Thursday, April 11, 2024

රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න ගොස් වරිගෙ නහ ගැනීම






පොදු පෙරමුණෙන් පාර්ලිමේන්තු ආ මැති ඇමති සැට් එකක් රනිල් ගේ දැත් ශක්තිමත් කරන්න පෙරමුණෙන් වෙන් වී යන බව කනින් කොනින් ආරංචි වේ. සමහරු එය පොදු පෙරමුණට පහත් වූ මහා ඛේදවාචයක් ලෙසත් අර්ථ දක්වති.


පොදු පෙරමුණ පසුගියදා ලහි ලහියේ විනය කමිටුවක් පත් කර ගත්තේ මෙලෙස කොකා පෙන්වා රනිල් ගාවට ගිය උන්දැළාට ගේම ඉල්ලීමට බව පැහැදිලිය. එම විනය කඩ කල උන්දැලාට නැවත පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබේදැයි සැක සහිතය. 


ඒ සමගම එලෙස රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න කරනම් ගැසූ අය ගේ සහායෙන් රනිල් ජනාධිපතිවරණය දින්නොත් සජිත් ලඟ සිටිනා බොහෝ ප්‍රාදේශීය නායකයෝ රනිල් සමග එක් වීම නොවැලැක්වියහැකි කාරණයකි. එලෙස නැවත රනිල් ලඟට ආ අයට පාර්ලිමේන්තු එන්න, පොදු පෙරමුණෙන් කඩා පාත් වී සහයට ඩැනී චරිත රඟපෑ  පොහොට්ටුවන් එක්සත් ජාතික පක්ශ නොමිනේශන් ලිස්ට් එකෙන් කැපී යෑම නොවැලැක්වියහැකි කාරණයකි!!


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් වීමට නම් පිලිගත් පක්ශයකින් නාමයෝජනා දීම අත්යාවශ්ය බව හැමෝම දනිති. ඒ නයින් බලන කල එසේ රනිල් ගේ දෑත ශක්තිමත් කරන්න හයි ජම්ප් එක දැමූ අයවලුන් ට අල්ලපු අත්තත්, පය ගැහූ අත්තත් නැති වී ජනාධිපති උපදේසක තනතුරු වලින් සෑහීමට පත් වනු ඇත. 

Saturday, March 23, 2024

මිඩ්සමර් නයිට් ඉලෙක්ශන්ස් (ප්‍රබන්ධ කතාවකි )

 


ලෙග් බ්‍රේකින්ග් නිවුස්!!!


පන්ගහ දිස්ත්‍රික්කෙ හෝට්ටු ගොංත්‍රී ලා සනිල් මාමිට ජනේලෙන් පුප දෙන එක එහෙ අලින් ට අගුන වෙලා...


චාකච්චා වලට අනුව ජනාධිපතිවරෙනෙ ඉස්සෙල්ලා තියලා හෝට්ටු සපෝට් එකත් එක්ක සනිල් මාමි දිනුවොත්, පුතානෝ මාමි පැරදෙනවනේ... එතකොට පුතානෝ පෙරමුනේ ගොංත්‍රීලා සහ අලි සාමාජිකයෝ පමනක් ලිස්ට් එකට දාලා හොර අලි සහ පුතානියන්ස් ලා පමනක් පාලිමේන්තු ගේන්න පොඩි රාජකීය කුමන්ත්‍රනයක් යනවා කියලා හීනයක් දැක්කා....


රාලිත පංගේ ගෙ සපෝට් එක අරගෙන විනය මන්ඩලයක් පත් කරලා නොමිනේශන් ගන්න එන ඈයොන්ගේ ඉතිහාසය සහ බූගෝලය හොයන්න සැට් කරන්නලු යන්නෙ... එතකොට හෝට්ටු ගොංත්‍රීලා නොමිනේශන් ගන්න ආවාම ගනිකා නිවාස සහ ගැම්බ්ලිං ඩෙන්ස් පවත්ගෙනයෑම කියලා එක්කෙනෙකුත්, කප්පම් ගැනීම සම්බන්දයෙන් තවත් අයෙකුත්වෙ, නත් චෝදනා යටතේ අනික් අයත් කපලා දැමීම කියලා ඒ හීනේ වැඩිදුරටත් සඳහන් වුනා



හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට පස්සේ බලාපොරොත්තු වන්න!!


කර්මය අපට මග වේවා!