Sunday, January 1, 2017

වැඩ බැරි ටාසන් ලා ගෙදර යවමු!





දේසපාලනේ පලමු  අරමුණ බලය ලබා ගැනී ම ය. එහෙත් ලබා ගත් බලය පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කාරියක් නොවේ. 
බලය ලබාගැනීම සඳහා කාලයක් තිස්සේ කාලය සහ ශ්‍රමය කැප කරමින්, උපක්‍රමශීලීව මහ ජනතා නියෝජිතයින්, ජනමාද්ය වේදීන්, දේසපාලන පාර්ශවකරුවන් සහ සියලු ජනතාව සමග හිතවත් සම්බන්ද්යක් පවත්වාගෙන යෑම කල යුතු ය. එය ඉතා අසීරු කටයුත්තක් බව සැවොම පිලිගන්නා කාරියකි.

බලය ලබාගැනීමට උත්සුක නොවනා සමහරු හට විටින් විට බලය ඔවුන් වෙත බලහත්කාරයෙන් ලබා දෙනු ලැබේ. Yes, political power is thrust upon them!

දේසපාලන පාර්ශවකරුවන් පවතින දේසපාලන බල අධිකාරිය තමන් ගේ සිතැඟි වලට අවනතව වැඩ නොකරන විට එය කෙරෙහි අමනාපයෙන් එයට පාඩමක් ඉගැන්වීම සඳහා කිසිදිනෙක බලය නොපැතූ සහ බලය ලබාගැනීමට උත්සුක නොවූ හාල් කෑලි බලයට පත් කිරීම සමහර විට සිදු වන දෙයකි.

2015 දී අපේ රටේ සිදු වූයේ එයට සමාන සිද්දියකි. 

එනම් දේසපාලන පාර්ශවකරුවන් තමන් හට සුකෝපබෝගී ජීවිත ගතකිරීමට අවශ්ය වටපිටාව රාජපක්ශ පවුලෙන් ඉටු වුනත්, තමන්  ට ලැබුන දේ ට වඩා බොහෝ වැඩි කොටසක් රාකපක්ශ පවුල බුක්ති විඳිනවා යන ඊරිසියාවෙන් වෙලී රාජපක්ශ පරපුර ඉවත් කිරීමට පෙරමුණ ගැනීම ය!

රාජපක්ශලා සමග වෛරයෙන් සිටි ඉන්දියාවේ සහ අමෙරිකාවේ රහස් ඔත්තු සේවා වල සහයෝගයෙන් මහා බලයක් මෙන් ක්‍රයාත්මක වූ ඒ ඊරිසියාසහගත දේසපාලන පාර්ශවකරුවන් නතර වුනේ රාජපක්ශවරු පලවා හැරීමෙන් පමනක් නොව කිසිදා බලයට එන්නට උත්සාහ නොකල ප්‍රාදේශීය දේසපාලකයෙකු ජනාදිපති පුටුවට ඔසොවා තැබීමෙනි.


එතැන් සිට පහල වුනේ නිදහස් ලන්කාවේ මෙතෙක් බිහි වුනු අසාර්තක ම සහ අකාර්යක්ශක ම පාලනයයි!

පලමු දිනයේ සිට ම රාජපක්ශ වරුන් එලවීමේ කාරියට සම්බන්ද නොවූ මේ රටේ මහ ජනතාව යහපාලන අකාර්යක්ශමතාව සහ රාජපක්ශවරු ගේ පාලන කාලේ නියමාකාරව සිදු වූ රාජ්ය පාලනය සන්සන්දනය කලහ.... තමන් ව බොරු කියා රවටා තල්ලු කල වල ගැන විස්සෝප වූහ!

බලය ගැනීම අපහසුය. මහජනතා ප්‍රසාදයක් නැතිව අපහසුවෙන් වුවත් ලබා ගත් බලය පවත්වාගැනීම ඉතාම අසීරු කර්තව්‍යයකි. අද යහපාලනේ කොරන්න උත්සාහ කොරන්නේ එවැනි දැලිපිහියෙන් කිරිපැණි කෑම වැණි අසීරු කාර්යයකි!

 ලැබුවා වූ නව වසරේ අප හමුවේ තිබෙන්නේ දිනෙන් දින පිරිහෙන සුදුස්සාට නොව එක යහනේ රෑ ගෙවන හාදයන් ට ඇමැතිකම් දෙන අකාර්යක්ශම සහ බැඳුම්කර මහ හොරුන් ගෙන් පිරි දූශිත යහපාලන ආන්ඩුව පලවා හැරීම ය.

එකා වන් ව එක්ව
ඊරිසියාකාරයන් විසින් ඩොලර් වලට සහ පවුම් වලට බොරු වපුරා ( ඒ මදිවාට සම්මානත් ලබා දී ) පත් කොරගත් වැඩ බැරි ටාසන් ලා ගෙදර යවමු!

124 comments:

  1. මහන්දව 2005 දි පත් කලෙත්, 2010 දි පත් කලෙත්, 2015 දී ගෙදර යැව්වෙත් ඇමරිකාවවත්, ඉන්දියාවවත්, ඇන් ජී ඕ කාරයෝ වත් ඩොලර්වත් නෙමෙයි මේ රටේ ජනතාව.

    මහින්දට නෙමෙයි හැම එකාටම තියෙන ලෙඩේ බලේ ලැබුනම මොළේ නැතිවෙන එක. ඒක මහින්ද රනිල් සිරා කියලා වෙනසක් නෑ.

    මහින්ද නම් 2016 දිත් ආන්ඩුව පෙරලුවා නේ.. 2017 ඒ වගේම පෙරලයි.. රනිලුත් අවුරුදු 20ක්ම පෙරලුවේ හිටන්...

    ReplyDelete
    Replies
    1. //මහන්දව 2005 දි පත් කලෙත්, 2010 දි පත් කලෙත්, 2015 දී ගෙදර යැව්වෙත් ඇමරිකාවවත්, ඉන්දියාවවත්, ඇන් ජී ඕ කාරයෝ වත් ඩොලර්වත් නෙමෙයි මේ රටේ ජනතාව.//
      නමුත් ට්‍රම්ප්ව ඇමෙරිකාවේ ජනාදිපති කමට පත් කර ඇත්තේ රුසියාවේ පුටින් ය. මාතලන්ට මොලේ නැද්ද ඔබාමට මොලේ නැද්ද කියල හිතා ගන්ඩ අමාරුයි

      Delete
    2. // මහින්ද නම් 2016 දිත් ආන්ඩුව පෙරලුවා නේ.. 2017 ඒ වගේම පෙරලයි.. රනිලුත් අවුරුදු 20ක්ම පෙරලුවේ හිටන්. //

      අපි බලාගෙන ඉමු කෝ!


      //නමුත් ට්‍රම්ප්ව ඇමෙරිකාවේ ජනාදිපති කමට පත් කර ඇත්තේ රුසියාවේ පුටින් ය //

      ඔන්න නියම තර්කයක්!

      Delete
    3. ට්‍රම්ප්ගේ එකේ සාධාරණත්වයක් තියෙනවා... මොකෝ ගොඩක් ප්‍රාන්තවල බැලට් පේපර්ස් නෑ. කෙලින්ම පරිඝනයක උපාංගයක් මඟින් ඡන්දය ප්‍රකාෂ කරන්නේ. ඉන්දියාවෙදිත් ඔහොම චෝදනාවක් ආවොත් සාධාරනත්වයක් තිබෙනවා. මෙහේ එහෙම නෙමෙයි බැලට් පේපර් වලින් ඔක්කොම කරන්නේ.

      ඒත් ඉතින් මේ සැරෙත් කොම්පියුටර් ජිල්මාට් වගේම කුමන්ත්‍රණ ගේමක් හරි එහෙම නැත්නම් අර ජනේලේ එල්ලුන වෙලාවේ මැදමුලනේ එකා කිව්වා වගේ මරලා හරි ගන්න තමයි බැලුවේ... ඒත් හරි ගියේ නෑ.. මොකෝ ඒ තරම් පීචං වෙලා උන්න නිසා.. දැන් එයත් පිලිගන්නවා නේ ඒක.. ඒත් මළ පෙරේත කමේ නම් කිසිම අඩුවක් නෑ.. මැරෙණකම් ඔච්චර තමයි ඉතින්..

      මහින්දට ආයෙත් බලය දෙන්න මේ රටේ උන්ට පිස්සු නෑ.. ඒත් ඝෝඨා වගේ කෙනෙක් ආවොත් නම් මිනිස්සු පොඩ්ඩක් සලකලා බලයි...

      Delete
    4. මාතලන් තුමාත් හරියට සන්නස්ගල වගේ.හෙන අන්තර්ජාතික පොර වගේ ටෝක්ස් දුන්නට ලිං ගෙම්බා හොඳම එක. ඉන්ග්‍රීසි පොඩ්ඩක් එගෙන ගොන හිටං ඔය Current affairs ගැන පොඩ්ඩක් කියවල බලන්ඩ.
      Voting Machine hack කරල චන්ද ප්‍රතිපල වෙනස් කරන්ඩ හිතන්නෙ සොමෙවංශ හෝ මාතලන්ලා වගෙ ලාමක ට්ං ට්ං ලා. CIA,KGB,RAW වගෙ ඒව Information Technology world එකේ මාතලන්ලා වගෙ චූ කොල්ලන්ට වඩා Light years ahead ඉන්නෙ.

      Delete
    5. කරන්ට් එෆයාර්ස් තියා මොන එෆයාර්ස් බැලුවත් වඩක් නෑ මානසිකත්වය බයි නම්... හැම එකම බයි ක්‍රමයට අදාල කර ගන්න පුළුවන්..

      Delete
    6. ඒ කියන්නේ Voting Machine hack කරල ඇමෙරිකාවේ චන්ද ප්‍රතිපල වෙනස් කරා කියල තවම හිතන මාතලන්ට තියෙන්නේ බයියන්ගේ මානසිකත්වය කියන එකද ? ඕකට කියන්නෙ ළිං ගෙඹි කම කියල

      Delete
    7. මමද එහෙම හිතන්නේ ඔහේද...?

      ඔයත් නිකන් ඔබාමා ගහනවා වගේ බයිලා නේ ගහන්නේ... ඇමරිකාවේ තියෙන කොලේජ් සිස්ටම් එකට වැඩිපුර ඡන්ද ගත්ත හිලරි පැරදිලා ට්‍රම්පට් අයියා ආපු එක සැමරන්නෙත් ඔහේලා.. ඊළඟට රුසියාව ඇමරිකාවට ඇරියා කියලා ආතල් එකක් ගන්නෙත් ඔහේලා. මහින්දට කෙලවිච්ච එකට ස රසා ගේ එකේ කොමෙන්ට් එකක් දාලා ආතල් ගන්නෙත් ඔහේලා.. ඊළඟට මම කියපු නති දේයක් බදාගෙන වලිගෙ පාගගෙන් නටන්නෙත් ඔහේලා.. 2020 වෙනකන් මේ දුක ඉවසාගෙන ඉන්න එපාය මයෙ අම්මේ..

      Delete
    8. මාතලන්ට ඇත්තේ බලය ඉදිරියේ දණ නැමීම හෙවත් Bowing at the altar of power යනුවෙන් හඳින්වෙන මානසික තත්වය යි. මෙය හීනමානයේ අතුරු ප්‍රථිපලයකි.

      Delete
    9. ඔහේට තියෙන ලෙඩේට කියන්නේ Pachydermophobia කියලා. ඒක ඇවිල්ලා වහල් මනසිකත්වයේ අතුරු පෙතිඵලයක් හිටන්

      Delete
    10. මහින්දව ගෙදර යැව්වෙ රටේ මිනිස්සු උනාට මහින්දව එළවන්න මිනිස්සුන්ගේ මොළ හැදුවේ ඔය කියන බලවේග තමයි.

      Delete
    11. අනේ මෙන්න මාතලන්ට රිදිලා. පිස්සු විකාරෙන් වගේ කියෝනවා. ඇත්ත තිත්තයි තමයි මාතලන්..
      ඉහත දක්වා ඇති මාතලන් ගේ මානසික තත්වය (mental condition) ඇත්තටම මාතලන්ට තිබෙන බව පහත අයුරින් සරලව සාධනය කර පෙන්විය හැකියි.

      2015 ජනවාරි දක්වා - මහින්ද රාජපක්ෂ හොඳයි.
      2015 ජනවාරි සිට - රනිල් හොඳයි.

      2015ට පෙර අභිමත (arbitrary) දිනයක් ලෙස 2014.05.06 දින ගනිමු.

      2014.05.06 සිට අද දක්වා මහින්දගේ ප්‍රතිපත්ති වල වෙනස් වීම, ආසන්න වශයෙන් ශූන්‍ය වෙයි. (Some would argue that they have changed for the better.)

      2014.05.06 සිට රනිල් ගේ ප්‍රතිපත්ති වල වෙනස ද ශූන්‍ය ලෙස ගනිමු. (Although most would argue they have changed for the worst)

      එසේ නම් වෙනස් වී ඇති එකම දෙය බල හුවමාරුව පමණකි!

      Delete
    12. මා ගැන මෙතරම් වෙහෙස වන්නවුන් සිටීමම කොතරම් ආඩම්බරයක්ද...?

      තෑන්ක්ස් ඇනෝ...

      Delete
    13. //Shenal MendisJanuary 2, 2017 at 6:27 AM

      මහින්දව ගෙදර යැව්වෙ රටේ මිනිස්සු උනාට මහින්දව එළවන්න මිනිස්සුන්ගේ මොළ හැදුවේ ඔය කියන බලවේග තමයි. //


      අද අප අත තිබෙන ඓතිහාසික කාර්ය භාරය නම් සිරිසේනත් රනිලුත් ගෙදර යවනා තත්වයට මිනිසුන් ගේ මොල සෑදීමයි!

      Delete
    14. පහෙන් පහට මොල හේදීමේ තරඟය. කැට ගැහුවානම් මීට වඩා හොඳයි. තුන් පාරක් හය වැටුනොත් ජනාධිපති.

      Delete
    15. සාරස

      පච ප්‍රචාර සහ බ්‍රේන්වොශ් සෙල්ලම් දැන් හරියන්නේ නැහැ. ඇමරිකන් ජනපතිවරණයෙන් පෙණුනේ මේ සරල සත්‍යයයි. ලන්කාවේත් බොරුවම සිය ජීවය කොටගත් වත්මන් අන්ත දූශිත ජහපාලන රෙජීමයේ අසික්කිත ක්‍රියා නිසා මිනිසුන් තවදුරටත් රැවටීමේ හැකියාව අඩුයි. දැන් අවශ්‍ය වන්නේ කෙළින් වැඩ කරන සෘජු අදහස් ඇති මෙන්ම ශක්තිමත් නායකත්වයක් මිස දැනට සිටින මෙලෝ රහක් නැති අතේ පැලවෙන කෙබර කෙළින බේගල් අප්පුලා වැන්නෙක් නොවේ.

      දේශපාලක (පොලිතීසියන්) බොහෝ දෙනෙක් දැඩි ලෙස සමාජයේ පිරිහී තිබේ. බොහෝ දුරට දැනට සක්‍රීයව සිටින දේශපාලකයෙකු නොවන වෙනත් පුද්ගලයෙක්/ දක්ෂ කාර්‍යශූර රාජ්‍ය නිලධාරියෙක් හෝ මනා පෞරුෂයෙන් හෙබි ව්‍යාපාරිකයෙකුට නායකත්වය හිමිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

      Delete
    16. "Maathalan - Priyantha Hewage January 1, 2017 at 10:26 PM...ට්‍රම්ප්ගේ එකේ සාධාරණත්වයක් තියෙනවා... මොකෝ ගොඩක් ප්‍රාන්තවල බැලට් පේපර්ස් නෑ. කෙලින්ම පරිඝනයක උපාංගයක් මඟින් ඡන්දය ප්‍රකාෂ කරන්නේ. ඉන්දියාවෙදිත් ඔහොම චෝදනාවක් ආවොත් සාධාරනත්වයක් තිබෙනවා. මෙහේ එහෙම නෙමෙයි බැලට් පේපර් වලින් ඔක්කොම කරන්නේ...."

      ඕනේ බුරුවෙක් (සොරි ගයිඩ් කෙනෙක්) කට අරිනකම් පණ්ඩිතයෙක් කියන්නේ ඕකනේ! CIA එක කිව්වේ රුසියාව බොරු ප්‍රවෘති නිර්මාණය කරලා ඒවා ඇමරිකාවේ පිළිගත් විශ්ව ව්ද්‍යාල, මාධ්‍ය ආයතන, පෞද්ගලික සමාගම් වල email, web-site හරහා ඒවා සමාජ ජාලා වෙත විශ්වසනියව යොමු කරමින් ජන මතය වනස් කිරීමටයි. ඔන්න බලාගන්න පින්වතුනි ලංකාවේ හොඳම බ්ලොග් රචකයා ලෙස ආණ්ඩුවට කවදාවත් කඩේ නොයන නෙළුම්විලේ මාතලන්!

      Delete
    17. මේ ගොන් වස්සාට මා කියන දේ තේරෙන්නේ නැත. මා පසු කොමෙන්ටුවකත් කීවේ මේවා ඔබාමාගේ බයිලා කියලාය.

      ට්‍රම්ප් දිනනා බව මම කලින්ම කීවෙමි. ඒ එංගලන්තයේ සිඳුවු වෙනස නිසාය. එහෙත් රුසියාව ඇමරිකාවේ කොම්පියුටර් හැක් කර පිස්සුවක් කෙලියා කියා මා පිලිගන්නේ නැත. මා කීවේ එසේ කීම සාධාරන වන හේතු පමණි. කරුණාකර මා පිලිතුරු සැපයු කොමෙන්ටුව ඊට පෙර කියවන්න.

      ගොබ්බ බයි මාද්දියවේදින් ලෙසම මේ අම්බරුවා එල්ලි ඉන්නේ සම්පූර්ණ සාකඡ්චාව තුල නොව, එක කෑල්ලක් සමඟය.

      මම ආන්ඩුව කඩේ යන්නේ නොකියා නොවේ. ප්‍රසිද්දියේය. මාතලන් යනු ආන්ඩු විරෝධියෙක් නොවේ. මන්ද ආන්ඩු පත් වෙන්න ජනතාවගේ වැඩි කැමත්ත තුලම නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි. එහෙත් එසේ කියා වැරද්ද වැරද්ද දෙස දකීමටත්, නිවැරදි දේ නිවැරදි ලෙස දැකීමටත් මට හික්මීමක් හා හැදියාවක් ඇත.

      Delete
    18. Maathalan - Priyantha HewageJanuary 1, 2017 at 10:26 PM
      //ට්‍රම්ප්ගේ එකේ සාධාරණත්වයක් තියෙනවා... මොකෝ ගොඩක් ප්‍රාන්තවල බැලට් පේපර්ස් නෑ. කෙලින්ම පරිඝනයක උපාංගයක් මඟින් ඡන්දය ප්‍රකාෂ කරන්නේ. ඉන්දියාවෙදිත් ඔහොම චෝදනාවක් ආවොත් සාධාරනත්වයක් තිබෙනවා. මෙහේ එහෙම නෙමෙයි බැලට් පේපර් වලින් ඔක්කොම කරන්නේ.//
      මාතලන් ගොන් රජා මේ කියන්නේ Voting machine එක hack කල හැකි නිසා ඇමෙරිකාවේ චන්ද ප්‍රපතිපලය වෙනස් කිරීමට රුසියාවට හැකියාව ඇතත් බැලට් පේපර් වලින් ඔක්කොම කරන ලංකාවේ ච්න්දයට විදෙශ් මැදිහත් වීමක් සිදු විය නොහැකි බවය.

      නමුත් මාතලන් ලිං ගෙම්බා නොදන්නා දෙය නම් CIA ඇතුළු ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය කියන්නේ මාතලන්ගේ ගොන් කතාව නොව රුසියාව සමාජ ජාලා, ඊමේල් සර්වර් ආදිය හැක් කර බොරු ප්‍රවුර්ති මගින් චන්ද දායකයාගේ මොල සෝදා චන්ද ප්‍රතිපලයට බලපෑම් කල බවයි.
      ඇමෙරිකාවේ IT Infrastructure වලට රුසියාවට රිංගිය හැකි නම් එම Infrastructure හෝ ඔවුන් administrate කරන මෙහෙ ඇති Infrastructure භාවිතා කරන මෙහේ මිනිසුන්ගේ මොල සේදීම ඉතා ලෙහෙසි වැඩකි.
      මේ සරල දෙය මාතලන් ගොං වස්සට තේරුම් කර දීමට මෙතරම් දිග හෑල්ලක් ලිවීමට සිද්වීම කණගාටුවකි. ගසේ බැඳ ඇති ගොනා මෙන් මූ එකම දේ ඔව් කියමින් තවත් වරෙක නෑ කියමින් යලි යලිත් කියමින් සිටී.
      මේ වගේ හරක් මේ ආන්ඩුවට කඩේ යාම පුදුමයක් නෙවේ. මේ හරක් රැලට තමා වගෙ හරක් වත් කඩේ යන්නේ නැත්නම් කඩේ යන්නේ වෙන කවුදැයි මාතලන් සිතනවා ඇත.
      ගහේ බැඳි ගොනාගේ හික්මීම හා හැදියාව ඇත්තේ ලනුවේ දුරට පමනි.
      කෙසේ වෙතත් මාතලන්, ට්‍රම්ප් දිනනවා යැයි කීවේ මාමන්ඩිය ලවා කෙන්දරේ බලා නොවීම ගැන සතුටු වෙමි

      Delete
  2. මහින්ද රාජපක්ෂ මහතා විවස්ථාව වෙනස් කරලා තුන් වෙනි වතාවටත් ඉල්ලන්න ගිය නිසයි පැරදුනේ. ඔහු ඒ වෙනුවට වෙනත් අයෙක් දමන්න තිබුනේ. රාජපක්ෂ කෙනෙක්ම ඕනි නං චමල්ව දාන්න තිබුනා.

    මයිත්‍රී ප්‍රදේශීය දේශපාලකයෙක් කියන එකට එකග නෑ. ශ්‍රීලනිපයේ ජේෂ්ඨත්වය අනුව බලනකල ඔහු සුදුස්සෙක් ජනාධිපතිවරණයකට තරග කරන්න. ෆොන්සේකා වගේ උඩින් පාත් උන කෙනෙක් නෙමෙයි. මම ශ්‍රීලනිපයේ තරුණ සංවිධානයේ හිටියා හැත්තෑ ගනන් වල අග බාගේ ඉදලා. ඒ කාලේ ඉදන්ම මයිත්‍රී පක්ෂය වෙනුවෙන් කරපු කැපකිරීම දැක්කා.

    පාලනය අසාර්ථකද නැද්ද කියලා කියන්න වෙන්නේ ඒක අවසන් උනාම.

    ඊයේ පෙරේදා ඉදලා දේශපාලනය කරන්න පටන් අරං අනික් අයට අමු තිත්ත කුණුහරුප වලින් බනින්නේ නැතුව යථාර්තය තේරුම් ගන්න. මහින්දත් කියනවා මයිත්‍රී යටතේ අගමැති වෙන්න කැමතිත් කියලා. මොනවා උනත් දශක හතරක් විතර ඉදලා මේ දෙන්නම සමීපව දන්නා මට කියන්න තියෙන්නේ මේ යන විදියට යූඇන්පිය උඩින්ම දිනයි කියලා තමයි. මං එක මේ හැමෝටම කියලත් තියෙනවා. මයිත්‍රීගේ මුනත් පුංචි උනා ඒක කිව්වම. එක්කහු වෙලා යන්න බැරිනං ඒක තමයි වෙන්නේ. එකට ඉතිං මහින්දගේ කැප කිරීමත් පෙන්නන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. // ඒ කාලේ ඉදන්ම මයිත්‍රී පක්ෂය වෙනුවෙන් කරපු කැපකිරීම දැක්කා. //

      වොවු වොවු... දැක්කා දැක්කා....

      සෑහෙන්න කැප කොරලා තියෙන්නේ....
      අරලිය සහල්, අරලිය හෝටල්, අරලිය දේපල....

      ගොඩාක් කැප කොරලා....


      // ඊයේ පෙරේදා ඉදලා දේශපාලනය කරන්න පටන් අරං අනික් අයට අමු තිත්ත කුණුහරුප වලින් බනින්නේ නැතුව යථාර්තය තේරුම් ගන්න. //

      ඊට කලින් සරස තුමා කාටවත් අමු තිත්ත කුණුහරුපෙන් බැන්න තනක් පෙන්වනවද?

      ඔහේ බොරු කියන්නෙ ආසාවටද නැත්නම් තමන් ගොතන බොරු තමන් ම විස්වාස කොරන හින්දද?

      //මං එක මේ හැමෝටම කියලත් තියෙනවා. මයිත්‍රීගේ මුනත් පුංචි උනා ඒක කිව්වම. //

      ටී වී එකේ ස්ක්‍රීන් එකට කිවුවාම ම‍යිත්‍රී ගේ මූන පුන්චි වෙන්නේ ටී වී එකේ වැරැද්දක් හිටන්... වහාම මේසන් බාස් කෙනෙකුට පෙන්නලා ටී වී එක හදා ගත්තොත් නරකද?


      PS: සරස තුමා ගේ මෝඩ කොමෙන්ට් වලට ඔහේ තරහ වෙනව එහෙම නෙවෙයි හිටන්!!

      ඔහේට සුබ නව වසරක් ම වේවා!

      Delete
    2. ///ඊයේ පෙරේදා ඉදලා දේශපාලනය කරන්න පටන් අරං අනික් අයට අමු තිත්ත කුණුහරුප වලින් බනින්නේ නැතුව යථාර්තය තේරුම් ගන්න.///

      ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න පුළුවන් කොහේ හරි පක්ෂෙකට බැඳිලා තරුණ කාලේ ඉඳල දේශපාලකයෝ පස්සෙන් ගිය සුදුසුකම තියෙන අයට විතරද ඇනෝ...

      Delete
    3. //ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න පුළුවන් කොහේ හරි පක්ෂෙකට බැඳිලා තරුණ කාලේ ඉඳල දේශපාලකයෝ පස්සෙන් ගිය සුදුසුකම තියෙන අයට විතරද ඇනෝ... //

      ඇයි ලොකු පුතා තුමෝ.... එලියකන්ද, බටලන්ද වැනි නිවාඩු නිකේතනවල කාලය ගත කොරලා තියෙන්නෙත් එපැයි හිටන්!

      Delete
    4. //ඔහේ බොරු කියන්නෙ ආසාවටද නැත්නම් තමන් ගොතන බොරු තමන් ම විස්වාස කොරන හින්දද?


      ටී වී එකේ ස්ක්‍රීන් එකට කිවුවාම ම‍යිත්‍රී ගේ මූන පුන්චි වෙන්නේ ටී වී එකේ වැරැද්දක් හිටන්... වහාම මේසන් බාස් කෙනෙකුට පෙන්නලා ටී වී එක හදා ගත්තොත් නරකද?//

      මට අසත්‍ය ප්‍රකාශ කිරීමට හේතුවක් නැත. මගේ වයස අවුරුදු 66 කි. මා සිරිමාවෝ මැතිනියගේ අතින් ශ්‍රීලනිප තරුණ සංවිධානයට බැදී අපගේ ප්‍රදේශයේ ශ්‍රීලනිප තරුණ සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරනා අවදියේ මයිත්‍රී පොළොන්නරුව තරුණ සංවිධානයේ සභාපතිය. මහින්ද හම්බන්තොට ප්‍රදේශයේ සංවිධාන කටයුතු කෙරු අතර මේ දෙදෙනා සමග එකම වාහනයේ දිවයින පුරා සංවිධාන කටයුතු සදහා සහභාගිව ඇත.

      පක්ෂය ඉතා අසීරු අවස්ථවන්ට ලක්ව තිබු අවස්ථාවන්හිදී මා පක්ෂය වෙනුවෙන් දේශපාලනය කොට/ පක්ෂ සංවිධානය සිදු කොට විරුද්ධවාදීන්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්ව ජීවිතය බේරාගෙන ඇත.

      මහින්දත් පසුගියදා ප්‍රකාශ කලේ ඔහු මයිත්‍රීව දන්නේ හැත්තෑ ගණන් වල සිටම නිසා ඔහුගේ යටතේ අගමැති වීමට තමාගේ කිසිදු අකමැත්තක් නොමැති බවයි. මට මෙම දෙදෙනාටම වන්දනා කිරීමට හේතුවක් නැත. ශ්‍රීලනිප පක්ෂ සභාපති යටතේ ශ්‍රීලනිප අගමැතිවරයෙක් බිහි කිරීම අපගේ කැමැත්තයි. මහින්ද සහ මයිත්‍රී එක්කාසු වීම වළක්වන්නේ සුළු පක්ෂ කිහිපයක් විසිනි. ඒ ඔවුන්ට ඉන් පසු පැවැත්මක් නැති බැවිනි. මේ ගැන පෙන්වා දීමට පක්ෂය වෙනුවෙන් දශක ගණනාවක් කැපවූ අපට අයිතියක් නැත. එම දශක ගණනක දේශපාලන අත්දැකීම් සහිත අප ප්‍රකාශ කරනා යථාර්තය තේරුම් ගන්නේ නැත්තං ඉදිරියේදී එජාපය උඩින්ම ජයග්‍රහණය කිරීම වැළැක්විය නොහැක.

      Delete
    5. //මා සිරිමාවෝ මැතිනියගේ අතින් ශ්‍රීලනිප තරුණ සංවිධානයට බැදී අපගේ ප්‍රදේශයේ ශ්‍රීලනිප තරුණ සංවිධානයේ නායකයා ලෙස// ඔබ පමනක් නොව බන්ඩාරනායක පවුල ලඟින්ම සිට ශ්‍රීලනිප යේ වැඩ කල බොහෝ දෙනා මයිත්‍රී මෙන්ම මර්වින් සිල්වාද හොඳින් දනී. ඒ මයිත්‍රී අනුරගේ පියන් ලෙස වැඩ කල නිසාය. මර්වින් ගැන දන්නේ කුමක් නිසා දැයි කීම මලගිය අයට හොඳ නැත. මේ නිසාම 1989 දී ඔවුන් දෙදෙනාටම ටිකට් එක ලැබී පාර්ලිමෙන්තු යාමට හැකි විය.
      නමුත් මයිත්‍රී අවුරුදු 6ක් පාර්ලිමේන්තුවේ සිටීමෙන් අනතුරුව එලඹී ශ්‍රීලනිප ය ජය ගත් 1994 මැතිවරන කාලයේ මහින්ද, චන්ද්‍රිකා, අනුර, රිච්ඩ් පතිරන, අමරසිරි දොන්ඩන්ගොඩ, දිමූ, අනුරුද්ද රත්වතේ, කේ බී රත්නායක, සී.වී, රතන්සිරි, එස් බී, මංගල ආදීන් ගැන රට පුරා පාක්ශිකයින් අසා තිබුනද මයිත්‍රී කෙනෙක් ගැන අසා තිබුනේ නැත. කොටින්ම ඔහුත් සමගම මුල් වරට පාර්ලිමෙන්තු පැමිනි මංගල, එස්.බී ආදීන්ට 1994 කැබිනට් ඇමති කම් දෙද්දී ඔහුට නියොජ්‍ය ඇමති කමක් ලැබුනේද ඊටත් තව අවුරුදු 2 ක් විතර ගිය පසුය. කොටින්ම ඔහු ප්‍රාදේශීය නායකයෙක් වශයෙන් වත් එකල සැලකුවේ නැත.

      //මහින්ද සහ මයිත්‍රී එක්කාසු වීම වළක්වන්නේ සුළු පක්ෂ කිහිපයක් විසිනි// 1977 සිට 1994 දක්වා වූ සෑම චන්දයකට පසුවම අපගේ නිවසේ කොටසක් ගිනි බත් වීම අනිවාර්ය දෙයක් විය. 2001 ද ජනල් කීපයක් කඩා දමිනි. අපගේ පරපුරේ දෙදෙනෙක්ගේම ජීවිත විනාස උනි. එහෙත් අප කිසි දින්ක ශ්‍රීලනිප ය අත හර පැන්නේවත් , අපෙක්ශකයා පරජය කිරීමට අන්ත් පැත්තට සහය දුන්නේ වත් නැත. මහින්ද, මයිත්‍රී සමග එකතු වුව හොත් අපේ පරපුරේ කවුරුවත් මහින්දට චන්දය දෙන්නේත් නැත.
      මිනිහෙක් දුන් කෑම ටිකක් කෑ බල්ලෙක් වත් නොකරන දෙයකි මේ සතා ආප්ප කා පසුදා කලේ. බල්ලෙකුගෙ ගතිය වත් නැති එකෙකු පක්ශෙ සභාපති කමේ සිටිනා තාක් නියම ශ්‍රීලනිප කාරයින් පක්ශයට චන්දය දේ යැයි සිතීම මෝඩ කමකි.

      Delete
    6. //මිනිහෙක් දුන් කෑම ටිකක් කෑ බල්ලෙක් වත් නොකරන දෙයකි මේ සතා ආප්ප කා පසුදා කලේ. බල්ලෙකුගෙ ගතිය වත් නැති එකෙකු පක්ශෙ සභාපති කමේ සිටිනා තාක් නියම ශ්‍රීලනිප කාරයින් පක්ශයට චන්දය දේ යැයි සිතීම මෝඩ කමකි.//

      දේශපාලනයේ සදා කල් සතුරෝ නැත. මිතුරෝද එසේමය. බලය ලබාගැනීමට කරන කැපකිරීම, පවත්වාගෙන යාම අනුව එය සාපේක්ෂ වේ. මහින්දත් එම යථාර්තය තේරුම් ගෙන ඇති නිසා මයිත්‍රී යටතේ අගමැති වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත. අවුරුදු තිස් ගණනක් තිස්සේ මේ මාද දෙදෙනාම දන්නා නිසා මෙම කාර්යයය කලහැකි බව අපගේ අදහසයි. එසේ නොමැතිව එජාපයට ජයග්‍රහණය බන්දේසියේ තබා දීමට කැමති නම් මේ දෙදෙනා තවත් බේද බින්න කල හැක.

      Delete
    7. // මිනිහෙක් දුන් කෑම ටිකක් කෑ බල්ලෙක් වත් නොකරන දෙයකි මේ සතා ආප්ප කා පසුදා කලේ. බල්ලෙකුගෙ ගතිය වත් නැති එකෙකු පක්ශෙ සභාපති කමේ සිටිනා තාක් නියම ශ්‍රීලනිප කාරයින් පක්ශයට චන්දය දේ යැයි සිතීම මෝඩ කමකි. //


      // එසේ නොමැතිව එජාපයට ජයග්‍රහණය බන්දේසියේ තබා දීමට කැමති නම් මේ දෙදෙනා තවත් බේද බින්න කල හැක. //

      බේද බින්න කිරීමට දෙයක් ඉතිරිව නැත...

      ආයේ සද් ගුනවත් මයිත්‍රී සමග චන්දෙට අවොතින් මහින්දට පවා අප චන්දේ දෙන්නේ නැත! ඒක මතක තියාගන්න හිටන්!

      Delete
    8. AnonymousJanuary 3, 2017 at 5:48 PM
      //දේශපාලනයේ සදා කල් සතුරෝ නැත// නමුත් බල්ලන් ඇත උන්ව බළු කූඩු වලටම යැවිය යුතුය

      //එසේ නොමැතිව එජාපයට ජයග්‍රහණය බන්දේසියේ තබා දීමට කැමති නම් මේ දෙදෙනා තවත් බේද බින්න කල හැක. //
      එජාපයට ජයග්‍රහණය බන්දේසියේ තබා ලබා දුන්නේ වෙන කවුරුවත් නොව ම‍යිත්‍රීමය. ඒ මුලින්ම එජාපය සමග එකතු වී ශ්‍රීලනිප අපෙක්ශකය පරාද කිරීමෙනි. දෙවනුව මත්‍රීවරු 160ක් සිටි ශ්‍රීලනිප අගමැති පන්නා දමා මත්‍රීවරුන් 45 කගෙ සහය ඇති එජාපයේ රනිල් අගමැති කිරීමෙනි. තෙවනුව භාන්ඩාගාර හොරකමට අසුවී පාර්ලිමෙන්තු බහුතරය නැති නිසා පරාද වීමට යද්දී යද්දී පාර්ලිමෙන්තුව විසුරුවා හැර රනිල්ව බේර ගැනීමෙනි. සිව්වනුව 2015 අගෝස්තුවේ, තම පක්ශයෙ අගමැති අපේක්ශකයාට විරුද්ද්ව කතා කරමින්, පක්ශයේ නිලදාරී මන්ඩලය නීති විරෝදී ලෙස මාරු කරමින් එජාප රනිල්ට සහය දීමෙනි. මයිත්‍රීම පසුව කීවේ බුද්දි වාර්තා අනුව ශ්‍රීලනිප ය දිනන බව දැන ගත් නිසා ඔහු මෙය කල බවයි.
      ඉතින් තව දුරත් "එජාපයට ජයග්‍රහණය බන්දේසියේ තබා දීම" ගැන කතා කිරීම විහිළුවකි. මයිත්‍රී දැනටමත් සිව් වරක්ම එජාපය ජයග්‍රහනය කරවා ඇත. දැන් ඉතුරුව ඇත්තේ මයිත්‍රී-රනිල් ඇතුලු එජාපය පරදවා සැබෑ ශ්‍රීලනිප ය බලයට ගෙන ඒමට වැඩ කිරීමය.

      Delete
    9. //දැන් ඉතුරුව ඇත්තේ මයිත්‍රී-රනිල් ඇතුලු එජාපය පරදවා සැබෑ ශ්‍රීලනිප ය බලයට ගෙන ඒමට වැඩ කිරීමය.//

      මහින්දට දැන් ඇති ජන්ද පදනම අනුව ශ්‍රීලනිපයේ මයිත්‍රී සමග සිටින කොටස සහ එජාපය අභිබවා එම ඉලක්කයට යා හැකිද යන්න ගැටලුවකි. අවශ්‍ය නම් බලය උරගා බැලිය හැක. ප්‍රතිපලය නම් එජාපය උඩින්ම ජයග්‍රහණය කිරීම බව මේ සියලු දෙනාටම පසුව වැටහෙනු ඇත.

      Delete
    10. AnonymousJanuary 3, 2017 at 10:35 PM
      //ශ්‍රීලනිපයේ මයිත්‍රී සමග සිටින කොටස // ශ්‍රීලනිපයේ මෙහෙම කොටසක් නැත. මයිත්‍රී යනු එජාපයෙම කොටසකි. මයිත්‍රී සමග ශ්‍රීලනිපයේ පිරිසක් එජාපය සමග එකතු වී ඇත. එය කරූ සමග එජාප පිරිසක් ශ්‍රීලනිප හා එක් වූවා වැනිය.
      //ප්‍රතිපලය නම් එජාපය උඩින්ම ජයග්‍රහණය කිරීම// මයිත්‍රී විසින් එජාපය ජයග්‍රහනය කර වූයෙ 2015 ය.එජාපය අදටත් ජයග්‍රහනය බුක්ති විඳිමින් සිටී.

      Delete
    11. //ශ්‍රීලනිපයේ මෙහෙම කොටසක් නැත. මයිත්‍රී යනු එජාපයෙම කොටසකි. මයිත්‍රී සමග ශ්‍රීලනිපයේ පිරිසක් එජාපය සමග එකතු වී ඇත. එය කරූ සමග එජාප පිරිසක් ශ්‍රීලනිප හා එක් වූවා වැනිය.//

      ලංකාවේදී බලය සමග බොහෝ දේ වෙනස් වේ. ශ්‍රීලනිපයේ යම්කිසි කොටසක් බලය නිසා හෝ ලැබෙන වාසි නිසා හෝ මයිත්‍රී සමග සිටි. එම නිසා ජන්ද පදනම බෙදෙන බව ඕනෑම කෙනෙකුට වැටහේ.පළාත් පාලන ආයතන වල බලය උරගා බැලීමේදී මේ ගැන ලිට්මස් පරීක්ෂාවක් සිදුකර ගත හැක. එයින් පසුව හෝ මේ දෙදෙනා එක්කාසු වෙන්නේ නම් හොදය.

      මහින්දත් පැවසුවේ මයිත්‍රී යටතේ අගමැති වීමට අකමැත්තක් නැති බවයි. මේ මොහොතේ කල හැකි දෙය නම් පාර්ලි‌‌මේන්තුව තුල බලය ඇල්ලීමයි. මහින්ද එය කරන්නේ නම් මයිත්‍රී සමග එක්කසුව සිටිය යුතුය. එසේ නොමැතිව මයිත්‍රී සහ රනිල් යන දෙදෙනාම සමග මහින්ද සටනට යෑම ඉතා අනුවන ක්‍රියාවකි. මා කතා කරන්නේ දශක තුනකට වඩා කාලයක සිට ශ්‍රීලනිපය වෙනුවෙන් සංවිධාන කටයුතු සිදුකර සහ එපමණ කාලයක සිටීම මේ දෙදෙනාම ආශ්‍රය කොට ඒ දෙදෙනා සමග දේශපාලය සිදුකොට ලබා ගත් අත්දැකීම් වලිනි. මේ ගැන මගේ අදහස එපමණය.ස්තුතියි.

      Delete
    12. AnonymousJanuary 4, 2017 at 2:58 AM
      //ශ්‍රීලනිපයේ යම්කිසි කොටසක් බලය නිසා හෝ ලැබෙන වාසි නිසා හෝ මයිත්‍රී සමග සිටි// මෙය "ශ්‍රීලනිපයේ යම්කිසි කොටසක් බලය නිසා හෝ ලැබෙන වාසි නිසා හෝ මයිත්‍රී සමග යූඇන්පියට එකතු වී සිටි" ලෙස නිවැරදි විය යුතුය. ශ්‍රීලනිප පාක්ශිකයා ඔවුන් සමග නැති බව මයිත්‍රී ට කඩේ ගිය සියළු දෙනා 2015 දෙ ගෙදර යැවීමෙන් ඔප්පු කර ඇත.එතැන් සිට තවත් අවුරුදු 2ක් ගත වූ අද වන විට මයිත්‍රී වඩාත් හොඳ යූඇන්පී කාරයෙක් බව පාක්ශිකයා තහවුරු කර ගෙන ඇත. ඒ නිසා ඔබේ කොමෙන්ටුවේ අනෙක් කොටස තේරුමක් නැත

      //මහින්දත් පැවසුවේ මයිත්‍රී යටතේ අගමැති වීමට අකමැත්තක් නැති බවයි// ව්‍යවස්තාව අනුව මයිත්‍රී 2020 තෙක් ජනාධිපතිය. ඉතිං ඊට කලින් මයිත්‍රී-රනිල් කන්ඩායමේ බලය පාර්ලිමෙන්තුව තුල පෙරලන්නේ නම් මහින්දට කොහොමත් මයිත්‍රී යටතේ අගමැති වීමට සිදුවේ. එය 2001-2004 මෙන් ජනාදිපති එක පක්ශයකිනුත් අගමැති එක පක්ශයකිනුත් වශයෙනි.
      සිංහයන් බල්ලන්ව ලඟින් ගියත් මරා ගෙන කන්නේ නැත

      Delete
  3. මූ හරියට බිම වැටී තිබී කෝටි ගනනක දිනුමක් සහිත ලොතරැය්යක් අහුලාගත් හිඟන්නෙක් වගේය. අද වන විට, ලැබුනු දෙයින් කරන්නේ මොනවාද, යන්නේ කොහේද නොදැන ඉබාගාතේ යන පිස්සෙක් වගේය.මෝඩයා රවටා ගෙන වටේ සිටියවුන් සියල්ල ගෙන මාරු වී ඇත. ඉතුරුව ඇති දෙයත් ජනවාරි අග වන විට ....

    ReplyDelete
    Replies
    1. // මූ හරියට බිම වැටී තිබී කෝටි ගනනක දිනුමක් සහිත ලොතරැය්යක් අහුලාගත් හිඟන්නෙක් වගේය. //

      හරියට ම හරි හිටන්!!!

      Delete
  4. සා රස තුමෝ. මම දේශපාලන රැලි වලට අසු නොවුනත්, චන්දය පාවිච්චි නොකලත් මට උවමනා උනේ පවුල් පාලනයකින් තොර, හොර නඩයකින් රටක් පාලනය නොකරන (මම හිතුවේ මහින්ද හොරා කන්ට ඇති කියල. ඒත් හොරා කෑවත් සාක්කි නැතිනම් හොරා හොරා කියන්ට හේතුවක් නැත. ඔහුගේ නඩයටත් මෙය අදාළ වේ) ආණ්ඩුවක් දකින්නයි.

    එය සිදු නොවීම ගැන දැන් පොඩි අප්සට් එකක් ඇත.

    රජෙකුට එක වර හිඟන්නෙක් විය හැක. ඒත් හිඟන්නෙකුට එක වර රජෙක් විය නොහැක.

    දැන් සිදුව ඇත්තේ හිඟන්නෙක් එකවර රජවූ මොහොතයි.

    මෙය මෙසේ සිදුවන්නට නොතිබූ දෙයකි.

    මුං ගලේ පහරා හත් පොලේ නාගෙන නන්න පෝල් කුජීත වී ඇත.

    මුං ගෙවන හැම මොහොතක්ම රට වගේම ජනතාවත් නන්නත්තාර කොරනවාය.

    හර්න්..!! ප්‍රොටෙක්ට් අස් 😂😂😂😂

    ReplyDelete
    Replies
    1. අම්බටසිරි... ඔහෙත් ගෝනෙක් ගේ ඔලුවක් ඇති හර්න් දෙයියගේ අනුගාමිකයෙක් ද හිටන්???

      PS: මේ කාලකන්නි විසින් අපේ රට තව තවත් පස්සට රැගෙන යමින් පවතී!!! මේ එය වෙනස් කිරීමට කාලයයි!

      Delete
  5. සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවටත් පොර ටෝක් දෙන බවටත් නොදියුණු පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ලංකාවේදී සැලකේ. මේ නිසා තමාගේ හැකියාවන් දක්‍ෂතා ගැන කතා කිරීමේදී මිනිසුන් බොහෝ සෙයින් නිහඬ වීමට උත්සහ දරති. එහෙත් ඔස්ට්‍රේලියාවේ මා දකින ලද ලෙසට මිනිසුන් තම හැකියාවන්, දක්‍ෂතාවන්, මස්තකප්‍රාප්තින් ගැන අභිමානයෙන් යුතුව කතා කරති. පාසල් වලදී ළමුන්ට ආත්ම ශක්තියකින් යුතුව තම ශක්‍යතාවන් ගැන කතා කිරීමට උගන්වති. එහෙත් නොදියුණු පසුගාමී ගෝත්‍රික රටක් වන ලංකාවේ අධ්‍යාපනය මෙන්ම සමාජ ආකල්පද බොහෝ සෙයින් වෙනස් ය​. එයට හේතුව කුමක් ද​?

    තුන්වන ලෝකයේ ඉතා අප්‍රකට මෙන්ම අතිශය දිළිඳු කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය, සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව, කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම සුළුතර හැකියාවන් හා දක්‍ෂතා පවා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට ලාංකිකයන්ගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන, ආත්ම ශක්තිය අඩු අසමත් වෘත්තිකයෙකි.

    ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය. තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන් ඔහුව හෝ ඇයව කපා දමයි. මෙම තත්වය දන්ත වෛද්‍ය ජඩයන් තුළ විශේශයෙන් දැකිය හැකිය.

    වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​.

    එහෙත් සිඩ්නි විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය ජෝන් පැටර්සන්ගෙන් ඔහුගේ සමකාලිනයෙකුගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය පැටර්සන් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​. මේ ලෝකයේ දියුණු සහ නොදියුණු ගෝත්‍රික යායන් දෙකක වෙසෙන උගතුන් වර්ග දෙකක ස්වභාවයන් ය​.

    පෙනී යන පරිදි නොදියුණු ලංකාව වැනි රටවල් දිළිඳු භෞතික වශයෙන් පමණක් නොව ආකල්ප අතින් ද ලාංකිකයන්ගේ සමාජය ඔස්ට්‍රේලියාව වැනි දියුණු උසස් රටවලට වඩා අතිශයින් දිළිඳුය​.

    ReplyDelete
    Replies
    1. // වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන් ඔහුව හෝ ඇයව කපා දමයි. මෙම තත්වය දන්ත වෛද්‍ය ජඩයන් තුළ විශේශයෙන් දැකිය හැකිය.
      //

      සරස තුමා ට තියෙන ලෙඩේ ඔහේ එකපාරින් ම සොයා ගත්තා නේ!

      Delete
    2. //සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවටත් පොර ටෝක් දෙන බවටත් නොදියුණු පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ලංකාවේදී සැලකේ//
      සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් හෝ දක්‍ෂතාවන් හෝ මස්තකප්‍රාප්තින් කිසිත් නැතිව ටෝක්ස් වලින් පමනක් ජීවත් වන අය නම් පොර ටෝක් දෙන අය බවට සැලකේ. ඔබට කවුරුන් හෝ "පොර ටෝක්" කීවා නම් ඔහු 100% නිවැරදිය

      Delete
    3. සන්මිතු සාරසයෙනි,

      පළමුව ඔබතුමන්, කුදලාගමයන්, කීරාලයන් ඈ සජ්ජන රැස වෙත සුබ පතමි. පමාවට කමාවුව මැන.

      ඉහත "Anonymous January 2, 2017 at 12:12 AM" තෙම බොහෝ ඇසූ පිරු තැන් ඇති සේම සේම බොහෝ වියතුන්ද ඇසුරුකර ඇති බව " දන්ත වෛද්‍ය ජඩයන්" වැනි වියත් යෙදුමින් පකට කරයි.

      උන් කමෙන්ටුවෙහි පහත සටහන මනහරය,

      "එහෙත් සිඩ්නි විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය ජෝන් පැටර්සන්ගෙන් ඔහුගේ සමකාලිනයෙකුගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය පැටර්සන් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​."

      නමුදු සාරසයෙනි මේ වියතාට ඊළඟ වැකි ලියුම අතපසුව ඇත. ඒ මෙසේය.

      "ඉන් මහත් අමන්දානන්දයට පත් මා මහාචාර්‍ය පැටර්සන්ට අතට අත දී සතුට ප්‍රකාශ කිරීමට ඇත දිගුකළා පමණි, යමක් පෙරලෙන හඬත් ඉන්පසු වීදුරුවක් බිඳෙන හඬත් මට ඇසිනි. තිගැස්සී වටපිට බැලූ මට මා සිටි ඇඳ ඉදිරිපස බිත්තියේ ඔරලෝසුවේ වෙලාව දහවල් එක බවත් ඇඳ ළඟ තිබූ ටීපෝව පෙරලී එහි තබා තිබූ වතුර වීදුරුව කැබලි වී ඇති බවත් වැටහිනි."

      මේ ලෝකයේ දියුණු සහ නොදියුණු ගෝත්‍රික යායන් දෙකක වෙසෙන මේ වර්ගයේ පුඟුලන් දකින දවල් සිහිනයන්ගේ ස්වභාවයය​.

      - මයුරවිල මි.

      Delete
    4. සෝදුපත -

      "...අතට අත දී සතුට ප්‍රකාශ කිරීමට අත දිගුකළා පමණි"

      - මයුරවිල මි.

      Delete
    5. හෙල වියුනුවේ උන්නතියට මහත් බැතින්

      වෙහෙසෙන වියත් පඬියන් මැද දිලෙන ගතින්

      දෙදහස් දහහතේ මදිරා පිරූ විතින්

      පිලිගමු මයුරවිල මැතිදුන් සෙනේ සිතින්

      Delete
    6. මයුරවිල,

      //තුන්වන ලෝකයේ දිළිඳු කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන්//

      මෙය යල්පැනගිය විකාර යෙදුමකි. ලංකාව තුන්වන ලෝකයේ රටක් යැයි කියන්නේ ලෝක සම්මතයන් ගැන මෙලොවින් මෙලොව දෙයක් නොදන්න මුග්ධයින්ය. විසිවන සියවසේ අග භාගයේදී ලෝකයම ශීත යුද්ධයට මැදි වී සිටි නිසා දේශපාලනික වශයෙන් කොටස් තුනකට බෙදුණා. එක කොටසක් කොමියුනිස්ට් රටවල්. ඉන් වැඩි හරියක්ම සෝවියට් සමාජවාදී ජනරජ සංගමයට අයත් ඒවායි. අනෙක් කොටස කොමියුනිස්ට්වාදය අනුගමනය නොකළ රටවල්. මින් පෙරමුණ ගත්තේ එක්සත් ජනපදයයි. මෙම කොටස් දෙකටම අයත් නොවූ රටවල් තුන්වන ලෝකයේ රටවල් ලෙස හඳුන්වනු ලැබුවා. නොබැඳි ජාතීන් යනුවෙන් එක්වුණේත් මෙම රටවල් රැසයි.

      The term Third World arose during the Cold War to define countries that remained non-aligned with either NATO, or the Communist Bloc. The United States, Western European nations and their allies represented the First World, while the Soviet Union, China, Cuba, and their allies represented the Second World.

      මෙම විසි එක්වන සියවසේදී ඉහත සඳහන් කළ දේශපාලනික වශයෙන් බෙදුණු කොටස් තුන දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ආර්ථික හා කාර්මික දියුණුව අනුව ලෝකයේ රටවල් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස බෙදා තිබෙනවා. ධනවත් රටවල සංචාරකයන් දිලිඳු රටක සංචාරයේ යෙදෙන විට මෙම බෙදීම් දෙක අතර තිබෙන පරතරය මනාව දැකගත හැකියි. නමුත් ඉන් කිසිසේත් රටක් උස් හෝ පහත් යැයි කිව නොහැකියි. උදාහරණ ලෙස ඇතැම් අරාබි රටවල ගුවන් තොටුපොළවල්, මාර්ග ආදිය බොහෝ බටහිර දියුණු යැයි කියාගන්නා රටවලට වඩා භෞතිකව ඉතා උසස් තත්වයේ තිබෙනු දැකිය හැක. (උදා: එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඔස්ට්‍රෙලියා/ කැනඩා වැනි රටවල් ගුවන්තොටුපොළ සසඳා බලන්න. ඩුබායි ගුවන්තොට අතිවිශිෂ්ටය.)

      //ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය , සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම හැකියාවන් දක්‍ෂතා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට අපගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන , ආත්ම ශක්තිය අඩු වෘත්තිකයෙකි.

      ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය. තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන් ඔහුව හෝ ඇයව කපා දමයි.

      වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​. //

      මේවා කිසිදු තාර්කික පදනමක් නොමැති නිකම්ම නිකම් මනස්ගාතය. බටහිර එක "හොඳ" පුද්ගලයෙකුත් ලංකාවේ එක් "නරක" පුද්ගලයෙකුත් ගැන ලියා ඇති හෑල්ලක් මිස ගතයුත්තක් නැත.

      ඔය කියන මහා උසස් බටහිර "හොඳ" යැයි සම්මත රටවලට වඩා ඉතා උසස් මිනිස්කම් සහිත පුද්ගලයෝ ලංකාව ඇතුළු බොහෝ "නොදියුණු තුන්වෙනි ලෝකයේ" රටවල ඕනෑ පදම් සිටිති. 2016 මැයි මසදී ලංකාවේ ගංවතුර අර්බුදයේදී ලංකාවේ මිනිසුන් අවතැන්වූ සිය සහෝදර ජනයාට කල හදිසි උපකාර දැක පුදුම වූ යුරෝපීයයෝ එය බෙහෙවින් අගය කලත් ලංකාවෙන් බටහිරට හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වඳුරු කුණුහබ්බ කෙළින හීනමානකාරී කුහකයින්ට ඒ නොපෙනීම අරුමයක් නොවේ.

      -සසිත අනුශ්ක

      Delete
    7. // -සසිත අනුශ්ක //

      ++++++++++++++++

      Delete
    8. @මයුරවිල.......ලෝංග් ටයිම් නෝ සී. වයි අවුට් ස්ටෑන්ඩ්න්ග්. කම් ඇන්ඩ් අන්ඩර්ස්ටෑන්ඩින්ග්. තාම බිසිද?

      Delete
    9. "...වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​. ..."

      මේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. දැනට බ්ලොග් අවකාශයේ සිටින එක්තරා මනෝ වෛද්‍යවරයෙකු නොයෙක් වර ප්‍රකාශ කර ඇත්තේ තම සගයන්ට මනෝ වෛද්‍යවිද්‍යාව පිළිබඳව නිසි දැනුමක් නොමැති බවයි. එහත් තමා එම නිගමනයට යොමු වුයේ කිනම් කරුණු අනුවද වග දැක්වීමට එම වෛද්‍යවරයා අපොහොසත් වනවා.

      එසේම එළිපිට තමන් ම්ලේච්ච කොටින්ට පවා කරුණාව දක්වන 'මන-උස්සන්' ලෙස පෙනී සිටින්නෝ තම විරුද්ද මතධාරීන්ට "මන-පාථයන්" ලෙස අවමන් කරති. එයින් නොනැවතී "අනොනිමසා" වැනි නිර්නාමික බ්ලොග් අඩවි යොදාගනිමින් වෙන්ත ජනප්‍රිය බ්ලොග් වලට මඩ ප්‍රහාර එල්ල කරයි. තම මනෝව්‍යදිය කොපමාන දරුණුයි ප්‍රත්ක්ෂ කරමින් තම ගුණකතනයක් එහිම පළකරනවා!

      Delete
    10. මා සන්මිතු මයුරවිලයෙනි,

      ඔබතුමන්ගේ වදන් කියවන්නට ලැබීම සතුටකි. මම නව වර්ෂෝදාවේ දී මැ ඔබතුමනට සුභාශිංසන කළෙමි. ඔබතුමන් එය නො දකින්නට ඇත. මගේ සන්මිතු වියුණු ලොව හෙළ හවුලේ සමාරම්භක නයු මයුරවිලයනට සුබ නව වසරක් වේවා!

      මතු පළ වන්නේ මගේ පෙර සුබ පැතුම ය:

      //වියුණුලොව හෙළ හවුලේ සමාරම්භක නයු මයුරවිලයෙනි, ඔබතුමනට සුබ නව වසරක් වේවා. ඔබතුමන්ගේ නිහැඬියාව බිඳින්නට කාලය එළඹ තිබේ. දීර්ඝ ශිශිරයකට පසු එළැඹෙන වසන්තය නිසැක වැ මැ සුවර්ණ, සුගන්‍ධිත, සුඵලධර වසන්තයකි. වසන්තයේ කුසුම් ගීතය ගයන්නට මයුරවිලයෝ යළි පැමිණෙත්වා! එසඳහා නිසි දෙස වැ සරස දෙස නුඹ පිළිගන්නට සුසැදි යැ. වසන්තය පැමිණෙනු නියත යැ. කුසුම් සමය යළි ඇරඹේවා! //

      ප්‍රිය මයුරවිලයෙනි, දෙස-බස-රැස නැසුමට දිවා රෑ නිති වෙහෙසෙන තැනැත්තකුට මම ශිෂ්ටත්වය සලකා නව වසරට සුබ පැතීමි. ඒ තැනැත්තේ ප්‍රතිපැතුම් නො ව ස්තුතියි යන අමුතු ප්‍රතිචාරයක් දැක් වූයේ පදනම් විරහිත චෝදනාවක් ද නඟමින් ය. ඒ තැනැත්තේ මා සන්මිතු සරසතුමනට ද එවැනි ම පදනම් විරහිත චෝදනා මාලයක් ඉන් පෙර දින නැඟී ය. අන්‍යයන් තමනට එරෙහි ව කුමන්ත්‍රණ කරති යි පදනම් විරහිත ව නිබඳ ව සිතීම සැලකිය යුතු රෝග ලක්ෂණයකි. දැන් ව්‍යාජ මනෝ වෛද්‍යවරු වියුණු ලොව වැසි වැස ඇති නිසා මම එපිළිබඳ නො ලියමි (මොවුන් මනෝ වෛද්‍යවරුන් වෙති යි පැවසෙන කල මට සිහි වන්නේ මා ලංකාවේ රජයේ සේවයේ යෙදි සමයේ මගේ නේවාසික වෛද්‍යවරුනට ද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුනට ද "VP/VS/VOG මහත්තයා" (තුන් වර්ගයක් ම යෙදුවේ අනන්‍යතාව සුරැකීමට ය!) ය යි පවසන්නට පුරුදු ව සිටි ඒ යුගයේ උතුරු මැද පළාතේ ද සබරගමු පළාතේ ද අහිංසක රෝගීන් ය!)

      මයුරවිලයෙනි, අප අපගේ සුමිතුරු සරසතුමන්ගේ වියුණුව 2017 වර්ෂයේ ප්‍රමුඛම හෙළ වියුණුව බවට පත් කරවමු. පසු ගිය දින කීපයේ දී සරසතුමන් ලැබූ, ලබමින් සිටින ඉහළ පාඨක ප්‍රතිචාරය පිළිබඳ ඊර්ෂ්‍යා කරන ඇතැමෙක් නන්දොඩවති. ඔවුන්ගෙන් අයෙක් තමන්ගේ ම වියුණුවේ නිර්ණාමික ආලෝචනයක් දමමින් සරසතුමාගේ වියුණුවේ වර්ධිත තත්ත්වය මාස හයකට වඩා නොපවතින බව පැවසුවේ ය. සරසතුමා වැනි සුධීමතකුගේ උගත්කමට පරිභව කළ කුණු කාණු තැනැත්තේ තම අඥභාවය ම ප්‍රකය කළේ ය. ඔවුනගේ වියුණු සඳහා ආලෝචන සැපයීම මම නතර කළෙමි. මගේ ආලෝචන මින් පසු එහි පළ වන්නේ නැත. මින් පසු අපි සරසතුමාගේ වියුණුවේ දී ම මුණගැසෙමු. මේ කීරාළයනට ද දැන් විය යුතු ය.

      මයුරවිලයෙනි, මා විසින් පෙර කල ලියවුණු ඔබතුමා සම්බන්ධ ලිපි කීපයක් නව වියුණුවක පළ ව ඇත (එම වියුණු‍ මා විසින් පවත්වා ගෙන යන්නක් නො වේ. ඕනෑ ම අයකුට ඒ සඳහා ලිවිය හැකි ය.) විවේකයක් ලද කලක ඔබතුමාට සම්බන්ධ ලිපි පහත පුරුකින් විවේකී ව කියවා බලනු මැන:

      https://publicsphere2017.wordpress.com/tag/%e0%b6%b8%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%80%e0%b7%92%e0%b6%bd/

      එලෙස ම සරසතුමනට සම්බන්ධ ලිපි පහත පුරුකින් විවේකී ව කියවා බැලිය හැකි ය:

      https://publicsphere2017.wordpress.com/tag/%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8f/

      අරුණ පෙරේරාණනට සම්බන්ධ ලිපි පහත පුරුකින් විවේකී ව කියවා බැලිය හැකි ය:

      https://publicsphere2017.wordpress.com/tag/%e0%b6%85%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f/

      දැඩි අවදානමක් දරමින් අප දෙස-බස-රැස රැකීමේ සම්භාවනීය අරමුණින් වියුණු ලොව ඩොලර් සහ පවුම් මාෆියාවට එරෙහි ව නැඟී සිටින සරසතුමන් තනි නොකිරීම අපගේ වගකීමකි. සරස සහයෝගීතා සංසදය ලෙස අපි එතුමාගේ දෑත ශක්තිමත් කරමු.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    11. බොහෙමත් ස්තූතියි අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි!

      Delete
  6. //සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවටත් පොර ටෝක් දෙන බවටත් නොදියුණු පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ලංකාවේදී සැලකේ//
    සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් හෝ දක්‍ෂතාවන් හෝ මස්තකප්‍රාප්තින් කිසිත් නැතිව ටෝක්ස් වලින් පමනක් ජීවත් වන අය නම් පොර ටෝක් දෙන අය බවට සැලකේ. ඔබට කවුරුන් හෝ "පොර ටෝක්" කීවා නම් ඔහු 100% නිවැරදිය

    ReplyDelete
    Replies
    1. සාදාරන ඇනෝ තුමා ට ජය වේවා!

      Delete
  7. සාරස,

    මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ගියවිට පළායන සෑම සැකකරුවෙකුටම වෙඩි තබා දමන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දූර්තාර්තේ අවධාරණය කර තිබෙනවා. පොලිස් හා ආරක්ෂක අංශ දැනුවත් කරමින් ජනාධිපතිවරයා කියා තිබෙන්නේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පරිහරණය කරන සහ විකුනණ සෑම කෙනෙක්ම අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

    අත්අඩංගුවට ගැනීමට ගිය විට පළායාමට උත්සාහ කරන සෑම සැකකරුවෙක්ටම වෙඩි තබා ඝාතනය කරන ලෙස ඔහු දැනුම් දී තිබෙනවා. පිලිපීන පොලිස් වාර්තාවලට අනුව පසුගිය සතියේදී පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 8,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිස් වාර්තා සදහන් කරනවා.

    To be continued,

    ReplyDelete
    Replies
    1. Continued from above...

      මිලියන 100කට ආසන්න ජනගහණයක් සිටින පිලිපීනයේ ජනාධිපතිවරයා ම පවසන පරිදි රට පුරා මිලියන් තුනක මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවෝ සිටිති. මිලියන තුනක් යුදෙව්වන් මරා දැමූ හිට්ලර් මෙන් තමන් ද මෙම මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවන් මිලියන තුන මරා දැමීමට කැමති බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍ර‍සිද්ධියේ ම පැවසී ය. මෙම ප්‍ර‍ශ්නය දැන් විසඳීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතුම දෙයක් බව ඔහු පවසයි.

      රුද්‍රිගෝ යනු දක්ෂිණ පිලිපීනයේ මින්දනවෝ දිවයිනේ ප්‍රකට දබෞ (සෙගුආනෝ බසින් දක්බයාන්/ තගාලෝ බසින් ලුංග්සොද් න්ග් දබෞ) නගරයේ හිටපු පුරපතිවරයායි. වසර 22ක් තිස්සේ ඔහු එම ධුරයේ තුන් වරක් ම කටයුතු කළා. දබෞ පුරපති සමයේත් වඩාත් රැඩිකල් තීරණ ගත් ඔහු අපරාධ සුලබව තිබු දබෞ ප්‍රවරය සංවර සිවිල් ජනයාට වාසයට ප්‍රියජනක ආරක්ෂිත ස්ථානයක් ලෙසත්, ආර්ථික වශයෙනුත් සංවර්ධනය කරන ලද අතර එනිසාම ඔහුට ඉතාම හොඳ පිලිගැනීමක් එරට තිබෙනවා. ඔහු පුරපති සමයේදීත් මත්ද්‍ර‍ව්‍ය, මත්පැන්, දුම්වැටි ආදියට එරෙහිව දැඩි පියවර ගත්තා. එසේම, ඔහු එසමයේදීත් අපරාධකරුවන් ඝාතනය අනුමත කළ කෙනෙක්. ලංකාවේ සුදු වෑන් වලට සමානව කුප්‍රකට වූ දබෞ ඩෙත් ස්කොඩ් නමැති මිනීමරු කල්ලිය හරහා මෙම ප්‍රතිපත්තිය සැබෑවට ක්‍රියාත්මක වුණා.

      පිලිපීනයේ විවිධ රාජ්‍ය නොවන කල්ලි/ සිවිල් සංවිධාන විසින් ගතු කියා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහුගේ පාලන ප්‍රතිපත්ති විවේචනය කළ විට පිලිපීනය එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බවට ඔහු තර්ජනය කරමින් සිය අදීනත්වය ඔහු පෙන්වා දුන්නා. පිලිපීනය සමග ඓතිහාසිකව හොඳ සම්බන්ධකම් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ පැවති අමු කුජීතම පාලනය වූ ඔබාමාගේ ගොබ්බ රජය සමග දැඩි මතභේද ඇති කරගෙන තිබෙන නමුත් ට්‍රම්ප් සමග ඔහු යම් සුහදතාවක් ඇතිකරගනු ඇති බවට මත පළවී තිබේ.

      ඔහුගේ පාලක ප්‍රතිපත්තිවලට එරෙහිව කතා කරන විපක්ෂ දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, සිවිල් සංවිධාන, විකල්ප ජනමාධ්‍ය හා පුද්ගලයන් ඕනෑ කෙනෙකු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ගෙන් යැපෙන අය ලෙස හඳුන්වන්නට දූතහ්‍රතේ හා ඔහුගේ ආධාරකරුවන් කටයුතු කරනවා. තමන් මානව හිමිකම් ගණන් නො ගන්නා බව ඔහු විවෘතව ම පවසනවා.

      ඇත්තටම වත්මන් පිලිපීන නායක ලෝක ප්‍රකට රුද්‍රිගෝ පිළිබඳ සාරස මහතාගේ මතය දැනගැනීමට ආසයි. හැකිනම් පෝස්ටුවක් පලකොට ඔබගේ පාඨක වියත් මඩුල්ලේ අදහස් ද දැනගැනීමට ආශා කරමි.

      Delete
    2. Anonymous January 2, 2017 at 5:10 AM

      දවාඕ නගරයේ නගරාධිපතිවරයාව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් සියතින්ම මරාදැමූ බව පිලිපීන ජනාධිපති රුද්‍රිගු දුතර්තේ විවෘතවම කිව්වා. තමා මිනිස් ඝාතන සිදුකර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

      නගරාධිපතිව සිටියදී ඝාතන සිදුකළබව විටෙක පිළිගත් ජනාධිපති රුද්‍රිගු දුතර්තේ තවත් විටෙක එලෙස මිනීමැරුම් සිදුකළ බව ප්‍රතික්ෂේප කළේය.

      මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් අමතමින් ඔහු පැවසුවේ තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදැමීමට පුරුදුව සිටියේ පොලීසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බවයි.

      මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන බව පවසමින් පසුගිය ජූනිමාසයේදී දුතර්තේ ජනාධිපති පදවියට පත්වීමෙන් පසු දහස්ගණනක් පුද්ගලයන් පොලීසිය සහ මත්ද්‍රව්‍ය පිලිබඳ සොයා බැලීමේ නියුතු පිරිස් විසින් මරා දමනු ලැබීය.

      Delete
    3. පිලිපීනය කියන්නේ ඉතාම දුප්පත් රටක්...

      චීනය විසින් පිලිපීනය ජපානය වියට්නාමය සහ චීනය යන රටවල් සියල්ලම අයිතිවාසිකම් කියනා දූපත් ක්‍රම ක්‍රමයෙන් අත් පත් කරගනිමින් පැවතුනා. එය String of Pearls නැමති චීන ආරක්ශක කතිකාවත හා සැසඳෙන්නක්. වත්මන් ජනාදිපති බලයට පත් වන්නටපෙර පැවති රජය චීනය සමග ආරෝවට ගියේ අමෙරිකානු මග පෙන්වීම යටතේ.

      නමුත් වත්මන් ජනාදිපත් බලයට ආ වහාම ඔහු චීනය සමග පැවති ප්‍රශ්න දෙපාර්ශවයට ම වැඩදායක ලෙස විසඳමින් පවතිනවා. ඒ සමගම ඔහු රුසියාව සමග ද නව සම්බඳතා පටන් ගනිමින් ඉන්නේ.

      විශේශයෙන් ම පිලිපීන දූපත් වල බූගෝලීය පිහිටීම චීනයට වැදගත් නිසා චීනය සමග සහයෝහයෙන් වැඩ කොලොත් දෙපැත්තටම වාසි අත් වන බවත් පිලිපීනයට බොහේ ආර්තික වාසි ලබා ගත හැකි බවත් වත්මන් පිලිපීන ජනපති දන්නවා.... හරියට මහින්ද මහත්තයා චීනයට ස්ට්‍රැටජික් වටිනාකමක් ඇති හම්බන්තොට චීන ආදාර මත වරායක් හා ගුවන් තොටක් පමනක් නොව රට වටාම චීන ආදාර ලබාගෙන සන්වර්දනීය කලා වගේ...

      මේ චීන මිතුරුකම අමෙරිකාවේ ඇහැට ඇඟිලෙන් ඇනීමක් නොවන්නේද? ඒ නිසයි එක පාරටම අමෙරිකාව ප්‍රමුක බටහිර සහ ජපාන මාද්‍ය පිලිපීන ජනපතිට පහර දෙන්නේ!! බටහිරින් පඩි ගන්නා අමෙරිකාව විසි කරනා මස් කටු ලෙවකන ශ්‍රී ලාන්කික බෝතල් පත්තර කාරයෝ ද CNN, CNBC, BBC, Fox, NHK, ABC කතා ඒටත් වඩා කුලුබඩු සහ රසකාරක යොදා සින්හලෙන් අපට ලදරු ආතල් දෙන්නේ!

      මත් ද්‍රව්ය වලට ඇබ්බැහි වුනු අය ගැන කියනවානම්, එන්ගලන්තේ විසින් චීනුන් ට අබින් කෑමට පුරුදු කර බ්‍රිතාන්ය යටත් විජිතයක් ව පැවති අෆ්ගනිස්තානයේ අබින් වවා ඒවා හොන් කොන්ග් හරහා චීනුන් ට විකුනා මුලු චීනය ම එකම ඇබ්බැහිවූවන් රැලක් බවට පත් කලේ. පසුකාලීනව මාඕ ට්සෙ ඩොන්ග් යටතේ සිදු වූ සන්ස්කෘතික විප්ලවය කාලේ දී මිලියන් 30 පමනජනතාවක් මැරුම් කෑවා.. එයින් වැඩි කොටස ඕපියම් ඇබ්බැහිවූවන් හා විකුනන්නන්! විදේස බලවේග විසින් ඇබ්බැහිතාවයට පත් කල රටක් ඉන් මුදවා ගැනීමට සමත් වූ එක් අවස්තාවක් තමා චීනයේ සන්ස්කෘතික විප්ලවය!

      පිලිපීන ජනාදිපතුතුමාත් උත්සාහ කරන්නේ එවැනි තත්වයක්... හැබැ‍යි එයට පිලිපීනයට ඇඟිලි ගැසීමට බලා සිටිනා ඇමෙරිකාව ජපානය සහ යුරෝපය විරුද්ද් වෙලා ඔවුන් ගේ බත් බැලයන් ලවා මාද්ය සන්දර්ශන පැවැත්වීම ස්වබාවිකයි!

      Delete
    4. සාරසයෝ පිලිපීන ජනතාව ඇමෙරිකාවේ සුනඛයන් නොවන බව ඇමෙරිකානු රජය තේරුම් ගතයුතු යෑයි ජනාධිපති රොඩ්රිගෝ ඩුටාටේ පසුගිය වසරේ ඇමෙරිකානු ඔබාමා පාලනයට ප්‍රකාශ කළා නේද?

      ගතවූ කාලය තුළ ඇමෙරිකානු රජය පිලිපීනය ගැන ක්‍රියාකර ඇත්තේ ඔවුන්ගේ සුනඛයන් ලෙස බවද හෙතෙම චෝදනා කළා.

      ඔබාමා විසින් පිලිපීනයට පත්කොට සිටි හිටපු ඇමෙරිකානු තානාපතිවරයා විසින් රොද්‍රිගෝ ඩුතර්තේ මත්ද්‍රව්‍ය සැකකරුවන් 4,000 ක්‌ මරාදමා ඇති බවට නැඟූ චෝදනාවලට ප්‍රතිචාර දක්‌වමින් පිලිපීන ජනාධිපතිවරයා මේ බව කිව්ව බවක් තමයි මතක.

      Delete
    5. හිතවත් සාරස මහත්මයා, බොහොම ස්තූතියි ඔබේ වටිනා විග්‍රහයට. අප ඔබගෙන් මෙබඳු සාරගර්භ කමෙන්ට්/ පෝස්ට් සහ අදහස් උදක්ම බලාපොරොත්තු වෙමු. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන කාලකණ්ණි සක්කිලියන්ගේ රෙදි ගලවමින් හරවත් කතිකා මණ්ඩපයක් බවට මෙම බ්ලොගය පත්වේවා.

      සැරද සාරස සබඳ !

      Delete
    6. // AnonymousJanuary 2, 2017 at 7:23 AM //

      ගරු ඇනෝ තුමනි....
      අප සැම එක්ව මේ වියුනුව හරවත් කතිකා මණ්ඩපයක් බවට පත් කර ගනිමු!

      ජය වේවා!

      Delete
    7. Sa rasa , ලංකාවේ ලිඛිත සහ විද්‍යුත් ජනමාධ්‍ය වල හෝ සහ උගත් නුගත් මිනිසුන් කිසි තැනකදී හෝ මාවෝගේ දෙවන නම නියම ලෙස උච්චාරණය කරනු හෝ ලියනු අප දැක නැත. ලාංකේය පාලං කොකුන් සියල්ලන්ම සේතු න් සේතු න් ගාමින් කෙකර ගාති. නිවැරදි නම භාවිතය සම්බන්ධයෙන් අපගේ ප්‍රසාදය පිළිගන්න.

      Delete
    8. මහසොහොන්,

      එය වඩාත් නිවැරැදිව මාඕ ත්සෙ-දොං ලෙස කිව හැකියි නේද? එවකට තරුණ චීන සිසු සිසුවියන් පැවසුවේ චෙයාමන් මාඕ (සභාපති මාඕ) කියායි.

      සාරස ගේ මනා යෙදුම පිලිබඳව අපගේත් ප්‍රසාදය පිලිගන්නේනම් ඉතා මැනවි.

      Delete
    9. // නිවැරදි නම භාවිතය සම්බන්ධයෙන් අපගේ ප්‍රසාදය පිළිගන්න. //

      // සාරස ගේ මනා යෙදුම පිලිබඳව අපගේත් ප්‍රසාදය පිලිගන්නේනම් ඉතා මැනවි. //

      ඔබ දෙපලටම මගේ හදපතුලෙන් නැග එන ස්තූතිය!

      Delete
  8. සරස තුමාගේ පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා හිටං! :)

    ReplyDelete
    Replies
    1. ඔහේටත් සුභ අලුත් අවුරුද්දක් වේවා හිටං! :)

      Delete
  9. සාරස මෝලෝ,

    බොලෑ මරා ගොයියට අපි අකමැති වුණත් එකක් ගැන නම් උඹව අගය කරන්න ඕනෙ. කලකට ඉහත ලංකාවෙ උසස්පෙළ ඇනගෙන යන එන මං නැතුව හිටපු හාල්පාරු ''නිකම්මු'' සෙට් එකක් සමාජවාදී සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා. දැන් දැන් බරපතල ලොකු ටෝක්ස් දෙන එක රුසියාවට ගිහින් සෝවියට් ආධාරවල පිහිටෙන් තැනකට ආපු බොහෝ අය කරනවා.

    කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 රජයේ සහනධාරයට පින් සිද්ධ වෙන්න ජිවත් වෙලා. ඒකෙන් එයිරොෆ්ලෝත් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි. ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි. අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්? හරියට මෙයාලගේ අම්මගේ තාත්තාගේ බූදලේ වියදමින් සෝවියට් දේශයට ගිහින් හාමුලා වගේ ඩිග්‍රි කළා විදිහටයි දැන් මුන්ගෙ කතාව. නොදකින් මුන් හරිනම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න වටිනව තමුන්ගේ බකපණ්ඩිත මං පොර සංකල්පේ පැත්තක තියලා. ලැජ්ජයි නෙවෙයි බන් විළිලැජ්ජයි මෙහෙම කාලකණ්ණින්ව දැක්කම.

    දැන් එන්ජීඕ අටෝගෙන යූඑන්පීයට රෙදි නැතුව කඩේ යන රිලවු ආගමික සංවිධාන/ සම්මාන උත්සව වගේ ජිල්මාට් දාල මුදල් ගසාකන ගමන් ලොකු එක දෙන හැටිනම් බලන්නත් හිරිකිතයි ඕයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න බලපල්ලා පැරණි සෝවියත් රුසියාවේ පින්-උපාධියක් ලබාගෙන ඒකෙ පිහිටෙන් එංගලන්තෙට පැනලා එහේ ඉඳන් විවිධාකාර ජල්තර ව්‍යාපාර කරමින් මුදල් ගසාකන පල් හොර ඩයල් එකක් දුන්න පොර ටෝක්ස් වල හැටි;

      //පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. //

      හිහ් හිහ් හී හූ, අඩෝ මේව දැක්කම මටනම් දෙකොණින්ම හිනා. බලහල්ලකො බන් මේ රිලවුන්ගෙ පොර ටෝක්??

      ඒ ලෙවෙල් ඇණගෙන ආතක් පාතක් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි හිටපු අපතයො යන්තම් පැරණි සෝවියට් දේශයේ පිහිටෙන් පිනට ලැබුණු ශිෂ්‍යත්වෙක පිහීන් යාන්තම් ඩිග්‍රියක් ගොඩ දාගෙන දැන් දෙන ලොකු ටෝක් බලහල්ලකො බන්? ටහිකේ? අම්මගෙ රෙද්ද තමයි.

      Delete
    2. // කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 රජයේ සහනධාරයට පින් සිද්ධ වෙන්න ජිවත් වෙලා. ඒකෙන් එයිරොෆ්ලෝත් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි. ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි. අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්? හරියට මෙයාලගේ අම්මගේ තාත්තාගේ බූදලේ වියදමින් සෝවියට් දේශයට ගිහින් හාමුලා වගේ ඩිග්‍රි කළා විදිහටයි දැන් මුන්ගෙ කතාව. //


      // ඒ ලෙවෙල් ඇණගෙන ආතක් පාතක් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි හිටපු අපතයො යන්තම් පැරණි සෝවියට් දේශයේ පිහිටෙන් පිනට ලැබුණු ශිෂ්‍යත්වෙක පිහීන් යාන්තම් ඩිග්‍රියක් ගොඩ දාගෙන දැන් දෙන ලොකු ටෝක් බලහල්ලකො බන්? ටහිකේ? අම්මගෙ රෙද්ද තමයි. //


      තමන් ට උපකාර කලේ කවුදැයි අමතක කොට දියුනුයි කියනා රටවලට පියමන් කර අපේ රටට ගැරහීම කොරන අය ලොව නොනගී!

      Delete
    3. //තමන් ට උපකාර කලේ කවුදැයි අමතක කොට දියුනුයි කියනා රටවලට පියමන් කර අපේ රටට ගැරහීම කොරන අය ලොව නොනගී!//

      මාහැඟි අදහසකි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    4. “තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල (Sri Lanka College of Psychiatrists හි) ලියාපදිංචි අවශ්‍ය නැත”.

      එකල පැවති දේශපාලන මණ්ඩලයේ යෝජනා සම්මතය පරිදි සමාජවාදී සෝවියට් දේශය විසින් 1980 දශකයේ දී අකනිටා බඹ ලොව සිට මනුලොව දක්වා සොයා බලා, ඉන් පෙර ”තුන්වන ලෝකයේ හිඟන රටක” රජ පවුලක සඳුන් ගැටයක් අතින් දරා උපන්, රන් හැන්දෙන් රන්කිරි කට ගෑ මහෞෂධ කුමරුවෙකු නිසි කල පැමිණි කල ඒ රටින් රැගෙන තම රට ගෙනගියේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනු සඳහාය.

      ඒ කුමක් නිසාවත් නොව “ ඒ හිඟන රටින් ” තම භූමියට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබන පින්වත් කුමරුවකු අනාගතයේදී “පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය” පිලිබඳ පර්යේෂණ නිසාම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන අනාගත නොබෙල් ත්‍යාගයෙන් වසර 2017 දී පිදුම් ලබන බවද, ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍ය විද්‍යාලයද ඒ අයත් රටද ඒ නිසාම මහත් කීර්තියකට පත්වන බවද අවසාන සාර් රජතුමාට රස්පුටින් කියූ අනාවැකියක් සඳහන් ලේඛනයක් ලුනචාර්ස්කි විසින් සොයාගනු ලැබ තිබීම නිසාය.

      මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමා MD උපාධිය ලබා අර “හිඟන රටට” පැමිණ කොතෙක් උත්සාහ කළ අර “හිඟන රටේ” MD උපාධිය නම් ලබා ගත නොහැකි වීම අර “හිඟන රටේ” කරුමයයි.

      සමහර කට හැකරයන්නම් කියන්නේ අර “හිඟන රට” හඳට රොකට් යවා නැති නමුත් ඒ රටේ MBBS උපාධිය අර රටේ MD උපාධියට වඩා උසස් බව බටහිර රටවල් පවා පිළිගන්නා බවයි.

      අර “හිඟන රටේ” මර හිඟන්නන් සමග මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමාට ඉන්න බැරිබව තේරුම්ගත් පලවන ලෝකයේ රටක් වන කැනඩාව එතුමාව ගෙන්වා ගත්තේ එතුමාට නිසැකව ලැබෙන නොබෙල් මල්වට්ටියට අත ගසන්න්නට කැනඩාවත් හැකිවන වන නිසාමය.

      මේ ළඟදී අර ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමා මෙසේ පවසා ඇත.

      “මට ඉරිසියාවෙන් පිරුණු කුහකයන් බහුතරය සිටින තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල ලියාපදිංචි අවශ්‍ය නැත. මගේ ලියාපදිංචිය තිබෙන්නේ පලවන ලෝකයේ රටක් වන කැනඩාවේය. ඔවුන් මගේ දැණුම සහ හැකියාවන් පිලිගනිති.”

      මින් මේ ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමන් අදහස් කරනුයේ Sri Lanka College of Psychiatrists ය. මේ පිලිබඳ වැඩි විස්තර සඳහා වෙබ් අඩවිය http://slcpsych.lk/web/ වේ. සැබවින්ම මෙය වෘත්තීය සංගමයක් නොව විශේෂඥ සුදුසුකම් ලද Psychiatrists ලා විසින් පිහිටුවා ගන්නා ලද තවත් professional body එකකි.

      මෙහි සාමාජිකත්වය ලබාගැනීම හිඟමනෙන් නම් සිදු කළ නොහැක. මෙහි සාමාජිකත්වය (Ordinary membership or Associate membership ) ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත දැක්වේ.

      Ordinary membership

      Any medical practitioner who has the qualification of Doctor of Medicine (Psychiatry) of the Postgraduate Institute of Medicine of the University of Colombo.

      A fellow or a member of the Royal college of Psychiatrists of United Kingdom, United States of America , Australia and New Zealand prior to and including 1986 practicing psychiatry in a manner acceptable to the Council.

      Associate membership

      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who is registered or qualified to be registered as a medical person under section 29 of the Medical ordinance and has been successful in MD ( Psychiatry) part 1 examination or holds a diploma in Psychiatry.

      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who has obtained Fellowship or Membership of the Royal college of Psychiatrists of the United Kingdom, United States of America, Australia and New Zealand after 1986, who is practicing psychiatry in a manner acceptable to the Council.

      ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමෙකුට සභාවක් ඉදිරියේ යටට නොඇඳ සරම ඔසවා මුහුණ පිසීමට ඇති අයිතියට අපි ගරුකරමු.

      මේ සාමාන්‍ය මිනිසුන් වන අප සිතන හැටිය.බන්‍ධුල කුදලාගම මැතිඳුන් වෙතින් මැදිහත් විවරණයක් ඉල්ලා සිටිමු.

      Delete
  10. සරසතුමනි,

    මා විසින් පෙර කල ලියවුණු ඔබතුමා සම්බන්ධ ලිපි කීපයක් නව වියුණුවක පළ ව ඇත (එම වියුණු‍ මා විසින් පවත්වා ගෙන යන්නක් නො වේ. ඕනෑ ම අයකුට ඒ සඳහා ලිවිය හැකි ය.) විවේකයක් ලද කලක ඔබතුමාට සම්බන්ධ ලිපි පහත පුරුකින් විවේකී ව කියවා බලනු මැන:

    https://publicsphere2017.wordpress.com/tag/%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8f/

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි මැතිඳුනි,

      මා ඔබේ වියුනුවට ගියෙමි.... එහි පල වූ වියුනු සටහන් කියවාඅමන්නානන්දයට පත් වෙමින් සිටිමි....

      වියුනුව ලිවීම සහ එයට මග පෙන්වීම ගැන ඔබට බොහෝ ස්තූතියි. එම වියුනුව බහුජන හිතාය බහුජන සුඛාය සඳහා තව ප්‍රචාරයක් දීම අවශ්ය යැයි සිතමි. මාත් එම ප්‍රචාරනයට සහබාගී වෙන්නම්!

      Delete
    2. මා සන්මිතු අතිගරු සරසතුමනි,

      ඔබතුමාට තුති. වියුණුව පිළිබඳ පළමු ව දැනුම්වත් කරනු ලැබුවේ ඔබතුමා ය. එනයින් එම වියුණුව විවෘත කරන ලද්දේ ද එහි පළමු වැනි ආලෝචනය සපයන ලද්දේ ද ඔබතුමා විසින් බව සංස්කාරක මණ්ඩලය දැනුම් දේ.

      ඔබතුමා මා විසින් ලියවෙන සටහනින් තුටු වී නම් මට එය මහත් ආනන්දයකි. බොහෝ දුර අතීතයේ දී මා ලියු කවි කිය වූ අයකු අමන්දානන්දයට පත් වූ බව ඇසීමෙන් එවකට තරුණ බන්‍ධුල කුදලාගම තුටු වූ අයුරු සිහි වේ ! (එම ‍කවි පොතේ දෙවන මුද්‍රණයක් කරන්නට ගොස් කැනීස් අසල ප්‍රකාශකයකු නෙයියාඩගමක් නැටූ බව ද සිහි වේ!)

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  11. අපේ රටේ මිනිස්සු රැවටුනා. ඒක නෑ කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. :D

      හරියටම හරි!

      Delete
    2. මිනිසුන් රැවටී ඇති බව ඔවුන්ට වටහා දීමට වඩා තව තවත් බොරු කියා මිනිසුන් රැවටීම වඩාත් පහසු වේ.

      - මක්සිම් ගොර්කි

      Delete
    3. සිරිසේන විල්පත්තුව විනාශ කරන නරුමයින්ට දඬුවම් කරනවා යයි මොර දුන් විට ආමන්දානයට පත්වූ ප්‍රමාණය දුටු විට අපට සිතුනේ සිංහල මෝඩ කාලකන්නින් යනු සැමදාම සැමවිටම රැවටිය හැකි මන්ද මානසික හරකුන් රැලක් බවයි.

      Delete
  12. බයවෙන්න එපා මේ අවුරුද්දෙ යහපාලනේ ඉවර වෙනවා

    ReplyDelete
    Replies
    1. යහපාලනයක් නම් ලංකාවේ තිබුණේ නැහැ. තිබ්බෙ "යහපාලන" බෝඩ් එක උස්සගෙන ආපු පල් හොර රැලක් හිටපු හොර රැල එලවා බලය අල්ලාගෙන අරුන් නවත්තපු තැන ඉඳන් වඩාත් වේගයෙන් හොරාකෑම පටන් ගැනීම පමණි.

      ඉදිරියේදී මෙම මෙලෝ රහක් නැති හොර රැල එලවා තවත් හොර රැලක් බලය ඩැහැගනු නිසැකය. අපට ප්‍රාර්ථනා කිරීමට ඇත්තේ එම අලුතෙන් එන හොර රැල සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් යමක් කළ හැකි හොර රැලක් වේවා යන්න පමණකි.

      Delete
    2. // AnonymousJanuary 2, 2017 at 11:12 PM

      යහපාලනයක් නම් ලංකාවේ තිබුණේ නැහැ. තිබ්බෙ "යහපාලන" බෝඩ් එක උස්සගෙන ආපු පල් හොර රැලක් හිටපු හොර රැල එලවා බලය අල්ලාගෙන අරුන් නවත්තපු තැන ඉඳන් වඩාත් වේගයෙන් හොරාකෑම පටන් ගැනීම පමණි. //

      ++++++++++++++++++

      Delete
  13. සරස,

    ටාසන් යන නම සිහිපත් වන විට අපේ සිත්හි හරි අපුරු සවිමත් මිනිසෙකු පිළිබඳ මතකයක් අවදිවෙයි. ඒ සමාජය තුලින් නිර්මාණය වූ අපුරු කතාවක චරිතයක් නිසාය. එය බාල මහලු කොයි කාගේත් සිත් ගත් කතාවක්.ඇත්තටම සවිමත් මිනිසෙකුගේ අපුරු කතාවක්. දේශපාලනය කරන ටාසන් කෙනෙක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්න යන්නේ.මේ ඔහු පිළිබද බොහෝ දිනක් බලා සිට කරන හෙළිදරව්වක්. ඒ සිනමාවේ වීරයා පාර්ලිමේන්තුවේ කවටයා රන්ජන් රාමනායක . හෑබෑයි මොහු ටාසන් කෙනෙක්ගේ රගපෑම සිදු කරන්න හෑදුවත්.වෑඩ බෑරි ටාසන් කෙනෙක් කියලා ජනතාව දෑනටමත් තේරුම් අරන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දෑන් පාර්ලිමේන්තුවේ බලය හිමි පෑත්තේ වාඩි වී කටයුතු කරන රන්ජන් රාමනායක ජනතාව ගොනාට අන්දන්නේ හරි අපුරු ආකාරයට. ඒ තමන්ගේ අල්පේච්ච ජීවිතය පිළිබදව දිනපතා සිහිපත් කරමින් සහ ඔහුට රෑකීමට පවුලක් නොමෑති බව පවසමින්.නමුත් මේ අන්දන්න හදන ගොනා පිළිබදව බහුතරයක් ජනතාවට දෑන් වෑටහිලා තියනවා.

      පසුගිය දවසක අල්පේච්ච ජීවිකාවක් ගෙනියන රන්ජන් මාදිවෙල දෙවනත් කරමින් සටන් සහිත ජවනිකාවක් රගපෑවා. ඒ ඔහු සම්බන්ධ චිත්‍රපටියක ගිනි අවි සහිත දර්ෂණයක්. මාදිවෙල ප්‍රදේශයේ මන්ත්‍රී නිවාස අසළ තමයි මේ ජෝගිය ඔහු නෑටුවේ. කුඩා දරුව්න් බොහෝමයක් මෙන්ම ජනතාව වෑඩි වශයෙන් ගෑවසෙන ප්‍රදේශයක මෙවෑනි ගිනි අවි සහිතව කරන රගපෑමට දෑඩි ජනතා විරෝධයක් එල්ල වුනා.

      Delete
    2. අන්තිම්ට ජනතාව මේ පිළිබදව ඉහළම පුද්ගලයින් දෑනුවත් කර තිබුනා. අන්තිමට රන්ජන්ගේ මේ ගොන් වෑඩේ නවත්වන්න කියලා දුරකථන ඈමතුම ආවේ අගමෑතිතුමාගෙන්. ඒ රන්ජන්ගේ කණ පිරෙන්න බෑනුම් ගොඩකුත් එක්ක.රන්ජන් කරපු මේ ගිණි අවි සෙල්ලම පාර්ලිමේන්තුව දක්වාම ගිහින් තිබුනේ ඔහුගේ මේ ගොන් වෑඩේ නිසා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් අපහසුවට ලක් වෙච්ච නිසා.

      Delete
    3. පහුගිය කාලයේ රන්ජන් ගොඩාක් කතා කලේ රට ගිහින් වහල්කම් කරලා දුක් විදින අපේ මිනිස්සු ගෑන. හෑබෑයි මේ වෑඩ බෑරි ටාසන්ට බලය ලෑබුනම ඒ ගෑන සද්දයක්වත් නෑ. ඩුබායිවලට ගිහින් හෝටලයක් වටේ කෑරකිලා හරි ලොකු සද්දයක් දෑම්මා මේක මහින්ද රාජපක්ෂලා හොරාකාපු සල්ලි වලින් හදපු එකක්. අපි මේ සල්ලි නෑවත ගේනවා හොරු අල්ලනවා කියලා. හෑබෑයි ඒ කතාව එතනින්ම අවසන්ය. මෙවෑනි විකට කතා බොහෝමයකට පසුගිය කාලය පුරාම පණ පොවපු මේ වෑඩ බෑරි ටාසන් අපේ රටේ ඔහුගේ භාෂාවෙන්ම කී වහල් වෙලදාමට යවන අපේ මිනිස්සු ගෑන අද කතාවක්වත් නෑ.

      Delete
    4. දුක හිතෙන කතාව නම් වෑඩ බෑරි ටාසන් නෑවත මාතර සුනිල් ගේ චරිතය රගපෑමට ගොස් අනාගත් හෑටිය. වගකීමෙන් තොරව මාධ්‍ය ඉදිරියේ මිනිසුන් මරා දෑමීමට සහ ගෙවල් ගිනි තෑබීමට යොදාගත් රථයක් මාදිවෙල ඈති බවට සන්දර්ෂණයක් පවත්වා එයින්ද ඔහු ලෑජ්ජාවට පත්විය. දේශපාලකයන් නලුවන් වු විට රටේ ජනතාවට සිදු වන්නේ මෙවන් සන්දර්ෂණ නරඹමින් සිටීමටය. රන්ජන් හොද නලුවෙක් වුවත් ඔහු දේශපාලණයට නම් වෑඩ බෑරි ටාසන් කෙනෙකි. ගෙදර කුස්සියේ වලදක් පෙන්වමින් සමාජජාල මාධ්‍ය ඉදිරියේ ඔහු පවසන්නේ බලන්න මාත් ඔබලාවගේම තමයි කන්නේ කියාය. මෙවෑනි දේවල් දකිද්දීනම් මුහුණටම කියන්නට හිතෙන්නේ මහින්දානන්ද රන්ජන්ගේ මුහුණට ගෑසු පහරට වඩා ඔහුගේ පිටුපසට තදින් පහරක් ගෑසුවානම් මොලේ පෑදෙන්නට ඉඩ තිබෙන බවය.

      Delete
    5. අපේ රටේ ජනතාව මෙවෑනි වෑඩ බෑරි ටාසන්ලාගේ මාධ්‍ය සන්දර්ෂණ නරඹමින් තවමත් ජීවත්වෙන්නේ ඉතා අපහසුවෙන්ය. දේශපාලකයින් ලෙස ජනතාව පත් කරන නියෝජිතයින් සියල්ලටම වලදෙන් කකා පාරේ බස් එකේ අපිත් එක්කකම යමන් යෑයි කිසිදිනක කියන්නේ නෑත. පත් කරන දේශපාලකයා හෑම් බේකන් කමින් රටේ ජනතාවටද කිරියෙන් පෑණියෙන් ඉතිරෙන්න පහසුකම් ලබා දෙන්නේ නම් ජනතාවටද සතුටුවිය හෑකිය.රන්ජන් ගෙදර වලද පෙන්වා වෑඩි පුරම කන්නේ ලොකු තරු පහේ හෝටල් වලින්ය. ඈග පත සදහා ඔහුගේ වියදම දන්නෝ දනිති.

      ජනතාව බලාපොරොත්තු වන්නේ රටට වෑඩක් කරන දේශපාලකයින්වයි. ඒ නිසා දෑන්වත් රට වෙනුවෙන් වෑඩක්කරන්නට පටන් ගන්න.

      Delete
    6. එක් වතාවක් ඔයි වැඩ බැරි ටාසන් තුමා චිත්‍රපටයක් තනන්න මා සේවය කල පීටයේ මහාචාර්යවරයෙකු ට අයත් හෝටලයක දීර්ගකාලීනව ලැගුම් ගත්තා.... හැබැ‍යි එයා ආපහු කොලඹ ආවේ බිල ගෙවන්නේ නැතිවයි.... මහාචාර්යතුමා ගේ හෝටලේ කලමනාකාර තුමා ඒකට වැඩ බැරි ටාසන් තුමා විරුද්දව නඩු දැම්මා..... පස්සේ මෑන්ස් සබරගමුව පලාත් සබාවට ඉල්ලන්න කලින් බිල ගෙවලා ශේප්මන්ට් එකක් දා ගත්තා.... ඔන්න අවන්ක ජනතා සේවකයෝ හිටන්!

      Non-settlement of HOTEL bill
      Ranjan R appears before Teldeniya Magistrate
      by Cyril Wimalasurendre

      KANDY: Popular film star and film producer Ranjan Ramanayake on whom a warrant had been issued by Teldeniya Magistrate Mr. Saliya Perera appeared before court yesterday (06).

      Ramanayake responded to the warrant by appearing a week ahead of the date of the case. The warrent was issued returnable on July 17.

      He was wanted in connection with a complaint of non-settlement of a hotel bill amounting to Rs. 750,000.

      Ramanayake was cited as a respondent along with his companion Rohan Pinnaduwa, a film producer.

      http://www.island.lk/2007/07/07/news28.html

      Delete
    7. ////However, the Magistrate Mr. Saliya Perera noted, "Artistes must be sensitive, to respect the law of the country. This matter would not have gone that long if you called on the police in time and settled the issue.//////////

      අපිට ඉන්නේ පට්ට ආතල් කලාකාරයෝ. හරිම සෙන්සිටිව් සහ රටේ නීතියට අත නොතියන මරු හාදයෝ.

      Delete
    8. Aruna Perera,

      එංගලන්තයේ ඉගෙනගන්න එන සමහර රටවල විදේශීය සිසුවියන් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා නිව්ස් එනවා. අවුරුද්දකට පවුම් 10,000-12,000ක් විතර යුනිවලට ගෙවන්න ඕන. කාමර, කෑම, අනිත් දේවල් වෙනම. උන් කොහොම ගෙන්න ගන්නද ඔච්චර සල්ලියක්. යුරෝපිය නොවන රටවල්වල අයට නම් වැඩ කරන්න දෙන්නෙත් සීමිත පැය ගානක්. ඒක කන්නත් මදි. මේ ගැන ඔබගේ මතය කුමක් ද?

      Delete
    9. ඇනෝ...උඹ කියන කතාව සම්පූර්න ඇත්ත. නමුත් මට ඔය ගැන කියන්න කියලා මතයක් නැහැ. යුනි ෆීස් වැඩිකරපු වෙලාවේ සිසුන් පාරට බැස්සා.ඒත් ආන්ඩුව ඒවා සත පහකට ගනන් ගත්තේ නැහැ. ලිබරල් පාටි එකට කෙලවෙන්නත් ඕක හේතුවුනා ඒ වෙලාවේ.

      අපිත් සාමන්‍ය පොඩි රස්සාවල් කරන මිනිස්සු නිසා දරුවාට උගන්වන්න කාපු කටු මතකයි. තවම ගෙවනවා. මේවා බොරු නෙමේ ඇනෝ. එයත් KFC වලයි, සේන්ස්බරිවලයි නියම කටු කෑවා. මම ඒ වගේ බොහෝ අය දන්නවා. මට උන් ගැන මහා දුකක් තියෙනවා. විසඳුම් හෝ මතයක් නැහැ. වරෙල්ලා කියලා කටට රහට කන්න ටිකක් හදලා දෙන එක විතරයි කරන්න පුලුවන්. ඒක කරනවා. කට්ට කාලා හරි ඉගෙනගත්තොත් ගොඩ කියන එක නම් අපේ දරුවා ඔප්පු කරා.

      Delete
    10. අරුණ පෙරේරා මහතාණෙනි,

      ඔබගේ අවංක මෙන්ම විවෘත කරුණු දැක්වීම බෙහෙවින් අගය කරමු. ලංකාවෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව ආදී රටවලට සංක්‍රමණය වී බ්ලොග් ලියන ඇතැම් පොරටෝක් සක්විතිලා අතර ඔබ වැනි අවංක අය දක්නට ලැබීම අතිශය ප්‍රමෝදජනක කාරණයකි. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභ පතමි. ඔබගේ දරුවාගේ අනාගතයද සාර්ථක වේවායි අප ඉතා සතුටින් ප්‍රාර්ථනා කර සිටිමු. ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
    11. // ඔබගේ අවංක මෙන්ම විවෘත කරුණු දැක්වීම බෙහෙවින් අගය කරමු. ලංකාවෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව ආදී රටවලට සංක්‍රමණය වී බ්ලොග් ලියන ඇතැම් පොරටෝක් සක්විතිලා අතර ඔබ වැනි අවංක අය දක්නට ලැබීම අතිශය ප්‍රමෝදජනක කාරණයකි. //


      +++++++++++++++++++++++++++

      දාන්න පහක් ඇනෝ තුමෝ!

      Delete
  14. සාරස සෑර්,

    මේ බ්ලොග් එකේ පොස්ට් එකක්, කොමෙන්ට් එකක් දකින, දකින පාරට මට අර මගෝඩියගේ හිනාව මැවිලා පේනවා.
    ඔය සාත්තර සුමනය නොදන්නා නැකත් හදන්ඩ ගියේ නැත්තං ලොක්කත් තාම රජ ගෙදර සුමනයත් ඉතිරිකිරීමේ ඩිරෙක්ටර්.
    හැබැයි සෑර් ඔය මොනවා ලිව්වත් 'බැදුන්කරේ' හෙම අමතක කොරනව නෙවෙයි රජෝ.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් පුතේ.... ඔහෙ මතක් කොරනකන් ම මට ඔයි බැඳුම්කරේ මේ පෝස්ට් එකේ එල්ලන්න හාන්කවිසියක් වත් සිහියට ආවෙ නැති හැටි හිටන්!!

      බෝම තැන්කූ මතක් කොලාට හිටන්!

      Delete
  15. නරක කාලේ ආවහම විෂ්ණු දෙවියන්ටත් බට කොළ කන්නේ වුනානේ! ඒවගේම තමයි, කාලකන්නියව සිරියහනය ගන්න උදුම්බරා දේවියටත් බැරිවුනා, හරියට අපේ අගමැතියව වගේ!

    ReplyDelete
    Replies
    1. උදුම්බරාට බැරි වුනු දේ අකිල කලා!

      :D

      Delete
    2. //උදුම්බරාට බැරි වුනු දේ අකිල කලා!//
      යකෝ අකිලත් ගෑනියෙක්ව බැඳල නේද ඉන්නෙ.
      අනේ මන්ද මුන් ඇත්තටම ලොල්ලොද, නැතිනම් සාරසල ඊරිෂියාවට කියන කතාද කියල

      Delete
  16. මා සන්මිතු ගරු සරසතුමනි,

    රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙවර ගෙනෙන්නට සැරසෙන විසූකදස්සනය කි‍ම? මේ සියලු වැඩවලින් අවසානයේ දී අපහසුවට පත් වන්නේ ජාතිකත්ව කතිකාව යි. ජාතිකත්ව කතිකාව රැක ගන්නට දැඩිමුණ්ඩ දේවාරාධනාවක්වත් කරන්නට සිදු වේ ද සරසතුමනි?

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. බන්‍ධුල,

      හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂට එරෙහිව නඩු පැවරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇත.

      එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ 'දිවයින'ට පැවසීය.

      හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් හෙතෙම කීය.

      මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් පැවසූ ඩිලන්ත විතානගේ, හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 'This Man' (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බව කියා සිටියේය.

      බොදුබල සේනා සංවිධානය ඇමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ වැඩිදුරටත් කියා සිටියේය.

      Delete
    2. දැන් මහින්ද මේ එන්තරවාසියට බයේ ඇඳ යට හැංගිලා ඇති !

      ඥානසාර - ඩිලන්ත කියන්නේ මහින්දට කෙලවන්න නිර්මාණය කළ පිල්ලි දෙකක් . අන්තිම මොහොතෙ මහින්ද මුන් දෙන්නට කෙලින්න ගියාම වැලක්කුවේ චම්පික.

      Delete
    3. හිතාදර බන්ධුල කුදලාගම සූරීනි,

      තම පාලනය බිඳහෙළීමට බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චමිපික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ බීබීසීයට කියපු කතාව පූර්ණ සත්‍යයකි.

      මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කරමින් වැඩිදුරටත් පිළිගනු ලැබුවේය. එමෙන්ම තමන් නැවතත් බලයට පත්වූ විටක බොදු බල සේනා වැනි තුච්ඡ කුමන්ත්‍රණකාරී සංවිධාන පාලනය කළ යුතු ආකරය තමන් දන්නා බවද ඔහු පැවසීය.

      විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතිවාදය ඇතිකරන බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඉන්දීය මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

      බලයේ සිටියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධ වෙමින් ප්‍රශ්න ඇති කළ බවය.

      නීතිය ක්‍රියාත්මක නොවීම තම අඩුපාඩුවක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේය.
      අමාත්‍ය චම්පික රණවකට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.

      දැන් බොදු බල සේනාව ආණ්ඩුව සමග හිතවත්ව කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතකදී එම සංවිධානය වත්මන් ජනාධිපතිවරයා හමුවී ඔහුට ප්‍රශංසා කර තිබෙන බවද කියා සිටියේය.

      2020 වසරේ රටේ ජනාධිපති වන්නේ චම්පික රණවක බවට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවමංගල උත්සවයකදී පවසා තිබෙන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

      Delete
    4. //
      රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙවර ගෙනෙන්නට සැරසෙන විසූකදස්සනය කි‍ම? මේ සියලු වැඩවලින් අවසානයේ දී අපහසුවට පත් වන්නේ ජාතිකත්ව කතිකාව යි. ජාතිකත්ව කතිකාව රැක ගන්නට දැඩිමුණ්ඩ දේවාරාධනාවක්වත් කරන්නට සිදු වේ ද සරසතුමනි? //

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම ශූරිනි,

      මා හිතන්නේ මේ බොදුබල සේනා හී අන්තිම කාලය ලෙසයි..... ඔවුන් ගේ කරනම් සහ බල්ටි දැන් හෙලි වී හමාර පාටයි!

      Delete
    5. සරස සහ කුදලාගම්යෙනි,

      සි.අයි.ඒ සංවිදානය ඒ ඒ රටවල් තම ග්‍රහණයට ගන්න විවිද උපක්රම යොදනවා . නේපාලයේදී මාවෝ වාදී ගරිල්ලෝ ලවා එක කරවනවා ,ඊජිප්තුවේදී මුස්ලිම් සහෝදරත්වය නමැති කණ්ඩායම ලවා එක කරවනවා ,ඉන්දියාවේදී විවිද බෙදුම්වාදී සහ කොමියුනිස්ට් කණ්ඩායම් ලවා එක කරවනවා , ලිබියාවේ ,සිරියාවේ ,සහ අරාබි ලෝකය පුරාම ජිහාඩ් වාදීන් ඒ සඳහා යොදාගන්නවා .නමුත් ඒ සම්බන්ද වන ත්‍රස්තවාදීන් සන්විදාන හිතන්නේ උන් හරි විප්ලව කාරයෝ නිදහස් සටන්කාමියෝ කියල නමුත් උන් නොදැනුවත්වම කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්.

      ඇමෙරිකානු අණට යටත් නොවූ මහින්ද රජය එලවන්න ඔවුන් මුස්ලිම් වහාබින් ලවා ලංකාවේ වහාබි රැල්ලක් ඇති කළා. අනෙක් පැත්තෙන් නොර්වේ හරහා ඥානසාර හාමුදුරුවෝ ෆෝම් කළා. ඥානසාර හිමි මුස්ලිම් ආක්‍රමණය ගැන ඇත්තටම කටයුතු කළා වෙන්න පුළුවන් නමුත් ඥානසාර හාමුදුරුවෝ තේරුම් ගත්තේ නෑ තමුන් ඇමෙරිකානු ගැටයක කෙරවලක් කියල. මුස්ලිම් වහාබින්ට කඩේ යන මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ කළු රෙද්ද්ද පොරවාගෙන යනකොට අපි මේදේවල් කරන්නේ ඇමෙරිකාවේ ගැටයක කොටසක් හැටියට කියල .අන්තිමේ මුස්ලිම් මිනිසුත් රැවටුනා ඥානසාර හාමුදුරුවොත් රැවටුනා. සවුදි අරාබියේ රජා මෙහෙයවන්නේ ඇමෙරිකාව කියන එක ඔප්පු උනා හිලරි ක්ලින්ටන් නිසා, නොර්වේ මෙහෙයවන්නේ ඇමෙරිකාව කියන එක කවුරුත් දන්නා දෙයක් .

      දැන්වත් බොදුබල සේනා වැනි කුමන්ත්‍රණකාරී එන්ජීඕ කල්ලි වල අතකොළු වූ අසරන මිනිසුන් මේ සත්‍ය අවබෝද කරගෙන මිටවඩා වැදගත් වැඩ කලොත් හොඳයි ,මහින්දට බනින්න ගිහිල්ලා අන්තිමේ තමුන් වෙනුවෙන් යමක් කරන්න ඉන්න මිනිසුන් විනාශ කරගන්නේ නැතුව.

      Delete
  17. අඩෝව් සාරසා,

    අඩේ බන් අවුරුදු ගාණක් තිස්සෙ හිට්ස් 35,000කට විතර සීමාවෙලා වේලි වේලි තිබ්බ සාරසාගේ බොග මේ දවස් දෙක තුනට පස්සෙ 50,000 ත් පැනලා? අම්මප මොකක්ද ඩෝ රහස? සෝමවංශ ලොක්කල 2010 මරා දින්න වෙලාවෙ දැම්මයි කියාපු කම්පීතර ජිල්මාට් එකක් වත් දැම්මද ඩෝ සාරසෝ

    ReplyDelete
    Replies
    1. // Reply

      AnonymousJanuary 3, 2017 at 11:00 PM

      අඩෝව් සාරසා,

      අඩේ බන් අවුරුදු ගාණක් තිස්සෙ හිට්ස් 35,000කට විතර සීමාවෙලා වේලි වේලි තිබ්බ සාරසාගේ බොග මේ දවස් දෙක තුනට පස්සෙ 50,000 ත් පැනලා? අම්මප මොකක්ද ඩෝ රහස? සෝමවංශ ලොක්කල 2010 මරා දින්න වෙලාවෙ දැම්මයි කියාපු කම්පීතර ජිල්මාට් එකක් වත් දැම්මද ඩෝ සාරසෝ //

      සමහර බ්ලොග්කරුවෝ මාන්නය හිතේ දරාගෙන කොමෙන්ට්කරුවන්ට, විශේශයෙන් ම ඇනො කොමෙන්ට්කරුවන් ට තග දැම්මාම, මම පොර ජාතකෙන් දහම් දෙසුවාම එයින් අපහසුවට ලක් වූ ඇනෝ කොමෙන්ට්කරුවො ඔවුන් ගේ අනේකවිද කතිකා සඳහා මන්ඩපයක් සොයමින් හිටියා....

      මා එම කතිකා මන්ඩපය තනා දුන්නා පමනයි ඇනෝ තුමෝ!

      Delete
  18. සාරස

    ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු ප‍්‍රදේශවාසීන් විසින් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට එරෙහිව කුණුහරුපයෙන් බනිමින් හූ කියමින් වාහනය අවහිර කරමින් විරෝධතා දැක්වූහ.

    මෙම පිරිස් විරෝධයේ යෙදුනේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අහිමිවන තම නිවාස, වතුපිටි සදහා සාදාරණ වන්දි මුදලක් ලබා නොදුන් බව කියමිනි.

    ඇමතිවරයාට පිටත්ව යාමට ඉඩ නොදී මග හරස් කර සිටි ජනතාව පොලීසිය මැදිහත් වී ඉවත් කරනු ලැබීමෙන් පසු ඇමතිවරයා පිටත්ව ගියේය.

    ReplyDelete
    Replies
    1. අපේ ඔනෙ ගොනා මැතිතුමාට අත නොතබනු!

      Delete
  19. Sa Rasa,

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ගම්පහ අතත්නගල්ල ආසනයෙන් දේශපාලනයට ගෙන ඒම සදහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබේ.

    ඒ අනුව මුලින්ම අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ ප‍්‍රදාණත්වය විමුක්ති කුමාරතුංගට ලබා දීමට නියමිතය.

    විමුක්ති දේශපාලනයට ගෙන එනවාට මුල්න් විරෝධය පෑ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරුන් බහුතරය දැන් සිය මුල් ස්ථාවරය වෙනස් කරගෙන විමුක්තිට කැමතිත් නැති අකමැතිත් නැති තැනකට පත්ව තිබේ.

    ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවණයේදී විමුක්ති කුමාරතුංග මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග වැදීම ස්ථිර තත්වයේ පවතී.

    2020 දී රටේ නායකත්වය තරුණ විමුක්ති කුමාරතුංග මැතිඳුන්ට භාර කිරීමට අප සැවොම එක්වෙමු.

    ReplyDelete
    Replies
    1. විමුක්ති ලමයගේ "හස්බන්ඩ්" මේ යෝජනාවට කැමැති වෙයිද?

      Delete
  20. සරස,

    ජර්මානු වොක්ස්වැගන් සමාගමේ යයි කියමින් ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල්ගල් තබන ලද කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගම හා කිසිදු සම්බන්ධතාවයක් නැති බව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වෙබ් අඩවිය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යයි.

    මෙම සමාගම අප්‍රිකාවේ ඝානාවල ලියාපදිංචි වූවක් වන අතර වාහන ආනයනය කොට අලෙවි කිරීම මෙහි කාර්ය වෙයි. 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ හිමිකරු වන රීසා රවුෆ්ය. ( Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA)

    ඉහත සමාගමේ ක්‍රීයාකාරකම් ගැන (Company Profile) වෙබ් අඩවියේ දැක්වෙන්නේ එරට මැති ඇමතිවරුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා එරටේ අලෙවියට විදේශ රටවල් වලින් වාහන ආනයනය කොට අලෙවි කරන බව මිස මොනයම් හෝ සම්බන්ධතාවයක් ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයා අතර නැති බවකි.

    ඝානා රාජ්‍යය අප්‍රිකානු මහද්විපයේ බටහිර අප්‍රිකාවේ ඇති ඉතා දිලිදු රටක් වන 2011 වර්ෂයේ ඇ.ඩොලර් බිලියන 38.7 ක් වු සමස්ථ දල ජාතික නිෂ්පාදනය සීඝ්‍රයෙන් කඩා වැටෙන රටක් වන අතර 2015 දි දල ජාතික නිෂ්පාදනය ඇ.ඩොලර් බිලියන 32 කි.

    වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම මෙතනින්'

    මේ ගැන සරස වැනි බ්ලොග් ලොව සිටින විශිෂ්ට විද්වතකු තවදුරටත් කරුණු සොයාබලා විස්තරාත්මකව පෝස්ටුවකින් ඉදිරිපත් කරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  21. // AnonymousJanuary 3, 2017 at 11:32 PM

    සරස,

    ජර්මානු වොක්ස්වැගන් සමාගමේ යයි කියමින් ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල්ගල් තබන ලද කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගම හා කිසිදු සම්බන්ධතාවයක් නැති බව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වෙබ් අඩවිය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යයි. //

    ගරු ඇනෝ තුමනි,

    මෙය නම් වටිනා කතාවක්. ඔබ ද ප්‍රාර්තනා කරනා පරිදි වාහන එකලස් කිරීම වැනි විශයන් ප්‍රගුන කල අයෙකු මේ වෙනුවෙන් තම කාලය ඩේටා හා ශ්‍රමය වැය කොට තොරතුරු සොයා බලා අප සැමටම ඉගෙන ගැනීමට හැකි කරුනු කාරනා ආලෝචනය කරැතැයි මා බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete
    Replies
    1. සරස,

      ඊයේ කුලියාපිටියේදී මුල් ගල් තබනු ලැබුවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යයි කියුවද එම විශේෂ අවස්ථාව සදහා වොක්ස්වාගන් සමාගමේ කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.

      ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග එම උත්සවයට සහභාගී වූයේ වෙස්ටන් ඔටෝමෝබයිල් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු වන රීසා රවුෆ්ය.

      එසේම මෙරට සිටින කිසිදු ජර්මානු රාජතාන්ත‍්‍රිකයෙකු හෝ එම උත්සවයට සහභාගී නොවීම විශේෂය.

      Delete
    2. Dr. Sa Rasa,

      //වාහන එකලස් කිරීම වැනි විශයන් ප්‍රගුන කල අයෙකු මේ වෙනුවෙන් තම කාලය ඩේටා හා ශ්‍රමය වැය කොට තොරතුරු සොයා බලා අප සැමටම ඉගෙන ගැනීමට හැකි කරුනු කාරනා ආලෝචනය කරැතැයි මා බලාපොරොත්තු වෙනවා!//

      This is just an assembly plant much like the ones we already have for Bajaj, Tata, Micro, Leyland already in SL. This will create 300 direct jobs (operator and fabricator level) along with few managerial jobs. Indirect around 700 jobs. The agreement is not between Volkswagen and the Government, but Senok Automobile and government. The output is 500 diesel vehicles per year and they will be sold in Sri Lanka after first three years. The initial investment, 21.5 million USD and indirect 5.0 million USD; altogether 4 billion SLR.

      There's not a single mention of the above Project in Volkswagen official web portal. And even all the Volkswagen group (Volkswagen, Marco Polo, Audi, MAN, Skoda, Scania) plants in India employ only 200-700 employees average in their 6 sites, with the exception of one Site. There are 46 assembly points for Volkswagen already in South-East Asia.

      Delete
  22. සාරස

    වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක්.

    එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන26.5 ආයෝජනයකිනි.

    මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. (මේ වන විටත් Micro, AMW, Dimo ආදී සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි)

    මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් (Senok Automobile) සමාගමයි.

    ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.

    ආයෝජන මණ්ඩලයේ වාර්තාව මෙතනින්

    ReplyDelete
    Replies
    1. Yes, It Is True. This Factory or Investment Not Belongs to German automobile manufacturer based in Wolfsburg, Germany. According to BOI Agreements, it is owned By Leading Deal Mafiya Agent Noel Selvanayagam Who Is Very Close Friend Of Mr Ranil Wickramasinghe.

      See following details

      The agreement was signed by Mr Upul Jayasuriya Chairman of BOI and Mr Noel Selvanayagam, President of Senok Automobile (Pvt) Ltd. to set up in Kuliyapitiya an assembly plant for Volkswagen Automobiles.

      Under this agreement which is a BOI SECTION 17 agreement, the investor will assemble vehicles in the 1000 cc to 2000 cc category. These vehicles will be diesel powered and include passenger cars, Sports Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) or commercial vehicles.

      Volkswagen is a leading German automobile manufacturer based in Wolfsburg, Germany. The Company was founded in 1937 and produces cars, trucks and buses. The company revenue was Euro 197 billion in 2013. It is best known for Iconic models such as Beetle, Golf and Passat.

      - Dr. Jayampathi (Mech/ Auto Engineer)

      Delete
    2. කඩුවෙල ලෝ ලෙවල් පාරේ 12 කනුව අසල දැනටමත් හමර් පවා එකලස් කරනා කර්මාන්තයක් පවතිනවා!

      Delete
    3. අර මීගමුවේ ඉන්න හර්ෂය කරන්නේත් ඔය වගේ වැඩක් තමයි. සෙනොක් කරයා නිසා හර්ෂයටත් කඩපු වාහන ගෙනත් ආයෙමත් ලංකාවේ ඇසෙම්බල් කරලා ලංකාවේ ආණ්ඩුවට ලැබෙන බදු වංචා කරන්න චාන්ස් එක මේ හොර ෆැක්ටරිය නිසා ලැබෙනවා.

      Delete
    4. // - Dr. Jayampathi (Mech/ Auto Engineer) //

      හරවත් ආලෝචනයක් ලිවීම ගැන ඔබට අපගේ ස්තූතිය හිමිවෙනවා ගරු ජයම්පති ඉන්ජිනේරු තුමනි!

      Delete
    5. ඉස්සෙල්ලා පැට්ටේරිය හදනවා…..පස්සෙ වොක්ස්වගන් එකට එන්න කියනවා…..

      ඔන්න රනිල් ගෙ මොලේ……වොක්ස්වගන් වලත් එන්ජිම ඉස්සර තිබුණෙ පිටිපස්සෙ නේ….රනිල් ගෙ ත් එහෙමයි…..

      Delete
    6. // ඔන්න රනිල් ගෙ මොලේ……වොක්ස්වගන් වලත් එන්ජිම ඉස්සර තිබුණෙ පිටිපස්සෙ නේ….රනිල් ගෙ ත් එහෙමයි //

      :D

      Delete
  23. සාරස,

    කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු දෙසැම්බර් 29 දා පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (අයි.ඕ.සී) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.

    අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.

    ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන පැය ගණනාවක්‌ තමන් භාරයේ රඳවා තබාගෙන ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ මැදිහත්වීම මත පසුව ඔවුන් මුදාහරින ලැබූ බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන ඩී. ජෙ. රාජකරුණා ප්‍රකාශ කළා.

    ඉන්දියානු තෙල් සමාගම සතුව චීන වරායේ තෙල් ටැංකි 99 ක්‌ ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ඉන් ටැංකි 16 ක්‌ පමණ ගැනීමට පසුගිය 06 දා ඇමැති මණ්‌ඩලය විසින් තීරණය කර ඇත.

    එම තීරණය මත තෙල් ටැංකි තුනක්‌ මාසයක්‌ තුළද, ඉතිරි ටැංකි දහතුන මාස තුනක්‌ ඇතුළතද ඛනිජ තෙල් සංස්‌ථාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසීම සඳහා අදාළ ඉංජිනේරුවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු දින කිහිපයකට පෙරද චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇත.

    එහෙත් මෙම තෙල් ටැංකි නිරීක්‍ෂණයට ඉන්දියානු රජයේ අවසරය අවශ්‍ය බව පවසමින් අයි. ඕ. සී. නිලධාරීන් ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන් තිදෙනා ආපසු හරවා එවා ඇත. ඔවුන් තිදෙනා යළි පෙරේදා මෙම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇති අතර කැබිනට්‌ අනුමැතිය ලබාදුන් තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔවුන් ඊයේ බැකෝ යන්ත්‍රයද ගෙන ගොස්‌ ඇත. එහෙත් ඒ අවස්‌ථාවේදී ඊට විරුද්ධවී ඇති අයි. ඕ. සී. නිලධාරීන් ඉන්දීය රජයේ අවසරය ලබාගෙන නැතැයි පවසමින් එම නිලධාරීන් තිදෙනා ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ බැකෝ යන්ත්‍රය සිය භාරයට ගෙන රඳවා තබාගෙන ඇතැයි රාජකරුණා කීවේය.

    මේ පිළිබඳව තොරතුරු දැනගත් පසු සංස්‌ථාව මැදිහත්වී ඔවුන් මුදවා ගත් බවද රාජකරුණා ප්‍රකාශ කළේය. සාරසා උන්නැහේ මේ ගැන මක්කයි කියන්නේ?

    ReplyDelete
  24. රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ලවීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම මෙහි දරුණුතම බලපෑම, රාජ්‍ය පරිපාලන ක්‍රියාදාමය ඵලදායිතාවයට බලපා ඇති අතර මේ වනවිට දේශපාලන අධිකාරිය විසින් රජයේ උසස් නිලධාරින්ට දෙන නියෝග ක්‍රියාත්මක වීම ඉතා මන්දාගාමිව සිදු වීමට පටන් ගෙන ඇත.

    විශේෂයෙන්ම දැනට මුදල් මෙන්ම ආර්ථික කටයුතු අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂ සතුව තිබෙන බැවින් රජයේ ප්‍රධාන පාර්ශවය වන ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කිසිදු සංවර්ධන වැඩසටහනක් සඳහා නිසියාකාරව මුදල් ලබා නොදීම මෙන්ම එම මැති ඇමතිවරුන් දෙන නියෝග රජයේ නිලධාරින් විසින් හිතාමතාම අඩපණ කිරිමේ ක්‍රියාවලිය යෙදෙන බවට සමහර ශ්‍රිලනිප මැති ඇමතිවරුන් චෝදනා නගයි.

    ReplyDelete
    Replies
    1. මේ වනවිට ජනාධිපතිවරයාද තම රාජකාරි ඉතා කුඩා වපසරියකට සීමා වි ඇති බව ඊයේ ජනාධිපති කාර්යාලය විසින් ජනාධිපති දෙවෙනි පදවි ප්‍රාප්තියට සමගාමීව ඉදිරිපත් කල අඩු පාඩු රාශියක් සහිත “ශ්‍රී ලංකාවේ 2030 දැක්ම ” හැදින්වීමට හැකිය. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෛභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස තිරසර යුගයක ප්‍රාර්ථනා එලිදැක්වීමේ ජාතික උත්සවය ලෙස නම් කොට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට ආරාධනා පත් යවා තිබු අතර රටක “දැක්ම 2030” Vision 2030 of Sri Lanka වැනි රටේ ආර්ථිකයට හා ජනතාවට ඉතා වැදගත් අවස්ථාවක් සැලස්මකින් තොරව ඉතා සුළු පිරිසක් සහභාගි කරගනිමින් කල බව විද්යුත් මාධ්‍ය මගින් රටට අනාවරණය විය.

      රටේ ආර්ථිකය සහ සංවර්ධනයට සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය රජයේ වැඩපිළිවෙළ සුපුරුදු ලිබරල් මෙන්ම නව ලිබරල්වාදි අරමුණ සමඟ ක්‍රියාත්මක කරමින් රජයේ අවම මැදිහත් වීමක් තුල සියලුම රාජ්‍ය ව්‍යවසායක හා රාජ්‍ය සම්පත් පුද්ගලික අංශය පවරා ඒ අනුව පාලනය කිරිමත් රනිල් වික්‍රමසිංහ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම මහජන සුභ සාධන කප්පාදුව එහි ප්‍රධාන වේ.

      Delete
    2. රාජ්‍ය පලන අධිකාරිය මෙවෙනි ද්විත්ව අරමුණක් තුල නායකත්වය ගමන් කිරීම තුල රාජ්‍ය හා පුද්ගලික අංශ මෙන්ම ව්‍යාපාර ප්‍රජාව අති දුෂ්කර වාතාවරණයකට මුහුණ දෙමින් සිටින බවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් ගත් ජේෂ්ඨයින්ගේ මතයයි. එමෙන්ම තව දුරටත් දෙමුහුන් ප්‍රතිපත්තියක් තුල සිට මේ ආකාරයෙන් ආණ්ඩුව තුල ඇමතිකම් දරමින් කටයුතු කලොත් ශ්‍රිලනිප නායකත්වය සහ මූලස්ථානය පමණක් පක්ෂ නායකයාට හිමි වී පක්ෂ සාමාජිකත්වය සිදු වෙමින් පවතින වේගයටත් වඩා වේගයෙන් පක්ෂයෙන් ඉවත්ව යන බව ආණ්ඩුවේ සිටින වැඩි පිරිසක් අවබෝධ කරගෙන ඇති බවත්,ඒ නිසා රැස්වී වැදගත් තීරණයකට එලබීමට නොහැකි වුවහොත් තනි තනිව ආණ්ඩුවන් ඉවත් වී පාර්ලිමේන්තුව තුල ස්වාධීන හෝ පොදු විපක්ෂයට එකතු විමට ඉඩ ප්‍රස්ථාව වැඩි බැවින්, ඉදිරි දින කිහිපය ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට ඔහුන්ගේ දේශපාලන ගමනේ ඉතා තීරණාත්මක වනු ඇතැයි කියැවේ. සරස ලොක්ක මොකෝ මේ ගැන කියන්නෙ?

      Delete
  25. සාරසය මෙහේ සොවියට් උපාධිධාරී කම්බ හොරු එක්ක පැටලෙත්දි මෙන්න බලපන් අරෙහෙ වෙන දේවල්. මේ දිනවල වත්මන් රජයේ දේශපාලන සබඳතා මත ලංකාව නියෝජනය කරන විදේශ තානාපති තනතුරු වලට නියෝජිතයින් පත් කිරීම යහමින් සිදුවේ.

    පසුගිය රජය දේශපාලන පත්වීම් ලබාදුන් බවට විවේචනය කරමින් තානාපතිවරුන් රැසක් නැවත කැඳවීමෙන් පසුව එම පුටු වලට මේ ආකාරයේ අය පත්කිරීම යහපාලනය වෙනුවෙන් දරදිය ඇදි නීතීඥ පිරිසකගේ දැඩි විවේචනයටද ලක්ව තිබේ.

    මේ අතර සාමාන්‍ය පෙළ විභාගයද අසමත් තැනැත්තෙකුට තව නොබෝ දිනකින් තානාපති තනතුරක් ලබාදෙන්නට ඉහළ බලපෑම් එල්ලවී තිබෙන අතර ඔහු වැනි අය පත්වුවහොත් ලංකාව විදේශ රටවලදී හෑල්ලුවට ලක්විය හැකි බැවින් ඒ ගැන දැඩි ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

    උසස්‌ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳ අවධානයට වඩා ඔවුන් දේශපාලනිකව දක්වා තිබෙන පක්ෂපාතීත්වය හෝ ඔවුන් වර්තමානයේ සිටින දේශපාලන අනාථභාවය වැනි සුදුසුකම් පමණක් මුල්කරගැනීම තානාපති සේවය නැවතත් වලපල්ලට යොමු කරන්නක් බව පෙන්වා දෙන මෙම නීතීඥ පිරිස ඊට එරෙහිව නඩු පැවරීමටද සූදානමින් සිටිති.

    ReplyDelete