Sunday, January 29, 2017

මුකුනුවැන්න කිඹුල්වැන්න සහ ක්‍රෝටන් කොල....



මුකුනුවැන්න  (Ponnanganni Keerai பொன்னாங்கண்ணி கீரை in Tamil, sessile joyweed in English , Alternanthera sessilis) වනාහී ක්‍රෝටන් හා කොස් කොල කෑමට පෙර අනාදිමත් කාලයක සිට ශ්‍රී ලන්කා වාසීන් මෙන් ම බොහෝ ආසියානුවන් ආහාරයට ගත් රස සහ ගුණයෙන් යුතු පලා වර්ගයකි.



මුකුනුවැන්න වලට සමාන එහෙත් විස සහිත ආක්‍රමනකාරී ජලජ පැලෑටියක් වන Alligator weed (Alternanthera philoxeroides) හෙවත් කිඹුල්වැන්න (ඔවු, පැලෑටියට නම කොයින් කලේ සරස තුමා තමයි.. ලස්සනද?) ශ්‍රී ලන්කාවේ ශීග්‍රයෙන් පැතිර යන බවද දැන් දැන් එය නගරාශ්‍රිත කෑම කඩ හා බත් මුල් වල පලා වෙනුවට පෙරට ඇති බවද අපට දන්වන්නට යෙදුනේ ගවේශනාත්මක ඇනෝවරයෙකු විසිනි

අන්තර්ජාල පිරික්සුම් වලට පසු අපට දැණගන්නට ලැබුනේ ඇත්තවශයෙන් ම කිඹුල්වැන්න ඉතා ශීග්‍රයෙන් පැතිරෙන ආක්‍රමනකාරී ජලජ ශාකයක් බවද රටවල් කීපයක් ම එය තහනම් කර ඇති බවද දූශිත ජලයේ ඇති බැර ලෝහ ගබඩාකරගැනීමේ හැකියාවක් ඇති බවත් ය. කනගාටුවට කරුන වන්නේ අප පරිබෝජනය කරනා කොහිල සහ නෙලුම් අල වැණි ජලජ කෑම වල ද එම බැර ලෝහ එකතුවීමයි!


තවත් සමහර පර්යේශකයෝ මේ කිඹුල්වැන්න ශාකයේ ඔක්සැලේට  ඉතා වැඩි මට්ටමකින් පවතින බව ද කියා සිටියහ.  ඒත් එම ඔක්සැලේට කැල්සියම් සමග බැඳී පවතින්නේ අඩුවෙන් නිසා හොඳ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද මෙය භාවිත කල හැකි බව ද ඩෙන්ගු ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි බවද පර්යේශන පත්‍රිකා වලින් පෙනේ.

කෙසේ වෙතත්, මුකුනුවැන්න වෙනුවට කිඹුල්වැන්න මලවා බත් සමග ආහාරයට දීම අනුමත කල නොහැකිය. මේ ලිපිය ලිවීමට අපව උනන්දු කල ගවේශනාත්මක ඇනෝතුමා ට අනුව සුලු පරීක්ශනයකින් (මතකයි නේ ඇඩ් එක ) එය සොයා ගත හැකිය... මුකුනුවැන්න මැල්ලුමේ පලා දන්ඩ ජල නලයක මෙන් ඇතුලත හිස් සිලින්ඩරාකාර එකක් නම් ඒ මුකුනුවැන්න නොව කිඹුල්වැන්න ය.

මුකුනුවැන්න කනවාද කිඹුල්වැන්න කනවාද යැයි තීරනය ඔබ අතේ ය. මේ දෙකම යහපාලන ආන්ඩුවේ ක්‍රෝටන් කොල හා කොස් කොල කෑමට වඩා හොඳ බව සරස තුමා ගේ අදහසයි.


 
ප.ලි:  

සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  

සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටිමි!

Friday, January 27, 2017

අපිත් ගියා හිටන්!



බොහෝ දෙනා ඇමෙරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙන විට පැමිනි ජනතාව ඊට පෙර ජනපත් ප්බාමා දිවුරුම් දෙනවිට පැමිනි ජනතාව සමග සන්ක්‍යා සන්සන්දනය කරද්දී මා හැරවුමක ඇරඹුම රැලිය්ට සාබාගීවෙම සඳහා ඊයේ නුගේගොඩ හන්දියට ගියෙමි.

යථාවාදී තථාකාරී හිටන්!



ප.ලි: සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටිමි!

සමරිසිසන්ග්‍රහයට විරුද්ද වෙමු!
 

Wednesday, January 25, 2017

ලාල්කාන්ත ජනාදිපති කාර්යාලයේ පදින්චියට යෑම....




ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත් කාලයේ එහි නායකත්වයේ සිටි බොහෝ දෙනා ගොවිගම කුලයේ නොවන බව හිටපු රාවය කතෘ තුමා වන වික්ටර් අයිවන් මහතා ලියූ ශ්රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම (1993) පොතේ සඳහන් වෙයි.


නැවත නැවත ඇති වන ජ වි පෙ සන්නද්ධ නැගීසිටීම් වලට පිලිතුරක් වශයෙන් හා එහි වූ අගතිගාමී එ ජා ප වෛරය සමනය කරනු වස් ජ වි පෙ නායකත්වය ගොවිගම කුලයට ලබා ගැනීමේ මෙහෙයුමක් ( කුමන්ත්‍රනයක් ) ක්‍රියාත්මක වූ බව සමහර දේශපාලන නිරීක්ශකයෝ පවසති.

අනාගත ජවිපෙ නායකත්වයට සියලු සුදුකම් සපුරා සිටි විමල් වීරවන්සලා ව එලවීමට අනුර කුමාර දිසානායකලා ට පුලුවන් වුනේ එම කුමන්ත්‍රන වලට පින්සිද්ද වෙන්න බවත් එම නිරීක්ශකයන් ගේ මතයයි.

 කෙසේ හෝ විමල් ලා සහ කුමාර් ගුනරත්නම් ලා එලවා දිසානායකලා, හේරත් ලා සහ රත්නායකලා ජවිපෙ බලය අල්ලාගත් හ.

මුල සිටම එම කල්ලිය සමග ගේම ඉල්ලුවේ කලුවා දේව ගේ ලාල් කාන්තලා ය.

එ ජා පයට රෙදි නැතිව කඩේ යන අනුර කුමාර දිසානායක ප්‍රතිපත්ති නිසා ගම් මට්ටමේ ජ වි පෙ කඩාවැටීම ඉතාම භායනක තත්වයකට පැමින ඇත.

ඒ නිසාම ජවිපෙ සියම් (ගොවිගම ) නිකාය ද මල්වතු (අනුර) හා අස්ගිරි ( විජිත ) පාර්ශව වලට කැඩී ඇති බවත් විජිත පාර්ශවය විදේශ වල බලවත් වන බවත් කට කතා පැතිර යමින් පවතී.

සියම් නිකායේ පාර්ශව අරගල පවතිද්දී ලාල්කාන්ත හිමියන් ගේ අමරපුර නිකාය ගේමට එන්ටර් වෙමින් ජනාදිපති කාර්යාලයේ පදින්චියට යන බව ලාල්කාන්ත තුමා ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වමින් ඊයේ පැවසීය....

ආන්ඩුව සමග සම්මුතිවාදයෙන් පෙරට යන අනුර කුමාර දිසානායක ට පරිප්පුවක් ලබාදීම ලාල්කාන්ත තුමා ගේ එම සද්ක්‍රියාවේ අරමුණයි! ඊයේ පෙරේද එලියට ආ ඩබ්ලින් වරිපනම් ලියුම් ද මේ අබ්යන්තර අරගලයේ ප්‍රතිපල දැ‍යි ප්‍රශ්නාර්තයකි!

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට හිටන්.

ප.ලි: සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටිමි!

සමරිසිසන්ග්‍රහයට විරුද්ද වෙමු!


Tuesday, January 24, 2017

රනිල්ට ගහන්න ගොස් හිට් විකට් වීම නොහොත් රතු අලියට ඇහැ තැබීම

ඔන්න එකමත් එක රටක තලාව කියනා පැත්තේ කට උල්කරගෙන බොරු කියනා හාදයෙක් හිටියා. එයා ගේ නම රතු අලි පැටියා.

මේ රතු අලි පැටියා මහින්ද මහත්තයට විරුද්දව අමෙරිකාවේ CIA එකෙනුයි ඉන්දියාවේ RAW එකෙනුයි මුදල් අරන් රටේ මහජනතාව රවට්ටන්න පට්ටපල් අතේ පැලවෙන බොරු කිවුවා.එහෙම නානාප්‍රකාර බොරු කියලා මහින්ද මහත්තයව පරාද කරලා අමාරුවෙන් කොලඹ හතේ රනිල් හාමු ව අගමැති කරගත්තා. 

පක්ස දෙකක වුනාට මේ දෙන්නා හොඳ යාලුවෝ. ඒකට හේතුව රනිල් හාමුලා ඒ කාලේ රෝහන විජේවීර ට වැඩේ නොදෙන්න මේ කට උල් කරගෙන බොරු කියනා හාදයා තාමත් තලාව වෑ කන්ඩිය උඩ ලොතරැයි විකුනනවා නේ හිටන්!

විජේවීර ගෙන් හිස් වුනු ජවිපෙ නායක කමට පත්වෙන්න අපේ රතු අලිපැටියට හොර රහසේ උදවු කලෙත් රනිල් හාමු ම තමා.

එලඹෙන සෙනසුරු මාරුව තමන් ට අපල ගෙන දෙනවා කියලා රාජකීය දෛවඥයාගෙන් දැනගත්තු රතු අලි පැටියා දිනෙන් දින ම පහලට බහින ජවිපෙ ජනපදනම නැවත දිනාගන්න පොඩ්ඩක් පොඩ්ඩක් විතර රනිල් හාමු ගේ පක්සෙට ඇටෑක් කරන්න හිතා ගත්තා.

මෙච්චරකල් එකාබද්ද විපක්සේ මන්ත්‍රීලා කියමින් සිටි සටන් පාටය වන බැඳුම්කර වන්චාව ගැණ මහ හඬක් නගපු රතු අලි පැටියා ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලලා විවාදය අතරේ යූ ඇන් පී එකට ජම්බු දෙනවා කියලා පාරම්බෑවා!

ඒ සෙල්ලම් කොහෙද අපේ රනිල් හාමු එක්ක...

රනිල් හාමු සුටුස් ගාලා මෙච්චරකල් එයා ලඟ හන්ගන් හිටි ලියමනක් වක්‍රාකාරයෙන් සමාජ ජාලා වලට නිකුත් කලා.

ඒ ලියමනට අනුව අපේ රතු අලි පැට්යා සහෝදරයා වරිපනම් බදු ගෙවන්නේ අයර්ලන්තෙලු හිටන්... එයාට අයර්ලන්තෙ ඩබ්ලින් නුවර කලුගල කියන ගමේ සිඩ්නි පාරෙ අන්ක 28 දරන නිවාසය ( No 28, Sydney Avenue, Black Rock, Dublin) අයිතිය කියලා තමයි රනිල් තුමා ලීක් කොරපු ලියමනේ තියෙන්නෙ හිටන්!

පීඩිත පන්තියේ හාදයන් වන රතු අලි පැටියන් ටත් අයර්ලන්තේ නිවාස ලබාගන්න පුලුවන් වුනේ යහපාලනේට පින්සිද්දවෙන්න කියලා සිරි ලන්කාවාසීන් වන අප හැමටම සතු වෙන්න පුලුවනි... නේද හිටන්?


රනිල් හාමු ට විරුද්ද වුනොතින් ප්‍රතිපල බයානක වෙන්න පුලුවන් කියලා කවුරුත් හිතා ගත්තොත් හොඳයි හිටන්!
 


බැඳුම්කරේ වන්චාව අමතක නොකරමු !!

සමරිසිසන්ග්‍රහයට එරෙහි වෙමු! 







Monday, January 23, 2017

සුන්දර සිහිනයෙන් අවදිවී....

ඇලබාමා ප්‍රාන්තයේ කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා.


ඉහත පින්තූරයේ ඉන්නේ ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරනා  කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා ය. එතුමා ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන් ගේ ප්‍රදාන ම හතුරෙකි. කනගාටුවට කරුන නම් මේ ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන්  තවම තමන් ගේ ප්‍රදානතම හතුරෙකු වන මයික් රොජර්ස් මහතා ගැන නොදැන සිටීම ය. 

අප සැම දන්නා පරිදි  ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයියන්  ඕනෑම අවස්තාවක අප වැනි බයියන් අමතා කියන්නේ දූපත් මානසිකත්වයෙන් ඈත් වන ලෙස ය. ඔවුන් ට අනුව  ලෝකය ගෝලීයකරනය වෙද්දී තම රටේ දෙයක් අගේ කිරීම  දූපත් මානසිකත්වය කි. 

තමන් උපන් ගම, රට සහ තමා ගේ දෙමවුපියන් ඇතුලු ඤාතීන් ගැන යටිසිතෙන් ලැජ්ජා වන මේ  ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයි හාදයෝ නයා පෙනේ පුප්පන කොට වලන් කැබලි පුප්පන ගැරඬියන් මෙන් තමන් අනාගතේ යන්නට බලාපොරොත්තුවන පන්තිය ට කොන්දේසි විරහිතව සේවය කරති! 


දූපත් මානසිකත්වය ගැන කෝචොක් කොරමින් ශ්‍රී ලාන්කිකයන් ට කොකා පෙන්නන ශ්‍රී ලන්කාවාසී නිතර පොර ටෝක් දෙන සිතෙන් ජ්‍යාත්‍යන්තරයේ වෙසෙනා වෙන්ඩ පොශ් ටොයි හාදයෝ  ශ්‍රී ලන්කාව මෙන් ම කුඩා දූපතක ක්‍රියාවකින් ආරම්භ වූ  සෙමෙන් සෙමෙන් සිදු වන ගෝලීයකරනයේ ස්වභාවික මරනය ගැන දන්නේ නැත.

අපේ වෙන්ඩටොයි ගොබ්බසේනලා දූපත් මානසිකත්වය ගැන අපට දේසනා දෙද්දී මහා බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරිසා මේ මහත්මිය දින කීපයකට පෙර ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර ලෝක ආර්තික බලවතුන් ගේ සමුලුවේ දී පැවසුවේ ගෝලීයකරනයේ ප්‍රතිපලයක් ලෙස පසුගිය කාලය තිස්සේ බලවත් වූ අක් මුල් රහිතව වැජඹෙන ගෝලීය බලවත්තු (Global elite) ස්වාදීන රටවල ප්‍රජාවලට අයහපත් ලෙස  බලපාන බව ය!

සියලු බලවත් ජාතීන් ගෝලීයකරනයෙන් හෙමින් හෙමින් ඈත් වන  අවු අස්සේ පසුගිය ජනවාරි තුන් වන දා ඇලබාමා ප්‍රාන්ත කොන්ග්‍රස් සභික මයික් රොජර්ස් මහතා විසින් අමෙරිකාව එක්සත් ජාතීන් ගෙන් ඉවත් විය යුතුය කියා පනතක් ඉදිරිපත් කර ඇත! 

මයික් රොජර්ස් මහතාට අනුව අමෙරිකාව එක්සත් ජාතීන් ගෙන් ඉවත් විය යුත්තේ එක්සත් ජාතීන් ගේ සන්විදානය අමෙරිකා එක්සත් ජනපදයේ අභිවුර්දියට නොව බලවත් නොවන කුඩා රටවල මිනිසුන් ගේ මොලහේදීම වැනි ගොබ්බ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එම රට වල වෙසෙනා ඩීල් කාර ලියන අප්පුලාට, වුර්තීය කඩෙයන්නන්ට සහ Protest for Hire වර්ගයේ උදවියට අමෙරිකානු මුදල් යොදවන  චෝදනා යටතේ ය.

තම රටට ගරහමින් මව පියා වුවද විකුනා ගානක් කපාගැනීමට ක්‍රියා කරනා සමහරුන් ට මේ කරුනු ඉතා අප්‍රසන්න වන්නට පුලුවන. එහෙත් සරස තුමා වර්දනය වෙමින් පවතින මේ නව ප්‍රවනතාවය  දෙස බලාසිටින්නේ උපේක්ශාවෙනි හිටන්!

ප ලි: බැඳුම්කරේ වන්චාව අමතක නොකරමු !!

Thursday, January 19, 2017

“ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.





සරස තුමා අද වියුනුව ගෙත්තම් කරන්නේ මල්ලෙපොල් බ්ලොගයේ පෙර දිනෙක පල වූ ආලෝචනයක් පාදක කර ගෙන ය.

පලමුව එම ආලෝචනය සන්ස්කරනය කර මෙහි පලකරමී!

AnonymousJanuary 19, 2017 at 7:57 AM
“ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.


පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේ “යහපාලකයන්” විසින් උස් හඬින් කතාබහට ලක් කළ කාරණයක් වනුයේ “ඥාති සංග්‍රහය” යයි. ඒ අනුව ඥාති සංග්‍රහය යනු එක්තරා ආකාරයක ඛෙදවාචකයකි. රටේ වාසනාවකට දැන් නම් කිසිදු ඥාති සංග්‍රහයයක් නොමැති බව ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය , එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධූරය වැනි ඉතා වැදගත් තනතුරු ආශ්‍රයෙන්ම පෙන්වා දිය හැකිය.

තම ඥාතියකු වීම නිසාම යම් පුද්ගලයකු වෙත වරප්‍රසාද සැලසීම ඥාති සංග්‍රහය වේ. එසේම සමරිසියකු විසින් තවත් පුද්ගලයකු සමරිසියකු වීම නිසාම එම පුද්ගලයා වෙත වරප්‍රසාද සැලසීම සමරිසි සංග්‍රහය වේ. ඥාති සංග්‍රහය වරදක් නම් සමරිසි සංග්‍රහයද වරදකි. පෙර සඳහන් කළ පරිදි රටේ වාසනාවකට මේ පිළිබඳ උදාහරණ බේතකටවත් මේ යහපාලන දේශපාලනය යටතේ සොයාගත නොහැක.

සතර අගතියෙන් තොරව රට කරවන හැටි පාලකයන්ට කියාදීමට මෙතරම් සමත් “සිවිල් සමාජයක්” මෙරට තිබුනද ඇමෙරිකාවේ නොතිබීම එරටේ සැබෑ අවාසනාවයි. තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව අවුරුදු දහයකින්වත් පර්යේෂණ පත්‍රිකාවක් එලි නොදැක්වූ ආචාර්ය උපාධිය රහිත මහාචාර්යවරු, Ward Master විභාගය සමත්වීමට අසමත් පිරිමි මිසීවරු, ප්‍රයිවට් බස් මුදලාලිවරු, ඇණ මුරිච්චි තද කිරීමවත් ඉගෙනගැනීමට බැරිව පරණ පිනකින් උපගුරු වී විශ්‍රාම ලබා කුලියට ලියන මහත්තුරු ඇතුලු මේ ආශ්චර්යමත් “සිවිල් සමාජය” සමරිසි සංග්‍රහය පිළිබඳව නිහඬය. ඇතැම්විට එය “ලිබරල්කමේ” ලක්ෂණයක් ද විය හැකිය.





ඥාති සංග්‍රහය (neoptism ) යන වචනයේ මූලාශ්‍ර කතෝලික පල්ලියේ බලවත් බිශොප් ලා, කාදිනල්ලා හා පෝප් ලා තමන් ගේ බෑනාවරුන් හට ( nepotismo  , nepos =  බෑනා ) පල්ලියේ උසස් තනතුරු දීම ගැන සෑදුනු ඉතාලි වචනයෙන් යැයි කියැවේ.


ගරු ඇනෝ තුමා නිර්මානය කල මේ නව වචන වන  සමරිසි සංග්‍රහය හී තේරුම නම් බලයේ සිටිනා සමරිසියෝ ඔවුන් ගේ සහකරුවන් හා අනෙකුත් සමරිසියන් හට සමරිසි නොවන අයට හිමි නොවනා නොයෙකුත් තනතුරු හා වරප්‍රසාද ලබාදීමයි.


 ඉහත ආලෝචනය ලියූ ගරු ඇනෝ තුමා පෙන්වාදෙන පරිදි "ඥාති සංග්‍රහය” වැරද්දක් නම් “සමරිසි සංග්‍රහයද” වැරද්දකි.  එලෙසින් ම ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.

 බලයේ සිටින්නන් තම  ඥාතින් හට තනතුරු සහ වරප්‍රසාද ලබාදීම  වැරදි යැයි කෑ ගසන්නන් බලයේ සිටිනා සමරිසියෝ තම සමරිසි සහකරුවන් හා ඔවුන් ගේ සහකරුවන් ට තනතුරු හා වරප්‍රසාද ලබාදීම දෙස ඇඟිල්ල දික් නොකර සිටීම වැරදි ය!

අද ශ්‍රී ලන්කා දේසපාලන වටපිටාව දෙස බැලූ විට සමරිසි සංග්‍රහය නැගලාම යන තත්වයක් උදා වී ඇති බව සැමටම පැහැදිලිය.

 මහින්ද රාජපක්ශ ජනාදිපති තුමා ට එල්ල වූ ප්‍රදානම චෝදනාව නම් ඥාති සංග්‍රහයයි! එසේ චෙදනා කල සිවිල් සමාජේ විස්ල් කරුවන් වන "මම පොර ජාතකේ" උදවිය වර්තමානයේ සිදුවන සමරිසි සංග්‍රහය දෙස උදාසීනව බලා සිටීම පුදුම සහගතය.

මෙහි පැහැදිලි කිරීම ලෙස සරස තුමාට කිව හැක්කේ: එක්කෝ ඔවුනුත් සමරිසි
සංග්‍රහ  වලින් උඩට ආ කස්ටිය විය යුතු ය. නැත්නම් ඔවුන් පැහැදිලි ව ම මහින්ද මහත්තයාගේ වැරදි පමනක් සොයනා දෙබිඩ්ඩෝ ය.
 

Wednesday, January 18, 2017

යහපාලනේ ඛෙදවාචක හා The Suicide Club.






ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ පලමු හමුවීම නම් සිත රිදවාගැනීම බව දේශපාලනයට හුරු පුරුදු කවුරුත් දන්නා කරුනකි. 

කොටන් ඇද්ද අලි බලාගෙන සිටියදී මහින්ද මහත්තයා වටකරගෙන ඔහු ගෙන් සියලු ලාබ ප්‍රයෝජන ගත්  නරි, අලියන් ට ඇඳගෙන පෙරහැරේ යෑම පටන්ගත්තේ චන්දේ පැරැදුනු සිරිලන්කා පක්සේ ඇස් බීන් ලා විජිතමුනි ලා ගෙන්නාගෙන ඇමැතිකම් ලබාදීමත් සමග ය.

යහපාලනේ ගෙන ඒමට බොහොම මහන්සි වී  කොටන් ඇද්ද අලියෙකි මෛත්‍රී ගුනරත්න.

මෛත්‍රී ගේ පියා හැත්තෑ හතේ යූ ඇන් පී ආන්ඩුව ගේන්න මහන්සි වෙලා වැඩ කල වැවිලිකරුවෙකු වන හර්මන් ගුනරත්න මහතා ය. හර්මන් පසුකාලීන ව මහවැලි ජනපද වල සින්හල පවුල් පදින්චි කිරීම වැරදියි කියා ජේ ආර් ගේ උදහසට ලක් වූවද කොන්ද කෙලින් තබා ගෙන හිටි මහත්මයෙකි. 

සජිත් ට රැවටී ඔහු ගේ අනුගාමිකයෙකු වූ මෛත්‍රී ගුනරත්න ලා සන්විදානය කල පෙරහැරකට මන්ගල සමරවීර ගේ කුරුඳු පොලු බලකායෙන් සබ්බුව ලැබෙද්දී ඊට විරුද්දව තම පිස්තෝලය පාවිච්චි කිරීමේ වරදට හර්මන් ගුනරත්න හිරේට දැම්මේ බොහොම ලඟකදී ය.

ඒ වගේම හර්මන් ගුනරත්න මහතා හොඳ ලේකකයෙකි. සරස තුමා ඔහු ලියූ පොත් සියල්ලම කියවා රසවිඳ තිබේ.

පසුගිය ජනාදිපතිවරනේ දී මෛත්‍රීපාල වෙනුවෙන් මෛත්‍රී ගුනරත්න නොසෑහෙන්න මහන්සි විය. මෛත්‍රීපාල යහපාලනේට ක්‍රොස් කරන්නට පෙර සිට ම මාදුලුවාවේ සෝබිත තෙර සමග පෙරමුනක් හදාගනිමින් වැඩකල  මෛත්‍රී ගුනරත්න මහින්ද මහත්තයා ගේ රජය පෙරලීමේ වෙඩි සැර තැබූ මුල්ම කන්ඩායමේ සාමාජිකයෙකි!එවන් යහපාලන සේවයක් කල මෛත්‍රී ගුනරත්න ව ලන්කා ගල් අඟුරු සමාගමේ සබාපතිකමෙන් දොට්ට දමලා ය. 

මෛත්‍රී ගුනරත්නට සමහර විට මේ පලදෙන්නට ඇත්තේ සන්දීප් නම් තරුනයාව තම වාහනයේ හප්පා පලාගිය පා ච රනවක බේරාගැනීමට උසාවි ගොස් ඉදිරිපත්වීමේ සාපය වන්නට ඇත.

සමහරවිට මෙය රනිල් පිලේ ආශීර්වාදයෙන් සිදු වූ ගේමක් වන්නටත් හැකිය.

තමන් ව ජනාදිපති කරන්න දර දිය ඇද්ද හාදයෝ එලවා දමමින් තමන් ට වල කැපූ එවුන් ට තනතුරු දෙමින් මෛත්‍රීපාල මේ කරන්නේ ඓතිහාසික කැකිල්ලේ රජ්ජුරුවන් ගේ භූමිකාව ය!


හර්මන් ගුනරත්න අන්තිමට ලියූ පොතේ නම මෙහි දී මෛත්‍රීපාලට හා මෛත්‍රී ගුනරත්නට හොඳට ම ගැලපේ... 

පොතේ නම The Suicide Club ය! 


බැඳුම්කොර වංචාවකරුවන්ට දඬුවම් දෙනු!!

Tuesday, January 17, 2017

GSP+ කා වෙනුවෙන් ද?





පසුගිය ඉරිදා මා ඉහත චායාරූපය ගත්තේ පාදුක්ක පැත්තේ ගමක පිහිටි තාප්පයක අල්වා තිබියදී ය.

ඒ ගැන සොයා බැලූ කල මට දනගන්නට ලැබුනේ සාමාන්ය සම්ප්‍රදායෙන් එහාට ගිය එම පෝස්ටරයේන් කියවෙන්නේ වැඩි පඩි ලබාගන්න එහි සඳහන් වන ආයතනයට බැඳෙන්න කියා ය.

රැකියා දස ලක්ස ගනන් ලබා දෙන මහා මැතිවරන පොරොන්දු දෙන මේ රටේ වැඩි පඩි දෙනවා කියමින් පෝස්ටර් ගහලා සේවක මහත්ම මහත්මීන්  ගෙන්වා ගන්න සිද්ද වේවි යැයි මා කිසිදා සිතුවේ නැත.

මේ තත්වය සම්බන්දයෙන් මා වැඩිදුර සොයා බැලුවෙමි. බොහෝ ව්‍යසායකයො පවසන්නේ ඔවුන් හට ඇති විශාලම අභියෝගය මානව සම්පත් බවය.. කෙටින් කියනවානම් වර්කර්ස් ලා ගේ හිඟකමය!

මෙච්චර සේවකයන් හිඟ නම් දිනෙන් දින ම ගරාවැටෙනා යුරෝපයට දහ හතේ වැඳුම් වැඳ අම්මා මුත්තා කාලේ වත් අසා නැති සියලු රෙකුලාසි වලට එකඟ වී (සමාවෙන්න: මුස්ලිම් විවාහ නීති සන්ශෝදනය අරෙන්න ) GSP+ ලබා ගන්න උත්සාහ කරන්නේ කා ලවා ඇඟැලුම් මස්සවන්න දැ‍යි මට නොතේරේ!


*බැඳුම්කර වන්චාව අමතක නොකරමු!


*නෙලුම් යාය අය වැය වාර්තා ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කර ගනිමු!



 

Monday, January 16, 2017

පිලිකුල් සහගත රතන $ ගනින්නාන්සේ




බොහෝම කපටි රතන $ ගනින්නාන්සේ සුවාදීන වෙලා ය. එක අතකින් එය මේ යහපාලන ආන්ඩුවේ බෞද්ද මර්දනය හමුවේ  දිනෙන් දිනම හෙල උරුමයේ ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් එය හැරයෑම කලමනාකරන කිරීමේ කපටි උත්සාහයකි.

අනෙක් අතට දැන් රතන
$ ගනින්නාන්සේ උත්සාහ කරන්නේ දැන උගත් වුර්තිකයන් ව නැවත ඇන්දවීමට ය. දිනෙන් දින ම මතු වන නව ව්‍යවස්තා විරෝදය, ඉඩම් විදේශ වලට විකිනීම, ජීවන වියදම සහ මහා පරිමාන බැඳුම්කර හොර්කම වැනි වන්චා වලට විරෝදය පා ඉදිරියට එන දැන උගත් ලාන්කිකයන් ව නැවත චම්පික හා රතන $ගනින්නාන්සේ ගේ නායකත්වයට අඩන්ගු කර ගැනීම රතන $ගනින්නාන්සේ ගේ බලාපොරොත්තුව ය.


රතන $ ගනින්නාන්සේ ගේ මේ තුට්ටු දෙකේ රතන $ ගනින්නාන්සේ ගේ මේ ව්‍යායාමය පිටුපස ට්‍රම්පච්චි  වැඩ බාරගැනීමට කලින් හම්බන්තොට ගනුදෙනුව සාර්තකව නිම කිරීමට දත කන චීනයට වෛර කරනා ලඟම රටක බුද්දි අන්ස සිටින බවක් ද කට කතා ලෙස පැතිරී යයි! එම නිසා රතන $ ගනින්නාන්සේ කියන විදියට නොනටා ස්වාදීනව සිටීම අප සැම ගේ යුතුකම ය.

එලඹෙන නව ආන්ඩුවක් යටතේ එකල රුපියල් බිලියන ගානක ගෙයක් ආන්ඩුවේ මුදලින් තමන් ට අයිති කර ගත් රතන
$ ගනින්නාන්සේ ව FCID ගෙන්වා එම මන්දිරය නැවත රජයට පවරා ගත යුතුය. එයා මයිල් වලින් කල වන්චා ගැන ප්‍රශ්න කර නඩු අසා බන්දනාගාර ගත කල යුතු ය.

බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

Saturday, January 14, 2017

නියන් ආධාර සහ ගුවනේ සැරිසරන ඇන් ජී ඕ ගිජුලිහිණි.






මගා නියඟයක් මුලු ශ්‍රී ලන්කාවම වසාගනිමින් පැතිරෙමින් තිබේ. 

බැලූ බැලූ අත දක්නට ලැබෙන්නේ අවශ්ය  තරම් ජලය නොමැතිව දිනෙන් දිනම දුර්වල වන ගොයම් පැලෑටි ය. දැනටමත් සහල් ගිනි ගනන් ගිය රටේ ඊලඟ කන්නය පාලු වුනොත් බත් කෑම අතහරින්නට වන බව ආන්ඩුව දැනටම යහපාලනේට කඩේ ගිහින් උස්සලා තියාපු ලක්ශ 62ක් වන බත් කන (?) හාදයන් ට දන්වා ඇත. 

බත් වෙනුවට ක්‍රෝටන් කොල හා කොස් දලු කා අකලට මෝදු වන අන් කෙටි ලඟම කම්මලට ගොස් පීරි ගා ගන්න යැයි ආන්ඩුවේ කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් කීවේ පසුගිය සතියේ ය. 

මාර්තු 25 දිනය වන විට වැස්ස වැස්සේ නැත්නම් පානීය ජල සැපයුම නතර කරනවා කියා අද ප්‍රවුර්ති වලින් නිවේදනය විය.

නියන් වැනි ස්වබාවික ආපදා වනාහී අහසේ කැරකෙමින් ගොදුරු සොයනා ඇන් ජී ඕ ගිජුලිහිණින් ට රජ මගුලකි. නියන් සහනාදාර එකතුකිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ බෙදාදීම යන මේ හැම කෙරුවාවෙන් ම ගසාකෑමට ඔවුන් පුරුදු වී තිබේ.

 නියඟය වගේම බලව්ත් ප්‍රශ්නයකි පලාත් පාලන හා පලාත් සබා චන්ද. අකමැත්තෙන් හෝ එම චන්ද පැවැත්වීමට යහපාලන රජයට සිදු වනු ඇත. 

පෙරහැරට පෙර කසකාරයා එනවා වගේ චන්දෙයට කලින් යූ එන් පී එකට කඩේ යන ඇන් ජී ඕ මාපිලුන් ගේ ව්‍යවසායක් වන යූ ඇන් පී වෙබ් සයිට් එකක උන්ඩුක පුච්චේ අලවා ඇති  නෙලුම් යා සින්හල බ්ලොග් සම්මාන උලෙල ද මාර්තුවේ පැවැත්වෙන බව නෙලුම් අජිත් විසින් නිවේදනය කර ඇත. මේ පාරවත්  යූ ඇන් පී කඩේ යාම අතේ මාට්ටු වන යහපාලන දේසපාලකයන්  ආරාධිත අමුත්තන්  ලෙස ගෙන්වා, අනේ අපි නම් යූ ඇන් පී නෙවෙයි කියා හොටු පෙරමින් බ්ලොග් නොලියන ලෙස සරස තුමා නෙලුම් අජිත් ට දන්වා සිටී!

සින්හල බ්ලොග් ලියන හැමෝම (සරස තුමා හැර ) දූශනයට හා වන්චාවට විරුද්දය. සැම විටම පෙනී සිටින්නේ සියලු ගනුදෙනු වල පාරදෘශ්ය (transparency of transactions) භාවය වෙනුවෙනි. 

ශ්‍රී ලන්කාවේ අපි අනෙක් අයට වඩා වෙනස් ය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලන්කා ශාකාවේ ලොක්කා වන යහපාලනේ ගේන්න ෆුඩ් සිටි ගිය වැලිඅමුන ජනතාවගේ ඇස් වලට වැලි ගසා මහා පරිමාන ගේම් ගසා ඇති බව Colombo Telegraph වෙබ් අඩවිය පවසති!


වැලිඅමුනලා ජනතාවගේ ඇස් වලට වැලි ගැසුවාට, නෙලුම් අජිත් ලා ජනතාවට දර්මයෙන් ගේම් දෙන්නේ නැති බව සරස තුමා ට විස්වාස ය!

පසුගිය වාරවල පැවැත්වුනු නෙලුම් යාය සම්මාන උලෙලවල් වල අය වැය වාර්තා බ්ලොග් වල පල වූ දවසේ සරස තුමා බ්ලොග් කියවා නැත.  එම නිසා පසුගිය වසරවල නෙලුම් යාය ට මුදල් යෙදෙවුවේ කවුද, එහි සන්විදායකයන් ට ගුවන් ටිකට්පත් අනුග්‍රහය දැවූයේ කවුද, ආදායම කොපමනද, වියදම කොපමනද යන ප්‍රශ්න වලට උත්තර සරස තුමා දන්නේ නැත. දන්න කෙනෙකු සිටී නම් අපව දැනුවත් කෙරෙත්වා!

ඒ වගේම බ්ලොග් සම්මාන එක්කම නියගයෙන් පීඩා විඳිමින් ඉන්නා බ්ලොග් ලියනා හාදයන් ට වතුර බෝතලේ බැගින් ද පිරිනමන ලෙස සරස තුමා නෙලුම් අජිත් ගෙන් කාරුනිකව ඉල්ලා සිටී.


Tuesday, January 10, 2017

හේන සහ හේන්!

කොටහේනේ දීපදුත්තාරාමය



හේන යනු පුරාන සින්හලයාගේ ජීවිතය හා සැබැඳි ඔහු ව ජීවත් කල ආහාර සැපැයුම් ඒකකයයි. විදේශිකයන් හට හඳුනාගත නොහැකි, තේරුම්ගත නොහැකි පරිසරානුගත බෝග නිශ්පාදනාගාරයකි.

හේන් කෙටුවේ  දුර ඈත වන්නියේ පමනක් නොවේ. 

කොලඹ මැද්දේ තිබූ හේන කොටහේන නම් විය! පසුකලෙක සියම් රජතුමා ගේ අනුග්‍රහය ලැබූ  දීපදුත්තාරාමය පිහිටා තියෙන්නේ කොට හේනේ ය.

 ගනහේන හන්දිය තිබෙන්නේ බත්තරමුල්ල පසු කල ගමන් තලන්ගම ට කලින් ය. තලන්ගමට පසු ව තිබෙන්නේ තලාහේන ය.

පින්හේන පසුකර හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල දෙසට යන විට මීගොඩ ට කලින් නඩු හේන හමු වන අතර නඩු හේනේ ගාමිනී ජයසූරිය මාවතේ හොර ගහ හේන තිබේ.

අතට දැමු පඬුර ගිලිනා පින්කැටේ තියෙන්නේ වෙහෙර හේනේය. වැලිහේනේ පදින්චි ගල්හේන ලා නාන්න යන්නේ පොල් හේනට ය.   

මාහේනේ රීරි යකා පොත ලියූ බන්ඩාරනායක මහතාව අගමැති කිරීමට බොහෝ උත්සාහවන්තව කිරියා කල වමේ ක්‍රියාදරයෙකි හේන්පිටගෙදර ඤානසීහ හාමුදුරුවෝ.

බන්ඩාරනායක මැතිඳුන් ගේ බෑනන්ඩිය වන විජය කුමාරතුන්ග  ව වෙඩි තබා ඝාතනය කලේ පොල්හේන්ගොඩ දී ය. 

ගස් නවයක දලු වලින් පොහොසත් හේන  නව දලු හේනයි කියා කියන්නේ තිලක් කන්දේගම මහතා ය. එම පදය නව දැලි හේන ලෙස වරදවා වටහාගෙන නන්ද කුමරු තමන් ගේ ප්‍රියාවිය ගේ රූපය  නව දැලි හේනක හිටි පිච්චුනු වැඳිරියෙකු ලෙසට සමාන කලා කියා ගීතයක් ද ඇත. 

ගමේ ගොවිරාල ලා ගේ ඇඳුම් අපුල්ලන්නේ හේනේමාමා ය. ගමේ දැරිවියන් වියපත් වුනාම ඉදිරියට එන්නේ හෙනේ නැන්දා ය. 

ජවිපේ සම නොමග ගිහින් බාගෙට වාමාන්සිකයන් වෙලා හිටි නූගතුන් පසු කාලෙක නවතින්නේ සිරිකොත රෙදි අපුල්ලන හේනේ මාමලා වෙලා බව මතක තබාගත යුතුය.

මීගමු කොච්චිකඩේ හන්දියෙන් මුහුද දෙසට ගමන් කරන්නේ කතෝලික පල්ලි දහයකට වඩා ඇති පල්ලන්සේන නම් කුඩා ගමක් හරහා ය. පල්ලන්සේන කියනා නාමය අපට හුරු පුරුදු වචනයක් නොවේ. එහෙත් පන්සල්හේන නම් අපේ රටේ හැම හතරදිග්බාගේ ම ඇත.




 කොච්චිකඩේ පල්ලිය

පන්සල්හේනේ පල්ලි ගොඩක් හැදුනාම එහි මුල් අයිතිකරුවන් ප්‍රශ්නයක් නගතැයි සිතා එකල මීගමු කතෝලික පල්ලි වල ප්‍රදානීන් ලෙස හිට ප්‍රන්ශ පාදිලිතුමන්ලා පන්සල්හේන පල්ලන්සේන ලෙස බවුතීස්ම කරන්නට ඇතැයි සිතෙන්නේ මට පමනක් ද?


මෙතැන නොලියවුනු ඔහෙලත් දන්න හේන් ගැන අපිව දැනුවත් කොලොත් නරකද හිටන්??

Monday, January 9, 2017

කෑමෙන් හොඳ කෑම

කතාව ඉස්තීර වෙලා අහවරය. 

යහපාලනේ දෙවන සන්වත්සරේ පසුවී පලමු දිනයේ රජය නිල වශයෙන් මහජනතාවට ක්‍රෝටන් කොල සහ කොස් දලු කා බඩගින්න නිවාගන්නා ලෙසට ආරාදනා කලේය!

ශ්‍රී ලන්කාවේ පස් වන ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා යද්දී අටු කොටු පිරී තිබුනු රටක් වසර දෙකක් ගත වෙනදා එහි වැසියන් ට ක්‍රෝටන් කොල හා කොස් දලු කන්න කියන්න තරම් පහත් තත්වයකට වැටුනේ කෙසේදයි සිතා ගත නොහැකිය!

 පුදුමේ කියන්නේ අර පුන්චිකාලේ තේරවිල්ලට කියාපු අලියා නොකන දල්ල වගේ සොයාගැනීමට අපහසු දල්ලක් වන කොස් දලු කෑමට ගන්නයි ආන්ඩුවෙන් ම කීම ය. 

 වේලිච්චි අත්තක් පවා පැල කෙරුවොත් වැවෙනා රටේ, කෑමට සුදුසු පලාවර්ග හැම තැනම වැවෙනා රටේ, මිනිසුන් ට අඩි හැට හැත්තාවක් උස කොස් ගස් වල දලු කන්න යැයි කියන්නට පුලුවන් මෙවන් ගොබ්බාන්ඩුවකට පමනි!





කෑමට සුදුසු කොස් දලු කැඩීමට ගස් බඩගාන්න සූදානම් වන ගැමිලියෝ....

බඩපුරා කා බී හොඳින් ජීවත් වී ඊරිසියාව නිසාම මහින්ද මහත්තයා ගේ ආන්ඩුව වට්ටලා පොලොන්නරුවේ ගොයි පුතෙකු පත් කොර ගත් ඔහෙලාට කවන්නට ඕනෑ ක්‍රෝටන් කොල හා කොස් දලු නොවේ... තණකොල ය!


 

දෙවන ඉනිම!

ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන  ඊලඟ ජනාදිපතිවරණයට තරඟ කිරීම ගැන සිත නිවන කතා කනින් කොනින් එලියට පැමිනෙමින් පවතී.

මෙය බොහෝ විට මයිත්‍රීපාල විසින් ම අද්යක්ශනය කරනා ලද මුට්ටිය දමා බැලීමක් විය හැකිය!

කතාව ඇත්තනම් සරස තුමා ඒ ගැන බොහෝ සන්තෝස වෙයි.

පසුගිය 2015 ජනාදිපතිවරණයට කලින් සිවිල් සමාජේ විසිල් කරුවන්, සාදාරන සමාජේ අසාදාරන පොරවල්, දූශන විරොදී පෙරමුනේ දූශකයන්, අනාචාර්ය හරක් විජේසූරියලා, නිමල්කා ප්‍රනාන්දු ලා, පිරිමි මිසී ලා, අසාද්ය සාලි ලා, කුමාර් ඩේවිඩ් ලා, අන්ගොඩ වියන්ගොඩ ලා, පාකියසෝතිලා, ජෙහාන් පෙරේරාලා, ෆ්‍රයිඩේ ෆෝරම් කස්ටිය, ෆූටාවේ වියත්තු, ඇසට වැලිගසන වැලිඅමුනලා, ජවිපේ කස්ටිය ආදී මෙකී නොකී හාදයෝ CIA සහ RAW සන්විදාන වීසිකල මුදල් අහුලන ගමන්  පෙරට ඇවිත් මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට අනේක නින්දා අපහාස සහ අබූත චෝදනා කොර ජනාදිපති ලෙස මයිත්‍රීපාල ව පත් කොර ගත්තේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කොරනවා යන උද්යෝග පාඨය ද සමගිනි!  

වර්තමානයේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි නොකල සිරිසේන දෙවන ඉනිමට සෙල්ලම් කිරීමට කැස කවද්දී ඉහත සඳහන් කල කොහෝර්ටය (cohort) ට මුක පූට්ටු වීම අනිවාර්ය දෙයකි! 

දින සීයේ වැඩ පිලිවෙල, පෝට් සිටි අවලන්ගුව, ෆොක්ස්වැගන් කර්මාන්තසාලාව, හොරුන් ට දඬුවම් දීම රත්තරන් අස්සයෝ, ලැම්බගෝර්නි සහ අමෙරිකාවේ බකින්හැම් මාලිගා වැනි ගොන් කතා කියා මහජනතාව රැවටීම මේවර ටිකක් අමාරු වනු ඇත!

ඒ අතර දිනෙන් දිනම ජනතාවගේ වෛරයට පාත්‍රවෙමින්, පලාත්පාලන චන්දයකට පවා ඉදිරිපත්වීමට බයේ පිස්සු කෙලිනා මයිත්‍රීපාල ට සිදු වන්නේ හිතෙ තිබුනු සනීපයත් නැති කරගෙන උම්මත්තකයෙකු වීමට ය.

ඔස්ට්‍රේලියානු පගා කතන්දරේ පරීක්ශන වල ප්‍රතිපලත් ජනාදිපතිවරන කාලේ ම එලියට දැම්මොත් කොහොමට හිටීද හිටන්???

Sunday, January 8, 2017

ඇන්දීමේ විප්*** ලවය!



යාලුවා වනාහී ඇන්දීමේ සූරයෙකි. 

අවුරුදු කිහිපයකට පෙර ඔහු නන්ගිලා සහ මල්ලිලා ඇන්දුවේ බ්‍රේස්ලට් සහ චුයිගම් දෙන බව කියමිනි. ගොවියන් ව ඇන්දුවේ ඔවුන් වවනා එලවලු පලතුරු යුරෝපෙට අලෙවි කොරනවා කියා ය. 

මෑත කාලේ  යහපාලනේ පටන් ගන්න කලින් සිවිල් සමාජ විසිල් කරුවන්, විශ්ව විද්යාල ආචාර්ය වරුන්, දූශන විරෝදී පෙරමුන, කලාකරුවෝ, නීතිඥ්යයෝ, දොස්තරවරු, හෙදියෝ රාජ්ය සේවකයෝ ආදී සියල්ලන් ම ඇණ්දුවේය.

චන්දේ දිනන්නත් කලින් සුලුතරයක නායකයා වී අගමැටි වූ යාලුවා ජපානෙට ගොස් ජපන් පාර්ලිමේන්තුව අමතා කතාවක් කලා යැයි මාද්ය නිවේදනයක් නිකුත් කලේය. පැය කීපයක් යන්නට කලින් ම යාලුවා ඇමැතුවේ ජපන් පාර්ලිමේන්තුව නොව එහි කාරක සබා කාමරයක් බව ලෝක මාද්‍ය වල පල වී ගෙඩිත් එක්කම මාට්ටු විය. 

ගිනි දවාලේ මහ බැන්කුව හොරා කා දූශන විරෝදී පෙරමුණට කොකා පෙන්වූ හාදයා ව එපා වෙලා හිටි අපි සිතන් හිටියේ අන්තිමටම ජනතාව ඇන්දවූ ෆොක්ස්වැගන් කෝලමෙන් පසුව වත් ඔහු ලජ්ජාවට පැමින බඩ කපාගෙන සෙප්පුකු කොරගෙන එලොව යයි කියලා ය.

එහෙත් යාලුවාගේත් අපේත් කරුමෙට විහිලු සැපයීම තවමත් ඉවර නැත.

අලුත්ම සන්ගෙඩිය නම් මහින්ද රාජපක්ශ ජනාදිපතු තුමා ට අයිති යැයි යහපාලක ගොන්වහන්සේලා විසින් අපට පැවසූ ඩුබායි මැරියට් දෝ කොහෙද හෝටලේ සත්‍ය අයිතිකරු වූ නන්දන ලොකුවිතාන මහතා ට අයත් හොරන රිජිඩ් ටයර් කම්හල ට අගමැටි තුමා මුල්ගල් තබ්ලා වේලෙන්නත් කලින් එම කම්හල සමග හවුල් ව්‍යාපාරයකට පැමිනියා යැයි කියූ ඉතාලියේ Marangoni සමාගම තමන් එහෙම හවුල් වියාපාරයකට නැත කියා පැවසීමය!

 යාලුවාගේ ඇන්දීම කෙලවරක් නැත... මහජනතාව ගේ ඇඳගැනීම ද නිමක් නැත.

හිනාවෙලා මැරෙන කාරනය නම් එවන් අගමැට්ටෙක් පත් කිරීමට මුල් වූ 2015 ආන්ඩු පෙරලිය සම"හරක්" විසින් විප්ලවයක් ලෙස නම් කිරීම ය! 2015 ශ්‍රී ලන්කාවේ සිදු වූ ගොන්පාට් එකට විප්ලවයක් කියනවා නම් විප්ලවයට කියන්නට වෙනත් නමක් අප විසින් නිර්මානය කර ගත යුතු කාලය එලඹ ඇත!



Friday, January 6, 2017

විජේදාස ලියනාරච්චි සහ ලියන අප්පුලාගේ ගොබෙල්ස් න්‍යාය.







යහපාලනේට කඩේ ගොස් රනිල් වික්‍රමසින්හ මහතාව රටේ නායකයා කිරීමේ  ජවිපෙ කොන්ත්‍රාත්තුව ඇරඹුනේ වික්‍රමසින්හලා ට සමාජීය වශයෙන් පෑහෙන දිසානායකලා අතට ජවිපෙ බලය මාරු වුනාට පසුව ය.

එම කර්තව්‍යයට බාදක බොහෝ විය. වික්‍රමසින්හ මහතා ගේ බටලන්ද ආදී පෙර වැරදිත්, ඔහු ගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ශ මහතා ඉදිරිපත්වී 88/89 භීම සමයේ ජවිපෙ තරුණ තරුණියන් බොහෙ දෙනෙක් ගේ ජීවිත බේරා දීමත් ඉන් ප්‍රදාන ම කාරනා විය.

රනිල් වික්‍රමසින්හ මහතාට අලුත් ජවිපෙ අනුගාමිකයන් ගේ විශ්වාශය දිනාගැනීමට බාධකයක් වූ එම  අවාසිදායක තත්වය කලමණාකරනය කිරීම සඳහා විදේශීය බුද්දි අන්ශ සහ රාජ්‍ය නොවන ව්‍යපාර රනිල් වික්‍රමසින්හ මහතාට සුදු හුණු ගෑමත් මහින්ද රාජපක්ශ මහතාට මඩ ගැසීමටත් බලවත් ව්‍යාපාරයක් ආරම්බ කලහ. 

ඉන් එක ව්‍යාපෘතියක් වන්නේ විජේදාස ලියනාරච්චි නීතිඥ තුමා ගේ මරණයට මහින්ද රාජපක්ශ මහතා වග කිව යුතුය යන බේගලය සමාජ ගත කිරීමයි.

88/89 කාලයේ දී කුඩා දරුවන් ව හිටි වත්මන් ආවේගශීලි තරුණ පරපුර ගෙඩි පිටින් ම එම ගුලිය වැලැඳූහ! 

 කණගාටුවට කාරණය නම් සිරිකොත කුස්සියේ සිට කුලියට මැල්ලුම් ලියනා ලියන අප්පුලා විසින් මේ දිනවලදී ද එම බේගලය, එනම් විජේදාස ලියනාරච්චි ගේ මරණයට මහින්ද රාජපක්ශ මහතා වග කිව යුතුය යන ගොබෙලියානු කතාව සමාජ ගත කිරීමට උත්සාහ කිරීමයි.

පසුගිය දිනෙක මා පොඩිබන්ඩා සහ ධර්මන් වික්‍රමරත්න මහතා ගේ අලුත් පොත ගැන ලියූ වියුනුවේ උගත් ඇනෝ මහත්මයෙක් ඒ පිලිබඳව අදහස්  ආලෝචනය කලේය. ඔහු ගේ ආලෝචනත් එයට ලැබුනු පිලිතුරු කීපයකුත් පහත පල කරන්නේ
සිරිකොත කුස්සියේ සිට කුලියට මැල්ලුම් ලියනා ලියන අප්පුලා සමූහය පිලිකුල් සහගතව හෙලා දැකිය යුතු ය යන යෝජනාවද සමගය!



AnonymousDecember 22, 2016 at 6:52 AM
මෙහෙමයි සාරස,

නීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට කොහේවත් හිටපු මහින්ද රාජපක්ෂයෙක් ගාවාගෙන කෙබර කෙලිනු දැක මෙය ලිවීමට සිත්විය. නමුත් මා කිසිසේත්ම මරාවාදියෙක් නොවන අතර මරා බලය ලබාගත් 2005 - 2014 දක්වා කාලය තුල මරා සහ පවුල ගෝල හැත්තත් කළ කී දෑ අපේ බරපතල විවේචනයට ලක් වේ. නමුත්, 1988/89 මිනීමරුවෝ එවකට ජීවිත බේරාගැනිමට ක්‍රියාකල එවුන්ට බොරුවට මඩගැසීම අතිශය නින්දිතය. එබැවින් මගේ අදහස් පහත දක්වමි.

ජවිපෙ 88/89 දෙවැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවර රැසක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.

මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ධර්මන් වික්‍රමරත්න එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.
ReplyDelete

Replies




  1. AnonymousDecember 22, 2016 at 6:54 AM
    දකුණේ ජවිපෙ භීෂණය පැවති 1986 සිට 1990 දක්වා මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කල නීතිඥවරුන් 15 දෙනෙකු ඝාතනයට පත්විය. අධිකරණයට ඉදිරිපත්කල හබයාස් කෝපුස් නඩුවලින් සියයට 75ක් පමණ ඉදිරිපත්කර තිබුණේ ඝාතනයට පත්වූ එම නීතිඥයින්ය. ඇතැම් නීතිඥවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සහ සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ට බරපතල චෝදනා එල්ල විය. මින් නීතිඥවරුන් 9 දෙනෙකු ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම් මගින් ඝාතනය කල අතර නීතිඥවරුන් 6 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) කැරළිකරුවන් විසිනි. මෙසේ ඝාතනයට පත්වූ නීතිඥවරුන් වූයේ විජේදාස ලියනාරච්චි, චරිත ලංකාපුර, කාංචන අබේපාල, සනත් කරලියද්ද, නෙවිල් නිශ්ශංක, වර්ණපාල රණතුංග, ඒ. ඩබ්ලිව් වෙත්තසිංහ, සී.ඩබ්ලිව්.ජේ.කේ වීරමන්, ඒ.ඩබ්ලිව් වික්‍රමසිංහ, ටියුඩර් කීර්තිනන්ද, අමර වෙල්ලප්පිලි, සරත් සේපාල රත්නායක, ඩී.එම්.යූ බණ්ඩාර, ලෙස්ලි යටන්වල සහ ගාමිණී මැදගෙදරය. එම කාලයේදී දකුණේදී මරාදැමූ මෙම නීතිඥවරුන් 15 දෙනාට අමතරව උතුරේද දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසින් නීතිඥවරුන්වූ ඒ. අමිර්තලිංගම්, කන්දසාමි, පද්මනාදන්, ටී.සී විමුදාස් සහ ටී. යෝගේෂ්වරන් යන 5 දෙනාද ඝාතනයට ලක්කර තිබිණි.

    ඝාතනයට ලක්වූ නීතිඥවරුන් 15 දෙනාගෙන් කිහිපදෙනෙක් නම් එවකට ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සහ අර්ධ මිල්ටරි කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද වීරකැටියේ විජේදාස ලියනාරච්චි, ඇල්පිටියේ චරිත ලංකාපුර, නාරාහේන්පිට කාංචන අබේපාල, නුවර සනත් කරලියද්ද, ජවිපෙ මගින් ඝාතනය කල නාවල ටියුඩර් කීර්තිනන්ද (පවුලේ අය පවසනුයේ එය නොවිසදුණු ඝාතනයක් බවය), වලස්මුල්ලේ අමර වෙල්ලප්පිලි, රුවන්වැල්ලේ ලෙස්ලි යටන්වල, වීරකැටියේ දේශප්‍රිය බණ්ඩාර, පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර යන අයයි.
    Delete

AnonymousDecember 22, 2016 at 6:56 AM
විජේදාස ලියනාරච්චි උපන්නේ 1951 ජනවාරි 14වැනිදා වීරකැටිය බුද්ධියගමය. කෘෂි ව්‍යාප්ති නිළධාරියෙකු වූ ඔහුගේ පියා ලියනාරච්චිගේ දොන් ජුවානිස් අප්පුහාමිය. මව විදානගමගේ දොන් සිසිලියානාය. 14 දෙනෙකුගෙන් යුත් පවුලේ 7වැනියා වූ විජේදාස වීරකැටිය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබීය. අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ හෙතෙම 1969දී ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුල්වූයේ උසස්පෙළ හැදෑරීමටය. විජේදාස ජවිපෙ දේශපාලනයට යොමු වූයේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී ගාල්ල පොලිස් කොට්ඨාශයේ ජවිපෙ ලේකම් කේ. එම්. කමලබන්දුගේ 71 කැරැල්ලේ පන්තිවලට සහභාගි වෙමිනි. පක්ෂය වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ කමලබන්දුගේ සමීපතම සඟයෙකු වූ ගුණපාල ගුරුගේය. එයට රිච්මන්ඩ් විදුහලේ සිසුන් 5 දෙනෙකුම එක්ව සිටියහ.

ජවිපෙ ඉහල නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.ජවිපෙ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙකුවූ අතර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්ක‍යට ජවිපෙ ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළේය. නිතිඥ විජේදාස උසාවි කටයුතු අවසන් වීමෙන් පසු නුගේගොඩ ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් පැහැරගනු ලැබුවේ 1988 අගෝස්තු 25වැනිදා පස්වරු 4ට පමණය. ඊට පසුදා එනම් අගෝස්තු 26වැනි සිකුරාදා පෝය නිවාඩුවක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25වැනිදා රාත්‍රී ගමේ නිවස බලා‍යෑම ඔහුගේ අරමුණ විය. පැහැරගනු ලැබුවේ තංගල්ල පොලිස් අධිකාරි ධර්මදාසගේ උපදෙස් අනුව සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසකි. විජේදාස එතනින් මාතරටද පසුව තංගල්ල පොලීසියටද ගෙන ගියේය. විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. එම සිසුවා විසින් විජේදාසගේ පැහැරගැනීම දැනුම් නොදෙන්නට මෙම සිද්ධිය සදාකාලික අභිරහසක් වන්නට තිබිණි.

නිතිඥ සංගමය ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය හේතුකොට ගෙන නිතිඥ විජේදාස තංගල්ලේ සිට කොළඹට ගෙන ඒමට පොලිසියට සිදුවිය. ඔහු කොළඹට 1988 සැප්තැම්බර් 01වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ සපුගස්කන්ද පොලිසියේය. පසුව 1988 සැප්තැම්බර් 02වැනිදා රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටුවට ඇතුලත් කරන ලදී. සැප්තැම්බර් 3වැනිදා අළුයම 12.55ට හෙතෙම මිය ගොස් තිබිණි. නිතිඥ විජේදාස ලියනාරච්චිගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල සිය ගණනකට අධික ගණනක් තිබූ බවට මරණ පරික්ෂණයේදී හෙළිවිය.



Sa rasaDecember 22, 2016 at 8:36 AM
//AnonymousDecember 22, 2016 at 6:52 AM//

ගරු කටයුතු උගත් ඇනෝ තුමනි,

විජේදාස ලියනාරච්චි මැතිතුමා ඝාතනය කිරීමේ සත්ය වග උත්තර කරුවන් හෙලිකරමින් ඔබ ලියූ කොමෙන්ටුවට බොහෝමත් ඉස්තූතියි....

එදා තම සටන් සගයන් මැරූ රාජිතලා සහ රනිල් ලා සමග යහන් ගතවීම සාදාරනීකරනය කිරීම සඳහා අනුර සහ විජිත හේරත් වැනි බිල්ලන් විසින් ගෙතූ කතාව පිලිබඳව සත්ය තත්වය කෙනෙකුට ඔබේ කොමෙන්ටුව කියවා අවබෝද කර ගත හැකියි

//විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. //

එම රාජකීය විද්යාලීය සිසුවා ගේ නම සමන්... ඔහු මගේ අසල්වැසි මා සමගම එකට පාසැල් ගිය මට වඩා වසර හතරක් පමන බාල කෙනෙක්... ඔහු ව නිදහ්ස් කලේ තන්ගල්ලට ගෙනිහින් ආපසු කොලඹ එන ගමනේ දී....




මහත්වරුණි... අප මේ සිද්දිය ගැන සාකච්චා කරමු!

Thursday, January 5, 2017

මට මගේ නොවන මගේම ෆැක්ටරියක් තිබුනා......






ප්‍රතමයෙන් ම නන්ගී දැකලා අක්කා ව සහේට ගත්තු යහපාලනේට කතිරේ ගැසූ වෘශභරාජ ලා ට සරස තුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා කණගාටුව ප්‍රකාශකරති!

 තිබ්බ හැටියට ඔයින් ගියා මැදෑ කියන්නා සේ ෆොක්ස්වැගන් ෆැක්ටරිය වෙනුවට වෙස්ටර්න් මෝටර්ස් ෆැක්ටරියක් වත් ලැබුන එක ගැන අප සැම සන්තෝස විය යුතුය.

මෙම ෆොක්ස්වැගන් සමාගම වෙනුවට නව සමාගමක් කුලියාපිටියට රැගෙන ඒම පසුපස ඇත්තේ අනුවේදනීය කතාවකි. 

කවුරුත් දන්නා පරිදි පසුගිය වසරේ දී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලා සමූහය හොර වායු මෝචන වාර්තා ලැබෙනා ලෙස වාහන වල පරිගනක පද්දතිය සකස් කොට අතටම අසු වී ඩොලර් බිලියන ගානක දඩය කෑවේය. 

සාදාරන සමාජයක් සන්විදානයේ කර මතින් බලයට පැමිනි මේ අති පිරිසිදු යහපාලන ආන්ඩුව එවැනි හොර වැඩක් කර මහ ජනතාව මුලා කල ෆොක්ස්වැගන් සමාගම සමග කිසිදු ඇයි හොඳය්යක් පැවැත්වීම නතර කල යුතුය යන මතයට පැමිනියේය!

එම නිසා ෆොක්ස්වැගන් වෙනුවට ඝානාවේ වෙස්ටර්න් මෝටර්ස් සමාගම සමග අලුත් වාහන එකලස් කිරීමට කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉඳිකිරීමට කටයුතු සම්පාදනය විය.

පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මහා බාරකාර තුමා යටතේ පාලනය වූ කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද  පොල් වත්ත කර්මාන්ත ශලාව සැදීම සඳහා පවරාගෙන ඇත්තේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම සමග ජොයින්ට් වෙන්චරයක් සඳහා බව කියා ඇති නිසා ය. කතාව ඇත්තනම් කස්ටියටම ලබන ආන්ඩුවේ FCID තපින්න වෙනවා ය.

බැඳුම්කර වන්චාව අමතක නොකරමු හිටන්!

 
PS: අනේක බොරු මවමින්, කතා හදමින්, බොරු කාරයන් ට සම්මාන දෙන්න යූ එන් පී අනුග්‍රහයෙන් බ්ලොග් සම්මාන උලෙලවල් පැවැත්වූ හාදයෝ තමන් ගේ දෙසට චෝදනා එල්ල වෙනකොට සාක්ශි ඉල්ලීම විහිලු සහගතය.

කිසිම සාක්ශියක් නැතිවම ඔනෑම මඩක් පිලිගන්නට කියා අපව වෙනස් කලේ ඔහෙලාය. එවැනි අබූත චෝද්නා ලද මහින්ද මහත්ත්යා සහ ගෝටාබය මහත්තයාට අද වන තුරු නඩුවක් වත් වැටී නැත්තේ ඔවුන් ඔහෙලා ප්‍රචාරය කල ද බලු වැඩ නොකල නිසා ය.

දැන් ඔහෙලා ගේ වාරයයි... කර්ම ඉස් අ බිච් හිටන්!

Wednesday, January 4, 2017

ලෙනින් තුමා ඔහේලට සියඹලා කැවුවෙම නැත්ද?


සෝවියට් දේශයේ ඉගෙන ගැනීමට එරට ජනතාව විසින් ශ්‍රී ලන්කා ජනතාව වෙත ප්‍රදානය කල ශිශ්‍යත්ව ලබා එහි ගොස් උපාදිදාරීන් වුනු සමහර අය දිය බීපු ලිඳට අවමන් කොට තමන් ගේ ඉගෙනීමට සතයක් වත් නුදුන්නු බටහිර රටවලට ආවැඩීම හෙලා දකිනා ආලෝචන කීපයක් ම පසුගිය දවස් වල සින්හල බ්ලොග් ලෝකේ පලවුනා.

 මේ මල්ලෙපොල් බ්ලොගයේ පලවූ එවැනි ආලෝචන දෙකක්:

AnonymousJanuary 2, 2017 at 8:32 AM
සාරස මෝලෝ,

බොලෑ මරා ගොයියට අපි අකමැති වුණත් එකක් ගැන නම් උඹව අගය කරන්න ඕනෙ. කලකට ඉහත ලංකාවෙ උසස්පෙළ ඇනගෙන යන එන මං නැතුව හිටපු හාල්පාරු ''නිකම්මු'' සෙට් එකක් සමාජවාදී සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා. දැන් දැන් බරපතල ලොකු ටෝක්ස් දෙන එක රුසියාවට ගිහින් සෝවියට් ආධාරවල පිහිටෙන් තැනකට ආපු බොහෝ අය කරනවා.

කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 රජයේ සහනධාරයට පින් සිද්ධ වෙන්න ජිවත් වෙලා. ඒකෙන් එයිරොෆ්ලෝත් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි. ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි. අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්? හරියට මෙයාලගේ අම්මගේ තාත්තාගේ බූදලේ වියදමින් සෝවියට් දේශයට ගිහින් හාමුලා වගේ ඩිග්‍රි කළා විදිහටයි දැන් මුන්ගෙ කතාව. නොදකින් මුන් හරිනම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න වටිනව තමුන්ගේ බකපණ්ඩිත මං පොර සංකල්පේ පැත්තක තියලා. ලැජ්ජයි නෙවෙයි බන් විළිලැජ්ජයි මෙහෙම කාලකණ්ණින්ව දැක්කම.

දැන් එන්ජීඕ අටෝගෙන යූඑන්පීයට රෙදි නැතුව කඩේ යන රිලවු ආගමික සංවිධාන/ සම්මාන උත්සව වගේ ජිල්මාට් දාල මුදල් ගසාකන ගමන් ලොකු එක දෙන හැටිනම් බලන්නත් හිරිකිතයි ඕයි.
Reply Delete

Replies


  1. AnonymousJanuary 2, 2017 at 9:11 AM
    මෙන්න බලපල්ලා පැරණි සෝවියත් රුසියාවේ පින්-උපාධියක් ලබාගෙන ඒකෙ පිහිටෙන් එංගලන්තෙට පැනලා එහේ ඉඳන් විවිධාකාර ජල්තර ව්‍යාපාර කරමින් මුදල් ගසාකන පල් හොර ඩයල් එකක් දුන්න පොර ටෝක්ස් වල හැටි;

    //පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. //

    හිහ් හිහ් හී හූ, අඩෝ මේව දැක්කම මටනම් දෙකොණින්ම හිනා. බලහල්ලකො බන් මේ රිලවුන්ගෙ පොර ටෝක්??

    ඒ ලෙවෙල් ඇණගෙන ආතක් පාතක් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි හිටපු අපතයො යන්තම් පැරණි සෝවියට් දේශයේ පිහිටෙන් පිනට ලැබුණු ශිෂ්‍යත්වෙක පිහීන් යාන්තම් ඩිග්‍රියක් ගොඩ දාගෙන දැන් දෙන ලොකු ටෝක් බලහල්ලකො බන්? ටහිකේ? අම්මගෙ රෙද්ද තමයි.


එක් රටක ජනතාවක් විසින් තවත් රටක ජනතාව වෙත පරිත්යාග කල එවැනි ශිශ්යත්ව ලබා තම උසස් අධ්‍යාපනය සම්පූර්න කොරගත්තු උදවිය ඔයි කියනා විදියට පොර ටෝක් දෙනවානම් එය හරිද?

එසේම, තමන් සෝවියට් දේසෙට ගිහින් ඉගෙන ගත්තේ තමන් ගේම මුදලින් කියන කතාවේ ඇත්ත මොකක්ද්ද? සෝවියට් ජනතාව විසින් ඉතා කුඩා මුදලක් අය කර ඉතිරිය ශිශ්යත්ව ආදාර ලෙස ලබා ගත් ඈයොන් ට මම සල්ලි ගෙවලයි ඉගෙන ගත්තේ කියා අත සෝදා ගත හැකිද?

මේවා දැවෙන ප්‍රස්න හිටන්.... 

කවුරු කරුත් තමන් ගේ අදහස් දක්වලා මේක ඇත්ත නැත්ත සොයාගනිමු!!!

Sunday, January 1, 2017

වැඩ බැරි ටාසන් ලා ගෙදර යවමු!





දේසපාලනේ පලමු  අරමුණ බලය ලබා ගැනී ම ය. එහෙත් ලබා ගත් බලය පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කාරියක් නොවේ. 
බලය ලබාගැනීම සඳහා කාලයක් තිස්සේ කාලය සහ ශ්‍රමය කැප කරමින්, උපක්‍රමශීලීව මහ ජනතා නියෝජිතයින්, ජනමාද්ය වේදීන්, දේසපාලන පාර්ශවකරුවන් සහ සියලු ජනතාව සමග හිතවත් සම්බන්ද්යක් පවත්වාගෙන යෑම කල යුතු ය. එය ඉතා අසීරු කටයුත්තක් බව සැවොම පිලිගන්නා කාරියකි.

බලය ලබාගැනීමට උත්සුක නොවනා සමහරු හට විටින් විට බලය ඔවුන් වෙත බලහත්කාරයෙන් ලබා දෙනු ලැබේ. Yes, political power is thrust upon them!

දේසපාලන පාර්ශවකරුවන් පවතින දේසපාලන බල අධිකාරිය තමන් ගේ සිතැඟි වලට අවනතව වැඩ නොකරන විට එය කෙරෙහි අමනාපයෙන් එයට පාඩමක් ඉගැන්වීම සඳහා කිසිදිනෙක බලය නොපැතූ සහ බලය ලබාගැනීමට උත්සුක නොවූ හාල් කෑලි බලයට පත් කිරීම සමහර විට සිදු වන දෙයකි.

2015 දී අපේ රටේ සිදු වූයේ එයට සමාන සිද්දියකි. 

එනම් දේසපාලන පාර්ශවකරුවන් තමන් හට සුකෝපබෝගී ජීවිත ගතකිරීමට අවශ්ය වටපිටාව රාජපක්ශ පවුලෙන් ඉටු වුනත්, තමන්  ට ලැබුන දේ ට වඩා බොහෝ වැඩි කොටසක් රාකපක්ශ පවුල බුක්ති විඳිනවා යන ඊරිසියාවෙන් වෙලී රාජපක්ශ පරපුර ඉවත් කිරීමට පෙරමුණ ගැනීම ය!

රාජපක්ශලා සමග වෛරයෙන් සිටි ඉන්දියාවේ සහ අමෙරිකාවේ රහස් ඔත්තු සේවා වල සහයෝගයෙන් මහා බලයක් මෙන් ක්‍රයාත්මක වූ ඒ ඊරිසියාසහගත දේසපාලන පාර්ශවකරුවන් නතර වුනේ රාජපක්ශවරු පලවා හැරීමෙන් පමනක් නොව කිසිදා බලයට එන්නට උත්සාහ නොකල ප්‍රාදේශීය දේසපාලකයෙකු ජනාදිපති පුටුවට ඔසොවා තැබීමෙනි.


එතැන් සිට පහල වුනේ නිදහස් ලන්කාවේ මෙතෙක් බිහි වුනු අසාර්තක ම සහ අකාර්යක්ශක ම පාලනයයි!

පලමු දිනයේ සිට ම රාජපක්ශ වරුන් එලවීමේ කාරියට සම්බන්ද නොවූ මේ රටේ මහ ජනතාව යහපාලන අකාර්යක්ශමතාව සහ රාජපක්ශවරු ගේ පාලන කාලේ නියමාකාරව සිදු වූ රාජ්ය පාලනය සන්සන්දනය කලහ.... තමන් ව බොරු කියා රවටා තල්ලු කල වල ගැන විස්සෝප වූහ!

බලය ගැනීම අපහසුය. මහජනතා ප්‍රසාදයක් නැතිව අපහසුවෙන් වුවත් ලබා ගත් බලය පවත්වාගැනීම ඉතාම අසීරු කර්තව්‍යයකි. අද යහපාලනේ කොරන්න උත්සාහ කොරන්නේ එවැනි දැලිපිහියෙන් කිරිපැණි කෑම වැණි අසීරු කාර්යයකි!

 ලැබුවා වූ නව වසරේ අප හමුවේ තිබෙන්නේ දිනෙන් දින පිරිහෙන සුදුස්සාට නොව එක යහනේ රෑ ගෙවන හාදයන් ට ඇමැතිකම් දෙන අකාර්යක්ශම සහ බැඳුම්කර මහ හොරුන් ගෙන් පිරි දූශිත යහපාලන ආන්ඩුව පලවා හැරීම ය.

එකා වන් ව එක්ව
ඊරිසියාකාරයන් විසින් ඩොලර් වලට සහ පවුම් වලට බොරු වපුරා ( ඒ මදිවාට සම්මානත් ලබා දී ) පත් කොරගත් වැඩ බැරි ටාසන් ලා ගෙදර යවමු!