Tuesday, January 21, 2025

උපාධි කෝච්චිය


 කෝච්චිය

-------------

කෝච්චිය වනාහී විටෙක ජොලිසහගත ද, විටෙක විචිකිච්චා සහගත ද විටෙක විනාශකාරී ද උපාධි ප්‍රදානය කරනා ආයතනයකි. තඹුත්තේගම ඉස්ටේසමෙං ටිකැට් නැතුව යාල්දේවී කෝච්චියේ එල්ලී ටොපි සිකැරැට් විකුනා තුන් වෙනි පංතියේ  දුම් රිය උපාධිය ගත්තු එකා ජනා විය. එය ජොලිසහගත යැ! ඇල්ල ඉස්ටේසමෙං කෝච්චියේ එල්ලී වඩේ විකුනා දුම් රිය උපාධිය ගත්තු එකා ටොපි සිකැරැට් උපාධිකාරයාට නෙලන්නේ දොඹෙන් ම යන්න යැ! ඌ නම් පලමු පන්තියේ විමර්ශන මැදිරි ලෙවල් එකේ බුවෙක් යැ.  මුං දෙන්නාටම උඩින් ඉන්නේ හයිද්‍රාබාද්  කෝච්චි වල තේ විකුනා උපාධිය ලැබූ චායි බෝයි මෝදි යැ.


කියවන ඔහෙලාට වන්දේ මාතරං යැ!

3 comments:

  1. සාරස

    ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලා ඉන්නේ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. ඒ කුල වලින් ප්‍රධානතම දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ.

    මේ වගේ කුල නියෝජනය කරලා බලයට පත්වන ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට තම කුල අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය එවැනි කුලවල අනන්‍යතා භාවිතා කර දේශපාලන බලය තුල ඉදිරියට ආපු අය. සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ. මොකද දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කළේ. වහුම්පුර කුලය නියෝජනය කරපු එම කුලයේ පවුලක උපන් දක්ෂ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් විදියට අපට දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි හඳුන්වා දිය හැකියි.

    මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වුණ එස් ඒ නන්දසේන මියයන විට 78 වැනි වියෙහි පසු වූ ග්‍රන්ථ 55 ක කතුවරයෙක් ලෙස 1945 මාර්තු 27 දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවා. වහුම්පුර කුලයට ආභරණයක්න්ද වුණ ආචාර්ය නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විදියට කැලණිය විශ්වවිද්‍යාලයටත් ආභරණයක් වුණා.

    ReplyDelete
  2. @ Sarasa,

    Is this news true?

    //

    එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී

    CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.

    මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු

    කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.//

    https://www.facebook.com/share/p/1DjfNJCyUT/

    ReplyDelete
  3. වර්තමාන ලංකාවේ ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බවත් අවාසනාවන්ත ලෙස එය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බවත් එම පක්ෂයේ න්‍යායාචාර්යය වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

    ජාතික ජන බලවේගය වන තමාගේ පක්ෂයට ලැබුණු අතිශය බහුතරය පාවෙන ඡන්ද බවත් ආණ්ඩුව කෙරේ දැඩිලෙස බලාපොරොත්තු සහිතව ලැබුණු එම ඉතාම අස්ථාවර පාවෙන ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් ඉතා විශාල ලෙස කැපවී ධැඩ කිරීමට සිදුවන බවද එතුමා කියා සිටි.

    මීට පෙර ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන් රැවටූ මහින්ද රාජපක්ෂ කල ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් කිසිසේත්ම වර්තමාන සමාජය තුල ඉදිරියට යාමට තබා මෙලෙසම දිගටම යාමටවත් නොහැකි බවද පෙන්වා දුන්නේය.

    තාවකාලිකව එවන් ලාබ බාල නාටක වැනි ක්‍රියාවලි හරහා ජනතාව ක්ෂණිකව උද්දීපනය කළහැකි නමුත් කොහෙත්ම දිගුකාලීනව රඳවා ගැනීමට නොහැකි බවත් ලංකාවේ බහුතර ජනතාව නිතරම තම පෞද්ගලික වාසි ගැන, සරලවම කීවොත් බඩ සහ සාක්කුව ගැන නිතර වැඩි බරකින් හිතන බවද ඔහු කියා සිටියි.

    දෙරණ නාලිකාවේ පැවැති මෙම Big Focus වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    එම වැඩසටහන මෙතනින් බලන්න;

    https://m.youtube.com/watch?v=AX_AHbqZiKc

    ReplyDelete