Friday, April 19, 2019

සිංහල සහ කේමර් අලුත් අවුරුද්ද

khmer new year 2019 සඳහා පින්තුර ප්‍රතිඵල
සිංහල අලුත් අවුරුද්ද බොහෝවිට රාජ්ය මාද්ය වල දක්වන්නේ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද යනුවෙන්. එහෙන් දෙමල ජාතිකයන් බක් මස පැවැත්වෙන අවුරුද්දට වඩා තයිපොංගල් සහ දීපවාලී උත්සව වැඩි බරකින් සමරනවා. බොහේ දෙමල ජාතිකයන් ට බක් මස අලුත් අවුරුද්ද තවත් දවසක් පමනයි.

සිංහලයන් මෙන් ම සාමාන්යයෙන් බක් මස 13, 14 සහ 15 දිනවල අලුත් අවුරුද්ද මම ඉහලින් සමරන තවත් ජාතියක් කැම්බෝදියාවේ සිටිනවා... ඒ එහි ජනගහනයෙන් 97% පමන වූ කේමර් වරුන්.  නගරයේ පදිංචි කේමර්වරුන් හැමෝම නව වසර සමරන්න තම ගම් බිම් වලට ඇදෙනවා.

khmer new year going to village සඳහා පින්තුර ප්‍රතිඵල
කේමර් වරුන් ගේ අලුත් අවුරුද්දේ පලමු දිනය හැඳින් වෙන්නේ මහා සංක්‍රාත් (មហាសង្រ្កាន្តලෙසයි. එය සංස්කෘත බසින් බිඳී ආ මහා සංක්‍රාන්ති හෙවත් ග්‍රහ වස්තු ස්තානය වෙනස්වීම යන අරුත් හැඟවෙන වචනයක්.


නව වසරේ දෙවන දිනය විරක් වනබත් (វិរ:វ័នបតලෙස හා තෙවන දිනය වේරක් ලොන්ග් සක් (វារៈឡើងស័ក) ලෙස හඳුන්වන කේමර් වරුන් මේ දින තුනම තම තමන් ගේ ගම්බිම් වලට ගොස් නෑ හිතවතුන් සමග ගත කිරීමට. බෞද්ද ආගමික කටයුතු  වලට මුල් තැන දෙන ඔවුන් ඊට අමතරව නොයෙක් පරම්පරාගත ජන ක්‍රීඩා වල යෙදෙනවා.

ඔවුන් ගේ ජන ක්‍රීඩා බොහොමයක් අපේ අවුරුදු උත්සව වල දකින්නට ලැබෙන ක්‍රීඩා වලට බොහෝම සමානයි.  khmer new year games සඳහා පින්තුර ප්‍රතිඵලkhmer new year games සඳහා පින්තුර ප්‍රතිඵල
khmer new year games සඳහා පින්තුර ප්‍රතිඵල
khmer new year games සඳහා පින්තුර ප්‍රතිඵල
khmer new year games සඳහා පින්තුර ප්‍රතිඵල