Wednesday, August 31, 2016

බෝගන් වරු.






රෙඩ් නෙක්ස්ලා, හිලිබිලී ලා සහ වයිට් ට්‍රෑශ් තුමන් ලා ගැන අසා දැක තිබුනද බෝගන්ස් ලා ගැන ස ර ස තුමා ඉස් ඉසෙල්ලාම දැනගත්තේ එතුමා ගේ කුඩා දියනිය පාසැලෙන් ගෙදර ගෙන එන විටකදී ය. 

පාසැල් ක්‍රියාකාරකමක් සඳහා දුන් පැවරුමක දී බෝගන් සඟ්ස්කෘතිය ගැන ඉගෙනෙගෙන එන ලෙස ගුරුවරිය ඇයට දන්වා තිබුනි...

නොදන්නා බෝගන් සඟ්ස්කෘතිය ගැන ස ර ස තුමා අසා දැනගත්තේ රැකියාවට ගිය විටකදී එකට වැඩ කොරනා අයවලුන් ගෙනි.

එම විස්තරයට අනුව බෝගන් ලා ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්ත වාසී වැඩි ඉගෙනුමක් නැති, වැඩක් පොලක් කිරීමට අකමැති එහෙත් මුදල් ඉපයීම අතේ පයේ කැත්තේ උදැල්ලේ වැඩකොරනා නිතර බීමතින් සිටිනා කොටු කොටු ෆ්ලැනල් ඇඳුම් ඇඳගත්, දුම්පානයට ඇබ්බැහි වූ, පච්ච වලින් සිරුර සරසාගත්  පසුබට ජනතාවකි.

තම සවුක්‍ය තත්වය ගැන උනන්දු නොවනා බෝගන් ලා බොහෝ විට නොසැලකිල්ල නිසා දත් හැලුනු දුප්පත් කම විනෝදයක් ලෙස සලකා කටයුතු කොරනා කස්ටියකි.

මගේ රස්සාව කරනා ඉස්තානයේ උදවිය කියූ තවත් දෙයක් නම් අප අසා කොරනා ශේන් වෝන් තුමා ද බෝගන් වරයෙකු බවය! එය ඇත්තද බොරුද කියා ස ර ස තුමා නොදනිමි.

දැනගත් දේ දියනියට කියාදුන් ස ර ස තුමා පසුකලෙක ඇයත් සමගම එස් බී එස් නාලිකාවේ විකාශය වූ බෝගන් ප්‍රයිඩ් නම් වූ ටෙලි නාට්යය රසවින්දා මතකය!
  

Monday, August 29, 2016

පීටර් කුරුවිට තුමා



ස ර ස තුමා හා පුරා කියා පීටර් කුරුවිට තුමා ගැන දැනගත්තේ මැල්බොන් එකේ හිටන් එස් බී එස් නාලිකාව නරඹන කාලයේය. 

එහි මීව් ඔහාරා තුමිය විසින් කොරනා ෆුඩ් සෆාරි වැඩසටහන ස ර ස තුමා ගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහනකි. එම ෆුඩ් සෆාරි හී සිරි ලන්කා කෑම ගැන කියා දෙන්න ආ අයගෙන් සිත් ගනා සුලු හාදයා වුනේ පීටර් කුරුවිට තුමා ය.

ශ්‍රී ලාන්කික පියෙකුට හා යුරෝපීය මවකට දාව උපන් කුරුවිට තුමා පසු කලෙක ඔස්ට්‍රේලියාවය සන්ක්‍රමනය වී සිඩ්නි නුවර ඉහල පන්නයේ ආපනශාලා කීපයක හිමිකාරීත්වය දරනා සෙල්බිරිටි චෙෆ් කෙනෙකි.

ලෝක ප්‍රසිද්ද සෙලිබ්‍රිටි චෙෆ් ලා කොරනා අන්දමේ කොටස් කීපයකින් යුතු රූපවාහිනී වැඩසටහන් කීපයක් ම කිරීමට කුරුවිට තුමා වාසනාවන්ත වී ඇත. 


එතුමා ගේ මේ වැඩසටහන් TLC සහ The Food Channel වැනි රූපවාහිනී චැනල නරඹන සිරි ලාන්කිකයන් හට ද නැරැඹීමේ අවස්තාව ලැබී ඇත.

ස ර ස තුමා පීටර් කුරුවිට තුමා ට හදවතින් ම සුබ පතමි!

Thursday, August 25, 2016

දනිමී කාගෙ දොසා....



නෝනාවරුනි මහත්වරුනි ඇනෝවරුනි,

ඔස්ට්‍රේලියන් ජනමාජ්ජ මගින් සිරි ලන්කා ජනාදිපති  සොරිසේන මැතිතුමාට මඩ ගසනා වියාපාරය ට වගකිවයුත්තා කවුදැයි ඔබ සියලු දෙනා ම දැනගන්නට කැමැති ඇතැයි ස ර ස තුමා සිතමි.

එසේනම් අත්පොලොසන් නාදයකින් පිලිගන්න..... ඒ වෙන කවුරුත් නොවෙයි අපේ මහින්ද මහත්තයා ය.

මහින්ද මහත්තයා බලය තිබෙනා කාලයේ ගේමකින් තොරව සල්ලි ගල් කොරනු බලා සිටි සොරිසේන තුමා ද තම නායකයා ගේ අඩි පාරේ යමින් දැහැමෙන් සෙමෙන් කොමිසමෙන් ජීවත් වන්නට විය. 

ඒ වුනාට ගුරු මුස්ටිය තම අතේ තියාගත් මහින්ද මහත්තයා සල්ලි පිල්ලි ඇරීම මිස එම ඇරිය පිල්ලි අහුවෙන්නේ නැතිව වසන් කිරීම තම ගෝලයන් හට උගැන්නුවේ නැත.

මහින්ද මහත්තයා ගහට නගින්න උගැන්නුවාට ගහෙන් බහින්න කියා නොදුන් නිසා අතිගරු ආප්පාල සොරිසේන තුමා ජම්බු ගහේ සිටියදී කැන්ගරු උසාවිටට මාට්ටු විය. 

ජාතියන්තරේ ජයගත්තු සොරිසේනට ගලේ පැහැරූ උපාසක බලල් තඩියෙකුට වුනු දේ සිජ්ජ වුනේ මේ ආකාරයටය.

එම සිජ්ජියට ගාලු ගිහින් ගැලරියට ටෝක් දීම නිසා සොරිසේන යූ එන් පී කාරයන් ගේ වීරයා වීම හේතුවෙන්  රනිල් තුමා ගේ හිතේ ඉපදුනු ඊරිසියාව සමග කිසිම සම්බන්දයක් නොමැති බව ස ර ස තුමා කැකුණ වලඳමින් සන්තෝසයෙන් ප්‍රකාසකොර සිටිමි!

මේ වගත් එසේම,

සින්හල බ්ලොගේ ඔල්මොරොන්දන් දූරන්දර 

ස ර ස තුමා වම්හ!



Wednesday, August 24, 2016

සිරිසේන ජනාදිපති තුමාට එල්ලවන ඔස්ට්‍රේලියන් අල්ලස් චෝදනා පිලිකුලෙන් බැහැර කරමු!




එතුමා ගේ මල්ලී කෝටිපතියෙකු වූයේ ඩේසි ආච්චි මැනික් වට්ටියක් ගෙනත් දූන් නිසා මිස අයියා ගේ හයිය්ය හිතට අරන් වන්චා දූසන කොල නිසා නොවේ.  

එතුමා ගේ දියනිය එම්පයර් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් ගෙවල් දෙකක් අත් පිට මුදලට ගත්තා කියන්නේ දේස ද්‍රෝහීන් ය!


සිරි ලන්කාවේ දෝරේ ගලාගෙන යන යහපාලනේ සිරි ලන්කා කිරිකැට් ආයතනයත් යටකරගෙන ගලා ආ නිසා ඔච්චර බලගතු ඔපිසර ගේ දුව.. සොලි සොලි.. නෑ... ඔච්චර බලගතු ඕස්ටේලියාවට ඇස්ටි හැලෙන්න ගේම දුන්නු නිසා ඕස්ට්‍රේලියාව සිරිසේන තුමා සමග වෛර බැඳගත් බව හැමෝම දනිමු!

දූසිත මහින්ද මාමා ගේ වන්චා හෙලිකොරනවා කියා තිරුපති ගිහින් ආපු සිරිසේන තුමා ට කටුව ගැසීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා කිරීම පිලිකුල් සහගතය. අපි හැමෝම එම පිලිකු සහගත ක්‍රියාව හෙලාදකිමුද අනේ?



Monday, August 22, 2016

අහෝ ජර්මනිය...



හදිසි ත්‍රස්ත ක්‍රියාවකදී ජීවිත බේරාගැනීම සඳහා දින දහයකට සෑහෙන කෑමත්, දින පහකට සෑහෙන බීමත් හැම නිවසකම තබා ගත යුතු බවට ජර්මන් රජය එහි ජනතාවගෙන් ඉල්ලා සිටීමට යන බවට වාර්තා පල වෙයි. 

කැම දින දයකට නම් බීමත් දින දහයකට රැස් කරගෙන සිටිය යුතු නොවේදැයි කෙනෙනුට සිතිය හැකිය. එසේ සිතුනත් ඒ ප්‍රශ්න වලට ලිබරල් ජර්මනියේ ඉඩක් නැත!

යුරෝපා සන්ගමයේ මුදල් පසුම්බිය සහ එහි කර්මාන්තශාලාව වන ජර්මනිය යන්තම් ලිවීමට හා කියවීමට පමනක් සමත් මූලදර්මවාදීන් ගේ ග්‍රහනයට නතුව බොක්සින් කොටුවට තුවාය විසිකිරීම දෙස සර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි!

රටට නොගැළපෙන ලෝකයට නොගැලපෙන කෘතිම මනුශ්යත්වයක් ගැන විස්වාසය තබාගෙන සිටිමින් අනුන් ගේ ලණු කන දේසපාලකයන් ගෙන් ජර්මනිය ඇතුලු යුරෝපයට වන හානිය බලවත් ය....

මෙහි අවසානය වනුයේ ප්‍රන්සයේ මාරින් ල පෙන් වැනි උග්‍ර දක්ශිනාන්සිකයන් අතට සියලු යුරෝපීය රටවල ආන්ඩු බලය මාරු වීමය!

යුරෝපයේ එසේ දක්සිනාන්සක රජයන් පිහිටවීමෙන් පසුව ඔවුන් ගෙන් පඩි ගන්නා අපේ ඇණ් ජී ඕ කාරයෝ ද තමන් ගේ ලිබරල් සමාන්ත්මකතා සින්දු වෙනස් කොරමින් අපි වෙනුවෙන් අපි ගීතය ගායනා කොරනු දකින්නට අපේ ඇස් පින් කර තිබේද?

Wednesday, August 17, 2016

ඉයන් තුමා ගේ සින්හල සින්දු යාය... සර ස තුමා ගේ හද බැඳි ගී....

ගරු සබාවෙන් අවසරයි....

සින්හල බ්ලොග් ලියනා හිතවතුන්, මද්යස්තයන්, තරහකරුවන් සහ ඇනෝ වරුන්ගෙන් අවසරයි!

අද සර ස තුමා කතා කොරන්න යන්නේ ඉයන් තුමා විසින් ඉදිරිපත් කෙරුනු ව සුන්දර ගී තරඟය නිසා හෙල බ්ලොග් කලා කෙත එකම සින්දු යායක් වීම ගැනයි! 

එවැනි අති සාර්තක වියායාමයකට සහබාගී වීමට ලැබීම ස ර ස තුමා ගේ බාග්යයක් බව එතුමා ගේ විස්වාසයයි!

ඉතින් ඉයන් තුමා ගේ ඇරයුම පරිදි ස ර ස තුමාත් එතුමා ගේ සිත් ගත් ගී මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කොර සිටිනවා! 

ආදරනීය රත්තරන් නන්ගී මල්ලී, අම්මේ තාත්තේ, අයියේ අක්කේ ගහන්න අත්න්පොලොසන් නාදයක්!

1. හාපුරා කියලා ජෝති ගෙන් පටන් ගනිමු.... නින්ද නේන රාත්‍රියේ...




2. දෙවනුව.... අපේ කාලේ පේරාදෙනි ඉන්ජිනේරු පීටේ සමකාලීනයෙකු වූ සමන් චන්ද්‍රනාත් ජිනදාස ගේ තුමුල නමුණුකුල ගිරිහිස.... පේරාදෙනි සරසවියේදී සජීවී ව රසවිඳ...


3. තෙවනුව B and S ගේ බොක්කටම වදිනා.... උන්මාදිනී හැන්ගුනා....

4. හතරවෙනුව..... සැමදා හද පාරනා..... ගුනදාස කපුගේ මහත්මයා ගේ.... විදුලි මිනි පහන්.....



5. පස්වෙනුව.... නුගේගොඩ එක ටියුශන් පන්තියේ සිටියදී නන්දා මාලනී මහත්මිය ගේ ගීත වලින් අප සැනසූ... දීපිකා ප්‍රියදර්ශනී ගේ සිනා පොදක් වී.... 


6. සයවෙනුව.... පොඩි කාලේ නැරඹූ ටෙලි නාට්ටියකින්... ටිලානි අමරසින්හ ගායනා කල මල් පිපෙයි දෙනෙත් හැරෙයි.....


7. හත්වෙනුව ඔහොම හොඳඳ චිත්‍රපටියෙන්... ඇන්ටන් ජෝන්ස් ගායනා කල (තැන්කූ අජිත් තුමා ) ඔමරි පපා මුකුලු පපා...



8. අට වෙනි තැනට අමරසිරි පීරිස් මහත්තයා ගේ මගේ පුන්චි රෝස මලේ....



9. නව වෙනි තැනට... සින්දු යාය තියා කිසිම සයිබර් යායකට කරූ කෙනෙක් නැතිවම බෑ.... ඒ හන්දාම... කරූ!... කරුනාරත්න දිවුල්ගනේ මහතා ගේ රෝස තොල් සිඹිම්....


10. ජෝති ට එකක් පමනක් දීලා පුලුවන්ද? ඒ නිසා.... මේ ජීවනයේ...


11. ස ර ස තුමා ට පලමුව මේ ගීය ලැබුනේ බොහෝම ආදරය කරනා කෙනෙකු ගෙන්  තෑග්ගක් විදියට... B and S ගේ රැස් විහිදෙන සමනලියක් ගෙන්...



12. දොලොස් වෙනුව... හිතට දැනෙනා... නිමල් ගුනසේකර මහත්ත්යා ගේ.. ආවාට තිබුනත්...




13. දහතුන්වනුව නීලා වික්‍රමසින්හ මහත්මිය ගේ බෝදියේ විහාරයේ




14. ඊලඟට හැමදාම ඇසෙන විට නැවත නැවත අහන්නට ආස හිතෙනා... ඒ ජේ කරීම් මහත්තයාගේ... සාදු සිරීපා....



15.  අරුනාචලම් සහ මාර්ස් සාලා වල ශිශ්ය සාද වලදී ඉතාම සන්වේදී ලෙස බෝතල් අඩියෙන් ම මතු වෙන අමරදේව මහත්තයා ගේ....බිංදු බිංදු රන් ගෝමර මාලා බන්දා ගෙල වට ඔමරි ලතාවට 


16. අවසාන ගීතය ලෙස ලයාන්විතව හරූන් ලන්ත්‍රා මහත්මයා ගයනා.... මගෙ නාමලී



මගේ ගීත සැට් එක මෙයින් අවසානයි.... ගීත ඇසූ ඔබ සැමට ඉස්තූතියි!

Tuesday, August 16, 2016

සින්දු කවි කර දෙනු ලැබේ....

ඉයන් තුමා සින්දු තරඟයක් පවත්වලා සින්හල බ්ලොග් අවකාසේ සින්දු යායක් කොලා නොවැ.... 

අනේ ඒ වුනාට ස ර ස තුමාට ඒ වගේ දේවල් වලට සාබාගී වෙන්න අවසරයක් නැහැ.... 

කුනු ෆ්‍රෙශා කාලේදී අනුරාදපුරෙන් ආපු උපුල් අයියා (මල් කඩනා කොට එයාට අපේ බැචී ලා කතා කලේ එහෙමයි ) නොහොත් ආකාස පොට්ටයා ජේස්ට තුමා ස ර ස තුමා ට සින්දු කීම සම්පූර්ණයෙන් තහනම් කලා....

කියන්න තහනම් නම් අහන්න බැරිද කියලා උපුල් අයියා   පැහැදිලි කොරලා නොදුන්නු නිසා ස ර ස තුමා තාමත් සින්දු අහන්නේ නැහැ...


ඒත් සින්දු වලින් ගැලවීමක් නැහැ... 

ස ර ස තුමා සමග එකට සේවය කොරනා හිතවත් මිත්‍රයෙක් ට ටැලිපෝන් කෝල් දෙන කොට අහෙනවා අමුතු සින්දුවක්... මොකද්ද මචන් ඒ කියලා ඇහුවාම පුතා කියාපු සින්දුවක් කියලයි එතුමා කියන්නේ... 



අනේ ඉතින් සින්දුව ලස්සන නිසා ස ර ස තුමා යූ ටියුබ් එකට ගිහින් ටියුබ් ලයිට් වගේ බලාන හිටියා... ලස්සන සින්දු...

ඔහෙලත් මගේ මිත්‍රයාගේ පුතා ගේ සින්දු අහලා තියනවැයි?

විචාරක තුමා නම් මේ සින්දු කියනා පුතාගේ මවු තුමී ගේ නම දවසක එතුමා ගේ බොග් පෝස්ට් එකක ලියලා තිබුනා...

Monday, August 15, 2016

පේරාදෙනි ගෙට්ටු! (පලමු කොටස )



සියලු සිස්යයෝ සමානය නැත්නම් බලෙන් හෝ සමාන කොල යුතුය කියාගෙන නවකයන් ට වද දෙන වදකයෝ කෑලි සොයාගෙන (හෝ කඳ හරහා ඇණගෙන ) සතුටින් සිටිත් දී සරසවියේ සැබෑ ගුනයන් ඉස ඔසොවති. එම යතාර්තයන් ට එකඟව  ඊලඟට සන්විදානය කොරන්නේ ගෙට්ටු ය. 

වදකයන් යටපත් කොරන්නට උත්සාහ කොල පාසල් වාදයත්, ප්‍රාදේශීය ගෝත්‍රිකත්වයත් සාද දමා උත්සවශ්‍රීයෙන් සමරන්නේ මේ කාලයේ ය.


නුවර පාසල් වලින් සරසවි ආ නිසා කොර වෙන්න වදයට ලක් වූ නොවූ සියලු දෙනා ගෙට්ටු නොහොත් "Get together" පටන් ගනිති.

නවක වදයේදී මෙන් ම මෙහි ද එකායන අරමුන එකිනෙකා හඳුනා ගැනීම හෙවත් කෑල්ලකට සෙට් වීම නිසා ගෙට්ටු සැට් වෙන්නේ පිරිමි පාසලක හා ගැහැනු පාසලක ආදි සිසු සිසුවියන් එක් වෙලා ය.

ප්‍රතමයෙන් ම දර්මරාජ විද්යාලය මහමායා විද්යාලය සමගද ත්‍රිත්ව විද්යාලය උසස් බාලිකා විද්යාලය සමගද ගෙට්ටු දමති. 

දෙතුන් සීයක් පුරවන්නට ඇහැකි සාලාවක් බුක් කොරලා, නා නා විද රූප වලින් හා සහ පාසැල් වර්ණයෙන් සරසාලා, කාජ්ජ බෝජ්ජද, ලෙයිය පෙයියද, සවුන්ඩ් සිස්ටම් ද, ඩිස්කෝ බෝලද ආදී මෙකී නොකී සියලු දේ රැස් කොරලා, අදාල විද්යාල වලින් පැමින සරසවියේ ඉගෙන ගන්නා අය පමනක් නොව ආචාර්ය මන්ඩලේ ඉන්නා ඇත්තන් ද එක් කොරලා සොඳුරු සාදයක් දැමීම ගෙට්ටු දැමීම ලෙස දැන ගත යුතුය.

සාදය අතරතුරේ තම තමන් හඳුන්වාදීම, නොයෙක් නැටුම් සහ අනෙකුත් තරඟ පැවැත්වීම, ස්ටාෆ් මෙම්බර්ස්ලා එක්ක චැට් දැමීම, කෑලි දෙකතුනකට වචනේ දැමීම වැනි අගනා ක්‍රියාකාරකම් වලින් පසු තෑගි බෙදාදීම් ද සිදු වෙමි.

බොහෝ කෑලි වලට නන් ස්ටොප් ෆන් එකක් ලබා දෙමින් නොනවත්වා සේදීමේ යෙදෙන්නා ට වොශින්ටන් ත්යාගය පිරිනැමේ. සාමාන්යයෙන් ඔහුට ලැබෙනා තාග්යය වන්නේ සන්ලයිට් සබන් කැටයකි.... 

හෝදමු අපි හෝදමූ......... හෝදමු අපි හෝදමූ...

දෙවන කොටස පසුවට....

Thursday, August 4, 2016

හිතවත් ඉන්දුනීසියානු වැසියෙනි....



ස ර ස තුමා කඩිමුඩියේ මේ බ්ලොග් පෝස්ට්ටුව ලියන්නේ ඔහෙලාට ඇති හිතවත්කමට ය. 

ගියපාර සුනාමියේ දී ලන්කාවටත් වඩා අලාබ හානි වුනේ ඔහෙලාට බව ස ර ස තුමා ට මතකය. කොරේ පිටට මරේ කිවුවා වගේ එලෙස පරිප්පු කෑ ඔහෙලාට තවත් කරදරයක් වෙන්ට යනවානම් ඒ ගැන ඔහෙලා දැනුවත් කොරලා තබන්නට ස ර ස තුමා සිතුවෙමි.

සිරි ලන්කාවේ ලොක්කා වන රනිල් වික්‍රමසින්හ තුමා ලඟකදී ඔහෙලාගේ රටට ආවාය. ඇවිදින් ආර්තික ගිවිසුම් තුන හතරක් ම අස්සන් කොලා කියා රූපවාහිනියේ කිවුවා හිටන් ය.

රනිල් වික්‍රමසින්හ තුමා ලන්කාවේ අගමැති වී සුමානයකින් පමන අපේ ප්‍රදාන අපනයන බෝග වූ තේ සහ රබර් වල මිල සීයට පනහකින් පමන අඩු වී ගියේය... දන් සිරි ලන්කා වාසින් රබර් කපන්නේ නැහැ හිටන්!

කැලනි ගඟ උතුරා ගොස් මිනිසුන් සිය දහස් ගනනක් අනාත විය.... සාලාව අවි ගබඩාව පුපුරා ගොස් තවත් සිය දහස් ගනනකට උන් හිටි තැන් නැති විය!

එතුමා ජරුමනියේ ෆොක්ස්වැගන් කරුමාන්තසාලාව එක්ක ගිවිසුමක් අස්සන් කොරලා  තීන්ත වේලෙන්නත් කලියෙන් අගේට හිටි ෆොක්ස්වැගන් කරුමාන්තසාලාව බන්කොලොත් විය..

ඔහෙලාට වඩාත් තේරුම් තියෙනා විදියට කිවුවොත් රනිල් තුමාට බරකත් නැත..... නැකත් පත නම් තිබේ!

එහෙවු එකේ ඔහෙලා ටිකක් හෝදිසියෙන් ඉන්න එක හොඳය... අහක යන ටයිෆූන් එකක් , බූමි කම්පාවක් හෝ සුනාමියක් ඔහෙලා ගේ ඇඟට කඩා වැදීමට සෑහෙන්න ඉඩ කඩ මතු වී ඇත!

අපිට නම් එහෙම දෙයක් වුනොත් නැවත හෙල්පින් හම්බන්තොට ගේමක් ගසා ගොඩ යා කැකි ය... ඔහෙලාට අබ සරණය!