Friday, December 22, 2023

ජෙප්පො චන්දෙ දිනුවොත් ....

 


ඇත්තටම ජෙප්පො චන්දෙ දිනුවොත් ඒක රටේ ලොකු වෙනසක් කිරීමට ඉඩ තියෙනවා...


ජෙප්පො දිනපු ගමන් ග්‍රාමීය පසුගාමී ජෙප්පො සැට් එක තම තමුන් ගේ ගම් වල තියෙන වගා බිම් සහ ව්යාපාරික ආයතන වලට පැනලා ඒවා අල්ලාගෙන පක්ශයේ සාමාජිකත්වයට ඒවා බුක්ති විඳින්න අවසතාව සලස්සලා සාමාන්ය ජනතාව සමූහ ගොවිපොලවල් සහ සමූහ කම්කරු කම්හල් වලට ගාල් කිරීම තමා සිද්ද වෙන්න ඉඩ තියෙන්නේ...


එවන් දෙයක් වුනොත් මෙච්චරකල් ජෙප්පන්ට ආසිසිරි ගීත ගායනා කල යමක් කමක් ඇති අයට තමුං ගෙ ගේ දොර ඉඩකඩම් හරකා බාන සහ යාන වාහන ගමේ ඉන්න හරිහමං රස්සාවක් නැති මිනිහෙක් ගෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි නිර්මාල් වගේ ඩෑල් බලහත්කාරෙන් අත්පත් කරගන්නවා බලලා දුකටම සෙත්ත පෝච්චි වෙතෑකි...


හැබැයි ලංකාවෙ දේසපාලනේ ගැන සලකා බැලුවාම වෙන්නෙ ඊට වෙනස් දෙයක්.


ජෙප්පො දිනාපු ගමන් ම මෙච්චරකල් මයිනද මාතියාට, රනිල් මාතියාට සහ සජිත් කොලුවාට කඩේ ගිය සමස්ත ලංකා ප්‍රොෆෙශනල් දේසපාලන පසුතල පහසුකම් සපයන්නන් ඔක්කොම අනුර කුමාඅර දිසානායක ප්‍රමුඛ ජෙපි පාටියට සෙට් වෙනවා. මෙතුවක් කල් ජෙප්පන් ට කඩේ ගිය ග්‍රාමිය පසුබට ජෙපි ප්‍රජාව එලියට තල්ලු කරලා උන් ජෙපි පක්සේ තීරණ ගන්න අය ගාව ප්ලාන්ට් වෙනවා.... ඊට පසෙ ඉතිම් ඔය ඇමෙරිකාවෙ එම්බසියට හෝ ඉංගලන්තෙ මහ කොමසාරිස් කාරියාලෙට ඕනි විදියට උඩිං සමාජවාදී යටින් දනවාදී පරිප්පු හොද්දක් හැදෙනවා... එච්චරයි!!!

Wednesday, December 20, 2023

ජනතාවගේ 2024 මැතිවරණ උදෙසා වන උපදෙස්. People's guide to 2024 elections.




2024 දී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පලාත්සභා මැතිවරණ පැවැත්වෙන බව කනින් කොනින් ඇසේ. ඒ සමගම සාම්ප්‍රදායික නොවනා ව්යාපාරිකයන් සහ වෘත්තිකයන් ද මේ මැතිවරණ  සඳහා ඉදිරිපත් වන බවද පැවසේ. එක් පාර්ලිමේන්තු ආසනයක් ඇති රනිල් වික්‍රමසිංහ, විපක්ශ නායක සජිත් , පොහොට්ටුව සහ ජාජපෙ මාලිමාව මේ චන්ද වල තීරකයන් වනු ඇත.


එවන් ව්යාකූල පසුබිමක ඔබගේ වටිනා චන්දය පාවිච්චි කරන්නේ කා වෙනුවෙන් ද? මෙන්න ඒ සඳහා ඔබට ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය:


ඔබ "ටොයියෙක්" නම් පහත නම් සඳහන් අයවලුන් පෙනීස්ටිනා පක්ශ සහ අයවලුන් වෙනුවෙන් ඔබගේ චන්දය පාවිච්චි කරන්න.


ඔබ "බයියෙක්" නම් පහත නම් සඳහන් අයවලුන් විරුද්ද වන පක්ශ සහ අයවලුන් වෙනුවෙන් ඔබගේ චන්දය පාවිච්චි කරන්න.


මෙන්න ලිස්ට් එක;


ජූලි චං 

පාකියසෝති සරවනමුතුතු 

ජෙහාන් පෙරේරා

ඕමල්පේ සෝබිත

ජීවන්ත පීරිස්

රැට්ට බට්ට සුට්ටා ආදී ටික් ටොක් කාරයන්

බනිස් අලී

දමිතා සළුවඩන

සමනලී පොංසේකා

මැල්කම් රංජිත්

නිර්මාල් දේවසිරි

සුනන්ද දේසප්‍රිය

නිමල්කා පෙරේරා

ගල්කන්දේ

පැටුං කුරුනේරු

සන්ධ්යා එක්නැළිගොඩ

දීපානි සිල්වා

අජන්තා පෙරේරා

නදී කම්මලිවීර

නන්දා මාලිනී



ලිස්ට් එකට අයත් විය යුත් එහෙත් මට අත පසු වූ උදවිය යෝජනා කිරීම ඔබට බාරයි!

Wednesday, December 13, 2023

ටැක්ස් කතා II

 



ටැක්ස් ගහනවා වැඩී කියලා කම්ප්ලේන් කරන උදවිය ගේ දැණගැණීම සඳහායි...


ඔස්ට්‍රේලියාවේ ජාතික ආදායමෙන් ටැක්ස් නොවන ආදායම 7% පමනයි.  සමස්ත ආදායමෙන් 45% ම ලැබෙන්නේ පෞදලික ආදායම් බදු වලිනුයි!!

Tuesday, November 14, 2023

ආර්තික අවපාතයෙන් ගොඩ එන මග!

 


වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට  වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 14, 2023) තීන්දු කළේය.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ.


එහෙත් එම ආර්තික අවපාතයට හේතුව වග උත්තරකරුවන් ගේ වංචාව දූශනය හෝ සොරකම බව එම තීන්දුවේ සඳහන් නැත. 


එසේ රාජපක්ශලා නොගත් පියවර මොනවාද? එම තත්වය ජයගැනීමට වර්තමානයේ ගන්නා පියවර මොනවාද යැයි අපි සොයා බලමු.


1. ඉන්ධන මිල 50% පමන ඉහල දැමීම

2. විදුලි ගාස්තු 50% පමන ඉහල දැමීම

3. ජල ගාස්තු ඉහල දැමීම

4. උපයන විට ගෙවනා බද්ද වැඩි කිරීම

5. රඳවාගැනීමේ බද්ද වැඩි කිරීම

6. ආදායම් බද්ද වැඩි කිරීම

7. උපාදිධාරීන් ට රැකියා නැවැත්වීම

8. සියලුම රජයේ පත්වීම් සහ බඳවාගැනීම් වැලැක්වීම


මෙයින් පෙනී යන්නේ කුමක්දැයි විමසිල්ලෙන් කල්පනා කර බලන්න! ඉන් පසු විදුලි, ඉන්ධන ජල බිල්පත් ඉහල දැම්මාය, බදු වැඩි කලාය, අලුතින් රස්සා නැත කියමින් කෑ කෝ නොගසා අධිකරණ තීන්දුවට හිස නමන්න!



Tuesday, February 21, 2023

සමාජවාදී රාජ්‍යයක පරිපාලනය

 

අඅපි බලයට පත් වුනාම රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරනවා, පලදායිතාව වැඩි කරනවා, දූශිත නිලධාරීන් අවුරුදු තුනකට හිරේ දානවා ආදී වශයෙන් දේශපාලන වේදිකාවල කෙරෙනා කථා ඔබ අසා ඇත. පවතින රාජ්‍ය සේවකයන් ම යොදාගෙන එලෙස කාර්‍යක්ශමතාව හා පලදායිතාව වැඩි කරගෙන තම පාලනයට අකුල් හෙලන නිලධාරීන් සිරගත කරනා ක්‍රමවේද කුමක්ද? එවන් පරිපාලනයක් උදාකිරීමට ඔවුන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම මොනවාද?


සමාජවාදී රාජ්‍යයක පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරිපාලනයට වඩා වෙනස් වන්නේය.  අධිකරණය, ත්‍රිවිද හමුදා, පොලිසිය ඇතුලු සියලුම රාජ්ය ආයතන වල ඉහල පුටු වලට පක්ශ සාමාජිකත්වය ඇති අය ස්තානගත කරනු ඇත. එලෙස පත් කරනු ලබන අය මීට පෙර ලොකු වගකීම් නොදැරූ, සමහර විට මීට පෙර කිසිම රැකියාවක් නොකල, වසර ගනන් සරසවි වල විබාග අසමත් වෙමින් යන්තම් උපාධිය සම්පූර්ණ කල පක්ශයේ පූර්ණකාලීන් වීමේ වැඩි හැකියාවක් ඇත (සාමාන්‍යයෙන් පක්ශයේ පූර්ණකාලීන් වන්නේ එවන් කුලකයට අයත් වන්නන් බැවිනි!). 


අධිකරණය මෙතුවක් කල් භාවිතා කල නීති පධ්දති සමාජවාදී ක්‍රමයකදී වෙනස්වීම අනිවාර්ය ක්‍රියාවකි. දැනට අධිකරනයේ සේවය කරනා සියලු පාර්ශවකරුවන් ව නැවත අධ්යාපනයකට ලක් කර එය සමාජවාදී ක්‍රම වලට අනුගත කරනු ඇත. නඩුවක දී විත්තිය හා පැමිනිල්ල යන උභය පාරශවය වෙනුන් ම රජයේ නීතිඥයන් පෙනී සිටිනා බැවින් පෞද්ගලික නීතිඥ වරුන් අවශ්‍ය නොවනු ඇත (1973 දී කියුබාව නඩුවකදී පෞද්ගලික නීතිඥය සහාය ලබාගැනීම අහෝසි කලේය!).


ත්‍රිවිද හමුදා වල හා පොලිසියේ සේනාදිනායක අණදෙන්නා වන්නේ පක්ශයේ ලේකම් තුමා ය (උදාහරනයක් ලෙස වර්හමාන චීනයේ කොමියුනිස්ට් පක්ශ ලේකම් ශි ජින් පිං චීන සන්නධ්ද හමුදා වල අණ දෙන නිලධාරී වන්නේය!). ත්‍රිවිද හමුදාවට අයත් සියලු පහසුකම් දේශපාලන මංඩලයේ පොදු පහසුකම් වන්නේය. ත්‍රිවිද හමුදා පත්කිරීම්, උසස්වීම් සහ සේවයෙන් පහකිරීම් පක්ශ ලේකම් හරහා දේශපාලන මංඩලයේන් සිදු කරනු ඇත.



සියලුම රාජ්‍ය ආයතන වල දිනපතා කරන කියන දෑ පක්ශයට වාර්තා කිරීම උදෙසා දේශපාලන නිලදාරීන් හෙවත් පොලිට්කල් කොමිසාර් ලා පත් කෙරේ. රස්සාව බේරාගැණීමට නම් එවන් පොලිටිකල් කොමිසාර් ලා සමග යහපත් සමබ්න්දතාවයක් පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය වේ! 


වගාබිම් සමූහ කොමියුන වලට බාරදී ඒවා පරිපාලනයට පක්ශයෙන් අධ්යක්ශක මන්ඩල පත් කෙරෙනු ඇත. තම ජීවිතයම කුඹුරට කැප කල ගොවියාට උපදෙස් දීමට සරසවි වල වසර ගනන් අංඩර කෑ ඇට්ටරයන් අධ්යක්ශකවරුන් ලෙස ඉදිරිපත් වනු ඇත.


පෞද්ගලික සමාගම්, ව්යාපාර හා කම්හල් වල අයිතිය රජයට මාරු වන අතර අධ්යක්ශක මන්ඩල වලට පක්ශ සාමාජිකයන් පමනක් පත් කෙරෙනු ඇත.  


ගමේ මරණාධාර සමිතිය, පන්සලේ දායක සබාව, මහිලා සමිතිය වැණි සියලු සමිති සමාගම් පක්ශ නියෝජිතයන් ගේ අනුදැනුම සහ උපදෙස් මත පමනක් ක්‍රියාත්මක වනු ඇත. 


පෙර පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා සියලුම අධ්යාපන ආයතන වල බලය හා පරිපාලනය කෙලින්ම පක්ශය විසින් අත්පත්කරගෙන පක්ශයේ දේශපාලන මංඩලය විසින් අනුමත කරනු ලැබූ විෂයය නිර්දේශය භාවිතයට ගැනෙනු ඇත. 


වැඩපොලේ , වගාබිමේ තමන් ලඟම සිටින පුද්ගලයා තමා පිලිබඳව පක්ශයට ඔත්තු සපයනවාදැ‍යි බියෙන් ජීවත්වීමට මහජනතාවට සිදු වනු ඇත. සමහර විට එකම පවුලේ උදවිය පවා තම දෙමාපියන්ට හා සොඉයුරු සොයුරියන් ට විරුද්දව පක්ශයට ඔත්තු සැපයීම පවා සිදු වනු ඇත. 


මේ කමියුනිස්ට් ක්‍රමයක් යටටේ සිද්ද වෙන්න හැකි දේවල් වලින් අතලොස්සක් පමනකි.  

Friday, February 10, 2023

පූර්ණකාලීන දීමනා සහ බදු

 



ජ වි පෙ පූර්ණකාලීන් ට සහ පක්ශයෙන් පත් වන පාර්ලිමේන්තු, පලාත්සභා හා පලාත්පාලන ආයතන මංත්‍රී වරුන් ගේ සියලු වැටුප් පක්ශ අටමුදලට බැර කරනා බව පුවුන් පවසන්නේ ආඩම්බරයෙනි. පඩි නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවාම වැටුප් වෙනුවට පක්ශයෙන් ඔවුන් හට මාසික දීමනාවක් ලැබෙන බව පිලිගනිති.


ශ්‍රී ලංකා පුරවැසියන් හට රුපියල් වලින් ලැබෙනා සියලු වැටුප් හා දීමනා ආදායම් බදු වලට යටත් බව නීතිය රැකගන්න කෑමොර ගසනා ජවිපේ පූර්ණකාලීන් හා මංත්‍රී ලා දනිති.


එසේ නම් පසුගිය ජනවාරි මාසයේ ඔවුන් හට පක්ශයෙන් ලැබුනු දීමනාවට ආදායම් බදු ගෙවුවාදැයි මම ඔවුන් ගෙන් විමසීමට කැමැත්තෙමි. 


අඩුම තරමින් ලක්ශ හතරක් පහක් මාසික දීමනා ලෙස ලබාගන්නා පූර්ණකාලීන් හා මංත්‍රී ලා ජවිපෙ සිටිනා බව මගේ ඇස්තමේන්තුවයි. 

 එහි දී මා වැරදි නම් නිවැරදි කරන ලෙස ජවිපේ වගකිවයුත්තන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


යම් ලෙසකින් ලක්ශය වඩා දීමනා ලබාගෙන උපයනවිට ගෙවනා බදු  ගෙවා නැත්නම්, එය සිරගත කල හැකි වැරද්දක් වන බව මා කපුරුහාමිලාට මතක් කර දීමට කැමැත්තෙමි!

Wednesday, February 8, 2023

කෘශි කර්මාන්තයේන් උපයන විට බදු ගසනු නොලැබේ!!!!

 


නොයෙකුත් හේතු මත රජයට බදු නොදී උපයන්න කැමති කස්ටියක් ඉන්නවා... (මම නම් උපයන මුදලට අදාල බදු ගෙවන්න කැමති කෙනෙක් ).

බදු ගෙවන්න කැමති නැත්නම් කරන්න පුළුවන් ව්යාපාරයක් තමා වගා කිරීම. 

කෘශි කර්මාන්තයේන් උපයන විට බදු ගසනු නොලැබේ!!!!


කරුණාකර වගා කරන්න. අස්වනු වැඩි කරගන්න. බදු නොගෙවන්න!!!

Monday, February 6, 2023

පලාත්පාලන චන්දය දින්නට පස්සේ....






පලාත්පාලන චන්දය අපි දිනනවා කියා සජබේ කියන්නේය. මොන පිස්සුද අපියි දිනන්නේ කියා ජාජබේ කියන්නේය. ඒ විතරක් නෙවෙයි... පලාත්පාලන චන්දේ දිනලා රටේ ව්යවස්තාව පවා වෙනස් කරන්නේයැයි සමහර ජාජබේ ආධාරකරුවන් කියන්නේය.


මොකා චන්දෙට ආවත්, මොකා චන්දේ දිනුවත් වැඩේ ලේසි වෙන්නේ නැති බව මගේ අදහසයි!


පසුගිය 2018 පලාත්පාලන මැතිවරණය පැවැත්වුනේ අලුත් පලාත්පාලන මැතිවරණ ක්‍රමය වන 60% : 40% අනුපාතය යටතේයි.  ඒ ක්‍රමය යටතේ මා ජීවත්වන ඇතුල් කෝට්ටේ කොට්ටාශය අයිති කෝට්ටේ මහ නගර සභාවට සිදු වූ දේ සොයාබලමු!


කෝට්ටේ මහ නගර සභාවට කොට්ටාශ 18 ක් ඇත. එනම්; 

01 ඔබේසෙකරපුර

02 මොරගස්මුල්ල

03 මැද වැලිකඩ

04 රාජගිරිය

05 බන්ඩාරනයකපුර

06 නාවල බටහිර

07 කොස්වත්ත

08 ඇතුල්කෝට්ටෙ

09 පිටකෝට්ටෙ නැගෙනහිර

10 පිටකොට්ටෙ

11 පිටකෝට්ටෙ බටහිර

12 නවල නැගෙනහිර

13 නුගේගොඩ බටහිර

14 පාගොඩ උතුර

15 ගන්ගොඩවිල නැගෙනහිර

16 පාගොඩ දකුණ

17 නුගෙගොඩ නැගෙනහිර

18 ගන්ගොඩවිල බටහිර යන කොට්ඨාශයි. 


2018 පලාත්පාලන මැතිවරණයේදී ඒම කොට්ඨාශ ජයගත්තේ පොදුජන එක්සත් පෙරමුනයි. ඒ නිසා ඔවුන් ට මුල් වටයේ හිමි වන ආස්න ගනන වන 18න් 18 ම හිමි විය. ඊලඟ දෙවන වටයේ ආසන බෙදිල්ලේදී පරාජය වූ පක්ශ වෙනුවෙන් එජාපය ට ආසන 12ක් ද, ශ්‍රිලනිප ප්‍රමුඛ සංදානයට ආසන 5ක් ද, ජවිපෙ ට  ආසන 3ද ලැබුනේය. මහ නගරසභාවේ සියලු ආසන ගනණ 38 කි. පලාත්පාලන මැතිවරණ ක්‍රමය කොපමන ගොං පාට් එකක් ද යනු, සියලු කොට්ඨාශ දිනූ පක්ස්යට ආස්න 18ක් හිමි වෙද්දී, පරාජය වූ පක්ශ වලට ආසන 20ක් ලැබුනි!!


සජබේ හා ජාජබේ ජයග්‍රාහකයන්  පරදිනවා කියලා කියුවාට පොහොට්ටුවේ හා හෙලිකොප්ටරේ ප්‍රාණ ඇපකරුවන් වීම වැලැක්විය නොහැකිය!!!


දැණ් ජයග්‍රහනය නියත යැයි කෑකෝ ගසනා උදවිය මෙම තත්වය සිතා බැළිය යුතුය. ඔහේලා දින්නාට පලාත් පාලන ආයතනයේ පාලන බලය පැරදුනු පක්ශයකට යැමේ හැකියාව ඉතාම ඉහල ය!

Wednesday, February 1, 2023

ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

 

IMF ඔස්ටෙරිටි මෙශර්ස් අනුව ග්රීසියේ මෙන් රජයේ පාසැල් 50% වසාදැමීමට උපදෙස් ලැබෙනු ඇත!
ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

පඩියෙන් බදු කැපීමට විරුද්දව උද්ගෝශනය කරනා නොමිලේ ඉගෙනගත් වෘත්තිකයන් මෙවැනි පාසැල් වසාදැමීමකට කුමන ප්රතිචාරයක් දක්වයිද?

Wednesday, January 25, 2023

පටි තද කර ගැණීම



පටි තද කර ගැණීම

උභතෝකෝටිකය යනු අප සැම පටි තද කරගැණීම සිදුකරගන්නේ අනුර අයියා සමග ද රනිල් අංකල් සමගද යන්න තීරණය කිරීමයි.



සමාජයේ වැඩ්ඩන්, පොරවල් හා වෙන්ඩපොශ් ලා ගලඩාරි හෝටලයට එක් රැස් කර, ඔවුන් අමතමින් සොමාලිමා නායකතුමා පැවසුවේ රට ගොඩගන්න තාක් කල් පටි තදකරගෙන කැඵවීම් කල යුතු බවය. 


සෝමාලිමා රජයක් යටතේ බදු නැතිව වැඩ නොකර සැපසේ ඉන්න සිතූ අය ගේ සිහින බිඳ වැටිනි! 


දැනටමත් පටි තදකරගන ඉන්නා නිසා අපි සෝමාලිමාවට චන්දය දිය යුත්තේ පටි තදකරගැණීම ආදරණීය සොයුරන් ගේ නායකත්වයෙන් මිස රනිල් නාකි මයිනා තුමා ගේ නායකත්වයෙන් සිදු නොකරගැණීමටයි.

Monday, January 23, 2023

කළු සතිය ඇරඹුනේය.

 


ලක්සෙට කොඩිය දාපු හාදයෝ බදු ගැහුවොත් බලාගෙනයි යන තර්ජනාංගුලිය සමග ආන්ඩුවට පොර ටෝක් දෙමින් කළු ඇඳගෙන වැඩට එන කළු සතියේ දෙවෙනි දවස අදයි.


සැබැවින් ම කළු සතිය යන නම යෙදුනේ එවකට මහා බ්‍රිතාන්‍යය දෙවන බොඅර් යුද සමයේ (Second Boer War), 1899 දෙසැම්බර් 10 සිට 17 දක්වා  ස්ටොම්බර්ග්, මාජෙස්ෆොන්ටීන් සහ කොලෙන්සො හී දී සෙබළු 2776 ක ගේ ජීවිත බිල්ලට දෙමින් අත්පත් කරගත් පරාජයටයි. 


එහෙත් අපේ රටේ කළු සතිය උදා වුනේ සමාජයේ 0.1% පමන වන  ලස්සෙට කොඩි දැම්ම වෘත්තිකයෝ හා ගේම් ගසා පඩි පත ලස්සෙට වඩා වැඩි කරගන්නා වෘත්තිකයන් නොවනා හාදයෝ බදු වලට විරෝධ්ය පෑමයි.  


මොන විරෝධය දැම්මත් ආන්ඩුව ගානකට ගන්නා බවක් නොපෙනෙන නිසා කළු සතිය, කළු මාසය වී ඉන් පසු කළු අවුරුද්ද දක්වාම ගමන් කර ඉන් පසු රජය ද , රජයේ සේවය ද මුලුමනින් ම බිමට පාත්කරගනිමින් නියම ආතල් එකක් ලබාගනිත්වා කියා අප ප්‍රාර්තනා කරන්නේ අරගලේට ගිහිං බිරියානි කා බදු වැඩි කරගත් අපේම සගයන් ගැන අනුකම්පා කරමිනි!

Thursday, January 19, 2023

හොරි කසපිය.. බදු ගෙවපිය!!!




කළු ටයි පටි පැලැඳ වැඩි කල බදු හකුලාගන්නැයි විරෝදතා කොරන්න සැට් වන වෘත්තික මාත්තුරුනි...


මේ රටේ වැඩිපුර ඉන්නේ රුපියල් ලක්ශයක් මාසික ආදායම නැති මිනිස්සු ය. ඔවුන් ට බදු ගෙවන්න සිදු වන්නේ නැත.


ඔබ ට වැඩි බදු ගෙවන්න වන්නේ ඔබ ඒ මිනිසුන් ගෙවනා වක්‍ර බදු ඇතුලු බදු වලින් නොමිලේ ඉගෙනගෙන උසස් රැකියාවක් කරනා බැවිනි.


ඔබ දියුනු රටක පාසැල් අවදියේ සිට ම  ජීවත් වුනේ නම් ඔයිට වඩා ගානක් උසස් අද්යාපනයේ ශිශ්‍ය ණය ලෙස මාසික වාරික ගෙවනු ඇත.


ඔබ වෙන රටක රැකියාවකට ගියත් දැණට වඩා ලොකු බද්දක් ගෙවන්න සිදු වනු ඇත..


බදු වැඩි වුනොත් වෘත්තිකයන් මේ රටෙන් පිට රටවලට යාවි වගේ බොලඳ  කතා නොකියන්න...


පිට රට යෑමට අවශ්ය උන්දැලා දැනටමත් මේ රටින් පිට වී ගොසිනි. ඉතිරිව ඉන්නේ එසේ විදේශයක ජීවත් වීමට කැමති නැති අය හෝ කොපමන කැමති වුනත් විදේශයකින් බාර නොගන්නා උන්දැලා බව සලකන්න.

යනවා යනවා කියා තර්ජනය කරන්නේ එසේ කිසිම රටකින් බාර ගැණීමකට ලක් නොවූ සූපිං කෑලි බව මතක තබාගන්න.


ඔබ තිබුන බදුත් කපාදැමූ ගෝඨා එලවන්නට පෙලපාලි ගිහිං, මාධ්ය සාකච්චා තබමින්, බිරියානි කමින් උද්‍යෝගයෙන් වැඩ කල අයෙකු නම්.... අපිටත් මේ වැඩියෙන් බදු වැදුනේ   බොලා ගේ ඒ ගොබ්බ වැඩ නිසා බව සිතේ තබාගන්න...


දැන් කොරපු මෝඩකම් වලට මක් කොරන්නද...?


කරුණාකර බදු ගෙවන්න... 


Tuesday, January 17, 2023

ආදායම් බදු විරෝදතා බෙහෙත් නෑ කියා ද පැමිනිය හැකිය!

 


රටේ විදේශ විනිමය පිටරට යන එක වලක්වලා වෙනරටවලින් මුදල් ගේන්න පුලුවන් පෞද්ගලික වෛද්‍ය විද්යාල හදනවාට මාරාන්තික විරෝදතාවය දක්වන රජයේ වෛද්ය සංගම් බුවාලා රජයේ රෝහල් වල බෙහෙත් සහ අවශ්‍ය අනිකුත් දෙ නැතැයි කියලා උද්ගෝසනය කරනවා.... ඊටත් වඩා තදින් ම බදු ගහන්න රජය ගත් තීරණයට විරුද්දව විරෝධතා දක්වනවා....


මාස කීපෙකට කලින් මේ උදවිය අපිට කිවුවෙ බදු නොගහා කොහොමද රටක් ඉදිරියට ගෙනයන්නේ... බදු ඉවත් කරලා ආන්ඩුව ඉල්ලන් කනවා කියලා..... දැණ් ඒගොල්ලොම පෙලපාලි ගිහිං, උද්ගෝසනය කරලා, විරෝදතා දක්වලා බිරියානි කාලා පත් කොරගත්තු ජනාධිපති 35% ප්‍රතිසතේට පඩියට කෙලියාම රෝහල් වල බෙහෙත් නෑලු... විරෝධතා කොරනවලු!


අලේ....

නන්නානේ කිවුවලු!

Sunday, January 15, 2023

මුක්තිය ඉවත් කරගත් සොරිසේන හිඟමනට....

 

ඩාර්ලි පාරේ ශ්‍රී ල නි ප කාර්යාලයේ තේ හදමින් ආවතේව වැඩ කරමින් සිටි කොලුවා වැටුප ලෙස ඉල්ලුවේ පොලොන්නරුවෙන් චන්දය ඉල්ලීමට ටිකට් එක ය. චන්දේ දිනලා යමක් කමක් හොයාගෙන පොරක් වූ එතුමා ආප්ප කා පක්ශය පාවාදී ජනාධිපති වූයේ ශ්‍රී ලාංකික ධනපතීන්, විදෙස් තානාපති සේව, විදෙස් ඔත්තු සේවා, මූලධර්මවාදී ආගමික සංවිදාන සහ ඩයස්පෝරාවේ සහායෙන් ය.


මේ ගොබ්බතුමා ලවා ශ්‍රී ලාංකික රාජ්‍යය අසමත් කරනු රිසි වූ විදෙස් ඒජන්තවරු සහ ඩයස්පෝරාව ඌරාගේ මාළු ඌරාගේ පිට උඩම තබා කපන්නා සේ ජේ ආර් ජයවර්ධන පලමු විධායක ජනාධිපති තුමා ව්යවස්තාවට එක් කල තිබූ ජනාධිපති මුක්තිය ඉවත් කලේය. දැන් ඕනෑම කොල්ලෙක් ට බල්ලෙක් ට ශ්‍රී ලංකා ජනාධිපති ට විරුද්දව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය. මෙම මුක්තිය අයින් කරද්දී පලිගැනීමේ නොතිස් ආසාවෙන් සිටි සොරිසේන හිතුවේ ජනතාව පෝලිමේ ගොඩ් මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාට විරුද්දව මූලික අයිතිවාසිකම් නඩු දමාවි කියා ය. එහෙත් එය එසේ නොවීය.


ඒ වෙනුවට කතෝලිකයන් පෝලිමට ගොස් සොරිසේනට විරුද්දව නඩු දමා ශ්‍රේශ්ඨාදිකරනයෙන් කෝටි ඩහයක වන්දියක් ගෙවිය යුතු යැයි තීන්දුවක් ගත්තේය... 


අනුන් ගේ ලණු කා, ව්ය්වස්තාව ජනතාවාදී කරනවා කියා රාජපක්ශලාට නඩු දම්මවන්න බලා සිරි සොරිසේනට සොරි විය!


මම එන්නෙ පොලොන්නරුවෙ ඉඳන්,

සල්ලි හොඳට හම්බ කරන්,

හම්බ කරපු සල්ලි මා ලඟයි...


කතෝලිකයෝ නඩුත් දාල,

අධිකරනෙන් දඩත් කාල

බල්ල වගේ ඉන්නෙ මම තමයි....


Saturday, January 14, 2023

වැඩිවෙන විදුලි බිලට එරෙහිව පාරට බහින්නැයි අන්තරේ ජනතාවට ආයාචනා කරයි!!

 




වැඩිවෙන විදුලි බිලට එරෙහිව පාරට බහින්නැයි අන්තරේ ජනතාවට ආයාචනා කරයි. මාස ගනනක් කොලඹ අල්ලාගෙන පරිපාලන මර්මස්ථාන වලට හා ජාතික රූපවාහිනිය ට ඇතුලු වී දස්කම් පෙන්වූ ජනතාව විදුලි බිල වැඩිවුනා කියා පාරට බසීද?


සරලව ම උත්තරය නැත යන්නය!


මාස ගනනක් කොලඹ අල්ලාගෙන පරිපාලන මර්මස්ථාන වලට හා ජාතික රූපවාහිනිය ට ඇතුලු වී දස්කම් පෙන්වූ ජනතාව එසේ කලේ ඒ වෙනුවෙන් ව්යාපාරික ප්‍රජාව, විදෙස් බුද්ධි අංශ, බෞධ විරෝදී ආගමික කන්ඩායම් පාරට බැස්ස උදවියට  කැම බීම දවසේ කුලිය වැනි දේවල් වලට කෝටි ගනන් අතදිග හැර වියදම් කල නිසා ය. බොරුවට අරගලේ කියමින් අනුන්ට අතපාන්න අව්ශ්‍ය නැති ඉහල පංතිය පාරට බැස්සේ ගෑස්, විදුලිය හා ඉන්ධන වැඩි මුදලකට වත් ලබාගත නොහැකි වූ නිසාය! 


ඔය අනුන්ට අතනොපාන යමක් කමක් ඇති අය ට විදුලිය පිලිබඳ ප්‍රශ්නයක් ඇතිවන්නේ ඉහල මුදලකට වත් එය නොලැබී ගියොත් පමණි. එසේ නොමැතිව බිල වැඩි වුනා කියා පාරට බහින්න තරම් ඔවුන් බොලඳ නැත. ඊටත් වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල වල භීශනය පතුරුවන අන්තරේ අවශ්ය වෙලාවට තමුන්ගේ ව්යාපෘති වෙනුවෙන් පාවිච්චි කරනවා විනා, අන්තරේ විසින් කරනා අණකිරීම් හෝ ආයාචනා වලට ප්‍රතිචාර දැක්වීමට තරම් සෝ කෝල්ඩ් අරගලේ එක මල්ලේ ලුණු කෑ එහෙත් අතේ මිටේ මුදල් ඇති අනුන්ට අත නොපාන උදවිය මෝඩයන් නොවේ!

Thursday, January 12, 2023

චන්දය නොපැවත්වීමේ ක්‍රම සහ විධි!





එලඹෙන පලාත්පාලන මැතිවරණය ලබන මාර්තු මැදට කලින් පවත්විය යුතු බවට උසාවි නියෝගයක් ඇතැයි පැවසේ. විපක්ශය පවසන්නේ මේ ව්යාකූල අවස්තාවේ මැතිවරණයක් පැවැත්වූවොත් එය තමුන්ට අවාසි නිසා මැතිවරණ කල්දැමීමකට රජය අර අඳින බවය. 


රජය එසේ ක්‍රියාකරොත් එය ව්යවස්තාව උල්ලංඝනය කිරීමක් නිසා ව්යවස්තාවත් රැකැගෙන දැලිපිහියෙන් කිරි පැණි කන ක්‍රමයක් රජයට කියාදීමට සරස තුමා ඉදිරිපත් වේ.


හොඳින් අහගන්නලා;


මැතිවරණය කල්දමන්නේ මුදල් නැතිකම නිසානම් දීමනා හෝ අතිකාල ලබාගැණීමකින් තොරව මැතිවරණ සේවයේ යෙදීමට රජයේ සේවකයන් කැමති බවය. මේ කතාව ට නිසි මාධ්ය ආවරණයක් දී, රජයේ සේවකයන් ට දීමනා හෝ අතිකාල නොමැතිව පර්ත්යාගයෙන් මැතිවරණ කරන්න එන්නැ‍යි රජය ප්‍රසිද්දියේ ආයාචනා කල යුතුය!!


සියළු රාජ්‍ය සේවකයන් තමුන්ගේ පාක්ශිකයන් යැයි සිතා ජවිපෙ අහවල් මංඩලේ වැඩ වාසය කරන වසන්ත සමරසිංහ  සිතුවාට යතාර්තය එය නොවන බව ඔබත් මමත් දනිමු. මොකා මොන පක්ශයට සපෝට් කලත් දීමනා සහ අතිකාල නැතිව ශ්‍රී ලංකාවේ අභිමානවත් රාජ්‍ය සේවකයන් නියපොත්තක් වත් හෙල්ලන්නේ නැති බවත් අප සැම දනිමු!


සල්ලි දෙන්නෙ නැත්නම් මැතිවරණ නෑ කියමින් ස්ටාලින් ලා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන් පෙලපාලි ගොස්, විරෝදතා පවත්වා රජයට අවශ්‍ය මැතිවරණ කල් දැමීම නොමිලේම කර දෙනු ඇත!

Wednesday, January 11, 2023

දේශපාලනමය වශයෙන් වැදගත් 2023!

 මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් කැරකිලා දෙකට නැවෙන අවුරුද්දකි. රජය හැර හැමෝම මැතිවරණ ඉල්ලති. මැතිවරණය පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇත:


පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම පවතිනු ඇත.


සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස මහතා රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපය බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත් ට පලු යන්න බැණ, එතුමා ව දේශපාලණ අනාතයෙකු කරනු ඇත. 

පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර ඔහු ව නායකත්වයෙන් පන්නා දමනු ඇත!


ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම බලා සිට එය එසේ නොවූ කල ඔහු ව දේශපාලන අනාත මඩමට යවනු ඇත.

පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!


ස්තිරවම කිව හැක්කේ මේ වසරේ ප්‍රදාන දේශපාලන පක්ශ නායකයන් 

" මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව ය!