Friday, December 22, 2023

ජෙප්පො චන්දෙ දිනුවොත් ....

 


ඇත්තටම ජෙප්පො චන්දෙ දිනුවොත් ඒක රටේ ලොකු වෙනසක් කිරීමට ඉඩ තියෙනවා...


ජෙප්පො දිනපු ගමන් ග්‍රාමීය පසුගාමී ජෙප්පො සැට් එක තම තමුන් ගේ ගම් වල තියෙන වගා බිම් සහ ව්යාපාරික ආයතන වලට පැනලා ඒවා අල්ලාගෙන පක්ශයේ සාමාජිකත්වයට ඒවා බුක්ති විඳින්න අවසතාව සලස්සලා සාමාන්ය ජනතාව සමූහ ගොවිපොලවල් සහ සමූහ කම්කරු කම්හල් වලට ගාල් කිරීම තමා සිද්ද වෙන්න ඉඩ තියෙන්නේ...


එවන් දෙයක් වුනොත් මෙච්චරකල් ජෙප්පන්ට ආසිසිරි ගීත ගායනා කල යමක් කමක් ඇති අයට තමුං ගෙ ගේ දොර ඉඩකඩම් හරකා බාන සහ යාන වාහන ගමේ ඉන්න හරිහමං රස්සාවක් නැති මිනිහෙක් ගෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි නිර්මාල් වගේ ඩෑල් බලහත්කාරෙන් අත්පත් කරගන්නවා බලලා දුකටම සෙත්ත පෝච්චි වෙතෑකි...


හැබැයි ලංකාවෙ දේසපාලනේ ගැන සලකා බැලුවාම වෙන්නෙ ඊට වෙනස් දෙයක්.


ජෙප්පො දිනාපු ගමන් ම මෙච්චරකල් මයිනද මාතියාට, රනිල් මාතියාට සහ සජිත් කොලුවාට කඩේ ගිය සමස්ත ලංකා ප්‍රොෆෙශනල් දේසපාලන පසුතල පහසුකම් සපයන්නන් ඔක්කොම අනුර කුමාඅර දිසානායක ප්‍රමුඛ ජෙපි පාටියට සෙට් වෙනවා. මෙතුවක් කල් ජෙප්පන් ට කඩේ ගිය ග්‍රාමිය පසුබට ජෙපි ප්‍රජාව එලියට තල්ලු කරලා උන් ජෙපි පක්සේ තීරණ ගන්න අය ගාව ප්ලාන්ට් වෙනවා.... ඊට පසෙ ඉතිම් ඔය ඇමෙරිකාවෙ එම්බසියට හෝ ඉංගලන්තෙ මහ කොමසාරිස් කාරියාලෙට ඕනි විදියට උඩිං සමාජවාදී යටින් දනවාදී පරිප්පු හොද්දක් හැදෙනවා... එච්චරයි!!!

Wednesday, December 20, 2023

ජනතාවගේ 2024 මැතිවරණ උදෙසා වන උපදෙස්. People's guide to 2024 elections.




2024 දී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පලාත්සභා මැතිවරණ පැවැත්වෙන බව කනින් කොනින් ඇසේ. ඒ සමගම සාම්ප්‍රදායික නොවනා ව්යාපාරිකයන් සහ වෘත්තිකයන් ද මේ මැතිවරණ  සඳහා ඉදිරිපත් වන බවද පැවසේ. එක් පාර්ලිමේන්තු ආසනයක් ඇති රනිල් වික්‍රමසිංහ, විපක්ශ නායක සජිත් , පොහොට්ටුව සහ ජාජපෙ මාලිමාව මේ චන්ද වල තීරකයන් වනු ඇත.


එවන් ව්යාකූල පසුබිමක ඔබගේ වටිනා චන්දය පාවිච්චි කරන්නේ කා වෙනුවෙන් ද? මෙන්න ඒ සඳහා ඔබට ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය:


ඔබ "ටොයියෙක්" නම් පහත නම් සඳහන් අයවලුන් පෙනීස්ටිනා පක්ශ සහ අයවලුන් වෙනුවෙන් ඔබගේ චන්දය පාවිච්චි කරන්න.


ඔබ "බයියෙක්" නම් පහත නම් සඳහන් අයවලුන් විරුද්ද වන පක්ශ සහ අයවලුන් වෙනුවෙන් ඔබගේ චන්දය පාවිච්චි කරන්න.


මෙන්න ලිස්ට් එක;


ජූලි චං 

පාකියසෝති සරවනමුතුතු 

ජෙහාන් පෙරේරා

ඕමල්පේ සෝබිත

ජීවන්ත පීරිස්

රැට්ට බට්ට සුට්ටා ආදී ටික් ටොක් කාරයන්

බනිස් අලී

දමිතා සළුවඩන

සමනලී පොංසේකා

මැල්කම් රංජිත්

නිර්මාල් දේවසිරි

සුනන්ද දේසප්‍රිය

නිමල්කා පෙරේරා

ගල්කන්දේ

පැටුං කුරුනේරු

සන්ධ්යා එක්නැළිගොඩ

දීපානි සිල්වා

අජන්තා පෙරේරා

නදී කම්මලිවීර

නන්දා මාලිනී



ලිස්ට් එකට අයත් විය යුත් එහෙත් මට අත පසු වූ උදවිය යෝජනා කිරීම ඔබට බාරයි!

Wednesday, December 13, 2023

ටැක්ස් කතා II

 



ටැක්ස් ගහනවා වැඩී කියලා කම්ප්ලේන් කරන උදවිය ගේ දැණගැණීම සඳහායි...


ඔස්ට්‍රේලියාවේ ජාතික ආදායමෙන් ටැක්ස් නොවන ආදායම 7% පමනයි.  සමස්ත ආදායමෙන් 45% ම ලැබෙන්නේ පෞදලික ආදායම් බදු වලිනුයි!!

Tuesday, November 14, 2023

ආර්තික අවපාතයෙන් ගොඩ එන මග!

 


වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට  වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 14, 2023) තීන්දු කළේය.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ.


එහෙත් එම ආර්තික අවපාතයට හේතුව වග උත්තරකරුවන් ගේ වංචාව දූශනය හෝ සොරකම බව එම තීන්දුවේ සඳහන් නැත. 


එසේ රාජපක්ශලා නොගත් පියවර මොනවාද? එම තත්වය ජයගැනීමට වර්තමානයේ ගන්නා පියවර මොනවාද යැයි අපි සොයා බලමු.


1. ඉන්ධන මිල 50% පමන ඉහල දැමීම

2. විදුලි ගාස්තු 50% පමන ඉහල දැමීම

3. ජල ගාස්තු ඉහල දැමීම

4. උපයන විට ගෙවනා බද්ද වැඩි කිරීම

5. රඳවාගැනීමේ බද්ද වැඩි කිරීම

6. ආදායම් බද්ද වැඩි කිරීම

7. උපාදිධාරීන් ට රැකියා නැවැත්වීම

8. සියලුම රජයේ පත්වීම් සහ බඳවාගැනීම් වැලැක්වීම


මෙයින් පෙනී යන්නේ කුමක්දැයි විමසිල්ලෙන් කල්පනා කර බලන්න! ඉන් පසු විදුලි, ඉන්ධන ජල බිල්පත් ඉහල දැම්මාය, බදු වැඩි කලාය, අලුතින් රස්සා නැත කියමින් කෑ කෝ නොගසා අධිකරණ තීන්දුවට හිස නමන්න!



Tuesday, February 21, 2023

සමාජවාදී රාජ්‍යයක පරිපාලනය

 

අඅපි බලයට පත් වුනාම රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරනවා, පලදායිතාව වැඩි කරනවා, දූශිත නිලධාරීන් අවුරුදු තුනකට හිරේ දානවා ආදී වශයෙන් දේශපාලන වේදිකාවල කෙරෙනා කථා ඔබ අසා ඇත. පවතින රාජ්‍ය සේවකයන් ම යොදාගෙන එලෙස කාර්‍යක්ශමතාව හා පලදායිතාව වැඩි කරගෙන තම පාලනයට අකුල් හෙලන නිලධාරීන් සිරගත කරනා ක්‍රමවේද කුමක්ද? එවන් පරිපාලනයක් උදාකිරීමට ඔවුන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම මොනවාද?


සමාජවාදී රාජ්‍යයක පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරිපාලනයට වඩා වෙනස් වන්නේය.  අධිකරණය, ත්‍රිවිද හමුදා, පොලිසිය ඇතුලු සියලුම රාජ්ය ආයතන වල ඉහල පුටු වලට පක්ශ සාමාජිකත්වය ඇති අය ස්තානගත කරනු ඇත. එලෙස පත් කරනු ලබන අය මීට පෙර ලොකු වගකීම් නොදැරූ, සමහර විට මීට පෙර කිසිම රැකියාවක් නොකල, වසර ගනන් සරසවි වල විබාග අසමත් වෙමින් යන්තම් උපාධිය සම්පූර්ණ කල පක්ශයේ පූර්ණකාලීන් වීමේ වැඩි හැකියාවක් ඇත (සාමාන්‍යයෙන් පක්ශයේ පූර්ණකාලීන් වන්නේ එවන් කුලකයට අයත් වන්නන් බැවිනි!). 


අධිකරණය මෙතුවක් කල් භාවිතා කල නීති පධ්දති සමාජවාදී ක්‍රමයකදී වෙනස්වීම අනිවාර්ය ක්‍රියාවකි. දැනට අධිකරනයේ සේවය කරනා සියලු පාර්ශවකරුවන් ව නැවත අධ්යාපනයකට ලක් කර එය සමාජවාදී ක්‍රම වලට අනුගත කරනු ඇත. නඩුවක දී විත්තිය හා පැමිනිල්ල යන උභය පාරශවය වෙනුන් ම රජයේ නීතිඥයන් පෙනී සිටිනා බැවින් පෞද්ගලික නීතිඥ වරුන් අවශ්‍ය නොවනු ඇත (1973 දී කියුබාව නඩුවකදී පෞද්ගලික නීතිඥය සහාය ලබාගැනීම අහෝසි කලේය!).


ත්‍රිවිද හමුදා වල හා පොලිසියේ සේනාදිනායක අණදෙන්නා වන්නේ පක්ශයේ ලේකම් තුමා ය (උදාහරනයක් ලෙස වර්හමාන චීනයේ කොමියුනිස්ට් පක්ශ ලේකම් ශි ජින් පිං චීන සන්නධ්ද හමුදා වල අණ දෙන නිලධාරී වන්නේය!). ත්‍රිවිද හමුදාවට අයත් සියලු පහසුකම් දේශපාලන මංඩලයේ පොදු පහසුකම් වන්නේය. ත්‍රිවිද හමුදා පත්කිරීම්, උසස්වීම් සහ සේවයෙන් පහකිරීම් පක්ශ ලේකම් හරහා දේශපාලන මංඩලයේන් සිදු කරනු ඇත.



සියලුම රාජ්‍ය ආයතන වල දිනපතා කරන කියන දෑ පක්ශයට වාර්තා කිරීම උදෙසා දේශපාලන නිලදාරීන් හෙවත් පොලිට්කල් කොමිසාර් ලා පත් කෙරේ. රස්සාව බේරාගැණීමට නම් එවන් පොලිටිකල් කොමිසාර් ලා සමග යහපත් සමබ්න්දතාවයක් පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය වේ! 


වගාබිම් සමූහ කොමියුන වලට බාරදී ඒවා පරිපාලනයට පක්ශයෙන් අධ්යක්ශක මන්ඩල පත් කෙරෙනු ඇත. තම ජීවිතයම කුඹුරට කැප කල ගොවියාට උපදෙස් දීමට සරසවි වල වසර ගනන් අංඩර කෑ ඇට්ටරයන් අධ්යක්ශකවරුන් ලෙස ඉදිරිපත් වනු ඇත.


පෞද්ගලික සමාගම්, ව්යාපාර හා කම්හල් වල අයිතිය රජයට මාරු වන අතර අධ්යක්ශක මන්ඩල වලට පක්ශ සාමාජිකයන් පමනක් පත් කෙරෙනු ඇත.  


ගමේ මරණාධාර සමිතිය, පන්සලේ දායක සබාව, මහිලා සමිතිය වැණි සියලු සමිති සමාගම් පක්ශ නියෝජිතයන් ගේ අනුදැනුම සහ උපදෙස් මත පමනක් ක්‍රියාත්මක වනු ඇත. 


පෙර පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා සියලුම අධ්යාපන ආයතන වල බලය හා පරිපාලනය කෙලින්ම පක්ශය විසින් අත්පත්කරගෙන පක්ශයේ දේශපාලන මංඩලය විසින් අනුමත කරනු ලැබූ විෂයය නිර්දේශය භාවිතයට ගැනෙනු ඇත. 


වැඩපොලේ , වගාබිමේ තමන් ලඟම සිටින පුද්ගලයා තමා පිලිබඳව පක්ශයට ඔත්තු සපයනවාදැ‍යි බියෙන් ජීවත්වීමට මහජනතාවට සිදු වනු ඇත. සමහර විට එකම පවුලේ උදවිය පවා තම දෙමාපියන්ට හා සොඉයුරු සොයුරියන් ට විරුද්දව පක්ශයට ඔත්තු සැපයීම පවා සිදු වනු ඇත. 


මේ කමියුනිස්ට් ක්‍රමයක් යටටේ සිද්ද වෙන්න හැකි දේවල් වලින් අතලොස්සක් පමනකි.  

Friday, February 10, 2023

පූර්ණකාලීන දීමනා සහ බදු

 



ජ වි පෙ පූර්ණකාලීන් ට සහ පක්ශයෙන් පත් වන පාර්ලිමේන්තු, පලාත්සභා හා පලාත්පාලන ආයතන මංත්‍රී වරුන් ගේ සියලු වැටුප් පක්ශ අටමුදලට බැර කරනා බව පුවුන් පවසන්නේ ආඩම්බරයෙනි. පඩි නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවාම වැටුප් වෙනුවට පක්ශයෙන් ඔවුන් හට මාසික දීමනාවක් ලැබෙන බව පිලිගනිති.


ශ්‍රී ලංකා පුරවැසියන් හට රුපියල් වලින් ලැබෙනා සියලු වැටුප් හා දීමනා ආදායම් බදු වලට යටත් බව නීතිය රැකගන්න කෑමොර ගසනා ජවිපේ පූර්ණකාලීන් හා මංත්‍රී ලා දනිති.


එසේ නම් පසුගිය ජනවාරි මාසයේ ඔවුන් හට පක්ශයෙන් ලැබුනු දීමනාවට ආදායම් බදු ගෙවුවාදැයි මම ඔවුන් ගෙන් විමසීමට කැමැත්තෙමි. 


අඩුම තරමින් ලක්ශ හතරක් පහක් මාසික දීමනා ලෙස ලබාගන්නා පූර්ණකාලීන් හා මංත්‍රී ලා ජවිපෙ සිටිනා බව මගේ ඇස්තමේන්තුවයි. 

 එහි දී මා වැරදි නම් නිවැරදි කරන ලෙස ජවිපේ වගකිවයුත්තන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


යම් ලෙසකින් ලක්ශය වඩා දීමනා ලබාගෙන උපයනවිට ගෙවනා බදු  ගෙවා නැත්නම්, එය සිරගත කල හැකි වැරද්දක් වන බව මා කපුරුහාමිලාට මතක් කර දීමට කැමැත්තෙමි!