Thursday, September 27, 2018

රනිල් ඔබ පොරකි

katta dry fish සඳහා පින්තුර ප්‍රතිඵල


හොඳ කට්ටා කරවල කිලෝවක් දැන් රුපියල් දෙදාහකට කිට්ටු ය. කරවල වලින් රජු කට්ටා වන අතර කට්ටා ලඟ ඇසුරුවාට අනෙකුත් කරවල කට්ටා බවට පත් නොවේ. වැරදිලාවත් කරවල වෙනුවට වෙන භාන්ඩයක් කට්ටා කරවල ලඟ ඇසුරුවොත් දෙයියන්ගේම පිහිට ය. කමිස කලිසම් ආදී ඇඳුම් පැලඳුම් කට්ටා කරවල අසල අසුරා තැබුවොත් විකිනීම බොරු ය.


දේශපාලනයේ හා රට පාලනයේ නොම්මර එකේ කට්ටා කරවලයා රනිල් වික්‍රමසිංහ මහතා ය. 


රනිල් ලඟින් හිටියොත් රනිල් ට කිසි දෙයක් නොවන අතර ලඟින් හිටි එකා අනාතය.. 
ලාන්තරස් ය...

රනිල් එක්ක සහවාසය කරන්න ගොස් ඇනගත්තු උදවිය ගැන ඇහෙන කතා දුක්ඛ සහගතය...

රටේ ජනතාව සුපිරිසිදු දේශපාලකයෙක් යැයි සිතා සිටි මෛත්‍රීපාල මහතා රනිල් සමග හැසිරෙන්නට පටන් ගත්තාට පසු කුණුකරවලයෙක් බවට පත් විය. 

රනිල් සමග ඩීල් ගැසූ අනුර කුමාර බොම්බිලි කිලෝවක තත්වයට වැටුනු අතර ජ වි පෙ කුණුමාලු බවට පත් විය. සම්පන්දන්ලා, මනෝ ගනේසන් ලා, රවුෆ් හකීම් ලා, දිගම්බරම් ලා, නැත්තටම නැති වී දේශපාලන ජෝකරයන් බවට අනුවර්තනය විය.

ක්‍රීඩාවේ කිරුලුපලන් අර්ජුන රණතුංග කඩප්පුලි හොරෙකු බවට පත් වී දැණ් රිලාසිරිලාගෙන් හොදි නැතුව අහගනිමින් සිටී.

රාජපක්ස සමයේ පොරක් වී නිර්භීත රාජකාරි කලා යැයි රඟපෑ මැකෝ දේසප්‍රිය වර්චස් බුදිනා සූර චෞරයෙකු බවට අනාවරණය විය.

අති දක්ශ පොලිස් නිලදාරියෙකු සේ නමක් දරා සිටි පූජිත ජයසුන්දර අන්දරේ සහ දොන් සිරිසේන අතර දෝලනය වෙමින් සිටී.

රාජපක්ස සමයේ යුද හමුදාපති ලඟදීම යුනිෆෝම් ගලවාගැනීමට නියමිත පොන්සේකා රජ වාසල කවටයා බවට පත් විය.

රවී කරුණානායකට ඇපත් නැති විය... දැණ් එයා ඇමති නොව පා ම කෙනෙකි.

ගොන් රැඩිකල් සන්නස්ගල ට දේසපාලනයෙන් ඉවත්වන්නට වූ අතර ඔහු වෙනුවට රත්මලාන ආසනයට පත් වූ හිරුනිකා ට යන එන අතක් නැති වී දුමින්ද සිල්වා නිදහස් ව එන තෙක් බලා සිටී...


ගෑනු හඬින් දේසනා කරනා ග්‍රන්ත කේන්ද්‍රේ බිල් නොගෙවන ආචාර්ය්ස් උපාදි නැති අනාචාර්ය මහාචාර්ය හරක් විජේසූරිය අලුත් පොද්දෙක් සොයමින් අනිද්දා පත්තරේ අච්චු ගසනා තැනට පත් විය...

සෝබිත කියලා එක්කෙනෙක් සැක කටයුතු අන්දමට අපවත් වී අපායට ගියේය.


සීයට හයේ නිර්මාල් මහරගම කඩේකින් රුපියල් දෙකක් ඉතුරු ඉල්ලමින් සිටී

අර්ජුන් ඇලෝසියස් පොලිසියට කට්ටි පනිමින් සිටිනා හොරෙකු වූ අතර ඔහු ගේ බෑනා වැලිකඩ සිටී.


ලිස්ට් එක බොහෝය....


සිංහල බ්ලොග් අවකාසෙ සමහරක් කස්ටිය ද ලාන්තරස් කර දැමීමට රනිල් සමත් විය.

බ්ලොග් වල වරායේ මම පොර ජාතකේ ලියූ හාදයෙක් අර්ජුන වරාය ඇමති වූ වහාම ගාල කඩාගෙන ඇවිත් නැවතුනේ සාමාන්ය පෙල ගණිතය අසමත් අර්ජුන ගේ මල්ලී යටතේ වැඩ කිරීමටය ... දැණ් ඒ හාදයා කොහෙද දන්නේ නැත...

අලුත පත් වුනු ආන්ඩුවේ වැරදි තියනවානම් තමන් ට කියන්න ය තමන් ඒ වැරදි අදාල තැණ් වලට දන්වා නිවැරදි කර යහපාලනේ රැකගන්නෙමි යී බ්ලොග් කොමෙන්ට් වල පොර ටෝක් දුන් පියන් කෙනෙකු යහපාලනේ කිසිම වැරැද්දක් නැති නිසා සංවේගයෙන් සිටී. රනිල් එක්ක තරහ වූ හැරී වියත්මග ප්‍රදාන ආරාදිතයා විය... හෆොයි!

යහපාලනේ මාරය යි ය රනිල් ආර්තික ඔස්තාර් කෙනෙක් ය කියමින් අපට විහිලු සැපයූ බොහෝ සිංහල බ්ලොග් කරුවන් ගේ පුංචි කාර්  සිහිනය රනිල් සුණු විසුණු කර දැම්මේය. ඒ ගැන අපට හෙන හැපී ය.

රාජපක්සලා හොරු ය කියමින් උඩ පැන්න සමහර බ්ලොග් කරුවෝ රනිල් ගේ මහ බැංකු වංචා ව නිසා අමා සැපක් ලැබී නන්නත්තාර විය.


උඩුවා ලමයාට අනිද්දා විය.. ඔහුට මුද්‍රණාලයාදිපති හරක් විජේ ගේම පිහිටය!

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ:
රනිල් ඔබ පොරකි. නියම කට්ට කරෝලයෙකි. ලඟින් ගියොත් ඇහැක් නැතිවන වර්ගයේ හතර කේන්දරේ පාලු පොරකි!!!

ඔබට ජය වේවා!!

19 comments:

  1. හිත රිදෙන කතන්දර බෝමයි... :D

    ReplyDelete
  2. චුවිංගම් ඔනෙද? බ්‍රේස්ලට් ඔනෙද? නැත්නම් පුංචි කාර් ඕනෙද???

    ReplyDelete
    Replies
    1. තරු 5 පෙජාතන්ත්‍රවාදය කතා කර කර හිටපු කරුවල ජයසීරිය හීන් බබා සීය වුනු හැටි මිස් වෙලා වගේ ?

      Delete
  3. හිහ් හිහ්.. සරසා තුමෝ, නරකද බල කරවල ගත්ත නම් විමල් විරවංශ උතුමාණන්ට අනුව ලේ වඩන කෑම ඔන් !!

    වැඩිය හිත නරක්කරගන්න එපා එන අවුරුද්දේ රාජපක්ෂ ලොක්ක බලයට ආවහමත් රනිල් ලොක්ක අද රාජපක්ෂ ලොක්ක ලබන ආරක්ශාවම ලබයි.

    ඔහෙලටයි අපිටයි තියෙන්නේ බදු ගෙවන්න !

    ReplyDelete
  4. අනේ පිටු බාගයයිනේ, රනිල් මෙයිට වඩා වැඩකාරයා මෙයා

    ReplyDelete
    Replies
    1. පවු කියලත් හිතෙනව රනිල් ගැන හෆ්ෆා

      Delete
  5. Wow great to see this kind of hilarious stuff (posts) mate. Brilliant post with superb creativity. Well done dude, please write more & more & let us enjoy. Thanks a lot for the entertainment. ������

    ReplyDelete
  6. Machang, don't insult katta and bala karawala comparing them to U am pee and Ponil. We eat bala karawala and Pol everyday. Api Balapitiye hariya?

    ReplyDelete
  7. හම්මා ...බුකියට මාරු උනාට පස්සේ අවුරුදු ගානකින් බ්ලොග් පෝස්ට් එකක් ඉවරවෙනකන් කියෙව්වා කාලෙකින් . එල

    ReplyDelete
    Replies
    1. අන්න ඊයෙත් ඇක්සිඩන්ට් එකකින් බේරිලා...
      ලඟ හිටපු දෙන්නෙක් ඉස්පිරිතාලෙ................

      Delete
  8. මිත්‍රයා මෙතරම් කලක් ඔබේ බ්ලොගය මට මගහැරීම විමතියක්. ලිවීමට ජය!

    ReplyDelete