Monday, September 16, 2024

ජර්මන් ආඥාදායකයා බලයට පත්වීම...




1919 සැප්තම්බර් මාසේ හිට්ලර් ජර්මන් කම්කරු පක්ශයට සම්බන්ද වුනා...

ඔහු ඉතාම ඉක්මනින් එම පක්ශයේ ඉහල නැග්ගා

පක්ශයේ යම් ස්තාවරයක් හදාගත්තට පස්සේ එහි නායක කම ඉල්ලා හිට්ලර් බලකලා... නායක කම නොලැබුනොත් පක්ශය හැර යනවා කියලා ඔහු යකා නැටුවා...

ඉන් පසු ඔහුට පක්ශ නායකත්වය ලැබුන

1920 දී හිට්ලර් ජර්මන් කම්කරු පක්ශය රී බෑන්ඩිං කලා... ජර්මන් ජාතික සමාජවාදී කම්කරු පක්ස්ය ලෙස - Nationalsozialistische Deutsche Arbeiterpartei – NSDAP (National Socialist German Workers' Party, commonly known as the Nazi Party) . පසුව නාසි පක්ශය ලෙස හැඳින්වූයේ එම අලුත් පක්ශයයි!

තමුං දක්ශිනාශිකයෙක් වුනත් හිට්ලර් පක්ශය සමාජවාදී කියලා නම් කලේ කොමියුනිස්ට්වාදීන් ව පක්ශයට ඈඳා ගන්නයි.

1923 නොවැම්බර් මාසෙ හිට්ලර් සහ ඔහු ගේ ගෝලබාලයන් දෙදාහක් පමන ජර්මනියේ මියුනිච් නගරයට කඩා වැදුනේ ජර්මනියේ රාජ්ය බලය අල්ලාගන්නයි Beer hall putsch. එහෙත් නගරය වටා දමා තිබූ පොලිස් කෝඩෝනය හිට්ලර් ගේ අරගලකරුවන් ට වෙඩි තිබ්බා. එයින් අරගල කරුවන් පහලොස් දෙනෙක්, පොලිස්භටයන් දෙදෙනෙක් සහ පැත්තකට වෙලා අරගලේ බලං හිටපු හාදයෙක් මිය ගියා. එතනින් ශූක්ශමව පැන ගියත් පසුව හිට්ලර් ව අල්ලාගත් පොලිසිය රාජ්ය ද්‍රෝහී චෝදනා යටතේ ඔහුට නඩු පවරා වසර පහකට හිරේ දැම්මා...

එතෙක් දේශපාලන හාල් කෑල්ලක් ව සිටි හිට්ලර් ජර්මනියේ ජනතාවගේ අවධානයට ලක් වූයේ මේ රාජ්‍ය ද්‍රෝහී අරගලේ නිසායි. හිරේ ඉන්නැද්දී තමා ඔහු පසුකලෙක ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ පොත මගේ යුද්දය Mein Kampf නැමති ලිවුවේ.

පසුකාලෙක හිරෙන් නිදහස් වූ හිට්ලර් වඩා උනන්දුවෙන් පක්ශ කටයුතු කලා.. පක්ශය ගොඩ නැගුවා...

 

ජර්මන් ජනාධිපතිවරණය 1932

 

 

 

මර්තු 13 පලමු වටය

 

අප්‍රේල් 10 දෙවන වටය

 

 

 

පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

 

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%)

 

 

 

හිට්ලර් පරාජය වුනා..!!

 

 

 

මහ මැතිවරණය 1932

 

 

 

නොවැම්බර් 06

 

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%)

 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).

 

 

 

ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstag) හී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගත්තා

 

 

 

කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි බලපෑම් කලා...

 

 

 

ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වුනා..

 

1933 පෙබරවාරි 27 වෙනිදා රෑ හිට්ලර් ගේ ගෝලබාලයෝ ජර්මන් පාර්ලිමේන්තුවට ගිණි තිබ්බා... එම ගිණි තැබීම කමියුනිස්ට් පාක්ශිකයන් ගේ වැඩක් ලෙස ජනාධිපතිට සහ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ඒත්තු ගන්වන්න හිට්ලර් සමත් වුනා..

 

1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් (Enabling Act of 1933) ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදුන්නා  ….

 

ස්වාධීන ව ඉදිරිපත් වී 53% ලබාගත් ජනාධිපති කෙනෙකු සිටියදී 36% පමනක් ලබාගෙන පැරදුනු හාදයෙක් රටේ පූර්ණ විධ්යායක බලය අල්ලාගත්තේ එහෙමයි!!

 

රෙස්ට් ඉස් හිස්ටරි පුතා......


No comments:

Post a Comment