Tuesday, October 2, 2018

පර්මිට් සංහිඳියාව

sri lanka national intergration cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



සිරි ලංකාවේ ජාතීන් අතර ඝස්ඨන ඇති නිසා ඒවා සමතයකට පත් කර සංහිඳියාවක් අත් පත් කරදීම සියලු විදේශ බලවේග වල ඒකායන පැතුම වී තිබෙන බව රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේ නැති අපට තේරුම් ගොස් බොහෝ කල් ය.

භාග්‍යයකට මෙන් ඒ සියලු ප්‍රතිඝාමී බලවේග පරාජයකර සිරි ලාංකික ජාතීන් අතර සැබෑ සංහිඳියාව අත්පත් කරගෙන ඇති බව ඔබ සැමට දන්වන්නේ මහත් සතුටකින් යුක්තව ය. 

එයට සාක්ශි ලෙස රජයේ වෛද්යවරුන් ගේ සංගමය (GMOA) විසින් ඊරිස්යාවට සමාජ ජාලා හරහා හෙලි කල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තම රථවාහන ආනයනය සඳහා ලැඹුනු බලපත්‍රය පරිහරණය කල අයුරු ඔබේ කාරුනික අවදානයට යොමු කරන්නෙමි. 



එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙකු වන කබීර් හශීම් මහතා තම බලපත්‍රය පරිත්යාග කර ඇත්තේ වැලිකල නම් සිංහල මහතෙකු ට ය. එයට කෘතගුණ සැලකීමට විජිතමුණු සොයිසා ඇමති තුමා තම බලපත්‍රය තෑගි කර ඇත්තේ සර්ජූන් නැමැති මුස්ලිම් පින්වතෙකුට ය. 

ඒ ලෙසින් ම:
ෆයිසර් මුස්තාපා ඇමති තුමා සිංහල ෆර්නෑන්ඩු කෙනෙකුට ද,
සුජීව සේනසිංහ ඇමති තුමා අලි අක්බර්සලෙබායි නම් මුස්ලිම් පින්වතෙකුට ද ට ද 
ඩග්ලස් දේවානන්ද දමිල මන්ත්‍රී තුමා  පෙරේරා නම් සිංහල කෙනෙකුටද
ඩී එම් එම් දිසානායක මන්ත්‍රී තුමා අබ්දුල් සතාර් නම් ඉස්ලාම් බැතිමතෙකුට ද කෙනෙකුටද
ජාතියක් නොදන්නා රෙජිනෝල්ඩ් කුරේ ආන්ඩුකාර තුමා  ජයබාස්කරන් නැමැති දමිල මහතෙකුට ද
දමිල මන්ත්‍රී සිදාහරන් මන්ත්‍රී තුමා සිංහල ෆර්නෑන්ඩො කෙනෙකුටද,
සිවමෝහන් ද්‍රවිඩ ජාතික මන්ත්‍රී තුමා මන්ත්‍රී තුමා සඳරුවන් නම් බෞද්ද පින්වතෙකුට ද
ඩී වී චානක මන්ත්‍රී තුමා මිස්ටාක් මොහොමඩ් නම් ඉස්ලාම් භක්තිකයෙකුට ද ආදී වශෑය්න් තම තමන් ගේ වාහන බලපත්‍ර පරිත්යාග කර ඇති බව එම ලියැවිල්ල කියැවූ අපට තේරුම් යයි.

දූසන විරෝදී රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා නුවර එලිය හෝටලයට තම බලපත්‍රය තෑගි දී ඇති අතර අතුරලියේ රතන හාමුදුරුවෝ අජිත් පන්ඩිතරත්න නම් දුප්පත් බෞද්ද දායකයෙකු ට තම බලපත්‍රය පූජා කර ඇත.


සධ්දර්ම හිතකාමී පින්වතුනි, 
අපේ රටේ ඉහලම තැනින් පටු ජාතිවාදයට හා ආගම් වාදයට දුන් මේ අතුල පහර නිසා මුලු රටේම සංහිඳියාව ඇති වන බව ඔබතුමන්ලාට පෙන්වා දීමට කැමැත්තෙමි.

ඒ වගත් මේසේම,

සරස තුමා වම්හ!


12 comments:

  1. ගොමා එවුන්ට ඉරිසියාව සරාසා ඔහේගේ පර්මිට් එකට ගත්ත එක කාටද වික්කේ

    ReplyDelete
  2. GMOA එකේ වෛද්‍යවරුන්ටත් permit හම්බ වෙනව නේද? ඒවත් අසරන රෝගීන්ට පරිත්‍යාග කරනව නේද? ඒක සඳහන් නොකලොත් අඩුවක්. ඔය 225 වගේද. එතන දහස් ගනනක්නෙ.

    ReplyDelete
  3. So Ano, GMOA members and Politicos are equal or politicos even better? I agree Ano, politicos are doing a much better job than doctors in this country, so we should give more to politicos and less to doctors? With people like you, no wonder this country fast becoming s banana republic. (Keerthi Vijebahu)

    ReplyDelete
  4. සරස

    GMOA ලැයිස්තුවේ වාහන වැඩි ප්‍රමාණයක් ටොයෝටා ලෑන්ඩ් කෲෂර් V8. ඉතිරිවා මර්සිඩීස් බෙන්ස් 350 GLX. විවිධ අනන්‍යතා දරන මහජන නියෝජිතයින් විශාල පිරිසකගේ තේරීම වාහන model දෙකකට පමණක් සීමා වීමෙන් පෙනෙන්නේ මේ අය කොයි තරම් සමජාතීය පිරිසක්ද කියන එකයි.

    අටවන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ යම් යම් සීමාවන් අනුව වාහනයේ වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් ඉක්මවන්න බැහැ. මේ ගොඩක් අයගේ වාහන වල එම අගය හරියටම උපරිම සීමාවට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ සියලු දෙනා විසින්ම කර තිබෙන්නේ තමන්ගේ වරප්‍රසාදයේ සීමාවට යටත්ව හැකි තරම් මිල අධික වාහනයක් ආනයනය කිරීමයි.

    මේ වාහන තමන්ගේ නමින් ආනයනය කර තිබෙන මහජන නියෝජිතයින් කෙසේ වෙතත් ඒවායේ වත්මන් අයිතිකරුවන් මේ වාහන මිල දී ගන්න කැමැත්තෙන් සිට ඇති හා ඒ සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නන්ට තරම් වත්කමක් තිබී ඇති අයයි. ඔවුන් මේ වාහන සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළා නම් එක් වාහනයක් වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 300 ඉක්මවන බදු මුදලක් රජයට ගෙවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදු වී තිබෙන්නේ ඒ බදු මුදල රජයට අහිමි වී බලපත්‍රලාභී මහජන නියෝජිතයා හා වාහනයේ වත්මන් අයිතිකරු අතර බෙදී යාමයි.

    බලපත්‍ර හරහා ආනයනය කල වාහනය විකුණා දමා ඇති මේ මහජන නියෝජිතයින් කිසිවෙකු දැන් බස් එකේ හෝ කෝච්චියේ යන්නේ නැහැ. ඔවුන් දැන් භාවිතා කරන්නේත් මෙවැනිම හෝ ඇතැම් විට මීටත් වඩා වටිනා නිල වාහන වෙන්න පුළුවන්. ඒ වාහන සඳහා වැය කර තිබෙන්නේත් මහජනයාගෙන් අය කර ගන්නා බදු මුදල්.

    මේ ලැයිස්තුව පිළියෙල කර ප්‍රසිද්ධ කර තිබෙන GMOA (රජයේ වෛද්‍ය නිලධාරී) සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ටත් වාහන ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙනවා. ඒ අය අතරින් වැඩි දෙනෙකුත් කොහොමටත් වාහනයක් මිල දී ගන්න ඉඩ තිබුණු අයයි. ඔවුනුත් රජයේ බදු ආදායම් පහළ ගොස් අයවැය පරතරය පුළුල් කිරීමට දායක වී තිබෙනවා.

    ඊට අමතරව මේ සියලු තීරුබදු සහන බලපත්‍රලාභීන් ලංකාව දැන් මුහුණ දී සිටින ගෙවුම් ශේෂ ප්‍රශ්නයට, සරලව කියනවානම් ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීමට, සෑහෙන තරමකින් පෞද්ගලිකව දායක වී තිබෙන අය නේද? (ඔය 225 වගේද, එතන දහස් ගනනක්) ඒක සඳහන් නොකලොත් අඩුවක්.

    ReplyDelete
  5. “If I knew how to speak the truth, I wouldn't've gone into politics.”
    ― Anthony T. Hincks

    ReplyDelete
  6. සරස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේදී US ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 ක් බවත් ඩොලර් බිලියන 1 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිතය.

    චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන ගැටලුව ඉදිරි වසර ‍2-3 කොහොමද හසුරවාගන්නේ කියන කාරණය, පේන විදිහට අපි ඉන්නේ ලෝක ආර්ථික අර්බුදයක් ආරම්භයේ, අපිට තාම ඒකේ අවසානයක් පේන්න නැහැ.

    ඉරානයට එරෙහිව මීළඟ මාසයේ සම්බාධක පැනවුවාම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද සරස?

    විනිමය අනුපාතයන් වෙනස් වන සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක ජීවත් වන සෑම කෙනෙක්ටම සිදුවනවා ඔබ ලබාගන්න බෙහෙත් වගේම ආහාර ද්‍රව්‍ය සඳහා වැඩිපුර ගෙවන්න. කොච්චර කාලයක් මේ තත්ත්වය බලපායිද සරස? සමහරු කියනවා මාස කිහිපයක් වෙයි කියලා, සමහරු අනුමාන කරනවා 2020 වෙනකම් මේ තත්ත්වය පවති කියලා. කොහොම වුණත් ආර්ථිකය ආරක්ෂා කරගන්න රනිල් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නවා.

    පළවෙනි තීරණය කෙටි කාලීන පියවර ගන්නවා විදේශ විනිමය රටෙන් පිටතට යාම වළක්වන්න. නමුත් අපනයන ආර්ථිකය වැඩි කරන්න සිදුවෙනවා. අපනයන ආර්ථිකය කිව්වම අපනයන භා‍ණ්ඩ පමණක් නෙමෙයි සේවාවන් පවා ඊට ඇතුළත්.

    රනිල් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහටම ආර්ථිකය පවත්වාගෙන යන ගමන් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වියදම් සිදුකරමින් ඒවාත් අඛණ්ඩව පවත්වාගෙන යන්න සරස.

    ReplyDelete
  7. සරස තුමා මුන් හදන්නේ ජනතාව බඩගින්නේ ටික දවසක් තියලා ඊට පස්සේ කන්න ඕන නම් අලුත් වියවස්තව සම්මත කරන්න ඕන කියල බටහිර බැංකුවක් මගින් දැනුම් දීලා මිනිසුන්ගේ චන්දය අලුත් වියවස්තාවට පක්ෂව ලබා ගන්න.

    රටට මෙච්චර හෙන ගහද්දි මළබද්ද ඒකබද්දේ එවුන් බම්බු ගහනවද සරස තුමා? යකෝ වෙන රටක මෙහෙම වුනා නම් මෙලාට ආන්ඩුව පෙරලලා, මුන් හැමෝම මේකෙ ඩීල් දාගෙන එකට ඉන්නෙ, මළ බද්ද ඇතුලු ඔක්කොම බදු අපිට තමා සරස තුමා.

    මේ ආන්ඩුව කීයටවත් උන්ට දුන්න න්‍යාය පත්‍රය ඉවර කරනකන් ඡන්ද තියලා ගෙදර යන්නේ නෑ. ඡන්දෙකින් බලය ගන්න හිතා ඉන්නවා නං ඒක මිරිඟුවක්. ආන්ඩුව මොන ක්‍රමෙන් හරි පෙරලලා ඊට පස්සේ ඡන්දෙ තිය යුත්තේය. නැත්තං අපිට ජීවත් වෙන්න රටක් ඉතිරි වෙන එකක් නෑ සරස තුමා.

    ReplyDelete
  8. සරස

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා 4% ටත් වඩා 2018 වසරේදී පහළ බැසිය හැකි බව පවසයි.

    මේ බව සඳහන් කර ශ්‍රී ලංකා රජයේ බදු ආදායම අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවී ඇති බැවින් මීළඟ අයවැය තුළින් බදු ආදායම ඉහළ නැංවීමට අවධානය යොමු කරන ලෙස ද මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ පරිදි ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීම පැසසුමට ලක් කරන
    මූල්‍ය අරමුදල විදුලි සැපයුම සඳහා ද කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි රජයෙන් ඉල්ලා සිටී.

    ReplyDelete
  9. සරස තුමා,

    ශ්‍රී ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් නිසා අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කරන්නට බැහැ. මම තීරු බද්ද නිදහස් වාහන (Duty Free permit holders) පිළිබඳව කතාකරන්න යන්නේ නැහැ මොකද 2017 වසරේ ඩොලර් බිලියන 19 ක් වෙච්ච සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කරලා තියෙන්නේ 4.4% වගේ මුදලක්. ඒ නිසා වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සීයට 4.4% පමණයි. මේක අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

    රුපියල කඩා වැටෙන්නේ අපේ රටේ ආනයන වැඩි වුණු නිසා නොවෙයි සරස තුමා අපේ රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට ආයෝජකයින් කටයුතු කරන නිසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආනයන සීමා කිරීමේ අරමුණින් වාහන ආනයනය සහ ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමේ විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේම මහ බැංකු වාර්තාව පෙරළා බැලුවනම් තේරුම් ගනීවි මෙයින් කිසිදු ඵලදායි දෙයක් සිදු නොවන බව.

    විදේශ ආයෝජන අපේ වෙළෙඳ පොළේ තුන් තැනක පැවතුනා;

    පළමු තැන මුල්‍ය වෙළඳපොලයි. මහබැංකු බැඳුම්කර වංචාවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වූ නිසා ඩොලර් බිලියන ගණනින් 2015 සිට ඔවුන් අඛණ්ඩව රටින් පිටතට රැගෙන ගියා.

    දෙවැන්න තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය. 2015 ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරපු ඉතාම අතාර්කික විනාශකාරී අය-වැය දැක්කයින් පස්සෙ රටේ ආර්ථිකය කඩා වැටෙන බව විදේශ ආයෝජකයන් කලින්ම දැකපු නිසා කොටස් වෙළෙඳ පොළේ තිබෙන ආයෝජනයන් අරගෙන යන්න ඔවුන් කටයුතු කළා.

    තුන්වැනි එක තමයි සෘජු ආයෝජන කියන්නේ ව්‍යාපාර විදිහට මෙරට ආයෝජනය කර ඇති මුදල්. ලෝකයේ දැවැන්තම විදේශ ආයෝජකයා වන චීනයේ ජනාධිපතිවරයා මුල්ගල තබා ආරම්භ කරන ලද කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ඒකපාර්ශිකව නතර කරහම පුංචි ආයෝජකයෝ සිතුවා ලෝකයේ සිටින ලොකුම ආයෝජකයාට මේ රජය මෙහෙම කනට ගහනවනම් පුංචි අපට කොහොම කරයිද කියලා. ඒ නිසා ආයෝජකයන්ගේ සෘජු විදේශ ආයෝජන මෙරටින් අරගෙන යන්න ඔවුන් පටන් ගත්තා.

    මෙන්න මේ විදේශ ආයෝජන රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රුපියල කඩාගෙන වැටෙන්නේ, චීනය අද කිසිම අලුත් ව්‍යාපෘතියක් ලංකාවේ පටන් අරගෙන නැහැ, රාජපක්ෂ යුගේ පටන් ගත් ව්‍යාපෘති කරගෙන යනවා පමණයි.

    ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර ගිහින් රට කළ හැකි JVP අයට මේ රට බාර දීම සරස තුමා.

    ReplyDelete
  10. ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් -ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

    "රටේ ඩොලර් සංචිත තවත් ඉතිරිව ඇත්තේ ඉදිරි මාස දෙකක ආනයනයට පමණක් බවත්, ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ ඊයේ (03දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනිල් ජයන්ත එසේ පැවැසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

    "ශීඝ්‍රයෙන් සිදුවන රුපියල අවප්‍රමාණය වීම නවතාලීම සඳහා අපේ රටේ විදේශීය මුදල් සංචිත ඩොලර් මිලියන එකසිය අසූහතරක් මුදාහැරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

    මේක අතීසාරයට අමුඩය ගැසීම වැනි දෙයක්. විදේශීය සංචිත ඩොලර් තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක භාණ්ඩ ආනයනයට පමණයි. ආහාර, ඉන්ධන, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීම අඩු කිරීමට සිදු වුණොත් අප මුහුණ දෙන තත්ත්වය ගැන සිතීමට පවා අපහසුයි."

    "රුපියල අවප්‍රමාණය වන්නේ ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාම නොවෙයි. අපේ රටේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසායි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වැඩි කරලා. අපනයනය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා. කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමේ ආදීනව අපි දැන් අත්විඳිමින් සිටිනවා."

    "පසුගිය වසර තුනක කාලය ඇතුළත රුපියල සියයට විසි තුනකින් කඩා වැටිලා. ආණ්ඩුව සියයට නවයක් කියලා පෙන්වන්නේ වාර්ෂික කඩා වැටීම පමණයි. තායිලන්තය, වියට්නාමය, මැලේසියාව ඇතුළු බොහොමයක් රටවල මුදල් ඒකක කඩා වැටිලා නැහැ. හේතුව ඒ අයගේ අපනයන ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑමයි."

    "අපේ රටේ ආනයන වියදම අපනයනයට වඩා ඩොලර් මිලියන නව දහස් හයසීයකින් වැඩියි. කියන්න ලැජ්ජයි අපි මෙහෙම හරි බේරිලා ඉන්නේ දුප්පත් මිනිසුන් මැදපෙරදිග ගිහින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව එවන ඩොලර් මිලියන හය දහසකට අධික වූ මුදල් ප්‍රමාණය නිසයි. රට මේ වගේ තත්ත්වයක තිබියදීත් ඉතාම සුළු පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මහා පරිමාණ මූල්‍ය වංචාවන් බහුලව සිදු වෙනවා.

    පසුගිය දිනවල සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා නිසා රුපියලේ කඩා වැටීම වේගවත් වුණා."

    "අපි ඉල්ලීමක් කරනවා දේශපාලන භේදයකින් තොරව සියලුම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න එන්න කියලා."

    ආර්ථික විද්‍යාඥ තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ හා ආචාර්ය චන්දන ජයලත් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ."

    සපුමල් ජයසේන
    By mawbima
    2018-10-04

    ReplyDelete
  11. සරස තුමාගේ මේ ධාර්මික ලිපිය කියවලා සත්‍ය අවබෝධ වුණා හිටං...

    ReplyDelete
  12. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete