Thursday, September 29, 2016

හොරකම් නොකරන එ ජා ප ය.....







එ ජා පය සොරකම් නොකරන බව ඉයන් තුමා හැර හැමෝම දනිති! 

ඉතින් එවැනි එජාපයේ හිටපු මහ බැන්කු බැන්කු ලොක්කා වන අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනාට අයත් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ශය සඳහා වාර්ශික ආදායම රුපියල්  5,124,321,124 හෙවත් බිලියන 5.124 බව එම සමාගමේ විගනිත මූල්‍ය වර්තා කියාපායි! 

ඇත්ත වසයෙන් ම එය ඔවුන් ගේ පෙර වසරේ ආදායම වන රුපියල් 959,529,416 ට වඩා සීයට 430% පමන වූ සොච්චම් වැඩිවීමකි. පෙර වසරේ ආදායම ද බොන්ඩ් ස්කෑම් එකකින් ම සිදු වුනා යැයි තරහ කාරයෝ කට කතා පැතිරුවද ඒවා සත්ය නොවන බව ස ර ස තුමා වගකීමෙන් කියා සිටී.

දොස්තරවරුන් සමග ගේම ඉල්ලන ඉකොනොමැට්ටා මහතා විසින් ලිවියයුතු ආර්තික කතා ස ර ස තුමා ට ම ලිවීමට සිදුවීම ද දෛවයේ සරදමක් වන්නේ ඉකොනොමැට්ටා තුමා එ ජා ප යට අවාසිදායක දෑ නොලියන බැවින් බව කරුණාවෙන් සලකන්න!


Saturday, September 24, 2016

කටු ඉඹුලේ රෙදි නැතිව උඩට මන්ගච්චන පරනවිතාන තුමා..........

කලින් ආන්ඩුවේ මහරාජාගේ හෝටලෙන් බඩ පිරෙන්න කා ටොරොන්ටෝවේ සිරි ලන්කා සහය මහ කොමසාරිස් වෙලා හිටන්  අවස්තාවාදීව යහපාලනේට සැට් වූ කලු කෝට් අඳිනා ඇමැටි කෙනෙකු වූ, සින්හල බ්ලොගයක් ලියනා, නෙලුම් යායට ප්‍රදාන අමුත්තෙකු ලෙස ආරාදනා ලැබූවැයි කියැවුනු කරුනාරත්න පරනවිතාන කියනා හාදයා පොරොගතිසීලීන්, වාමාන්සිකයන් හා යූ එන් පී කාරයන් විසින් අන්ත ජාතිවාදී සහ ආගම් වාදී යැයි හන්වඩු ගසන්නට බ්යෙදුනු ජාතික හෙල උරුමේ සම සබාපතියෙකු ලෙස වැඩ බාරගන්න යෙදුනාය!

ඒ විතටක් නොව රට ජාතිය සහ අහවල් එක බේරාගන්නවා කියා අත මිටි මොලවා බිම අඩු හප්පා කෑ කොස්සන් දී ගොන් පාට් කතාවක් ද කොරන ලදී.

මිස්ටර් අතුරුලියේ රතන්ස් ට කනට ගසා ඉවත් කොට ජාතික හෙල උරුමය නැමැති කටු ඉඹුලේ රෙදි නැතිව උඩට මන්ගච්චන පරනවිතාන තුමා ගැන අපගේ බල්වත් සන්වේගය මෙසේ සටහන් කොට සිටිමු!

Tuesday, September 20, 2016

අද හොඳම දවස......හිරේ දානවා නම්....

අද හොඳම දවස......
අද හොඳම දවස......හිරේ  දානවා නම්....

අජ්ජාපන ඇමැටිතුමා ට පාදෙනිය තුමා කූට ලේකන සකස් කොරලා දරුවන් ව පාසැල් ඇතුලත් කොරලා කියා සාක්කි හම්බු වෙලා ය. ඒ බව එතුමා පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහෙලා අපිලා සහ මේ සියලු ජහමනයා වැරැද්දක් කොලොත් නීතිය එක සමානව ක්‍රියා කොල යුතුය.

ඒ නිසා ස ර ස තුමා පාදෙනිය තුමා ව කූට ලේකන සැකසීමේ වරදට හිරේ දමන මෙන් අජ්ජාපන ඇමැටි ගෙන් කරුණාවෙන් ඉල්ලමි.

ඒ සමගම ඔය වගේම සාක්කි ඇතිව අතේ මාට්ටු වූ සියලු කූට ලේකනකරුවන් ව හිරේ දමා එම කූට ලේකන ආදාරයෙන් උසස් පාසැල්  වලට ඇතුලුවූ සියලු දරුවන් එම පාසල් වලින් ඉවත් කොරනා ලෙස ද ඉල්ලමි.

තම දරුවා කොලඹ රාජකීය විද්යාලයට ඇතුලත් කිරීමට කූට ලේකන සැකසූ බව ප්‍රසිද්දියේ කී එ ජා ප මන්ත්‍රීදූරාපෙක්සක සන්නස්ගොම තුමා ව පලමුව හිරේ දමා කූට ලේකන සන්හාර විප්ලවය පටන් ගනිමු හිටන්!

Monday, September 19, 2016

වෙල්ස් ෆාගෝ වන්චාව....






ඉකොනොමැට්ටා තුමා මාර බිසී එකේ දොස්තරලා එක්ක ඇරියස් කවර් කොරනා අල්ල පනල්ලේ එතුමා ට මගහැරුනු ආර්තික කතාන්දරයක් කීමට ස ර ස තුමා ට ගරු සබාවෙන් අවසරයි!

සකල සිරින් පිරි සිරි ලන්කාවේ නොව අමෙරිකා එක්සත් ජනපදයේ වෙල්ස් ෆාගෝ නැමැති මූල්ය ආයතනයක් වන්නාහ. එය එම රටේ වත්කම් අනුව තුන්වන තැන ලබනා බැන්කුවයි!

සුමාන දෙකකට කලින් චූටි බලලෙක් වෙල්ස් ෆාගෝ බැන්කුවෙන් එලියට පැන්නේය. 

එනම් වෙල්ස් ෆාගෝ බැන්කුවේ සේවකයන් විසින් පාරිබෝගිකයන් ගේ නිසි අවසරයකින් තොරොව ඔවුන් ගේ නමින් බැන්කු ගිනුම් ආරම්බ කිරීමයි!

බැන්කුව විසින් සේවකයන් ට දෙනු ලැබූ ඉලක්ක සපුරා ගැනීමට සේවකයන් විසින් දැනට බැණ්කුවේ ගිනුම් හිමියන් ට නොදන්වා ඔවුන් ගේ නමින් තව ගිනුම් ආරම්බ කොර ඇත. 

වැඩේ පත්තු වුනාම බැන්කුව එහි සේවකයන් 5300 දෙනා සේවයෙන් පහ කොලෝය. එපමනක් නොව ගිනුම් ඉලක්ක සන්ස්කෘතියට ද තිත තබන ලදී.

දොස්තරලා සමග ඇති වෛරය පිරිමහ ගත්තුදාට ඉකොනොමැට්ටා තුමා මේ පිලිඹඳව වැඩිදුර විස්තර ලබාදෙනු ඇත.

මගේ කතාව අවසානයි...

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි!

Sunday, September 18, 2016

දොස්තර වරුන් ගේ ලමයින් ට පාසැල් සහ සමාජ සමානාත්මතාව


ප්‍රශ්නයකට හවුල් වූ තැනැත්තන් ඉස ගිනිගත් සේ පිලිතුරු සොයනා කල එම ප්‍රශ්නයට ලක් නොවූ හාදයෝ හාන්සි පුටු වල සිට සමාජ සමානාත්වය ගැන කතා කිරීම සුලබ තත්වයකි.

නාලන්දේ ඉගෙන දොස්තර රුවන් ජයතුන්ග තුමා තම දරුවා ඇතුලත් කොර ගත්තේ කොලඹ රාජකීය විද්යාලයට බව එතුමා ගේ බ්ලොග් පිටුවේ සඳහන් කොර තිබුනි. 

එසේ තම දරුවා කොලඹ රාජකීය විද්යාලයට ඇතුලත් කොර ගැනීමට සමත් වූ රුවන් දොස්තර තුමා, තමන් ගේ දරුවන්ටත් ප්‍රමුක පෙලේ ජාතික පාසැල් වල අද්යාපන අවස්තා ඉල්ලා කෑ ගසනා වෛද්ය වරුන් ගේ සටන ගැන ස ර ස තුමා ගේ බ්ලොගේ පල කල කොමෙන්ටුවක් හා එයට ස ර ස තුමා ගෙන් ලැබුනු උත්තරය පහත දැක් වේ.



සමාජයේ සමානාත්මතාවයට මක් උනාද ?
ReplyDelete
Replies
  1. නාලන්දේ ඉගෙනගත් සමාජ සමානාත්මතාව කොලඹ රාජකීය විද්යාලෙට තම දරුවා ඇතුලත් කොර ගත්තේය!

Thursday, September 15, 2016

දොස්තර වරුන් ගේ දරුවන් ට උසස් පාසැල් ..............



තමන් ගේ දරුවන් හට මහින්ද මහත්තයා ගේ කාලේ ලබාදුන්නු ශොර්ට් කට් එකෙන් රාජකීය, විසාකා වැනි උසස් පාසල් ලබා දෙන්න කියමින් දොස්තර මහත්ම මහත්මීන් දැඩි උද්ගෝසනයේ ය.

සීයට හැත්තෑ පහක් පමන දොස්තරලා මහින්ද මහත්තයා එක්ක ඊරිසියා වෙලා එතුමා ව පන්නන්න උද්යෝගීමත් ව වැඩකල කස්ටියක් බව ස ර ස තුමා අත්දැකීමෙන් ම දනිමු! ඒවන් පසුබිමක යහපාලන ආන්ඩුව කස්ටියට කෝචොක් කොර ටොකු ඇනීම දෙස ස ර ස තුමා බලා සිටින්නේ උපේක්ශාවෙනි!

මෙහි දී බොහෝ දෙනා නොදකින පැත්තක් සින්හල බ්ලොග් ගරු සබාවට පෙන්වා දීමට සර ස තුමා කැමැතිය.

කොලඹ සහ අනෙක් තදාසන්න නගර වල පාසැල් වලින් විස්ස විජ්ජාලෙට ඇතුලු වූ අපි තුමාලාට පුක ඉරෙන්න නවක වදය දුන් ඔහෙලා අපේ ඉස්කෝල වලට ඔහෙලාගේ දරුවන් ඇතුලු කොරලා දෙන්න යැයි අජ්ජාපන ඇමතිට ඤම්පචම් ගෑම කොරන්නේ රෙදි ඇඳගෙන දැ‍යි ඔතැන ඉන්නා 70% පමන හාදයන් ගෙන් ඇසීමට ස ර ස තුමා කැමැත්තෙන් සිටී!

කුලියාපිටිය මහා විද්යාලයෙන් දේසපාලනේට ආ අජ්ජාපන ඇමැතියා එකල අපතුමාලාට වද කොල දොස්තරලාට ඇස්ටි හැලෙන්න දී කාරෙකේ ටයර් වල හුලනුත් ඇරීම දයිවයේ සරදමක් නොවන්නේද හිටන්?

Tuesday, September 13, 2016

මාතලන් කෝ?




මාතලන් මහතානෙනි....
ඔබනැති බ්ලොග් ලොව පාලුයි අඳුරුයි!


වහාම නැවත ලොග් වී 
හැමටම වදින්න
දසතම වනන්න....

මීට 

ස ර ස තුමා!

Friday, September 9, 2016

ආලෝචන තුනක් සහ ගෞරවාදර ස්තූති කිරීමක්...



ඉයන් තුමා සහ ස ර ස තුමා ගේ සත්ව විද්යා ගුරුවරිය වන, ආලෝචන ඇනෝ තුමා ගේ බාසාවෙන් කියනවා නම් ගෞරවනීය FG ගුරු සිරිමතිය තුමිය සමග ස ර ස තුමා ගිය 13 E පන්ති සගයන් සමග පසුගිය වසරේ ගත් චායාරූපයක් ඉයන් තුමා ට සහ ආලෝචන ඇනෝතුමා  ට ස්තූතිය පලකිරීම පිණිස මෙසේ පල කර සිටිමු.


අප සදහටම ණය ගැති FG ගුරු සිරිමතිය තුමිය  ගෞරවාදරයෙන්  සිහි පත් කරමි!

කතා වස්තුව නොදන්නා අය ගේ පහන් සන්වේගය පිණිස එයට පාදක වූ ආලෝචන තුනක් අජිත් පැරකුම් ජයසින්හ සුධීමතුන් ගේ පිටුවෙන් :

මගේ මතකයක්

උසස් පෙල සත්ව විද්‍යාව ඉගැන්වීමට පැමිණියේ දමිල සම්භවයක් ඇති තරුණ ගුරුවරියකි. ඉංග්‍රීසි බසින් ඉගෙනගෙන ඇති ඇය ඊටකලින් දින රාත්‍රියේ පිළියෙල කර ගත් සටහන් කිහිපයක් භාවිතා කරමින් සිංහල වචන සහ ඉංග්‍රීසි වචන කලවමේ යොදාගනිමින් ඉතා ඕනෑකමින් උගන්වයි. මුළු කාලයේදීම විනාඩියක හෝ විරාමයක් නොගෙන සිටගෙන සිට උගන්වන එම ගුරුවරිය ඇගේ වෘත්තිය කොතරම් ඉහල මට්ටමකින් කලා දැයි විස්තර කිරීමට වචන මදිය. වාර විභාගයක් අවසාන වූ කාලයේ කොරිඩෝ එකකදී හමුවුණොත් බලෙන් නවතාගෙන උත්තර වැරදී තිබුණු තැන් ගැන කථා කරයි. පන්ති දෙක තුනක ළමයින් අසූ ගණනක ළමයින්ගේ හැකියවන් දුර්වල කම් සියල්ල වෙන වෙනම ඇය දනියි.

පාසැලේ ගුරුවරුන්ට වැඳීමේ සංස්කෘතියක් නොතිබුණි. දශක දෙකකට පමණ පසුව අප පන්තියේ මිතුරකුගේ නිවසේදී එම ගුරුතුමියට උපහාරයක් පැවැත්වූ දිනයක ඇය පිටත් වන විට කර දඬු උස්වූ අපි අපේ දරුවන් සහ බිරින්ඳෑවරුන් ඉදිරිපිට පළමුවරට ඇයගේ පාද නමස්කාර කළෙමු.
Reply

Replies


  1. ඉයන් තුමා ගේ සත්ව විද්යා ගුරුතුමිය වන ගුරු---- මෙනෙවිය (පසුව වික්-----) මහත්මිය මගේ පාසල් අවසාන පන්ති ගුරුතුමියයි....

    පසුගිය වසරේ අපේ පන්ති ගෙට්ටුවේ දී අප එකිනෙකා ගේ දස්කම් විස්කම් අපේ බිරින්දෑවරුන් හට සහ දරුවන්ට ඈ කියාදුන්නේ හරිට ඇගේ දරුවන් ගැන විස්තර කරනා ආකාරයෙනුයි...

    ඉහත සමහර කොමෙන්ටු වල කෘර ගුරුවරු ගැන කියවන විට මිස් ගුරු--- වැනි සැබෑ ගුරු මාතාවන් ලැබූ අප කොපමන වාසනාවන්ත ද?
    Delete
  2. අතිගරු සා රසතුමනි,

    අපි කාලයක සිට ඔබතුමන්ගේ හරබර ආලෝචන නිතොර කියවන්නෙමු. එහෙත් අපට අතිමහත් ආනන්‍ඳයක් දැනුණු දිනය නම් අද ය. උගතෙකු හා බුද්ධිමතෙකු වන ඔබතුමන් අපගේ චීරකාලීන සන්සඛී ගුරු… සිරිමතියගේ ශිෂ්‍ය රත්නයක් බව දැන ගන්නට ලැබී ම මහත් ප්‍රහර්ෂයකි. ඔබගේ ආලෝචනය විසින් අපගේ මතක හදවිල පියුම් පොබයවනු ලැබේ. මෙම කෙටි ආලෝචනය එකී හෘදරසායනීය විචිත්‍ර මතකයන් කීපයක් පිළිබඳ යි.

    ෆේ. ගුරු… (FG) සිරිමතිය අපගේ ඇදුරුතුමියක වන්නට තරම් අපගේ පරම්පරාව යෞවන වූයේ නැත. එහෙත් ඇය අපගේ සමකාලීන විද්‍යාර්ථිනියක වූ බව පවසන්නට තරම් අපි වාසනාවන්තයෝ වූයෙමු. FG පිළිබඳ අපගේ මතකය හැත්තෑව දශකයේ මුල් කාලයට දිව යයි. එවකට අප කොළඹ සරවියේ යම් පීඨයක අධ්‍යයන කටයුතු කරමින් සිටියෙමු. ඇය කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණි ප්‍රියමනාප ශිෂ්‍යාවක වූවා ය. හැත්තෑව දශකයේ මැද දී ඇය විද්‍යාවේදී උපාධිය ලබා කොළඹ සරසවියෙන් පිට ව රාජකීය විද්‍යාලයට ආචාර්යවරියක ලෙස එක් වූවා ය. අනූව දශකයේ මුල දී විශ්‍රාම ගන්නා තෙක් දශක එකහමාරක කාලයක් ඇය රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයනට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වූවා ය.

    FG හා අපගේ මිතුදම වැඩෙන්නට එක් හේතුවක් වූයේ අප ද දෙහිවල ප්‍රේ.. ඇවන්‍යුහි කලක් පදිංචි ව සිටීම ය. ඇය පසු ව වික්‍ර…. වූ බව සා රසතුමන් විසින් පැවසිණි. ඇය විවාහ වූයේ කීර්තිමත් විද්‍යාර්ථියෙකු වූ ආචාර්ය සු.. වික්‍ර…. (SSW) සමඟ ය. විවාහයෙන් පසු FG යන නාමය වෙනුවට ඇය බොහෝ විට භාවිත කළේ FW නාමය යි. අප අසූව දශකයේ අග දී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යුරෝපය කරා නික්ම යන තෙක් ම SSW-FW යුවළ අපගේ හිතෛෂීහු වූහ. අනූව දශකයේ මැද දී කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි කල අප යළි මුණගැසුණෙමු. ඒ අපගේ ඥාති සහෝදරියකගේ පුතණුවෙකුට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වීමට ඇයට භාර කිරීමට අප ඇය සොයා ගිය නිසා ය. ඒ වන විට ඇය රාජකීය විද්‍යාලයේ සේවයෙන් විශ්‍රාම ගෙන කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයේ තාවකාලික පදනම මත සේවයේ නිරත ව සිටි බව අපට මතක ය.

    FG ඉතා පිළිවෙළට වැඩ කටයුතු කළ තැනැත්තියකි. ඇය තම ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දීමට ඇගේ කුඩා අත්අකුරින් ලියූ සටහන්වල ඡායාපිටපත් අපට පෙන්වූවා ය. ඇය එම සටහන් ඉතා උනන්දුවකින් සුපරික්ෂාකාරී ව සකස් කර තිබිණි. ඒ වන විට ඇයගේ සිංහල ඉතා හොඳ තත්ත්‍වයක තිබිණි (ඇයට කවදත් සිංහල ව්‍යවහාරයට අපහසුවක් තිබූ බවක් අපට නො දැනිණි. ඇයගේ මව සිංහල ස්ත්‍රියක වූ බවට යම් මතකයක් අපට ඇත). උසස් පෙළ සත්ත්‍ව විද්‍යා විෂයට මානව ජීව විද්‍යාව වැඩි වශයෙන් එක් කිරීම ඇරඹුණු මුල් යුගය වූයේ අනූව දශකයේ මැද අප පවසන එම සමය ය. “දැන් ගෙම්බො කැරපොත්තො එළවන්න යි හදන්නේ” යැයි ඇය සිනා සෙමින් පැවසූ ආකාරය මට අද ද මැවී පෙනේ. ඇය තමන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දෙන ප්‍රශ්නවලට ඔවුන් ලියූ පිළිතුරු ඉතා උවමනාවෙන් පරීක්ෂා කරන බව පැහැදිලි විණි. ඔවුන් ලියා තිබූ ඇතැම් පිළිතුරුවල වාක්‍ය ඛණ්ඩ ද ඇයට මතකයෙන් පැවසිය හැකි ව තිබිණි.

    SSW පසු කලක තම විෂය ක්ෂේත්‍රයේ මහාචාර්ය ධුරයක් ලැබූ බව අපි දනිමු. FW මෙතෝදිස්තයේ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන බව වසර හතකට අටකට පමණ පෙර දැන ගන්නට ද ලැබිණි. ඔවුන් පිළිබඳ මෑතක දී අපට කිසිදු තොරතුරක් දැන ගන්නට නො ලැබිණි. එහෙත් ඔවුන් තවමත් ‍ෙප්‍ර්.. ඇවන්‍යුහි වාසය කරන බව නම් විශ්වාස ය.

    අපටත් ගුරු වූ මෙවැනි ම විශිෂ්ට ගුරුවරියක් එකල වැල්ලවත්තේ ෆසල්ස් වීදියේ පදිංචි ව සිටියා ය. ඇය නම් විශිෂ්ට රසායන විද්‍යා ගුරුවරියක වු වල්ලිපුරම් සිරිමතිය යි. කාබනික රසායනය ඉගැන්විමට ඇය තරම් සූර ගුරුවරියක අප තවමත් දැක නැති තරම් ය. ඇය කාලයක් ගම්පහට නුදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගැන්වුවා ය. වැල්ලවත්තේ සිට දිනපතා වේයන්ගොඩට රාජකාරිය සඳහා ගිය වල්ලිපුරම් සිරිමතිය කිසි දිනෙක පමා වි පාසලට නො පැමිණි බවත් පාසලට යොදුන් කීපයක දුරින් පදිංචි ව සිටි ගුරුවරියක සෑම දිනක ම පමා වි පැමිණි බවත් අපට දැන ගන්නට ලැබිණි. ඒ බව අපට පැවසුවෝ ද විශිෂ්ට ගුරුදේවයාණ කෙනෙක් වූහ. කලක් ඔවූහු සූර හා ප්‍රකට භෞතික විද්‍යා ආචාර්යවරයෙක් වූහ. ලියනගේ යන නාමය එකල ග්‍රොරෝ නාමය තරමට ම භෞතික විද්‍යාව සමඟ බැඳී තිබිණි. සා රසතුමා වල්ලිපුරම් සිරිමතියගේත් ශිෂ්‍යයෙකු ද යන්න දැන ගනු රිසියෙමු.

    අප දැන සිටි බොහෝ ගුරුවරු මෙවැනි විශිෂ්ටයෝ වුහ. දේශපාලනයත් ගුරු වෘත්තියත් දෙක ම කරන්නට ගොස් අවසානයේ දී ඒ දෙක ම අසාර්ථක කරගෙන සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් ව ගුරු වෘත්තියට අපහාස කරන අසත්පුරුෂයන් නම් අප දැන සිටියේ එකෙකු පමණි. එවැන්නවුන් දකින විට අපට සිතෙන්නේ ගුරු වෘත්තියෙන් සමුගෙන දේශපාලනයට කැප වුණු පාණී විජේසිර්වර්ධන සහෝදරයා රත්තරන් නො වේ ද යන්න යි.

    විශිෂ්ට ගුරුවරියක වූ ෆේ. ගුරු… සිරිමතිය පිළිබඳ මතකය අවදි කළ සා රසතුමාටත් ඇය පිළිබඳ මුල් සටහන තැබූ ඉයන් මැතිඳුනටත් අපගේ ගෞරව ප්‍රණාමය.

Wednesday, September 7, 2016

ගෞරවාදරය!!



කොන්ද කෙලින් තියාගෙන සටන් කල සැබෑ රණවිරුවෙකි ලියූ පොතක් මිලදී ගනිමු!

ස ර ස තුමා නම් එම පොත මිල දී ගත්තෙමි!

Monday, September 5, 2016

කීත් වාස් ට දෙඤ්ඤම් බැටේ....



කීත් වාස් යනු ඉන්දීය සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ශ මන්ත්‍රී වරයෙකි.

ඉස්සර කාලේ LTTE ත්‍රස්තයන් ට කඩේ යමින් ඒගොල්ලෝ හොඳ ලමයින් කියමින් සුද්දන් ඉදිරියේ LTTE කාරයන් අහින්සකයන් ලෙස පෙන්වීමට  දර දිය ඇද්ද කෙනෙකි.

වයස හැටකි (ඉපදුනේ 1956 හිටන්!) දරුවන් දෙදෙනෙකු ගේ පියෙකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් සේවය කල ආසියානු සම්බවයක් සහිත පුද්ගලයාය. 2007 සිට ඊයේ පෙරේදා දක්වා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු තේරීම් කාරක සබාවේ ලොක්කා ය... (වරදවා වටහා ගන්න එපා මේ හඳුන්නෙට්ටි තුමා නොවේ..).

ලොව පුරා හමා යන ජාතිකත්ව රැල්ලට අනුරූපව ගොඩනැගුනු නුසුද්දන් ට (සුද්දෝ නොවන අයට - කොහොමද මගේ වචනේ? ) දෙඤ්ඤම් බැටේ ප්‍රහාරකයන් ගේ උකුසු ඇසට කීත් වාස් තුමා පිරිමි කොලු ගැටවු දෙදෙනෙකු සමග සන්වාසයේ යෙදීම අහු වෙලා හරි ජන්ජායයි මෙයා! (සියලු මන්ත්‍රී ලා ලොල්ලන්ද?)

කොලු කේස් එක මාට්ටු වීම නිසා අපේ බ්‍රිතාන්‍ය LTTE නායක කීත් වාස් තුමා ගේ රස්සාව නැති වී ගිය හෙයින්ද, වශ්ය සියලු සුදුසුකම් සපුරාලූ හෙයින් ද  එතුමා ට සිරි ලන්කාවේ සිරි කොතේ සිරිකාලකන්නි රස්සාවක් දෙන මෙන් ස ර ස තුමා වගකිවයුත්තන් ගෙන් කාරුනික ව ඉල්ලා සිටිමි!