Thursday, November 29, 2018

තෙමිච්ච නිලි ඇන්ටිලා

Image may contain: one or more people and people standing

එලවාපු රනිල් වික්‍රමසිංහව නැවත අගමැති කරන්න දාරානිපාත වැස්සෙ තෙමි තෙමී ලියමනක් ලියාගෙන ජනාදිපති සිරිසේනව බැහැදකින්න ගිය ශ්‍රී ලංකාවේ කාන්තාවෝ කියන කස්ටිය ගෙ පොටෝ එකක් ඔයගොල්ලොත් දකින්න ඇති නේ...


හොඳ වෙලාවට ඒකෙ කාන්තාවෝ කියලා ගහගෙන ආවෙ... නැත්නම් පිරිමිද ගෑනුද කියලා පැටලවෙන්නත් ඉඩ තිබුනා.. විසේසයෙන් ම මේකප් හේදිලා ගිය නිලි ඇන්ටිලා දැක්කාම..

මේ පොටෝ දැකලා මට පරණ කතාවක් මතක් වුනා...





එකපාරක් මම වැඩ කල පේරාදෙනි විශ්ව විද්යාලෙ වෛද්ය පීඨෙ භෞතවේද දෙපාර්තමේන්තුවෙ කොමන් රූම් එකේ අපේ කට්ටියක් අමුත්තෙක් වටා වටවෙලා ඉන්නවා... 

මාත් එක්ක වැඩ කලා කාන්තා වෛද්යවරියක්. කොලඹ ශාන්ත බ්රිජට් කන්යාරාමේ ඉගෙනගත්තු ඇය ඉතාම ගුණවත්, බොහෝ මහන්සිවී වෛද්ය ශිශ්යයන් ට උගන්වන හැමෝටම උදවු කරන ප්‍රසන්න කාන්තාවක්.  

ඇය මට ඒ කස්ටි පෙන්නලා මෙන්න මෙහෙම කියනවා: 

Who is that little chap? I have seen him in the TV!

මට මැරෙන්න හිනා...

කවුද එතැන කස්ටිය වටකරගෙන හිටි අමුත්තා?

වෙනින් කවුරුත් නෙවෙයි, අමරදේව මාස්ටර්!!!!


කතාවේ ආදර්ශය:
මේ තෙමිච්චි නිලි ඇන්ටිලා කොපමන රනිල් වෙනුවෙන් කඩේ ගියත් (සමහරවිට ලිට්‍රෝ ගෑස් කඩේටත් වෙන්න පුලුවන්...) රනිල් මේ ගෑනු එකෙක්වත් දන්නෙ නෑ... අඳුනන්නෙ නෑ
ඌ සිංහල ටෙලිනාට්ටි පිච්චැර් බලන එකෙක් වත් සිංහල සින්දු අහන එකෙක් වත් නෙවෙයි...

Monday, November 26, 2018

ලංකාවේ රාජ්‍ය පාලනයට අතපොවනා ඉංගලන්තේ තානාපතියාට

brexit govt stupid cartoon සඳහා පින්තුර ප්‍රතිඵල


සිරි ලංකාවේ මේ වෙද්දී ඇතිවී තිබෙනා දේශපාලන හුටපටේ දකලා ඔහේලා ට පස්ස පැත්තේ ඉස්සෝ දඟලන්න පටන් අරං තිබෙන බව අපට පෙනී යයි.

අන්තර්ජංජාලයට පිංසිද්ද වන්න අපට වඩා කරදර ඔහෙලාට ඇති බවත්, ඒ කරදර වලට ඔහෙලාට උත්තර නැති බවත් දැනගත්තාම අපට තංතෝසේ විලිලැජ්ජාවෙ බැරිය.


මේ වන විට දැඩි සීතලකින් වසාගත් ඉංගලන්තේ නිවාස අහිමි ජනතාව බල්ලන් බලලුන් මෙන් පිලිකණු වල මැරී සිටීම සුලභ දසුනකි. අපේ රටේ හිඟන්නෙක් වත් එසේ සීතලයට අසු වී දුක් විඳ මැරෙන්නේ නැති බව ඔබට මතක් කර දෙමු.  

homeless man dies in UK සඳහා පින්තුර ප්‍රතිඵල




knife attacks london සඳහා පින්තුර ප්‍රතිඵල


london grooming gangs සඳහා පින්තුර ප්‍රතිඵල


ඉතින් තානාපති හාදයෝ, දැනට මේ ඇතිය.

අපි හොඳින් සිටිමු.
ඔහෙලාගේ ඉංගලන්තේ නම් අවුල් ජාලාවක් බව පෙනේ.
ඒසෙ තිබියදීත් ඔහෙලා අපේ රටේ දේසපාලනේට අත දාන්නට යන්නේ රෙද්දක් ඇඳගෙන නොවන බව අපට වැටහී යයි!

Tuesday, November 6, 2018

ගෝත්‍රිකයා


අදාළ රූපය


ඉඩම් අඟලට එක කුස උපන් එවුන් සමග වසර ගනන් නඩු කියන උන්, වයසට ගිය තම මාපියන් අනුන් ගේ පිල් කුණු වල රැඳෙන්නට හැර කොලඹට හෝ විදේශයට සංක්රමනය වූ හාදයන්, තමන් ගේ ගමේ පාසල ගැන ලැජ්ජාවෙමින් තම දරුවන් ගේ කොලෙජ් වල කොඩි තම කාර් වල අලවාගෙන උජාරුවට යන උන්, බොසාට කේලාම් කියා ලඟින් ඉන්න එකා ගේ බෙල්ල කපන පින්වතුන්, තමන් ගේ සෙවාස්තානයේ සමකාලීනයන් ට නිර්නාමික පෙස්සම් ගසනා උන්, තමන් ගේ බිරිඳව නිරුවත් දර්ශන වලට ගෙන චිත්තරපටි හදා ඇයට මුදල් නොගෙවා පසුව ගෙදරිනුත් පන්නා දමන උන්, අනුන් ලියූ පොත් තමන් ගේ මෙන් අච්චු ගසා ගානක් හොයා ගන්නා උන්, විභාග වලදී වංචා කර අසුවුනාම ඒක වීරකමක් ලෙස හුවාදක්වන උන්, හෙට දෙන්නම් කියා මිතුරන් ගෙන් මුදල් නයට ගෙන කිසිදා නොගෙවන එවුන්, කන බොන තැන් වලට ගිහින් කිසිදා සත පහක් වියදම් නොකර අනුන් ගෙන් ම කන බොන එවුන්, යහපාලනේට කඩේ ගිහින් හොරෙන් හොරෙන් වරදාන කොන්ත්රාත් හෝ වවුචර මගින් මුදල් හෙවූ උන් අනුන් ට ගෝත්රිකයා යැයි ඇමතීම උපහාසයෙන් යුතුව බලා සිටිමි.

ඔය කොයි හාදයාටත් තමන් තුල ගෝත්රිකයෙකු ඇති බවටත් මතක් කර දෙමි. පෙනන්න ලේසිම ක්රමය, ඔබ ගෝත්රිකයෙකු යැයි ඇඟිල්ල දික් කරන හාදයා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්රීනයට පොලු පහරක් එල්ල කරන්න... ගෝත්රිකයා එලියට පනී...

Thursday, November 1, 2018

රාජකීය උදවු!


Image may contain: 5 people, people smiling, people sitting and indoor


බන්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලයේ ආදි ශිශ්‍ය විජිත හේරත් කොලඹ රාජකීය විද්යාලයේ ආදි ශිශ්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අනෙකුත් රාජකීය ආදි ශිශ්‍යයන් වන

සජිත් ප්‍රේමදාස
කබීර් හශීම්
මලික් සමරවික්‍රම
සාගල රත්නායක
මංගල සමරවීර
ගයන්ත කරුණාතිලක
රවි කරුණානායක
ස්වාමිනාතන්
හර්ශ ද සිලා
එරාන් වික්‍රමරත්න
ලක්ශ්මන් කිරිඇල්ල
රාවුෆ් හකීම් වැනි අයගෙන් සමන්විත අගමැති ප්‍රමුඛ ඇමති මංඩලය ප්‍රතිශ්ඨාපනය කිරීමට දිවි නොතකා ඩොලර් තකා ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් විලිලැජ්ජාවෙන් පිරි සාතිශය තන්තෝසය!

අපත් එසේම සරස තුමා වම්හ