Sunday, November 27, 2016

FB එකේ ඉස්පොන්සර් කොරලා ජපනුන් ට විප්ලවේ ලබාදීම



සරස තුමා ගේ පේජයට මේ දවස් වල ඔන්න ඔය ඉහලින් පෙනෙනා FB Sponsored  දැන්වීම ලැබෙනවාය. 

FB එකේ Sponsored දැන්වීම් දමන්න රුපියල් වලින් බැරි බව කෙනෙක් කීවෙමි... ඒ කතාව ඇත්ත වන්නට පුලුවන. 

කතාව ඇත්ත නම් ජෙප්පෝ සැට් එක ඩොලර් වලින් මාර්ක් සකර්බර්ග් ගේ සාක්කුව පුරවන්නේය... 

අනෙක් මාර්ක් වන කාල් ලමයා හිටියා නම් කොම්ප්‍රදෝරු පන්තියේ මාජ්ජ වලට විප්ලවකාරයයින් වන නිර්දන පන්තියේ ජනතාව කැට හොල්ලා එක් කොර ගත්  මුදල් දෙනවා කියලා ගිනිවිජුම්බරයක් කොරනවා නියත ය.

කරුමේ කියන්නේ කාල් මාර්ක්ස් ලමයා මිය ගොසිනි... ඒ නිසා අනුර කුමාර ලමයා මාර්ක් සකර්බර්ග් වන්දනාවේ ගිහින් ඩොලර් වලින් පඬුරු දමා තමන් ගේ ජෙප්පන් ට සිඟිති ආතල් දෙමින් සිටිමි...

ඒටත් වඩා කාඩිනල් සින් එක වනාහී එම දැන්වීමට ජපන් පවුලක පින්තූරයක් යොදා ගැනීමයි... සමහර විට එය කොරියන්, තායි හෝ චීන පවුලක් පවා වෙන්නට පුලුවන...

 හැබැයි සහතික කොට කිව හැක්කේ ඒ පවුල සිරි ලාන්කික පවුලක් නොවන බවය... 

ජපන් පවුලක පින්තූරයක් FB Sponsored දැන්වීමක් ලෙස ඩොලර් වලින් මුදල් ගෙවා පලකොරගෙන අවුලට ලක් වූ ජෙප්පන් ට සරස තුමා ගේ විනාඩියක නිස්සබ්දතාවය හිටන්!

ප:ලි: රනිල් තුමා නැමැති සූර චෞරයා ගේ බැඳුම්කොරේ සොරකම අමතක නොකරන්න!


Friday, November 25, 2016

කර්ම ඉස් අ බිච්




කර්ම ඉස් අ බිච්  කියා කතාවක් තිබේ.... 

ඊයේ හොටු පෙරාගෙන, කඳුලු සලමින් වික්‍රම වීරසූරිය නැමති චමින්ද එය සාදනය කොරන ලදී.

එකාබද්ද විපක්සේ මන්ත්‍රී කන්ඩායමක්, ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වා මලික් සමරසින්හ ඇමැති වික්‍රම වීරසූරිය සමග එක් වී මහපොල අරමුදලේ රුපියල් බිලියන දහයකට ගේම දෙනවා කියා කීවේ පෙරෙයිදා ය. 

ඊට පිලිතුරු වසයෙන් මලික් තුමාත් වික්‍රම වීරසූරියත් එක් වී හොටු පෙරාගත් චමින්ද්‍ය සාකච්චාවක් පැවැත්වීය. 

වික්‍රම වීරසූරිය අඬමින් පැවසුවේ තමා ඉතාම නිර්දෝසී බවත් ඒකබ්ද්ද විපක්සේ බල්ලන් විසින් තමාට අපහාස කොල බවටත් තමා ඔවුන් ට විරුද්දව අපහාස නඩු දමන බවත් ය.

හැබැයි ඉතින් අන්තර්ජාල සොයා බැලීමේදී වික්‍රම වීරසූරිය නැට්වෙල්ත් සහ සේෆ් යන මූල්ය ආයෝජන සමාගම් වල අද්යක්සක කෙනෙකු බවත් මලික් විසින් ඔහු ව මහපොල අරමුදලේ මොක්කද්ද එකකට පත් කොල බවත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැකිය. 

මැක්කා එක්ක ගමනක් ගියොත්, වික්‍රම වීරසූරියලා ගේ කොම්පැනිය බාන්ඩාගාර බැඳුම්කර වලට ප්‍රයිමරි ඩීලර්ශිප් එකක් ද අරන් ඇත්තේය!

හෙල බසේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටෙරෙස්ට් කියා කතාවක් ද තිබෙන බව ස ර ස තුමා පාටක ඔබට මතක් කර දීමට කැමැත්තෙමි.

වඩාත් ම විහිලුව වන්නේ තම නම කැතකොලා කියා හොටු පෙරාගෙන හැඬූ වික්‍රම වීරසූරිය මහත්තයා 1977 දී එවකට අගමැතිනියව සිටි සිරිමා බන්ඩාරනායක මැතිනියටත් ඇය ගේ පවුලේ සාමාජිකයන් ටත් පහත් අන්දමේ මඩ ගසා හත් වසරක සාපය නැමති පොත් කබලක් මුද්‍රණය කොරන්න ට යෙදුනු බැවිනි!

එම පො කියවමින් සිරි ලන්කාවාසීන් සිරිමා බන්ඩාරනායක ප්‍රමුක පවුලට මඩ ගැසුවේය. ඔවුන් හට සිත් වේදනා වෙලා හඬමින් සිටි බවක් නම් ස ර ස තුමා ට මතක නැ.

පසු කලෙක ගාමිනී ( වීරසූරිය ගාමිනී ගේ මස්සිනා ය! )  ලලිත් සමග එක් වී ප්‍රේමදාසට මඩ පත්තර හැදූ වීරසූරියට ප්‍රේමදාස මඩ ප්‍රහාරයක් එල්ල කොලේ වීරසූරිය ගේ නිල කාමරේ සවුන්ඩ් ප්රූෆ් කොරගෙන අසම්මත මොකද්දෝ දේවල් අහවලියන් සම කොලා කියලා ය!

කොහොමින් නමුත් වික්‍රම වීරසූරිය ගේ පෙර පවු පල දී ඒකාබද්ද විපක්සේ මඩ ප්‍රහාරයකට ලක් වීමට සිදු වීම දයිවයේ සරදමක් නොවේද හිටන්??

Wednesday, November 23, 2016

මැක්කන් සමග නැගිටීම



අද පාර්ලිමේන්තුවේදී ජෙප්පෝ ඇඩ්‍රස් නැති වෙන්න නා ගත්තෙමි. ඒ රාජිත ගේ පුතා වන චතුර ගෙනි!

ජ වි පෙ හොරුන් විසින් ඉඩම් ඇමති කාර්යාල වැසිකිලියේ සඟවා තැබූ අබිරහස් දේ සහ යහපාලනේට උදවු දෙන්න කල ගනුදෙනු වල විස්තර සාක්ශි සමග බලාගැනීමට අවශ්ය නම් කුඩා කානු කට අමතන ලෙස රාජිත ගේ පුත්‍රයා විසින් ජෙප්පන් ට කාරුනික ව දැණුම් දෙන ලදී.

යහපාලනේ බලයට පත්කොරන්න මුදල් ලබාගෙන දැණ් සාන්තුවරුන් සේ ජනතාව අන්දන්නට උත්සාහ කොරනා සීනිබෝල ජෙප්පන් ට චතුර කොලුවා දුන්නේ කන හරහා පහරකි.

සමාජ ජාලා වල ඉන්නා ජෙප්පන් ට ඇස්ටි හැලෙන්න දෙන්න එම වීඩියෝව යූ ටියුබ් එකට පටවා ඇ.

අද දවසේදීම එලියට පැමිනි මලික් තුමා සහ එවකට තුනී ලෑලි සන්ස්තා සබාපති ( සහ අබව්ය චර්යාවක් ගැන පරසිඳු) වික්‍රම වීරසූරිය ගේ බිලියන ගනන් සොරකමට වඩා චතුර කොලුවා සහ බිමල් කොලුවා අතර වූ මේ යහපාලන ලී කෙලි සෙල්ලම ස ර ස තුමා ට වැදගත් ය!

ජෙප්පන් ට කඩෙ යන උන්දැලාට අබමල් රේනුවකවත් ලැජ්ජාවක් ඉතිරිවෙලා තියේ නම් වහාම තමා දන්නා ජෙප් මන්ත්‍රී ගොයියන් ට කියලා ඔයි කොරනා දේසපාලන මුදල් ගනුදෙනු නවතාලන්න උත්සාහ කොරනවා ඇත...

මේය වොටර්ස් එජ් එකට ගිහින් සෑහෙන්න බීලා රෑ දෙකට ගෙදර යන ගමන් රාජගිරියේ ටෙලිෆෝන් කනුවකට කැබ් එක හප්පන්න තරමේ බැරෑරුම් ප්‍රශ්නයකි!

Tuesday, November 22, 2016

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිරිලාකීකරනය!




සිරි ලන්කාවාසීන් හිතන් ඉන්නේ මේ රට සින්ජොප්පූරුවක් කොරන්න ය හිටන්. අමෙරිකානුවන් නම් දැන් සෑදී පහැදී හිටින්නේ මෙරිකා එක්සත් ජනපදය සිරි ලන්කාවක් කොරන්න ය!
මැතිවරන කාලේ තමන් ගේ ජනප්‍රියත්වය අඩු වන බව දැනගත් ට්‍රම්පච්චී කොරේ අපේ අප්පච්චී මෙන් කුඩා දරුවන් වඩාගැනීම ය. යහපාලනේකටු කන ඈයෝ කොලා මෙන් සමාජ ජාලා වල බොරු ප්‍රවුර්ති හදා මිනිස්සුන් ව ගොනා ට ඇන්දීම ය. තමන් බලේට ආවාම කටුනායක ගුවන් තොටුපොල දින කීපයකට වසා දමා හිලරි අක්කා ව හිරේ යවනවා කීම ය.

කොහොමින් කොහොමින් හරි චන්දේ දිනුවාම ඒ රටේ ඉන්නා වෙන්ඩපොශ් ටොයියෝ ට්‍රම්පච්චීට විරුද්දව මහ පාරේ ගහ මරා ගන්නේ කාලෙකට කලින් සිරි ලන්කාවේ පැවැතිච්චි වයඹ පලාත් සබා මැතිවරෙනේ වගේ ය!




ඔන්න පින්වතුනි... මෙච්චර කල් ග්‍රීන් කාර්ඩ් හිඟා කකා යූ එස් යන්න පොරකෑ ඔබ සැම ට යූ එස් එක ඔබේ ගෙදරට ම ගෙන ඒමේ බාරදූර කර්තව්යය ට්‍රම්පච්චී විසින් කොරනු ලබන බව කරුනාවෙන් සලකන්න හිටන්!

PS:
ඒ අස්සේ රනිල් තුමා මාමා සහ බෑනා සමග එකතු වී බාන්ඩාගාර බැඳුම්කර හොරකම සිදු කල බව අමතක නොකරන්න!

Friday, November 18, 2016

ලෝකය ඉදිරියට.... සිරි ලන්කාව කොයිබටද?

දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය.

ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය. 

යුද්දයට ලක් වී නන්නත්තාර වුනු යුදෙවුවන් අතරේ එවන් හාදයෝ බොහෝ විය. එතෙක් පැවති ලෝක සමාජ පැවැත්ම වෙනස් කර පොලිටිකලි කරෙක්ට් සමාජයක් බිහි කිරීමට ඔවුන් ගේ දායකත්වය අති මහත් විය.

ඇන්ටි සෙමිටිස්ම් හෙවත් යුදෙවන් කොන්කිරීම ට විරුද්දව ගොඩ නැගුනු එම පොලිටිකලි කරෙක්ට් සමාජ බලවේගය ලෝකය පුරා සැඩ සුලඟක් සේ සුලු ජාතීන්, සුලු ආගමිකයන් සහ සුලු හැමෝම (සමලින්ගිකයන් වැනි ) තුරුම්පුවක් ලෙස පාවිච්චි කිරීම සිජ්ජ විය.

එතෙක් සමාජ බලය අතෙ තියන් හිටි ඇරිස්ටොක්‍රැටික් මහත්වරුන් හට ඔවුන් අත තිබූ සිවිල් බලය ඔයි කියනා සුලුතර සුලුදියකරුවන් හට බාර දෙන්න සිජ්ජ විය.

හිලේරියස් ම සිදුවීම නම්  සුලුතරේ වෙනුවෙන් චුට්ටක් ෆුඩ් සිටි යෑම මගින් බහුතරේට අයත් ඕනෑම මරි මෝඩයෙකු ට පොරක් ලෙස කැපී පෙනීමේ අවස්තාව ද උදාවීමයි. ඒ නිසාම එම වෙන්ඩ පොශ් සැබැ බයි එහෙත් ආරෝපිත ටොයියෝ සමාජයේ පොරවල් විය....

සියලු ජනමාජ්ජ වලට අරක් ගත් ඔවුහු තම තම්න් ට හුරේ දමමින් මහජනතාව ඔවුන් කියනා දේ ඇසිය යුතු ය යන අදිමානයෙන් යුක්තව කටයුතු කොලහ!

සිරි ලන්කාවේද පහුගිය කාලේ හරක් විජේසූරියලා, නිර්මාල් රන්ජිත් ලා, අන්ගොඩවියන්ගොඩ ලා, ජාතික තලයෙන් ද පැරාතුමා ලා සිනුවර තට්ට ශර්ලොක් හෝම්ස් ලා වැනි හාල් කෑලි දෙකයි පනහේ ලෙවල් එකෙන් ද වෙන්ඩපොශ් බයි, ආරෝපිත ටොයි මහත්වරු බවට පත් වී සැබෑ ටොයි රනිල්තුමා ලා ව රජකෙරූහ.

කපටි ප්‍රබූවරු මේ වෙන්ඩපොශ් හාදයන් ගේ සේවය එන් ජී ඕ හරහා මුදලට ද සමහර විට කූට බුද්දිය යොදාගෙන නොමිලේමද ලබාගත්තේය.

(වරහන් ඇතුලේ කෙනෙක් ට මල පැන්නවීම පිනිස ලියමි: තව සමහර හාදයෝ එවැනි වෙන්ඩපොශ් හාදයන් ට සම්මාන දීමට මඩපොකුනු සන්විදානය කොලහ...නෙලුම් යායවල්පි පෙන්නේ මඩ පොකුනු වල බව දත යුතුය! )

කපටි ප්‍රබූවරු සහ වෙන්ඩපොශ් ගනයට අයත් නොවන සාමාන්ය ජනතාවට මේ හාදයන් ව එපාවෙලා තිබුනේය. 

බ්‍රෙක්සිට් එකෙන් පටන් ගෙන ට්‍රම්ප් මහත්තයා ව ජනාදිපති කිරීමේ සිට නයිජල් ෆරාජ්, පුටින්, මාරි ල පෙන්  වැනි ලෝක නායකයෝ ලෝකය පුරා සුලුතරේ විසින් පවත්වාගෙන ගිය පොලිටිකලි කරෙක්ට් භීශනය ට විරුද්දව සටන් කර සාමාන්ය ජනතාවට නායකත්වය දෙන ලදී.

දැන් අපේ වෙන්ඩපොශ් කුලියට වැඩ කොරන සිවිල් සමාජයේ ගොන් බඳින කනු වලට ප්‍රශ්න ඇති වෙලා ය. මේට පසු ඔවුන් ගේ ඇන් ජී ඕ සල්ලි දෙන්නේ කවුද හිටන්?

පැරාතුමා ලා සහ උඩුවා තුමා ලා ලඟදීම ට්‍රම්ප් මහත්තයා ලා ගේ ජාතිකවාදී අදහස් වෙනුවෙන් තම කී බෝඩ් එක මෙහෙයවනවා අපට දැක ගත හැකිවෙයි ද!

Wednesday, November 16, 2016

මෝඩිට අඳිමු... රුපියල් පන්දාහේ නෝට්ටු අවලන්ගු කොරමු!


මුලු ලෝකෙටම ප්‍රොජාත්න්තරවාදේ එක්ස්පෝර්ට් කොරාපු අමෙරිකා එක්සත් ජනපදයේ නීතියානුකූලව පත් වූ ජනාදිපතිතුමා ව එපා කියලා එහේ ඉන්නා ගොන්ටොයියෝ පෙලපාලි යති. 

ඒවාට මුදල් වියදම්කොරන්නේ සෝරෝස් සීයා ය.

ඒ අල්ලපනල්ලේ තේ කඩේ තේ ගසා ඉන්දියාවේ අගමැති වූ මෝඩිතුමා එම රටේ රුපියල් දාහේ හා පන්සීයේ නෝට්ටු අවලන්ගු කොට ඇත.

ඉන්දියානුවෝ තමන් ගේ මුදල් මාරු කොර ගැනීමට බැන්කු ඉදිරියේ පෝලිම් ගැසී සන්වර්දනේ ට දායක වෙති.

සිරි ලාන්කිකයන් වන අප ද පොඩිඅතුල කී මොර සූරන වැස්සේ තෙමෙන්නට රුපියල් පන්දාහේ සහ දෙදාහේ නෝට්ටු අවලන්ගු කොරගනිමුද හිටන්?



අමතක කරන්නෙපා



(මැන්ටලි ) ඉල් මහ සමරුව
සදා සමරමු බැඳුම්කර හොරු!

ටයි කෝට් ඇඳගෙන
අති පිරිසිදු බවෙන
බැඳුම්කර වන වන
හොරුන්ගෙත් හොරු ඉදිරියට එන



Tuesday, November 15, 2016

කාබන් ටැක්ස්!


පසුගියදා ඉදිරිපත්කොරන්නට යෙදුනු ගවපාලන ආන්ඩුවේ අයවැයේ දී අලුත් ම ටැක්ස් පොජ්ජක් හඳුන්වා දී තිබුනි. ඒ වනාහී "කාබන් ටැක්ස්" එක ය!

බොහේ දෙනා මේ කාබන් ටැක්ස් එක ගැන නොදන්නා පාටක් පෙනෙන නිසා ස ර ස තුමා ඔබ තමුන්නාන්සේලා ට ඒ ගැන තේරුම් කොරලා දෙන්න දහස් කෙලෙමු.... (මතකයි නේ අර මෙගාපොලිස් කියන්නේ ලොකු පොලීසියක් කියලා කක්කා ජාතික පක්සේ  මන්ත්‍රීතුමෙක් කියාදුන්නා....).

සරල ගමරාල සොරිසේන නිදහස් මන්දිරේ දී ජනාදිපොති දූරයට අස්සන් කොලේ රුපියල් දහයේ කාබන් පෑනකින් බව ඔහෙලාට මතක ඇතැයි සිතමි.

සරල ගමරාල සොරිසේන නිදහස් මන්දිරේ දී ජනාදිපොති දූරයට අස්සන් කොලේ රුපියල් දහයේ කාබන් පෑනකින් බව ඔහෙලාට මතක ඇතැයි සිතමි.

කාබන් බද්ද යනු එම රුපියල් දහයේ කාබන් පෑන් සඳහා පැනවෙන නව බද්දකි. 

දැනට ගනන් බලාගෙන යන පරිදි, බද්ද පැමිනිනුනාට පසුව කාබන් පෑනක මිල රුපියල් විස්සක් වන බව තතු දත් උදවිය පවසති!

Wednesday, November 9, 2016

ඩිවයිඩඩ් ස්ටේට්ස් ඔෆ් අමෙරිකා




යහපාලන ගැන්ග් එකේ පරමාදරුසය වූ හිලරි අක්කා කුජීත වී ගියේය...... 

හැබැයි මහින්ද මාමා පරාද වෙලා මැදමුලන ගියා වගේ නොව, ඇත්තටම අමෙරිකාවේ ප්‍රාන්ත අටක යහපාලන සපෝටර්ස් ලා පාරට බැස ජනාදිපතිවරනය දිනූ ට්‍රම්ප් තුමා ට විරුද්දව උද්ගෝසනය කොරති...

තම රට පමනක් නොව මුලු ලෝකයම පාලනය කිරීමට වරම් ලැබුනා සේ ක්‍රියා කොරනා අමෙරිකානු ජනාදිපතිලා අතර ට්‍රම්ප් තුමා කියා සිටින්නේ එයා අනුන් ගේ රටවලට අත නොදමන බවය.... එහෙත් එයා කියනා දේ කොරයි ද කියා අපට සුවර් නැත...

ඒ අතර අන්ද අනාවැකි කාරියක් වූ බාබා වැන්ගා කියූ අනාවැකියක් ස ර ස තුමා ගේ මතකයට එයි.. එනම්, ට්‍රම්ප් තුමා ඇමෙරිකාවේ අවසාන ජනාදිපති වන බව ය.... 

අනුන් ගේ මගුල් වලට ඇඟිලි ගසමින් රෙජීම් චේන්ජ් වලට ක්‍රියා කොරනා අමෙරිකා එක්සත් ජනපදේ ට්‍රම්ප් තුමා යටතේ කෑලි කෑලි වලට කැඩුනත් ස ර  ස තුමා ට නම් ගානක් නැත!

රජීව් ගාන්දි ට කෙලි විජිත්මුනි රෝහන තුමා ද අනාවැකි දෙකක් පසුගියදා කීවේය.. එකක් නම් ට්‍රම්ප් තුමා අමෙරිකාවේ ජනාදිපති වන බවය.. අනෙක් අනාවැකිය ස ර ස තුමාට මතක නැත...


Tuesday, November 8, 2016

පොලීසියේ බ්ලැක් මාරියාවට ගුටි වැදීම




උතුරේ  මහජන උද්ගෝසන වලදී කටයි පු-- යිවහගෙන සද්ද නැතිව ඉන්නා පොලීසිය දකුනේ මහජන විරෝදතා වල දී ජනතාව නාවා පිරිසිදු කොරන්නේ බැලැක් මාරියා රතයේ ඇති වෝටර් කැනන් වලිනි.

පොලිස් වෝටර් කැනන් එක ඉල්ලන් කෑවේ ආබාදිත රණවිරුවන් ව නාවන්න ගොහිල්ලා ය! ආබාදිත රණවිරුවන්, ඔවුන් ගේ  ගේ පවුල්වල අය සහ ඔවුන් ට දිරිදෙන්න එහි ආ අය පොලිසියේ බ්ලැක් මාරියාවට පහර පිට පහර එල්ලකර වෝටර් කැනනය අඩපන කොරනවා ඊයේ දෙරණ ප්‍රවුත්ති විකාශයේ පෙන්වීය.

එසේ අභීතව ඉදිරිපත්ව තම සගයන්, සොයුරන්, නෑයන් රැකගත් ජනතාවට, විශේශයෙන් ම නිල් සහ සුදු කුඩයක් අතැතිව එම බ්ලැක් මාරියාවට පහරදුන් කාන්තාවට අපගේ ගෞරවය!


Sunday, November 6, 2016

යහපාලන නාඩගම!





බානෙන් බැඳ සිරිකොත පෙදෙසින්නේ
යහපාලන පච හිල ගෙන එන්නේ
තානාපති වරු පෙරමුන ගන්නේ
ඩොලර් වලින් ගතමනාව දෙන්නේ

සෝබිතයා ඔලුවෙන් හිටගන්නේ
රතනයාව පෙරමුනේ තියන්නේ
පා ච රනවක අයිල පදින්නේ
යහපාලන තොවිලය ඇරඹෙන්නේ

නැවු ඇති දත් මැති බෙල්ල කපන්නේ
පිටිපස්සෙන් බව දැනගෙන ඉන්නේ
චවුර රැජින බීලා දොඩවන්නේ
රනිල් තුමා ගේ කරල පැහෙන්නේ

හරක් විජේසූරිය නම් ගැරඬින්නේ
පිරිමි මිසී හා පෙරටම එන්නේ
සීයට හය ඉල්ලන මැතිඳුන්නේ
දේවසිරි තුමා උඩුබුරලන්නේ

අසාද්ය සාලිත් ඩෙනා නටන්නේ
වියන්ගොඩේ අන්ගොඩ සිට එන්නේ
යහපාලන සලි පිලි පටලන්නේ
බානක් සැට්වී රටක් කොරන්නේ

ග්‍රාමසේවක ජනපති වන්නේ
ආ දා ඉඳලා පිස්සු කෙලින්නේ
වැට් පිට් වැට් ගසමින් අප කන්නේ
වැහි නැති හෙන තොප හට ඉල්ලන්නේ


මාමා බෑනට බැඳුම්කරෙන්නේ
බිලියන් ගානක් ගොඩ දා දෙන්නේ
මේ හැම ගොන් වැඩ කරමින් ඉන්නේ
යහපාලකයෝ බව දැනගන්නේ!

Thursday, November 3, 2016

රනිල් ගේ බැන්කු හොරකම අමතක නොකරමු!



බැඳුම්කර වන්චාව අමුතුම ආකාරයේ ක්‍රියා පටිපාටියක් තුලින් සිරි ලන්කාවේ පොදුජන මනසින් දියකර හැරීමේ කුමන්ත්‍රනයක් නොමැති බව ස ර ස තුමා අවදානයෙයෙන් කියා සිටී.

ආචාර්ය උපාදියක් නැතිව මහාචාර්ය සහ අනාචාර්ය වූ හරක් විජේසූරිය, පිරිමි මිසී, වි අන්ගොඩ මහතුන් ප්‍රමුක ඇන්ජීඕ කල්ලිය සහ ආන්ඩුවේ රෙර්දි නැති කස්ටිය උත්සාහ කොරන්නේ බැඳුම්කොරේ හෙමි හෙමීට දිය කොර ඇරීමට නොවේ!

අපි එයට ඉඩ නොදෙමු.... බැඳුම්කර පිරිත නැවත නැවත දිනපතා සජ්ජායනා කොරමු හිටන්!

Tuesday, November 1, 2016

අලුත් අගමැත්තෙක්.....



2015 ජනවාරි 8 දා සොරිසේන රුපියල් දහයේ පෑනෙන් අස්සන් කොට සරල ජනාදිපති වුන ගමන් ම පෙර ගිවිසුම්ගතව තිබූ ලෙස ම පාර්ලිමේන්තු සුලුතරයේ නායක රනිල්තුමා ව අගමැති කොලෝය. 

ජනාදිපතිවරනයට පෙර ප්‍රකාශිත ප්‍රොතිපත්ති ප්‍රකාසයේ තිබුනේ වසර දෙකක කාලයකට රනිල්තුමා ව අගමැති කොට  එ ජා පය සමග සන්දාන ආන්ඩුවක් හදනවා කියා ය. 

දැන් ගතවන්නේ 2016 නොවැම්බරයයි! 

ඒ කියන්නේ ලබන ජනවාරි 8 දා සිට සොරිසේන ජනදිපති ට අලුත් අගමැති කෙනෙකු නම් කිරීමේ හැකියාව ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාසයට අනුව හිමි වේ.


මේ ගතවෙන්නේ එම අවස්තාව උදාකරවීම සඳහා වන පාර කැපීම හෙවත් මහ ජනතාව ඉදිරියේ රනිල්තුමා ව පජාත කිරීමයි!

එම කාර්තව්යය කොපමන හොඳට සිදු වෙනවාද යත් සින්හල බොග් අවකාසේ මැරුනත් යූ ඇණ් පී, එජාප පුන්චි සිඤ්ඤෝලා මේ දවස් වල ලියනා නුඹ නාඩන්, නුඹ නාඩන්, අපට ඕවා හොඳ පාඩම් බ්ලොග් පෝස්ට් වලින් පෙනේ! 

තවමත් එජාප සිහිනය කර තබාගෙන ඔලුව නැත් කඳ පයිට් නියායෙන් රනිල්තුමා වෙනුවෙන් සටන් වදින්නේ සත්ගුණවත් ඉයන්තුමා පමනි! එතුමාට ස ර ස තුමා ගේ ගෞරවය හිමි වේ!

නෝනාවරුනි මහත්වරුනි, ලබන ජනවාරි 8 දාට නව අගමැත්තෙක් බලාපොරොත්තුවන්න!