Sunday, December 25, 2016

පොලිටිකලි කරෙක්ට් වීම සහ නත්තලට කෙලවීම Very Merry!!





මුලින් ම කිව යුතු දේ නම් සරස තුමාට විවිදාකාර මිතුරු මිතුරියන් සිටිනා බවය. ඔවුන් අතර සින්හල, දෙමල, මුස්ලිම්, ලන්සි, සහ විදෙස් ජාතීන් ද බෞද්ද, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම ආගමිකයන් ද කිසිම ආගමක නොඅදහන්නෝද වෙති. 

සරස තුමා වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් සහ වෙනත් නැඹුරුවලට  ලක් වූ උදවිය ආස්සරේ කරේ කුඩා කාලේ සිට ය.

අප වෙසක් උතසවයට ලෑස්ති වෙන කල කැරකෙන කූඩු සහ නානා පාට ලයිට් වැළ් අමුනමින් සැරසිලි වල පෙරමුන ගත්තෝ අන්ය ආගමික දරුවන් ය. එම අන්යාගමික මිතු මිතුරියන් ගේ ආගමික උත්සව වලටද සන්ස්කෘතික උත්සව වලටද සරස තුමා සාබාගී වුනේ ඉතා සන්තෝසයෙනි.  

වෙනත් ජාතීන් සහ ආගමිකයන් අතර පහසුවෙන් ඉන්නට සරස තුමා ට හැකි වුනේ ඒ අභාශයට පින්සිද්ද වන්නටය.

කරුමයට මෙන් එවන් බහුවාර්ගික, බහුආගමික පසුබිමක හැදී නොවැඩුනු හාදයෝ අනෙකාගේ උත්සව  ඇවැතුම් පැවතුම් වලින් තමාට පීඩා සිදු වේ යන අමන කල්පනා වලින් පෙලෙති.

එවන් හාදයෝ ඉන්නේ ශ්‍රී ලන්කාවේ පමනක් නොවේ.... 

ඔවුන් හට පින්සිද්දවෙන්න නත්තල ද පොලිටිකලි කොරෙක්ට් වී අවසානය.

එම ගොබ්බ පොලිටිකලි කරෙක්ට් උදවියට අනුව මෙරි ක්‍රිස්මස් කියා කියනා එක වැර්දිය, නිවැරදි දේ නම් හැපී හොලිඩේස් කියා කීම ය. 



ක්‍රිස්මස් ට්‍රී කියා එකන් නැත.. ඇත්තේ හොලිඩේ ට්‍රී එක ය!

සරස තුමා ඉතාම ප්‍රිය කරනා ක්‍රිස්මස් කැරොල් ගායනා කිරීම වැරදිය... එය අන්යාගමිකයන් ගේ සිත රිදවන හේතුවක් ලු හිටන්!


ආර්තික සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවට ගොහින් එහි ඉන්නා ඔස්ට්‍රේලියානුවන් ට ජාතිවාදී ලේබලය අලවමින්
 පාට් දැමීමේ පහත් ක්‍රියාව කරනා කස්ටියට පින් සිද්ද වෙන්න බොහෝ ඔස්ට්‍රේලියානු කනිශ්ට පාසැල් වල මෙවර නත්තල් කැරොල් පැවැත්වුනේ නැත. 

ඒ මදිවාට Merry Christmas යන වදන් නොදමා Very Merry යනුවෙන් කිසි තේරුමක් නැති පොලිටිකලි කරෙක්ට් මෝඩ වචන සහිත බැනර් සිඩ්නි නුවර වීදි දෙපස ප්‍රදර්ශනය විය.


ඔබාමලා එහෙම දවල මන්දිරේ මෙතුවක් කල් කියාපු හැපී හොලිඩේස් කතාව අපේ මනුස්සයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා බිඳ දමමින් මෙරි ක්‍රිස්මස් කියා කීවේය!

ඔබ සැමට Very Merry එකක් නොව නොහොත් සැබෑ Merry Christmas හෙවත් ප්‍රීතිමත් නත්තලක් වේවා!


44 comments:

  1. Superb post dude.

    Wish u a merry Christmas & a happy new year! Happy holidays too.

    Cheers !

    ReplyDelete
    Replies
    1. Thanks and Wish you the same sir!

      Delete
    2. හැපී කිරිස්මස් කියල අනිත් ආගමිකයින්ගේ හිත් තලන්ඩ හොඳ නැති නිසා බල්ලා සමග හිටං හෙලිකොප්පේ යන්ඩ හැකි වේවා කියල තමා විශ් කොරන්නේ හිටං

      Delete
  2. මා සන් මිත්‍ර අතිගරු සරසතුමනි,

    මහරුජිනගේ නත්තල් දින පණිවිඩයට සවන් යොමු කර පැයක් ගෙවෙන්නට ද පෙර ඔබතුමාගේ අතිවිශිෂ්ට අදහස් දැක්වීම කියවීමි.

    ජාතියක්-ආගමක් නැති එවුන්ගේ ජාතිකත්වනාශනීය විසකුරු වදන් වියුණු ලොව සතර දෙස පැතිරෙන අබුද්දස්ස සමයෙක අනෙකාගේ අනන්‍යතාවට ගෞරව කරන, අනෙකාගේ අනන්‍යතාව ඉවසන අන්තර්සාමයික සහ අන්තර්වාර්ගික සහජීවනයක් උදෙසා පෙනී සිටින ඔබතුමාගේ මෙම අභිලේඛනය අතිසම්භාවනීය ය.

    සිංහල ජාතිකත්වය යනු අනෙකා සතුරා කර ගත් නිෂේධනීය සංකල්පයකි යි පවසන්නට ඇතමෙක් ලිපි සිව්දහසකට වඩා ලියති; තවෙකෙක් පිටු සතළිසකට වඩා ලියති. ගරු සරසතුමා හරබර රසබර එක ම ලිපියකින් ඒ සියලු දුර්මත සිඳබිඳ දමන්නේ විදුරවියකින් නිල් මානෙල් කලඹක් සිඳබිඳලන ලෙස ය.

    දෙදහස් දහසය වසරේ දී වියුණු ලොව මා කිය වූ විශිෂ්ට ම අදහස් දැක්වීම ගරු සරසතුමාගේ මෙම ලිපිය වනු ඇත. Merry Christmas! Very Happy Christmas!

    අතිවිශිෂ්ට ය! අතිවිශිෂ්ට ය! අතිවිශිෂ්ට ය!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. මා වියත් මිත්‍ර කලානිධි බන්‍ධුල කුදලාගමයානෙනි,

      මා වියුනුව ඔබගේ ඇගැයීමට ලක්වීම මහත් භාග්‍යයක් ලෙස සලකමි!

      Delete
    2. (Hu) Kala Nidhi

      Delete
  3. Dear Sa Rasa

    Those stupid idiots had replaced the lyrics of "We Wish You A Merry Christmas" with "we wish you a happy holiday".

    We wish you a happy holiday & a very merry !

    I just said WTF once I heard it. F××× those idiots.

    ReplyDelete
    Replies
    1. I wish you a merry Christmas and a Happy new year too!

      Delete
  4. ///ආර්තික සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවට ගොහින් එහි ඉන්නා ඔස්ට්‍රේලියානුවන් ට ජාතිවාදී ලේබලය අලවමින්
    පාට් දැමීමේ පහත් ක්‍රියාව කරනා කස්ටියට පින් සිද්ද වෙන්න බොහෝ ඔස්ට්‍රේලියානු කනිශ්ට පාසැල් වල මෙවර නත්තල් කැරොල් පැවැත්වුනේ නැත.///

    කවුද, සීනුවර තට්ටයා ද ඕස්ට්‍රේලියානුවන්ට ජාතිවාදී ලේබලය ඇලෙව්වේ?

    ReplyDelete
    Replies
    1. සාරසගෙ අන්ත දූශිත මරාට රෙදි නැතුව කඩේ යමින් කරපු දස දහසක් මරිමෝඩ විගඩම් මැද කරපු එකම හොඳ වැඩේ නම් ඔය කියන තට්ට රිළාමොටා ට එරෙහිව නිර්භයව පෙනී සිටීමයි. ඒකට නම් ඔන්න අපෙත් රෙශ්පැට් එක හම්බුවෙනවා හරී?

      සිනුවර තට්ට රිළවා නම් උගේ කුහකකම වැඩිවෙලා අනුන්ට මඩ ගහල ගහල තට්ටෙත් පලාගෙන අන්තිමට ඊර්ෂ්‍යාවෙන් ළය පැලී මැරී වැටෙයි. මම දැක්ක ගොඩක් එවුන් ඌට හැඳිගෑවිලා අකුලෝලම පල කියල ශාප කරනව.

      තට්ට රිලවා මකබෑවුණාදෙන්.

      Delete
  5. නියමයි සා රස තුමෝ. අපේ පිනට පහලවූ ජන අගමැති ඩබලට ඉතුරු වී ඇත්තේ සමලිංගිකත්වය නීති ගත කිරීම පමණි.

    මොකද ඉතිං සංහිදියාව මගින් එකෙකුට කැලේ කපල උගේ පරම්පරාව බෝ කරන්නත්, උතුරෙ උන්ට උන්ට ඕන විදිහට පඩ ඇර ඇර රෙන්න දීලත්, දකුණේ කහ රෙදි හොරුන්ට චීෆ් ජජ් ගෙ පොස්ට් එක දුන්න එකමත් මදැයි ඉතිං.

    අනික කොච්චර විප්ලවයක් කොරලයි ඉතිං පාරේ තිබ්බ කහ ඉරි සුදු පාට කලේ හිටං.

    බව් බව් කියන හරක් දැක්කෙනම් ජිවිතේ ප්‍රථම වතාවට බං. ඒත් රිප්ලේස් වෙලා තියෙන්නෙ "උම්බෑ" කියන එක විතරයි.

    ඒකට ඉංගිරිසියෙන් කියන්නෙ "සද්දෙයි පඩ ගඳයි" කියල හිටං 😜

    ReplyDelete
    Replies
    1. ටිලාන් ආතල් අයියාට Merry Christmas and a Happy new year එකක් වේවා!

      Delete
    2. ඔන්න ඔන්න දොස්තර මහත්තයෝ උබත් ප්‍රශ්නෙන් පැනල යනව. උබ මෙච්චර හොඳට ලිව්ව පොස්ට් එකෙන් අපි වගේ පෘතක්ජනයෝ උබෙන් ලොකු රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනව හිටං

      Delete
  6. සරසා තුමා,

    මුලින්ම ඔබට සුභ නත්තලක් සල ලබන අවුරුද්ද සාමකාමී වසරක් වේවා යයි ප්‍රර්ථනා කරනවා!
    පසුගිය නිවාඩු දිනවල මට https://www.youtube.com/watch?v=2BYXvFFqpZs මාලාව බලන්න පුළුවන් වුනා මෙහිදී මෙහිදී ඇමරිකාවේ කළු ජාතික වහලුන් සහ ඇමරිකාවේ උතුරත් දකුණත් අතර පැවති සිවිල් යුධ්දයත් ගැන අපුරු පැතිකඩක් විවර වෙනවා.

    මම මෙය බලන විට මනසට ආවේ මුලින්ම ක්‍රිස්තියානි ධර්මයේ සදහන් විදියට සමානව මිනිසුන් දෙවියන් වහන්සේ විසින් මවන ලද බව කියවෙනවා නමුත් මේ කලුජාතිකයන් වහලුන් විදියට පාවිච්චි කරන විට ක්‍රිස්තියානි පල්ලිය කලේ මොනවද ?

    ඇමරිකාවේ සිවිල් යුද්ධයේ දී උතුරේ සුදු ජාතිකයන් දකුණේ සුදු ජාතිකයන් සමග මිනි මරාගන්නේ මේ අවස්ථාවාදී ගොනුවීම නිසයි,

    ශ්‍රී ලංකාවේ දෙමල දේසපාලුවන් සහ සිංහල දේසපාලුවන් කරන්නේ ත් මෙයයි.

    මෙය කල්පනාකර බලන විට මිනිසාගේ මනස මොනතරම් අවස්ථාවාදී ලෙස ක්රියාකරනවද කියල පේනවා, මිනිසුන් වර්ග විදියට ජාති විදියට විතරක් නෙමෙයි කල්ලි විදිහටත් බෙදෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි තමන්ගේ වාසිය සදහා මයි.

    කලින් කලට ලෝකය දැනුවත් වෙන විට මේ ආගමික ආයතන සාදනිය ස්තාවර වලට පැමිණෙනවා මෙය සිදුවන්නේ ප්‍රතිපක්ෂය බලය වැඩි වීමත් තවදුරටත් සත්‍ය වසන් කිරීමට නොහැකි ලෙසට බහුතරයකට අවබෝද වීමට පටන් ගැනීමත් නිසයි.

    මෙය ක්‍රිස්තියානි ආගමට විතරක් නෙමෙයි මා විශ්වාස කරන බුදුදහම ජනතාවට බෙදා දෙන ස්වාමීන්වහන්සේලා තුලත් මම දකිනවා, උදාහරණයක් දෙන්නම් පන්සල්වල සතුන් ඇතිකිරීම බුදුරජානන් වහන්සේගේ විනයට අනුව ස්වාමින් වහන්සේලට තහනම් වෙනවා නමුත් අප ලෝකය බලපුහම ස්වාමින් වහන්සේලා අලි ඇතුන් පන්සල්වල ඇතිකරමින් මේ වැරදි ක්‍රියාව තුල නිරත වෙනවා, කිසිවෙකු මෙය වැරදි බව කියනවා පෙන්න නෑ, අලි ඇතුන් බුදුදහම පවත්වන්න ඇත්තවශය අංගයක් කියන්න තරම් දුරදිග ගිහින් තියනවා.

    ඉහත දැක්වුවේ උදාහරණ කියප්යක් පමණයි මිනිසුන් ලෙස අපේ වාසිය ලබාගැනීමට කුඩා කුඩා කොටස් වලට ගොනුවී අප තව එවැනිම කොටසකගේ අයිතිය පැහැර ගැනීමට ක්‍රියා කිරීම නිසා ලෝකයේ විවිද අර්බුධ පනනගිනවා.

    මෙම ක්‍රියාව දකින බුද්ධිමතුන් සාමකමිලෙස වරද පෙන්වාදිය හැකිනම් එසේ කර තමන්ගේ ජීවිතයේ අරමුණ කරා ලගාවීමයි කලටුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔබටත් 2017 වසර ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා!

      Delete
  7. salute !!
    And Happy christmas !!!

    ReplyDelete
    Replies
    1. Merry Christmas and a Happy new year to you too Sir!

      Delete
  8. Hope you aware about the Pauline Hanson's claims as she's a victim of "reverse racism".

    Could you please issue a post on this as well? Kindly post about Pauline & Aussie white thrash talks too.

    ReplyDelete
    Replies
    1. @AnonymousDecember 25, 2016 at 4:48 PM

      Why are you worried about Australian "White Trash" and their comments? If one goes to Australia to settle down, it's stupid to expect the Aussies to change their ways to one's liking.

      Presume you're an economic migrant to Australia from SL, and for you to get riled about Pauline Hanson's speeches is akin to the Muslims migrating to the UK and trying to implement Sharia law over there.

      One cannot have the cake and eat it.

      Delete
    2. //AnonymousDecember 25, 2016 at 8:19 PM //

      Respect!!
      +++++++++++++

      Delete
  9. ඕස්ට්‍රේලියානු සමාජය ලෝකයේ අන් රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ මට්ටමේ ඉගෙලිටේරියානු (Egalitarian) සමාජයක් ලෙස සැළකිය හැකිය. එනම් ඔස්ට්‍රේලියාවේ කොයිතරම් බලවත් ධනවත් උගත් ලොක්කන් සිටියත් ඒ කිසිවෙකුට සාමාන්‍ය ජනතාව හෝ මාධ්‍යකාරයින් හෝ තියා ඇම්බැට්ටයින්වත් එතුමා, උතුමා, ඔබතුමා, මැතිතුමා යනාදී මළ කෝලම් විකාර කියවා දෙකට නැමෙන ආකාරයක් මා පසුගිය විසි වසර තුළ සිහිනෙකින්වත් දැක නැත. ඕනෑම සොක්කෙක් ඕනෑම ලොක්කෙකු අමතන්නේ එක්කෝ මුල් නම කියාය, නැතිනම් "මචං" වැනි ආමන්ත්‍රණයක් වෙන "මේට්" (Mate) කියා ය. ප්‍රසිද්ධ සභාවලදී සහ මාධ්‍ය වැඩසටහන්වලදී ඇතැම් අයව තනතුරු නාමයෙන් හඳුන්වා දෙන අවස්ථා කලාතුරකින් මා දැක ඇත.

    ReplyDelete
    Replies
    1. දහසය දහසක් පමණ සේවය කරන ලොව විශාලතම සමාගමක් වන අපේ ආයතනයේ ලොක්කා පීටර් ය. ඔහු යටතේ ඩිරෙක්ටර් ලා හය දෙනෙකි. අපේ ඩිරෙක්ටර් කෙන්ට වාර්තා කරන ජෙනරල් මැනේජර් ලා හය දෙනෙකි. එයි එක් අයෙකු වෙන මගේ ජෙනරල් මැනේජර් මයික්ට වාර්තා කරන කළමනාකරුවන් හත් දෙනෙකි. මගේ මැනේජර්වරිය වෙන ෂැරන් ඉන් එක් අයෙකි. ඇයට වාර්තා කරන කළමනාකරුවන් පිරිස මා ද ඇතුළුව පස් දෙනෙකි. ඉන් එක් අයෙකු වෙන පිලිප් යටතේ තවත් පිරිසක් සේවය කරති.

      මේ කිසිවෙකුත් අනෙකෙකුට නමෙන් මිස වෙනත් ආකාරයකින් එනම් සර්, මැඩම්, මිස්ට, මිසිස් අදී බලුගැත්තන්ගේ විකාර කතා කියා අමතන සිරිතක් නැත. නම නොදන්නේ නම් මේට් කියති.

      Delete
    2. මේ ඉතාම උසස් වැදගත් ඉගලිටේරියන් (Egalitarian) සමාජයක අතිවිශිෂ්ට ලක්‍ෂණ රැසකින් එකකි. ඉගලිටේරියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ සමහිමිකම් සහිත හෙවත් සමානාත්මක යන්නයි.

      ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත්තේ ඔහු කෙරෙහි ඇතිවූ දැඩි භක්ත්‍යාදරය නිසයි.

      Delete
    3. මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

      වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.

      මගේ බිරිඳ ලංකාවේ දී අවසාන වතාවට සේවය කළ කොළඹ මහ රෝහලේ ප්‍රධානියා, එහි විදුලි සෝපාන නඩත්තු කරන්නාට ලබා දුන් ශිෂ්‍යත්වයක් සඳහා විදේශයකට ගොස් ඇති බව ඒ දිනවල පුවත් පතක දුටුවෙමි. ඒ නම් ඉගලිටේරියන් තත්වයක් නොවේ.

      කොළඹ මහ රෝහලේ දොස්තරලා කෑම කන තැනට සනීපාරක්‍ෂක කම්කරුවන්ටද කෑම කන්නට ඉඩ දුන්නොත් ඇති විය හැකි තත්වය දැන ගතහොත් දොස්තර ඒබඩ් ද විස්මයට පත්වෙනු නොඅනුමානය !

      Delete
    4. මම එක පාරක් පොලිසියට ගිය වෙලාවෙ උසස් පොලිස් නිලධාරීන් පවා මට කතා කළේ "සර්" කියල. මම මුලින් පුදුම වුණා, පොලිසිය අපිට සර් කියනකොට. මම ඒ අයට කතා කළේ Officer කියලා. මම හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ වැඩවසම් ආකල්ප, ඒ නිසා වෘත්තියෙන් ඉහල කෙනාට පහල එක්කෙනා සර්/මැඩම් කිව්වෙ නැත්නම්, ඒ අයට එතන වැඩ කරන්න බෑ. මේක ලංකාවෙ විතරක් නෙවෙයි, ඉන්දියාව ඇතුළු සමහර දියුණු වෙමින් පවතින රටවල ලක්ෂණයක්.

      ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික බව නොකියාම බැහැ. දියුණු රටවල ප්‍රමිතියට එන්න තව සෑහෙන කාලයක් යයි. බොහෝවිට කවදාවත්ම එතරම් දියුණු තත්ත්වයකට පත්වෙන එකක් නම් නැහැ. අනික ලිංමඩියො වගෙ ඉන්න ලංකාවෙ මෝඩ ගෝත්‍රික රැල මේව දන්නෙවත් නෑ.

      Delete
    5. කවුරු ලියලා කවුරු පොස්ට් කලා ද දන්නේ නැහැ...

      හැමෝටම ඉස්තූත්යි හිටන්!

      Delete
  10. ඉහත කොමෙන්ට්ස් තට්ටයා විසින් ලිව්ව බව සලකන්න

    ReplyDelete
    Replies
    1. වෙන තැනක පල වූ කොමෙන්ට් කවුද කෙනෙක් මෙහි පල කලා වගේ... හැබැයි මාතෘකාවට අදාලයි හිටන්!

      Delete
  11. Replies
    1. Merry Christmas and a Happy new year to you too Asanga!

      Delete
  12. Merry Christmas 🎅 and a happy new year 😊 Sa RaSa

    ReplyDelete
  13. එසේම වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  14. සාරසට සීරියස් පැනයක් යොමුකරමි,

    මීට වසර දෙකකුත් මාස කීපයකට මත්තෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකේය වෛද්‍ය යුවළක් ගැන අවාසනාවන්ත පුවතක් මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණා මතකයි නේද? බටහිර ඔස්ට්‍රේලියාවේ ජෙරල්ටන් හි ජීවත් වූ වෛද්‍ය දිනේ__ සහ වෛද්‍ය චා__ ගේ ඒ අවාසනාවන්ත කතාව මතු වූයේ වෛද්‍ය දිනේ__ගේ අභිරහස් මරණයත් සමගයි. අභිරහසක්ව තිබුණු වෛද්‍යවරයාගේ මරණයේ රහස් සියල්ල හෙළි වූයේ පෙරටත් වඩා අවාසනාවන්ත අතීතයක්ද, මතු කරමිනි.

    වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධ සියලු ‍පොලිස් පරීක්ෂණ අවසානයේ මරණයට වගකිව යුත්තා බවට පත් වී තිබුණේ ඔහුගේ බිරිඳයි. ‍පොලිස් පරීක්ෂණවලින් හෙළිවුණු තොරතුරුවලට අනුව වසර පහක් වූ වෛද්‍ය දෙපළගේ විවාහ ජීවිතය සතුටුදායක එකක් වී නැත. වෛද්‍ය සැමියා ත්‍රීසම් නමැති විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයකුව සිට ඇති අතර වෛද්‍ය බිරිඳ ඔහුගේ අසාමාන්‍ය ජීවිතය නිසා දැඩි පීඩනයකට පත්ව සිට ඇත. වෛද්‍ය සැමියා මරා දැමීමට මුල් වී ඇත්තේ ද ඔහුගේ ඒ විකෘති මානසිකත්වයම බව පෙනේ.

    සිය සැමියාගේ මරණයට වරදකාරිය බවට බටහිර ඔස්ට්‍රේළියාවේ අධිකරණය මගින් තීරණය කෙරුණු වෛද්‍ය චා___ට සිව් අවුරුදු සිර දඬුවමක් නියම වූ අතර දඬුවම් කාලය අවසන් වූ පසු ඇයගේ ඔස්ට්‍රේලියානු විසා අවලංගු කර නැවත ඇයගේ මුල් රට වූ නොදියුණු ශ්‍රී ලංකාවට නැවතත් පිටුවහල් කොට එවිය යුතු බවටද තීරණය විය. මේ වන විට බටහිර ඔස්ට්‍රේලියාවේ ග්‍රිනොව් කලාපීය සිරගෙදර සිය දඬුවම් කාලය ගෙවා දමමින් සිටින වෛද්‍ය චා__ගේ දඬුවම ලබන වසරේ මුල් කාලය වන විට අවසන් වනු ඇතැයි අසන්නට ද තිබේ.

    ReplyDelete
    Replies
    1. කටින් කට පැතිරෙන මේ ආරංචිය වෛද්‍ය චා__ තවදුරටත් පිඩනයට පත් කරනු ලැබ ඇත. තමන් පත්වීමට යන අවාසනාවන්ත තත්ත්වය ගැන තැවුලට පත් වී සිටින වෛද්‍ය චා__ තමන් නැවත ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඉල්ලමින් ඔස්ට්‍රේලියාවේ ආගමන, විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

      //“මම මේ විඳින දඬුවමට පාදක වුණු හේතු කාරණා සහ එම සිදුවීමේ පසුබිම ඔබගේ අවධානයට යොමු කිරීමට මම කැමැත්තෙමි. මම අවුරුදු ගණනාවක් පුරා අතිශය නින්දා සහගත සේම හිංසා පිරුණු ප්‍රචණ්ඩකාරී වේදනා විඳිමින් ජීවත් වුණු තැනැත්තියක් වෙමි. මා වෙත ලැබුණු නඩු තීන්දුව සහ නඩු තීන්දුව ලබා දීමේ දී අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු කරුණු ආදිය නිසාද මගේ ඉදිරි ජීවිතයට බලපෑමක් ඇති වූවා යැයි මම කල්පනා කරමි. මේ සියල්ල නිසා මා නැවත ශ්‍රී ලංකාවට ගියහොත් එහිදී ඇතිවිය හැකි භයානක තත්ත්වයන් පිළිබඳවත්, මාගේ සහ මාගේ ශ්‍රී ලංකාවේ සිටින පවු‍ලේ අයගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවත් මම කරදරයට පත් වී සිටිමි. මා සම්බන්ධව සිදුවීම් සියල්ල ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් සේම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධියට පත් වී තිබුණු බව ද සඳහන් කරනු කැමැත්තෙමි. ඒ නිසා මා ශ්‍රී ලංකාවට ගියහොත් මටත් මාගේ පවු‍ලේ සියලු දෙනාටත් ඉතාම බරපතල තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. එමෙන්ම ජීවිත සහ දේපල පවා උමතු ප්‍රචන්ඩකාරී වර්ගවාදෙන්ගේ අතින් විනාශ විය හැකිය. මේ කරුණු සලකා බලා මාගේ ඔස්ට්‍රේලියානු වීසා අවලංගු නොකරන ලෙසටත්, මා ලංකාවට නොයවන ලෙසටත් ඉල්ලා සිටිමි.”//

      ලෙස වෛද්‍ය චා__ ආගමන විගමන අමාත්‍යවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන් කර තිබේ.

      වෛද්‍ය චා__ගේ ඉල්ලීම පිළිබඳ ඇයගේ ආගමන විගමන කටයුතු පිළිබඳ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඇයගේ අතීත ජීවිතය ගැන කරුණු ගෙන හැර පාමිනි.

      “මාගේ සේවාදායකයා දෙබඩි ජීවිතයක් ගත කළ අයෙක්.” ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවල එසේ කියැවෙයි.

      “එක් පැත්තකින් ඇය බෙහෙවින් ගෞරවය ලැබූ බුද්ධිමත් වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි කෙනෙක්. රෝගීන් වෙනුවෙන් ඉතාම වෙහෙස වී කැපවීමෙන් කටයුතු කළ වෛද්‍යවරියක් ලෙසට ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක්. නමුත් අනෙක් පැත්තෙන් ඇය ඉතාම දරුණු ලෙස අපයෝජනයට ලක්වුණු, තමන්ගේ වාසිය උදෙසාම කටයුතු කළ පුද්ගලයකු හා ගොඩනැගුණු සම්බන්ධයක වින්දිතයෙක්ව සිටි කෙනෙක්. ඒ සම්බන්ධතාව නිසා ඇය ඉතාම පීඩනයට පත් වී සිට තිබෙනවා. ලැජ්ජා සහගත ක්‍රියාකාරකම්වල ගොදුරක් බවට පත් වී ඇය පීඩාවට පත් වී සිටි බව පරීක්ෂණවලදී තහවුරු වුණා. ඒ වගේම ඇය කිසිසේත්ම ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කෙනෙක් ‍නෙවෙයි.

      සුදසුකම් ලත් වෘත්තිකයෙක් විදියට ඉතාම නීත්‍යානුකූලවයි ඇය ඔස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ. ඇය මේ වන විට ඕනෑවටත් වඩා කරදරවලට පීඩාවන්ට ලක් වී තිබෙනවා. ඇය නැවත ලංකාවට යැවීමෙන් සිදු වන්නේ ඇය වඩාත් බරපතල ප්‍රචණ්ඩකාරීන්ගේ මාරාන්තික ප්‍රහාර වලින් දැඩි පීඩාවට සහ බරපතල වේදනාවන්ට ලක් වීමයි. ඇයට ශ්‍රී ලංකාවේදී ලැබෙන ආරක්ෂාව කෙබඳු වේදැයි අපට කිසිදු විශ්වාසයක් තබන්නට අපහසුයි. ඒ වගේම නැවත ශ්‍රී ලංකාවට යැවීමෙන් ඇගේ ජීවිතය පවා විනාශ වී බරපතල අපරාධවලට ලක්වීමේ හැකියාව තිබෙනවා.

      මෙවැනි තත්ත්වයන් හමුවේ ඇය නැවත ශ්‍රී ලංකාවට යැවීමට තීන්දු කිරීම සාධාරණ දැයි සිතා බැලීම වැදගත්. මගේ නම් විශ්වාසය මෙවැනි සාහසික අපයෝජනයන්ට ලක්වුණු වින්දිතයන් ආරක්ෂා කර ගැනීම ඔස්ට්‍රේලියානු සමාජය විසින් සිදු කරනු ලැබිය යුත්තක් නමුත් අපහසු තත්ත්වයන් රැසකට මුහුණ දුන් ඇයව ඔස්ට්‍රේලියාවෙනුත් පිටුවහල් කිරීම මා සිතනා ලෙසට ඇයට කම්මුල් පහරක් ගසනවා වැනි දෙයක්” යැයිද වෛද්‍ය චා__ගේ ආගමන විගමන නීතිඥවරයා වැඩිදුරටත් පවසා ඇත.

      වෛද්‍ය චා__ සිය ඉල්ලීම් ලිපිය මගින් දක්වා ඇති කරුණු පිළිබඳ සලකා බැලීම ඉදිරියේ දී සිදුවනු ඇති බවත්, ඇයව ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට එවනවාද, නැද්ද යන්න තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් දැන ගන්නට තිබේ.

      මේ ගැන සාරස කියන්නේ මොකක්ද?

      Delete
    2. // මේ ගැන සාරස කියන්නේ මොකක්ද? //

      දුකයි!!

      Delete
    3. @ මේ ගැන .... කියන්නේ මොකක්ද?

      මටනම් හිතෙන්නේ ගිල්ලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා වගේ අම්ම තාත්ත හරි පාවාදීලා පලවෙනි ලෝකේ රටකේ තුන්වෙනි පන්තියේ (හෝ ක්‍රිමිනල් රෙකොර්ඩ් එක නිසා එයටත් පහල) පුරවැසියෙක් වෙලා ඉන්න ගන්න උත්සහයක්. සමහරවිට මෙය ඇයගේ අදහසක් නොව ඇගේ නීතිඥවරයාගේ අදහසක් විය හැකියි. විදේශවල තොරතුරු ගැන වදිනමක් නොදන්නා සාමාන්‍ය ජනතාව මුලා කිරීමට මෙවැනි උප්පරවැටි මෙම ආගමන නීතිඥයන් බහුලව බාවිතා කරනවා!

      Delete
  15. අර්ජුන රණතුංග සමාජ සත්කාරය කොළඹ ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කර විවෘත කරන ලද නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගස ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවන බවට පළවන කතා ඇත්තද සාරසෝ?

    ReplyDelete
    Replies
    1. මේ ජහපාලන කුක්කෝ කවද්ද බන් හරියට වැඩක් කොලේ? ඔක්කොම වැඩ බාගෙට. හරියට කරපු එකම දේ තමා තුබුණු ටිකත් නැති කරපු එක !

      Delete
    2. යුධ ජයග්‍රහණය හෑල්ලු කරලා, අළුතෙන් හදපු පාරවල් වලට හිනාවෙලා, ගුවන් පාලම් විවේචනය කරලා, වරායට නැව් එන්නේ නෑ කියලා උඩ පැනපු සංහිඳියාකාරයෝ රිලා රැල බල්බ් ටිකක් නිසා රෑට විතරක් පොඩි පෙනුමක් තියෙන, ලෝකේ උසම නත්තල් ගහ තියා අඩුමගානේ නත්තල් ගහක හැඩයක්වත් නැති, සල්ලි නාස්තියක්ම විතරක් වුන ගොන් මොළකාරයෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් අල්ලගෙන කියනවා;

      "කුහක වෙන්න එපා, මේක අපේ රට වෙනුවෙන් කරපු දෙයක්, ඒක අගය කරන්න" කියලා!

      Delete
  16. සරස තුමාටත් සිරි සුභ නත්තලක් හා ප්‍රීතිමත් සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හිටන්!

      Delete