Thursday, November 29, 2018

තෙමිච්ච නිලි ඇන්ටිලා

Image may contain: one or more people and people standing

එලවාපු රනිල් වික්‍රමසිංහව නැවත අගමැති කරන්න දාරානිපාත වැස්සෙ තෙමි තෙමී ලියමනක් ලියාගෙන ජනාදිපති සිරිසේනව බැහැදකින්න ගිය ශ්‍රී ලංකාවේ කාන්තාවෝ කියන කස්ටිය ගෙ පොටෝ එකක් ඔයගොල්ලොත් දකින්න ඇති නේ...


හොඳ වෙලාවට ඒකෙ කාන්තාවෝ කියලා ගහගෙන ආවෙ... නැත්නම් පිරිමිද ගෑනුද කියලා පැටලවෙන්නත් ඉඩ තිබුනා.. විසේසයෙන් ම මේකප් හේදිලා ගිය නිලි ඇන්ටිලා දැක්කාම..

මේ පොටෝ දැකලා මට පරණ කතාවක් මතක් වුනා...





එකපාරක් මම වැඩ කල පේරාදෙනි විශ්ව විද්යාලෙ වෛද්ය පීඨෙ භෞතවේද දෙපාර්තමේන්තුවෙ කොමන් රූම් එකේ අපේ කට්ටියක් අමුත්තෙක් වටා වටවෙලා ඉන්නවා... 

මාත් එක්ක වැඩ කලා කාන්තා වෛද්යවරියක්. කොලඹ ශාන්ත බ්රිජට් කන්යාරාමේ ඉගෙනගත්තු ඇය ඉතාම ගුණවත්, බොහෝ මහන්සිවී වෛද්ය ශිශ්යයන් ට උගන්වන හැමෝටම උදවු කරන ප්‍රසන්න කාන්තාවක්.  

ඇය මට ඒ කස්ටි පෙන්නලා මෙන්න මෙහෙම කියනවා: 

Who is that little chap? I have seen him in the TV!

මට මැරෙන්න හිනා...

කවුද එතැන කස්ටිය වටකරගෙන හිටි අමුත්තා?

වෙනින් කවුරුත් නෙවෙයි, අමරදේව මාස්ටර්!!!!


කතාවේ ආදර්ශය:
මේ තෙමිච්චි නිලි ඇන්ටිලා කොපමන රනිල් වෙනුවෙන් කඩේ ගියත් (සමහරවිට ලිට්‍රෝ ගෑස් කඩේටත් වෙන්න පුලුවන්...) රනිල් මේ ගෑනු එකෙක්වත් දන්නෙ නෑ... අඳුනන්නෙ නෑ
ඌ සිංහල ටෙලිනාට්ටි පිච්චැර් බලන එකෙක් වත් සිංහල සින්දු අහන එකෙක් වත් නෙවෙයි...

Monday, November 26, 2018

ලංකාවේ රාජ්‍ය පාලනයට අතපොවනා ඉංගලන්තේ තානාපතියාට

brexit govt stupid cartoon සඳහා පින්තුර ප්‍රතිඵල


සිරි ලංකාවේ මේ වෙද්දී ඇතිවී තිබෙනා දේශපාලන හුටපටේ දකලා ඔහේලා ට පස්ස පැත්තේ ඉස්සෝ දඟලන්න පටන් අරං තිබෙන බව අපට පෙනී යයි.

අන්තර්ජංජාලයට පිංසිද්ද වන්න අපට වඩා කරදර ඔහෙලාට ඇති බවත්, ඒ කරදර වලට ඔහෙලාට උත්තර නැති බවත් දැනගත්තාම අපට තංතෝසේ විලිලැජ්ජාවෙ බැරිය.


මේ වන විට දැඩි සීතලකින් වසාගත් ඉංගලන්තේ නිවාස අහිමි ජනතාව බල්ලන් බලලුන් මෙන් පිලිකණු වල මැරී සිටීම සුලභ දසුනකි. අපේ රටේ හිඟන්නෙක් වත් එසේ සීතලයට අසු වී දුක් විඳ මැරෙන්නේ නැති බව ඔබට මතක් කර දෙමු.  

homeless man dies in UK සඳහා පින්තුර ප්‍රතිඵල




knife attacks london සඳහා පින්තුර ප්‍රතිඵල


london grooming gangs සඳහා පින්තුර ප්‍රතිඵල


ඉතින් තානාපති හාදයෝ, දැනට මේ ඇතිය.

අපි හොඳින් සිටිමු.
ඔහෙලාගේ ඉංගලන්තේ නම් අවුල් ජාලාවක් බව පෙනේ.
ඒසෙ තිබියදීත් ඔහෙලා අපේ රටේ දේසපාලනේට අත දාන්නට යන්නේ රෙද්දක් ඇඳගෙන නොවන බව අපට වැටහී යයි!

Tuesday, November 6, 2018

ගෝත්‍රිකයා


අදාළ රූපය


ඉඩම් අඟලට එක කුස උපන් එවුන් සමග වසර ගනන් නඩු කියන උන්, වයසට ගිය තම මාපියන් අනුන් ගේ පිල් කුණු වල රැඳෙන්නට හැර කොලඹට හෝ විදේශයට සංක්රමනය වූ හාදයන්, තමන් ගේ ගමේ පාසල ගැන ලැජ්ජාවෙමින් තම දරුවන් ගේ කොලෙජ් වල කොඩි තම කාර් වල අලවාගෙන උජාරුවට යන උන්, බොසාට කේලාම් කියා ලඟින් ඉන්න එකා ගේ බෙල්ල කපන පින්වතුන්, තමන් ගේ සෙවාස්තානයේ සමකාලීනයන් ට නිර්නාමික පෙස්සම් ගසනා උන්, තමන් ගේ බිරිඳව නිරුවත් දර්ශන වලට ගෙන චිත්තරපටි හදා ඇයට මුදල් නොගෙවා පසුව ගෙදරිනුත් පන්නා දමන උන්, අනුන් ලියූ පොත් තමන් ගේ මෙන් අච්චු ගසා ගානක් හොයා ගන්නා උන්, විභාග වලදී වංචා කර අසුවුනාම ඒක වීරකමක් ලෙස හුවාදක්වන උන්, හෙට දෙන්නම් කියා මිතුරන් ගෙන් මුදල් නයට ගෙන කිසිදා නොගෙවන එවුන්, කන බොන තැන් වලට ගිහින් කිසිදා සත පහක් වියදම් නොකර අනුන් ගෙන් ම කන බොන එවුන්, යහපාලනේට කඩේ ගිහින් හොරෙන් හොරෙන් වරදාන කොන්ත්රාත් හෝ වවුචර මගින් මුදල් හෙවූ උන් අනුන් ට ගෝත්රිකයා යැයි ඇමතීම උපහාසයෙන් යුතුව බලා සිටිමි.

ඔය කොයි හාදයාටත් තමන් තුල ගෝත්රිකයෙකු ඇති බවටත් මතක් කර දෙමි. පෙනන්න ලේසිම ක්රමය, ඔබ ගෝත්රිකයෙකු යැයි ඇඟිල්ල දික් කරන හාදයා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්රීනයට පොලු පහරක් එල්ල කරන්න... ගෝත්රිකයා එලියට පනී...

Thursday, November 1, 2018

රාජකීය උදවු!


Image may contain: 5 people, people smiling, people sitting and indoor


බන්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලයේ ආදි ශිශ්‍ය විජිත හේරත් කොලඹ රාජකීය විද්යාලයේ ආදි ශිශ්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අනෙකුත් රාජකීය ආදි ශිශ්‍යයන් වන

සජිත් ප්‍රේමදාස
කබීර් හශීම්
මලික් සමරවික්‍රම
සාගල රත්නායක
මංගල සමරවීර
ගයන්ත කරුණාතිලක
රවි කරුණානායක
ස්වාමිනාතන්
හර්ශ ද සිලා
එරාන් වික්‍රමරත්න
ලක්ශ්මන් කිරිඇල්ල
රාවුෆ් හකීම් වැනි අයගෙන් සමන්විත අගමැති ප්‍රමුඛ ඇමති මංඩලය ප්‍රතිශ්ඨාපනය කිරීමට දිවි නොතකා ඩොලර් තකා ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් විලිලැජ්ජාවෙන් පිරි සාතිශය තන්තෝසය!

අපත් එසේම සරස තුමා වම්හ



Friday, October 5, 2018

අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙක්

man bun cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



මා ඉහත පින්තූරය බාගත්තේ https://www.123rf.com/stock-photo/man_bun.html?sti=lt6nzxrbs7m1dedsjg නැමැති වෙබ් අඩවියෙනි. එම වෙබ් පිටුවේ අඩංගු වන්නේ කොන්ඩ පිරිමි හෙවත් man bun නම් වූ අලුත් ප්‍රවනතාවය ගැන ය. ඔබ එම පින්තූරය හොඳින් නැරඹුවොත් අප කවුරුත් දන්නා හඳුනන ශ්‍රී ලංකාවේ නව රැල්ලවල් නිපදවන (trend setter) කෙනෙකු ලෙස තමන් ම ප්‍රසිද්දියට පත් කරගත් සන්නස්ගල ව මතක් වනු නොඅනුමානය. ඒ සමගම ඔහු නව රැල්ලක නිර්මාතෲ නොව අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙකු බවට ඔබට වැටහී යනු ඇත.

සන්නස්ගල මහතා මේ දිනවල තමන් ලියූ පවුල ගැන විවේචනාත්මක ලියැවිල්ලක කොටසක්   ගැහැනියෙකු ලවා සභාවක කියවාගනිමින් එය සමාජ ජාලා වලට මුදා හැර ඔහුගෙන් ගිලිහී ගිය පස්ට රැඩිකල් පොරත්වය නැවත අත්පත්කරගැණීමේ උත්සාහයක යෙදී සිටී.

තමන් ගේ අතීතයට සම්බන්ද දේ වල ඇද කුද දැකීම සහ ප්‍රතික්ශේප කිරීම ඔහු ගේ කලාවයි.

ඔහු සිංහල බෞද්දයන් ට බනින්නේ ඒ ඔහු ගේ අතීතය නිසයි... ඔහු ගේ කුඩා කාලේ පන්සලකට හෝ වත්තක ඇති දෙමල කෝවිලකට හැර අන්‍යාගමික සිද්දස්තානයක් දැක ඇතැයි ඔබ සිතනවාද? පොඩිසාදුලා සමග ආශ්‍රය කලා මිස නිරාගමික විද්‍යාර්තීන්ගේ  ගේ ඇසුර ඔහු හැදෙද්දී වැඩෙද්දී ලැබුනා කියා ඔබ සිතනවාද? සිංහල ගැමියන් හා වතුදෙමල කම්කරුවන් හැර අන්ය ජාතීන් ව ආශ්‍රයට ලැබුනා කියා ඔබ සිතනවාද? 


සන්නස්ගල මහතා කොලඹ විශ්ව විද්යාලයේ දී විභාග වංචාවකට හසු වුනා යැ‍යි ප්‍රවුර්ති පලවුනා ඔබ දැක තිබේද? මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ගේ හා මහාචාර්ය විනී විතාරන ගේ පොත් හොරට අච්චු ගසා උසාවි යන්න වුනා මතකද? උසස් පෙල සිංහල ප්‍රශ්න පත්තරේ හොරෙන් පැන්නුවා කියා හාහෝවක් පුවත් පත් වල පල වුනා මතකද?

කුඩා කල ගමේ වටපිටාවේ දැණ හැඳිනගත් පුංචි හොරු බොරුකාරයෝ හා වංචාකාරයෝ අදටත් ඔහු තුල ජීවත් වන බව ඔබට නොහැඟේද?

කුඩා කල සිටම පාසැළේ සියලු ජාතීන් සහ ආගම් වලට අයත් සෑම තරාතිරමකම සිසු සිසුවියන් සමග එකට ඉගෙනගෙන එකට ජීවත් වී ජීවත්වන්න, අනුන් ට කරදර නොකරන්න live and let live නැමැති ජීවත්වීමේ කලාව ප්‍රායෝගිකව ඉගෙනගැණීමේ අවස්තාවක් ලපටි සන්නස්ගල දරුවාට ලැබුනේදැයි ඔබ සිතනවාද?

එසේ අනුන් හට කරදර නොවී ජීවත්වීමේ කලාව කුඩා සිසු සිසුවන් ලෙස ප්‍රගුණ කල අප දුටුවාම සන්න්ස්ගල මහතා ගේ පස්ස පැත්තේ ඉන්නා ඉස්සෝ අනිනා බව ඔබට නොතේරේද?

තමන් ගේ බඩරස්සාව වන ටියුශන් ගන්න එන්නේ සයන්ස් හෝ කොමර්ස් කිරීමට සුදුසුකම් නොලැබූ සාමාන්‍යපෙල පෙනේරයෙන් හැලුනු සිසුන් බව දැක්කාම සන්නස්ගල මහතාට කලකිරෙන්නේ නැද්ද? එසේ සිංහල ඉගෙන ගත්තත් එම සිසු සිසුවියන් හට සැලකියයුතු රස්සාවක් හොයාගැනීමට අපහසු බව ඔහුට නොතේරේද?

අනාගතයක් නොමැති නුදුරේම රැකියා වෙලෙඳ පොලේ කුණු බක්කි සුද්ද කරන්නට සිදුවන එම සිසු සිසුවියන් දෙස බැලුවාම ඔහුගේ පපුව පැළී සිංහල විශය නොව සිංහල සමග පැටැලුනු සියලු දේ අවඥාවට ලක් කර තමන් ගේ සිත සැහැල්ලු කරගැණීමට ඔහු උත්සාහ නොදරන්නේද?

නියත උසස් රැකියා වලට මග පාදන වෙනත් විශයන් ඉගනීමට අවස්තාව ඇහිරුනු අනාගතේ අවුල්කරගත් එම දරු දැරියන් ගෙන් ගන්නා මුදලින් තම උදරපෝශනය කරන්නට සිදු වීම ගැණ ඔහුට කනගාටු නැද්ද? තමන් ගේ සිසු සිසුවියන් හට නොලැබුනු අවස්තාවන් ලැබූ අනෙක් සිසු සිසුවියෝ ජීවිතේ නොයෙක් අයුරින් රස විඳිද්දී තම ගෝල සැට් එක යන එන මං නැතිව වෙනත් ලෝකයක් නොදැක ලිඳේ ඉන්නා ගෙම්බන් සේ තමාව රජෙක් ලෙස සලකද්දී සන්නස්ගල මහතාට ලැජ්ජා නොසිතේද??

කොපමන ටියුශන් ෆීස් වස්තු හෙවුවත් සමාජයේ පොරක් කියා හිතන් හිටියත් හොර ඔප්පු පවා සාදා තම පුත්‍රයාව රාජකීය විද්යාලයට ඇතුලත් කරගන්න උත්සාහ කලාම රාජකීය විද්යාලය එම දරුවා ප්‍රතික්ශේප කලාම සන්නස්ගල මහතාට මල නොපනීද?

ඒ ඔක්කොමට වැඩියෙන්, කස්ටිය සෙට් වුනාම, මේ දවස්වල හැමෝම කියනාපරිදි " මට නම් මේ රට එපාවෙලා දැන්... කොහේට හරි මයිග්‍රේට් කරන්නයි හිතන් ඉන්නේ" කියා සන්න්සගල මහතාට පොර ටෝක් දිය හැකිද? උඹ ඔස්ට්‍රේලියා හෝ කැනඩා ගිහින් සුද්දන් ගෙ ලමයින් ට ඒ ලෙවල් සිංහල ටියුශන් දෙන්නද හිතන් ඉන්නේ යැයි කවුරු හෝ ඇසුවොත් පොලොව පලාගෙන යන්නට සිදු නොවන්නේද හිටං?????  

මේ සියලු කාරනා නිසා සන්නස්ගල මහතා තමන් ගේ මුල් වලට සහ තමන් ගේ ගෝල සැට් එකට අනාගතයක් නැතිකිරීම ගැන සිංහල සහ ඊට බද්දව පවතින බෞද්දකමට ගැරහීම සාදාරණ නැද්ද???

Tuesday, October 2, 2018

පර්මිට් සංහිඳියාව

sri lanka national intergration cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



සිරි ලංකාවේ ජාතීන් අතර ඝස්ඨන ඇති නිසා ඒවා සමතයකට පත් කර සංහිඳියාවක් අත් පත් කරදීම සියලු විදේශ බලවේග වල ඒකායන පැතුම වී තිබෙන බව රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේ නැති අපට තේරුම් ගොස් බොහෝ කල් ය.

භාග්‍යයකට මෙන් ඒ සියලු ප්‍රතිඝාමී බලවේග පරාජයකර සිරි ලාංකික ජාතීන් අතර සැබෑ සංහිඳියාව අත්පත් කරගෙන ඇති බව ඔබ සැමට දන්වන්නේ මහත් සතුටකින් යුක්තව ය. 

එයට සාක්ශි ලෙස රජයේ වෛද්යවරුන් ගේ සංගමය (GMOA) විසින් ඊරිස්යාවට සමාජ ජාලා හරහා හෙලි කල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තම රථවාහන ආනයනය සඳහා ලැඹුනු බලපත්‍රය පරිහරණය කල අයුරු ඔබේ කාරුනික අවදානයට යොමු කරන්නෙමි. 



එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙකු වන කබීර් හශීම් මහතා තම බලපත්‍රය පරිත්යාග කර ඇත්තේ වැලිකල නම් සිංහල මහතෙකු ට ය. එයට කෘතගුණ සැලකීමට විජිතමුණු සොයිසා ඇමති තුමා තම බලපත්‍රය තෑගි කර ඇත්තේ සර්ජූන් නැමැති මුස්ලිම් පින්වතෙකුට ය. 

ඒ ලෙසින් ම:
ෆයිසර් මුස්තාපා ඇමති තුමා සිංහල ෆර්නෑන්ඩු කෙනෙකුට ද,
සුජීව සේනසිංහ ඇමති තුමා අලි අක්බර්සලෙබායි නම් මුස්ලිම් පින්වතෙකුට ද ට ද 
ඩග්ලස් දේවානන්ද දමිල මන්ත්‍රී තුමා  පෙරේරා නම් සිංහල කෙනෙකුටද
ඩී එම් එම් දිසානායක මන්ත්‍රී තුමා අබ්දුල් සතාර් නම් ඉස්ලාම් බැතිමතෙකුට ද කෙනෙකුටද
ජාතියක් නොදන්නා රෙජිනෝල්ඩ් කුරේ ආන්ඩුකාර තුමා  ජයබාස්කරන් නැමැති දමිල මහතෙකුට ද
දමිල මන්ත්‍රී සිදාහරන් මන්ත්‍රී තුමා සිංහල ෆර්නෑන්ඩො කෙනෙකුටද,
සිවමෝහන් ද්‍රවිඩ ජාතික මන්ත්‍රී තුමා මන්ත්‍රී තුමා සඳරුවන් නම් බෞද්ද පින්වතෙකුට ද
ඩී වී චානක මන්ත්‍රී තුමා මිස්ටාක් මොහොමඩ් නම් ඉස්ලාම් භක්තිකයෙකුට ද ආදී වශෑය්න් තම තමන් ගේ වාහන බලපත්‍ර පරිත්යාග කර ඇති බව එම ලියැවිල්ල කියැවූ අපට තේරුම් යයි.

දූසන විරෝදී රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා නුවර එලිය හෝටලයට තම බලපත්‍රය තෑගි දී ඇති අතර අතුරලියේ රතන හාමුදුරුවෝ අජිත් පන්ඩිතරත්න නම් දුප්පත් බෞද්ද දායකයෙකු ට තම බලපත්‍රය පූජා කර ඇත.


සධ්දර්ම හිතකාමී පින්වතුනි, 
අපේ රටේ ඉහලම තැනින් පටු ජාතිවාදයට හා ආගම් වාදයට දුන් මේ අතුල පහර නිසා මුලු රටේම සංහිඳියාව ඇති වන බව ඔබතුමන්ලාට පෙන්වා දීමට කැමැත්තෙමි.

ඒ වගත් මේසේම,

සරස තුමා වම්හ!


Thursday, September 27, 2018

රනිල් ඔබ පොරකි

katta dry fish සඳහා පින්තුර ප්‍රතිඵල


හොඳ කට්ටා කරවල කිලෝවක් දැන් රුපියල් දෙදාහකට කිට්ටු ය. කරවල වලින් රජු කට්ටා වන අතර කට්ටා ලඟ ඇසුරුවාට අනෙකුත් කරවල කට්ටා බවට පත් නොවේ. වැරදිලාවත් කරවල වෙනුවට වෙන භාන්ඩයක් කට්ටා කරවල ලඟ ඇසුරුවොත් දෙයියන්ගේම පිහිට ය. කමිස කලිසම් ආදී ඇඳුම් පැලඳුම් කට්ටා කරවල අසල අසුරා තැබුවොත් විකිනීම බොරු ය.


දේශපාලනයේ හා රට පාලනයේ නොම්මර එකේ කට්ටා කරවලයා රනිල් වික්‍රමසිංහ මහතා ය. 


රනිල් ලඟින් හිටියොත් රනිල් ට කිසි දෙයක් නොවන අතර ලඟින් හිටි එකා අනාතය.. 
ලාන්තරස් ය...

රනිල් එක්ක සහවාසය කරන්න ගොස් ඇනගත්තු උදවිය ගැන ඇහෙන කතා දුක්ඛ සහගතය...

රටේ ජනතාව සුපිරිසිදු දේශපාලකයෙක් යැයි සිතා සිටි මෛත්‍රීපාල මහතා රනිල් සමග හැසිරෙන්නට පටන් ගත්තාට පසු කුණුකරවලයෙක් බවට පත් විය. 

රනිල් සමග ඩීල් ගැසූ අනුර කුමාර බොම්බිලි කිලෝවක තත්වයට වැටුනු අතර ජ වි පෙ කුණුමාලු බවට පත් විය. සම්පන්දන්ලා, මනෝ ගනේසන් ලා, රවුෆ් හකීම් ලා, දිගම්බරම් ලා, නැත්තටම නැති වී දේශපාලන ජෝකරයන් බවට අනුවර්තනය විය.

ක්‍රීඩාවේ කිරුලුපලන් අර්ජුන රණතුංග කඩප්පුලි හොරෙකු බවට පත් වී දැණ් රිලාසිරිලාගෙන් හොදි නැතුව අහගනිමින් සිටී.

රාජපක්ස සමයේ පොරක් වී නිර්භීත රාජකාරි කලා යැයි රඟපෑ මැකෝ දේසප්‍රිය වර්චස් බුදිනා සූර චෞරයෙකු බවට අනාවරණය විය.

අති දක්ශ පොලිස් නිලදාරියෙකු සේ නමක් දරා සිටි පූජිත ජයසුන්දර අන්දරේ සහ දොන් සිරිසේන අතර දෝලනය වෙමින් සිටී.

රාජපක්ස සමයේ යුද හමුදාපති ලඟදීම යුනිෆෝම් ගලවාගැනීමට නියමිත පොන්සේකා රජ වාසල කවටයා බවට පත් විය.

රවී කරුණානායකට ඇපත් නැති විය... දැණ් එයා ඇමති නොව පා ම කෙනෙකි.

ගොන් රැඩිකල් සන්නස්ගල ට දේසපාලනයෙන් ඉවත්වන්නට වූ අතර ඔහු වෙනුවට රත්මලාන ආසනයට පත් වූ හිරුනිකා ට යන එන අතක් නැති වී දුමින්ද සිල්වා නිදහස් ව එන තෙක් බලා සිටී...


ගෑනු හඬින් දේසනා කරනා ග්‍රන්ත කේන්ද්‍රේ බිල් නොගෙවන ආචාර්ය්ස් උපාදි නැති අනාචාර්ය මහාචාර්ය හරක් විජේසූරිය අලුත් පොද්දෙක් සොයමින් අනිද්දා පත්තරේ අච්චු ගසනා තැනට පත් විය...

සෝබිත කියලා එක්කෙනෙක් සැක කටයුතු අන්දමට අපවත් වී අපායට ගියේය.


සීයට හයේ නිර්මාල් මහරගම කඩේකින් රුපියල් දෙකක් ඉතුරු ඉල්ලමින් සිටී

අර්ජුන් ඇලෝසියස් පොලිසියට කට්ටි පනිමින් සිටිනා හොරෙකු වූ අතර ඔහු ගේ බෑනා වැලිකඩ සිටී.


ලිස්ට් එක බොහෝය....


සිංහල බ්ලොග් අවකාසෙ සමහරක් කස්ටිය ද ලාන්තරස් කර දැමීමට රනිල් සමත් විය.

බ්ලොග් වල වරායේ මම පොර ජාතකේ ලියූ හාදයෙක් අර්ජුන වරාය ඇමති වූ වහාම ගාල කඩාගෙන ඇවිත් නැවතුනේ සාමාන්ය පෙල ගණිතය අසමත් අර්ජුන ගේ මල්ලී යටතේ වැඩ කිරීමටය ... දැණ් ඒ හාදයා කොහෙද දන්නේ නැත...

අලුත පත් වුනු ආන්ඩුවේ වැරදි තියනවානම් තමන් ට කියන්න ය තමන් ඒ වැරදි අදාල තැණ් වලට දන්වා නිවැරදි කර යහපාලනේ රැකගන්නෙමි යී බ්ලොග් කොමෙන්ට් වල පොර ටෝක් දුන් පියන් කෙනෙකු යහපාලනේ කිසිම වැරැද්දක් නැති නිසා සංවේගයෙන් සිටී. රනිල් එක්ක තරහ වූ හැරී වියත්මග ප්‍රදාන ආරාදිතයා විය... හෆොයි!

යහපාලනේ මාරය යි ය රනිල් ආර්තික ඔස්තාර් කෙනෙක් ය කියමින් අපට විහිලු සැපයූ බොහෝ සිංහල බ්ලොග් කරුවන් ගේ පුංචි කාර්  සිහිනය රනිල් සුණු විසුණු කර දැම්මේය. ඒ ගැන අපට හෙන හැපී ය.

රාජපක්සලා හොරු ය කියමින් උඩ පැන්න සමහර බ්ලොග් කරුවෝ රනිල් ගේ මහ බැංකු වංචා ව නිසා අමා සැපක් ලැබී නන්නත්තාර විය.


උඩුවා ලමයාට අනිද්දා විය.. ඔහුට මුද්‍රණාලයාදිපති හරක් විජේ ගේම පිහිටය!

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ:
රනිල් ඔබ පොරකි. නියම කට්ට කරෝලයෙකි. ලඟින් ගියොත් ඇහැක් නැතිවන වර්ගයේ හතර කේන්දරේ පාලු පොරකි!!!

ඔබට ජය වේවා!!

Thursday, August 30, 2018

සම්මානිත මහදැනමුත්තා....







ඉන්දියානු වෙලෙඳ ගිවිසුම සහ සින්ගප්පූරු නිදහස් වෙලෙඳ ගිවිසුම වෙනුවෙන් සමාජ ජාලා වල හා රූපවාහිනී සාකච්චා වල දී පාදයක් පෙරට ගෙන ආරක්ශිත පහරවල් එල්ලකරන රොහාන් සමරජීව මහත්තයා මතකද?
එතුමා ප්‍රමානික විද්වතුන් අතර අප්‍රමානික හාදයෙකි...  LIRNEasia නැම්ති රාජ්‍ය නොවන සංවිදානයේ ආරම්භක සභාපතිවරයායි.

එම ආයතනයේ වෙබ් අඩවියේ සමරජීව මහත්තයාගේ ජීව විස්තර ඇතුලත් ව ඇත https://lirneasia.net/people/rohan-samarajiva/ 

පලමු පින්තූරෙන් පෙනෙන්නේ එම වෙබ් අඩවියේ සඳහන් ව ඇති පරිදි එතුමා ශ්‍රී ලංකාවේ සම්භාවනීය විශ්ව විද්යාලයක් වන  මොරටුව විශ්ව විද්යාලයේ සම්මානිත මහාචාර්ය වරයෙකු ව සිටි බව කියැවෙන පිටුවයි.

සරස තුමා කරුණු දැනගැණීමේ පනත යටතේ මොරටුව විශ්ව විද්යාලයට ලිපියක් යොමු කලේ සමරජීව මහත්ත්යා ගේ එම සම්මානිත මහාචාර්ය කතාවේ සත්ය අසත්ය තාවය දැනගැනීමටයි.

එම ඉල්ලීමට පිලිතුරු ලෙස මොරටු විශ්ව විද්යාලයේ ලේඛකාදිකාරී තැන්පත් ජවුෆර් සිද්දීක් මහතා සරස  තුමා වෙත එවූ ඊ මේල් පනිවිඩය ඉහත දැක්වේ!

ඔබ සැමට සම්මානිත මහදැණමුත්තන්ගේම සරණයි!!

Tuesday, July 31, 2018

මැන්ටල් කෝලම සමග මුහුනු පොතේ සාකච්චාවක්....






පසුගියදා මා මෙරට බිහිවූ ඉතාම සටකපට රාජ්‍ය නිලදාරියා වන මැන්ටල් කෝලම ( මැකෝ) සමග කරනා ලද මුහුනු පොතේ සාකච්චාවක්....

ලොක්කන්ට ගොට්ට ඇල්ලීමේ කලාවේ කෙල පැමිනි පිකාසෝලා මට පහර දෙන අන්දම බලන්න පින්වත්නි...


https://www.facebook.com/wwm.deshapriya

Kumara Kaluarachchi පිස්සු කතා කියමින් අපිට ලොන්තෙ නොදා චන්දෙ තියාපන් ..... බැරිනම් අස්වෙලා පලයන් ... ලැජ්ජ නැද්ද පින්පඩි කන්න?
Manage


Reply2wEdited
Mahinda Deshapriya . ඡන්ද විමසීම් ප්‍රමාදය ගැන ඔබ තුළ ඇති විරෝධය තේරුම් ගත හැකිය. එය ස්වභාවිකය. එහි කිසිදු අවුලක් නැත. ඡන්ද විමසීම් නිසි කාලයේදී තැබීමේ අවශ්‍යතාව ගැන ඔබ දක්වන උනන්දුව අගයමි.

කෙසේවෙතත් මෙම පෝස්ටුව හරහා අපේක්ෂා කරන්නේ ජනතා පරමාධිපත්‍යය , සර්වජන ඡන
See More

Manage


Reply2wEdited
Kumara Kaluarachchi Mahinda Deshapriya චන්ද නොතියන කොමිසමේ සබාපති.... මොකා මොන කාලේ මොන පණත ගෙනාවත් චන්දේ නැත්නම් පින් පඩි කෑම පහත් දෙයකි.... මහපාරේ හිගාකෑම ඔයිට ව්ඩා නම්බුකාරය.... ඔහේ නොකෙරෙන වෙදකමේ මහ වෙදා ය....
Manage


Like
Reply2w
Kasun Gunaratne රජයේ නිලධාරියෙකු මහජනතාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳ සෑහෙන දෙයක් ඉගෙන ගත්ත සර්..❤️❤️
Manage


Reply2w
Kumara Kaluarachchi Kasun Gunaratne රජයේ නිලදාරි පඩිකන්නේ මහාජනතාවගේ මුදලින් බව ඔබ නොදන්නේද? පවරපු වැඩේ නොකරන එකාට පඩි දෙන්නේ මොකටද ?
Manage


Reply2w
Kasun Gunaratne නැහැ මිත්‍රයා .. මා එයින් අදහස් කළේ එතුමාගේ කරුණු දැක්වීමේ සංයත බව පිළිබඳ ව පමණයි. මා උගත් දේ එයයි. භාවාතිශය නොවී විෂය මූලික ව පිළිතුරු දුන් ආකාරයයි. ඒ මිස ලබා දී ඇති පිළිතුර හෝ එහි අන්තර්ගතය හෝ නොවෙයි
Manage


Reply2wEdited
Kumara Kaluarachchi Kasun Gunaratne ඒ බොරු මවාපෑමකි.... තම රාජකාරිය නොකරන කෙනා මහජන අපවාද වැලැක්වීම උදෙසා කරනා රගපෑමකි... එම පිලිතුර කට් ඇන්ඩ් පේස්ට් එකක් බව ඔබට නොතේරුනාට මට නම් පැහැදිලිය
Manage


Reply2wEdited
Shenu Perera Kumara Kaluarachchi ඔක්කොම පැහැදිළි ඔබතුමාට හරියට කතා කරන්න නොදන්න එකයි ගැටළුව 🙂 අවම වශයෙන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්න අහන්නවත් නොහැකි වෙන්නේ ඇයි?
Manage


Reply2w
Kumara Kaluarachchi Shenu Perera බොරු කරනා එකාට කෙල මෝලෙන් ඇනිය යුතු බව නොදන්නේද?
Manage


Reply2w
වසන්ත නාවලගේ Kumara Kaluarachchi rate neethi hadanne parlimenthuwen. Ekakwath danne nathuwada pandi wadan denne.
Manage


Reply2wEdited
Kumara Kaluarachchi වසන්ත නාවලගේ චන්දෙ පවත්වන්නෙ නැත්නම් කොමිසම මොකටද? ඒකෙ සාමාජිකයන්ට පඩි සහ අනෙකුත් දීමනා දෙන්නෙ මොකටද ? චන්දෙ ඉල්ලලා කොමිසම බබා හුකුන් කෙලින්නෙ නැතුව උපරිමාදිකරනයට යා යුතුය "
Manage


Reply2w
Kumara Kaluarachchi තමා ගේ රාජකාරිය වන චන්දේ නොපවත්වන එකා කට් ඇන්ඩ් පෙස්ට් එකක් දමා මාරු විය... උගේ ලණුව කා මැතිවරණ සමාජ ජාලේ සාමාජිකත්වෙ ගැනීම සදහා ලොක්කා ඉම්ප්‍රෙස් කිරීමට පැමිනෙන්නන් වහා මෙහි එන්න...
Manage


Reply2w
Mahinda Deshapriya Kumara Kaluarachchi , මහත්මයාණෙනි , ඔබගේ මුල් කමෙමන්ටුවට මා පිළිතුරු ලෙස වෙනත් ස්ථානයක වූ සටහනක් අලවා එය edit කරන අතරතුර ඔබ තවත් පිළිතුරු කමෙන්ට් සටහන් කර තිබේ . මා මෙයට පෙරද කියා ඇති පරිදි ඡන්දවිමසීම් ප්‍රමාදය ගැන ජනතාව තුළ ඇති බරපතල විරෝධSee More
Manage


Reply2wEdited
Kumara Kaluarachchi උපරිමාදිකරනයට ගොස් චන්දෙ පවත්වන්න දින වකවානු නිකුත් කරන නියෝගයක් ඉල්ලා සිටන්න.... ඔබට චන්දෙ පවත්වන්න සැබෑ වුවමනාවක් ඇති බව පෙනෙන්නේ එතකොටයි
Manage


Reply2w
Kumara Kaluarachchi උපරිමාදිකරනය ඔබේ ඉල්ලීම ඉවත දැමුවොත් ඔබට ඉතා පැහැදිලි නිදහස ට කාරනාවක් තිබේ... එසේ නොකර මොන දේ කලත් එය පාලු ගෙයි වලන් බිදීමක් බව කරුණාවෙන් සලකන්න
Manage


Reply2wEdited
වසන්ත නාවලගේ Kumara Kaluarachchi parliament eka adikaranayata wada ihalin thiyenne. Chanda kal Danna 2/3 balaya labune parliament eken. Ekata chande dunna aya misa election commission eke weradi hayala wedak na.
Manage


Reply2w
Mahinda Deshapriya මේ ඡන්ද විමසීම දෙසැම්බර් / ජනවාරි තැබීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුව විසින් අදාළ නෛතික වාතාවරණය සැකසීම සදහා , දින වකවානු නියම කරගැනීම / මාර්ග සිතියමක් සැකසීම මෙම ජුලි මාසය තුළදී සිදු කරනු ඇතැයි ගරු කථානායකතුමා හා හා පළාත්සභා විෂයය බාර ගරSee More
Manage


Reply2wEdited
Kumara Kaluarachchi Mahinda Deshapriyaකතානායකවරයා විස්වාස නොකරන්න ... උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ලබාගන්න
Manage


Reply2w
Mahinda Deshapriya ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියෙද්දි ඡන්දෙ තියන්න කොට්ඨාස මොනවද කියල අනුමත වෙලා නැත්නම් මොන විදියටද තියන්නෙ. අපට තියෙන ප්‍රශ්නය ඒකයි. පළාත්පාලන ඡන්දවිමසීම්ට අදාළ නඩුවකදී සීමා නිර්ණය අවසන් නැත්නම්/ නීතිය නිසි ලෙස සැකසී නැත්නම් කොමසාරිස්ට / කොමිසමට කළ හැකි දෙයක් නැහැ කියල කියවිලා තියෙනවා. එනිසා පාර්ලිමේන්තුව තමයි මේක කරන්නට ඕනෑ. අප බලා සිටිනවා ,අපට කිවූ පරිදි විශ්වාසයෙන්. බලමු ,
Manage


Reply2w
Kumara Kaluarachchi ඕක තාක්ශනික කරුණක්. A technical point. උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ඉල්ලා සිටින්න කොමිසම ට අයිතිය ක් තියෙනවා . එසේ නොකර පාර්ලිමේන්තුව විස්වාස කරන්න ... කතානායක විස්වාස කරන්න ආදී කතා කියමින් කාලෙ කෑම වැරදියි. උපරිමාදිකරනයෙන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලොත් ඔබට නිදහස ට කාරනා තියෙනවා ... නැත්නම් ඔබ ආන්ඩුවෙ උවමනා ක්‍රියා වලට යටින් උදවු කරනා බවයි පෙනෙන්නේ
Manage


Reply2w
Mahinda Deshapriya Kumara Kaluarachchi මහත්මයාණෙනි , 
අප එදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළේ නැත. ඒත් එකලද විපක්ෂයේ අවලාද ලදිමු .
අදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා නොකරමු. එසේවුවත් දැන්ද විපක්ෂයේ චෝදනා තිබේ. 
See More

Manage


Reply2wEdited
Hansi Asanka Kuragama Kumara......uba kauru unath kamak na...rajaye niladarinta wadagath widihata katakarapan.....man metumawa danne boho kal sita.....obalage padada desapaluwanta mudalata ganna nohaki una rajaye niladariyek metuma.....anna aka matake tabaganu.
Manage


Reply2w
Dhananjaya Peiris Kumara Kaluarachchi..
මුග්ධයෙකු ලෙස රැඩිකල් හා ප්‍රසිද්ධ වචන යොදා ගනිමින් රජයේ නිලධාරියෙකුට පරිභව නොකරන්න..විලි විවර වී ඇත්තේ ඔබගේ ය..මදක් ඉනෙන් පහල බලන්න.

Manage


Reply2w
Lakmin Fernando Mahinda Deshapriya මහත්මයා.. ඔබ නවතින්න..... පදනම් විරහිතව, කරන චෝදනා හෝ යෝජනා සහ මැතිවරණ නීතිය හරිහැටි නොදැන කරන ප්‍රකාශ ඔබට ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකියාව තියනවානේ...... ඉතිං ඇයි ආයේ ආයේ Kumara Kaluarachchiට උත්තර දෙන්නේ????
Manage


Reply2w
Chamin Dennis Livera Kumara Kaluarachchi කාගෙ දරුවෙක්ද මහත්තයො ඔයා, මේ මනුස්සයා තමුන්ගෙ නොහොබිනා කතා සියල්ල ඉවසාගෙන විනීත ලෙස කරුණු සහිතව පිළිතුරු දෙද්දිත් නිකන් පිස්සු බල්ලෙක් වගේ බුරන්නෙ?
Manage


Reply2w
Kumara Kaluarachchi Mahinda Deshapriya ඔබ එක එක විකාර කතා සහ අතීත කතා කියමින් ප්‍රශ්නය මගහැර යන්නේය. දෙවියන් ගේ මෝලවත් අතුල සිටු තුමා ගේ බෝල වත් මෙයට අදාල නැත. ඔබ එකල සහ මෙකල බැණුම් ඇසීමද අදාල නැත. ප්‍රශ්නය මැතිවරණ කල්දැමීමට එරෙහිව මැතිවරණ පැවැත්වෙන දින පිලිබඳ නියෝගයක් ගSee More
Manage


Reply2w