Friday, April 29, 2016

දන්න කියනා කෙනෙක්!




ස ර ස තුමා බොහෝ කලකට පෙරපොඩි බන්ඩා ගැන ලියූ බ්ලොග් පෝස්ට් එක ගැන කීප දෙනෙකුට තවමත්පොඩ්ඩක් කසනවා කසනවා වගේ පෙනෙනවාය. 

ඒ අතරින් පස්සපැත්ත ගිනිගත්තු හාදයෙකු පෙරමුනේ සිටිනා බව පෙනෙන්නට ඇත.

තමන් මිත්‍රශීලීව ආස්‍රය කොල යුත්තේ තමන් ගේ දේසපාලන අදහස් ම දරනා කොහෝට් එකක් යැයි තරයේ සිතාගෙන සිටීම බොහේ සිරි ලන්කා වාසීන් ගේ දුරුවලකොමකි!

සිරි ලන්කා කාරයෙකු යූ ඇන් පී හාදයෙකු එක්ක කතා කලොත් එය සිල් බිඳ ගැනීමකි. වාමාන්සිකයෙක් තමන් ගේ පාර්සව වාමාන්සිකයෙකු නොවනා වෙනත් පාර්සව වාමාන්සිකයෙකු හා පයුරු පාසානම් පැවැත්වීම  පරාජිකා අකුසලයකි!

ස ර ස තුමන් ලා හැදුනේ වැඩුනේ එවන් පරිසරයක නොවනා බව ලකේ පුයිට් ලා ට දන්වන්න කැමැත්තෙමි. ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම මතවාදයක ඉන්නා ඕනැම අයෙකු සුහදව ආස්‍රය කිරීමට ස ර ස තුමා ලා ට මහ වැඩක් නොවේ. 

එම කතාව ක්‍රියාවෙන් ම ඔප්පු කිරීමට  ලඟකදී හමු වූ පරන දන්නා කියනා කෙනෙකු සමග ස ර ස තුමා ගන්නා ලද චායාරූපයක් පස්ස පැත්ත ගිනිගත් හාදයන් ගේ හිත සුව පිනිස ඉහලින් පල කරමු.

ස ර ස තුමා සමග එම චායාරූපේ ඉන්නා තැත්තිය ස ර ස තුමා ට වසකරකට ඉහලින් වෛද්ය පීටේ හිටි නිර්බීත කාන්තාවකි. ලකේ පුයිට් ලා මෙන් කටින් බතල නොසිටවා සුවහසක් පෞද්ගලික කැපකිරීම් කල නිසා ම  ස ර ස තුමා ගේ ගෞරවයට පාත්‍ර වූ කාන්තාවකි!

පුලුවන් නම් ඈ හඳුනාගන්න. 

එවිට හිරු දුටු කදෝපැනියන් සේ පොඩි බන්ඩා ගැන ලිවීම අකුසලයක් සේ සලකන කස්ටියකට අමා සැප දැනෙනු ඇත!


Thursday, April 28, 2016

අහවල් එක



අති උතුම් පෙරෙයිදා පත්වීම ලද මාජ්ජ ලේකම් තුමා ඒකාබද්ද විපක්සය කියනා වචන දෙක සැන්සර් ගේ කතුරින් කපා දැමූයේ එම වචන පාවිච්චි කොරනා මාජ්ජ කාරයන් ව හිරේ විලන්ගුවේ දානවා යන කරුනාබර මෛත්‍රී සහගත යහපාලන ප්‍රතිබන්දන තර්ජනයෙනි!

මහින්ද මහත්තයා රාජ්ජය කොරනා කාලේ මාජ්ජ කරුවන්ට සුලු අදොවාතයක් ගියද කලබොල වන ෆ්‍රයිඩේ ෆෝරමේ නාකි සෙප්පඩවිජ්ජා කාරයෝ, කුරවැසි බලය, ෆූටාවෝ සහ සෝබිත උන්නාන්සේ ආදී මෙකී නොකී ඇන්ජීයෝ කාරයෝ මෙම මාජ්ජ මර්දන ක්‍රියාවට විරුද්දව තාම කට ඇරියේ නැත.... කට අරිනා පාටක් ද නැත. මාවිල් ආරු වීරයා වූ රතන උන්නාන්සේ ද අපවත් හැර දා ගොසින් කියා කසුකුසුවක් ද පවතී....

අලුත් පරපුරේ කස්ටිය නම් ජනාදිපතිවරන කාලේ කුරුනෑගල් පලාතේ ශූටින් කොරනා ලද තමන් ගේ ටෙලිය ට "තගා" ගේ පාට් එක කොල කමල් ඉන්දික නැමැති ප්‍රාදේසීය දේසපාලුවාට ජාතික තලයේ ආසන සන්විදානය කම හිටන් ගේ අතින් ම ලැබීමේ සන්තෝසේ බෝතලයක් දෙකක් හිස්කරමින්, රොකට්ටුවක් දෙකක් අරිමින් සමරනවා වන්නට පුලුවන...

සිරි ලන්කාවේ මාජ්ජයට බොහෝ හිතැති එම වාහෙලා වැටී සිටිනා කුම්බකර්න නිද්‍රාවෙන් අවදිවීමට තව කාලයක් යාවි යැයි සිතනා ස ර ස තුමා එතුවක් කල් ඒකාබද්ද විපක්සයට බාවිතා කිරීමට "අහවල් එක" නැමති අගනා වචන දෙක යෝජනා කොරමි!

ප. ලි: මම තුමා ම එම යෝජනාව සම්මත කොරමි!

Friday, April 22, 2016

වරාය කෑම



යහපාලන ආන්ඩුවේ වරාය ඇමැති ලෙස පත් වුනේ අර්ජුන කියන පුද්ගලයා ය. වැඩි අද්යාපනයක් නැත.... ඕ ලෙවල්  සමත් ද කියා සුවර් නැත.

අර්ජුන ලොක්කා වරායේ සබාපති ලෙස පත් කලේ ඔහු ගේ සොයුරු දම්මික කියනා තගෙකි.  වැඩි අද්යාපනයක් නැත.... ඕ ලෙවල් අසමත් ය.

අනෙක් ලොකු තනතුරුවලට තම බිරිඳ ගේ සොයුරන් හා නෑයින් පත් කොරන ලදී.

ආයතනයේ දියුනුව හා සේවක සුබසාදනය ගැන මෙලො හැඟීමක් නැති රනතුන්ගලා සහ ඔවුන් ගේ සට්ටැඹියෝ වරාය තුල සම්බාහන මද්යතානයක් ද ආරම්බ කල බව පුවත් පත් වල පල විය!


මම පොර ජාතකේ ඉහලින් ම හිටිනා රනතුන්ගලා කියන විදියට වැඩ කිරීමට වරායේ සේවකයො කැමති වුනේ නැත.

සින්හල අවුරුද්දට පෙර වරායේ සියලු වුර්තීය සමිති එකාවන් ව වර්ජනය කොර අර්ජුනව කොර කලහ.

එවිට අර්ජුන වෙනුවෙන් බැට් කිරීමට පිටියට පැමිනි මාජ්ජ ලීකම් කියනා හාදයා තමන් ගෝල්පීස් එකේ හෙලුවෙන් දුවන බව ජනතාවට දැනුම් දුන්නේය.

ඔහු සමග පැමිනි ටයි බයි පැලඳ සිටි වරායේ ජෙනෙරල් මැනීජර් මහත්තයා කියා ගත් ජෝකරු පැවසූයේ ඔහු ගේ ඇමැතියා නිර්දෝශී බව ය. එම ජෝකරයා වරද සේවකයන් අත පැටවීය.

රනිල් තුමා මැදිහත් වී යන්තන් ප්‍රස්නය තාවකාලික ව ගොඩ දැම්මේය.

අහෝ දුකකි.... ටයි බයි පැලඳි ජෙනෙරල් මැනීජර ජෝකරු කියූ දේ ශුන්ය කොරමින් නැවත සියලුම සේවක කස්ටිය ඒකාබද්ද වී වරායේ වැඩ වර්ජනයක් ආරම්බ කෙරුමට යයි...

වර්ජනය වෙනුවෙන් වැඩියෙන් ම උඩ පනින්නේ ජාතික සේවක සන්ගමේ හාදයෝ ය!


ස ර ස තුමා අහන්නේ සා පෙල අසමත් ඇමැති සහ සබාපති වෙනුවෙන් මාජ්ජ සාකච්චාවට ඇවිත් සේවකයන් අත් වැරදි පැටවූ ගොන් බාන ඇමැති තුමා සමගම ටටා බයි බායි කියා එලියට යන්නේ කවදාද කියා ය!



Friday, April 15, 2016

පන්සලේ අලියගෙ ඉස තෙල් ගාන්නේ ඇඳුම් ඇඳගෙනද හිටන්?





සින්හල බෞද්ද සන්ස්කෘතික සලකුණු විනාස කිරීමේ අබිලාසයෙන් ආන්ඩුව අතට ගත් රනිල් තුමා සහ අනුන්ගේ දූශන විරෝදී පෙරමුනේ කස්ටිය ඇතුලු යහපාලන නඩේ ගුරා වන හිටන් තුමා රෙදි ඇඳගෙන ම පන්සලක හිටන් ඉස තෙල් ගාගද්දී බොහොම අමාරුවෙන් වවාගෙන හිටි බ්‍රෑන්ඩ් නිව් කොන්ඩේ එහාට මෙහාට වී පහුගිය 2015 ජනවාරි අට වෙනිදා හිටන් අතුරුදහන් වී හිටි තට්ටේ මතුවීම සිරි ලන්කාවාසීන් ට ලැබුනු අවුරුදු තෑග්ගකි.

යහපාලන ගස් ගෙම්බෝ සකල මහා සත්තු වෙත පතලාවූ මහා කරුනාවෙන් පන්සලෙන් අලි ඉවත් කිරීමේ මහා ව්යාපාරය කොරගෙන යද්දීම හුටන් තුමා හිටන් හිටි ඉස්තානෙම පන්සලේ අලියා ගේ ඉස තෙල් ගානා ලද්දේ මහින්ද මහත්තයා කොපි කිරීමට බ්ව අපේ අදහස ය.

තොපිට ලැජ්ජාවක් කියා එකක් ගෑවිලා වත් නැත්ද?


Friday, April 8, 2016

නාලන්දාවේ හිටපු විදුහල්පති ධර්ම ගුනසින්හ මැති තුමා

ට්‍රාන්සිල්වේනියා තුමා නාලන්ද විද්යාලයේ ගුරුවරියක් ගැන ලිපියක් පල කලාම ඒකට කොමෙන්ටුවක් ලෙස ස ර ස තුමා ගෙන් ප්‍රතිකාර ගනීමට පැමිනෙන එම විද්යාලයේම හිටපු මුල්ගුරුතුමෙක් ගැන සඳහන් කලා...

එතුමා ගේ නම ධර්ම ගුනසින්හ. 

එම කොමෙන්ටුවට ප්‍රතිචාර දක්වමින් කීප දෙනෙකුම ගුනසින්හ "සර්" ව මතක කරමින් කොමෙන්ටු දැම්මා.

එතුමා ගැන දන්නා හඳුනන කීප දෙනෙකුම, මනා පෞර්ශය යුතු, උසස් ගතිගුන වලින් සම්පූර්න වූ  විනය ගැන සැලකිලිමත් වූ ගුරු උතුමෙකු ලෙසයි ධර්ම ගුනසින්හ මහතා හැඳිවූයේ.

වයෝවෘද, ජීවිතයේ සැඳෑ සමය ගත කරන එතුමා පදින්චිව සිටින්නේ ඇතුල් කෝට්ටේ ප්‍රදෙසයේයි

හුඟ කාලෙකේන් එතුමා ව නොදැකපු එහෙත් එතුමා ගෙන් "පොල් ටොකු" කෑ නොකෑ සින්හල බ්ලොග් කියවන ආදි නාලන්දියන් ට පොඩි කික් එකක් දීම සඳහා ස ර ස තුමා ගුනසින්හ තුමා සමග ගත්තු පින්තූරයක් තමා ඔයි උඩින් පල කලේ.

Tuesday, April 5, 2016

වස විස නැති එලවලු පලතුරු...



මේ ලිපිය ලියන්නේ ලන්කා සිතුවිලි තුමා ගේ කාබනික වගා ලිපි මාලාවෙන් ලද කික් එකක් නිසා...

ස ර ස තුමා බට කොල කන අවදියක කාලයක් වයඹ් විස්ස විජ්ජාලෙ මාකඳුර කැම්පස් එකේ අන්ඩර දුන්න නේ...

ඔන්න ඒ කාලේ ඩීන් තුමා නියෝගයක් කොලා උඹලා පෝසනේ ගැන උගන්නනවානම් අර බැසිල් තුමා ප්‍රවර්දනය කොරනවා වගේආදරුස ගෙවත්තක් හදපන් කියලා...

විස්සාස කොරන්න මහත්වරුනි ඇග්‍රි හාදයෝ හාදියෝ හුටාමාරක් හිටියාට එම කර්තව්යය කඩා වැටුනේ ස ර ස තුමා ගේ කරපිටටයි!

මෝඩයාට බය තේරෙන්නෙ නැති එකේ ස ර ස තුමාත් ඒ අබියෝගෙ බාර අරන් අවසන් වසරේ කන්ඩායමේ පූර්න ශ්‍රම දායකත්වයෙන් හැදුවනේ මහා ගෙවතු රාජයෙක්! 

ගෙවත්ත හදන්න අපට ඉඩ ලැබුනේ පලමු මහලේ පිහිටි ඕපන් ස්පේස් එකක්...
මාකඳුරේ ම පිහිටි නෙස්ලේ කරුමාන්තසාලාවෙ කලමනාකාර තුමාට පොඩි දුක් ගැනවිල්ලක් ලියමනකින් දුනාම ලී පෙලට් ටිකක් ලැබුනා.... කොල්ලෝ නෑ බෑ නොකියා පෙලට් ටික ගලවලා ලී ටික අරගෙන ස ර ස තුමා ගේ ගනන් මිනුම් වලට පෙට්ටි හැදුවා.. ගරාජ් එකකින් ලැබුනු කලු තෙල් ආලේප කර පොලිතීන් වලින් ආස්තරන කර ගත්තාම එම පෙට්ටි පැල හදන්න හොඳ බඳුන් වුනා

ඒ ලඟ පාතින් ම කොහුබත් සහ පස් ටිකක් ලැබුනා... කුරුසිකර්ම දෙපාර්තමේන්තුවේ අද්ද්යක්සක තුමාට දුක් ගැනවිලි ලිපියක් දුන්නාම අල්ලපු වත්තේ කෘසිකර්මෙන් කාබනික පෝර ටැට්ටරර් දෙකක් ම ලැබුනා...

එක පත අටට මිස්‍ර කොරලා අර පෙට්ටි ටික පුරවලා කොච්චිකඩේ පලාතෙ තිබුන පැල තවානකින් පැලයි බැසිල් තුමා ගේ අනුග්‍රහයෙන් ඇටයි හිටවලා කොල්ලො සහ කෙල්ලො ලවා දිනපතා වතුරත් වැක්කෙරුවා....

කිසිම පොහොරක් හෝ කුරුසි රසායනයක් නොමැතිව අපි හැදූ බෝග ඔයි ඉහල තියෙන පින්තූරෙන් බලතෑකි....

ලමයි කොච්චර පැල වලට ආදරේ කොලාද යත් ඒවා පරිබෝජනයට ගත්තෙත් නැහැ.. කාටත් ගන්න ඉඩ දුන්නෙත් නැහැ... එලවලු පැල වල මල් හැදී ඇට මතුවී ස්වබාවික මරනයකට යනතෙක් ම ඔවුන් එම එලවලු නෙලාගත්තේ නැහැ

ඉඩ ලද හැම වෙලාවෙම ඇවිත් වතුර දාලා පනුවො එහෙම ඉවත් කොරලා ලමයි ගත්තු සතුට ස ර ස තුමා ට කවදාවත් අමතක වෙන්නෙ නැහැ...


Friday, April 1, 2016

කුරුටුගාමී ත්‍රස්තවාදී විනාස හෙලා දකිමු!




තම පක්සේ නායකයා නීතිවිරෝදීව ස්‍රි ලන්කාවට පැමිනි විට නඩු අසා හිරේ දැමුවාට සහ ඔහුට ස්‍රි ලන්කා පුරවැසිකම නොදීමට විරුද්දව කුරුටුගාමියෝ අද දහවල් ආගමන විගමන කන්තෝරුවට කඩා වැදී රාජ්ය දේපල වලට හානි කලහ. 

එපමනක් ද නොව එම අයුතු ජන රාශිය විසිරුවා හැරීමට උත්සාහ කල රටේ නීතිය හා සාමය රැකීමට බැඳී සිටිනා පොලිසිය සමග ආරවුලකට පැටලී ආගමන විගමන කන්තෝරුවේ පිවිසුමේ ඇති මහා වීදුරු ද්වාරය ද කඩා බිඳ දැමීය.

එම කලබැගෑනිය නිසා එම ආයතනයෙන් තම කටයුතු කරගැනීමට පැමිනි බොහෝ පුරවැසියන් හට හිස් අතින්ම ආපසු හැරී යන්නට සිදු විය.

කුරුට්ටනි, තොපට අගමැති තුමා සහ ජනාදිපති හිටන් තුමා සමග හෝ ආන්ඩුව සමග මත ගැටුමක් තිබීමට පුලුවන. 

දේසපාලන වසයෙන් එකඟ නොවනා කස්ටිය වෙනස් මත දැරීම අයුතු ජන රාශියක් හදාගෙන රජයේ දෙපාර්තමේන්තුවකට බලාත්කාරයෙන් කඩාවැදී  එම ආයතනයේ දේප්ල කඩා බිඳ දැමීමටවත්, නීතිය හා සාමය රැකීමට සිටිනා පොලීසිය සමග ගුටි ගහගැනීමටවත් මූලාස්‍රයක් විය නොයුතුය!

පවතිනා රජයේ යම් ප්‍රතිපත්තියකට, දේසපාලන ක්‍රියාවකට ඔබලා එකඟ නොවේ  නම් එයට විරෝධය දැක්වීමට අවස්තාව ලබා ගත හැකිය. 

ස ර ස තුමා මේ ආන්ඩුවේ අනුගාමිකයෙකු නොවේ. 

එහෙත් සත්යය නම් ප්‍රජාතන්ත්‍ර විරෝදී යැයි ඔබලා චෝදනා කරනා වර්තමාන රජය විරෝදතා වියාපාර සඳහා පොලීසිය යොදවා බැටන් පහරවල් නොදී නීතිගරුකව ඔබේ විරෝදය දක්වන්නට අවස්තාව ලබා දෙන බව ය. 

ඒ පසුගිය මාර්තු 17 දා හයිඩ් පිටියේ පැවැත්වුනු අති දැවැන්ත විරෝදතා රලියට ස ර ස තුමා ද මුල සිට අගට ම සාබාගී වී අත්දැකීමෙන් ම දැනගත් දේ ය!

කුරුට්ටන් යනු ජ වි පෙ නැමැති පිලිලයෙන් මතු වුනු තවත් විකුර්තියකි. 

වර්තමාන ජවිපෙ නායක කුමාර සහ හිටපු නායකයෙකු වන කුමාර් අතර හටගත් මේ ආරවුල නිසා රටේ දේපල හෝ ජීවිත වලට හානි සිදු විය යුතු නැත!

1971 සහ 88/89 වකවානුවල ජ වි පෙ විසින් මෙහෙයවන්නට යෙදුනු මහා ජීවිත හා දේපල හානි ගැන අත්දැකීම් ඇති නිසාම සන්ගෙකට නැති මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සකල ස්‍රි ලාන්කිකයන් විසින් ම පිලිකුලෙන් හෙලා දැකිය යුතු බව ස ර ස තුමා ගේ අදහසයි!