tag:blogger.com,1999:blog-484556773425716532.post5289596660242645776..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: හේන සහ හේන්!Unknownnoreply@blogger.comBlogger127125tag:blogger.com,1999:blog-484556773425716532.post-35826872025726917422018-03-31T04:13:24.937-07:002018-03-31T04:13:24.937-07:00 නව දලු කිව්වොත් නමයක් ඇති
කවුරු හරි දන්නා එකෙක් ... නව දලු කිව්වොත් නමයක් ඇති
කවුරු හරි දන්නා එකෙක් නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/02607020532973128923noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1689470034336578032017-01-14T08:42:00.203-08:002017-01-14T08:42:00.203-08:00:D
දැම්මා
:D
දැම්මා

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-87693534336724177522017-01-14T07:58:17.217-08:002017-01-14T07:58:17.217-08:00දැන් මේ හේන කෙටුව ඇතිනේද? දැන් වෙන මොකක් හරි දාමු!...දැන් මේ හේන කෙටුව ඇතිනේද? දැන් වෙන මොකක් හරි දාමු!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61558701153549323012017-01-14T07:07:59.145-08:002017-01-14T07:07:59.145-08:00Sri lanka lost the series by 3-0
Poor management ...Sri lanka lost the series by 3-0

Poor management of SL Cricket institution. SL team will never get much tours in the future. Nobody wants to play with such poor team.

Seems same results for the ODI & T20 games as well, refer to the selected squads.

I decided to never watch tours of team SL from today onwards.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-64434992407174848952017-01-14T06:12:05.870-08:002017-01-14T06:12:05.870-08:00testtestAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-27752886497855744582017-01-13T03:08:41.665-08:002017-01-13T03:08:41.665-08:00ඉහත ආලෝචනය ලියූ භාෂාසාහිත්‍යකලා ළැදි මහත්මාට මගේ ප...ඉහත ආලෝචනය ලියූ භාෂාසාහිත්‍යකලා ළැදි මහත්මාට මගේ ප්රණාම ය. සරසතුමා පැවසූ ලෙස ම සාරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ වියුණු හෙළ හවුල් සගයන්ගේ සාදර පිළිගැනුම ඔබට හිමි ය.

බන්ධුල කුදලාගම,
සදම්ටනය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74585209976614188282017-01-13T02:47:19.497-08:002017-01-13T02:47:19.497-08:00/////වයසත් සමඟ වියපත් නො වන සාදාකාලික තරුණ පෙනුමක්.../////වයසත් සමඟ වියපත් නො වන සාදාකාලික තරුණ පෙනුමක් ඇති ලක්ෂ්මන් විජේසේකර//////////////

සහතික ඇත්ත. +++++++++Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83797071915921479722017-01-13T02:40:15.643-08:002017-01-13T02:40:15.643-08:00නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්ධ කිරීමක් පා...නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්ධ කිරීමක් පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ (නන්දසුත්තයේ) හමු නො වේ. එමෙන් ම ඛුද්දක නිකායේ අට්ඨකතාවේ ද එවැනි සඳහනක් හමු නො වේ. එහි සඳහන් වන්නේ “පලුට්ඨමක්කටී කණ්ණනාසච්ඡින්නා”, එනම් “කන්, නාසා ඡේදනය කෙරුණු(සිඳ දැමූණු), පුලුටු වූ (පලුට්ඨ - පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු) වැඳිරියක (මක්කට - වඳුරා, මක්කටී - වැඳිරි) පිළිබඳ ය.

නව දැලි හේනක් (අලුත දැවුණු හේනක්) පිළිබඳ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව යටතේ ද මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ භික්ෂාටනාදී අද්භූත පූජා කථා යටතේ ද සඳහන් වේ (මයුරපාද හිමියෝ පැරණි පුවත්වලට නව තොරතුරු එකතු කිරීමේ සුරුවෙක් වූහ. තපස්සු-භල්ලුක දෙබෑයන් බුදුන්ගෙන් ලද කේශ ධාතු නිධාන කර “ලංකාවේ” ස්ථුපයක් තැන වූ බව පවසන්නේ ද උන් වහන්සේ ය. එම කරුණ පිළිබඳ මා විසින් මයුරවිලයනට සමර්පණය කෙරුණු “අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ” ලිපියේ දී විග්රහ කරනු ලැබිණි).

මම ඉහත ලිපියේ මුල් සංස්කරණයට (මෙහි පළමු ව පළ කරන්නට ගොස් දත්ත හානියට පත් වුණු සංස්කරණයට) නන්ද කුමාර වත පිළිබඳ විග්‍රහයක් ලිවීමි. එහෙත් හේන පිළිබඳ ලිපියේ සමවාය සම්බන්ධය සුරකිනු පිණිස පුනර්රචිත දෙවැනි සංස්කරණයෙන් එය ඉවත් කළෙමි. එය පසු ව වෙනත් ලිපියක් ලෙස පළ කරමි.

බන්ධුල කුදලාගම,
සදම්ටනය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26497944386326867532017-01-13T02:39:28.282-08:002017-01-13T02:39:28.282-08:00නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්ධ කිරීමක් පා...නව දැලි හේනක් නන්ද කුමාරයා සමඟ සම්බන්ධ කිරීමක් පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ (නන්දසුත්තයේ) හමු නො වේ. එමෙන් ම ඛුද්දක නිකායේ අට්ඨකතාවේ ද එවැනි සඳහනක් හමු නො වේ. එහි සඳහන් වන්නේ “පලුට්ඨමක්කටී කණ්ණනාසච්ඡින්නා”, එනම් “කන්, නාසා ඡේදනය කෙරුණු(සිඳ දැමූණු), පුලුටු වූ (පලුට්ඨ - පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු) වැඳිරියක (මක්කට - වඳුරා, මක්කටී - වැඳිරි) පිළිබඳ ය.

නව දැලි හේනක් (අලුත දැවුණු හේනක්) පිළිබඳ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව යටතේ ද මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ භික්ෂාටනාදී අද්භූත පූජා කථා යටතේ ද සඳහන් වේ (මයුරපාද හිමියෝ පැරණි පුවත්වලට නව තොරතුරු එකතු කිරීමේ සුරුවෙක් වූහ. තපස්සු-භල්ලුක දෙබෑයන් බුදුන්ගෙන් ලද කේශ ධාතු නිධාන කර “ලංකාවේ” ස්ථුපයක් තැන වූ බව පවසන්නේ ද උන් වහන්සේ ය. එම කරුණ පිළිබඳ මා විසින් මයුරවිලයනට සමර්පණය කෙරුණු “අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ” ලිපියේ දී විග්රහ කරනු ලැබිණි).

මම ඉහත ලිපියේ මුල් සංස්කරණයට (මෙහි පළමු ව පළ කරන්නට ගොස් දත්ත හානියට පත් වුණු සංස්කරණයට) නන්ද කුමාර වත පිළිබඳ විග්‍රහයක් ලිවීමි. එහෙත් හේන පිළිබඳ ලිපියේ සමවාය සම්බන්ධය සුරකිනු පිණිස පුනර්රචිත දෙවැනි සංස්කරණයෙන් එය ඉවත් කළෙමි. එය පසු ව වෙනත් ලිපියක් ලෙස පළ කරමි.

බන්ධුල කුදලාගම,
සදම්ටනය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-48995870168206774392017-01-13T02:29:35.943-08:002017-01-13T02:29:35.943-08:00මා සන්මිතු අතිගරු සරසතුමනි,
මේ ආලෝචන මා විසින් ලි...මා සන්මිතු අතිගරු සරසතුමනි,

මේ ආලෝචන මා විසින් ලියවුණේ ඔබතුමා සඳහා ය. එනිසා එම ආලෝචනවලින් යමකුගේ ඥාන මණ්ඩලය පුළුල් වී නම් එහි ගෞරවය ද ඔබතුමාට ම හිමි ය. මෙම ආලෝචනය පසු ව සාර්වජනික ක්ෂේත්රය වෙත යවන්නෙමි. පළමු ව එය සරසතුමාගේ මල්ලේ පොල් වියුණුවේ ආලෝචනයක් වීම ඵෙතිහාසික ව වැදගත් ය. සරසතුමාගේ සංවාද මණ්ඩපය විසින් බෙදා දෙනු ලැබූ දැනුම අතරට මෙම ආලෝචනය එකතු වීම මගේ සන්තුෂ්ටිය යි. එය ඔබතුමා කෙරෙහි මා හද ජනිත ගෞරවදයාවේ ප්රකාශනයකි. මගේ ආලෝචන කපා දැමූ අපගේ පැරුණි හිතවතකු අපට කළ ලොකු ම උදව්ව වූයේ අප නිසි කතිකා මණ්ඩපයකට යොමු කරවීම ය!

රොමාගේ වාසනාව මට මතක ය. චාර්ල්ස් ඩිකන්ස්ගේ Great Expectations නවකතාව රොමාගේ වාසනාව නමින් පළමු ව පරිවර්තනය/අනුවර්තනය කළේ භාෂා-භාෂාන්තරඥානී වූ ඊ. ආර්. එරත්නයෝ ය. රොමාගේ වාසනාව යනු එරත්නයන් තම පොතට දුන් නම ය. ඒ කාලයේ උණු කැවුම් මෙන් මහා ඉල්ලුමකින් විකිණුණු පොතකි රොමාගේ වාසනාව. නිමල් පතී සමඟ එක් ව පිහිටුවා ගත් ආයතනය මඟින් නිෂ්පාදනය කෙරුණු, ඩිකන්ස්ගේ පෙර කී සම්භාව්‍ය කෘතිය මත පදනම් වූ ටෙලිනාට්‍යයට එරත්නයන්ගේ පොතේ නම ම යොදා ගැනීම නිසා ප්‍රතිරූපණ හා සන්නාම පිළිබඳ ගැටලුවක් මතු විණි (දක්ෂ තරුණ ලේඛිකාවක ලෙස මගේ ප්‍රශංසාවට නිතොර ලක් වන ගංගා නිරෝෂිණි සුදුවැලිකන්දගේ පරිවර්තන/අනුවර්තන පොතක් ගැන එවැනි ගැටලුවක් පැන නැඟි කල මා ලියූ ලිපියක රොමාගේ වාසනාවට අදාළ පූර්වෝක්ත කාරණය සඳහන් ය). නිමල් සේනානායක බ්‍රොන්ටේගේ Wuthering Heights ආශ්රයෙන් නිර්මාණය කළ දුර්ගාන්තයේ දී නම් එවැනි ගැටලු පැන නැඟියේ නැත.

අසූව දශකයේ අග දී හෝ අනූව දශකයේ මුල දී හෝ විකාශනය වූ Great Expectations ආශ්රිත සරසතුමා සඳහන් කළ ටෙලි නාට්‍යය මට මතක ය. සෝමලතා සුබසිංහ, මනෝ සහ ඔහුගේ පුතු, දයා වැනි අය එහි රඟ පෑහ.

මගේ ප්‍රියතම සිනමාකරුවා වූ පතී රූපවාහිනියට සම්ප්‍රාප්ත වූ කල ද විශිෂ්ට නිර්මාණ බිහි කළේ ය. පතීගේ බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණ තරමට ම මම ඔහුගේ කඩුල්ල ටෙලිනාට්‍යයට ද කැමති ය (ලංකාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙලි නාට්‍යය කඩුල්ල බව මගේ විශ්වාසය යි). මා කෙතරම් පතීවාදියකු වී ද යත් මගේ පැරණි හිතවතුන් මට එරෙහි ව නැඟූ වොදනාවක් වූයේ ද පතී හැර වෙනත් චිත්රපටිකාරයකු ඔබට සිහි වන්නේ ම නැති ද කියා ය! ලාංකීය ඉන්ග්මාර් බර්ග්මාන් පතී බව මම අදටත් විශ්වාස කරමි.

පතී සහ නිමල් සුසංයෝගයෙන් බිහි වූ නාට්‍ය අතර මයා මන්දිර ද ඇල්ල ළඟ වලව්ව ද උසස් ම නිර්මාණ ය. ඇල්ල ළඟ වලව්ව නම් ඉස්තරම් ම නිර්මාණයකි. සරසතුමනි, මම එම නාට්‍යයේ පෙන් වන ඇල්ල නැරඹීමට ලංකාවේ සිටි සමයේ ගියෙමි. ඇල්ල ළඟ වලව්ව, මගේ සිත්ගත් නිළියක වන මංගලා කරුණාරත්න ද රඟ පෑ නාට්‍යයකි.

ඇල්ල ළඟ වලව්ව ලාදුරු රෝගය සමඟ සබැඳි ය. එම නාට්‍යය නිසා ලාදුරු රෝගයට ප්‍රතිකාර පිළිබඳ යම් අපැහැදිලි අදහසක් ජනගත විය හැකි ය යි මතයක් ඇතමකු තුළ ජනිත විණි. අවසානයේ දී ලාදුරු අලළා තවත් ටෙලි නාට්‍යයක් බිහි විණි. මට එහි නම මතකයට නොඑන මුත් සමිතා එරන්දතිය ජනකාන්ත වූයේ එම ටෙලිනාට්‍යයෙනි. ලක්ෂ්මන්ගේ පෙම්වතිය ලෙස ඇය රඟ පෑවා ය; ඉර පායා යන ගීය ද ගැයුවා ය (ටෙලි නාට්‍යයේ නම ද ඉර පායා බව සිහි වන්නේ එවිට ය!). වසංගත රෝග ඒකකයේ (epidemiology unit යන්නට වසංගත රෝග ඒකකය ය යි ව්‍යවහාර කිරීම පිළිබඳ එදත් අදත් මගේ එකඟතාවක් නැත) මා පැරණි සගයකු වූ සුදත් පිරිස් එම නාට්‍යයේ වෛද්‍යවරයාගේ චරිතය රඟපෑවේ ය.

වයසත් සමඟ වියපත් නො වන සාදාකාලික තරුණ පෙනුමක් ඇති ලක්ෂ්මන් විජේසේකර සිහි වූ නිසා මා මේ මෑතක දී දුටු නිමල් සේනානායකගේ ගීතයක විඩියෝවක් පිළිබඳ යමක් පැවසිය යුතු ය ( https://youtu.be/msfpXnu2gns ). රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා වයස පසු කළ පුද්ගලයකුගේ පෙනුමක් නිමල් සේනානායකගෙන් තවමත් නො පෙනේ. මගේ නම් කරුප්පු ලන්නටවත් හිස කෙස් නැති තරම් ය!

බන්ධුල කුදලාගම,
සදම්ටනය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23928631778958218342017-01-13T01:53:52.677-08:002017-01-13T01:53:52.677-08:00ඈ ළමයිනේ,
තමන්ගෙ නැතිවෙච්ච කොමෙන්ට්ද මොනවද අර මකබ...ඈ ළමයිනේ,

තමන්ගෙ නැතිවෙච්ච කොමෙන්ට්ද මොනවද අර මකබාව හොයන්න සිරිකොතේ “සට්ටඹි - ඇට්ටඹි රාල” දැන් ආයෙත් තමන්ගෙ රට, ජාතිය, ආගමට ගරහන්න පටන් අරං වගේ? බලහල්ලකො එකෙත් හැටි ? මේ “සට්ටඹි - ඇට්ටඹි රාල” කියන විදියටයි උගේ වරෙත්තුවො කියන විදියටයි අපේ හාමුදුරුවරුයි බුද්දාගමයි තමයි මේ හැම හෙනේටම මුල. අනේ ළමයිනේ මං ඉස්සරත් ඔය වගේ අලුගුත්තේරු කාලකණ්නි ගැන ලියපු කවියක් තමයි මේ පහත තියෙන්නෙ.

පොරණ අපි බුද්ධං
ඒවා දැන් විරුද්ධං
දැනට අපි සුද්ධං
මතකවත් නැත ස්වස්ති සිද්ධං

- පෑලියගොඩ දොන් පෑලිස් අප්පුහාමි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-79046548633463292652017-01-13T00:38:56.795-08:002017-01-13T00:38:56.795-08:00// AnonymousJanuary 12, 2017 at 11:09 PM
සාරසයිනි...// AnonymousJanuary 12, 2017 at 11:09 PM

සාරසයිනි,

1/2
රොමාගේ වාසනාව කෙසේනම් අමතක වේද? එසේම අප එහි මුල්ගල තැබූ ඊ.ආර්. එරත්නයනද අමතක නොකළ යුතුමය. එරත්න සිරිමතුන් පිලිබඳ නාරද නිශ්ශංක ලියු සටහනක් පහත උපුටා දක්වමි. කුදලාගම සිරිමතුන් එරත්නයන් පිලිබඳ වැඩි යමක් දන්නේ යැයි සිතමි.

- මයුරවිල මි. //

ගරු වියත් මයුරවිල මැතිඳුනි,

ඔබ අගය කරනා ඊ ආර් එරත්නයන් ගේ අනුවර්තනයක් වන "රොමා ගේ වාසනාව" ගැන අප අතින් සඳහන් වුනේ වාසනාවකට ම ය!

අපේ වියත් අතිගරු කලානිධි බන්ධුල කුදලාගම මැතිඳුන් ඊ ආර් එරත්නයන් ගැන ආලෝචනයක් එක් කරැතැයි අප බලාපොරොත්තු වෙමු!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45688654123103538922017-01-12T23:10:15.819-08:002017-01-12T23:10:15.819-08:002/2
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙලදී 1909 ජනවාර...2/2

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙලදී 1909 ජනවාරි 09 දා උපත ලද හෙතෙම පානදුර සුමංගල විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනයද අනතුරුව කොළඹ නාලන්දා විදුහලින්ද අධ්‍යාපනය හැදෑරීය. 1927 රජයේ සහතික ලත් ඉංග්‍රීසි ගුරුවරයකු, 1930 රජයේ පුහුණු ගුරුවරයකු, සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාද හදාරමින් 1939 ප්‍රථම පන්ති සාමාර්ථය සහිතව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධියද ලැබීය.

ඒ වන විට ලංකාවේ සිටි මුළු ලන්ඩන් බී.ඒ. උපාධිධාරීන් සංඛ්‍යාව 12 දෙනකු විය. 1939 - 1949 දක්වා ගුරු සේවයේ යෙදෙමින් කුරුණෑගල මලියදේව, රත්නපුර සීවලී ඇතුළු විදුහල්වලද සේවය කළේය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ග්රන්ථ පරිවර්තක ධුරයද, 1951 දී අනුරාධපුර මැදි මහ විදුහලේ විදුහල්පති ධුරයද, 1955 හොරණ තක්ෂිලා විදුහලේ විදුහල්පති පදවියද 1956-60 කාලයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පාරිභාෂික ශබ්ද නිර්මාණය කිරීමේ කාර්යයද ඉටුකළ එතුමන් 1960 රජයේ සේවයෙන් ඉසිඹු ලැබීය. තම ජීවිතය ග්රන්ථකරණය, ශාස්ත්‍රීය කටයුතු සඳහා කැපකළ උතුම් මිනිසකු ලෙස ඔහු ගෞරව සම්භාවනාවට පාත්‍ර විය. 1942 ගර්ට්රූඩ් ධර්මවතී විජයතුංග මහත්මිය සමග විවාහ වූ එරත්නයන්ට දරුවන් සිව් දෙනෙකි. ආනන්ද, සුජාතා, සුමේධ, විශාකා එම දරුවන්ය. වසර 66 ක් ආයු වළ¹ 1975 ජුනි 2 වැනි දින එතුමන් දැයෙන් සමුගත්තේය. ඊ. ආර්. එරත්නයන් පිළිබඳ මෙම සමරු සටහන ඔහු ලියන ලද "රොමාගේ වාසනාව" කෘතියට පසුවදනක් ලෙස ගුණදාස අමරසේකර කර ඇති පහත සටහනින් නිමා කරමු.

"සාහිත්‍යකරණයට මා යොමු වූ මුල් අවදියේ ම'විසින් ගුරු තනතුරෙහි ලා සලකන ලද ලේඛකයන් ටික දෙනා අතරින් ඊ. ආර්. එරත්න මහතා ප්‍රධාන ලේඛකයෙක් විය. ඊට හේතුව ඒ අවධියේ දී අප මුහුණ දුන් ප්රශ්නයයි. ඒ ප්රශ්නය නම් සාහිත්‍යකරණය, නවකතා රචනය සඳහා අවශ්‍ය බස සොයා ගැනීමයි. එහිදී අප වෙත විශාල බලපෑම කරන ලදදේ මාර්ටින් වික්‍රමසිංහගේ ලිපි ලේඛනයි. ඊට අමතරව ඊ. ආර්. එරත්න මහතාගේ සාහිත්‍ය නිර්මාණ, විශේෂයෙන් ඒ මහතාගේ පරිවර්තන මා කෙරෙහි විශාල බලපෑමක් කිරීමට සමත් විය. ජී. බී. සේනානායක ද සිංහල සරල සුගම රචනා විලාසය හදා වඩා ගැනීමට එරත්න මහතාගේ පරිවර්තනවලින් ආයාසයක් ලද බව මගේ වැටහීමයි. සිංහල, ඉංග්‍රිසි දෙබස පිළිබඳව විශාරද දැනුමකින් මෙන්ම විශ්ව සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයකින් ද යුතුව එරත්න මහතා විසින් කරන ලද මේ සේවය අපේ විද්‍යාර්ථින් විසින් අඩුවෙන් තක්සේරු කර තිබීම අභාග්‍යයකි.

එරත්න මහතා වියත් චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations කෘතිය ඇසුරෙන් කර ඇති මේ ඡායානුවාදය ඒ මහතා සතුව තිබූ උසස් සාහිත්‍ය රුචිය හෙළි කරන්නක් සේ මම දකිමි."

- නාරද නිශ්ශංක
2012.07.13 දින දිවයින Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39154026973491030002017-01-12T23:09:37.162-08:002017-01-12T23:09:37.162-08:00සාරසයිනි,
1/2
රොමාගේ වාසනාව කෙසේනම් අමතක වේද? එස...සාරසයිනි,

1/2
රොමාගේ වාසනාව කෙසේනම් අමතක වේද? එසේම අප එහි මුල්ගල තැබූ ඊ.ආර්. එරත්නයනද අමතක නොකළ යුතුමය. එරත්න සිරිමතුන් පිලිබඳ නාරද නිශ්ශංක ලියු සටහනක් පහත උපුටා දක්වමි. කුදලාගම සිරිමතුන් එරත්නයන් පිලිබඳ වැඩි යමක් දන්නේ යැයි සිතමි.

- මයුරවිල මි.

සාහිත කෙත පෝෂණය කළ විශිෂ්ට මිනිසෙක්!

මෙරට සාහිත්‍ය කෙත පෝෂණය කිරීම උදෙසා අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ ඊ. ආර්. එරත්නයන් (එරත්න විදානලාගේ රත්නායක) දැයෙන් සමුගෙන ඉකුත් මස දෙවැනි දිනට වසර 37 ක් පිරුණි. සිංහල සිනමා වංශ කතාවට එක්වුණු සිනමාවට නැඟුණු ප්‍රථම චිත්‍රපට කවි කතාව ඔබට මතකද? සුප්‍රකට කිවි සාගර පලන්සූරිය (කේයස්) රචනා කළ "සුදෝ සුදු" චිත්‍රපටය (ගාමිණී, සුවිනිතා ආදීහු රඟපෑ) දෙබස් රචනා කළේ ද එදා ඊ. ආර්. එරත්නයන්ය.

මෙරට සාහිත්‍යට එකතු වූ "රොමාගේ වාසනාව" කෘතිය එරත්නයන්ගේ සිත්හි උපන් විශිෂ්ට නිර්මාණ බීජයකි. එහි කලලය චාල්ස් ඩිකන්ස්ගේ සිත්හි උපන්නකි. සිංහල පාඨකයන් හා විශේෂයෙන් දරුවන් උදෙසා ඩිකන්ස්ගේ Great Expectations නම් සුප්‍රකට ඉංග්‍රීසි නවකතාවේ ඡායානුවාදයක් ලෙස ලියූ "රොමාගේ වාසනාව" 1944 දී මුල්වරට ඔහු එළිදැක්වීය. සිංහල පාඨශාලාවල උගන්වන අයගේත්, සිසුන්ගේත් ප්‍රයෝජනය සඳහා ලියෑවුණු එහි චරිත නාම, මෙරට නම් ගම්, සිංහල සිරිත් විරිත්ද පසුබිම් කර තිබීම ද, සරල සුගම බස් වහරද එය මෙරට සාහිත්‍ය ලෝකයේ නොමැකෙන නමක් ලෙස සටහන් වන්නට තවත් හේතුවක් වන්නටද ඇත. එරත්නයන් ජීවතුන් අතර නැතත් 1998 සිට 2011 දක්වා එරත්න පවුල එම පොත හය වතාවක් මුද්‍රණය කර එළිදක්වා තිබේ. (එරත්න පදනම එහිලා කළ මහඟු මෙහෙවරද ප්‍රශංසනීය වන්නකි.)

අව්‍යාජත්වය, සරල බව, අපේකමද ආත්ම කොටගත් එරත්නයන්ගේ භාෂා ශෛලිය පාඨක සිත් ආකර්ශණය කළේය. ඊ. ආර්. එරත්නයන් ලියන ලද ග්රන්ථ රාශියකි. ජීව භාෂාව, උදෘත පුරාව, දවසකට රජ, ලංකාවේ පෘතුගීසින්, ලංකාවේ ලන්දේසීන්, යූරි ගගාරින්, වන විත්ති, කතා ඵලය, එවරස්ට් වීර කෙන්සිං, මඟුල් තෑග්ග, හංස කුමරිය, වැරදුන විප්ලවය, යුනෙස්කෝව පළකළ කතා සංග්‍රහය සඳහා "ගම රාළ" යන ගැමි කතාව ඇතුළු තවත් කෘති රාශියක් ඔහු අතින් මෙරට සාහිත්‍ය ලෝකය සඳහා දායාද කෙරිණි. කතා රසයෙන් පාඨකයා ඇඳ බැඳ තබා ගනිමින් ඔවුන් තුළ නව දැනුමක් උත්පාදනය කිරීමටත් දරුවන්ගේ සිත නව දැක්මක් කරා යොමු කරලීමටත් හෙතෙම ස්වකීය නිර්මාණ සාහිත්‍ය උපස්ථම්භක කරගත්තේය. zසිංහලය කවර අදහසක් වුව කීමට පොහොසත් භාවිත ගුණයෙන් යුත් සජීවී බසක් බව තරයේ ඇදහූ එරත්නයන් හොඳ පොතපත ලිවීමට අපමණ වෙහෙසක් දැරිය ඔහුගේ මෙහෙවර මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් මහ ඉහළින් පසසා ඇති වාරද අපමණය. දරුවන්ගේ රුචි අරුචිකම්, ළමා මනස ළමා වියට උචිත ක්‍රියාකාරකම් සහජ නිපුණතා ගැනද ඔහු තුළ තිබූ අවබෝධය ඉමහත්යZ. දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිත්සිරි නිමල් ශාන්තයන් 1998 "දිවයින" පුවත්පට එරත්නයන් ගැන එලෙස සඳහන් කර තිබිණි. ජී. බී. අල්විස් පෙරේරා, කේයස් වැනි කවීන් මෙන්ම බොහෝ සාහිත්‍යධරයන්, අධ්‍යාපනඥයන් ද ඉතා ළඟින් ඇසුරු කළ එරත්නයන් මෙරට අධ්‍යාපන නවෝදයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ විද්වතෙකි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37792861199247847602017-01-12T19:38:05.293-08:002017-01-12T19:38:05.293-08:00// ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර...// ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර හේනේගම නම් ගම්පියසකි (මධ්‍යම පළාතේ ද දකුණු පළාතේ ද තවත් හේනේගම් ඇත. හොරණ පොකුණුවිට හේනගමක් ද ඇත). මෙකී හේනේගම පිහිටි ප්‍රසිද්ධ පාසලකි හේනේගම (මධ්‍ය) මහා විද්‍යාලය. එම හෙනේගම (මධ්‍ය) මහා විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයකට තේරී පත් වූ පළමු වැනි ශිෂ්‍යයා වූයේ පසු කලෙක පේරාදෙණි වෛද්‍ය පීඨයෙන් බිහි වූ අතිදක්ෂ වෛද්‍යවරයකු වූ ද ඉතා ළා බාල වියේ දී ම (කුසලතා මත) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ද කලාකාමියකු වූ ද අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ නිමල් කිත්සිරි සේනානායක ය. එසේ පැවසූ විට ඔහු නොහඳුනන අය ද ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, දුර්ගාන්තය ඈ ටෙලිනාට්‍ය පිටපත් ලියූ නිමල් සේනානායක කියූ පමණින් ඔහු හඳුන ගනිති. //

මා ආධුනික කතිකාචාර්ය වරයෙකු ලෙස පේරදෙනි වෛදය පීටයට බැඳෙද්දී පීඨාධිපති ව හිටියේ මහාචාර්ය නිමල් සේනානායක මැතිතුමා! එතුමා නියම සින්හල බස් සහ කලා ලෝලියෙක්!

ඔහු අනුවර්තනය කල එහෙත් සම්පූර්නයෙන් රූපවාහිනියේ පෙන්වන්නට නොහැකි වූ රොමා ගේ වාසනාව ඔබට මතකද???DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-57310540936016041592017-01-12T19:33:39.954-08:002017-01-12T19:33:39.954-08:00අතිගරු කලානිධි බන්ධුල කුදලාගම සුදීමතුනි.
ඔබ ගේ ම...අතිගරු කලානිධි බන්ධුල කුදලාගම සුදීමතුනි.

ඔබ ගේ මේ ආලෝචනය හෙල වියුනු ආලෝචන කලාවේ රන් ප්‍රමිතියේ ආලෝචනක් ම ය!

මනාව කරුණු හදාරා , ඇවැසි තැන එම කරුණු සම්පින්ඩනය කර ඔබ මේ හෙලුවා වූ ආලෝචනය කියවන විට දැනෙන්නේ ඔබ ගේ වියත් පාන්ඩිත්‍යය මැයි!

මා පමනක් නොව මේ කියවන සැම දෙනාම ඔබගේ ආලොචන කියවා බොහේ දේ ඉගෙනගනිති.... ඒම සද් කාර්යයට ඔබට බොහේ පින්!

ඒ එක්කම, බොහෝ කල් වේලා රැගෙන ඔබ මෙහි ලියූ ඒ ආලෝචනය ඔබගේ වියුනුවේ පල කොලෝතින් තවත් බොහෝ දෙනාට එය රසවිඳ බොහේ දී ඉගෙන ගත හැකි නේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51974830299836837672017-01-12T19:18:43.541-08:002017-01-12T19:18:43.541-08:00ජ වි පෙ දැන් අනාගතයක් නැති පක්ශයක් වෙලා ඉවරයි. නව ...ජ වි පෙ දැන් අනාගතයක් නැති පක්ශයක් වෙලා ඉවරයි. නව දේශපාලන ඇරඹුම් රැසක් මේ දුරුත් මස බලාපොරොත්තු වන්න!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-6887319677829096812017-01-12T19:16:22.144-08:002017-01-12T19:16:22.144-08:00// Ratathota WistharaJanuary 12, 2017 at 7:56 AM
...// Ratathota WistharaJanuary 12, 2017 at 7:56 AM

You are racism fool man. You now take fals sil. You no good man we know that. go go not put blady liys. //

Dear Sir,
Your writing style and the use of language skills tell me that you are none other than HE the President!
Thank you very much for visiting my humble blog site! DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80803575219290144442017-01-12T19:12:26.828-08:002017-01-12T19:12:26.828-08:00// AnonymousJanuary 12, 2017 at 9:14 AM //
ගරු ඇණ...// AnonymousJanuary 12, 2017 at 9:14 AM //

ගරු ඇණෝ තුමනි..
ඔබට බොහෝමත් ම ස්තූතියි. වහාම මගේ වරද නිවැරදි කර මට ම ටොක්කක් ඇන ගත්තෙමි! නැවත වාරයක් ඔබට ස්තූතියි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68569043484275662102017-01-12T17:42:39.525-08:002017-01-12T17:42:39.525-08:00//නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපිය...//නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපියක් ලෙස වෙනත් දිනයෙක පළ කරන්නෙමි.//

සද්ධර්ම රත්නාවලියෙහි නන්ද වස්තුවෙහි දම්සෙන් හිමියන් විසින් "...අත අල්වා ගෙන තව්තිසා දෙව්ලොවට වඩනා සේක් අතුරු මඟ නව දැළි සේනක් මවාලා ඒ සේනේ දා ගිය කණුවෙක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා..." ඈ ලෙස කියන තැන්හි නව දැළි සේන යන්නෙන් අළුත ගිණි ලෑ හේනක්යැ යන අරුත මතු වන බැව් හැර වෙනත් අරුතක් නොදැන සිටි අපට සාරසයන් විසින් මෙහි උපුටා දක්වන තිලක් කන්දේගමයන්ගේ අරුත් දැක්වීම අළුත් දෙයකි. මේ අදහස ගැන වැඩි යමක් දැනගනු රිසියෙමු.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84812587647450379962017-01-12T15:24:10.791-08:002017-01-12T15:24:10.791-08:003/3
හේන සමඟ නවකතාව වෙත පැමිණි මට සිහි වන්නේ හේන ඉ...3/3

හේන සමඟ නවකතාව වෙත පැමිණි මට සිහි වන්නේ හේන ඉංගිරිසියට ගිය සැටි ය. හේන යනු අස්වැද්දීම සේ ම සුවිශේෂී සංකල්පයකි. එනිසා ම ඉංගිරිසිහු අස්වැද්දීම ඇසුරින් asweddumise නම් වදන ඉංගිරියට ගත් සේ ම හේන ඇසුරින් chena නම් වදන ද ඉංගිරිසියට ගත්හ.

හේන පිළිබඳ සඳහන් කළ සුප්‍රකට ම ඉංගිරිසි නවකතාකරුවා වූයේ ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් ය. හෙතෙම තම The Village in the Jungle කෘතියේ හේන පිළිබඳ මෙසේ පවසයි:

“Usually the village lived entirely by cultivating chenas. In August every man took a katty and went out into the jungle and cut down the undergrowth, over an acre or two. Then he returned home. In September he went out again and set fire to the dead under- growth, and at night the jungle would be lit up by points of fire scattered around the village for miles; for so sterile is the earth, that a chena, burnt and sown for one year, will yield no crop again for ten years. Thus the villagers must each year find fresh jungle to burn. In October the land is cleared of ash and rubbish, and when the rains fall in November the ground is sown broadcast with millet or kurakkan or maize, with pumpkins, chillies, and a few vegetables. In February the grain is reaped, and on it the village must live until the next February. No man will ever do any other work, nor will he leave the village in search of work. But even in a good year the grain from the chenas was scarcely sufficient for the villagers.”

ගරු සරසතුමන් ද මා ද යම් සංවාදයකට එළඹි කල බොහෝ විට නතර වන්නේ පේරාදෙණියෙන් ය (මා ප්‍රිය මැණිකේගේ වදනින් පවසන්නේ නම් “සරසතුමාත් ඔබතුමාත් මොනවා කතා කරත් අන්තිමට අර මැක්කාගේ කතාව වගේ පේරාදෙණියට ගොසින්නේ නවතින්නේ”). සරසතුමනට සමර්පණය කෙරෙන මෙම සරසාලෝචනා ව්යාඛ්යාවට ද පේරාදෙණිය ඈඳා ගන්නට රිසියෙම් මම හේන පේරාදෙණියට සම්බන්ධ කර ගන්නා මඟක් පිළිබඳ සිතීමි. එසැණ මඟක් පෑදිණි. ඒ මෙසේ ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර හේනේගම නම් ගම්පියසකි (මධ්‍යම පළාතේ ද දකුණු පළාතේ ද තවත් හේනේගම් ඇත. හොරණ පොකුණුවිට හේනගමක් ද ඇත). මෙකී හේනේගම පිහිටි ප්‍රසිද්ධ පාසලකි හේනේගම (මධ්‍ය) මහා විද්‍යාලය. එම හෙනේගම (මධ්‍ය) මහා විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයකට තේරී පත් වූ පළමු වැනි ශිෂ්‍යයා වූයේ පසු කලෙක පේරාදෙණි වෛද්‍ය පීඨයෙන් බිහි වූ අතිදක්ෂ වෛද්‍යවරයකු වූ ද ඉතා ළා බාල වියේ දී ම (කුසලතා මත) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ද කලාකාමියකු වූ ද අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ නිමල් කිත්සිරි සේනානායක ය. එසේ පැවසූ විට ඔහු නොහඳුනන අය ද ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, දුර්ගාන්තය ඈ ටෙලිනාට්‍ය පිටපත් ලියූ නිමල් සේනානායක කියූ පමණින් ඔහු හඳුන ගනිති.

මගේ සන්මිත්‍ර සරසතුමාගේ අගනා ලිපියට පාදක වූ හේන සමඟ බොහෝ දුර ගමනක් ගොස් අවසානයේ දී පේරාදෙණියට පැමිණ මම මෙම සරසාලෝචනා ව්‍යාඛ්‍යාව අවසන් කරමි. මාගේ මෙම වෑයම ගරු සරසතුමනට උපහාරයක් වේවා!

බන්ධුල කුදලාගම,
සදම්ටනය.

End.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-69156385945520366332017-01-12T15:19:45.332-08:002017-01-12T15:19:45.332-08:002/3
ඇල්හේන සම්බන්ධ වූ මධුරමනෝහර ගීත කීපයක් ම තිබේ...2/3

ඇල්හේන සම්බන්ධ වූ මධුරමනෝහර ගීත කීපයක් ම තිබේ. සුනිල් සේනාධීර ලියූ, සිරිල් ටියුඩර් ප්‍රනාන්දු ගැයූ “ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ…” ගීතය එම ගීත අතර ඇති හද බඳනා, මන බඳනා ගීයකි. එම ගීතයේ අවසානය මෙසේ ය:

“ඇල් කෙතකින් එන
දැරියකගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසත ම පැතිරෙන්නේ
කවුරු ද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ”

විශිෂ්ට ගීත රචකයකු වූ මර්වින් සේනාරත්න ලියූ (මාගම් පුරේ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ, තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙළි වැනි ගී ලියුවේ ද මර්වින් ය), දයාරත්න-අමරා යුවළ “ගයන මහ රෑ යාමේ මේ ඇල්හේනේ - තනියම සීපද කියනු අසා - වෙහෙස දරාගෙන පාර අසා ගෙන - ආවෙමි අඳුරෙ ම ඔබ ව සොයා” ගීය ද සිහි කළ යුතු ම ය.

රෝහණ බැද්දගේ ලියා ගායනා කරන ගී මිණක් වන “කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ - මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ” ගීයේ ද ඇල්හේන පිළිබඳ මෙසේ සඳහන් ය:

“ඇල්හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයි දෝ නවෝදෙන් මැකීලා ගම්මානේ”

අසමාන කෞශල්‍යයකින් හෙබි විශිෂ්ට ගණයේ ගායකයකු වූ හෙට්ටිආරච්චිගේ රෙජිනල්ඩ් ජෝතිපාල ජී. එස්. බී. රාණි පෙරේරා (GSB - Gnai Sinari Benzajaya) සමඟ ගැයූ “ඇල්හේනේ පැල් රකිද් දී - කුඹුරේ ගොයම් කපද් දී - ඔබ කීව ගීතිකාවෝ - මට නැහැ ප්‍රියේ ඇසෙන්නේ” ගීය ද සඳහන් කළ මනා සම්භාවනීය ගීයකි.

ඇල්හේන සමඟ ම මතකයට නැඟෙන අනෙක් හේන නම් කුරහන් හේන ය. කුරහන් හේන සබැඳි ගීත ද්වයයක් මම තෝරා ගතිමි. අබේ සහ ත්‍යාගා ගායනා කළ අතිශය ප්‍රේමණීය ගීතයක් වන “රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ - මගෙ තනි නොතනියට නුඹවත් නැතිවානේ - හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ - මාසේ පෝය දා වාගෙ යි ගම්මානේ” ඉන් එකකි. අනෙක් ගීතය අග්‍රගණ්‍ය සුගේයපදකාර උපාලි ධනවල විතානයන් ලියූ, නිරංජලා තම සදාකාලික යෞවන හඬින් ගයන “රන් කුරහන් හේන උඩින් සීපද හඬ ඇසෙන පැයේ - එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ” ය.

කුරක්කන් හේන අලළා රසවත් කවි පන්තියක් ලියන ලද්දේ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයන් විසිනි. එහි හේන යෙදෙන කවිය මෙසේ ය:

“මුල දි කැළේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනි
බඳින දවසේ එළි කළ මගේ මුහුණ වැනි”

හැත්තෑවේ දශකයේ ලාංකීය කාණ්ඩායම් සංගීතයේ සුපිරි සංගීතඥයා, ගී පද රචකයා සහ ගායකයා වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් අනිල් සඳහා නිර්මාණය කළ “ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ” ගීතය ද හේන පිළිබඳ කතිකාවක දී අමතක කළ යුතු නැත:

“හේනේ පැලේ පැල් රකිද් දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැති වී යනවා
මට ලැබේ ද වෙන ගමකට යා ද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා”

ඇල්හේන්, කුරහන් හේන් අතරට එක් වන මුං හේන්, කිතුල් හේන් (කළුතර දිස්ත්‍රික්කයේ) ද ගල්හේන් (ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) ද ඇත. ඒවා ද සරසතුමාගේ ලේඛනයට නිසි ය. ගල්හේන නිසා මට සිහි වූයේ මීට දශක දෙකකට පෙර ජීවන ගමන අවසන් කළ මගේ හිතවකු වූ ගල්හේන ය. එම පරම්පරාව ඉදිරියට ගෙන යන්නට ඔහුට ශූර පුතුන් තිදෙනකු ද සිටි බව මතක ය. හේන පුද්ගල නාම සමඟ සබැඳෙන කල මට සිහි වන තවත් පුද්ගලයකු වූයේ මා පොළොන්නරුවේ සේවය කළ සමයේ දැන සිටි පලිහේන ය.

මගේ සන්මිත්‍ර සරසතුමන්ගේ ලිපිය විසින් අවධාරණය කෙරෙන හේන සම්බන්ධ එක් නමක් කරණ කොට මගේ සිත නව්‍ය කලා ශානරයක් වන නවකතාව (නව්‍ය ය යි කීව ද දැන් නවකතාව බොහෝ පැරණි ය!) වෙත යොමු වේ.

කැළෑව එළිපෙහෙළි කර හේනක් කෙටීම පිළිබඳ සඳහන් ප්‍රකට නවකතාවකි කළුඅච්චිගමගේ ජයතිලකයන්ගේ චරිත තුනක්. කැළෑව එළිපෙහෙළි කිරීමේ සිට හේනෙන් ඵලදාව ලබා, අවසන පුරන් වන්නට අතහැරෙන තෙක් හේන් පවතක් එම නවකකාව සමඟ බැඳේ. එහි එන ඉසාගේ චරිතය සමඟ හේන බැඳී පවතී. ඉසා හේන් කෙටුවේ ආණ්ඩුවට අයත් කැළේ ය. මෙලෙස ආණ්ඩුවේ කැළේ හේන් කෙටීම් පිළිබඳ සඳහන් තවත් නවකතා දෙකක් මට සිහි වේ. එකක් බොහෝ පැරණි නවකතාවක් වන පියදාස සිරිසේනයන් විසින් (සිරගත ව සිටිය දී) ලියවුණු අෂ්ට ලෝක ධර්ම චක්‍රය ය. අනෙක නම් සුමිත්‍රා රාහුබද්ධගේ පළමු වැනි (සහ මගේ විශ්වාසය අනුව නම් හොඳ ම) නවකතාව වූ බුමුතුරුණු ය.

සිංහල නවකතා ක්ෂේත්රයේ පළමු වැනි සංඝ සම්ප්රදානය වූයේ “රෑපා” ය. රූපා ලියවුණේ සරසතුමා තම ලිපියේ ලා සඳහන් කළ පැවිදි උතුමකු විසිනි. වල්පොළ රාහුල හිමියන්ගේ විප්ලවීය කෘතියක් වූ “හික්ෂුවගේ උරුමය” ට ප්‍රතිචාර ලෙස “භික්ෂුවගේ උරුමය කුමක් ද?” නම් ප්රකාශනයක් ලියවුණේ ද පෙර කී ප්‍රව්‍රජ්‍ය උත්තමයන් විසිනි. උන් වහන්සේ අන් කවරකු හෝ නො ව බණ්ඩාරනායක සිරිමතුන්ගේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ පුරෝගාමියකු වූ හෙන්පිටගෙදර ඤාණසීහ හිමියෝ ය.

Cont …
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42085408711119131152017-01-12T15:11:15.985-08:002017-01-12T15:11:15.985-08:001/3
මා සන්සඛි සරසතුමන් හේන පිළිබඳ අනර්ඝ ලේඛනයක් ප...1/3

මා සන්සඛි සරසතුමන් හේන පිළිබඳ අනර්ඝ ලේඛනයක් පළ කර ඇත. එම ලේඛනය සරසතුමන්ගේ වාග්චාරුත්වය ද ලේඛන කෞශල්‍යය ද බහුශ්‍රැත-බහුපඨිතභාවය ද ස්ඵුට කරන අග්රලේඛනයකි. මා විසින් මෙහි ලියවෙන්නේ එම අග්රලේඛනයට ව්‍යාඛ්‍යා සහිත පරිපූරකයකි. මෙම සටහන මම අපගේ සඛිභාවය සලකා සරසාලෝචනා: අග්‍රිම සර්ගය නමින් සරසතුමනට සමර්පණය කරමි.

හේන යනු ගොඩ ගොවිතැනේ භෝගජනන ස්වර්ණභූමිය යි. ගම්මාන සීමාවේ කැළෑ බිම හෙළිපෙහෙළි කර, පුලුස්සා, පස පෙරළා බිම සකසා බෝග වගා කෙරෙන්නේ හේනේ ය. එම ක්‍රියාව හේන් කෙටීම නමි. අවම ජල පෝෂණයකින් සරුවට වැඩෙන බෝග හේන් ගොවිතැනට නිසි ය. මෙම ආලෝචනයේ මුඛ්‍යාධ්‍යාශය හේන පිළිබඳ භාෂාත්මක ව විමර්ශනය කිරීම ය. වඩා සුවිශේෂී ව පවසන්නේ නම් හේන යන වචනය මූල වන සහ සබැඳෙන භාෂා ව්‍යවහාර විමර්ශනය ය.

හේන යනුවෙන් සමකාලීන සිංහලයේ හැදින්වෙන්න සම්භාව්‍ය සිංහලයේ සේන (සේණ) ලෙස යෙදේ. හේන යන අරුත දීමට කෙත යන්න ද ඇතැම් තැනෙක ව්‍යවහාර වී ඇත.

දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් ලියවුණු සද්ධර්මරත්නාවලියේ උක් හේනක් පවත්වාගෙන ගිය සහෝදරයන් දෙදෙනකු පිළිබඳ කතාවක් ජටිල තෙරුන් වහන්සේගේ වත යටතේ සඳහන් ය:

“යට ගිය දවස බරණැස් නුවර කෙළෙඹියෝ දෙ බෑ කෙණෙක් මහත් කොට උක් සේනක් කැරවුහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනක් කැරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනට ගොසින් උක් සේන බලා පියා බෑණන්ට උක් දණ්ඩක් හා තමන්ට උක් දණ්ඩක් හා කපා ගෙණ උක් පැන් පෙරී නො වැගිරෙන ලෙසට කපා පී මුණ ත් පත් වසා බැඳ ලා අල්වා ගත්හ.”

සද්ධර්මරත්නාවලියේ ම අගසවු වත යටතේ ද හේන පිළිබඳ මෙසේ සඳහන් වේ:

“හෙම්බා මහණෙනි, මේ අප බුදු වූ කපට එකානු වන කප විපසසි නම් බුදු කෙණෙක් ලෝ පහළ වූ ය. එ කල මහාකාළ ය - චුළකාළ ය යි ප්රූසිද්ධ වූ දෙ බෑ කෙණෙක් මහා හැල් කෙතක් වැපිර වූ ය.”

“හැල් බඩ තළවා දන් දීමක් ගිය දවස වුයෙ ත් නැත. එන දවස වන දෙයකු ත් නො වෙයි. ගොයම් නො නසව කියා ලා මළණුවන් හැල් බඩ දන් දෙන්ට ම තර හෙයින් එ සේ වී නම් සේන බෙදා පියා මා සන්තක භාගයට අළෙවි නො කොට තොප සන්තක භාගයට කැමැත්තක් කරව යි කිවු ය.”

මා සන්මිත්‍ර සරසතුමෝ නව දැලි හේන පිළිබඳ ද තම මාහැඟි ලේඛනයේ සඳහන් කරති. මා හද සනසනවන මධුර හඬක් ඇති ගායකයකු වන සෝමතිලික ජයමහ ලියා ගැයූ ගීය නන්ද කුමාර වත වරදවා වටහා ගැනීමක් බව කන්දේගමයන්ගේ මතයක් මත පිහිටා සරසතුමෝ පවසති. සෝමතිලකයන් කෙරෙහි මෙන් ම තිලක් කන්දේගමයන් කෙරෙහි ද කුදලාගමගේ සිතේ අප්‍රමාණ ගෞරවයක් තිබේ. කන්දේගමයෝ අපේකම දන්නා විද්වතෙක් වෙති. එනිසා මම මෙම ලිපියේ දී සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් නව දැලි හේන පිළිබඳ උද්කෘත නො දක්වමි. නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපියක් ලෙස වෙනත් දිනයෙක පළ කරන්නෙමි.

හේන පිළිබඳ කතිකාවේ දී වැදගත් කාරණයක් වන්නේ හේනේ වගා කළ එක් සුවිශේෂී බෝගයක් ය. ඒ වූ කලී ඇල් (හැල්) වී ය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ඇල් වී සමඟ බැඳි ඇල් සහල්, ඇල්කෙත්, ඇල්ගෙවිලි ඈ නන් නය පදමුසු හමු වේ. දුටුගැමුණු මහ රජතුමාගේ පුතණුවන් උපන් දා සිට දොළොස් වසක් ගත වන තෙක් මෙසිරිලක පුරා සී වසින්නා සේ ඇල් වී ලැබුණු බව ද එනයින් එකුමරු සාලිය නම් ලද බව ද සීහලවත්ථූපකරණය පවසද් දී එකුමරුන්ගේ පුණ්‍යබල මහිමයෙන් ධාන්‍යාගාර හැල් වීවලින් පිරුණු බව මහාවංස ටීකාව පවස යි. කවරක් ද මෙකී ඇල් වී? වී වගාව කුඹුරුවල කෙරෙන මඩ ගොවිතැනක් වන කල ඇල් වී, හේන පිළිබඳ කතිකාවකට මා විසින් ගෙන එනු ලැබුණේ ඇයි? පිළිතුර සරල ය: ඇල් වී යනු හේන්වල වගා කෙරුණු වී වර්ගයකි. එනයින් ඇල්හේන ව්‍යවහාරයට පැමිණියේ ය.

අතීත ලංකාව පුරා ඇල්හේන් බොහෝ පැවති ලෙස ම වර්තමාන ලංකාව පුරා ද ඇල්හේන් පවතී. එහෙත් වර්තමාන ඇල්හේන්වල ඇල් වී නම් වගා නො කෙරේ. මහරගම ඇල්හේන ද ගොතටුවේ ඇල්හේන ද පමණක් නො ව කොළඹ-නුවර මාර්ගයේ කඩවතට නුදුරු ව පිහිටි ඇල්හේන ද මිරිස්වත්තෙන් හැරී යන වතුරගමට නුදුරු ඇල්හේන ද නුවර කැටවලට නුදුරු ඇල්හේන ද ආදී වශයෙන් තවත් බොහෝ ඇල්හේන ශ්‍රී ලංකාව පුරා ඇත.

Cont …
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71855494476237991472017-01-12T12:33:41.073-08:002017-01-12T12:33:41.073-08:00මේ දවස්වල ෆේස්බුක් එකේ යහපාලනයට සහාය දුන්න එජාප පා...මේ දවස්වල ෆේස්බුක් එකේ යහපාලනයට සහාය දුන්න එජාප පාක්ෂිකයන් වැඩි දෙනා නිහඬයි... දැන් යහපාලනය වෙනුවෙන් වක්‍රව පෙනී සිටිමින් මහින්ද කඳවුරට අවුරුදු ගණනාවක් එල්ල කරමින් සිටි ප්‍රහාරය තව දුරටත් ගෙන යනු ලබන පිරිස පෙනී සිටින බව පෙන්වන්නේ ජවිපෙ වෙනුවෙනුයි...

මේ මෑතක දිනක මම පුද්ගලිකව දන්න යහපාලනයක් වෙනුවෙන් ඝෝෂා කළ කිහිප දෙනෙක් මාත් සමඟ සංවාදයට එළඹුනා... මෙතනදී මට අනාවරණය වූ වැදගත්ම කාරණය නම් මහින්ද ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුව නරක බව අකමැත්තෙන් පිළිගැනීමට ඔවුන්ට සිදු වුන බව... පසු ගිය අවුරුදු දෙක තුළ මේ ආණ්ඩුව සාධනීය වූ කිසිම කිසි දෙයක් කර නැති නිසා මේ පිළිබඳව තර්ක කර ජයගන්න හැකියාවක් නැති බව ඔවුන් දන්නවා...

නමුත් ඔවුන්ගේ ඊළඟ අමුතු තර්කය නම් මහින්ද ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුව නරක වුනත්, මහින්ද ආණ්ඩුව ගෙදර යැවීම ඔවුන් විසින් කළ යුතුව තිබූ දෙයක් බවත් ඔවුන් ඒ ගැන සන්තෝෂ වන බවත්. පත් කර ගත් ආණ්ඩුව වඩා නරක වීම ඔවුන්ට ගැටළුවක් නෙවෙයි...

මහින්ද ආණ්ඩුව නරක නිසා ඒ ආණ්ඩුව එළ විය යුතුයි... මේ ආණ්ඩුවත් නරක නම් මේ ආණ්ඩුවත් (තව අවුරුදු හතරකින්) එළවා දැමිය යුතුයි... නමුත් තව අවුරුදු හතරක් මේ ආණ්ඩුව බලයේ සිටීමෙන් රටට වන නැවත හැරවිය නොහැකි විපත ගැන ඔවුන්ට එතරම් වග විභාගයක් තිබෙනු මට පෙනුනේ නැහැ...

මෙවන් තරුණ ජනතාවක් සිටින රටක අනාගතය නම් නිසැකවම අඳුරේ බවයි මට නම් වැටහෙන්නේ... දැන් මේ පිරිස දේශපාලනය ගැන ෆේස්බුක් එකේ පෝස්ට් දාන ඒ ගැන යම් තරමකට සංවේදී පිරිසක් බව පේනවා... මේ අයත් එහෙම නම්, මෙලෝ දේශපාලන විඥාණයක් නැති උදේ හවස ෆොටෝ කෑලි ෂෙයා කර කර ඉන්න පිරිසගේ ගැන නම් කවර කතාද...?

උබුජන් හෝ මාධ්‍යමික ජනතාව ලෙස හැඳින්විය හැකි මේ පිරිසට සිතීමට හැකියාව ඇත්තේ, මා කලිනුත් කියා ඇති පරිදි, දේශපාලන තීරණ ගන්නේ රටේ වර්තමාන දේශපාලන සන්දර්භය අනුවම විතරයි... අතීතයේ සිදු වූ දේ ගැනත්, අනාගතයේ වෙන්න යන්නේ මොකක්ද ගැනත් ඔවුන්ට කිසි වග විභාගයක් නෑ... මේ නිසා ඔවුන්ට වැදගත් වන්නේ එදිනෙදා දකින නාමල් කාර් රේස් පදින එක වගේ සිල්ලර සංසිද්ධි විතරයි...

කෙසේ හෝ මේ පිරිස යහපාලන ආණ්ඩුවට විරුද්ධවද කතා කරන අතර ඊට කිහිප ගුණයක් වැඩි වේගයෙන් මහින්ද කඳවුරට පහර දෙනවා...

මේ සඳහා ඔවුන්ට සුදුසු ආරක්ෂාකාරී ස්ථානය නම් ජවිපෙයි... මොකද ඒකෙන් මහින්දලාට ගහන එක දිගටම කරන්න පුළුවන් වෙනවා වගේම ආණ්ඩුව රකින්න වුවමනා වෙන්නෙත් නෑ... ඇරත් ජවිපෙත් කරන්නේ ඒ වැඩේමයි... නමුත් මේ ගොඩක් දෙනා ට තියෙන්නේ කොළපාට පාක්ෂික විඥාණයක් සහ ඔවුන් ඡන්දයකදී ඡන්දෙ දෙන්නේ යූඇන්පියට කියලත් මම දන්නවා...

මේකට කියන්න පුළුවන් මහින්දලාට ගහන ගමන් අනුර කුමාරගේ පුකේ රිංගා සැඟවීම කියලයි...

Nalin SubasingheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47934390843547736292017-01-12T09:14:52.048-08:002017-01-12T09:14:52.048-08:00As far as I can remember Deepadhuththarammaya of K...As far as I can remember Deepadhuththarammaya of Kotahena has connection with Thai royal family, Please check.Anonymousnoreply@blogger.com