Thursday, November 1, 2018

රාජකීය උදවු!


Image may contain: 5 people, people smiling, people sitting and indoor


බන්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලයේ ආදි ශිශ්‍ය විජිත හේරත් කොලඹ රාජකීය විද්යාලයේ ආදි ශිශ්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අනෙකුත් රාජකීය ආදි ශිශ්‍යයන් වන

සජිත් ප්‍රේමදාස
කබීර් හශීම්
මලික් සමරවික්‍රම
සාගල රත්නායක
මංගල සමරවීර
ගයන්ත කරුණාතිලක
රවි කරුණානායක
ස්වාමිනාතන්
හර්ශ ද සිලා
එරාන් වික්‍රමරත්න
ලක්ශ්මන් කිරිඇල්ල
රාවුෆ් හකීම් වැනි අයගෙන් සමන්විත අගමැති ප්‍රමුඛ ඇමති මංඩලය ප්‍රතිශ්ඨාපනය කිරීමට දිවි නොතකා ඩොලර් තකා ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් විලිලැජ්ජාවෙන් පිරි සාතිශය තන්තෝසය!

අපත් එසේම සරස තුමා වම්හ



5 comments:

  1. අපේ රටේ උගත් අර්ධ උගත් බොහෝ දෙනා කැමති නිතී රීති තුට්ටුවකටක් මායිම් නොකර තමන්ට කැමති කැමති විධියට ජීවත් විය හැකි රටක්. එතනදී democracy, good governance, equality වැඩක් නෑ.

    ReplyDelete
  2. ලංකාවේ මේ දේශපාලන අවුලෙන් වැඩියෙන්ම මානසික ව්‍යාකූල බවකට පත් වෙලා ඉන්නෙ අර අපිත් එක්ක යහපාලනය ගේනවා කියල social මීඩියා වල උදේ හවා දොඩවල දොඩවල රනිල් ආවට පස්සේ ඔය එක එක රජයේ ආයතන වලට රිංගා ගත්ත/ මීඩියා ආයතන වලට රිංගා ගත්ත සෙට් එක සරස. මුන් ඇත්තටම කළේ අපි වගේ මිනිස්සුන්ව පාවල දුන්න එක.

    සරස මා ඇතුළු බොහොමයක් මහින්දව එලවන්න සහය වුනේ අවංකවම යම් වෙනසක් මුන් කරාවි කියන බලාපොරොත්තුවෙන්, හැබැයි ඔය සෙට් එක නම් කළේ අපි වගේ මිනිස්සු අන්දලා උන්ගේ බඩගෝස්තරය වඩා ගත්ත එක. දැන් ඉතින් බඩේ ගින්දරෙන් හිටපියව්. ඒ ගැන මතක් වෙනකොට නම් මහින්දට අකමැති වුනත් යම් කාළකන්ණි සතුටක් දැනෙනව!

    ReplyDelete
  3. රෝයලිස්ට්ලා එක්ක ඉඳලා ගන්න ගැම්ම, කාල් මාක්ස්ලා එක්ක ඉඳලා ගන්න බෑ...විජේවීරල එක්ක නම් ඊඊඊඊඊඊයා.....කොහොමත් බෑ...

    ReplyDelete
  4. බලන් ගියාම රනිල්ව බේරගන්න ඉන්නේ රනිල්ගෙන් සැලකුම් ලබපු ඔහුගේ ගජ මිතුරු රෝයල් ගැන්සිය නොව, ඔහුව බලයට ගේන්න දරදිය ඇදපු, හැබැයි බලයට පැමිණි පසු හලලා දාපු උන් එක්ක JVP උන් සරස...

    හැබැයි සරස කොච්චර කොටන් ඇද්දත් ඉතින් රනිල් මුන්ව පෙරහැරේ ගෙනියන්නේ නැති බව මුන් තවමත් ඉගෙන ගෙන නැත...

    ReplyDelete
  5. කෝ එතකට උන් ගෙන්න බ්ලොග් ලොවේ ගුකාන්නා මාතලන් උගේ නමත් එබුවන් උත් රාජකීය එකෙක්නෙ

    ReplyDelete