Friday, May 29, 2015

යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය



ඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය..   නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට....

මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති.

අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය.

ස ර ස තුමා නොදන්නවා වුනාට සියලුම dollar borrowings වල පොලී අනුපාත ගනනය වන්නේ LIBOR එකට බැන්කුවට අදාල වියහියදම් එකතු කර ය. සියල්ලේ එකතුව වාර්ශික පොලිය 2.5% අඩුවෙන් ය.

හැබැයි ඉතින් අපේ රවී ඇමති මුදල් තුමා ඩොලර් මිලියන් නවසීයක් ම අරන් තියෙන්නේ 5.26% ට ය...



යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය. කොමිස් කාක්කෝ සමාව දෙත්වා...








Saturday, May 23, 2015

තමිල්මාරන් ......දුක හිතෙනව ඕයි...






ඔන්න එකෝමත් එක රටක තියෙන කොලඹ විස්සවිද්ද්යාලයේ නීති පීටේ පීටාදිපති කෙනෙකු සිටියෝය. එතුමා ගෙ නම වී. ටී. තමිල්මාරන් ය. උග්‍ර මහින්ද විරෝදියෙකි. කොටි හිතවාදියෙකි. පහුගිය කාලේ යහපාලනේට ෆූඩ් සිටි ගිය චරිතයකි.

සිරි ලන්කා ආරක්සක හමුදා අහින්සක දෙමල වැසියන් මරනවා කියා සිල්ප දක්වන්නෙකි.
TNA සන්විදානයෙන් එලඹෙන මැතිවරනයට තරඟ කරන්න හිටි  හාදයෙකි.

මැන්ස් ගේ හිතවතෙකු ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආවා හිටන් ය.  වැඩි විස්තර සඳහා පුවත්පත් බැලුවාම.ඒවා වල පල වී තිබුනේ මෙන්න මෙහෙම කතාවකි.

ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආපු තමිල්මාරන්ගේ යාලු  හුටන් ට ලමා අපචාරයක්  සමග ලින්ගික අපයොජනයක් කරලා හිටන් වින්දිතයා මරා දමා එය ෆෝන් එකේ රෙකෝර්ඩ් කර සිරි ලන්කා හමුදා දූශනය කර උතුරේ දැරියන් මරා දමනවා කියා ප්‍රචාරයක් දෙන්නට උවමනා විය.

එම යහපත් අදහසින් යාල්පානම් පෝච්චි වෙච්චි සුවිස් හාදයා තමන් කරන්න ආව වැඩේ කරලා දැරියක් දූශන කර මරා දමා එම කල්ක්‍රියාව වීඩියො කරගෙන හිටන් කොලඹ එන්න සූදානම් වන විට සිරි ලන්කා පොලිසියෙන් ඔහු ව අත් අඩන්ගුවට ගත්තෙමි.

අනේ ඉතින් ඒක දැනගත්තු තමිල්මාරන් නීති පීටාදිපති  තුමා නීතිය පොඩ්ඩක් එහා මෙහා කර යහපාලන කොන්ටැක්ට්ස් පාවිච්චි කොරලා සුවිස් බුවා ව පොලිසියෙන් නිදහස් කරගෙන පලාලි ගුවන්තොටුපලෙන් කොලඹ ගෙන එන ලදී.

මේක දැනගත්තු දෙමල කොල්ලෝ සැට් එක තමිල්මාරන් සහ ඔහු ගේ දියනියන් දෙදෙනා සිටි ගෙදර වැටලූ බව කියැවේ.
අහෝ බේදයකි... තමිල්මාරන් ව බේරාගන්නට එතැනට ආවේ එතුමා විසින් හැමදාඅම විවේචනය කල සිරි ලන්කා ආරක්ශක හමුදා වලින් එකක් වන නාවික හමුදාවයි.

අන්තිමට තමිල්මාරන් ට ගේම ඉල්ලූ දෙමල කොල්ලන් ගෙන් බේරී කොලඹ එන්න නාවික හමුදා නිලඇඳුමක් ඇඳවූ බව පුවත්පත් වල සදහන් ය...

දුක හිතෙනව ඕයි...




Saturday, May 9, 2015

මහත්වරුන් ගේ ඉල්ලා අස්වීම්


අත් මේස් ගලවා අතට අත දුන් මහ රැජින රජ කොරනා ඉන්ගලන්තේ මහ මැතිවරනේ පසුගියදා පැවැත්වුනේය.

මේ ලිපිය ලියන්නේ එයින් දිනූ හාදයා ගැන නොව පැරදුනු හාදයන් ගැනය.

කම්කරු පක්සේ එඩ් මිලිබන්ඩා, සුවාදීන පක්සේ මයිකල් ෆරාජ් මහත්තයාද ලිබෙරල් පක්සේ රජීව විජේසින්නො මැතිතුමාද... ඔහ් සමාවන්න, නික් ක්ලෙග් මැතිතුමාද තමන් නායකත්වය දුන් පක්සය ජයග්‍රහනයට පහ් කිරීමට නොහැකිවීම ගැන පාක්සිකයන් ගෙන් සමාව ගෙන නායකත්වයෙන් ඉල්ලා අස්වූහ.

සිරි ලන්කාවේද ජනාදිපතිවරනය පසුගිය ජනවාරි මාසේ පැවැත්වුනි. එහිදී ද මා කතාකරන්නේ දිනූ හුටන් ගැන නොව පැරදුන අප්පච්චි ගැනය.

අප්පච්චි  සිරි ලන්කා නිදහස් පක්ස නායකකමින් ඉල්ලා අස්වුනේ තම පරාජයත් සමගය.

මහත්වරුනි... මහත්මා දේශපාලනය නම් එයයි.

පිට පිට මැතිවරන විස්සකට වඩා පැරදුනමුත් තවම නායකත්වයේ එල්ලී සිටිනා රනිල් වික්‍රමසින්හ ට මහත්මා දේශපාලනය අදාල නැත!

Sunday, May 3, 2015

දේවසිරි ට "පහරදීම"




දේවසිරි කිරුලපෙනේ ගියාම එයාට ශාරීරික අඩම්තේට්ටම් කලා කියා මාජ්ජ වල පල වුනේය.


සත්ය වසයෙන් ම එවැනි පහරදීමක් සිදු වුනා නම් ස ර ස තුමා ඊට තම සාතිශය කනගාටුව පලකරන්නේ එය මහ භයානක තත්වයක් නිසාය.

On the other hand, ඔය වෙලාවේ එතන හිටි දහස් ගනන් මහ ජනතාව අස්සේ එවැනි පහර දීමක් සිදු වුනා යැයි සිතීම ඉතාම අපහසුය. දැන් කාලේ හැමෝම ලඟ කැමරා තිබේ. ඔය කියනා අන්දමේ පහර දීමක් සිදු උනා නම් එයට අදාල පින්තූර කීපයක් වත් මේ වෙද්දී අන්තර්ජාලයේ පල වී තිබිය යුතුය.

තවදුරටත් මේ සම්බන්දව කිව යුත්තේ සිරිසේනගේ පාලනය යටතේ පොලිසිය වැඩ බැරි ටාසන් කෙනෙකු ගේ තත්ත්වයට පත් වී ඇති බවයි.

මහ දවාලේ, දෙනොදාහක් අතරේ දේවයාට පහරදීම නවත්වා, ඊට අදාල කස්ටිය හිර බාරයට ගැනීමට අසමත් වීම මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලකි.

පොලිස්පති තුමනි... එදා කිරුලපෙනේ රැසීමේ රාජකාරි කල සියලු වැඩ බැරි ටාසන් ලා ගේ වැඩ තහනම් කරන්න.

හැබයි ඉතින් ඔය කියනා පහරදීම ඇත්තටම සිදු වූවේ නැත්නම්, එය දෙවසිරි ගේ රඟපෑමක් නම් වහාම ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.