Wednesday, July 26, 2017

RIP යහපාලනේ







චායාරූප ශෙහාන් ගුණසේකර





පොලිසිය බලා සිටිත්දී ම වර්ජකයන් ට පහරදීමට තගා ලා මෙහෙයවූ යහපාලනේ සැපද? 

වී අන්ගොඩ, පිරිමි මිසී, මැරිච්චි සෝබිත, අලුත් පරපුර, දබර අමිල, හරක් විජේසූරිය.... ඔහෙලා පැතූ සමාජය අන්න ආප්පසේන බිහි කොරලා හිටන්! 

RIP යහපාලනේ!!!







102 comments:

  1. මහින්ද පර්ශවය බලන්නේ මේවගේ වුර්තිය සමිති පාවිච්චි කරලා රජය වට්ටන්න. මොවුන් කියන්නේ රටට ආදරය නිසා මෙහෙම කරන බවයි, මොවුන් කරන වංචාව දකින්න පුළුවන් හොදම තැන තමයි ගුවන් යානා ඉන්දන ලබාදීමට බාදා කරන මොහොත, මොකද රටේ විදේශ සම්බන්දතා වලට අකුල් හෙලීම රටට ආදරේ මිනිසුන් කරන්නේ නෑ. විදේශ වල රට ගැන නරක ප්‍රවුර්තියක් ඇතිකිරීම රටට ආදරේ මිනිසුන් කරන දෙයක් නෙමෙයි.

    මෙනිසා මෙය මැඩපවත් විම කලයුතුම වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි මේ මිනිසුන්ගේ මුණ වහල තියෙන්නේ, මුණ පෙන්නුවානම් නේ දැනගන්නේ මුන් කාගේ කවුද කියල

      Delete
    2. //
      මෙනිසා මෙය මැඩපවත් විම කලයුතුම වෙනවා //

      පොලිසිය බලා ඉන්නැත්දී තගාලා ලවා පොලු වලඉන් ගස්සලා ද මැඩ පවත්වන්නේ....???

      ඒක හරිද?

      Delete
    3. // ඇයි මේ මිනිසුන්ගේ මුණ වහල තියෙන්නේ, මුණ පෙන්නුවානම් නේ දැනගන්නේ මුන් කාගේ කවුද කියල //



      උන්ට තිබුනේ මරික්කාර් ගේ Porky Face එක.. ඒ නිසා වහල දැම්මා..

      Delete
    4. ආදරෙන් ඔලුව අත ගාල හා දැන් මල්ලිලා ගිහින් හොඳ බබාලා වගේ ආයෙත් වැඩ කරන්නකු කියුවානම් හරිනේ නේද :D

      Delete
    5. @ Lankika Sithuwili

      දැන් වෘත්තීය සමිති හැම එකකටම තේරෙන්න ඔනේ තනි තනිව ගිහින් තම වෘත්තීය අරගල දිනන්න බෑ කියලා, මේ පහර දුන්නේ ඛනිජ තෙල් වෘත්තීය සංගමයට පමණක් නොවේ, සමස්ත වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයටයි. බලාගෙන හැබැයි ජ:වි:පෙ අයට තම ආයතන වල වෘත්තීය අරගල වල පෙරමුණ ගන්න දුන්නොත් අවසානයේ හැමදාම කලේ ආණ්ඩුවට විරුද්ද පැත්තේ ඉන්නවා වගේ පෙන්නලා ආන්ඩුවට ඕනා විදියට වෘත්තීය අරගල හීලෑ කර දීමයි. අමතක කරන්න එපා මේ අ‍ාන්ඩුව ගේනන ජ:වි:පේ කැපවෙලා වැඩ කළා කියලා. සත්‍යවාදී වෘත්තිය අරගල වලට ජයවේවා.

      Delete
    6. Udaya & Situvilli

      මෙන්න මේ වගේ වෘත්තීය සමිති හිකනැලුන්ව පාලනය කරන්න් ඕනැ. මුන්ට මාසේ පඩිය නැත්නම් ඔක්කොම ඉවරයි. හිගන්නො රස්සාවට ගිහිල්ල වෘත්තිය සමිති අටවගෙන රට පාලනය කරන්න හදනව. කොළොන්නාවේ සුමංගලගේ ඇට මිරිකුව වගේ මුන්ගෙ ඇට මිරිකල රස්සාවට යන්න කිවිවහම අගේට යයි. නැත්නම් 1980 වගේ කනෙන් අල්ලල එළියට දාන්න ඕන.

      https://youtu.be/BVncsvFHIdE

      https://youtu.be/9dX_4M0Iov8

      Delete
    7. තෙල් සේවකයින්ගෙ ඉල්ලීම සාදාරනයි. රටේම අනාගත පරපුර වෙනුවෙනි . වසර 5 කට 6 කට පත්වුන දේශපාලකයන්ට මේ විදිහට මහජන දේපල වසර 60 80 අනාගතයකට සම්බන්ධ තීරණ ගැනීමට ජන වරමක් නැහැ. මෙය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක්. ජනමත විචාරනයක් පැවැත්විය යුතුයි නැතිනම් මේ අත්සන් තබන කිසිදු ගිවිසුමක් වලන්ගු භාවයෙන් තොරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකළ යුතුයි.

      Delete
    8. // Udaya DissanayakeJuly 26, 2017 at 10:50 PM

      ආදරෙන් ඔලුව අත ගාල හා දැන් මල්ලිලා ගිහින් හොඳ බබාලා වගේ ආයෙත් වැඩ කරන්නකු කියුවානම් හරිනේ නේද :D //

      බෑනේ...
      තගාලා ඔනේ ඒකනේ..
      යූ එන් පී නේ...

      Delete
    9. // AnonymousJuly 26, 2017 at 10:54 PM

      සත්‍යවාදී වෘත්තිය අරගල වලට ජයවේවා. //


      ජයවේවා!!

      Delete
    10. // AnonymousJuly 26, 2017 at 10:59 PM

      Udaya & Situvilli

      මෙන්න මේ වගේ වෘත්තීය සමිති හිකනැලුන්ව පාලනය කරන්න් ඕනැ. මුන්ට මාසේ පඩිය නැත්නම් ඔක්කොම ඉවරයි. හිගන්නො රස්සාවට ගිහිල්ල වෘත්තිය සමිති අටවගෙන රට පාලනය කරන්න හදනව. කොළොන්නාවේ සුමංගලගේ ඇට මිරිකුව වගේ මුන්ගෙ ඇට මිරිකල රස්සාවට යන්න කිවිවහම අගේට යයි. නැත්නම් 1980 වගේ කනෙන් අල්ලල එළියට දාන්න ඕන. //



      මේක ලියුවේ බ්ලොග් පොලිසියෙ කොස්තාපල් ඉයන් තුමා ද දන්නෙ නෑ...

      Delete
    11. මහින්ද රාජපක්ෂ මහතාව අදහන විවිධ තරාතිරම් වල අය බොහෝ දෙනෙක් මම පෞද්ගලික ජීවිතේ දන්නවා. ඒ අය ඔවුන්ට විරුද්ධ අදහසක් ඉදිරිපත් කල විට කියාගන්න දෙයක් නැතිව කුණු හරුප වපුරන අය නෙවෙයි. මේ කුනුහරුප වපුරන්නේ සුළු පිරිසකගෙන් යුතු කණ්ඩායමක්; ඔවුන් අටවාගෙන ඇති ෆේස්බුක් අකවුන්ට් කිහිපයකින් කියල මට පැහැදිලියි. උන් ලියන දේවල් වලට තව අකවුන්ට් එකකින් උත්තර දෙන්නෙත් ඔවුන්මයි.

      - ඉයන්

      Delete
    12. // බොලේ.... බ්ලොග් කොස්තාපල් පුඤ්ඤසෝම සී අයි ඩී එකට බැඳිලා මහින්දගෙ මිනිස්සු කාගෙ කවුද කිලා අයි පී ඇඩ්‍රස් වලින් හොයාගෙන වගේ.. //

      Delete
    13. Udaya DissanayakeJuly 26, 2017 at 10:50 PM

      //ආදරෙන් ඔලුව අත ගාල හා දැන් මල්ලිලා ගිහින් හොඳ බබාලා වගේ ආයෙත් වැඩ කරන්නකු කියුවානම් හරිනේ නේද :ඪ්//

      හරියටම හරි උදය ඒ කාලේ වැලිකඩ හිර කරල හිටපු කොටි ටික වහලේ උඩට නැගල වෙඩි තියනකොට ඔලුව අත ගාල හා දැන් මල්ලිලා ගිහින් හොඳ ටෙරාලා වගේ හිර කුටි වලට ගාල් වෙන්ඩ කියල කිව්වෙ නැහැ කියලා රනිල් තුමා, එතුමට රෙදි නැතුව කඩේ ගිය Udaya Dissanayakeලා වගේ අය, හොටු පෙර පෙර ඇඬුවා මතකද

      ඔය ටික බලා ගෙන ඉඳල දුක හිතිච්චි බටහිර තානාපති කාර්‍යාල ටිකදුව ගෙන ආව ප්‍රජාතන්ත්‍රවාදී බටලන්දේ රනිල්ගෙ හොටු පිහල කඳුලු පිහිල නිවේදනයක් එහෙම නිකුත් කරල යන්ඩ.

      Delete
    14. Lankika SithuwiliJuly 26, 2017 at 10:29 PM

      //ගුවන් යානා ඉන්දන ලබාදීමට බාදා කරන මොහොත, මොකද රටේ විදේශ සම්බන්දතා වලට අකුල් හෙලීම රටට ආදරේ මිනිසුන් කරන්නේ නෑ. විදේශ වල රට ගැන නරක ප්‍රවුර්තියක් ඇතිකිරීම රටට ආදරේ මිනිසුන් කරන දෙයක් නෙමෙයි.//

      අර යුද්දෙ දරුනුවටම යන කාලේ කොටින්ට වක්‍රව සහාය දෙන්ඩ බටහිර රටවල් ටික විදේශ නය නවත්තල තියෙන කොට, HSBC එක නයක් දෙන කොට බටලන්දෙ රනිල් ලාන්කික ල වගේ ලජ්ජ නැති හූ ඇන් පී කාරයො ටිකක් එක්ක ගිහින් නය දෙන්ඩ එපා කියල බැංකුව වට කරන කොට ලාන්කික තුමා ට හරියට ආඩම්බර හිතෙන්ඩ ඇති,



      Delete
    15. සරස,

      යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මැර පිරිසක් කැකිරාවේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළු වී විදුහල්පතිට හා ගුරුවරුන්ට බැණ වැදීමත් සමග පාසැල් සිසුන් විසින් මන්ත‍්‍රීවරයාට හා මැර පිරිසට පහර දී හූ කියමින් පන්නා දමා ඇත.

      පාසැලේ පැවති සම්මන්ත‍්‍රණයකට විරෝධය පල කරමින් එම මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මෙසේ විදුහල්පතිට හා ගුරුවරුනට බැණ වැදී ඇතැයි පැවසෙයි.

      Delete
    16. // හරියටම හරි උදය ඒ කාලේ වැලිකඩ හිර කරල හිටපු කොටි ටික වහලේ උඩට නැගල වෙඩි තියනකොට ඔලුව අත ගාල හා දැන් මල්ලිලා ගිහින් හොඳ ටෙරාලා වගේ හිර කුටි වලට ගාල් වෙන්ඩ කියල කිව්වෙ නැහැ කියලා රනිල් තුමා, එතුමට රෙදි නැතුව කඩේ ගිය Udaya Dissanayakeලා වගේ අය, හොටු පෙර පෙර ඇඬුවා මතකද
      //

      ඇයි වින්දිතයන් ට වන්දි කියලා හිරේ කඩන් පන්නින්න ආපු එවුන් ට රජයේ මුදලින් වන්දිත් දුන්නුකොට...

      Delete
    17. //
      අර යුද්දෙ දරුනුවටම යන කාලේ කොටින්ට වක්‍රව සහාය දෙන්ඩ බටහිර රටවල් ටික විදේශ නය නවත්තල තියෙන කොට, HSBC එක නයක් දෙන කොට බටලන්දෙ රනිල් ලාන්කික ල වගේ ලජ්ජ නැති හූ ඇන් පී කාරයො ටිකක් එක්ක ගිහින් නය දෙන්ඩ එපා කියල බැංකුව වට කරන කොට ලාන්කික තුමා ට හරියට ආඩම්බර හිතෙන්ඩ ඇති, //



      සන්ක්‍රාන්ති රනිල් එහෙම කරලත් HSBC බැන්කුව ඒ ණය මුදල දුන්නනේ...

      Delete
    18. // යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මැර පිරිසක් කැකිරාවේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළු වී විදුහල්පතිට හා ගුරුවරුන්ට බැණ වැදීමත් සමග පාසැල් සිසුන් විසින් මන්ත‍්‍රීවරයාට හා මැර පිරිසට පහර දී හූ කියමින් පන්නා දමා ඇත //



      පාසැල් සිසුන් ට ජය වේවා!

      Delete
    19. සරසා තුමෝ,

      //පොලිසිය බලා ඉන්නැත්දී තගාලා ලවා පොලු වලඉන් ගස්සලා ද මැඩ පවත්වන්නේ....???

      ඒක හරිද?//

      වැලිවේරියේ වෙඩි තියල මරනවට වඩා හරි හිටන්!!

      Delete
    20. //

      AnonymousJuly 27, 2017 at 4:40 AM
      Lankika SithuwiliJuly 26, 2017 at 10:29 PM

      //ගුවන් යානා ඉන්දන ලබාදීමට බාදා කරන මොහොත, මොකද රටේ විදේශ සම්බන්දතා වලට අකුල් හෙලීම රටට ආදරේ මිනිසුන් කරන්නේ නෑ. විදේශ වල රට ගැන නරක ප්‍රවුර්තියක් ඇතිකිරීම රටට ආදරේ මිනිසුන් කරන දෙයක් නෙමෙයි.//

      අර යුද්දෙ දරුනුවටම යන කාලේ කොටින්ට වක්‍රව සහාය දෙන්ඩ බටහිර රටවල් ටික විදේශ නය නවත්තල තියෙන කොට, HSBC එක නයක් දෙන කොට බටලන්දෙ රනිල් ලාන්කික ල වගේ ලජ්ජ නැති හූ ඇන් පී කාරයො ටිකක් එක්ක ගිහින් නය දෙන්ඩ එපා කියල බැංකුව වට කරන කොට ලාන්කික තුමා ට හරියට ආඩම්බර හිතෙන්ඩ ඇති,

      //

      ඇනෝ තුමෝ යුද්දේ යන කාලේ මහින්ද ලොක්කට චන්දය දුන්න හිටන් උන්ද 2010 චන්දෙ ඉල්ලපු වෙලාවෙත් දුන්න හිටන්, 2014 වෙද්දී උන්ද අපට සරම උස්සල පෙන්නුවා හිටන්, මහජනයා වන අපි දැක්කේ උන්ද යටට ඇදල නැතිබව හිටන් ඉතින් හිටන් ඒ අසබ්ය දර්ශනයෙන් මිදෙනු සදහා යහපාලානේ ගෙනාව හිටන්, එහෙම ආව යහපාලානේ උනත් අපට අසබ්ය එව්වා මෙව්වා පෙන්නනවා හිටන් රවී ලොක්ක අද ගලේ රීපු බලලේක් වගේ ඉන්නේ යහපාලානේ සම්පුර්ණ බලය එක පක්ෂයකට නැති නිසා හිටන් නැත්නම් ඔබට මතක ඇති මහින්ද රජ තුමාගේ කාලේ නයා කාපු රත්තරන් ගැන හිටන්.

      දැන්වත් මේ දෙසපාලුවොන්ට කඩේ යනඑක නවත්තල හිටන් කරන්න ඕනේ දේ ගැන දැනුවත් වෙමු හිටන්.

      Delete
    21. //
      වැලිවේරියේ වෙඩි තියල මරනවට වඩා හරි හිටන්!! //

      දැන් වැලිවේරිය සිද්දිය හරි නේද? රබර් කර්මාන්තශාලාවෙන් පරිසර හානියක් වෙලා නෑ කියලා වාර්තා වුනා නේද? ඒ කියන්නෙ ඒ කාලෙ වැලිවේරියෙ කස්ටිය උසිගන්වලා ජූ එන් පී එකයි ජේ වී පී එකයි කලේ බොරුවක් කියන එක නේද?

      Delete
    22. හැබැයි වෙඩිතියල මැරුව නේද හිටන්

      Delete
    23. සරස මහින්ද ලොක්ක ඒ කාලෙ වැලිවේරියේ රතුපස්වලින් අරන් දීපු මිනියෙන් රවීලා ඇලෝසියස් ලා, කෙහෙල් සුජීලා, My-3 ගෙ හතර වරිගෙම වගේ තව කී දෙනෙක් සල්ලි කාරයෝ උනාද නේද ලොක්කා ?

      දැන් සිද්දිය මහින්ද පර්ශවය බලන්නේ මේවගේ වුර්තිය සමිති පාවිච්චි කරලා රජය වට්ටන්න. හරි නේද?

      Delete
  2. ඊ....යා හිතන්න එපා.ඒ හැටි ලු
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊයා බන් දැන් මුස්ලිම් කුඩ්ඩො දාලා සින්හල යුනියන් කාරයොන්ට ගහන්නෙ. තවත් උඩ දාගෙන ගිහින් චන්දෙ දෙමු.

      Delete
    2. යහපාලනේ තගට බැසීම ගැන උදම්වී කොන තෙමාගත්තු හාදයන් ඉන්නා රටේ....

      ගස්ලබ්බෝ ඔබ හොඳ ලමයෙකි!

      Delete
    3. // AnonymousJuly 26, 2017 at 10:49 PM

      ඊයා බන් දැන් මුස්ලිම් කුඩ්ඩො දාලා සින්හල යුනියන් කාරයොන්ට ගහන්නෙ. තවත් උඩ දාගෙන ගිහින් චන්දෙ දෙමු. //

      අපට ලැජ්ජයි.. Blog PC ඉයන් ට සන්තෝසයි!

      Delete
  3. Lankikika, see the attached video if you want the see the faces of thugs. (non are so blind than those who refused to see)ha ha ha

    ReplyDelete
    Replies
    1. You could wake-up a sleeping person ... however it is difficult to wake-up a person who is pretending to be sleeping....

      Delete
  4. Sarasa

    Looking go, (බලාගෙන යනකොට),

    ජේ.ආර්.යුගය යළි කල-එළි බැස ඇත...!

    ReplyDelete
    Replies
    1. එයට ජනතාව නිසි පිලිතුරු දෙනු ඇත...ඊයෙත් පලාත් සභා චන්දෙ කල් දැම්මේ ඒකයි

      Delete
  5. හැත්තෑ හතට හතළිහයි කියල පවත්වන සැමරුම් උත්සව මාලාවේ සමාරම්භක අවස්තාව. අන්තර්ජාලේ භාවිතා කොරන බහුතරයක් බුජ්ජිමතුන් ඉපදිලත් නෑ හිටං. හැත්තෑ හතේ ධර්මිෂ්ට පාලනේ රඟ උන්ට බලාගන්න හොඳම අවස්තාවක් මේක.

    ReplyDelete
    Replies
    1. සමහරක් සිරිකොත සල්ලි වලට සමාජ ජාලා ලියනප්පුලාට නම් මේක ශෝක් ප්‍රජාතන්ත්‍රවාදෙයි කියන්නෙ හිටන්!!!

      Delete
    2. මරාවාදීන් කිහිප දෙනෙකු කලබල වී ඇත!

      මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම හොරු, අපරාධකාරයෝ සහ නූගතුන් පිරිසක්.

      උන්ව කර ගහගෙන යන්නේ උන් හා සමානම පිරිසක්.

      කූජිතයන්ට උන් හැර නැත අන් සරමක්.
      මෙික තේරුම් නොගෙන ඇයි ඔබ ගන්නේ තරහක්?

      මරාවාදීන් (මරාට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණින හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අය) සමග මේ විස්තර කර ඇති ආකාරයේ කුණුහර්ප සංවාදවල යෙදීම මට නම් ඉතා විනෝදයක් ගෙන දෙන කාර්යයකි.

      -රසිකොලොජිස්ට්

      Delete
    3. මහින්ද රාජපක්ශ ඔය අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන රසිකොලොජිස්ට් වගේ ලජ්ජ නැති අඩු කුලේ පර හැත්ත ව ගනන් ගත්තේ නැති නිසා ඔවුන් මහින්ද රාජපක්ශට වෛර කරති.

      Delete
    4. // මරාවාදීන් (මරාට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණින හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අය) සමග මේ විස්තර කර ඇති ආකාරයේ කුණුහර්ප සංවාදවල යෙදීම මට නම් ඉතා විනෝදයක් ගෙන දෙන කාර්යයකි.

      -රසිකොලොජිස්ට් //

      ඔහෙට හීන මානේ..
      මනෝකිචිස්සකයෙක් හමුවන්න

      Delete
  6. ado ponna sarasa tho mahindage puka lewa kaka balan hitiye anduwa wetenakan neda thopi hodin inna kota enawa puke arinna den anduwa thopita therena basawen uttara denawa denkata puka wahagena hitapiya

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව අපිට නම් හොඳීන් සලකනවා...
      ගමේ නෙවෙයි නේ...

      Delete
  7. බලු දන්ගොතෝ,

    මගේ තවත් මිතුරන් දෙතුන් දෙනෙකු ද, මා ද එක්ව, අප සැම භූගෝලීයව අයත් ප්‍රදේශයේ, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත්තෙමු. අපේ කණ්ඩායමේ අරමුණ සහ එහි නම කෙසේ වුව ද, කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව ලියද්දී එහි සාමාජිකත්වය කිසි ලෙසකින් භූගෝලීයව හෝ වෙනත් කිසිදු ආකාරයකින් හෝ සීමා නොකිරීමට අප වගබලා ගත්තෙමු.

    එසේ ම, කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීම හෝ සාමාජිකයින් විසින් පළ කරන දේ අනුමත කිරීම හෝ ඒ ආකාරයේ කිසිදු අයුතු බලයක් පරිපාලකයින් විසින් තමන් වෙත රඳවා තබා ගනු නොලැබුණි. ඕනෑ ම සාමාජිකයෙකුට තවත් පිරිස් එකතු කිරීමටත්, අවශ්‍ය දෙයක් පළ කිරීමටත් හැකි විය.

    පරිපාලකයින් සතු එක ම බලය වූයේ කණ්ඩායමේ කාරක උපදෙස් මාලාවට අයත් නොවන දෙයක් සිදු වේ නම්, එයට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වීම පමණි.

    භූගෝලය, ඉතිහාසය අතින් සමානකම් තිබුණ ද, විවිධ අදහස් ද, විවිධ චර්යාවන් ද, විවිධ අමනකම් ද ඇති පිරිසක් මෙලෙස එකට ගාල් කළ විට බලාපොරොත්තු විය යුතු පරිදි, මේ ෆේස්බුක් කණ්ඩායමේ ක්‍රියාකාරීව හැසිරෙන සුලු සාමාජිකයින් පිරිස අතර ද, කැපී පෙනෙන ලෙස උප කුලක දෙකක් ටික කලකින් ම ඇති විය.

    ඉන් එක කොටසක් නම්, ලංකාවේ පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, රණවිරු ලේබලයෙන් හෝ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන පිරිස ය. ඒ පිරිස අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් ද සිටින බව පැහැදිලිව පෙනුණි.

    මේ කණ්ඩායමේ පිරිස් නොවරදවා කරන කාර්යයක් වනුයේ, ලංකාවේ සිදු වූ දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියා පිළිබඳ යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථාවල දී වුදිතයින්ට රණවිරු හෝ සිවුරු හෝ ලේබලය අලවමින් ඒ ගැන හොටු පෙරීමයි. ඒ සමගම, වරින් වර ඔවුන් ගේ රජා පැරදීම පිළිබඳ ආඬපාලි නගමින් ඒ සම්බන්ධව අත්සනක් හෝ ගැසූ අයට දොස් නගමින් අන් අයට විනෝද සමය නොඅඩුව සැපයීමයි.

    පසුව සඳහන් කිරීමේ පහසුව සඳහා අපි මේ කණ්ඩායම "කුජීත" ලෙස හඳුන්වමු.

    දෙවෙන කොටස නම් පොදුවේ පෙර කී කුජීත උප කුලකයට අයත් නොවන සර්වත්‍ර කුලකයේ සියලු දෙනා ය. ඔවුන් අතරින් වැඩි දෙනෙකු නිෂ්ක්‍රීය නිරීක්‍ෂකයින් වූ අතර, සක්‍රීය දායකත්වය සපයමින් ෆේස්බුක් අවකාශයේ නිරතුරු සැරිසැරූ මා වැනි කිහිප දෙනෙක් ද වූහ.

    කුජීත උප කුලකයේ සාමාජිකයින් විසින් කළ එක් කුජීත ක්‍රියාවක් වූයේ, තමන්ගේ විවිධ ඇජෙන්ඩාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස, තමන්ගේ මතවාදයට ගැලපෙන මතවාදයෙන් යුතු පිරිස් රොතු පිටින් කණ්ඩායමට බඳවා ගැනීමයි. විශේෂයෙන් මෙය සිදුවූයේ, කුජීත නොවන අයෙකු විසින් සමාජ දේශපාලන කරුණක් පිළිබඳව කුජීතයින්ට නොදිරවන දෙයක් පළ කළ විට ය.

    මේ කතා වස්තුවේ කූටප්‍රාප්තිය මෙයයි.

    මීට මාස කිහිපයකට කලින් මම මගේ දතක් පිළිබඳව සහ දත් නඩත්තුව පිළිබඳව විවාදාත්මක අදහසක් කණ්ඩායමේ පළ කළෙමි. එයින් කුපිත වූ කුජීත කණ්ඩායමේ අය, මට පෙනුණු ආකාරයට මට සටනක් දීමට සිතා, බුරුතු පිටින් නව සාමාජිකයින් බඳවා ගන්නට පටන් ගති.

    මෙසේ කණ්ඩායමට එක් කරගත් පිරිස අතරේ වැඩි වශයෙන් ම වූයේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් බව පැහැදිලිව පෙනුණි.

    එහි දී මේ නවක සාමාජිකයින් ඉන්නේ තූත්තුකුඩියේ ද, ටිම්බක්ටුවේ ද, ජිබ්රෝල්ටාවේ ද, අඩිස් අබාබාවේ ද යන්න ද, මේ අයට අපේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථවලට කවර නම් සම්මාදමක් කළ හැකි ද යන්න ද, කුජීතයින් විසින් නොසලකා හැර තිබුණි.

    මෙය දුටු මා කියුවේ එක් වැකියක් පමණි. ඇත්තටම එය ප්‍රශ්නයකි. ප්‍රශ්නයක් වූවාට පිළිතුරක් අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි.

    දස බිම්බර මාර සෙනග ද ඔය කැඳවන්නේ?

    මා දේවදත්තලාට තියා, දස බිම්බර මාර සෙනගට ද බිය නැත්තෙකු බව ඔවුන්ට පසුව වැටහෙන්නට ඇත.

    දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.

    නමුත් අවාසනාවකට මෙන්, කුජීතයින් විසින් තූත්තුකුඩියෙන්, ටිම්බක්ටුවෙන්, ජිබ්රෝල්ටාවෙන්, අඩිස් අබාබාවෙන් බඳවා ගත් ඒ නවක සාමාජිකයින් අතර සිටියේ මාර ප්‍රත්‍රයින් පමණි.

    මර දුවරු නොසිටිය හ!

    -රසිකොලොජිස්ට්

    ප/ලි:
    ඊළඟට අපේ එක්තරා අයියෙකුට ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙයා හරිම ඊරිසියාකාර හීනමානිතයෙක්!

      Delete
  8. ජනාධිපති නියෝගයෙන් පිහිටවු ජනාධිපති කොමිසමටත් උඩින්ද රවී කරුණානායක ඉන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නේද.....කොමිසමට ගෙන්න ගන්න බැගෑපත් වෙන්න වෙලා.

    මහඉලුප්පල්ලමට මොකද වෙන්න යන්නේ....

    ReplyDelete
    Replies
    1. @ Aruna Perera,

      ///මහඉලුප්පල්ලමට මොකද වෙන්න යන්නේ....///

      මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දීමට රජය සැලසුම් කර ඇත.

      ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මේ වන විටත් සකසා ඇති අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය සහ ඊට අයත් ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර වසර 150 ක බදු කාලයකට මෙසේ ලබාදීමට නියමිතය.

      මෙම බදුදීම සිදුකරනු ලබන්නේ බංග්ලාදේශයේ ”ලාල්ටීය සීඩ්” නැමති පුද්ගලික සමාගමටය.

      දැනට ශ්‍රී ලංකාවේ බීජ අවශ්‍යතාවෙන් සියයට අනූවක්‌ සපයනු ලබන්නේ දේශීය පෞද්ගලික ආයතන වන අතර එවැනි දේශීය ආයතන මේ පිළිබඳ කිසිත් දැනුවත් නොකර මෙම දීර්ඝකාලීන බදු දීම සිදුකරන බව සමස්‌ත ලංකා බීජ නිෂ්පාදන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න පැවැසීය.

      Delete
    2. වසර සියයකට වඩා ඉතිහාසයක් ඇති මේ ආයතනය තුලින් මෙරට කෘශිකර්මාන්තයට දැක්වූ දායකත්වය අවතක්සේරු කිරීම යනු මහා අපරාධයක් ලෙස සලකමි. ගොවියන්ගේ පුතුන් යටකරන් ***ගේ පුතුන් තීරන ගැනීම මිසක් වෙන මොකක්ද...

      Delete
    3. මහඉලුප්පල්ලම ආයතනය යටතේ තවත් ප්‍රාදේශීය පර්යේශන ආයතන අටක් හෝ දහයක් තිබෙන බව අසා තිබෙනවා. මේ සියල්ල මේ බදුදීම තුලින් අකර්මන්‍යවී යැයි කියා සැක හිතෙනවා.

      Delete
    4. Aruna

      ශතවර්ෂයකට වැඩි කාලයක සිට, රට වෙනුවෙන් විශේෂයෙන් වියළි කලාපයට අත්‍යවශ්‍ය බීජ වර්ග ජනනය කළ මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනයට අක්කර තුන්දහසක පමණ ඉඩම් වෙන්කර තිබිණ.

      බෝග පර්යේෂණ නිලධාරීන් පමණක් පනස් හය දෙනෙක් පමණ සිටියහ. වෙනත් කාර්ය මණ්ඩලය පන්සියයකට ආසන්න විය. නිල නිවාස පමණක් තුන්සියයකට අධික විය. මහඉලුප්පල්ලම වැව ආශ්‍රිතව උස්සාන වාරිමාර්ග යෝජනා ක්‍රමයක් විය.

      පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කෘෂි විද්‍යා පීඨයද, විවිධ බෝගවලට අදාළ බීජ නිෂ්පාදන හා බෙදා හැරීමේ ගොවිපළද, සේවාස්ථ කෘෂි පුහුණු ආයතනයද, ගොවිපළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන අංශයද, බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනයට යාව පිහිටියේ ය.

      මීට අමතරව වවුනියා, කිලිනොච්චි, තින්නවේලි, අරලගංවිල, වීරවිල, අඟුණකොළපැලැස්ස, කරදියනාඩු යන ප්‍රදේශවල, මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය මඟින් අධීක්ෂණය කරනු ලබන තවත් බීජ නිෂ්පාදන ආයතන හතක් විය. මේ අන්දමට භෞතික හා මානව සම්පත්වලින් උතුරා ගිය මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය හරියටම අපේ කෘෂිකාර්මික රටටම ගැළපෙන සකලාංග සම්පූර්ණ කෘෂි ගම්මානයක් විය.

      Delete
    5. දේශයේ කෘෂිකර්මයේ බර කරට ගෙන කටයුතු කළ සර්ව සම්පූර්ණව පැවැති මෙම ආයතනය කාලයේ ඇවෑමෙන් දිය වී යන්නට විය. එක් එක් යුගවල (1978-2009) බලයට පත් වූ ආණ්ඩුවල සහ කෘෂිකර්ම ඇමතිවරුන්ගේ දැක්ම අනුව මෙම කෘෂිකර්මයේ යෝධ ඇත්රජා ක්‍රමයෙන් වැහැරෙන්නට විය.

      අක්කර තුන්දහසක් තරම් අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් මේ ආයතනයට යට කිරීම අපරාධයක් යයි කල්පනා කළ ඇතැම් දේශපාලකයන් මේ ඉඩම එහෙන් මෙහෙන් කඩා වඩා ගෙන සිය දේශපාලන ගෝලබාලයන්ට බෙදා දුන්නේය. කොළඹ, නුවර පාරට යාව පැවති මෙම ආයතනය සතු තවත් අක්කර පහක් පමණ හිටපු දේශපාලන බලවතෙකු විසින් සිය ගෝලබාලයන්ට බෙදා දීම සඳහා වෙන්කරගෙන තිබිණ.

      මහඉලුප්පල්ලම බෝග සංවර්ධන ආයතනය ඈත සිට බැලුවෙකුට පෙනෙන්නේ තවත් එක් කැළෑ කුට්ටියක් පරිද්දෙනි. මේ නිසාම මේ ඉඩම් මෙසේ කැලයට හැර තිබීම අපරාධයක් ලෙස සිතූ දේශපාලකයන් වරින් වර මේ ඉඩම කඩා ගන්නට ඇත. නමුත් විවිධ බෝග පර්යේෂණ කිරීමේදී පර පරාගණය වැළැක්වීම සඳහා අතර මැද කැළෑ කුට්ටි පැවතිය යුතු බව දන්නේ පර්යේෂණ නිලධාරීන් පමණි. මේ වගතුග නොදන්නා ‍දේශපාලකයන් විසින් වරින් වර මේ ඉඩම කොල්ලකෑම නිසා අද මෙම ආයතනයට ඉතිරිව තිබෙන්නේ අක්කර දහසක පමණ බිම් ප්‍රමාණයක් පමණි.

      මෙසේ මෙම ආයතනයට අහිමිව ගියේ ඉඩම පමණක් නොවේ. කාලයේ ඇවෑමෙන් බලයට පත්වූ ඒ ඒ බලවතුන්ගේ දැක්ම අනුව මෙම ආයතනයේ 56ක්ව සිටි පර්යේෂණ නිලධාරීන් අටදෙනාට බැස්ස විය. තවත් විවිධ මානව සම්පත් හා භෞතික සම්පත් දියාරුකර දැම්මේ ය.

      එහි ආදීනවය වූයේ යෝධ ඇතෙකු ඉළඇට පෑදී යන්නට වැහැරුණාක් මෙන් මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය දිය වී යාමය.

      Delete
    6. මේ තියෙන්නේ මේ අවුරුද්දේ ජූනි හයවෙනිදා ගත්ත කැබිනට් තීරනයක්.....මේවා ගැන උගතුන් බුද්ධිමතුන් වහාම සංවාද ඇතිකල යුතුයි. කෘශිකර්ම දෙපාර්තමේන්තුව දියකර හැරීමේ පලවෙනි පියවර මෙය විය හැකියි. ජොයින්ට් වෙන්චර්ස්, බදුදීම්, විකුනාදැමීම් කියන වචන අස්සේ සියල්ල අතරමං කරලා.

      07. Implementation of a joint project by Department of Agriculture of Sri Lanka and Lal Teer Seed Limited of Bangladesh for increasing improved vegetable seeds production in Sri Lanka (Document No – 18)


      Although several institutions in the country are producing vegetable seeds a large portion of the requirement is imported. Above project is planned to be implemented as a solution in the premises of Field Crops Research and Development Institute, Mahailluppallama. The funds are provided by the said institute and Department of Agriculture should provide the land. Accordingly, the proposal made by Hon. Duminda Dissanayake, Minister of Agriculture, to sign the MoU, implement the proposed project and to authorize the Director General of Agriculture to sign the MoU, was approved by the Cabinet of Ministers.

      Delete
    7. 2005 මහින්ද චින්තනය ඒමෙන් පසුව වුවද, මෙම ආයතනයේ පැවැති ඈලි මෑළි දුබලගතිය සේදී යන්නට කලක් ගතවිය. මේ අතර මීගස්මුල්ල මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද රොහාන් විජේකෝන් මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද පත්ව ආහ. මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය පුනරුත්ථාපනය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් ඔවුන්ට මිලියන සියයක මුදල් ප්‍රතිපාදන ලැබිණ.

      මෙම සුවිසල්ආයතනයේ බර දැරියහැකි තරුණ අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය වීරකෝන් මහතාට ආයතනය බාර දී ඔව්හු මහඉලුප්පල්ලම යළි අස්වැද්දීමේ ජාතික මෙහෙවර ආරම්භ කළහ.

      Delete
    8. මෙම ආයතනයේ වියළි කලාපීය බෝගවලට අදාළ පර්යේෂණ, අභිජනන, නිෂ්පාදන කටයුතු 2009 න් ආරම්භ කර තිබෙනවා. තරුණ පර්යේෂණ නිලධාරීන් රැසක් 2010-2014 ලැබී තියෙනවා. විශේෂයෙන් බඩඉරිඟු, කුරහන්, උඳු, ලොකු ලූනු වැනි වියළි කලාපීය බෝග සඳහා වෙන වෙනම පර්යේෂණ නිලධාරීන් යොදා සිටිනවා. මේ තරුණ පර්යේෂණ නිලධාරීන් ආයතනයට ලොකු ශක්තියක්.
      වැඩිපුර ‍ඉන්නේ කාන්තා පර්යේෂණ නිලධාරීන්. ඔවුන් හරිම කඩිසරයි. එක්කෙනෙකුට කලින් අනික් තැනැත්තී බලන්නේ තමන්ගේ අංශයෙන් අලුත් හඳුන්වාදීමක් කරන්න. මේ තරඟකාරීත්වය වඩාත් පවතින්නේ බඩඉරිඟු, ලොකු ලූනු සහ මිරිස් විෂයයන් භාරව සිටින පර්යේෂණ නිලධාරිනීන් අතරයි. ලොකු අභියෝගයක් තියෙනවා බඩඉරිඟු බීජ.

      බඩඉරිඟුවලින් අපේ රට ස්වයංපෝෂිතයි කීවට අපට එහෙම කියන්න බෑ. මොකද? අපේ රටේ වගාවට අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ තවමත් ගෙනෙන්නෙ පිටරටින්. ආනයනික බඩඉරිඟු බීජ කිලෝවක් රුපියල් 1,000ක් වෙනවා. ගොවීන්ට මේ මුදල බර වැඩියි. මේ නිසා ආයතනයේ බඩඉරිඟු විෂයභාර පර්යේෂණ නිලධාරිනී රංජලා කුමාරි දෙමුහුන් බඩඉරිඟු ප්‍රභේද ගොවීන් අතරට අඩු මිලට දෙන්න කැපවීමෙන් කටයුතු කරනවා.

      මීට කලින් පර්යේෂණ නිලධාරි කේ. එම්. කරුණාරත්න විසින් අභිජනනය කරන ලද දෙමුහුන් බඩඉරිඟු ප්‍රභේදයක් වූ “සම්පත්” තවදුරටත් වැඩිදියුණු කරල ගොවීන් අතට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

      ඒ වගේම ඇයගේම උත්සාහයෙන් “එම්.අයි.එච්. 01” නමින් නව දෙමුහුන් බඩඉරිඟු ප්‍රභේදයක් දැන් නිෂ්පාදනය කර තිබෙනවා. මේ බඩඉරිඟු වර්ගය ප්‍රෝටීන් බහුලයි.

      ලූනු බෝගය භාරව කටයුතු කරන පර්යේෂණ නිලධාරිනී සුදර්ශනී අලුතෙන්ම රතු ලූනු මල්වලින් ලූනු බීජ හදලා.

      මෙතෙක් කල් මේ රටේ ගොවීන් ලූනු ගෙඩි වගා කරල තමයි ලූනු අස්වැන්න ගත්තෙ. හෙක්ටයාරයකට ලූනු සිටුවීමට ලූනු ‍කිලෝ 1,250 – 1,750ක් විතර වුවමනා කරනවා. ඒක ලොකු වියදමක්. ඒ වෙනුවට දැන් හදලා තියෙනවා රතුලූනු බීජ. අඩු වියදමකින් රතු ලූනු වගා කරන්න පුළුවන්. මෙය ගොවීන්ට අලුත් ආරංචියක්. රතු ලූනුවලින් අපේ රට ස්වයංපෝෂිත කරන්න මේ සොයා ගැනීම ලොකු රුකුලක්. ලොකුලූනු පිළිබඳවත් දැන් විවිධ පර්යේෂණ කරගෙන යනවා.

      Delete
    9. ඊළඟට වැදගත්ම දෙයක් තමයි වියළි මිරිස් නිෂ්පාදනය. 2010 වසරේ අපේ රටට වුවමනා මිරිස් ප්‍රමාණයෙන් 85%ක් ම ආනයනය කළා. මේ නිසා දෙබිඩි මිරිස් වර්ග අභිජනනය කිරීමට සහ සාමාන්‍ය මිරිස් වර්ග අභිජනනයට පර්යේෂණ නිලධාරිනීන් දෙදෙනෙක්ම, කුමුදුනී සේනාරත්න සහ එච්.එම්.එස්.එන්. හේරත් යොදවලා 2015 වසරේ අපේ රටට වුවමනා මිරිස් ප්‍රමාණයෙන් ආනයනය 43%ක් ම අඩු කළා, ඉලක්කය 2018 වන විට ආනයනික මිරිස් ප්‍රමාණය 0% අඩු කිරීමයි. මෙය ලොකු අභියෝගයක්.
      දැනට පවතින ඇම්. අයි 2, ඇම්. අයි. හොට්, ඇම්. අයි. ග්‍රීන්, ඇම්. අයි. 03, ඇම්. අයි. වැරණියා, අරුනළු යන මිරිස් ප්‍රභේදවල අස්වනු වැඩි කිරීමේ හා රෝග නිවාරණය කිරීමේ පර්යේෂණ කටයුතු කරගෙන යනවා. මීට අමතරව දෙමුහුන් මිරිස් ප්‍රභේද හයක් මේ වනවිට අභිජනනය කරලා තිබෙනවා. මෙම වර්ගවල මිරිස් බීජ ළඟදීම ගොවීන්ට නිකුත් කිරීමට කටයුතු කරගෙන යනවා.

      Delete
    10. මේ වනවිට අපේ රටේ පරිභෝජනයට වාර්ෂිකව අවශ්‍යවන රතුලූනුවලින් 9%ක්, රටකජු 6%ක්, කුරක්කන් 20%ක්, උඳු 24%ක්, මුං ඇට 40%ක්, කව්පි 3%ක්, සෝයා බෝංචි 99%ක් ආනයනය කරනවා.

      ලොකුලූනු 2010 73%ක් ආනයනය කර 2015 40% දක්වා අඩු කර, වියළි මිරිස් 2010 85%ක් ආනයනය 2015 වනවිට 43%ක් දක්වා අඩු කර 2018 වසර අවසන් වනවිට මේ සියලු බෝග ආනයනය අත්හිටුවීම සඳහා බීජ නිෂ්පාදනය පුළුල්කොට ගොවීන් අතට පත් කිරීමයි ආයතනයේ 2010 ඉලක්කය.

      ආයතනයේ ජාතික ඵලදායිතාවය මේකයි.
      අස්වනු වැඩි, වැඩිදියුණු කළ බෝග බීජ ගොවීන්ට හඳුන්වා දීමයි ආයතනයේ උත්සාහය. ඒ අනුව හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 18ක් 20ක් ලබාගත හැකි අමුමිරිස් මෙට්‍රික්ටොන් 04ක් ලබාගත හැකි වියළි මිරිස් සඳහා බීජ නිපදවනවා.

      ඒ වගේම ලොකු ලූනු හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 35ක්, රතුලූනු මෙට්‍රික්ටොන් 14ක්, මුංඇට මෙට්රික්ටොන් 02ක්, උඳු මෙට්‍රික්ටොන් 2 ½ ක්, රජකජු මෙට්‍රික්ටොන් 2 ½ ක්, කව්පි මෙට්‍රික්ටොන් 02ක්, සෝයා බෝංචි මෙට්‍රික්ටොන් 03ක්, කුරක්කන් මෙට්රික්ටොන් 03ක් ලබාගත හැකි සාමාන්‍ය බීජ වර්ග හා දෙමුහුන් කළ බීජ වර්ග ගොවීන්ට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. මෙම බෝග වර්ගවලට අඩු වශයෙන් එක් දෙමුහුන් කළ බීජ වර්ගයක්වත් 2018 වන විට අභිජනනය කර ගොවීන් අතට පත් කිරීමට ආයතනයේ පර්යේෂණ නිලධාරීන් දැන් කටයුතු කරගෙන යනවා.

      ආයතනයට 2013 රුපියල් මිලියන100ක් අමාත්‍යාංශයෙන් ලබා දීමේ මූලික අරමුණ තමයි බෝග වර්ග පිළිබඳව ආයතනයේ කරන පර්යේෂණ පුළුල් කරමින් වේගවත් කිරීම. අලුත් අස්වනු වැඩි බීජ වර්ග ගොවීන් අතට පත් කිරීම. තියෙන්නේ සීමිත ඉඩම් ප්‍රමාණයක්, ඒ සීමිත බිම් ප්‍රමාණය තුළ වැඩි අස්වැන්නක් ලැබිය හැකි බෝග වර්ග අවශ්‍යයි. රට තුළ පවත්නා මේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමයි ආයතනයේ වගකීම. ආයතනයේ නිලධාරීන් මේ වගකීම හිතට අරගෙන කටයුතු කරනවා.

      ඒ වගේම ආයතනය තුළ කෙරෙන වගාවන්ට අවශ්‍ය ජල සම්පාදන කටයුතු නවීකරණය කර දේශගුණික විපර්යාසයන්ට ඔ‍ෙරාත්තු දිය හැකි පරිදි පර්යේෂණ කටයුතුවලදී නව තාක්ෂණික වගා මැදිරි සකස් කිරීමේ වැඩපිළිවෙළක් 2014 -
      2018 කරගෙන යනවා.

      ඒ වගේම අපේ රටේ කැලෑබදව හැදෙන පලතුරු වර්ග කැලෑ විනාශ වීමත් සමඟ රටට, ජාතියට අහිමි වී යනවා. කෝන්, මොර, පලු, වීර, ගල්සියඹලා, මාදං, වෙරළු, මී අඹ, නෙල්ලි, මසං වැනි විවිධ කැලෑබද පලතුරු වඳවී යන නිසා ඒවා සංරක්ෂණය කිරීමට ආයතනයේ ජාන බැංකුවක් 2014 පටන් අරගෙන තියෙනවා. එය ජාතික මෙහෙවරක්.

      Delete
    11. මෙවන් ආයතන පිලිබඳ පොදු ජනතාව තියා ගොවි ජනතාව දන්නෙත් ඉතා අල්ප වශයෙන්. මේ දැනුවත් කිරීම් ජාතික වශයෙන් සිදුවිය යුතු දෙයක්. ඇනෝට ස්තූතිවන්ත වෙනවා මෙහෙමවත් අදහස් පලකරනවාට.

      Delete
    12. // Aruna PereraJuly 27, 2017 at 12:03 AM

      ජනාධිපති නියෝගයෙන් පිහිටවු ජනාධිපති කොමිසමටත් උඩින්ද රවී කරුණානායක ඉන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නේද.....කොමිසමට ගෙන්න ගන්න බැගෑපත් වෙන්න වෙලා. //

      ඔන්න ගරු අරූ තුමෝ ඔහෙලා මහත් බලාපොරොත්තු ඇතිව ගොඩනන්වපු යහපාලනේ....

      ගඳයි!

      Delete
    13. // AnonymousJuly 27, 2017 at 12:15 AM //

      ඉතාම වටිනා කරුනු කාරනා සහිතව ගරු අරූ තුමාටත් පොදුවේ අප සැමටත් ප්‍රයෝජනවත් ආලෝචන සැපයීම ගැන ඔබට බොහෝමත්ම ස්තූතියි ගරු ඇණෝ තුමෝ...

      Delete
  9. මරාවාදීන් කිහිප දෙනෙකු කලබල වී ඇත!

    මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම හොරු, අපරාධකාරයෝ සහ නූගතුන් පිරිසක්.

    උන්ව කර ගහගෙන යන්නේ උන් හා සමානම පිරිසක්.

    කූජිතයන්ට උන් හැර නැත අන් සරමක්.
    මෙික තේරුම් නොගෙන ඇයි ඔබ ගන්නේ තරහක්?

    මරාවාදීන් (මරාට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණින හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අය) සමග මේ විස්තර කර ඇති ආකාරයේ කුණුහර්ප සංවාදවල යෙදීම මට නම් ඉතා විනෝදයක් ගෙන දෙන කාර්යයකි.

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ශ මැතිතුමා ඔය අඩු කුලේ පර හැත්ත ව ගනන් ගත්තේ නැති නිසා ඔවුන් මහින්ද රාජපක්ශ මැතිතුමා ට වෛර කරති.

      Delete
  10. @ Lankika Sithuwili

    අද ඇතැමුන් සිතා සිටින්නේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලින් ආණ්ඩුව පළවා හැරීමටයි. එහෙත් අද වෘත්තීය සමිති නායකයන් දේශපාලනඥයන් වගේ ම එදාට වඩා වෙනස්. වෘත්තීය සමිති නායකයන් අතර එ ජා ප හිතවතුන් ද ඉන්නවා. ඔවුන් වෘත්තීය සමිති ව්‍යාජ ආණ්ඩු විරෝධී අරගලවලට ඇදගෙන යනවා. ඒකාබද්ධ විපක්‍ෂය හා ඔවුන්ගේ හිතවතුන් හිතනවා නම් වෘත්තීය සමිති අරගල මගින් ආණ්ඩුව පෙරලන්න එය මිරිඟුවක් පමණයි.

    ඊනියා වාමාංශික වෘත්තීය සමිති තාමත් ඉන්නේ තිස්ගණන්වල. තාමත් කම්කරු පංති විප්ලවය ගැන සිහින දකින්නන් ඉන්නවා. කම්කරු පංතිය කියන එක මාක්ස්ගෙ හිතළුවක්, පට්ටපල් බොරුවක් පමණයි. ලෙනින් එය යුක්තියුක්ත කරන්න ගොස් පංති විඥානයක් පිටින් ගෙන ආ යුතු ය කියමින් තවත් අවුල් කළා. පුටින්ගෙන් අහල බලන්න කම්කරු පංතිය රුසියාවෙ කෙළේ මොකක් ද කියලා. බටහිරයන් මේ සියල්ල අධ්‍යයනය කරලා ලංකාවෙ වෘත්තීය සමිති මෙහෙයවනවා.


    රටේ සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න ඕන. ඒත් තෙල් සංස්ථා සේවකයන් කරන්නේ කුමක් ද? ඔවුන්ගේ නායකයන් අද පොලිස් අත් අඩංගුවේ. ඒ අතර සේවකයන් මැරයන්ගෙන් ගුටි කනවා. නායකයන්ට පොලිස් ආරක්‍ෂාව ලැබෙනවා ද? අප මතුපිටින් පෙනෙන දෙයින් නිගමනවලට පැමිණෙන එක සුදුසු නැහැ. රට විකිණීම ගැන සියලු දේශපාලනඥයන් වග කියන්න ඕන. තෙල් වැඩ වර්ජනවලින් හම්බන්තොට බේරාගත හැකි ද? සෙනසුරාදා ගිවිසුම අත්සන් කරනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය ප්‍රකාශ (වොයිස් කට්) කරනවා. ඔවුන්ට වෙනත් යමක් කරන්න බැහැ. ඔවුනුත් යම් ආකාරයකට මෙයට හවුල් බව පෙනී යනවා.

    ආණ්ඩුවට බලයේ ඉන්න භීෂණය, හදිසි නීතිය, අත්‍යාවශ්‍ය සේවා නියෝග, මැර ප්‍රහාර හා තවත් දේ අවශ්‍යයි. ඔවුන් දැන් දන්නවා ඒ සියල්ලත් තවත් දේත් “නීත්‍යානුකූල” ව කරන්න. පළාත් සභා ඡන්ද නීත්‍යානුකූල ව 2019 දක්වා කල් දමාවි. පළාත් පාලන ඡන්දත් අර පනත මේ පනත කියමින් නීත්‍යානුකූල ව කල් දමාවි. මැර බලයත් නීත්‍යානුකූල ව යොදා ගනීවි. වෛද්‍යවරුන්ගේ නායකයන්, තෙල් සේවක නායකයන් වෘත්තීය සමිති අරගල කුරුවළු කරලා, ආණ්ඩුවට අවශ්‍ය දේ සෘජුව හෝ වක්‍රව හෝ කරනවා. රනිල් රවි ආදීන් මෛත්‍රිපාල සිරකරුවකු කරගෙන ආණ්ඩුව ගෙන යාවි. ආණ්ඩුව ඊනියා වෘත්තීය සමිති අරගල තම පැවැත්ම සඳහා ම යොදා ගනීවි. බැඳුම්කර පිළිබඳ තීන්දුව දීමට එතෙක් කොමිසම තිබේවි ද යන්න ගැන සැකයක් තියෙනවා. තීන්දුවට කලින් කොමිසම විසුරුවා හැරීමට හෝ එහි කාලය ඉකුත්වීමට හෝ ඉඩ තියෙනවා. දේශපාලන සිරකරුවකු වූ මෛත්‍රිපාල අවසානයේ දී රනිල් හා චන්ද්‍රිකා කියන දේ කරනවා.

    (මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය -
    http://www1.kalaya.org)

    ReplyDelete
  11. සරස

    ඕනෑම නිෂ්පාදනයක යම් පමණක අපතයක් පිහිටීම ස්වභාවිකය. මනුෂ්‍ය උත්පත්තියේදීත් එය එසේමය. දේශපාලනයේ දී එය ඉහ වහා ගොස්ය. හේතුව යමක් කමක් කරගැනීමට දැනුමක් නැති අපත රාජයන් බහුතරයකගේ දිවිපැවැත්ම දේශපාලනය වීම නිසාය.
    අපතයන් යනු නූගතුන්මය යන්න නිවැරදි නොවේ. මන්ද පොත පත කට පාඩම් කර ඒවා විභාගයක දී ලියා සහතික ලබා ගත් අපතයන්ද සිටින බැවිනි. එයත් කළ නොහැකි අමනයන් අනෙකෙකු ලවා විභාග ලියවා තමුන්ට සහතික හිමිකර ගනිති. උදාහරණ නම් මහින්ද නාමල් ඩබලගේ නීති උපාධියන් ය.

    න්‍යාය ටොන් ගණන් වුවද ප්‍රායෝගික බව මංචාඩියක් වත් නැති කට පාඩම් අපතයන්ට ජී. එල්. පීරිස්, දයාන් ජයතිලක, ප්‍රතිබා මහානාම හොඳම උදාහරණයන් ය.

    වරින්වර බිහිවන පාලක පාලිකාවන්ට අවනතව ලෞකික සුවය පැතූ මොහාන් සමරනායක, ආරියරත්න ඇතුගල ගේ නම් ද සඳහන් නොකළොත් අසාධාරණයකි. එමෙන්ම මළ භාෂාවන් වන පාලි, සංස්කෘත ආදිය පිළිබඳ උපාධි ලබා වත්මන් නවීන ලෝකයම පාලනය කළ හැකියයි උදම්වන චීවරධාරී අපතයන් ද ඇත. මැදගොඩ අභයතිස්ස ඊට හොඳ උදාහරණයකි.

    උගත්කම පොත පත කටපාඩම් කිරීම මගින් ලබා ගත්තද බුද්ධිය එසේ නොහැකි බව නොදන්නා බොහෝ අපත චරිත මෙරට සියල්ල පාලනය කිරීමට පෙළඹීම අපෙත් රටෙත් අවාසනාවක් වී ඇත. නවවන ශ්‍රේණිය දක්වා උගත් විමල් වීරවංශත් නීතිඥයෙකු යයි පවසන උදය ගම්මන්පිලත් අතර ඇති වෙනස කුමක්ද? ඔවුන්ගේ භාවිතාව නිවුන් සහෝදර භාවිතාවකි. භාෂාවද හැසිරීමද බුද්ධියද තකට තකය. ගම්මංපිලගේ උපාධියත් නාමල් ගේ පන්නයේ එකක් දැයි සැක සිතේ.

    ReplyDelete
    Replies
    1. මේ සියළු අපතයන් සියල්ලෝම අද අනාථවී ඇත්තේ තම කප්රුක වන් සියලු සිතුම් පැතුම් ඉටු කල මහරජාණන්ගේ දේශපාලන අභාවප්‍රාප්තිය නිසායි.

      මෙරට බුද්ධිමත් ජනයා වරක් නොව දෙවරක්ම පරසක්වල ගැසූවද මේ මහරජා ඈත දනව්වකින් බඩගා මංතිරිකමකට පැමිනියේ දේශපාලන බල පෙරේතකමට මිස කුමන ජනතා සේවයකටද?

      වසර 10 ක් ජනාධිපති වී කරන්නට බැරි වූ ජනතා සේවයක් කුරුණෑගල මංතිරි කට්ටෙකු වී කළ හැකිද?
      මළ මිනියෙන් ටෝම් පතන ඉහත අපතයන් මහරජා මලවුන්ගෙන් නැගිටුවා ගැනීමට වලිකනුයේ කිනිතුල් න්‍යායට ය. ඒ සඳහා ඕනෑම විනාශයක් කිරීමට සැදී පැහැදී සිටින ජොස්තර සංගමය ලෙඩුන් වෙනුවෙන් යයි පවසමින් ලෙඩුන් මරමින්ද, සුරසැප වළඳන චීවරදාරීන් ශාසනය රැකගැනීමට යි පවසමින් ශාසනය විකුණමින්ද, සමහර වෘත්තීය සමිති තම අයිතීන් වෙනුවෙන් නොව රජයට තර්ජනය කරමින්ද, පරාජිත දූෂිත දේශපාලන අපතයන් මැරී ඉපදුන පිරිසක් මෙන් අතීතය අමතක කර හැසිරෙමින්ද, කල්ප ලක‍්ෂයකින් හෝ බලයේ වාටියටවත් ළඟාවිය නොහැකි පසුගාමියෝ තම අතකොලු බවට පත්කරගෙන ඇති විශ්වවිද්‍යාල ළමුන් මහාමාර්ගයට ඇද දමමින්ද කරනුයේ එකම රාජකාරියකි. එනම් එම්බාම් කර වල දමන ලද මළ මිනියකට නැවත ප්‍රාණය දීමය. එවන් කාරියකට ඉඩක් නොමැති බව ජනතාව දැණුවත් නමුදු මෙම අපතයන් වලිකනුයේ එය කිරීමටය. ඒ සඳහා මොවුන් මේ තාක් දුර ආවාක් මෙන් තවදුරටත් එළුවා පසුපස ඉව අල්ලමින් යනු හැර වෙන කළ හැකි දෙයක්ද නැත. මේ විහිළු අතර අලුත්ම විහිළුව වී ඇත්තේ බලයට කා කොටා ගෙන දික්කසාද වූ පෙරටුවෝ පසුපස වැටී තම වැහැරුණු බලයට හුළං ගහන ජෙප්පන්ගේ විළිලැජ්ජා නැති වැඩ පිළිවෙලය.

      ගොම්මංපිල

      අපතයන් අතර අපත රාජයෙක් වන ගොම්මංපිල ගැනද යමක් සඳහන් කළ යුතුය. ඒක පුද්ගල දේශපාලන පක‍්ෂයක් අටවා ගෙන පුවත්පත් සාකච්ඡාවලින්ම දේශපාලන දිවිය ගැටගසා ගන්නා මොහු කාගේ හෝ වලිගයක එල්ලී මංතිරිකමක් ලබා ගන්නෙකි. තනි පක‍්ෂයක් ලෙස ඉදිරිපත්ව ඡන්ද 100 ක් හෝ ලබාගත නොහැකි මේ වලිගය සිතනුයේ කඳ පාලනය කරනුයේ වලිගයෙන් බවය. අනෙක් අතට දූෂිත බවෙන්ද කප් ගසා ඇත. 2000 වසරේදී ඕස්ත්‍රේලියා ජාතික මිතුරාගේ සමාගමක කොටස් පෑන් ඒෂියා ධම්මික පෙරේරාට මිලියන 20 කට ව්‍යාජ ලියකිලි මගින් විකිණීම පිළිබඳ නඩුවක් ඇත. මෙතෙක් කල් එසේ නොකළේ යැයි කී ගොම්මංපිල දැන් දිව්රුම් පෙත්සමකින් කියා ඇත්තේ විකිණූ බව ඇත්ත නමුත් ගත් මුදලින් කළ දේ මතක නැති බවයි. තම උප්පැන්න සහතිකයේ පියාගේ නම සඳහන් තීරුවේ ඉරි කැබැල්ලක් සටහන් කර ඇති බව ගොම්මංපිලට මතකදැයි දන්නේ නැත. විමල් දිනේෂ් හා තකට තක වාචාල කමින් අගතැන්පත් මුන්දෑ විළිලැජ්ජාව දිවිහිමියෙන් අත්හල පුද්ගලයෙකි. මොහු අතොරක් නැතිව කරන ප්‍රකාශ ගැන ජනයා දැන් තඹයකට මායිම් නොකරන බැවින් ඒ ගැන වැඩිදුර කථා ඵලක් නැත.

      Delete
    2. ජොස්තර සංගමය

      පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මරාගෙන මැරෙනවා යයි පාරම් බාන ත්‍රස්තවාදී ජොස්තර සංගමය මධ්‍යම රාත්‍රිය ඉක්මවා යනතුරු පෞද්ගලික චැනල් සේවයේ යෙදෙති. තමුන්ගේම ඩිස්පෙන්සරි ෆාමසි පවත්වාගෙන යති. මෙරට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, උසස් අධ්‍යාපන ආයතන වැහිවැහැලා තිබුනද, රාජපක‍්ෂ අනුග්‍රහය ලද නමට හෝ රෝහලක් නොමැති කොතලාවල වෛද්‍ය පීඨයද මේ ත්‍රස්තවාදිනට ගැටළුවක් නැත. මේ ආයතන තම පරාජිත දේශපාලන නායකයා ආරම්භ කරන විට උඩගෙඩි දෙමින් පිළිගත් බව පවා අමතක කරන මෙම ජොස්තර සංගමය පාහර පාදඩ අමන ත්‍රස්තවාදි හෙලුවැල්ලන් පිරිසකි . ප්‍රමිතිය යන්න පෙරට දමාගෙන කෑ මොර දෙන මෙම වහල් ත්‍රස්තවාදීහු ප්‍රමිතිය සඳහා රජය ගන්නා කිසිම පියවරකට එකඟ නොවීමෙන් තම කුහක ම්ලේච්ඡ බව රටට හෙළිදරව් කරනවා නොවේද? තමන් සමාන වෘත්තිකයන්ගේ සාධාරණ යුක්ති සහගත අයිතිවාසිකම්වලට එරෙහිව සටන් කිරීම මොනතරම් අශීලාචාරද? මේ ජොස්තර පිරිස හැසිරෙනුයේ ගඳ නොහඳුනන ඌරාගේ භූමිකාවය
      රාජපක‍්ෂ තම වහල් හිමියාගේ හැම දහදුරා වැඩකටම ආවඩා වයෝවෘද්ධ වී සිටින දිනේෂ් ගුණවර්ධන එදා සයිටම් ආයතනය ආරම්භ කළ යුතු යයි පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කළ නමුදු අද සයිටම් අහෝසි නොකළහොත් මරාගෙන මැරෙන බව පවසයි. මෙවන් අසමජ්ජාතියෝ මරාගෙන කොහොම වෙතත් දැන් මැරෙන වයසට පැමිණ ඇති බැවින් අනාගත රටට එතරම් ගැටළුවක් නොවනු ඇත.

      Delete
    3. චීවරධාරීන්

      පන්සල්වලට ලැබෙන අසීමිත ධනය පොට්ටනි ගසාගන්නා සමහර මුදලාලි සංඝයා වහන්සේලා අන්‍ය ආගමික ස්ථානවලට දොස් පවරනුයේ මුදලට ජනයා එම ආගම්වලට හරවන බවටය. එසේ වදාරන සංඝයා ජනයා කුසගින්නේ මියගියද සාංඝික දේ අකැපැයි පවසමින් සියලුම පිං ධනස්කන්ධය තමන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලට බහාලති. කාමසුඛල්ලිකානුයෝගයේ අග්‍රස්ථානයට පත්ව ඇති වත්මන් පෞරාණික විහාරස්ථාන අධිපතිවරු අද චැනල් ජොස්තරලාගේ ද, ටියුෂන් මාස්ටර්ලාගේද, බිල් නොකඩන සුපිරි ගිණුම් පරයා බිලියනපතිවරු වී සිටිති. මුන්නාන්සෙලා නිතර වදාරන්නේ සාංඝික දේ පරිහරණය කලොත් ලබන ආත්මයේ බලු කපුටන් වී උපදින බවය. එවන් බියක් ජනයා තුළ ඇති කරන ලද නමුදු මුන්නාන්සෙලාට සහ ඥාතීන්ට එවන් බියක් ඇති වන බවක් නොපෙනේ. මේ යන පිළිවෙල අනුව ජනතාවගේ රීරිමාංෂය, පිංපෙට්ටි හා දේපල අවිනීතිව, අශීලාචාරව, අසාධාරණව පවුල් පරම්පරාවන් සමග භුක්ති විඳින චීවරදාරීන්ගේ ක්‍රියා කලාපය නිසා මතු අනාගතයේ මෙරට බලු කපුටු ගහනය ඉතා ඉහල මට්ටමකට පත්වන බව නම් සහතිකය.

      වත්මනේ සංඝ සමාජය පිරිහීමේ කැඩපත නම් අස්ගිරියයි. ඔවුන්ගේ අති උද්ධච්ඡ වනචර චරියාව මුළු මහත් සාසනයටත් ගිහි සමාජයටත් කරනුයේ යලි නිවැරදි කළ නොහැකි අනර්ථයකි. ෆොන්සේකාට අනීතිකව වනචර ආකාරයට දඬුවම් දීමට එරෙහිවීම නිසා රාජපක‍්ෂ ගැති උඩුවේ ධම්මාලෝක චීවරධාරියා මල්වතු මහනාහිමි ඉදිරියේ මල්වතු විහාරය දෙකඩ කරන බවටත් විහාර මළුවේ බෝම්බ පුපුරා යා හැකි බවත් කියමින් ගෙනා තර්ජනය හමුවේ නිහඬව සිටි අස්ගිරිය, රාජකීය පුතුන් දළදා මාලිගාව වටා රුසියානු ලඳුන් අඩනිරුවතින් රංගනයේ යොදවමින් මත්පැනින් නගරය නහවමින් මෝටර් රථ ධාවන තරඟ පවත්වද්දීද සිටියේ මුඛ පූට්ටු කරගෙනය. මහනුවර අති සුන්දර බවට සහ නගරවාසීන්ට දැඩි ගැටළුවක් වී ඇති අධික වායු දූෂණයට පිළියමක් ලෙස දළදාමාලිගාව අසල මාර්ගය විවෘත කිරීමට මල්වතු විහාරයේ කැමැත්ත ද නොසලකා දැඩි ලෙස එරෙහිවනුයේ මෙම අස්ගිරි විහාර සංඝයා ය. රාජපක‍්ෂවාදී මැදගම ධම්මානන්ද ලා ඇතුළු අස්ගෙරියන් වාසය කරනුයේ වායුසමනය කරන ලද විහාර මාළිගා වලය. ගමන් බිමන් වඩිනුයේද අති සුඛෝපභෝගී වායුසමනය කරන ලද දිව්‍ය රථවල ය. මුන්නාන්සෙලාට නරක හුළං පොදක්වත් වදින්නේ නැත. ගිහියන්ගේ දාන මානවලින් යැපෙන භික‍්ෂූන් වහන්සේලා අසරණ ජනයාට පිහිට විය යුතු නේදැයි යමෙක් පැවසූ විට මුන්නාන්සෙලා දෙසන්නේ “උඹලගෙ දානයෙන් නෙවෙයි අපි ජීවත්වෙන්නෙ අපේ සල්ලි වලින්“ යනුවෙනි.
      මේ සියල්ලන්ගේම සෙවනැල්ල මහරජා ය. ඔහු මෑතක ප්‍රකාශ කළේ දැන් ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක බවයි. මලවුන්ගෙන් නැගිට ඇති මහින්දයා දැන් මල්වට්ටි මත මයික් තබාගෙන පන්සල් වඳින නමුදු එදා තම සහචරයන් නොවූ ගරුතර සංඝයා වහන්සේ ලාට හිරිහැර කළ බව අමතකය. අස්ගිරිය පුදන ගමන් මල්වත්තට තර්ජනාංගුලිය එසවූ බව අමතකය. අභයාරාමයට ගරු කරමින් නාග විහාරයට නිගරු කළ බව අමතකය. පැට්‍රල් ඩීසල් මිල අඩු කරන අධිකරණ නියෝගය පයින් පාගා දැමූ බව අමතකය. තම සහචර මිනීමරුවන් මංකොල්ලකාරයන් නිදහස් කළ බව අමතකය. බිරිඳට සහෝදරයන්ට දරුවන්ට සහ හත්මුතු පරම්පරාවටම මහජන දේපල ගසා කෑමට පගා කෙලීමට ඉඩ සලසා දුන් බව අමතකය.

      අද පංසල් පිං කැට ගැන දොඩවන මේ හාදයා කතරගම දේවාලයේ පිං කැටය ගසා කෑමට තම ඥාති පුත්‍ර ශෂින්ද්‍රට පැවරුවේ රටේ නීතිය වෙනස් කරමින් බව අමතකය. තම පුත්‍රයා නාවික හමුදාවට බඳවා ගැනීමට නාවික නීතිය වෙනස් කළ බව අමතකය. ලොකු පුත්‍රයාට නීති උපාධිය ලබාදීමට සිදු කළ නීති විරෝධී කාර්යයන් අමතකය. ජපුර වි.විද්‍යාල කුලපති හා එක්ව අත යට ආචාර්ය උපාධියක් පිරිනැමීමට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ ඊට පෙර පරාජය වැළඳගත් නිසා බව අමතකය. බිරිඳට කාල්ටන් හරහා ළමුන් පාසල්වලට ඇතුලත් කිරීමේ ව්‍යාපාරයද, බැසිල්ට සියලුම කොමිස් කටයුතුද, ගෝටා ට දේශපාලන විරුද්දවාදීන් සුදු වෑන් වන්දනාවේ යැවීමේ කටයුතු ද, යෝෂිතට සහ නාමල්ට රටේ දේපල ඉඩ කඩම් මන්දිර රැස්කිරීමටද, රටේ ඇහැට කනට වැටෙන යුවතියන් (එයා ලංකාද ඇතුලූව) රැක බලාගැනීමට නාමල්ලාට යෝෂිතලාට ඉඩ සලසා තිබූ බව අමතකය. ශිරන්ති නෝනාට සිරිලිය ගිණුමෙන් වංචා කිරීමට ඉඩ සලසා දුන් බව අමතකය. එමෙන්ම අද පෝලිම් ගැහි උසාවි බඩ ගාන වහල් ගැති සහචරයන්ට රට උලා කෑමට ඉඩ සලසා දුන් බවද අමතකය. කුඹුරේ සිට මඩ සෝදාගෙන නාම යෝජනාවලට අත්සන් කළ පියාගේ සහ මවගේ සොහොන් කොත් කෞතුකාගාර හැදීමට ජනතා මුදල් වැය කළ බව අමතකය. මාධ්‍යවේදීන් කපා කොටා මරාදැමීම් අතුරුදන් කිරිම් ද අමතකය. එහෙව් වසලයන්ට දැන් රට යනවා වගේ පෙනෙන්නේ ඒකාධිපතිවාදයට ය.
      ගුරා හිටගෙන කරන දේ එම අවයවය ඇති ගෝලයා කරනුයේ දුව දුවය. ඒ ගුරාගේ හයිය ගෝලයාට ත්‍රිලක් වන නිසාය. ගුරා අමරණීය බව සිතා සිටින වහල්ලු තව තවත් වහල්ව ගැතිවන්නේ ඒ අනුව තමන්ද අමරණීය වනු ඇතැයි යන විශ්වාසයෙනි. මෙවන් අමන අපත ගෝලයන් මැදපෙරදිග රටක ඉපදුනානම් එය ලොවටම සහනයකි. මන්ද ඒ රටවල ගල් ගසා මරා දැමීමේ දඬුවමක් ක්‍රියාත්මක වන බැවිනි.

      - ඉයන්

      Delete
    4. ලක්ස්ප්‍රේ කම්හල ලබෙට අරන් ලන්කා මිල්ක් ෆූඩ්ස් දැම්මෙත්, රාජ්‍ය ඉස්කාගාර සන්ස්තාව ලාබෙට් අරන් ඩිස්ටිලරීස් (දැණ් මෙල්ස්ටාර්) දැම්මෙත් මීමැස්සා ඉන්සුවරන්ස් කුණු කොල්ලෙට අරන් උසාවි තීන්දුවක් නිසා ආපහු දුන්නෙ මහින්ද මහත්තයද හිටන්?

      Delete
    5. ඒ විතරක්යැ සිරිමාවෝ ගෙන් ඉල්ල ගත්තු ආන්ඩුවේ ඉඩමක පවත්ත ගෙන ගිය වික්‍රමසිංහ පවුලේ ව්‍යාපරයක් වූ රූපවාහිනී නාලිකාව එහි නියම වටිනාකම වගෙ 10 ගුනයකට පමන වලුඑ කර ආන්ඩුවට පවරා ගෙන පසුව මහජන මුදලින් පවත්වා ගෙන යන පාඩු ලබන ස්වාදීන රූපවාහිනිය බවට පත් කලෙත් මහින්දගෙ කාලෙනේ නේද ?

      Delete
    6. මහින්ද තමයි වන්චා කරලා තියෙන්නේ... හැරී ජයවර්දන රජයේ දේපොල කොල්ලකාලම නෑ නේ....

      Delete
    7. ඉයන් ලෝකයේ හොඳම මුදල් ඇමති මිලියන 160 කට ගෙයක් ගන්නව කියන එකේ වරදක් තියනවද?

      මැක්කා (ෆන්-සේකා) කිවුව වගෙ ප්‍රොටොකෝල් එක කියන්නෙ ඒක තමයි.

      Delete
    8. ///ලෝකයේ හොඳම මුදල් ඇමති මිලියන 160 කට ගෙයක් ගන්නව කියන එකේ වරදක් තියනවද? ///

      පිස්සුද..?
      කිසි වැරැද්දක් නෑ..!!!

      සුදු වෑන් එකෙන් ඇවිත් පැහැරගැනීමත් නීත්‍යානුකූලයි කිව්ව එකේ මේකත් නීත්‍යානුකූල තෑග්ගක් කියල කිව්වෙ නැත්නම් තමයි පුදුමේ.

      මේ යහපාල ලිච්චවි සෙට් එක අධෝමාර්ගයට ගිය මොලේ ආපහු හිස් කට්ට ඇතුලට දාගැනීමේ අටියෙන් ඔලුවෙන් නේ හිටගෙන ඉන්නෙ.

      උන්ගෙ මහ දවල් වැරදි ඔක්කොම නීත්‍යානුකූලයි.

      ඒකට විරුද්ධව කෑගහන උන් ඔක්කොම නීති විරෝධීයි.!!

      Delete
    9. ///ඒකට විරුද්ධව කෑගහන උන් ඔක්කොම නීති විරෝධීයි.///

      යහපාලන ලිච්චවි හොරු සෙට් එක හොරකම් කරනවාට විරුද්ධව කෑගහන උන් ඔක්කොම හොර මහින්දගේ වහල්ලු.

      Delete
  12. ඇත්තටම අපේ යාළුවෝ ගැන ලැජ්ජයි

    ඒ අයගෙන් 99%ක් ම උගත් වෘතිකයන් ඒ වගේම අති බහුතරයක් වෙනසක් වෙනුවෙන් ජනවාරි වලත් අගෝස්තු වලත් පෙනී හිටපු අය. හැබැයි ඒ දවස්වල තිබ්බ උනන්දුව හා පොර ටෝක් දැන් කොහෙද කියලා හිතා ගන්නවත් බෑ.

    ඒ උනාට මොකෝ රාජපක්ෂ කෙනෙක්ව /ඒකාබද්දෙ කෙනෙක්ව හරි ඇතුලට දැම්මොතීන් මාර ජොලියක් යනවා. (සමහර විට හිතෙනවා ඇති අර රත්තරන් අස්සයයි චොපර් 6යි රත්තනරන් කිලෝ 40 000 යි හම්බ වෙලා කියලා). ඔන්න හොරු ඇල්ලුවෝ කියලා තමයි එතකොට නටන්නේ. හැබැයි ඇතුලට දාලා තියෙන්නේ නිකම්ම දෙකයි පණහේ චෝදනා වලට එහෙමත් නැත්තම් සාක්ෂි එකතු කරනකම් බලපෑම් නතර කරන්න කියන කෑල්ල එයාලට මිස් වෙනවා. කමක් නැහැ තම තමන්ගේ ආසාවනේ. තව කට්ටියක් ඉන්නවා දැන් අපිට කියනවා දෙගොල්ලොම එකයි කියලා.

    අපිත් දන්නවා හොරකම් අතින් දෙගොල්ලො අතර වෙනසක් නැහැ කියලා. අපි එදත් අදත් කතා කලේ දහස් ගානක් ජීවිත පුදලා බේර ගත්ත මේ රට කොල කෑලි හරහා අමු අමුවේ පාවා දෙන එක. එතකොට එයාලා ඒ දවස් වල කිව්වේ එහෙම වෙන්නේ නැහැ. ඒකට තමයි චම්පිකලා ෆොන්සේකලා ඉන්නේ. අනික එයාලා නැති උනත් යහපාලනේට ඡන්දෙ දෙන අපිම තමයි එදාට හැමෝටම කලින් විරුද්ධ වෙන්නේ කියලා.

    ඔන්න දැන් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන. පලවෙනි පනත පාර්ලිමේන්තුවට ඇවිත්. හැබැයි කට්ටියගේ මික් සද්දයක් නැහැ. ඒ පනතේ තියන අහිතකර වගන්ති එකින් එක පෙන්නලත් දැක්කේ නෑ වගේ ඉන්න මේ අය හරි දක්ෂයි. මං හිතන්නේ ඔහෙම තිබ්බට ඔය කියන දේවල් වෙන එකක් නැහැ කියලා තමන්ගේම හිත රවට්ට ගන්නවා ඇති. ඒ උනාට ඉන්දියාව එක්ක ගිවිසුම ගැන කිව්වා නම් කට්ටිය රෙදි උස්සගෙන එන්නේ. මං මුලින් හිතුවා මේ අය ඇත්තටම රටට ආදරෙයි කියලා. මේ අවස්ථා දෙකේ ඉන්න දෙබිඩි පිලිවෙත නිසා දැන් තේරෙනවා බඩේ පාර විදින කොට ඇරෙන කටවල් රටට හෙණ ගැහුවත් ඇරෙන්නේ නැහැ. එහෙම ඇරෙන්න නම් බඩම දැනෙන්න ඕනේ. (කන්න දෙනවනම් අපිට බොන්න දෙනව නම් අපිට මොන කෙංගෙඩියද තව ඕනේ කියන්නේ නේද?)

    එහෙම නැත්නම් කට්ටිය බයේ ඇති මේ පනත පරාද උනොත් ආණ්ඩුව පෙරලෙයි කියලා බය ඇති. මං නම් හිතන්නේ නැහැ එච්චර දුර්වල ආණ්ඩුවක් තියෙන්නේ කියලා. අපි නම් කියන්නේ මේක පරද්දන්න කියලත් නෙමෙයි මේ අහිතකර වගන්ති ගැන කතා කරමු. හැමෝම කතා කලොත් ඒවා වෙනස් කරන්න ඕනේ මතය පාර්ලිමේන්තුවට යයි කියලා. එහෙම නොවුනොත් මේක සම්මත වෙලා ඊලඟට එන වන්දි ගෙවන යාන්ත්‍රණය වගේ ඒවට විතරක් නින්දෙන් නැගිටලා විරුද්ධ වෙන එකේ තේරුමක් නැහැ. ආහ් වැරදුනා මේ අය ඒකට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒත් කියන්න බැහැ කොටින්ගේ පවුල් වලට වන්දි ගෙවන්න මොකක් හරි බද්දක් ගැහුවොත් ඒක කෙලින්ම බඩේ ප්‍රශ්නයක් වෙන හින්දා අන්න ඒක ගැන නම් කතා කරන්න රෙදි උස්සගෙන ඒවි.

    මට නම් කියන්න තියෙන්නේ ලැජ්ජයි මහත්වරුනි කියලා විතරයි.

    - අංජන තරංග (අදින් වසරකට පෙර)

    ReplyDelete
  13. ලාංකික සිතුවිලි,

    නව දේශපාලන න්‍යායක් නැතිව මේ රට ගොඩගන්න බෑ. විශාල ධනවාදි මුදල් මංකොල්ලය පුද්ගලවාදී ධන සම්පත් ඒකරාශි කරගැනීම් තුළ සැමවිටම සිදුවන්නේ අසාධාරණයක්.

    ඒත් එයට විසඳුමක් දියහැකි බුද්ධිමත් නායකයෙක් තවමත් මෙ රටේ නැති එක ගැන කණගාටුයි. භාණ්ඩ හා සේවා මත සංසරණය වන ක්‍රමයක්මේ රටට අවශ්‍යව ඇතත් එය ගලපා ගැනිමට දන්නා හෝ අවශ්‍යතාවයක් ඇති කෙනෙකු නැති බවද කිව යුතුය. මිනිසකුට ජීවත්වීම සඳහා අවශ්‍ය වන්නේ සුළු ඉඩකඩක් වවුද ඔහු මුළු රටේම සම්පත් සුරා කමින් තම දේපළ සුරක්ෂිත කරගනිමින් සිටී. එය කවදා කෙදිනක නතරවේද කිව නොහැකිය.

    ReplyDelete
  14. ඈ බං සාරසයො, බොල මෝඩ මූසල හරකො.
    උඹ සේරම එලි කොරනව, ඕකුන්ගෙ මුනවල් විතරක් වහල ??

    ReplyDelete
    Replies
    1. මූනු නාලු වෙලා හිටන්

      Delete
    2. මුණු වහල තියෙන්නේ මහින්ද ලොක්කගේ ගෝලයෝ වෙන්න පුළුවන් හිටන්

      Delete
    3. බොරැල්ලේ පිහිටි සුප‍්‍රසිද්ද පාසැලක පාසල් සිසුවකු ප‍්‍රමාද වී පාසැල් පැමිණියේ යයි අතක්‌ කැඩෙන්නට පහර දුන් ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

      පහර කෑමෙන් අත කැඩුනු සිසුවා මේ වන විට ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

      අත්අඩංගුවට ගත් ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේක මේ මහින්දගේ වැඩවසම් මහින්ද චින්තනය. වරද මහින්දගේ……!

      Delete
    4. // මුණු වහල තියෙන්නේ මහින්ද ලොක්කගේ ගෝලයෝ වෙන්න පුළුවන් හිටන් //

      ආප්ප සිරත් මහින්ද මහත්තයගේ කැබිනට් එකේ හිටි ගෝලයෙක් තමා හිටන්!

      Delete
  15. රාජ්‍ය සේවකයා = පිංගුත්තරයා

    වඩාත්ම උචිත විදියට නම් කිව යුත්තේ.....,

    "කාලකන්ණි පිංගුත්තර හැත්ත අපේ සල්ලි ටික කන්නේ නැතුව වෙන රස්සාවක් සොයා ගෙන පල" කියාය.

    - Mohammed Hilmy

    ReplyDelete
  16. වර්තමානයේ සිදු වෙමින් තිබෙන දේ හා එහිදී අප විසින් ගෙන තිබෙන ස්ථාවරය තේරුම් ගන්නට බැරි අය වෙනුවෙන් මෙම සටහන තබමි.

    අපි මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට වැඩ කළෙමු. එසේම, මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉවහල් වන පරිදි දැන් ද වැඩ කරමින් සිටිමු. මා ඇතුළු තවත් ඇතැම් අය මේ ආණ්ඩුව අතහැරියා නම්, ඇතැම් විට, වෙන කොහේ නැතත්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ තුලනය නැති වන්නට ඉඩ තිබුණු බව කියන්නේ ලොකුකමකට නොවේ.

    ආණ්ඩුව පවා අප නිකම් සෝෂල් මීඩියාකාරයන් ලෙස සලකා නො තකා සිටිය හැකි යයි සිතුවත්, අප අපගේ දේශපාලන ස්ථාවරයන් මත පදනම්ව අඛණ්ඩව කළ අරගලය නොවේ නම්, ඔය කොච්චර තනතුරුධාරී ලොකු ලොක්කන් සිටියත්, මේ ආණ්ඩුවට ලෙහෙසි නො වන්නට පුළුවන. මා මේ කියන්නේ මා ගැන විතරක් නොව, මේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නො කර, රටේත්, ජන සමාජයේත් අනාගතය වෙනුවෙන් අඛණ්ඩව, අත් නො හැර අරගලයේ සිටි අපේ මිතුරන් වෙනුවෙනි.

    කොටින් ම හරින්ලා, සුජීවලා, රන්ජන්ලා වැනි අය පවා බූරුවන් වෙද්දී මිනිසුන් වීම අත් නො හළ අපේ සමාජ මාධ්‍ය මිතුරන් වෙනුවෙනි.

    ඔවුන් වෙනුවෙන්, අප එසේ කරන්නේ ඇයි ද යන්න පැහැදිලි කර දිය යුතුව තිබේ.

    Cont...

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපට දහසකුත් එකක් විවේචන තිබේ. ඒ විවේචන බොහොමයක් අපට ආණ්ඩුවේ විරුද්ධවාදීන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව ද තිබේ.

      එහෙත්, මේ ආණ්ඩුවේ සාධනීය බොහෝ පැති තිබේ. එහි අංක එක සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. මහජන සහයෝගයකින් තොරව, අන්තවාදී, උන්නතිකාමී සුළු පිරිසක් විසින් කරනු ලබන උද්ඝෝෂණ, වර්ජන ආදියේදී පවා මේ ආණ්ඩුව හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කටයුතු කර තිබෙන බව මම අදත් කියමි. හොඳම උදාහරණය තෙල් සංස්ථාවේ අසාධාරණ වර්ජනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයි.

      විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආක්‍රමණය කර පොදු දේපල විනාශ කළ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ග පවා කවුරු කෙසේ කීවත්, එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ හැකි උපරිම විනයයි.

      හමුදාව හා පොලිසිය මේ තරමට හෝ විනයගත කරන්නට පුළුවන් වීම කුහක නො වී අගය කළ යුතු තත්වයකි. වර්තමානය වන විට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන්ට පවා භාර වී පණ රැක ගැනීමට හැකියාවක් තිබේ. මෙය ගෝඨාභය රාජපක්ෂ සමයේ සිතන්නට හෝ පුළුවන් තත්වයක් වූයේ නැත.

      රජය, පොලිසිය හා හමුදාව වර්තමානයේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් කොයි තරම් විශේෂණ පද යොදා අමානුෂිකයි, ප්‍රජාතන්ත්‍ර විරෝධියි ආදී වශයෙන් කියන්නට උත්සාහ කළත්, මේ රටේ ජනතාව ඒවා පිළි ගන්නේ නැත. හේතුව, අවුරුදු කීපයකට පෙර රජය, පොලිසිය හා හමුදාව ක්‍රියා කළ ආකාරය ගැන මේ රටේ ජනතාවට අමතක වී නැති වීමයි.

      Cont....

      Delete
    2. දැන් පොලිසිය සරසවි සිසුන්ට කතා කරන්නේ පුතාලා කියා ය. මහින්දගේ කාලේ නම් හු__ගේ පුතාලා කියා ය.

      දැන් වැඩේ තියෙන්නේ පුතාලා පොලිසිය හු__ගේ පුතාලා කර ගන්නට මාර ට්‍රයි එකක් දීමයි. එහෙත්, තවමත් බැරි වී තිබේ. බොහෝ ආශාවෙන් ලැබෙන තෙක් බලා සිටින මළ මිනිය තවමත් ලැබුණේ නැත.

      සුදු වෑන් සංස්කෘතිය ගැන කතා කරන කඩාකප්පල්කාරී සංස්කෘතියේ ක්‍රියාකාරිකයන්ට කීමට ඇත්තේ එක දෙයකි. එහිදී සිදු වූ වරදක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් නීතිය හා සාමය භාර ඇමතිවරයා සමාව ගෙන තිබේ. ඔබට අවශ්‍ය තවත් කුමක් ද? දැන්වත් වරෙන්තුකරුවන් පැමිණ භාර විය යුතු ය.

      වර්තමාන රජය යටතේ ද සොරකම්, වංචා, දූෂණ ආදිය පසුගිය ආණ්ඩුවේ තරම් ම නො වුණත්, තවමත් සිදු වේ. එහෙත්, වෙනසක් ද තිබේ. පසුගිය ආණ්ඩුවේ සොරකම් අල්ලා ගැනීමට බැරි වුණත්, වර්තමාන ආණ්ඩුවේ සොරකම් පහසුවෙන් හසු වන තරමට ආයතනික ව්‍යූහය ශක්තිමත් වී තිබේ. මහ බැංකුවේ නිලධාරීන් බය නැතුව කොමිසම හමුවට පැමිණ හෙළිදරව් කරන්නේ බැඳුම්කර මගඩිය පමණක් නොව, රජයේ ආයතනික ව්‍යූහයන්ගේ ඇති වී තිබෙන වෙනසයි. මේවා දෙස කුහක නොවී බලන්නට අපට හැකි විය යුතු ය.

      අපට හොඳම ආණ්ඩුවක් බලයට ගෙන එන්නට මේ කපේදී බැරි වන්නට පුළුවන. හැබැයි, මොන යකාගේ ආණ්ඩුවෙන් වුණත් කර ගත හැකි දේ කර ගන්නට පුළුවන් නම් හොඳ ය. මහින්ද යුද අපරාධ සිදු කළත්, යුද්ධය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට සමත් වීම සම්බන්ධයෙන් අප ඔහු පිළිබඳව සාධනීය අන්දමින් සලකන්නේ ඒ නිසා ය. ඒ යුද්ධය වනාහි කොටි සංවිධානයත්, රජයත් එක්ව තෝරා ගත් එකක් නිසා එහි පරාජිත පාර්ශ්වය ගැන අපට විශේෂ දුකක් නැත.

      Cont....

      Delete
    3. වර්තමාන ආණ්ඩුව කුමන අඩුපාඩු තිබුණත්, කිසියම් ආර්ථික ප්‍රතිපත්තියක් මත පදනම් වේ. ඒ වනාහි පෞද්ගලික අංශය දිරි ගන්වන, ගෝලීය ආර්ථිකය සමග එඩිතර අන්දමින් සම්බන්ධ වන ප්‍රතිපත්තියකි. රජය රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ඇති ලිහිල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපට විවේචනයක් ඇත.

      මේ ආර්ථික ප්‍රතිපත්ති වනාහි කිසිදු ගැටලුවක් නැතිව ඉදිරියට යන ඒවා නො වේ. ඒවායේ නරක ප්‍රතිඵල ද තිබේ. එහෙත්, ලංකාවේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් අත්පත් කර දීම සඳහා වෙනත් විකල්පයක් නැත. විරුද්ධ වන කිසිවෙකු ද විකල්පයක් ඉදිරිපත් කර නැත.

      ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී, වාසි මෙන්ම අවාසි ද සිදු වේ. එහෙත්, ඉදිරියට යන්නට වෙනත් මාර්ගයක් නැත. එය අභියෝගයක් ලෙස භාර ගත යුතු ය. තත්වයන් කළමනාකරණය කර ගන්නට උත්සාහ කළ යුතු ය. එ් සඳහා ආර්ථික ජාතිකවාදය ඉක්මවා සිතීමේ හැකියාව තිබිය යුතු ය.

      කොයි තරම් අහංකාරකම්, මෝඩකම් තිබුණත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ලංකාවට මේ මොහොතේ අවශ්‍ය එකක් වන්නේ එම සංදර්භය තුළයි.

      රනිල්, මෛත්‍රී සුසංයෝගය යනු කවුරු කුමන හීනය දැක්කත්, තව අවුරුදු දෙකක් හෝ ඉදිරියට සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි සාධනීය සම්බන්ධතාවකි. මේ එකක්වත් පරමාදර්ශී නැත. එහෙත්, පරමාදර්ශයන් වියැකී ගිය ලංකාවේ මේ වනාහි අපට තෝරා ගැනීමට තිබෙන හොඳම විකල්පයි. අප ඒ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ ඒ නිසා ය.

      හැබැයි මචෝ, බොලාත් ඉතින් අපට ඒ රැස්පොට් එක තැබිය යුතු බව අපි මෛත්‍රීටත්, රනිල්ටත් ආදරයෙන් කියමු.

      මේ අතර, අපගේ නන්නත්තාර පැරණි වාමාංශික මිතුරන් ගැනත් සඳහන් කළ යුතුව තිබේ. අන්තරේ නම් පහසුවෙන් අන්දා ගන්නට පුළුවන. එහෙත්, රැග් එක නැතිනම් ඔබට විශ්වවිද්‍යාලවල ඇඩ්‍රසුත් නැති බව ඔබ දන්නා බව අප ද දන්නවා ය. මේ වන විට පාදෙනියලාගේ සංගමය ඔබෙන් හැලෙමින් තිබෙන බව තේරුම් ගන්න. කොයි හැටි වෙතත්, ජවිපෙට හා පෙසපට ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය තුළ ස්ථානගත වන්නට තැනක් නැතුවා ම නොවේ.

      බලය ගැනීමට කිසිදු අදහසක් හෝ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය සම්බන්ධයෙන් කිසිදු විකල්ප අදහසක් හෝ නැති ඔබට ගුද මාර්ගයේ ඇති වී තිබෙන නලියන ගතිය මොකක්ද යන්න අපට හොඳින් වැටහේ.

      මේ වනාහි අන් යමක් නොවේ. ලංකාව ආර්ථික වශයෙන් පිම්මක් පැන්නොත් ඔබට ඇඩ්‍රස් නැති වනු ඇතැයි ඇති බියයි. 2004දී හා 2005දී රනිල් පැරදවීමට කුමාර් ගුනරත්නම්ගේ මූලිකත්වයෙන් ජවිපෙ චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ සමග එකතු වන්නේ ඒ නිසා ය. එහෙත්, අවසානයේදී ඒ පක්ෂය ම කෑලි කෑලිවලට කැඩී වර්තමාන ඉරණමට මුහුණ දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

      අප නම් ධනවාදය ගන්නට උත්සාහ කරන මේ පිම්මට බිය නැත. අප මෙය දකින්නේ ලංකාවේ ධනවාදී ක්‍රමය තුළ මධ්‍යම පංතික ආධිපත්‍යය බිඳ දැමීමට හා ව්‍යවසායකයන් හා කම්කරුවන් ශක්තිමත් කිරීමට ඉවහල් කර ගත හැකි අවස්ථාවක් ලෙසයි. රාජ්‍යයේ මධ්‍යම පංතික ආධිපත්‍යය වෙනස් කිරීම ලංකාවේ සමාජ විපර්යාස සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එහිදී ව්‍යවසායකයන් ශක්තිමත් වීම නරක දෙයක් නො වේ.

      කෙසේ වෙතත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වර්තමාන බල තුලනය තවත් අවුරුදු දෙකකට හෝ වෙනස් කළ නො හැකි ය. ඔය ජවිපෙ, පෙසප වැනි පක්ෂවල සිටින පූර්ණකාලිකයන්ට අප කියන්නේ කරුණාකර වෘත්තීය පුහුණුවක් ලබා ගන්නට ය කියායි. එවිට 2020න් පසු ලංකාව තුළ ඔබටත් ඔබේ දරු පවුල් සමග සතුටින් සිටින්නට අවස්ථාවක් ලබා ගන්නට බැරි නො වනු ඇත. නැතිනම් සිදු වන්නේ ඔබේ වැඩ කරන බිරියන් හා දරුවන් ඔබ පසු කර යාම හා ඔබට කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වීම පමණි.

      ලාල් කාන්තලාගේ ආයුධ සන්නද්ධ කතාවලට අප්පුඩි ගැසූ අය වෙනුවෙන් 1989 සන්නද්ධ කැරැල්ල සිදු වූ හැටි ගැන විස්තර ටිකක් පසුව ලියමි. බල්ලන්ට දැම්මා බත් කන්නට දෙන්න. මේවා පළ කළ විට බල්ලොත් බත් කන්නෙ නැහැ.

      - Ajith Perakum Jayasinghe

      Delete
    4. ඇමැති මන්ඩලේ 75% පමන වන රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් ඉහලට නන්වන ග්‍රාමීය පසුබට ජනතාවගෙන් කෙනෙකු වන අජිත් පැරකුම් ජයසින්හ මහතා ගැන අපට ආඩම්බරය.

      හැමෝම එහෙම හිතනවානම් කැබිනෙට්ටුවේ ඉතිරි 25% රාජකීය විද්‍යාලයේ ආදි සිසුවන් ගෙන් පිරවීමට හැකි බව මගේ විස්වාසයයි!

      Delete
  17. Rajapaksha la thama lokuma horu. Oya Rajapassa pavula rata hadanawa kiyala bandagarayen horakam karala thaman haduna…

    – Lal and Geetha Yapa, Riverside, CA

    ReplyDelete
    Replies
    1. Yes.
      You are correct.

      He has brought the key and opened the treasury and taken the money.

      His wife has opened the central Bank vault and taken all gold.

      This is how your general knowledge is.

      Delete
    2. Great display of a small brain of a toilet cleaner in California.

      Delete
    3. කැලිෆෝනියා වල කක්කුස්සි හෝඳන එවුන් දන්න දේ තමයි ලියල තියෙන්නෙ,
      අනික එවුන් කුලියට රනිල් ඇතුලු අනික් වසලයන් කරපු, ඔප්පු වෙලා තියෙන සහ මේ දක්වා ලංකාවේ සිදුවූ ලොකුම හොරකම කරපු උන්ගේ කක්කා හෝඳන කට්ටිය කියල බැලූ බල්මට පේනවා.
      නැත්නම් ඔලුවක් මොලයක් තියෙන් එකෙක් මේ වෙලාවෙ මේ හොරුන්ව ආරෂා කර ගනීද..???

      Delete
    4. Oya Basil and Gota, Californiave inda karapuva api dannavane….Oya gobilanta puluvanda ratak palanaya karanda? Oya yakku denna Americave paththara beduva dabalak…..Moonta lankavta gihilla pin katayak hamba vuna vithari…..matiya gahuva….

      – Lal and Geetha Yapa, Riverside, CA

      Delete
    5. We are not toilet cleaners….we have a yapa book store and we are directly involve in cleaning rajapaksa cronies from Sri Lanka.

      – Lal and Geetha Yapa, Riverside, CA

      Delete
    6. මහින්ද මහත්තයට අපහාස කොරන්න උත්සාහ කොරනා යාපා මැතිතුමාට සහ එම මැතිනියට අපගේ බලවත් උපහාසය!

      අපි වසනා සිරි ලන්කාව ත්‍රස්තවාදයෙන් මුදා ගෙන තුට්ටු දෙකේ පීචන් බදු නොගෙවන පිස්සෙක් ව අමෙරිකාවේ ජනාදිපති ලෙස පත්කිරීම ගැන මහින්ද රාජපක්ශ මැතිතුමාට අපගේ උපහාරය!

      Delete
    7. // We are not toilet cleaners…. //

      Correct statement is:
      a. Mr and Mrs Yapa have hired domestic help to clean their toilet
      b. They never clean their toilet
      c. They do not have a TOILET!

      Delete
    8. // AnonymousJuly 27, 2017 at 8:31 AM

      කැලිෆෝනියා වල කක්කුස්සි හෝඳන එවුන් දන්න දේ තමයි ලියල තියෙන්නෙ,
      අනික එවුන් කුලියට රනිල් ඇතුලු අනික් වසලයන් කරපු, ඔප්පු වෙලා තියෙන සහ මේ දක්වා ලංකාවේ සිදුවූ ලොකුම හොරකම කරපු උන්ගේ කක්කා හෝඳන කට්ටිය කියල බැලූ බල්මට පේනවා.
      නැත්නම් ඔලුවක් මොලයක් තියෙන් එකෙක් මේ වෙලාවෙ මේ හොරුන්ව ආරෂා කර ගනීද..??? //

      අනේද කියන්නේ ගරු ඇනෝ තුමෝ..

      Delete
    9. // we are directly involve in cleaning rajapaksa cronies from Sri Lanka. //

      රාජපක්ශ වාදීන් ව පිරිසිදු කරනා රස්සාව කරනා හේනේ මාමා සහ නැන්දා ට ජයවේවා!

      Delete
    10. සාරස එකත් එකටම මේ ලල්ල ලලා සහ ගීතා ජෝඩුව කරුපයියා සමග මොකක්ම හරි හොර මගඩියකට සම්බන්ධ එවුන් වෙන්න ඕනේ. පොත් කඩයක් තියෙනවා නං කලඳක් හරි මොලයක් ඇති එවුන් වෙන්න එපැයි. සාක්ෂි එක්කම හොරු අහුවෙද්දී මුන් ඒක වහන්න මේ තරම් දඟලන්නේ මොකටද? රාජපක්ෂලාත් එක්ක මුන්ට තියෙන මේ තරම් වයිරය මොකද්ද? සමහරවිට මුන් යුද්ද කාලේදී රට පැන්න කොටි ජෝඩුවක් වෙන්න ඇති...����������

      Delete
  18. සරස හොරා පොලිස් සෙල්ලමට ආපු පොලිස් කොහොමද?

    වෙනස සැපදත් අහනවා.... සැපා...යී නේ?

    ReplyDelete
  19. මැදමූලන අතකොළු...!

    තෙල් වර්ජනයේ ප්‍රධාන මෙහෙයවන්නා ලෙස පෙනී සිටිමින් හමුදා නිලධාරීන් ගේ ජීවිත බේරුණේ ඔවුන් යැවූ තෙල් නිසා යැයි කිවූ පුද්ගලයා කාගේ වහලෙක්ද යන්න මුහුණු පොතේ පළවූ ඉහත පින්තූරයෙන් හෙලිවී ඇත.

    තෙල් වර්ජනයෙන් රට දණ ගැස්සවීමට සිතූ අයගේ අණ පිළිපැදි මොහු පාරම්බෑවේ තෙල් බෙදා නොහරින බව කියමිනි. හමුදාව තෙල් පරිශ්‍රයන් අත්පත් කරගත් පසු ඔහු කීවේ එක බව්සරයක් වත් එළියට ගැනීමට නොදෙන බවය. බවුසර් සහ කෝච්චිය තෙල් බෙදා හැරීම සඳහා පිටත්වූ පසුව ඔහු කීවේ හමුදාව ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට සූදානම් බවය. හවස් වන විට කීවේ ජනාධිපති සමඟ සාකච්චාවෙන් පසුව වර්ජනය සතියකට කල් දැමූ බවය.

    හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම මේ සතියේ අත්සන් කරන බැවින් ලබන අඟහරුවාදාට වර්ජනය කල්දමා ඇත්තේ කුමකටද යන්න පැහැදිලිකල යුත්තේ එක තෙල් කඳුලක් බෙදා නොහරින බවට පාරම්බා ඊට පසුව එක එක වැල් වල එල්ලී පසුබැස්ස මේ වීරයාමය. මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ හොල්මන් කරන මැදමූලන අතකොළු හා මේ අතකොළුව අතර වෙනසක් තිබේද?

    - ඉයන්

    ReplyDelete
    Replies
    1. දැන් (විසිල් විතරයි බල්ට් නෑ ) ආණ්ඩුවෙ බල්ටි පටන් අරගෙන වගෙයි. ජයවේවා

      Delete
    2. // මේ අතකොළුව අතර වෙනසක් තිබේද? //

      අත කොලුකාර සිරිකොත කොල්ලන් අතගාන්නෙක් විසින් ලියන ලදී..

      Delete
  20. “මා ඇතුළු තවත් ඇතැම් අය මේ ආණ්ඩුව අතහැරියා නම්, ඇතැම් විට, වෙන කොහේ නැතත්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ තුලනය නැති වන්නට ඉඩ තිබුණු බව කියන්නේ ලොකුකමකට නොවේ.
    ආණ්ඩුව පවා අප නිකම් සෝෂල් මීඩියාකාරයන් ලෙස සලකා නො තකා සිටිය හැකි යයි සිතුවත්, අප අපගේ දේශපාලන ස්ථාවරයන් මත පදනම්ව අඛණ්ඩව කළ අරගලය නොවේ නම්, ඔය කොච්චර තනතුරුධාරී ලොකු ලොක්කන් සිටියත්, මේ ආණ්ඩුවට ලෙහෙසි නො වන්නට පුළුවන.”
    - මතුගම ප්‍රා(අ)ඥයා

    හඃ හඃ හඃ. හිනා කාල මැරෙනව ඕයි. අහෝසි කාලෙන කජ්ජෙන පුහුලං කිව්වලු. ඈ සාරස අර හීන් සැරයේ කටුස්සත් කිව්වලු ඕව අලින්ගෙයි අපෙයි වැඩ කියල. අම්මප මැස්සෙක් ගිය උඩ.

    ReplyDelete
    Replies
    1. // මා ඇතුළු තවත් ඇතැම් අය මේ ආණ්ඩුව අතහැරියා නම්, ඇතැම් විට, වෙන කොහේ නැතත්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ තුලනය නැති වන්නට ඉඩ තිබුණු බව කියන්නේ ලොකුකමකට නොවේ //

      අස්සයට ලාඩම් ගහන්න ගෙනිච්චාම ඌගෙ බඩේ වහලා හිටි මැස්සාත් කකුලක් ඉස්සුවලු ලාඩමක් ගහගන්න...


      ගෙම්බෙක් ගිය උඩ!

      Delete
  21. සරසා
    මෙන්න උඩ තියන විඩිඔ ක්ලිප් එකේ ඉන්න අලුත්ම චන්ඩියෙක් කොලොන්නාවේ මරික්කාර්ගේ ගෝලයෙක්

    Sanjeewa MendisJuly 28, 2017 at 12:20 AM
    මුව මෙහයවන උන්ට ගහමු බන් මම අර කිව්ව් විදිහට ඔඩිකොලෝන් දාලා

    කොළඹ පොරක් ඉන්නේ වත්තල / කඳානේ එළ ගන්කබර අඩු කුලේ පද්දෙක් ද කොහෙද

    ReplyDelete