Thursday, June 18, 2015

ජනතා විමුක්ති පෙරමුනට කුඩා ප්‍රස්නයක්

ඊලඟ මැතිවරනයේ දී මුලු අසන සන්ක්යාවෙන් සීයට හැට පහක් ලබා ජයග්‍රහනය කිරීමට ඔන්න මෙන්න ඉන්නා ජනතා විමුක්ති පෙරමුනට කුඩා ප්‍රස්නයක් මතු වී ඇත.

සිරි ලන්කා නිදහස් පාක්සිකයෝ විසි වෙනි සන්සෝදනේ ගෙන්නේ ජ වි පෙ වැනි ජනතා ප්‍රාසාදය දිනාගත් පක්ස වලින් පාර්ලිමේන්තුවට එන ජනතා නියෝජිතයන් අඩු කිරීමට බව අනුර තුමා ගේ ලපටි මොලයට වැටහී ඇත.

වහාම ක්‍රියාත්මක වූ අනුර කුමාර පාවාදෙනායක තුමා සැරසිලිසේන තුමා හමු වී, විසි වන සන්සෝදනේ දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී වරයෙකු පත් කිරීමට අවස්ය අවම ප්‍රතිසතය හෙවත් සලු වීමේ ප්‍රතිසතය සීයට පහේ සිට සීයට තුන දක්වා අඩු කරගෙන ඇති බව පුවත් පත් වල පල විය...

සිරි ලන්කා දේසපාලනේ ගැන ලොරි ටෝක් දුන්නාට මැතිවරනකයදී සීයට පහක් චන්ද ගැන්න ජනතා විමුක්ති පෙරමුනට හැකියාවක් නැති බව කට බොරු කීවද දිව බොරු නොකියන න්‍යායයෙන් පෙන්වාදීම ගැන අනුර කුමාර පාවාදෙනායක  ට ස රස  තුමා ගේ ඉස්තූතිය හිමි වේ!

Tuesday, June 16, 2015

බුලත් රනවිරුවා



ගගන් බුලත්සින්හල මහතා නව ගුවන් හමුදාපති ලෙස සැරසිලිසේන ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් වග පුවත් පත් වල පල විය. බුලත්සින්හල තුමාට ස ර ස තුමා ගේ සුබ පැතුම් හිමි වේ


"රනබිම මැරුනේ සින්හලයෙකු නම් " යන ගීතයේ සින්හලෙයෙක් කියන වචනේ ටිකක් අස්පට් යෙදීමක් බව කවුදෝ යහපාලන බහුබූතයෙකු ජාතික පූපවාහිනී කියා කට ගත්තා විතරයි.  යහපාලන ගේය පද රචක බහුබූතයා කියා තිබෙන්නේ සින්හලයෙක් වෙනුවට රනවිරුවෙක් යන වචනය යෙදිය යුතු බව ය.

එම සන්දර්බය තුල බුලත්සින්හල කෙනෙකු ගුවන් හමුදාපති කිරීම යහපාලනේට ගැලපේ දැයි සොය බැලිය යුතුය.

.
යහපාලකයෝ නව ගුවන් හමුදාපති තුමාට "ගගන් බුලත් රනවිරුවා" කියා නම වෙනස් කර ගන්නට අන දීමට ඉඩ ඇති බව  ස ර ස තුමා ගේ විස්වාසයයි.

Saturday, June 13, 2015

සැරසිලිසේන / Sarasillysena




සකල සිරි ලන්කා වාසීන් ගේ සහ බකල සිරි ලන්කා වාසීන් ගේ සියලුම ප්‍රස්න විසඳූ ජනාදිපති වෙලා ඉන්නා හාදයා ගේ අලුත්ම අවදානය ජාතික කොඩිය වෙත ය.
 
ඔහු ගේ චන්දදායකයන් ව සතුටු කිරීමට ජාතික කොඩිය ඉවතට ගෙන ඒ වෙනුවට සින්හයා නොමැති සැරසිලි කොඩියක් තනන්න යැයි ඔහු අන දී ඇතැයි පත්තර වල පල වේ.

රනිල් තුමා විසින් සැරසිලි කොඩිය ඉදිරියට ගේන ජනාදිපති වත් ඉදිරියට ගන්නේ සැරසිලි වලට පමනක් නිසා එතුමා ගේ නමත් "සැරසිලිසේන" ලෙස වෙනස් විය යුතු යැයි ස ර ස තුමා යෝජනා කර සිටී.

Thursday, June 11, 2015

කොමෙන්ටුවලට තරහා ගිහින්

 
සින්හල බොග් අවකාසේ ක්‍රියාකාරී පරඬලාවකට ස ර ස තුමා ගෙ කොමෙන්ට් වලට තරහා ගිය පාටය.
 
එතුමා ස ර ස තුමා  ගේ ගූගල් එකවුන්ට් එකට ඉතාම සමාන එකවුන්ට් එකක් සාදාගෙන ස ර ස තුමා නොකරනා අන්දමේ කොමෙන්ට් දැමීමට පටන් ගෙන ඇත.
 
මේ තියෙන්නේ ඊට උදාහරනයකි.
 
 


 


පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව​.





එම ස ර ස තුමා ගේ ගූගල් එකවුන්ට් එකට සමාන එකවුන්ට් එකෙන් ආ කොමෙන්ටුවට ස ර ස තුමා දුන්  පිලිතුරයි මේ...






//Sa rasaJune 11, 2015 at 12:39 AM

පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව​.
//

ස ර ස නමින් තවත් ගූගල් එකවුන්ට් එකක් සාදා මඤ්ඤන් පෝඅස්ට් දැමීමට තරම් සත්ය සා ර ස ගේ කොමෙන්ට් බලවත් වී ඇත.

ඉහල ස ර ස ලෝගො එකට ක්ලික් කර පසුව පහල එකට ක්ලික් කර වෙනස වටහා ගන්න
Delete




සන්වාදය ඇති වුනේ මෙමෙ බොග් පිටුවේ ය.


http://maathalan.blogspot.com/2015/06/good-governance-with-drug-dealers-and.html?showComment=1434026862234#c7684952678031823171


     
ස ර ස තුමා ගේ කොමෙන්ට් මෙච්චර සීරියස් ගැනීම ගැන මම එම පරඬැලාවට ස්තූති කරමි.
 

Thursday, June 4, 2015

නැට්ට කපා නොමිනේශන් ගෙන....



රනිල් තුමා යටතේ වන යූ එන් පී එක ගල් වලට කෑදරය.

ගලක් ඉස්සරහට දැම්මොත් නව යූ එන් පී එකෙන් ඕනැම වැඩක් කර ගෙන අද්යාපන ඇමති කමක් වුවත් ලැබිය හැකි බව දන්නෝ දනිති.

ඉතාම ප්‍රගතිශීලී පොරක් වන සන්නස් ගල නම් self confessed කූට ලේකකයා සින්හල ටියුශන් දීමෙන් නොනැවතී දේශපාලනයට එන්නට මුල් වුනේද ගලකි. එනම් ඔහු ද සන්නස් ගලක් බවත්, ගල් වලට යූ එන් පී එකේ හොඳ ඉල්ලුමක් ඇති බවත්  තේරුම් ගිය නිසාය.

තම ජීවිතේ කිසිම දවසක යූ එන් පී එකට උදවුවක් නොකල, යූ එන් පී කාරයෙකුට වැඩක් කර නොදුන් හාල් පාරු වලට යූ එන් පී ආසන සන්විදායක කම ලබා ගන්නට ගල ඉදිරියට දැමිය යුතු බව වටහාගත් සන්නස් ගල තෙමේ පෙරලෙන ගලේ පාසි නොබැදේ යන්න තහවුරු කරමින් වාමාන්සික සලු පිලි ගලවා නිරුවත් ව ඒහි බික්ශු බාවයේන් රනිල් තුමා අතින් රත්මලාන ආසන සන්විදායක කම ලැබීය...

වමනේ ගොඩට වැටුනු ඉහඳ පනුවෙකු මෙන් ප්‍රීතියෙන් කුල්මත්ව චන්ද අපේක්ශකත්වයත් ටියුශන් කිරිල්ලක් මැයි සිතා මහා මනාප තොගයක් ගන්නෙමී යි සිතා අනෙකුත් තරඟකාරී ගුරුන් හට ජම්බු දුන්නාසේ කොලඹ දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවාගෙන අලවාගෙන යන සන්නස් ගල තෙමේ යූ එන් පී පුන්නක්කු නොබුදින අප වැනි අයවලුන් හට මහත් කික් එකක් ලබාදෙන්නේයැ...

අපට නම් සිතෙන්නේ සන්නස් ගල ගේ ආගමනය තවත් ගලකට කෙලවීමක් ලෙසය. ඒ නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයෙන් කුඩා චන්ද සන්ක්යාවක් අඩු වී පාර්ලිමේන්තු යන්නට නොහැකි වූ අරන් ගල ට ය.

අවසාන මොහොතේ කොලඹට කඩා වැටුනු ගරිල්ලා මාකටින් සන්නස්ගල නිසා අරන් ගල ගේ පාර්ලිමේන්තුගමනය තවත් හීනයක් ම වන පාට ය.

තොපි එක එකා ගේ පෝස්ටර් උඩ තමන් ගේ පෝස්ටර් අලවා ගනිල්ලා... ඉහ මොල කා ගනිල්ලා....
ගල් ගල් හැප්පුනාම ගල් කුඩු විතරක් ඉතුරු වන බව දැනගනිල්ලා....