Saturday, October 29, 2016

අටවිසි බැඳුම්කර පිරිත...







රනිලන්කරෝ මහා වීරෝ - යූ එන් පී මහායසෝ
පොන්සි රූපෝ ලෝකහිතෝ - කොල්ලන්ගේ ජුතින්ධරෝ

සොරිසේනෝ සැමදා කක්කෝ - මංගලො මහා නපුන්සකෝ
චන්ද්‍රිකෝ වෙරි වෙන ධීරෝ - රාජිතෝ නැවු වද්ධනෝ

සොභිතෝ මරලා දැම්මෝ - නැතුවම මරණ සහතිකෝ
සජියෝ ලෝකපජ්ජොතෝ - උස්සානන් කොරති සිකිරුට්ටෝ

අර්ජුනයෝ මහා බැඳුම්කරෝ - බෑනානන්ච ලාබ කොරෝ
මහා රනිලෝ සූර චෞරෝ - අර්ජුනයාට උදවුකරෝ

අනුර කුමරෝ කාරුණිකෝ - බැඳුම්කරේ අමතකකොරෝ
කෝප් කොමිටිය යකා නටෝ - ඇදලා වරදසංවරෝ

ඵුස්සො වරද පිලිගත්තෝ - විපක්සේච  අනූපමෝ
සුසිල් ප්‍රෙම්ජයන්තෝ කෙලියෝ - දයාසිරිත් එකතුවුනෝ

සොරිසේනෝ සත්ථවාහෝ -අඟේ ඉඳන් කන කනෝ
ටොමියෝසිරි සම්පන්නෝ -ඇඟපුරා ගොම ගාගත්තෝ


යූ ඇන්පී සිරිලන්කෝ - දෙගොල්ලෝ රට කාදමතෝ
ජෙප්පෝ මාරාරි සංගමං - සිරිකොතන්  සමුපගමුං

ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

20 comments:

  1. මරු පිරිත!! කී පාරක් සජ්ජායනා කරොත්ද බලය ලැබෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බලේ ලැබෙන්නෙ පිරිතෙන් නෙවෙයි, ඊලඟ චන්දෙදි හිටන්!

      Delete
  2. Replies
    1. මම හිතන්නේ මේ පසන්ට ගෝඨාභයගේ අයිති කොම්පැනි ලයිස්තුවට ලංකා හොස්පිට්ල් දාන්න අමතක වෙලා.

      Delete
    2. දැන් ඒක අයිති සිරිකොතට නේ...

      Delete
  3. සාධූ සාධූ.... මරු පිරිත බං....

    දැන් මේක සජ්ජායනා කලොත් මහින්දලා උනත් බේරෙනවද...?

    ReplyDelete
    Replies
    1. බේරෙයි... බලාගෙන ඉන්න හිටන්!

      Delete
  4. ඒතේන සච්ච වච්චේන.. හෝතු 'මේ' ජයමංගලං.. :)))

    ReplyDelete
  5. අන්තිමට සදා සොත්ති තමයි...
    සාරසා දක්සයෙක්.
    ජයවේවා..!!

    ReplyDelete
  6. ඔන්න මම ලීව පත්තරේට

    ReplyDelete
    Replies
    1. පත්තරේට ජයවේවා..!!

      Delete
  7. දැන් නූල බදින්නේ කොහෙද

    ReplyDelete
    Replies
    1. නූල කැඩිලා පින්වත!

      Delete
  8. අඩේ මේ රට කොරවන මේ කලිසන් කාරයටයි සරන් කාරයටයි මෙව්ව කියවන්ට ලැබෙන්නෙ කවදාදෝ..!!

    😜😜😂😂😂

    ReplyDelete
    Replies
    1. ලොක්කා තට්ට ශර්ලොක් හෝම්ස් ට නෙලලා තියෙනවා දැක්කා ආතල් අයියේ... අපට ආඩම්බරයි හිටන්!

      Delete