Tuesday, November 6, 2018

ගෝත්‍රිකයා


අදාළ රූපය


ඉඩම් අඟලට එක කුස උපන් එවුන් සමග වසර ගනන් නඩු කියන උන්, වයසට ගිය තම මාපියන් අනුන් ගේ පිල් කුණු වල රැඳෙන්නට හැර කොලඹට හෝ විදේශයට සංක්රමනය වූ හාදයන්, තමන් ගේ ගමේ පාසල ගැන ලැජ්ජාවෙමින් තම දරුවන් ගේ කොලෙජ් වල කොඩි තම කාර් වල අලවාගෙන උජාරුවට යන උන්, බොසාට කේලාම් කියා ලඟින් ඉන්න එකා ගේ බෙල්ල කපන පින්වතුන්, තමන් ගේ සෙවාස්තානයේ සමකාලීනයන් ට නිර්නාමික පෙස්සම් ගසනා උන්, තමන් ගේ බිරිඳව නිරුවත් දර්ශන වලට ගෙන චිත්තරපටි හදා ඇයට මුදල් නොගෙවා පසුව ගෙදරිනුත් පන්නා දමන උන්, අනුන් ලියූ පොත් තමන් ගේ මෙන් අච්චු ගසා ගානක් හොයා ගන්නා උන්, විභාග වලදී වංචා කර අසුවුනාම ඒක වීරකමක් ලෙස හුවාදක්වන උන්, හෙට දෙන්නම් කියා මිතුරන් ගෙන් මුදල් නයට ගෙන කිසිදා නොගෙවන එවුන්, කන බොන තැන් වලට ගිහින් කිසිදා සත පහක් වියදම් නොකර අනුන් ගෙන් ම කන බොන එවුන්, යහපාලනේට කඩේ ගිහින් හොරෙන් හොරෙන් වරදාන කොන්ත්රාත් හෝ වවුචර මගින් මුදල් හෙවූ උන් අනුන් ට ගෝත්රිකයා යැයි ඇමතීම උපහාසයෙන් යුතුව බලා සිටිමි.

ඔය කොයි හාදයාටත් තමන් තුල ගෝත්රිකයෙකු ඇති බවටත් මතක් කර දෙමි. පෙනන්න ලේසිම ක්රමය, ඔබ ගෝත්රිකයෙකු යැයි ඇඟිල්ල දික් කරන හාදයා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්රීනයට පොලු පහරක් එල්ල කරන්න... ගෝත්රිකයා එලියට පනී...

No comments:

Post a Comment