tag:blogger.com,1999:blog-484556773425716532.post87153064741748240..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: වර්ජන, පොරොන්දු සහ රැවටීම්Unknownnoreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-484556773425716532.post-27161583682488875152017-06-27T03:45:15.972-07:002017-06-27T03:45:15.972-07:00:-D:-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-29812465786001859792017-06-26T22:18:44.235-07:002017-06-26T22:18:44.235-07:00ane sarasa bin gojjo ube maharaja neda daitam pata...ane sarasa bin gojjo ube maharaja neda daitam patanganna serama support karala ara saheli kellata sissathwa hitan dunne a kale ubala netta puke gahan neda hitiyeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-2329812550222676442017-06-26T22:03:18.618-07:002017-06-26T22:03:18.618-07:00I went through the said article dear Ano sir. I ha...I went through the said article dear Ano sir. I have not heard of any of those allegations.

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40270326335340540792017-06-26T21:31:22.447-07:002017-06-26T21:31:22.447-07:00I am not sure about Tamilnadu but i think Kerala h...I am not sure about Tamilnadu but i think Kerala has a much developed system, As you might know Kerala as top class ayurveda Spas even Sri Lanka cannot attract such tourist for medical treatment to Sri Lanka !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-18470607105376070402017-06-26T20:14:43.772-07:002017-06-26T20:14:43.772-07:00සරස තුමනි, මාතලන් කියනවා විශ්ව විද්‍යාල සිසුන් මේ...සරස තුමනි, මාතලන් කියනවා විශ්ව විද්‍යාල සිසුන් මේ හදන්නෙ 88-89 යුගයක් නැවත ගෙන එන්නලු. ඔබතුමා හිතන විදියට එවැනි යුගයක් ගෙනඑන්නෙ සාධාරණය ඉල්ලන සිසුන්ද මර්ධනය කරන ආන්ඩුවද??? මාතලන් තුමා කියන විදියට එවැනි යුගයක් වලක්වා ගත හැක්කෙ සිසුන් නිහඬ වීමෙන්ද? මාතලන්ම කිව්වා ඒ කාලෙ හිටි කෙනෙක්ගෙන් අහන්ට කියලා ��...
මීට
සයිටම් විරෝධි හා යහපාලනයට ඡන්දය දීමෙන් අගතියට පත් ශිෂ්‍යයෙක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8828991419258230782017-06-26T12:34:09.287-07:002017-06-26T12:34:09.287-07:00Dear SaRasa, what are your thoughts on the claims ...Dear SaRasa, what are your thoughts on the claims made by Ruwan Jayatunga on his blog about Kanishka Karunaratne http://transyl2014.blogspot.ca/2017/06/blog-post_26.html? Would like to know about this from you.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77083442146418154742017-06-26T07:50:04.472-07:002017-06-26T07:50:04.472-07:00//ඩෙන්ගු රෝගය අධි වසන්ගත තත්වයක් පවතින තත්වයක වෛද්...//ඩෙන්ගු රෝගය අධි වසන්ගත තත්වයක් පවතින තත්වයක වෛද්‍යවරු වර්ජනය කරද්දී ඩෙන්ගු රෝගීන් ව අමාරුවේ නොදමා ඔවුන් ව රැකබලා ගැනීමට තරම් වගකීමකින් ක්‍රියා කලහ//

රෙද්ද තමාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-58131216967771311012017-06-26T06:59:59.704-07:002017-06-26T06:59:59.704-07:00ගිරාමසේවක බේගල් මුත්තා වෙලා..............ගිරාමසේවක බේගල් මුත්තා වෙලා..............DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-11551223787822422012017-06-26T06:53:22.670-07:002017-06-26T06:53:22.670-07:00Disclaimer : Mama mahindata ekenma paksha wunu, b...Disclaimer : Mama mahindata ekenma paksha wunu, boru wapura rate janathawa mula kota mema anduwa balayata pamini wita e nisa behewin kanassallata path wunu, e gana aththa kiyamin Sarasa wisin borukarayanta wiruddhawa me blogaya liyana wita boho uddamayata path wunu, kawuruth pawichchi karana wachanaya kiyanawanam wishala bayi manasikathwayen yuktha ayekmi. Namuth Dan mama mese gaurawa kala Mahinda mema SAITM prashnaya pilibandawa katayuthu kala akaraya dakimen pasu mata sampoornayenma mohu kerehi thaba thibunu gawrawaya nathi wee giyeya. Mohu thawath ek nirlajji reddak noandi jada deshapaluwek bawa mata manawa pahadili wee atha. Mohuge mema kriya nisa mohuge palana kalaya thula anith aya athara aprasadyata path wana witath mama mohuta support kara atha. Namuth athishaya sadachara wirodhi lesa kuhaka aramunu mul karagena doctors la kiyana gobilo minisun mula karamin genayana me theasthawadayata Bella thabimen mohuge nayakathwa Lakshana mata hondin pahadili wee thibe. Me awasthawe rate janathawa maragena marena udghashanayakata paminiya yuththe rate deshapalakayin arthikaya prana apayata gena thamange waraprasada sandaha kolla kamata wiruddhawa misak wena kisima hethauwakata nowe. Thama wruththiya kuhakathwaya penwana Sarasage ihatha liyawillatath mage aprasadya!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77299317882482188692017-06-26T06:29:52.337-07:002017-06-26T06:29:52.337-07:00//ඔබ තුමා උගත් කියන විශේශන පදේ යෙදුවේ අපේ ජනාදිපති...//ඔබ තුමා උගත් කියන විශේශන පදේ යෙදුවේ අපේ ජනාදිපති තුමා සාකච්චා වලට එන එක නවත්වන්න නේ?//

වැදගත් කියන විශේශන පදේ යෙදුවේ ප්‍රා එකේ මිනී මරපු එවුන් , බටලන්දේ මිනී මරපු උන් එහෙම සාකච්චා වලින් අයි කරන්න.

එතකොට ගව පාලන ආන්ඩුවේ එකෙක් වත් දොස්තරල එක්ක සාකච්චා වලට ගන්ඩ බැරුව යනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52552835057047344402017-06-26T06:17:56.692-07:002017-06-26T06:17:56.692-07:00@Lankika SithuwiliJune 26, 2017 at 5:07 AM
I was ...@Lankika SithuwiliJune 26, 2017 at 5:07 AM

I was not talking about "medical systems". I was talking about how the statistics are skewed due to use of Alternate medical systems by the people in TN and Kerala.

To say it bluntly, it is stupid to use the statistics you used to compare health systems in SL and that of Tamilnadu & Kerala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1312854437761932902017-06-26T06:08:39.879-07:002017-06-26T06:08:39.879-07:00මේක බොරුවෙන් හදපු ආණ්ඩුවක් නේ, ඉතින් ගෙනියන්න වෙන්...මේක බොරුවෙන් හදපු ආණ්ඩුවක් නේ, ඉතින් ගෙනියන්න වෙන්නෙත් බොරුවෙන්ම තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83443759962028188672017-06-26T05:07:24.820-07:002017-06-26T05:07:24.820-07:00AnonymousJune 26, 2017 at 4:55 AM,
Please do read...AnonymousJune 26, 2017 at 4:55 AM,

Please do read the comment "Lankika SithuwiliJune 26, 2017 at 2:24 AM" here i did explain it in detail, about the so called medical systems. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50097399047120649622017-06-26T04:55:06.042-07:002017-06-26T04:55:06.042-07:00@Lankika SithuwiliJune 25, 2017 at 10:45 PM
You h...@Lankika SithuwiliJune 25, 2017 at 10:45 PM

You have selected least developed regions of India where the people don't seek medical assistance from accredited medical professionals, be it western or alternative, due to lack of access to the same. Its hard to imagine those who cant build enough toilets would have enough doctors to care their people.
Hence the most of the people turn to "local weda mahaththaya" sort of people for treatment and when died their deaths are reported as "cause unknown".
Whereas the situation in SL is rather different and its not wise to compare the two as in SL all deaths are well reported.

It's also not prudent to assess the health service of two countries based on the deaths of one particular decease . If you go to WHO web site you can find the indices used for such comparisons by professionals. With those yard sticks, the health services of Tamilnadu and Kerala are way behind that of SL. Even the most developed states in India lags behind us.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-48425892504745474112017-06-26T03:49:47.025-07:002017-06-26T03:49:47.025-07:00@කල්‍යාණ මිත්‍රJune 25, 2017 at 10:17 PM
//උගත් ව...@කල්‍යාණ මිත්‍රJune 25, 2017 at 10:17 PM

//උගත් වැදගත් මිනිස්සු කතා බහ කරලා විසඳුමක් හොයන්න ඕනි අත පුච්චා ගන්නේ නැතුව.//

උගත් වැදගත් මිනිස්සු, අට පාස් නූගත් ගිරාමයෙක් එක්ක කතා බහ කොරන්ඩ ගිහින්නේ මේ අත පුච්ච ගෙන තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-413408748492409442017-06-26T02:24:59.460-07:002017-06-26T02:24:59.460-07:00AnonymousJune 26, 2017 at 12:33 AM,
//බටහිර වෛද්...AnonymousJune 26, 2017 at 12:33 AM,

//බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් ප්‍රචලිතව පැවතුණත් සමහර රෝගවලට ඒකෙන් විසඳුම් නැහැ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම ගැන හොයනවා. කොරියාවේ තවමත් 85%ක් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. ඉංගී්රසීන්ට තමිල්නාඩුව යටත් කර ගැනීමට නොහැකි වුණු නිසා කේරළයේ 80%ක් පමණ තවමත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. එම ප්‍රදේශවල ජනතාව නිරෝගිමත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කරනවා.//

මේගැන මගේ අඩවියේ බොහෝ ලිපි ලියල තියනවා. බටහිර වෙදකම ශ්‍රී ලංකාවතුල ගත්තම ඇති විශාලම අඩුවක් තියනවා ඒ කියන්නේ නිසි සන්ක්යා ලේකන නොමැතිවීමයි.

මිට හොදම උදාහරණය අපි ඇමරිකාව ගත්තම http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

දොස්තර වරුන් ගේ වැරැදී තමයි රටේ මියයන පිරිසෙන් 1/3 මියයන්න හේතු වෙන්නේ ඒ කියන්නේ 250,000 වසරකට ඇමරිකාවේ මියයන්නේ දොස්තර වරුන්ගේ වරදින්, දැන් මේ තොරතුරු ඉදිරිපත් කරන අඩවිය ගොසිප් දමන අඩවියක් නෙමෙයි ලෝකයේ හොදම ආරෝග්‍ය ශාලාව කියන Johns Hopkins University අයත් අඩවියකි ඔය ලිපිය තියෙන්නේ මිට අමතරව ඇමරිකාවේ ප්‍රචලිත වෛද්‍ය අඩවි ගණනාවක කරුණු සහිතව පෙන්වාදිලා තියනවා, මිට හේතුව වයස 55 ට අඩු සියලුම පුරවැසියන්ගේ මරණ , මරණපරීක්ෂණයකින් පසුවයි පවුලේ අයට බාර දෙන්නේ දැන් ශ්‍රී ලංකාවේ බැලුවොත් මෙය සිදුවෙන්නේ කොහොමද ? ලෙඩා රෝහලට බාරදීලා දින 2කක් තුල මරණයක් උනානම් මරනපරික්ෂණයක් උවමනා නෑ, මෙනිසා ශ්‍රී ලංකාව තුල කිසිම වෛද්‍යවරයෙක් වැරදි කරුවෙකු වෙන්නේ නෑ.

ඇත්ත වශයෙන් බැලුවොත් ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයන්ගේ වරදින් මියයන පිරිස ලක්ෂගනනක් වෙන්නේ පුළුවන් මොකද ඔබ නගරය බැලුවොත් සියලු දෙනාටම කුමක් හෝ ලෙඩකට බෙහෙත් ගනිමින් සිටිනවා.

දැන් දේශීය වෙදකම ගැන කිව්වම ඔබ කියනවිදියට ආයුර්වේදය සහ සිංහල වෙදකම එකක් ලෙස සිතන මිනිසුන් සිටිනවා නමුත් සුවකරගැනීමට අපහසු බොහෝ රෝගවලට බෙහෙත් තියෙන්නේ සිංහල වෙදකමේ,
උදාහරණයකට මගේ මිතුරකු සිටිය මට වයස 10 පමණ කාලයේ, ඔහුට ඔහුගේ දණහිසේ bone marrow හිග වීමෙන් කකුල ආබදයට පැමිණිය එම කාලයේ බටහිර ඇලොපති ක්‍රමයට බෙහෙත් තිබුනේ නෑ (දැන්නම් තියනවා bone marrow transplant වගේ $ 100,000 පමණ විශාල වියදමක් යනවා ) මෙකාලයේ සිංහල වේදමහතකු ඔහුට බෙහෙත් කළා (මේ සිංහල වෙදකමට තමයි කියන්නේ වට්ටෝරු වෙදකම කියල කියන්නේ ) මේ විශිෂ්ට වෙදකම නැතිවීමට මම හිතන්නේ බලපාපු එක දෙයක් තමයි අපේ කුහක කම, මොකද ගුරුවරු වටිනාම කොටස ගෝලයට දුන්නේ නෑ ගුරු මුහ්ස්ටි ලෙස තියාගත්තා. මිට අමතර අනෙක් කාරණය තමයි මේවා කල බොහෝ වෙදවරු විකුණුවේ නෑ මෙනිසා මොවුන් දිළින්දන් උනා, මෙනිසා ඔවුන්ගේ දරුවන් මේ වෙදකම් කිරීමට කැමැති උනේ නෑ.

//ඔෟෂධ නිෂ්පාදනයට අබිං නැහැ. //

සිංහල බෙහෙත් වල අබින් විතරක් නෙමෙයි "බින් කොහොබත් " තවම තහනම් මෙය ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදීන් පනවන්නේ ශ්‍රී ලංකාවේ සිංහල වෙදකම විනාශ කිරීමට, බින් කොහොබ අදත් තහනම් නමුත් මෙය මද්ද්ර්ව්යක් නෙමෙයි සුද්ද දාපු නිතිය නිදහස් ලැබිලත් ඉවත්කරගෙන නෑ

අබින් ගංජා වගේ දේවල් සිංහල වෙදකමේ වටිනා බෙහෙත් හැදීමට ගන්නවා මෙහි වටිනාකම දැන් දැන් තමයි බටහිර ලෝකය තේරුම් ගනිමින් සිටින්නේ, ලගදි දොස්තර රුවන් මේගැන ලිපියක් ලිව්වා, මේ බෙහෙත් බටහිර විශාල වියදමක් යන හානිදායි ඔසුවලට වඩා හානියෙන් අවම සහ ඉතා ඉහල සුවයක් දෙනබව සොයාගනිමින් ඉන්නවා. නමුත් මගේ අදහස මේවා වෙළදපොලට පැමිණීමට ඔවුද්ෂද සමාගම් දැඩිලෙස බාදා කරයි.

මගේ මිතුරකු මගින් ශ්‍රී ලංකාවේ තිබුන වටිනා වේදපොතක පිටපතක් ලබාගැනීමට හැකිඋනා මෙය තිබුනේ බ්‍රිතන්‍ය කවුතුකාගාරයේ, ඔවුන් මේවා මනාව සංරක්ෂණය කරනවා පසුව මේ පොත මම දන්නා සිංහල වෙදමහතුන් කීපදෙනෙකුට ලබාදුන්නම ඒ අතර සිටින ඉතා උගත් මහත්මයෙක් කිව්වේ ඔහුගේ මිතුරෙකු විසින් මේ සිංහල පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන බවත් ඊට ඉහල ලෙස ගෙවන බවත් කිව්වා.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වල සිටින්නේ දක්ෂ මිනිසුන් නෙමෙයි මෙහි යම් බැබලීමක් තියෙන්නේ පාරම්පරික වෙදමහතුන් තම වුර්තියේ නියැලීමට ආයුර්වේදයේ ලියාපදිංචි වී ඇති නිසයි. මෙනිසා නිස්සන් සිටියදී පුස්සන් රජකම් කරන ලෝකයක් තමයි තියෙන්නේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71521934630510105682017-06-26T02:10:20.624-07:002017-06-26T02:10:20.624-07:00@ දන්ගොත්ස්
//ඊලඟ නෙලුම් යායෙත් ප්‍රදාන අමුත්තා ව...@ දන්ගොත්ස්

//ඊලඟ නෙලුම් යායෙත් ප්‍රදාන අමුත්තා වන PRRAජිත දතා ලවා කනට ගස්සවනු ලැඹේ!//

එව්වට ආවොත්, නෙළුම් යායේ ප්‍රදාන සන්විධායක තැන්පත් අජිත් දරුමකීර්ති සහ විනිස්චය මණ්ඩල සාමාජික කල්යාන මිත්තරයා ලවා දන්ගොතාගේ පශ්චාත් බාගයට පයින් ගසා පන්නනු ලබේ හිටං..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17796579344294826392017-06-26T02:07:18.581-07:002017-06-26T02:07:18.581-07:00@ AnonymousJune 25, 2017 at 9:55 PM
+++++++++++++...@ AnonymousJune 25, 2017 at 9:55 PM

අපි මේ දන්ගොතාව යවමුද මනෝ කිචිස්සක කෙනෙක් ගාවට.. මූට දැන්නම් හොඳටෝම පිස්සු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1713076289725712982017-06-26T01:51:01.764-07:002017-06-26T01:51:01.764-07:00මේ සියල්ල තුළ ඥානසාර හිමි වෙනත් පුද්ගලයන් විසින් ම...මේ සියල්ල තුළ ඥානසාර හිමි වෙනත් පුද්ගලයන් විසින් මෙහෙයවන පුද්ගලයෙක් පමණි. පසුගිය බදාදා ඥානසාර හිමිට හිරුණිකා පරදවමින් ඇප ලැබෙන විට ඒ වෙනුවෙන් පෙනී සිටි උලපනේ සුමංගල හිමි යහපාලන කඳවුරේ ප්‍රබලයෙකි. ඥානසාර හිමි කලින් හැඩිගල්ලේ විමසාර හිමි විසින් මෙහෙයවූ ආකාරය අපි කලින් විස්තර කෙරුවෙමු. 2012 දී ඥානසාර හිමි නෝර්වේ රටේ සිට පැමිණි පසු හලාල් විරෝධී ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ආචාර්ය කුමාර් රූපසිංහ සමඟ එක්වී බලය බෙදීමට හා සංහිඳියාව වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවත් ඒ වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මහා සංඝ සම්මේලනයක් සංවිධානය කිරීමටත් ඥානසාර හිමි එකඟ වී තිබුණු බවත් සේනාරත්න මහතා මා සමඟ කියා තිබිණි. ඒ විස්තර සියල්ල “ද අයිලන්ඩ්” පුවත් පතේද පළවිය.

ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස් පුරාවස්තු විනාශය ගැන පමණක් කතා නොකර “අල්ලගේ ලබ්බ” ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ “ලබ්බේ” කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස් හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්තේ මේ වෙලාවේ සිංහලයන් විචාර බුද්ධිය පාවිච්චි නොකළ හොත් මුළු රටත් ජාතියත් විනාශ වන බවය.

සී.ඒ.චන්ද්‍රප්‍රේම
– දිවයිනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26977946708690981832017-06-26T01:49:35.424-07:002017-06-26T01:49:35.424-07:002017 ජුනි 20 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්ම ඊට පෙ...2017 ජුනි 20 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්ම ඊට පෙරදා මාගල්කන්දේ සුදත්ත හිමි කියා සිටියේ ඥනසාර හිමි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි. ඥනසාර හිමිට රාජයෝගයක් තිබෙන බවද උන්වහන්සේ කීවේය. ඉතින් මේ එන්නෙ කුමට දැයි කාටත් පැහැදිලි විය යුතුය. 2015 ට කලින් මුස්ලිම් ක්‍රිස්තියානි ඡන්ද අනෙක් පැත්තට යවා මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කටයුතු කිරීමෙන් පසු, බොදුබල සේනාවේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ, සිංහල ඡන්ද කඩා ජාතිකවාදී නායකත්වයක් නැවත බලය ගැනීම වැලැක්වීමයි. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ඔවුන් වෙනම තරග කළේ ද විපක්ෂයේ අපේක්ෂකයන්ගෙන් ඡන්ද කැඩීමට මිස වෙන කුමට ද?

වෙන කිසිවෙක් සිංහලයන් ගැන කතා නොකරන අතර තමන් පමණක් සිංහලයන් ගැන කතා කරන බව බොදුබල සේනාව කියයි. මෙහිදී සියලුම සිංහලයන් තමන්ගෙන්ම අසාගත යුතු ප්රශ්නය වන්නේ බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය නිසා සිංහලයා ශක්තිමත් වී තිබෙනවාද නැතිනම් දුර්වල වී තිබෙනවාද යන්නයි. 2012 බොදුබල සේනාව බිහිවූ දා සිට අද දක්වා ඔවුන් කතා කළ එකම ප්‍රශ්නයක් ගැනවත් විසඳුමක් ලැබී තිබෙනවාද? නැති නම් ඒ ප්රශ්නය තිබුණාටත් වඩා උත්සන්න වී තිබෙනවාද? 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසින් පසු සිංහලයා අන්තිම බලු තත්ත්වයකට පත් විය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ කට පියාගෙන සිටි විග්නේෂ්වරන් හා සිවාජිලිංගම්, හමුදාව උතුරෙන් පන්නා දැමීම ගැනත් ජනාධිපතිවරයාට පවා එක්තරා දිනකදී උතුරට පැමිණීමට ඉඩ නොදීම ගැනත් කතා කළේය. මුස්ලිම් නායකයන්ටද රාජපක්ෂ ආණ්ඩුව යටතේ කිසිදාක නොතිබූ බලයක් මේ ආණ්ඩුව යටතේ ලැබී ඇත. මා කළින් පෙන්වා දුන් ආකාරයට, මුස්ලිම් කොංග්‍රසය 2005 සිට දිගටම රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ යුතුය යන ස්ථාවරයේ සිටියේ මේ නිසාය. අද ඔවුන්ගේ සියලු සිහින සැබෑවී ඇත. මේ තත්ත්වය ඇති කෙරුවේද බොදුබල සේනාවේ මැදිහත් වීම මත සිදුකරන ලද ආණ්ඩු වෙනස තුළින්ය.

බොදුබල සේනාව මුලින්ම මතු කළේ හලාල් සහතික ප්රශ්නය වුවත් අද අන් කවරදාටත් වඩා ශක්තිමත්ව හලාල් සහතිකකරණය සිදුවේ. ඔවුන් කූරගල ගැන කතා කළත් ආණ්ඩු පෙරළියෙන් පසු නැවතත් කූරගල තිබුණු තත්ත්වයටම ගොස් ඇත. මුස්ලිම් ව්‍යාපාර වර්ජනයක් ගැන බොදුබල සේනාව කතා කළත් මුස්ලිම් දේශපාලඥයන් බලවත් වීමත් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයන් ද හිටියටත් වැඩිය ශක්තිමත් වී ඇත. බොදුබල සේනාව මුස්ලිම් කඩවලට පහර දීම නිසා අද මේ රටේ මුස්ලිම් ප්‍රජාවට බටහිර රටවල පවා අනුකම්පාව ලැබි ඇත. බොදුබල සේනාව කුමක් කළත්, එය සිංහලයා බිම දැමීමටත්, සිංහලයාගේ හතුරන් ශක්තිමත් කිරීමටත් ඉවහල් වෙන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කරගත යුතුය. මා කළින් පෙන්වාදුන් පරිදි මේ රටේ මුස්ලිම් ප්‍රජාව අරාබිකරයේ සිටින අයට වඩා උපක්‍රමශීලී පිරිසකි. ඔවුන් කලබල වී තීන්දු ගන්නේ නැත. ඔවුන්ගේ කල්ලිවාදයට හා අන්තවාදයට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතා සංසුන්ව හා බුද්ධිමත්වය. සිංහල නායකයන් කතා නොකරන දේවල් ගැන බොදුබල සේනාව කතා කරනවා යෑයි කියමින් ඔවුන් සත්‍ය වශයෙන්ම කර ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් හිටියාටත් වඩා ශක්තිමත් කිරීමයි.

ලංකාව දෙකඩ කිරීමට මාන බලන දෙමළ කොටි ඩයස්පෝරාව පමණක් නොව, එම වැඩපිළිවෙළට උල්පන්දම් දෙමින් ලංකාවට හතුරුකම් කරන මුළු බටහිර ලෝකයමත්, ලංකාව යටත් විජිතයක් බවට හරවා ගැනීමට මාන බලමින් සිටින ඉන්දියාවත්, රාජපක්ෂ ආණ්ඩුව පරාජය කර තමන්ගේ අභිමාතාර්ථ ඉටුකර ගැනීමට මාන බලමින් සිටි අවස්ථාවක, එම ආණ්ඩුව අස්ථාවර කර, හතුරන්ට රට පාවාදීමට කටයුතු කිරීමෙන්, චම්පික රණවක, අතුරලියේ රතන හිමි, ඥනසාර හිමි යන පිරිස්, තමන් මොන ජාතියේ පුද්ගලයන් දැයි මුළු ලෝකයටම පෙන්වා ඇත. 2017 ජුනි 20 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාගල්කන්දේ සුදත්ත හිමි ආණ්ඩුවට කියා සිටියේ චම්පික රණවකට, අතුරලියේ හිමිත්, ඥනසාර හිමිත් පසුගිය වකවානුවේ කී දේවල් කරන්නේ නම්, ඔවුන් (එනම් බොදුබල සේනාව) දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බවයි. මේ සියලු දෙනාම, කරන්නේ එක දේශපාලන ව්‍යාපාරයක් බව ඉන් පැහැදිලිවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77210164494062304422017-06-26T01:48:36.940-07:002017-06-26T01:48:36.940-07:00මේ අවස්ථාවේදී නැවත වතාවක් බොදුබල සේනාව ක්‍රියාකා...මේ අවස්ථාවේදී නැවත වතාවක් බොදුබල සේනාව ක්‍රියාකාරී වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් කොටසක් හෝ ජාතික හෙළ උරුමය වෙත කඩාගැනීමේ උවමනාව නිසා බව පැහැදිලිය. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී චම්පික රණවක නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නම් එජාප ඡන්ද පදනමට වෙනස්වූ වෙනත් ඡන්ද ඡන්ද පදනමක් ඔහුට තිබිය යුතුය.

බොදුබල සේනාව යළිත් මහ පාරට බස්සා මුස්ලිම් පල්ලි හා කඩවලට පහරදී මුස්ලිම් අන්තවාදීන් උතුරු නැඟෙනහිර පළාත් වල කරන පුරාවස්තු භූමි අල්ලා ගැනීම් හා වෙනත් දේවල් ගැන කතා කිරීම තුළින් රටේ යම් පිරිසක් තමන් වෙත දිනාගත හැකි බව ඔවුන් විශ්වාස කරයි. වත්මන් ආණ්ඩුව යටතේ දෙමළ, මුස්ලිම් නායකයන් බෙහෙවින්ම බලවත් වී ඇති අතර ඔවුන් බලවත් වීමට ප්‍රධානම හේතුව රාජපක්ෂ ආණ්ඩුව පරදා සිංහල බහුතරයේ කැමැත්ත නොමැතිව දෙමළ හා මුස්ලිම් බහුතරයකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ නිසාය. අපි කළින් පෙන්වාදුන් පරිදි සිරිසේනට බලයට පැමිණීමට හැකි ආකාරයට බොදුබල සේනාව යොදවා මුස්ලිම් හා ක්‍රිස්තියානි ඡන්ද සියල්ල සිරිසේනට පෙළගස්වා දුන්නේද ජාතික හෙළ උරුමය සංවිධානයයි. දැන් ඔවුන් විසින්ම ඇති කරන ලද එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගෙන සිංහල ඡන්ද කඩාගැනීමට උත්සාහයක් කිරීමෙන්, මේ සිටින්නේ අපි ලාංකීය දේශපාලනයේ මීට කළින් දැක නැති තාලයේ, ඉතා ශූර, සටකපට කුමන්ත්රණකරුවන් බව කාටත් පැහැදිලි වනු ඇත.

සිංහලයා වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක් කතා කරන්නේ නැති බවත්, මුස්ලිම්, දේශපාලඥයන්ගේ අනුහසින් උතුරු පළාතේ වන සංරක්ෂිත කපා මුස්ලිම් මිනිසුන් පදිංචි කරන බවත්, නැඟෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලඥයන්ගේ අනුග්‍රහය යටතේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත භූමි නීති විරෝධී ලෙස අත්පත් කරගනිමින් සිටින බවත්, එම පළාත්වල රජයේ නිලධාරීන්ටත් බියට ඒ ගැන පියවරක් ගන්නේ නැති බවත්, මුස්ලිම් දේශපාලඥයකුගේ දූෂණ හෝ වංචාවන් සෙවීමට පොලීසිය බිය බවත් කියන විට එය අසා සිටින ඕනෑම කෙනකුට මෙය සත්‍යයක් නොවේ දැයි සිතෙනු නොඅනුමානය. සී.වී. විග්නේශ්වරන් හා එම්.කේ සිවාජිලිංගම් උතුරේ අන්තවාදී ප්‍රකාශ කරන විට නිහඬව සිටින ආණ්ඩුව, ඥනසාර හිමි මුස්ලිම් අන්තවාදය හා “අල්ලගේ ලබ්බ” ගැන කතා කරන විට අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීම සිංහලයාට වෙනස්කම් කිරීමක් නොවේ දැයි සිතෙනු ඇත. නමුත් දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයන් එතරම් බලවත් වෙන තැනට වැඩ සැලැස්සුවේද බොදුබල සේනාව හා ජාතික හෙළ උරුමය එක්ව කරන ලද ක්‍රියාදාමයෙන්ම බව වටහා ගැනීමට විචාර බුද්ධිය හැම දෙනාටම නැත.

මුස්ලිම් විරෝධය මතුකර සිංහල ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ මේ ව්‍යාපෘතියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය තිබෙන බවද පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යැමටත්, දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටත් සිරිසේන මහතාට බලාපොරොත්තුවක් තිබෙන බව පැහැදිලිය. දෙමළ හා මුස්ලිම් නායකයන් ඔහුගේ පාලනය යටතේ බලවත්ව සිටින නිසා ඔහුට නැවතත් දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබාගැනීම එතරම් අසීරු නොවුණත්, සිංහල ඡන්ද මහා පරිමාණයෙන් විපක්ෂ අපේක්ෂකයා වෙත ලැබුණොත් ඔහුට දිනීමට අසීරු වේ. මේ නිසා සිංහල ඡන්ද වලින් කොටසක් ඒකාබද්ධ විපක්ෂය නොවන වෙනත් කණ්ඩායමක් වෙත යන්නේ නම් එය ඔහුට වාසිදායකය. ජනාධිපතිවරයා නොදැනුවත්ව ඇමතිවරයකුට ඥනසාර හිමි සඟවාගෙන සිටිය නොහැකිය. එමෙන්ම ජනාධිපතිවරයාගේ Rජු මැදිහත්වීමක් නොමැතිව, ඥාණසාර හිමිට එක දවසක් තුළ නඩු තුනකින් ඇප ලැබිය නොහැකිය. ඉතින් මෙතනදී අපට දැකිය හැක්කේ තනිකරම දේශපාලන වුවමනාවක් මත සිදු කරන සෙල්ලමකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15378997375937492672017-06-26T01:47:43.019-07:002017-06-26T01:47:43.019-07:00ජාතික හෙළ උරුමය විසින් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමී...ජාතික හෙළ උරුමය විසින් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ඉදිරිපත් වුණේ හුදෙක්ම චම්පිකගේ ඇමැතිකම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළිගැනීමට හෝ ඔවුන් අතර තිබූ වෙනත් කෝන්තර පිරිමසා ගැනීමට පමණක් නොවන බව මගේ අදහසයි. ඔවුන්ගේ අදහස වුණේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කර රාජපක්ෂවරුන් හිරේ දමා දේශපාලනයෙන්ද අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය ජාතික හෙළ උරුමය සතුකර ගැනීමටයි. යුද්ධය ජය ගැනීම, විදෙස් බලවේගවලට යටත් නොවීම, ජාතික සම්පත් පිටරටට නොවිකිණීම වැනි දේවල් වලින් රාජපක්ෂලා දිනාගෙන සිටි ජාතිමාමක ප්‍රතිරූපය ඔවුන් දූෂිත ආකාරයට මුදල් උපයන බවට ප්‍රචාරයක් ගෙන යැමෙන් බිඳ දැමීම චම්පිකගේ උපාය විය.

එය සෑහෙන දුරට සාර්ථක වූ බවද කිව යුතුය. ආණ්ඩු පෙරළියෙන් පසු රාජපක්ෂලා හිරේ විලංගු දැමිය යුතු බවට වැඩියෙන්ම හඬ නැඟුවේ ද චම්පිකමය. රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීම ඔහුගේ ඊළඟ පිම්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් විය. නමුත් ආණ්ඩු පෙරළියෙන් පසු අපේක්ෂා කළ ආකාරයට සියල්ල සිදු නොවීය. රාජපක්ෂලාගේ ඊනියා දූෂණ හෙළි නොවීය. ඔවුන් අපේක්ෂිත ආකාරයට හිරගත කිරීමට නොහැකි විය. ජනතාව ඔවුන්ගෙන් ඈත් නොවී, සිටියටත් වඩා සමීප විය. දේවදත්ත බුදුන් ඝාතනය කර බුදු වීමට උත්සාහ දැරුවා සේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය තමන් සතු කරගැනීම නමැති ජාතික හෙළ උරුමයේ සිහිනය එයින් බොඳවී ගියේය. චම්පික රණවක යමපාලනයට ගියේ සදාකාලිකවම ඒ පැත්තේ සිටීමට නොවන බව මගේ අදහසයි. රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකිවී තිබුණේ නම් චම්පික රණවක මේ වන විට යමපාලන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට පැමිණ බොහෝ කලක් බව මගේ මතයයි.

මේ සැලසුම් ක්‍රියාත්මක නොවීමෙන් ජාතික හෙළ උරුමයට දැවැන්ත පාඩුවක් සිදුවී ඇත. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය යටතේ තරග කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි සිදුවිය. ඔවුන් අද සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. ඔවුන්ට ඡන්දයෙන් පත්වූ නියෝජිතයෙක් සිටින්නේ චම්පික පමණි. ඔහුට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප සාමාජිකයන් ඡන්දය දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමේදී ඔහු කළ කාර්යභාරය නිසාය. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහි වී එජාප නායකයාට විධායක අගමැති වීමට ඉඩ නොතැබුවේද චම්පිකය. මේ නිසා ලබන සැරේ එජාප සාමාජිකයන් ඔහුට මනාප ඡන්දයක් ප්‍රකාශ කරාවිද යන්න සැක සහිතය. ඔහු එජාපයේ ඓන්ද්‍රීය කොටසක්ද නොවේ. මැතිවරණ ක්‍රමය වෙනස් වී කොට්ඨාස ක්‍රමය යළිත් හඳුන්වා දෙනු ලැබුවහොත් චම්පික කොහොමටවත් ඊළඟ සැරේ පරාජය වනු ඇත. මේ කාරණා නිසා ජාතික හෙළ උරුමය නැවතත් සිටින්නේ අනාගතය සඳහා සැලසුම් හදමින්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-2847807373740535152017-06-26T01:46:48.252-07:002017-06-26T01:46:48.252-07:00ප්‍රතිවාදියෙක් විනාශ කිරීමට ඇති පහසුම ක්‍රමය වන්න...ප්‍රතිවාදියෙක් විනාශ කිරීමට ඇති පහසුම ක්‍රමය වන්නේ පිටතින් සිට පහර දීමෙන් නොව ඇතුළතින් විනාශ කිරීමය යන කියමනට මෙයින් නව අරුතක් ලැබේ. මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික ස්ථානවලට පහරදී එම ජන කොටස්වල ඡන්ද සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට යෑවීමෙන් පසු, ජාතික හෙළ උරුමයද රාජපක්ෂවරුන් අතහැර අනෙක් පැත්තට ගියේය. නමුත් බොදුබල සේනාව දිගටම රාජපක්ෂවරුන් සමඟ සිටින බවක් පෙන්වීය. චම්පික ගිය පසු, -චම්පික අයියේ, අපිව දාල ගියේ ඇයි? කියාද මාධ්‍ය හමුවකදී ඥනසාර හිමි අසා සිටියේය.

ආණ්ඩු පෙරළියෙන් පසු බොදුබල සේනාව මෙහෙයවමින් සිටි හැඩිගල්ලේ විමලසාර හිමිද බොදුබල සේනාවෙන් ඉවත් වී නැවතත් ජාතික හෙළ උරුමයට එක්විය. උන්වහන්සේ දැන් ජාතික හෙළ උරුමයේ සභාපති ධුරය දරයි. ආණ්ඩු පෙරළිය වෙනුවෙන් කළ කාර්යභාරය වෙනුවෙන් ඥනසාර හිමිට සම්මානයක් දිය යුතු බව රාජිත සේනාරත්ත මහතා මා සමඟ පවසා ඇත.

බොදුබල සේනාව විසින් 2017 ජුනි 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඥානසාර හිමි කලින් ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයකු වූ බවත් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට යොමු කළේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමි බවත් ඥානසාර හිමි අද සිටින තත්ත්වයට පත්වූයේ චම්පිකගේ කොන්ත්‍රාත් ඉටුකිරීම නිසා බවත් එම සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පිළිගත්තේය.

රාජපක්ෂ පාලන සමයේ මුස්ලිම් විරෝධී කලබල අතර ජාතික හෙළ උරුමයෙන් ඥානසාර හිමි මෙහෙයවීමට එවා තිබුණු හැඩිගල්ලේ විමලසාර හිමි ඒ කටයුත්ත කළ ආකාරය විස්තර කරමින් විතානගේ මහතා කීවේ ඔවුන් මහන්සි වී මාධ්‍ය සාකච්ඡාවල ඥානසාර හිමි කිවයුතු දේවල් ලියා දුන්නත් මේසයේ වාඩිවූ පසු විමලසාර හිමිද ඥානසාර හිමි ළඟින්ම වාඩිවී උන්වහන්සේගේ කනට කොඳුරමින් කියයුතු දේවල් කියා දුන් බවත් අවසානයේදී සිදුවූයේ ඔවුන්ගේ සටහන් පසෙක තිබියදී විමලසාර හිමියන්ට උවමනා දේවල් ඥානසාර හිමි කී බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39875668636665665092017-06-26T01:45:47.749-07:002017-06-26T01:45:47.749-07:002012 වෙනකනුත් කිසිවකුත් හඳුනන්නේ නැති මේ භික්ෂුවට...2012 වෙනකනුත් කිසිවකුත් හඳුනන්නේ නැති මේ භික්ෂුවට 2011 සිට ඇමරිකාවට රිසිසේ ඇතුළුවීමට හා පිටවීමට හැකි “මල්ටිපල් රීඑන්ටි්ර වීසා” එකක් තිබුණි. 1980 ගණන් වලදී එන්. සත්යේන්ද්රd වැනි දෙමළ බෙදුම්වාදීන්ටත් මෙවැනි වීසා ඇමරිකාව විසින් නිකුත් කොට තිබුණි. මේ රටේ භික්ෂු සමාජය තුළ බලපෑමක් ඇති කරන්නේ නැතුව තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොහැකි බව බටහිර බලවතුන්ට 2002 වන විට වැටහී තිබුණි. කලක් නෝර්වේ රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වූ කුමාර් රූපසිංහ මහතා, මා සමඟ කියා සිටියේ නෝර්වේ 2004 සුනාමිය ප්‍රයෝජනයට ගනිමින් පන්සල් ප්‍රතිසංස්කරණයට මුදල් දී මුලින්ම භික්ෂු ප්‍රජාව තුළ බලපෑමක් ඇතිකර ගැනීමට ඉදිරිපත් වූ බවයි. ඥනසාර හිමි නෝර්වේ සංචාරය සඳහා ගෙන ගියේ ද එම වැඩපිළිවෙලේම අංගයක් හැටියට බව පැහැදිලිය.

කිසිවකුටත් හෙළවීමට බැරි මහා යෝධ ප්‍රතිරූපයක් තිබුණු රාජපක්ෂ ආණ්ඩුව මුලින්ම අස්ථාවර කළේ බොදු බල සේනාවය. සාමාන්‍යයෙන් ඡන්ද පොළට නොයන මුස්ලිම්, ක්‍රිස්තියානි පිරිස් පවා ඡන්දය දැමීමට යවා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවීමට ඡන්දය ප්‍රකාශ කර වූයේ ඥනසාර හිමිය. මේ සිදු වූ ක්රියාදාමයේ සුල මුල කාටත් පැහැදිලි වූයේ 2015 ජනවාරි 08 ආන්ඩු පෙරළියෙන් පසුවය. 2015 මාර්තුවේදී පමණ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ අසෝක අබේගුණසේකර මහතා ඒ පෙරළිය සිදු කළ ආකාරය ගැන “යුග පෙරළිය” නම් කෘතියක් එළි දැක්වීය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට ජාතික හෙළ උරුමය බොදුබල සේනාව යොදවා ගත් ආකාරය එහි පැහැදිලි කර ඇත.

හැඩිගල්ලේ විමලසාර හිමි උපක්රමශීලීව ජාතික හෙළ උරුමයෙන් වෙන් කර බොදුබල සේනාවට අනුයුක්ත කරන ලදී. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ බවක් විමලසාර හිමි පෙන්නුවද එහි ඉහළම අභ්‍යන්තර සාකච්ඡාවලට උන්වහන්සේ දිගටම සහභාගි විය. විමලසාර හිමිගේ කාර්යභාරය වූයේ සමීපයෙන් සිට ඥනසාර හිමි මෙහෙයවීමයි. 2014 දී විවිධ දේශපාලන විකල්පයන් ගැන ජාතික හෙළ උරුමයේ අවධානය යොමු වී තිබෙන අවස්ථාවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී චම්පික රණවක ජනාධිපතිවරණයට සිංහල බෞද්ධ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ ප්රතිවාදියකුට ජය ගැනීමට මඟ සැළසීම ද සාකච්ඡා වී ඇත. එවැනි අවස්ථාවකදී බොදුබල සේනාවේ සහයෝගය ද චම්පිකට ඇති ප්‍රධානම වාසියක් බවද සාකච්ඡා වී ඇත. බොදුබල සේනාව රාජපක්ෂවරුන්ගේ නිර්මාණයක් යෑයි ඇතැම් අය සිතා සිටියද, එය ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරුන්ට විරුද්ධව නිර්මාණය කරන ලද ජාතික හෙළ උරුමයේ බළල් අතක් විය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16627517785075767112017-06-26T01:45:01.003-07:002017-06-26T01:45:01.003-07:00ඥනසාර හිමි කලක් ජාතික හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය ...ඥනසාර හිමි කලක් ජාතික හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරය දැරීය. උන්වහන්සේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වූයේය. 2005 දී ඥනසාර හිමි ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී එජාපයට සම්බන්ධ වූ බව කියනු ලැබේ. උන්වහන්සේ කලක් එජාප භික්ෂු සංවිධාන තුළ ද ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මව වූ නාලනී වික්‍රමසිංහ මැතිනිය රෝගාතුරව සිටින විට එතුමියට සෙත් පතා පිරිත් ස-Cධායනය කළ භික්ෂූන් අතර ඥනසාර හිමිද විය.

2012 හලාල් විරෝධී අරගලය ආරම්භ කරන විටත් ඥනසාර හිමිට තවමත් ඒ සම්බන්ධකම් තිබුණේය. බොදුබල සේනාවේ විධායක නිලධාරී යෑයි කියන ඩිලන්ත විතානගේද බොහෝ කලක සිට රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් හඳුනන අයෙකි. මේ නිසා මුල් අවස්ථාවේදී කවුරුත් මවිතයට පත්කරමින් රනිල් වික්‍රමසිංහ මහතාද හලාල් විරෝධී අරගලයට උඩගෙඩි දෙමින්, හලාල් සහතිකය නිකුත් කරන ඉස්ලාම් ආගමික සංවිධානයට එවැනි සහතික නිකුත් කිරීමට නිල බලයක් නැති බවත්, ප්‍රමිති පිළිබඳ සහතික නිකුත් කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයට පමණක් බව කියා සිටියේය.

විටින් විට ජාතික හෙළ උරුමයේ පුද්ගලයන් ලවා වෙනත් සංවිධාන පිහිටුවීමේ පුරුද්දක් චම්පිකට තිබුණි. 2014 දී අතුරලියේ රතන හිමි මේ ආකාරයට පිවිතුරු හෙටක් සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ඥානසාර හිමි ජාතික හෙළ උරුමයෙන් කැඩී එජාපයට යැම ද අපි තේරුම් ගත යුත්තේ ඒ ආකාරයටය. ජාතික හෙළ උරුමයේ ඡන්ද පදනම ශ්‍රීලනිපයෙන් කැඩී ආ කොටසක් නොව එජාපයෙන් කැඩී ආ කොටසක් බව චම්පික ඇතුළු එහි නායකයන් හැමදාමත් විශ්වාස කළ කාරණයකි. එම නිසා ජාතික හෙළ උරුමයේ හස්තයක් එජාපය තුළ ද ක්‍රියාත්මක වීම ඔවුන්ට හැම අතින්ම වාසිදායකය. මේ නිසා ඥනසාර හිමි එජාපයට ගියේද ජාතික හෙළ උරුමයේ කොන්ත්‍රාත්තුවකට බව මගේ විශ්වාසයයි.

ඒ කෙසේ වෙතත් ඥනසාර හිමි මුල් වරට ප්‍රසිද්ධියට පත්වන්නේ 2012 හලාල් විරෝධී ව්‍යාපාරයත් සමඟය. එහිදී ඥනසාර භික්ෂුව කාගේත් අවධානය දිනාගත්තේ දාමරික කතා විලාසයත් ප්රචණ්ඩ හැසිරීමත් නිසාය. හැම රූපවාහිනී නාලිකාවකම පෙන්වීමට පටන් ගත් මේ දාමරික භික්ෂුවගේ නමවත් එකල මාධ්‍යවේදීන් හරි හැටි දැනගෙන සිටියේ නැත. යුද සමයේදී බෙදුම්වාදයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමෙන් හා සංවිධාන කිරීමෙන් බොහෝ භික්ෂූන් ප්‍රසිද්ධියට පත්වූවද, ගලගොඩඅත්තේ ඥනසාර නැමති භික්ෂුවක් ගැන කවුරුත් දැන සිටියේ නැත. ඥනසාර හිමිට අද තිබෙන ප්‍රසිද්ධිය ලැබුණේ බණ දේශනා කිරීමෙන් වත්, බෞද්ධ විද්වතෙක් වීමෙන්වත්, ලේඛකයකු වීමෙන්වත් නොව තනිකරම දාමරිකකමෙන් හා ප්‍රචණ්ඩත්වයෙනි. ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බීමත්ව වාහනයක් පදවා අනතුරක් සිදුකොට උසාවියේ වරද පිළිගත් එකම උපසම්පදාව ලැබූ භික්ෂුව වීමෙන්වත් ඥාණසාර හිමි ප්‍රසිද්ධියට පත් වී නොතිබීම මෙහිදී විශේෂ කරුණක් වේ.Anonymousnoreply@blogger.com