරුශ වචනයෙන් අප ඇමතූ ඔහු පට වහාම එතැනින් යන්නට අන කලේ . එයත් ගොන් පාට් එකේම කොටසක් දැයි පහැදිලි නොවන නිසාම එතනම ටැග් ගැහෙමින් සිටි අප දෙදෙනාටම එතැනින් වහාම යන ලෙස ආයාචනා කලේය. මෙතනෙ හිටියොත් උඹලට අනතුරක් වෙන්න පුලුවනි.... අපව එතැනින් පලවා හරිමින් ඔහු කීවේ වෙනදා මෙන් සිනා සෙමින් නොවේ.
 
මා අන්තිමට පොඩි බංඩා දුටුවේ එදාය. අපට අනතුරු හැඟවූ පොඩි බන්ඩා ලුහුබැඳ අනතුර පැමින ඇති බව ටික වෙලාවකට පසු සාලාවට ගිය අප හට ආරන්චි විය.
පොඩි බංඩා පැහැර ගැනීමට ලක් වූයේ සරසවිය තුලදීම බව කනින් කොනින් නවකයන් වන අප දැනගන්නට ලබුනි. කිසි කෙනෙකු පිලිබඳ කතා කිරීමට උනන්දු නොවීය. 
 
 
වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් විය. ඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු සිසු සිසුවියන් පසු දින දේශන වලට සාබාගී විය. දින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.
එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේ ගොවි පවුලක දරුවෙකු වවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය අයෙකු බවද දැනගන්නට ලැබුනි. එම තොරතුරු වල සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.
පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩි බංඩා ගේ පින්තූරය එල්ලිනි.... කතාව එච්චරය...
 
වසර බොහෝ ගනනකට පසු හදිසියේ දිනක මට පොඩි බංඩා මතක් වුනේ රූපවාහිනි ප්රවුර්ති නරඹද්දීය.
 
ජෙප්පන් ගේ මහ එකා වන අනුර කුමර කරුනානායක තුමා හයිබ්රිඩ් වාහන මෙරටට ගෙන්වන ආනයන කරුවන් ගේ දුක් අඳෝනා වලට සවන් දෙමින් කියා සිටියේ ඔවුන් ගේ ප්රශ්න ගැන තමාට වැටහෙන බවත් එම ප්රශ්න ජාතික විදායක සබාවට යොමු කර සහනයක් ලබා දෙන බවත් .
 
තම උගත් දරුවා නැති වූ සොවින් ඔත්පල වී මරු තුරුලට නොගියේ නම් පොඩි බංඩා ගේ දෙමවුපියනුත් එම අනුර කුමර ගේ කතාව ප්රවුර්ති වලින් දැකගන්නට ඉඩ තිබුනේය.
තවමත් ජීවත් සිටිනවා නම් ඔවුන් මහලු වයසේ පසුවන්නෝ වෙති...  සමහර විට ඔවුන් තම දරුවා දොස්තර විබාගය සමත් වී නැවත ගෙදර එන තුරු බලා ඉන්නවා වන්නට ඇත.....
 
අනුර කුමර තුමෝ... හයිබ්රිඩ් කාරයන් සහන දෙන්න යන ගමනේ නරකද ඔබ තුමාලා ගේ යහපාලනයෙන් මිල අඩු කල සස්ටජන් ටින් එකකුත් අරන් දඹුල්ලෙන් බැහලා පොඩි බංඩා ගේ වියපත් දෙමවුපියන් වත් බලලා සමාව ගත්තොත්???