Wednesday, June 29, 2016

දුලාන්ජලී ප්‍රේමදාස මහ බැන්කු අදිපති කොරවමු හිටන්!




අරුජුන මහේන්ද්‍රන් කොලඹ රාජකීය විද්යාලයෙන් සහ යුරෝපා අමෙරිකා විස්ස විජ්ජාල වල ඉගෙනගෙන සින්ජොප්පූරුවේ පුරවැසිකම අරන් ලන්කාවට ඇවිත් හිටන් මහ බැන්කු අදිපති විය.

එදා හිටන් අද වෙනකන් එතුමා ගැන නරකක් මිස හොඳක් අහන්නට නොලැබුනි. හරක් විජේසූරිය කේලාම් කියපු නිසා අර්ජුන් ට රස්සාව නැතිවිය.

දැණ් සිරි ලන්කා මහ බැන්කුවට අදිපති කෙනෙක් නැත. එය බෝම බයානක තත්වයකි!

මහ බැන්කුවේ කාරිය බාරය කුමක් දැයි ස ර ස තුමා සොයා බැලුවෙමි. 

මහ ලොකු කජ්ජක් නොමැත. මහ බැන්කුවෙන් කෙරෙන්නේ සල්ලි අච්චු ගහනා එක පමනය.

ඇඟ පුරාම මොලේ ඇති සර ස තුමා අර්ජුන් ගියාට පසු හිස් වන මහ බැන්කු අදිපති කමට වඩාම සුදුදුස්සා කවුදැයි සොයා ගත්තෙමි.

ඒ අන් කවෙරෙකුවත් නොව දුලාන්ජලී ප්‍රේමදාස ය.

සල්ලි අච්චු ගැසීම ගැන ඇයට හොඳ පල පුරුද්දක් ඇති නිසා එතුමියට මහ බැන්කු අදිපති කම දෙන මෙන් ස ර ස තුමා රජයෙන් ඉලා සිටී!

Monday, June 27, 2016

මොලේ අරිසස් හදාගත්තයි හරක් විජේසූරිය මෝඩයා!




රාජපක්සට කෙලින්නට ගොස් අනේ සිදු වුනු කාරියා
මොලේ අරිසස් හදාගත්තයි හරක් විජේසූරිය මෝඩයා!

අන්තිම දුකයි මහත්වරුනි....

සාදාරන සමාජයක් හදන්න අසාදාරන ලෙස කඩේ ගිය සෝබිත එලොව ගියේය. ඉන් පසු බැටන් එක අතට ගත් හරක් විජේසූරිය මහාචාරියා ජීවිතේට ඉගෙන නොගත් පාඩමක් ඉගෙනගත්තේ යහපාලන විද්යාලයෙයිනි!

මහින්ද මහත්තයාට සහ ඔහු ගේ පවුලේ උදවියට හරක් විජේසූරිය මහාචාරියා නොදන්නා දේ දන්නා ලෙස ඇස් ලොකු කරමින් මඩ ගැසුවේ එය තමාගේ රාජකාරිය යැයි සිතාගෙන ය. 

ආචාරිය උපාදිය නැතිව හොරට මහාචාරිය වූ ඉඳලා හිටලා ආනාචාරිය තුමා කල කී දෑ ගැන මහින්ද මහත්තයා සැලුනේ නැත. අනාචාරිය තුමාට මඩ ගහන්න කියා කාටවත් කොන්තරාත්තු දුන්නේ නැත.

අනේ ඉතින් හරක් විජේසූරිය සෝබිත සමග රට වටේ ගිහින් මහින්ද මහත්තයා ගේ නරක ද සිරිසේන සහ රනිල් ගේ හොඳ ද කියා දුන්නා අපට අමතක නොවේ.

පැනිවරකාවටත් හෙන ගහන්නා සේ චන්දය දිනූ පසු සිරිසේනට සහ රනිල් ට සෝබිත හෝ ඔහු ගේ ඇබිත්ත්යා වූ හරක් විජේසූරියව තඹ සතේකට මායිම් කොලේ නැත. 

දුනේ දේ කාලා කට පියාගෙන ඉන්නේ නැතිව හරක් විජේසූරිය රනිල් ට හා සිරිසේනට යහපාලනේ මහ බැන්කු අදිපති ගැන විවේචනේ කොරන්න ඉදිරිපත් වුනේ රාජිත නම් සූර චෞරයා ගේ කතාවට රැවටිලා ය.

රනිල් වනාහී මහින්ද මහත්තයා මෙන් නොව තාලවර්ගයේ ගසකි. කෙලතොල්ලෙකු වන හරක් විජේසූරිය ට වැඩක් දෙන්නට රනිල් ප්ලෑනක් ගැසුවේය!

ඔහු කොලේ සිරිසේන ලවා හරක් විජේසූරිය ජනාදිපති උපදේසක කෙනෙක් යැයි පත්තරේට කියවීමයි.

ඉන් පසු රනිල් සමග එකම පාසලේ ඉගෙනගත් ඩිලාන් පෙරේරා ඇමති තුමා ලවා හරක් විජේසූරිය මෙතෙක් සඟවා ගෙන සිටි ලෙඩේ එලියට දැම්මේය.  

හරක් විජේසූරියට වැළඳී ඇත්තේ මොලේ අරිසස් අමාරුව බව දිලාන් පෙරේරා ඇමති තුමා මහ ජනතාවට විසේස ප්‍රකාසයක් කොරමින් කියා සිටියේය.

සාදාරන සමාජයට හා හර්ක් විජේසූරිය ට අරිසස් හැදෙන්නට වත් මොලයක් තිබීම ගැන ස ර ස තුමා හරක් විජේසූරිය මහාචාරියාට සුබ පැතුම් එක් කොරති!

Thursday, June 23, 2016

ස ර ස තුමා ගේ බ්ලොගේ පලවෙන්නට නියමිතව තිබූ අලුත් ම ලිපිය




එලඹෙන මැතිවරනයක දී මහින්ද මහත්තයාට චන්දය දී එතුමා ව රාජ්ය නායකයා කර ගත යුතු බවට ඉල්ලා සිටිමින්,  ර ස තුමා ගේ බ්ලොගේ පලවෙන්නට නියමිතව තිබූ අලුත් ම ලිපිය මාතලන් තුමා ගේ බ්ලොග් පිටුවේ පල කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න!

ඉස්තූත්යි,

මීට අවිස්වාසී

ස ර ස තුමා

Monday, June 13, 2016

අර්ජුන් මහේන්ද්‍රන් මැති තුමා ව රැකගනිමු!



අර්ජුන් මහේන්ද්‍රන් වනාහී වැදගත් පාසැලක අද්යාපනය ලත් හොඳ ලමයෙකි. හොඳ ලමයින් ට හොඳ යාලු මිත්‍රයෝ සිටිනා බව කවුරුත් දනිති. අර්ජුන් ගේ හොඳම යාලුවා අග්‍රාමාත්ය රනිල් වික්‍රමසින්හ මැතිතුමා ය.

රනිල් වික්‍රමසින්හ මැතිතුමා මහ බැන්කුවේ අදිපති කම දෙන්නට සින්ගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන්  ව ලන්කාවට ගෙන ආවේය. පසුගිය වසර පුරාවට ම අර්ජුන් තමන් ට පැවරූ රාජකාරිය අකුරට ම ඉස්ට කල බව අප සැම දන්නා කාරණයකි.

බුදුන් ටත් දෙවිදත් සිටියා මෙන් කොපමන හොඳ කෙනෙකුට වුවත් සතුරන් සිටීම ලෝක දර්මතාවයකි. අපේ කතානයක වූ අර්ජුන් ටත් එවැනි සතුරන් රැසක් බිහි වී ඇත්තේ එතුමා රනිල් වික්‍රමසින්හ මැති තුමා ගේ අතිශය විශ්වාසී මිතුරා වීම නිසා ම ය. 

කෙනෙකු ගේ ඇස්දෙක දිහා බලාගෙන කතා කිරීමට වත් පෞර්ශත්වයක් නැති නිර්මාල් දේවසිරි ද ආචාර්ය උපාදි නැතිව පස්චාත්බාගය දන් දී මහාචාර්ය වූ සරත් විජේසූරිය ද දැන් අර්ජුන් ව එලවීමට බැහැලා වැඩ කොරන්නේ තනිකර ම ඊරිසියාවට ය. 

ඔවුන් දෙදෙනාට යකා නැග ඇත්තේ රනිල් වික්‍රමසින්හ මැති තුමා ඔවුන් දෙදෙනා ප්‍රමුක අනෙකුත් "පන්තියට නොගැලපෙන" උදවිය තඹ සතේකට මායිම් නොකරන නිසා ය!

මෙහි දී සාමාන්යයෙන් ඊරිසියාවට තැන දී තොවිල් නටනා දේසපාලනේ කොරනා ජෙප්පෝ තම ඉස්තානය නිවැරදිව හඳුනා ගෙන රනිල් වික්‍රමසින්හ මැති තුමා ගේ කීමට ඉහලින් නොගොස් බිම බලාගෙන කසාය බී ගොලුවන් සේ සිටීම ස ර ස තුමා ගේ පැසසුමට ලක් වන බව සඳහන් කල යුතු ය!

දැ හිතකාමී ශ්‍රී ලාන්කිකකයිනි! අප එකාවන් ව එක් වී ඊරිසියාකාරයන් පලවාහැර අර්ජුන් මහේන්ද්‍රන් මැති තුමා රැකගනිමු!

මීට විස්වාසී,

ස ර ස තුමා!


Thursday, June 9, 2016

බුද්දදාස සමාජ විද්යාඥ තුමා ගේ පර්යේශන.....





මේ බුද්දදාස..... 

නුගේගොඩ කෝච්චි හරස් පාර හන්දියේ DSI වෙලෙඳ සැල ඉදිරිපිට එයා පලතුරු තට්ටුවක් තියන් ඉන්නවා.

හදිසියේ ම බුද්දදාස වෙලෙඳ සැලට ගොඩ වුනේ එයා කරමින් හිටි පර්යේශනයක ප්‍රතිපල අපට කියන්නයි.... 

(ඔවු ඔවු... ස ර ස තුමා ඉතින් සිය රට දේ සිරි සැප දේ කියලා බාන්ඩ මිල දී ගන්නේ දේසීය නිශ්පාදකයා ගෙන නේ.... ඒකයි DSI එක ඇතුලේ හිටියේ....)

බුද්දදාස අතේ පුන්චි බිල් පොතක්... ඒ බිල් පොතේ පේලියට  ඉරි කෑලි එකක් පස්සේ එකක් ඇඳලා....

මම මෙතනින් යන එන මිනිස්සු 257 දෙනෙකු ගේ මුහුනි සෝදිසියෙන් බලන් හිටියා.... මේ බලන්න... ඒයින් තුන් දෙනෙකු ගේ මූනේ තමා හිනාවක් තිබුනේ..... ඉරි කෑලි පේලි අතරේ කතිර තුනක්!

බොලේ මේ ඉන්නේ අන්කූර සමාජ ව්ද්යාඥයෙක් නේද කියලා ස ර ස තුමාට හිතුනා....

දැන් මිනිස්සුන්ගේ මූනේ හිනාවක් නැහැ... ඒගොල්ලෝ සන්තොසෙන් නෙවෙයි ඉන්නේ... බුද්දදාස විද්යාඥ තුමා එතුමා ගේ නිරීක්ශන DSI සබාවට ඉදිරිපත් කරනවා....

හැබැයි ඒ අසතුටට හේතුව වසයෙන් මම හිතන දේ මෙතන කියන්නේ නැහැ.... ඔන්න බුද්දදාස විද්යාඥ තුමා කියාපු දේ!

ඉහත පින්තූරෙන් පේන්නේ බුද්දදාස සමාජ විද්යාඥ තුමා එතුමා ගේ ප්‍රතිපල සටහන් කර ගත් කුඩා බිල් පොත සමග වෙලෙඳ සැල තුල දී චායා රූපටට පෙනී හිටිය හැටි!



Monday, June 6, 2016

හදවතින් ම සතුටුයි.....




මේ වරක් ජ වි පෙ වෙනුවෙන් ජනාදිපතිවරනයට ඉදිරිපත් ව ලක්ස හතරකට ආසන්න චන්ද සන්ක්යාවක් ගත් නන්දන ගුනතිලක ගේ කතාවකි! නන්දන ගුනතිලක, අනුර කුමාරලා හැන්ගිලා සිටියදී 89/90 කාලයේ හොරෙන් හොරෙන් ජ වි පෙ ප්‍රතිසන්විදානයට ජීවිත පර්ත්යාගයෙන් වැඩ කල කෙනෙකි.

එවන් ජ වි පෙ යෝදයෙක් ඔහු ගේ දේසපාලනේ ඉදිරියට යන්නේ ජ වි පෙන් ඉවත් වී මහින්ද මාමා ලඟ කුලියට පොලිටික්ස් කිරීමෙනි. 

ඉනුත් සෑහීමට පත් නොවී, මහින්ද ගේ හෝටලේ කැම කන ගමන් ම රනිල් ගේ රෙස්ටුරන්ට් එකෙන් ද බයිට් කාලා මහින්ද ගේ හෝටලේ බන්කොලොත් කිරීමේ කටයුත්ත ඉසිසෙල්ලාම පටන් ගත්තා කියා නන්දන කල පාපොච්චාරනයක් ඉහත වීඩියෝවෙන් දැක්වේ!

මෙම වීඩියෝව නැරඹීමෙන් ස ර ස තුමා ඉතාමත් ප්‍රීතියට පත් විය. ඒ මක් නිසාද යත්, නන්දන ගුනතිලක තුමා ට, තියෙන මනුස්සයාට ඊරිසියා කොරමින් ඔහු ව වල දැමීමට උත්සාහ කරනා දර්ශනයකින් මිදී යතාර්ත්වාදී දේසපාලනයකට පිවිසීමේ දහිරිය ලැබී තිබෙනා බැවිනි.

ලාවට වයසට යනකොට සියලු ජ වි පෙ කාඩරයන් සහ ආදාරකරුවන් නවතින්නේ ඉතාම සුඛෝපබෝගී මහලු මඩම් වල බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

සියලු සුඛෝපභෝගී මහලු මඩම් වලට ජයවේවා!

Friday, June 3, 2016

විජිත, කලබල වෙන්න එපා!



රාජගිරියේ රිය අනතුර සිදු වෙද්දී තමන් බීමත් ව සිටියේ නැති බවත් මත්පැන් ගඳ හැමුවේ බීමත් කෙනෙක් තමාව සිප ගත් නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එතුමා හට මෙවන් ජ වි පෙ සාමාජිකයන් පමනක් පිලිගන්නා සුරන්ගනා කතාවක් කීමට සිදු වූයේ එතුමා ව පක්ස්යෙන් ඉවත් කිරීමට "එක්තරා" දේසීය සහ විදේසීය කන්ඩායමක් කටයුතු කොරමින් සිටිනා නිසා බව නිසා යැයි ස ර ස තුමා ට කීවේ ට්වීටි බර්ඩ් කෙනෙකි!

එක්තරා කාන්තා චරිතයන් ගේ  නම ද ඈඳා විජිත තුමා ට ගහන්න මඩ ලීක් කොරන්නේ ඇතුලෙන් ම බව පැවසේ. 

රටේ ප්‍රදාන පක්ශ දෙකෙන් එකකට  සීයට දෙසීයක් අවනත සහයෝගයෙන් වැඩ කොරනා මෙවන් ජ වි පෙ නායකත්වයක් අලුතින් ඇතිකිරීමට ඉතාම අපහසු බව ස ර ස තුමා කොන්දේසි විරහිතව පිලිගනී.

රනිල් ට, කිරිඇල්ලට, සාගල ට, සජිත් ට, මන්ගල ට, හකීම් ට, හර්ශ ට, කාබීර් ට, එරාන් ට පමනක් නොව හර්ශන වැනි නවකයන් හටත් ඉතාම ලෙන්ගතුව අවනතව කියන දේ කරගෙන ඉන්නා වර්තමාන ජ වි පෙ නායකත්වය රැක ගැනීම අප සැම ගේ වගකීමකි.

විජිත තුමෝ.... බය වෙන්න එපා.... ඇතුලේ කස්ටිය ඔයා ට ගැහුවා ට ස ර ස තුමා ඔබලා සමගයි!