Sunday, January 8, 2017

ඇන්දීමේ විප්*** ලවය!



යාලුවා වනාහී ඇන්දීමේ සූරයෙකි. 

අවුරුදු කිහිපයකට පෙර ඔහු නන්ගිලා සහ මල්ලිලා ඇන්දුවේ බ්‍රේස්ලට් සහ චුයිගම් දෙන බව කියමිනි. ගොවියන් ව ඇන්දුවේ ඔවුන් වවනා එලවලු පලතුරු යුරෝපෙට අලෙවි කොරනවා කියා ය. 

මෑත කාලේ  යහපාලනේ පටන් ගන්න කලින් සිවිල් සමාජ විසිල් කරුවන්, විශ්ව විද්යාල ආචාර්ය වරුන්, දූශන විරෝදී පෙරමුන, කලාකරුවෝ, නීතිඥ්යයෝ, දොස්තරවරු, හෙදියෝ රාජ්ය සේවකයෝ ආදී සියල්ලන් ම ඇණ්දුවේය.

චන්දේ දිනන්නත් කලින් සුලුතරයක නායකයා වී අගමැටි වූ යාලුවා ජපානෙට ගොස් ජපන් පාර්ලිමේන්තුව අමතා කතාවක් කලා යැයි මාද්ය නිවේදනයක් නිකුත් කලේය. පැය කීපයක් යන්නට කලින් ම යාලුවා ඇමැතුවේ ජපන් පාර්ලිමේන්තුව නොව එහි කාරක සබා කාමරයක් බව ලෝක මාද්‍ය වල පල වී ගෙඩිත් එක්කම මාට්ටු විය. 

ගිනි දවාලේ මහ බැන්කුව හොරා කා දූශන විරෝදී පෙරමුණට කොකා පෙන්වූ හාදයා ව එපා වෙලා හිටි අපි සිතන් හිටියේ අන්තිමටම ජනතාව ඇන්දවූ ෆොක්ස්වැගන් කෝලමෙන් පසුව වත් ඔහු ලජ්ජාවට පැමින බඩ කපාගෙන සෙප්පුකු කොරගෙන එලොව යයි කියලා ය.

එහෙත් යාලුවාගේත් අපේත් කරුමෙට විහිලු සැපයීම තවමත් ඉවර නැත.

අලුත්ම සන්ගෙඩිය නම් මහින්ද රාජපක්ශ ජනාදිපතු තුමා ට අයිති යැයි යහපාලක ගොන්වහන්සේලා විසින් අපට පැවසූ ඩුබායි මැරියට් දෝ කොහෙද හෝටලේ සත්‍ය අයිතිකරු වූ නන්දන ලොකුවිතාන මහතා ට අයත් හොරන රිජිඩ් ටයර් කම්හල ට අගමැටි තුමා මුල්ගල් තබ්ලා වේලෙන්නත් කලින් එම කම්හල සමග හවුල් ව්‍යාපාරයකට පැමිනියා යැයි කියූ ඉතාලියේ Marangoni සමාගම තමන් එහෙම හවුල් වියාපාරයකට නැත කියා පැවසීමය!

 යාලුවාගේ ඇන්දීම කෙලවරක් නැත... මහජනතාව ගේ ඇඳගැනීම ද නිමක් නැත.

හිනාවෙලා මැරෙන කාරනය නම් එවන් අගමැට්ටෙක් පත් කිරීමට මුල් වූ 2015 ආන්ඩු පෙරලිය සම"හරක්" විසින් විප්ලවයක් ලෙස නම් කිරීම ය! 2015 ශ්‍රී ලන්කාවේ සිදු වූ ගොන්පාට් එකට විප්ලවයක් කියනවා නම් විප්ලවයට කියන්නට වෙනත් නමක් අප විසින් නිර්මානය කර ගත යුතු කාලය එලඹ ඇත!



73 comments:

  1. රනිල් කියන්නේ මෝඩ, කම්මැලි උද්දච්චයෙක්. හීනමානයෙන් පෙළෙන ලිංමැඩි තමයි ඒ ගොනාව වන්දනාමාන කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒවගේම රනිල් තාමත් හිතන් ඉන්නේ 1980 ගණන්වල ලෝක දේශපාලනික, සමාජීය තත්වයි. කිසිම කෙනෙකුගේ උපදෙස් ඔහු පිළිනොගනී, තමා හරියයි සිතන ඕනෑම දයක් කල හැකියි ඔහු සිතයි.

      Delete
    2. //රනිල් කියන්නේ මෝඩ, කම්මැලි උද්දච්චයෙක්. හීනමානයෙන් පෙළෙන ලිංමැඩි තමයි ඒ ගොනාව වන්දනාමාන කරන්නේ. //

      සීයට සීයක් ඔබ හා එකඟයි ඇනෝ මැතිඳුනි!

      අවාසනාව නම් ඒ හීනමානයෙන් පෙලෙනා රනිල් වන්දනාමාන කොරනා ලින් මැඩි සැට් එක වටේ පිටේ ඉන්න උදවියටත් රනිල් වන්දනාව කරන්න කියා උනන්දු කොරවීමයි!

      Delete
    3. // ඒවගේම රනිල් තාමත් හිතන් ඉන්නේ 1980 ගණන්වල ලෝක දේශපාලනික, සමාජීය තත්වයි. කිසිම කෙනෙකුගේ උපදෙස් ඔහු පිළිනොගනී, තමා හරියයි සිතන ඕනෑම දයක් කල හැකියි ඔහු සිතයි. //

      ආන්ඩුව වෙනස් වුනාම අලුත් FCID යටතේ "බැඳුම්කරේ සත්‍ය කතාව නොහොත් කඩුවෙල උසාවිය හරහා වැලිකඩට" පොත ලියනකොට මැන්ස් ට තේරෙයි!!

      Delete
  2. මචං සාරස
    අර අරූ කියන පිස්සු හාදය කියන්නෙ උඹේ ඇඟ ඇතුලෙ ඉන්නවලු අදේශපාලනික චින්තකයෙක්ද මොකෙද්ද එකෙක්.
    ඌ කොයි හරියෙද බං ඉන්නෙ, පුකට පයින් දෙකක් ගහල ගනින්කො එලියට.
    XX දෙකේවත් එල්ලිල ඉන්නවද දන්නෙ නෑ.
    ඔය චින්තකයො විශ්වාශ කොරන්නත් බෑ බං. දැක්කද අර මහින්ද චින්තකය කොරපු විගඩං.
    එක අතකට ඔය කියන අදේශපාලනික චින්තකයට වඩා දැන් ඉන්න දේශපාලනික අචින්තකයත් නරකම නෑ හිටං. ඌටම හිතිල එලියට එන වෙලාවක එන්න ඇරහං.

    ReplyDelete
    Replies
    1. // අර අරූ කියන පිස්සු හාදය කියන්නෙ උඹේ ඇඟ ඇතුලෙ ඉන්නවලු අදේශපාලනික චින්තකයෙක්ද මොකෙද්ද එකෙක්. //

      අරූ ටත් පිස්සු මගේ බඩ ඇතුලේ ඉන්න අදේසපාලනික චින්තකයටත් පිස්සු හිටන්!

      Delete
    2. ඇනෝ...මම මේ දවස්වල පරෙයියන්ට බ්‍රෙඩ් රෝල්ස් කඩලා දානවා. ඒකෙන්වත් මේ පිස්සුව හොඳ වෙයිද බලන්න. කෝ තාම පිස්සුනේ. හරි ගියොත් , මම උඹටත් කියන්නම්. කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්. බ්ලොග්ස් කියෝපන්, ඒත් පිස්සු නම් හදාගන්න එපා. හූ ලා ලා.

      Delete
    3. අරූ...
      උඹ පිස්සුව්ව සනීප කරගෙන තනියම ගොඩ යන එක හරිද?

      එතකොට මගේ බඩේ ඉන්න අදේසපාලනික චින්තකයට දිගටම පිස්සු තිබුනට කමක් නැද්ද? උඹ අඩු තරමින් ඒ ගැන හිතුවද... නෑ උඹ හිතුවෙ උඹේ පිස්සුව සනීප කොර ගන්න එක ගැන විතරයි නේ???

      Delete
    4. හේ හේ...අඩෝ හෙට ඉඳන් බ්‍රෙඩ් රෝල්ස් දෙක දෙක දෙන්නම්. උඹට එකයි...මට එකයි.

      "දෙක දෙක දෙන්නම්" කියලා ඉස්සර අපි වල් සින්දුවක් කිව්වා ඉස්කෝලේ යන කාලේ. නිර්මාතෘ තමයි අපේ අගලවත්ත . නොහොත් අගලේ. හොඳ කොල්ලෙක්. හොඳ රගර් ප්ලෙයර්. කොලෙජ් ගැහුවා. තාත්තා ඉස්සර ඩිස්ට්‍රික් ජජ් කෙනෙක්. මූ අමු පිස්සා. මගේ සෙට් එකේ.

      Delete
    5. සම්පත් අගලවත්ත කොලෙජ් ෆස්ට් ෆිෆ්ටීන් කැප්ටනුත් කොලා හිටන්!

      Delete
    6. හරියටම හරි. සම්පත්ගේ මල්ලිත් රගර් ගැහුවා. සම්පත් මරු පොරක්. හිත හොඳ ඩයල් එකක්.

      Delete
    7. කපිල පීරිස්, විමල් ඈපාරච්චි, ඩී.එස්.ගුණරත්න ඒ මොඩ්ල් එකේ රගර් ගහපු අපිත් එක්ක හිටිය එවුන්. ජෙරමි බෝලින්, නිලු ෆිලිප්ස්, අජිත් දේවසුරෙන්ද්‍ර, සුමිත්‍ර වර්ණකුලසූරිය වගෙම තිලකරත්න බොක්සර්ස්ලා වලට බර එවුන්.

      Delete
    8. තිලකරත්න බොක්සර්? කොහුවල වූඩ්ලන්ඩ්ස් පාරේ හිටි මාලුවද? උගේ මල්ලි සිදත් මගෙ පන්තියෙ හිටියේ හිටන්!

      Delete
    9. මාලික තිලකරත්න...අපේ ප්‍රයිමරියේ තිලකරත්න මිස්ගෙ පුතා. මල්ලියෙකුත් හිටියා තමයි.

      මගේ කතාවේ මම හිටිය කොහුවල තමයි වුඩ්ලන්ඩ්ස් රෝඩ්. විජය නන්දසිරි හිටිය ගෙදරට මෙහා පැත්තෙ. දේවිකා මිහිරානිලාගේ ගෙදර ඒක. මට කතා ගොඩයි සරසයෝ.

      Delete
  3. Story of Sri Lanka today under Ranil Wickremesinghe and Maithripala Sirisena is absolutely pathetic. We were once going somewhere once, emerging from a terrible war and then two years ago the clock was turned back.

    Look at the state of the country today - it is literally in shambles. Corruption, rapes, murders, robberies, dirty streets, power cuts, water cuts, no development, no new projects, a failing rupee, a pathetic economy, no new jobs, strikes, political instability, billions spent on luxury cars and overseas trips for the yahapalanaya mob... the list just continues.

    What is there to be proud of today? Congratulations to all those who voted for this. Must make you feel real good inside.

    ReplyDelete
    Replies
    1. // AnonymousJanuary 8, 2017 at 6:40 PM //

      Well said Ano Sir!

      Delete
  4. බැඳුමකරය ගැන සඳහනක් නොවීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව හා අප්‍රසාදය පොකාස කොර සිටිමි....

    ReplyDelete
    Replies
    1. සරස තුමා ට අමතක ව ගිය බැඳුම්කරේ ගැන සිහිකැඳවීම ගැන මාතලන් තුමාට මහ බැණ්කුවෙන් මෝටර් රතවාහන බලපත්‍රයක් තෑගි ලෙස නිර්දේශ කොරමි!

      Delete
  5. ඇමති සජිත් පේ‍්‍රමදාසගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මාධ්‍ය හමුවක් කැදවමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව දැඩි විරෝධය දැක්වීය.

    ඔහු කියා සිටියේ එජාප පාජෂිකයින් රාජපක්‍ෂලා එලවා බලාපොරොත්තු වූයේ මෙය නොවන බවයි.

    අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවද එහිදී පැවසූ ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. // ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙසයි. //

      ඒ කියන්නේ ජනාදිපති තුමා ලෙදර් බ්‍රා එකක් සහ පැන්ටීස් ඇඳගෙන රනිල් ව ඇඳේ බැඳ ඇඳ විට්ටමට තබා මාන්චු දමා කසෙන් තැලිය යුතු බවය හිටන්!


      BDSM, here we come!!

      Delete
    2. Dr. Sa Rasa,

      What do u mean by BDSM? Any kind of medical term? Like PSTD? Kindly explain.

      I have searched this term in google but only some porno sites appears.

      Delete
    3. BDSM = Bondage and Discipline ( BD), Sadism and Masochism (SM).

      Delete
    4. Ah thanks a lot, by the way, it seems like some terms related to sexology, where I'm not much familiar, as I'm out of medical field.

      This blog helps us to improve our knowledge in different aspects, hats off for you Dr. Sa Rasa

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. https://en.wikipedia.org/wiki/SMJG

      Delete
  6. I am sick of this Bunch of rogue Pimps ruling the country.

    At least people can approach the President. Both SLFPers and UNPers and the Govt. Officials plus Tri Forces can approach him.

    I admire President’s new initiative to reach out to people – “Tell the President” App.

    The Fox & Pimps can go to hell. It is time the President taking the Steering Wheel and turn the country to the right direction and save from further disaster.

    Forget about the past. What happened has happened. You should reverse or correct all the blunders made by Ranil.

    We are here to help you, Mr. President if you are genuine and ready to work for the best interest of the country.

    Please stop Ranil’s political witch-hunting something which the civilized world detests. Everybody has a right to have their own political views. I am here writing to you on LCN because we are given freedom to express our own opinions, our own views, supporting or opposing.

    For nearly two years Ranil used FCID to torture political opponents and then imprison them. The latest target is “going to be” Wimal. Ranil is trying to imprison Wimal on false charges. I personally can’t bear Wimal going to jail. He was my inspiration to come out from the shell and fight for the country.

    What did Wimal do? You were in the same Cabinet. Was Wimal the only Minister who used two vehicles? And for one vehicle he had pumped fuel even surpassing his usual quota. Instead of admiring his committment to work, Ranil is trying to jail him for no reason. Do you agree with imprisoning one’s political opponents to suppress their voice? You are someone who said that you were not given opportunity to express your views. Look at you now, you are now in power, but your government do the same to other UPFA MPP. Is that right?

    ReplyDelete
    Replies
    1. // We are here to help you, Mr. President if you are genuine and ready to work for the best interest of the country. //

      one wonders if our president is really genuine type......

      Delete
  7. රවී මලික්ද ඇදගෙන වහං විය​. අකිල වොක්ස්වැගන් එකක නැගී පලා ගියේය​. නිමල් සිරිපාල මොකුත්ම දන්නේ නෑ කියා ඇත්තම කීවේය. දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නා අහිංසක නිමල් මොකුත්ම දන්නේ නැත​. මහින්ද අමරවීර එක පවුලක්වත් ඉවත් නොකර හම්බන්තොටින් අක්කර පහලොස් දාහක් දෙන හැටි කියා දුන්නේය​. හම්බන්තොට මුහුදෙන් හෝ ගුවනින් අක්කර පහලොස් දාහක් දුන්නාම ගොඩබිම ඉන්නා උන් බේරෙන බව අමරවීර දන්නේය​. මිනිස් බිල්ල ගැන අමරවීර කීවේ සත්‍යයකි. මෙසේ පැන දුවන උන් මුහුදට පනින බව සැබෑය​. නුදුරේදී වෙරලට ගොඩ ගසනා මල කඳන් තල්මසුන්ගේ යැයි කියා රැවටෙන්නට උවමනා නැත​.

    ReplyDelete
  8. සාරස,

    ස්පාඤ්ඤයේ ඉයුඩොක්සස් සහ පෘතුගාලයේ වස්කො ද ගාමාගේ සිට ඉන්දියාව සොයා යුරෝපයෙන් පැමිණි නැව් වලට ඉන්දියාවට ලඟා වීමට අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු විය. මේ සඳහා ගත වන කාලය සහ වැය වන ධනය යුරෝපය සහ ආසියාව අතර වෙළඳාමට තිබුණු දැවැන්තම බාධකය විය. ඊට විසඳුමක් ලෙස 1859 දී මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරමින් සූවස් ඇල ඉදි කරන ලදී. එය දිගින් කිලෝ මීටර් 193ක් විය. එබැවින් යුරෝපය සහ ආසියාව අතර වෙළඳාම මෙන්ම ගමනාගමනය ද නොසිතූ අයුරින් දියුණු විය.

    නාවික ගමනේ මී ළඟ පෙරලිය වූයේ සූවස් ඇලයි. ඇමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර ප්‍රාන්ත අතර නාවික ගමනාගමනය ඇති කරමින් පැනමා ඇල ඉදි කිරීම සඳහා ඇමෙරිකාව විසින් කොලොම්බියාව ආක්‍රමණය කර පැනමාව නමින් නැවුම් රටක් ලෝක සිතියමට එක් කළ අයර 1903 දී ඉදි වුණු පැනමා ඇල හේතුවෙන් දකුණු ඇමෙරිකාව වටා ගමන් කළ නැව් කිලෝ මීටර් 77ක් පමණක් ඇල දිගේ ගමන් කිරීමෙන් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයට පැමිණීමට හැකි වී ඇත.

    ReplyDelete
    Replies
    1. චීනයට අවශ්‍ය ඛණිජ තෙල් වලින් 80%ක් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ආනයන ද චීනයට ලඟා වෙන්නේ ඉතාම පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය. අප්‍රිකාවෙන් සහ අරාබියෙන් මිළ දී ගන්නා ඛණිජ තෙල් පුරවා ගත් නැව් මලක්කා සමුද්‍ර සන්ධිය නමැති කුඩා බිම් තීරුව හරහා ගමන් කර සිංගප්පූරුව වරායට ලඟා වීමෙන් අනතුරුව චීනයට පැමිණේ. මලක්කා සමුද්‍ර සන්ධිය දෙපස තිබෙන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුවයි. මෙම රටවල් තුනම චීනය දකින්නේ ඇමෙරිකානු හිතවාදි රටවල් ලෙසයි. ඇමෙරිකාව සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් මෙම රටවලට චීනයට පැමිණෙන තෙල් නැව් අවහිර කළ හැකි බවත් ඒ හේතුවෙන්ම චීනය ඇද වැටෙනු ඇති බවත් චීන විශ්වාසයයි. එය ජාතික ආරක්ෂාවට තිබෙන ලොකුම තර්ජනය ලෙස චීනය සලකයි. හිටපු චීන ජනාධිපති හු ජින්ටාඔ විසින් “මලක්කා දෙගිඩියාව“ ලෙස හැඳින්වූයේ චීන ආණ්ඩුව වෙලා ගත් මෙම බියයි.

      මලක්කා දෙගිඩියාවට අපූරු විසඳුමක් ද තිබේ. ඒ තායිලන්ත ක්‍රා ඇල ව්‍යාපෘතියයි. අන්දමන් මුහුද සහ දකුණු චීන මුහුද යා කරමින් තායිලන්තයේ ක්‍රා නම් පටු බිම් තීරුව හරහා සූවස් වැනි ඇලක් නිර්මාණය කිරීම ක්‍රා ඇල ව්‍යාපෘතියයි. මෙම ඇල ඉදි කිරීමෙන් චීනයට, ජපානයට සහ පිලිපීනයට යන නැව් ගමන කිලෝ මීටර් 1,200කින් කෙටි වනු ඇත.

      තායි ආණ්ඩුව විසින් ක්‍රා ඇල ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කලේ 1677 තරම් ඈතකය. ඒ සූවස් ඇල ඉදි කිරීමට ද ප්‍රථමය. නමුත් තාක්ෂණයේ දුර්වලතා මෙන්ම අධික වියදම ද හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක නොවිණි. ඉන්පසු බ්‍රිතාන්‍ය ද ක්‍රා ඇල ඉදි කිරීමට සූදානම් වූ නමුත් පසුව අත් හරින ලදී. මෙම යෝජනාව යලිත් මතු වූයේ චිනයට ඇති වුණු මලක්කා දෙගිඩියාව හේතුවෙනි.

      චීනය විසින් ක්‍රා ඇල ඉදි කිරීම පිලිබඳ ශක්‍යතා වාර්තාවක් සකසමින් සිටින බව 2005 දී වාර්තා කලේ “ද වොෂිංටන් ටයිම්ස්“ පුවත්පතයි. නමුත් චීනයට මෙම ඇල ඉදි කිරීම පිලිබඳ ද දෙගිඩියාවක් ඇති වී තිබිණි. ඒ මෙම ඇල ඉදි කිරීමෙන් සිංගප්පූරුව මුහුණ දෙන ශෝචනීය තත්වයයි. සිංගප්පූරු ජාතික ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සිංගප්පූරු වරායයි. මෙම වරායට පැමිණෙන නැව් වලින් 90%ක්ම චීනයට ජපානයට කොරියාවට තායිවානයට සහ පිලිපීනයට යන හෝ එම රටවලින් එන නැව්ය. එබැවින් ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරුවට අත් වන්නේ සූවස් ඇල ඉදි කිරීමෙන් සුබ පැතීමේ තුඩුව වරායට අත් වූ ඉරණමයි. සුබ පැතීමේ තුඩුව වරාය යනු ලොව පැවැති කාර්ය බහුලම වරායකි. යුරෝපයේ සිට පැමිණෙන නැව් මෙන්ම යුරෝපය බලා යන නැව් ද ආහාර, තෙල් සහ ඉන්ධන සැපයීම් සඳහා නවත්වන්නේ මෙම වරායේය. එමෙන්ම නැවියන් මාරු වීම සිදු වන්නේ ද මෙම වරායේ දීය. නමුත් සූවස් ඇල ඉදි කිරීමෙන් පසු යුරෝපීය සහ ආසියානු නැව් අප්‍රිකාව වටා ගමන් කිරීම නැවතිණි. ඒ සමගම සුබ පැතීමේ තුඩුව වරාය ද නැව් නොඑන කාර්ය බහුල නොවන වරායක් බවට පත් විය. ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරු වරායට ද අත් වන්නේ සුබ පැතීමේ තුඩුව වරායට අත් වුණු ඉරණමයි.

      චීන ජාතිකයින් පාලනය කරන ලොව රටවල් තුනක් තිබේ. ඒ චීනය, සිංගප්පූරුව සහ තායිවානයයි. තායිවානය ස්වාධීන රටක් ලෙස චීනය පිලි නොගන්නා බැවින් තානාපති සබඳතා තිබෙන්නේ සිංගප්පූරුව සමග පමණි. එබැවින් ක්‍රා ඇල ඉදි කර සිංගප්පූරුව රිදවීමට චීනය කැමති නොවීය.

      අවාසනාවකට සිංගප්පූරුව නම් චීනය රිදවීම ප්‍රශ්නයක් කර ගෙන නොතිබිණි. දකුණු චීන දූපත් වල අයිතිය පිලිබඳ අර්බූදයේ දී සිංගප්පූරුව විසින් කළ ප්‍රකාශ අනවශ්‍ය ලෙස චීනය කෝප ගැන්වීමක් ලෙස සිංගප්පූරුවේම විදේශ විත්ති විචාරකයින් හඳුන්වා තිබිණි. 2016 අගෝස්තු දෙවන දින සිංගප්පූරු අගමැතිට ඇමෙරිකානු ජනාධිපති විසින් ලබා දුන් රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ආසියානු පැසිපික් කලාපයේ බල තුලනය සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය බව පමණක් නොව ඔබාමා ඇමෙරිකාවේ පළමු පැසිපික් ජනාධිපති බව ද සිංගප්පූරු අගමැති පැවසීය. මෙය චීනය කෝප ගැන් වූ බව ඊට චීනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් “සිංගප්පූරුව ඇමෙරිකානු ඉත්තෙකු වුවහොත් ඇමෙරිකාව සහ චීනය අතර අතරමැදියා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නවා“ යැයි පැවසීමෙන් පැහැදිලිය.

      Delete
    2. 2016 සැප්තැම්බර් මාසයේ දී වෙනුසුවේලා හි පැවැත්වුණු නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ දී දකුණු චීන මුහුදේ දූපත් පිලිබඳ විශේෂ ප්‍රකාශයක් සම්මත කර ගන්නා ලදී. සිංගප්පූරු මාධ්‍ය මෙන්ම චීන මාධ්‍ය ද වාර්තා කලේ එකී යෝජනාව ආසියාන් සංවිධානයේ ඉදිරිපත් කළත් ඒ පිටුපස සිටියේ සිංගප්පූරුව බවයි. මීට අමතරව ඇමෙරිකානු යුද ගුවන් යානා සිංගප්පූරු ගුවන් තොටුපලේ නැවැත්වීමට අවස්ථාව ලබා දීම චීනයේ පෑරුණු තුවාලයට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

      චීනය සිංගප්පූරුවට රිදවීමට සිතුවේ අපූරු ක්‍රමයකය. ඒ සිංගප්පූරුව විනාශ කෙරෙන ක්‍රා ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙනි. අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වැය කර වසර දහයක දී මෙම ඇල ඉදි කිරීමට තායි සහ චීන සමාගම් දෙකක් ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම පිලිබඳ මාධ්‍ය වාර්තා කළ විට තායිලන්තයේ චීන තානාපති පැවසුවේ තමන් ඇල ඉදි කිරීමට තීරණය කරන්නේ එය බලපාන සියළුම රටවල් සමග සාකච්ඡා කර බවයි. කෙසේ වෙතත් ක්‍රා ඇල නුදුරු අනාගතයේ දී යථාර්ථයක් වනු ඇත. කෙසේ වෙතත් සමහර විචාරකයින් පවසන්නේ චීනය ක්‍රා ගිවිසුම අත්සන් කලේ පසුගිය මැයි මාසයේ දී බවත් ඒ බව හෙලි වීමෙන් පසු සිංගප්පූරුව චීන විරෝධි ස්ථාවරයකට තල්ලු වුණු බවත්ය.

      Delete
    3. මුලින් සඳහන් කළ පරිදි ක්‍රා ඇල ඉදි කිරීමෙන් පසු සිංගප්පූරු වරායේ වැදගත්කම අතුරුදහන් වනු ඇත. එම ස්ථානය ගනු ඇත්තේ නව මුහුදු මාර්ගයේ හරි මැද පිහිටි හම්බන්තොට වරායයි. ඒ අනුව චීන තෙල් නැව් ගමන් කරන මාර්ගයේ තිබෙන මෙන්ම ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට පත් වනු ඇත.

      වත්මන් ආණ්ඩුව වසර 99කට චීනයට බදු දීමට යන්නේ අනාගත ආසියාවේ වැදගත්ම වරාය බව මෙම ප්‍රවණතා අධ්‍යනය නොකළ වත්මන් ආණ්ඩුව නොදන්නවා විය හැක. තවත් වසර 99කින් වැදගත් සිදුවීම් දෙකක් ලොව සිදු වේ. පළමු සිදුවීම වන්නේ ඇමෙරිකාව පරදා ලොව ආර්ථික සහ යුද සුපිරි බලවතා බවට චීනය පත්වීමයි. දෙවන සිදුවීම වන්නේ හම්බන්තොට වරාය ආසියාවේ වැදගත්ම වරාය මෙන්ම චීනයට වැදගත්ම වරාය බවට ද පත්වීමයි. ඒ පසුබිම තුල චීනය හම්බන්තොට අත්හැර යෑමට අකැමැති වනු ඇත. එසේම ලොව සුපිරි බලවතා බලහත්කාරයෙන් ඉවත් කිරීමට ද අපට හැකියාවක් නොමැති වනු ඇත. එය ඉන්දියාව සහ ඇමෙරිකාවේ කිපීමට ද හේතු විය හැකි ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් මෙන්ම ලේ විලක් ද බවට පත්වීම නම් වැලැක්වීමට නොහැකි වනු ඇත. “Do not catch anything what you cannot throw away“ හෙවත් “අත්හැරීමට නොහැකි කිසිවක් අල්ලා ගනු එපා“ යනුවෙන් ඇති ඉංග්‍රීසි කියමන ලංකාවට වඩාත් අදාළ යැයි මට සිතේ.

      Delete
    4. ගරු ඇනෝ තුමනි,
      ඔබ මෙහි පල කල කොමෙන්ටුව වෙනත් තැනකත් මා දුටුවා. එය නැවත මෙහි පල කිරීම ගැන මා ඔබට ස්තූති කරනවා.

      පසුගිය ජූලි මාසේ මා චීන ආරක්ශන සැලැස්ම සහ හම්බන්තොට වරාය ගැන ලිපියක් මෙම බ්ලොගේ පල කලා.

      https://mallepol.blogspot.com/2016/07/blog-post_29.html

      හැබැයි මෙම ක්‍රා ඇල ව්යාපෘතිය ගොඩ ගියොතින් ලෝකේ ආර්තික දේශපාලන බල තුලනේ පවා වෙනස් වෙන්න පුලුවනි.

      එකම ප්‍රශ්නේ තියෙන්නේ අපේ අසල්වාසී ඉන්දියාව ඔවුන් ගේ ඉත්තන් යොදවා මේ හැම දේටම බකට් පෙරලා අපේ රටම ලේ විලක් කරයිදෝ කියනා සැකයයි!

      Delete
    5. ත්‍රා ඇලේ සිද්ධිය ඇත්තක්නම් වැඩේ ටිකක් බරපතළයි...

      Delete
    6. // ත්‍රා ඇලේ සිද්ධිය ඇත්තක්නම් වැඩේ ටිකක් බරපතළයි... //


      අනිවා!

      Delete
  9. රනිල් පත් කරපු අල්ලස් කොමසාරිස් වරිය අයින් කලේ රාජිත නම් දූෂිතයාගේ කරට වැටෙන්න ඔන්න මෙන්න කියා තුබූ අල්ලස් මන්දෙන් බේරීමට ඒ හිවලා විසින් ජනාධිපතිවරයා මෙහෙයවූ අනගි අවස්ථාවක් තමයි ගෝඨලා වෙනුවෙන් ජනාධිපතිවරයා කිඹුල් කඳුළු සැලීම​.අල්ලස් කොමිසම මෙහෙයවූ ඒ පක්‍ෂග්‍රාහී කාන්තාවගේ එකම රාජකාරිය වූවේ ඇයට අණ දෙන අගමැතිවරයාගේ අණ ක්‍රියාත්මක කිරීමම පමණයි.රනිල් බිමට සමතලා කල හැකි එකම පුද්ගලයා ගෝඨාභය බැව් මුලු ලොවම දන්නා කාරණයක්.රාජිතත් රනිල්ගේ උදහසට ලක්වූ පුද්ගලයෙක්.ජනාධිපතිවරයා මේ සියල්ලට මැදිවූ ඉත්තෙක් පමණයි.මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා හා සමානයි ඔහුගේ හැසිරීම​.ඔහු සද්භාවයෙන් ගෝඨා වෙනුවෙන් කථා කලා නම් පසුදාම රාජපක්‍ෂවරුන් හම ගසා එල්ලන කණ්ඩායමේ නායකත්වය ගන්නේ නැති බව තේරුම් ගන්නට විශාරද මොළයක් අවශ්‍ය වන්නේ නැහැ.ආඳා යවා තබාලා වල් පත ගත්තා සේ අල්ලස් කොමසාරිස්වරිය පලවා හැර රාජිත බේරා ගත් සීතල මෙහෙයුමට ගෝඨා ඉත්තෙක් කර ගත් බවයි සැබෑ සත්‍යය​.අද රාජිත ගැන චෝදනා තිබුනාදැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කල අයගෙන්ම ඇසුවොත් ඔවුන් කියාවි එහෙම දෙයක් ඔවුනට මතක නැති බව

    ReplyDelete
    Replies
    1. හැබැයි රාජිත සීග්‍රයෙන් දේශපාලන සතුරන් අති කරගනිමින් පවතිනවා...... බලමු තව කොපමන කාලයත් ඔහු වැජඹේ ද කියා...

      Delete
  10. සරස

    මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ ඇමතිවරුන් පිලිතුරු නොදී පලා ගියහ.

    රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය.

    ReplyDelete
    Replies
    1. රනිල් වැඩකරන්නේ තනිමතේට...
      ඇමැතිලා මොනවා කියලා මාද්‍යයට කියන්නද?

      Delete
  11. සාරස,

    මම වත්මන් ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව සිරිකොතෙන් ලැබෙන දීමනා වෙනුවෙන් දේශපාලන බ්ලොග් ලියන හිටපු වාමාංශිකයකු වූ බ්ලොග්කරුවෙක්. උඹට ඇත්තම කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් හට සාධාරණ මුදලක් ගෙවා (දැනට ගෙවන සොච්චම් දීමනාව වත්මන් ජීවන වියදම් සමග ගලපා සාධාරණ ප්‍රමාණයකින් වැඩිකරමින්) අප සමග හොඳ සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. විශේෂයෙන්ම මාධ්‍ය ඇමතිවරයාගේ වැඩ අජූතය. ඔහු වෙනුවෙන් පැය ගනන් කට්ට කමින් චාටර් වෙන අපිට සීල් අරක්කු තබා කසිප්පු ටිකක් වත් තොලගාන්නට වෙන්නේ අපේම අතේ වියදමිනි.

    ඔබලාට දුෂිත මරා කල්ලියෙන් ලැබෙන ගතමන්ට් එක කොහොමද? වෙලාවට පේමන්ට්ස් ලැබෙනවාද? 100% කෑශ් ලැබෙනවාද? මේ ගැන විස්තරාත්මක බ්ලොග් පෝස්ටුවක් ලියන්නේ නම් අප වැනි වෘත්තීය බ්ලොගකෘවන්ට ඉතා වැදගත් වනු නිසැකය.

    ReplyDelete
    Replies
    1. මෙයින් පෙනෙන්නේ ඔබ ලියනා මැල්ලුමට කිසිම මාකට් වැලියු එකක් නැති බව ය.

      කිසිම වුර්තීය සුදුසුකමක් හෝ පලපුරුද්දක් නැතිව ලියන්නා සිරිකොත කුස්සියේ මැල්ලුම් ලිවීමට සුදුසුය.

      "ලිවීමට ගෙවීම" වැනි ව්‍යාපෘතියක් සජිත් තුමා සමග ආරම්බ කොරන්න උත්සාහ කොරන්න...

      Delete
    2. සාරස මහතාණනි,

      මේ කොමෙන්ටුව ලියන මමත් සිරිකොත වෙනුවෙන් 2014 නොවැම්බර් මාසයේ සිට රුපියල් 1600 ක දෛනික වැටුපකට බ්ලොග් සහ ෆේස්බුක් කොමෙන්ටු ලියන්නෙක්මි. මේ වන විට එම කාර්යය අරඹා වසර දෙකකටත් වැඩි කාලයක් ගත් වී ඇතත් තවම වැටුප් වැඩි වීමක් සිදු වී නැත. ඒ අතරතුර ජීවන වියදම සෑහෙන ප්‍රමාණයකින් වැඩි වී ඇත. විශේෂයෙන් ම ඩේටා ගාස්තු සඳහා මට අමතර දීමනාවක් නොගෙවන නිසා තත්ත්වය බරපතල අතට හැරෙමින් පවතී. මාගේ පුත්‍රයා 2015 දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වී දැන් උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබයි. ටියුෂන් ගාස්තු සඳහා දැන් පෙරටත් වඩා මුදල් වැය කිරීමට සිදු වී ඇත. මේ වන විට දෛනික වැටුප වැඩි කර දෙන ලෙස අදාළ ඇමතිවරයාට කිහිප විටක්ම ආයාචනය කළ නමුදු මගේ ඉල්ලීම ශත පහකටවත් ඔහු ගණන් නොගනී. මා ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මල් පොහොට්ටු පිළේ වෙබ් සහ ෆේස්බුක් ලියන තනතුරක ඇබෑර්තුවක් ඇත්නම් මා ඒ සඳහා නිර්දේශ කරන මෙන් ය.

      ඔබතුමාගේ කාරුණික ආධාරය සහ අනුග්‍රහය පතමින් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

      ඔබතුමාට බොහොමයක් ම පින් අයිති වේවා.

      Delete
    3. AnonymousJanuary 8, 2017 at 9:27 PM
      අපගේ නෙළුම් පොකුන කාර්‍යාලයේ වැසිකිලි හා කැසිකිලි හේදීම සඳහා ඇබෑර්තු ඇත.ඔබගේ කාන්ඩායම් නායක නෙළුම්යායේ-අජිත් සමග පැමින විමසන්න. හිරිකොතෙදී මෙන් වැසිකිලි හා කැසිකිලි ලෙව කෑමට අවශ්ය නැත. පිරිසිදු කිරීමේ උපකරන සැපයේ.

      Delete
  12. සැබැවින්ම රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට නොහැකි නිසා ගැටුම් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අභ්‍යන්තරයේ සිටින පිරිස් විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් බව සිතා ආණ්ඩුවේ ප්‍රබලයෙකු කුපිත වී ඉතා තද වාග් ප්‍රහාරයක් තවත් ප‍්‍රබලයෙකුට එල්ල කොට ඇතැයි ඉහල පෙලේ දේශපාලන ආරංචි කියතියි මාධ්‍ය වාර්තා පළවුණා.

    මේ වනවිටත රටේ දේශපාලන අර්බුදයක් පෙනෙන්නට තිබුනත්, ඊට වඩා දරුණු ආර්ථික අර්බුදයකට රට ගොදුරු වී ඇති බවත් ආණ්ඩුවේ කිසිම ආර්ථික වැඩපිළිවෙළක් සාර්ථකව කිරීමට ආණ්ඩුවේ සමහර පාර්ශවයන් සහයෝගය නොදෙන බවත් ඒ හේතුවෙන් ආර්ථිකය මෙසේ කඩාවැටීමෙන් ඔප්පු වන බවත් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන නායකත්වය දරන කණ්ඩායමේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ආසන්නතම හේතුව සංවර්ධන විශේෂ විධි විධාන පනත සියලු පලාත් සභාවල පරාජය කිරිමයි.

      ආණ්ඩුවට සහයෝගය දෙනවා කියා පැමිණ රටේ වැදගත්ම අමාත්‍යාංශ කිහිපයක්ම ලබාගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැනට විරෝධය එල්ල වී ඇත.

      කෘෂිකර්මය, වාරිමාර්ග හා ජල කලමාණාකරය, මහවැලි හා පරිසර, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති, ප්‍රවාහන හා ගුවන් සිවිල් ගුවන් සේවා, ඛනිජ තෙල් හා ප්‍රෙට්ට්‍රොලියම් වායු පිලිබඳ, සමෘද්ධි හා සමාජ සුභ සවිගැන්වීමඳ පලාත් සභා සහ පලාත් පාලන, ධීවර හා ජලජ සම්පත්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුල, විද්‍ය තාක්ෂණ හා පර්යේෂණ, කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා, ආපදා කලමණාකරන යන අමාත්‍යාංශයන් මේ වන විට ශ‍්‍රිලනිපය විසින් දරමින් සිටී.

      එම සියලුම අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය පසුගිය රජයේ තිබු තත්ත්වයටත් වඩා කඩා වැටිමක් පෙන්නුම් කරන අතර මෙම බලපෑම් සමස්ථ ආර්ථික කඩාවැටිමට බෙහෙවින් හේතු වී ඇති බවත් ආණ්ඩුවේ රක් කොටසක අදහසයි.

      Delete
    2. අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ කණ්ඩායමේ අමාත්‍යාංශවල පමණක් නිසියාකාරව ඉලක්කයකට කටයුතු කරන බවත් ඉහත හේතුව නිසා ජනතාව අගමැතිවරයාගේ සහ ආණ්ඩුවන් බලාපොරොත්තු වූ වැඩපිළිවෙළ මේ අනුව ක්‍රියාත්මක කිරිමට නොහැකි වීමෙන් ජනතාවගේ විවේචන සහ දොස් පමණක් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පිට පැටවීමට හවුල්කාර පක්ෂය උත්සහ ගැනිම ද මෙම තත්ත්වය ඇතිවීමට හෙතු වී ඇතැයිද චෝදනා එල්ල කරයි.

      Delete
  13. The awareness that Sirisena may be trying to do to Ranil Wickremesinghe what he earlier did not Mahinda Rajapaksa is poisoning the air. This would be like Judas Iscariot first betraying Jesus to the Romans and then betraying the Romans to the Huns – or any other barbarians who would happen to be clamoring at the gate! Everybody refers to Sirisena’s departure from the Rajapaksa camp as the ‘hopper theory’ of politics where you break bread with a man in the night and then stab him in the back in the morning. The possibility that he may be now trying to do the same thing to the UNP is certainly not going to endear him to the public.

    ReplyDelete
    Replies
    1. // The possibility that he may be now trying to do the same thing to the UNP //

      That would be the DAY!!

      On that day, I would feed Kiribath to 1000 people !

      Delete
  14. ජාතික ප්‍රතිපත්ති, මුදල්, ආර්ථිකය, ආරක්ෂාව, ආයෝජන, වෙළඳාම, විදේශ කටයුතු, නීතිය හා සාමය වැනි ඉතාම වැදගත් ඇමතිකම් හැම එකක්ම තියෙන්නේ UNP කාරයෝ අතේ. ඔක්කොම දූෂණ වංචා, කොමිස් ගැහිලි, හොරකම්, රාජ්‍ය සම්පත් විකිනිලි සිද්ධ වෙන්නේ UNP ඇමතිවරුන් ඉන්න තැන් වලින්. SLFP එකට දීලා තියෙන්නේ දෙවැනි පෙළ ඇමතිකම්.

    ඒ හින්දා අනිවාර්යයෙන්ම ජනාධිපති සහ SLFP මන්ත්‍රීවරු හැම තිස්සෙම මේ පට්ට UNP හොරු රැල දිහා ඇහැගහගෙන ඉන්න බවයි පේන්නේ. ඇතුලෙ මණ්ඩලේ කචල් වෙන්න හේතුවත් සමහරු අස්වෙන්නත් හේතුව ඒකයි.

    මුන්ට මේවා කරන්න ජනතාව ජනවරමක් දීලා නැහැ. ජනතාව මේ හොරකම්, ජාතික සම්පත් විකිණීමට එරෙහිව නැගී හිටින්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. // SLFP එකට දීලා තියෙන්නේ දෙවැනි පෙළ ඇමතිකම්. //

      මයිත්‍රීපාල ට චන්දෙ වත් නොදුන්න එවුන් ට දෙවෙනපෙලත් හොඳ වැඩියි හිටන්!

      Delete
  15. රනිල් ගේ බැබලීම සිදුවුනේ 1980 දශකයේ ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැනි අයගේ දක්ෂතාවය නිසා ඇතිවුන කිර්ති නාමය ඉබේම රනිල්ට ලැබීමෙන් එහෙම නැතුව ඔහුගේ විශේෂ දක්ෂ කමක් නිසා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. // රනිල් ගේ බැබලීම සිදුවුනේ 1980 දශකයේ ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැනි අයගේ දක්ෂතාවය නිසා ඇතිවුන කිර්ති නාමය ඉබේම රනිල්ට ලැබීමෙන් එහෙම නැතුව ඔහුගේ විශේෂ දක්ෂ කමක් නිසා නෙමෙයි. //


      සහතික ඇත්ත!

      Delete
  16. රනිල් කියන්නෙ ලංකාවෙ බිහිවුණ උද්දච්චම නායකයා. එයා ආයෙ ආයෙ බලයට ආවෙ කපටිකම නිසා

    ReplyDelete
    Replies
    1. එතකොට උඩුවට මතකද දන්නෙ නැහැ අර රාවය පත්තරේ ස්වාධීනත්වය රකින්ඩ කියල සල්ලි එකතු කරා. අන්තිමට අනිත් එවුන් හොරා කනවෝ, හොරා කනවෝ කියල කෑ ගහන වික්ටර් අයිවන් ලොක්ක එකෙන් ලක්ශ 50 ක් තමුන්ගෙ නමට චෙක් එකකින් ලියාගෙන පැනල ගියා?
      සමහර උන් අනුන්ගෙ රහස් බැංකු අක්වුන්ට් වල තියෙන මුදල අන්තිම සතේට දැන ගත්තට තමුන්ගෙ රෙද්ද අස්සෙ එල්ලෙන්නෙ මොකක්ද කියල දන්නේ නැති නිසා ඒ ගැන තියෙන ලින්ක් එකකුත් දැම්ම් පහලින්.

      https://www.colombotelegraph.com/index.php/victor-ivan-pocketed-half-of-ravayas-rs-10-million-fund/

      Delete
    2. //රනිල් කියන්නෙ ලංකාවෙ බිහිවුණ උද්දච්චම නායකයා. එයා ආයෙ ආයෙ බලයට ආවෙ කපටිකම නිසා//


      ඇත්ත...රනිල් කියන්නෙ ලංකාවෙ බිහිවුණ උද්දච්චම නායකයා.

      එයා ආයෙ ආයෙ බලයට ආවෙ එයාගෙ කපටිකම නිසා නෙවෙයි... CIA සහ RAW වැනි ආයතන වලට පින්සිද්දවෙන්න!

      Delete
  17. බත් කෑ යුතු උන්ට තණ කොළ කන්ට දීම වරදකි. තණ කොළ කෑ යුතු උන්ට ඒ නිදහස ලබානොදීමද වරදකි. සාරසයනි, ඔබ කීවා හරි. රටම අගාධයකට ගමන් කරමින් තිබේ. තේරෙන සැම එය වැළක්වීමට හා රට නිවරදී තැනකට ගැනීමට වෙහෙස විය යුතුය. අදහස් දැක්වීමට මෙම අවස්ථාව ලබාදුන් සාරස, ඔබට බෙහෙවින් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //AnonymousJanuary 9, 2017 at 1:28 AM //

      මෙහි පැමින ඔබගේ වටිනා අදහස් පල කලාට බොහෙඔමත් ස්තූතියි ගරු කටයු තු ඇනෝ තුමනි!

      Delete
  18. //2015 ශ්‍රී ලංකාවේ සිදු වූ ගොන්පාට් එකට විප්ලවයක් කියනවා නම් විප්ලවයට කියන්නට වෙනත් නමක් අප විසින් නිර්මාණය කර ගත යුතු කාලය එලඹ ඇත!//
    අනේද කියන්නෙ හිටං...

    ReplyDelete
    Replies
    1. The best part in this blog post.

      ++++++++++++++++++++++++++++

      Well said sarasa, u are the man.

      Delete
    2. //නොකී කතාJanuary 9, 2017 at 1:36 AM //

      // AnonymousJanuary 9, 2017 at 1:39 AM //

      ආප්ප කාලා කොරපු විප්ලවේ හන්දා මේකට "ආප්පලවය" කියමුද හිටන්??

      Delete
  19. සාරසා,

    ඔබගේ ලියවිලි කියවන්නට ඉතාමත් ප්‍රියයි. ඒවාටත් වඩා මෙහි වැටෙන කමෙන්ට්වල වටිනා ගතයුත්තක් තිබෙන බවයි මගේ අදහස.

    පසුගිය දවසක එක නිර්නාමික අදහස් දක්වන්නෙක් ඔබේ බ්ලොගය තුලම අභියෝගාත්මකව කියා තිබුනා බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" බව. සාරසාලා වැනි හරවත් සංවාද ගොඩනගන්නන් බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" යන අදහසින් බොහෝ එපිටට ගෙනයන බවයි පෙනෙන්නේ. විවිධ ක්ෂේත්‍රවල නිපුණයන් ඒ ඒ ක්ෂේත්‍ර වලින් පණිවුඩයක් දිය හැකි යමක් ලියා තැබීම බොහෝ වටිනා බවයි මගේ අදහස.

    කියවා අපට යමක් ඉගෙනගතහැකි හැකි ලියවිලි ලිවීම ගැන සාරසාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. // AnonymousJanuary 9, 2017 at 1:38 AM //

      මෙහි ආවා ටත්
      ලිපි කියවූවාටත්
      කොමෙන්ටු කියවූවාටත්
      ඒ දෙකම අගය කිරීමටත්...

      ඔබට බොහෝ ස්තූතියි ගරු කටයුතු ඇනෝ තුමනි!

      Delete
  20. ඊලග ජනාධිපතිවරණය සඳහා ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කොට තීරණය කල බව අද ලංකාදීප පුවත් පත වාර්තා කොට ඇත.

    කරුණු එසේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරයට තේරි පත් වුනේ 2015 ජනවාරි 8වෙනිදා බැවින් නැවත ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන්නේ නම් ජනාධිපතිවරනය සඳහා තරග කිරීමට තව මාස 24 කින් පසු ජනාධිපතිවරණයක් කැදවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) (අ) අනුව ප්‍රතිපාදන සලසා ඇත.

    2019 නොවැම්බර් මස වන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිම බොහෝ දුරට 2019 අගෝස්තුවේදී විය හැක.

    එහෙත් වර්තමාන ජනාධිපතිවරයා ඊලග ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ඔහුගේ ධූර කාලය අවුරුදු 5 වන බැවින් එම කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස 2 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත් විය යුතුය.

    ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඊලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් නැතත් ඔහුගේ ජනාධිපති ධූර කාලය 2019 දෙසැම්බරයේදී අවසන් වන බවත් ඒ අනුව උපරිම තව මාස 35 ක එනම් අවුරුදු 3 කට අඩු කාලයක් වර්තමාන ජනාධිපතිට එම ධූරය දැරීමට හිමිකම් ඇති බවත් පහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදරිමෙන් අවබෝධ කර ගත හැකිය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනරජයේ ජනාධිපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, VII වැනි පරිච්ඡේදය, විධායකය, ජනරජයේ ජනාධිපතිවරයා,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [30(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවයා ද වන්නේ ය.

    30. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය]
    31.[(3) (අ) මේ පරිච්ඡේදයේ ඉහතින් වු විධි විධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩි දුර කාලයක් සඳහා තමා තෝරා පත්කර ගැනිමෙන් ධූරය දැරිම පිණිස වරමක් ලබා ගැනිම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ] 19 [ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැකිය]

    ReplyDelete
  21. 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රිලනිපයේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

    ජනාධිපතිවරයා කිසිදු අදහසක් පල කර නැති එම හමුවේදී සෙසු සාමාජිකයන්ගේ අදහස වී ඇත්තේ හෙරට ඇති සුළු ජාතික ඡන්ද 27% ක ප‍්‍රමාණයෙන් බහුතරය දිනාගත හැකි එකම අපේක්‍ෂකයා වත්මන් ජනපතිවරයාය පවයි.

    ව්‍යවස්ථා සංශෝධය කලත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු නැති බවටද මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත.

    පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට විරුද්දව එජාපය ඇතුළු පක්‍ෂවල පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී පැවැත් වූ මුල්ම මාධ්‍ය හමුවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දින සියයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි.

    ReplyDelete
  22. අයිසෙ සාරස,

    ඉන්දීය සයුරේ සමුද්‍රාරක්ෂක කටයුතුවල යෙදුනු පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 8,260,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( Singapore International Arbitration Centre - SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.

    (රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සියයට සියයක කොටස් හිමිකමක් තිබෙන රජයේ සමාගමකි.)

    අන්තර්ජාතික නීතියට අනුකූලව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ගිවිසුම්කාර අනෙක් පාර්ශ්වය විසින් කටයුතු කිරීම එම ගිවිසුම් කොන්දේසි කඩකිරීමක් වීම නිසා අමරිකානු ඩොලර් මිලියන 6 ක මුදල් තමන්ට ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම තින්දුව ලැබී මේවන විට කිහිප දිනක් වන නමුත් මෙම ප්‍රශ්නය තව දුරටත් ගොඩින් බේරා ගැනිමට ආණ්ඩුව පාර්ශ්වය දැඩි උත්සහයක් ගෙන තිබූ බවත් දැන ගැනීමට තිබේ.

    මේ අතර ඇවන්ගාර්ඩ් සාමාගම පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වගෙන ගිය ‘එම් වී මහනුවර’ නම් නෞකාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිම නිසා එම ව්‍යාපාරයට වූ පාඩුව හේතුවෙන් මේ වන විට කොළඹ දිසා අධිකරණයේ ද නඩුවක් පවරා ඇති අතර එමගින් තම සමාගමට වූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 2,400 ක් ගෙවන ලෙස ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරය හා වත්මන් නාවික හමුදාපතිවරයා නම් කර තිබේ. මෙහිදී නාවික හමුදාව අධිකරණයට පවසා ඇත්තේ මෙම ඇවන්ගාර්ඩ් නෞකාව තුල නිති විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යන බැවින් ඒ වහා අත් අඩංගුවට ගන්න ලෙස ‘ ඉහළින් ‘ ලැබුණු උපදෙස් මත නැව අත් අඩංගුවට ගත් බවය. කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.

    ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2,260 කි. එම ආදායම ඇවන්ගාර්ඩ් සමාගම විසින් එම ව්‍යාපාරය සිදුකළ කාලයේදි රජයට ගෙවනු ලැබු මුදලට (දළ වශයෙන් රු. මිලියන 12,500ක් පමණ ) වඩා බෙහෙවින් අඩු අගයකි. කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපාරය පැවරීම නිසා රජයට පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම ඇවන්ඩාර්ඩ් ව්‍යාපාරයට හා එවකට සිටි රජයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබේ. එහෙත් මේ වන් විට එම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් සමාගමෙන් උදුරා ගැනීම නිසා රජයට පාඩුවක් සිදුව තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.

    මේ අතර මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ගාර්ඩ්’ පාවෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගියදා රක්න ලංකා සමාගම වෙත, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා තිබේ. එම ඉල්ලීම විවාදයකින් තොරව පිලිගන්නා බව රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිලිගෙන ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම සිදු නොකළහොත් එම මුදල් අය කර ගැනීම සදහාද තම සමාගම නඩු පවරන බව ඇවන්ගාර්ඩ් සමාගම පවසයි.

    මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පවසා සිටියේ රටට විදේශ විනිමය බිලියන ගනනකින් ගෙන ආ, රණවිරුවන් දහස් ගනනකට රැකියා සපයනු ලැබු මෙම ව්‍යාපාරය පවරා ගැනිමට බොහො දෙනෙක් ගත් උත්සාහය නිසා අවසානයේ රටට විදෙශ විනිමය අහිමි වු බවත් හාර දහසකට පමණ රැකියා අහිමි වූ බවත්ය. එහෙත් තමන් විසින් පවරා තිබෙන නඩු වලින් ලැබෙන වන්දි මුදල් එක් අරමුදලකට බැරකර එමගින් තමන් යටතේ සිට සේවය අහිමි වූ සියලු රණවිරුවන්ට ජීවිත කාලය පුරාම වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බව මේ මොහොතේ පොරොන්දුවක් දෙන බවය.

    කෙසේ නමුත් මෙම ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තර අවි ජාවාරමක් සිදු කළ බවත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බවත් මහා පරිමාණ දුෂණයක් වී ඇති බවත් චුදිතයන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු බවටත් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගත යුතු බවත් ආදී බොහෝ දේ කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක යන අයවලුන් මෙම ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළේ වෙනත් පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් බවට සේනාධිපති මීට පෙර චෝදනා කර තිබිණි.

    ReplyDelete
  23. පසුගිය හත් වෙනිදා උද්ඝෝශණ්යේදී හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

    අවශ්‍ය කෑම, බීම, මත්පැන් සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.

    https://www.youtube.com/watch?v=L9V7Fdwx-g4

    ReplyDelete
    Replies
    1. ඕක තමා සැබෑ යූ ඇන් පී රාජ්ය විචාරීම!

      Delete
  24. සාරස,

    පහුගිය සතියෙ සත්හඬ පත්තරේ දාල තිබ්බ නිව්ස් එකක හැටියට ඉදිරි කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයෙකු ලෙස ඔසවා තැබීම වෙනුවෙන් ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් සිරස නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන්නට හදනවලු.

    ගෝඨාභය රාජපක්ෂ සමඟ ගමින් ගමට ගොස් කඩමණ්ඩිවල දී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මගින් 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වන මිලින්ද මොරගොඩගේ සැලසුමකට අනුව මෙය සිදුවන බවත් එහි තිබුණා.

    එම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් බලපෑම් කරන ආයතනයක් හරහා ක්‍රියාත්මක වන දීර්ඝ කාලීන සැලසුමකට අනුව ලංකාවේ ඉදිරි අනාගත දේශපාලන නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මෙම දේශපාලන සැලසුමට අයත් බවත් පැවසේ.

    ඒ අනුව 'වියත් මඟ' නමින් ගෝඨාභය රාජපක්ෂ මහතා උගත් බුද්ධිමත් විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම සිදුකර ඇති අතර ඒ ඔස්සේ ජනතාව වෙත සමීප නායකත්වයක් ඔහු වටා ගොනු කිරීම අපේක්ෂාවයි.

    දේශපාලන නායකයින් බිහිකර ඔවුන් පාර්ලිමේන්තුවට යොමු කිරීම සිය මාධ්‍ය භූමිකාව තුළ සිරස මාධ්‍ය ජාලය මගින් නිරන්තරයෙන්ම සිදු කරන්නකි. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක් බවත් පුවත්පත් වාර්තාවේ දැක්වේ.

    මේ ගැන සාරස ඇතුලු බ්ලොග් පාඨකයින්ගේ මතය දැනගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. සගය මා අදහස සැකෙවින් කියනු පිණිස හෙන්රි ජයසෙනයන උපුටා දක්වමි.

      "දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිතිවිය යුතු
      රියදුරු මනාවූ ලැබියයුතු වූ සේම අස්රිය".

      ගොටබ තෙම හැර ඒ ලැබුමට වෙන සුදුස්සෝ කොහිවෙද ?

      සගය දැන් අප දකිනුයේ අජානේය අස්රියක් මෙහෙයුමට කැසකවන කෙත් පඹයකුගේ සහ කොටලුවකුගේ විසූක දස්සනය.

      -මයුරවිල මි.

      Delete
    2. //
      ගොටබ තෙම හැර ඒ ලැබුමට වෙන සුදුස්සෝ කොහිවෙද ?

      සගය දැන් අප දකිනුයේ අජානේය අස්රියක් මෙහෙයුමට කැසකවන කෙත් පඹයකුගේ සහ කොටලුවකුගේ විසූක දස්සනය. //

      ++++++++++++++++++++++++++++++

      Delete
  25. යලුවෝ සේරම ඇන්දවීමේ සූරයෝය. මහින්දයන් එහි උඩම සිටින එකාය.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අතේ පැලවෙන ඇන්දීම් මෙතරම් ප්‍රමානයක් ඉතාම කුඩා කාලයකදී කල හැකි එකම පුද්ගලයා රනිල් ය!

      Delete