Thursday, April 11, 2024

රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න ගොස් වරිගෙ නහ ගැනීම






පොදු පෙරමුණෙන් පාර්ලිමේන්තු ආ මැති ඇමති සැට් එකක් රනිල් ගේ දැත් ශක්තිමත් කරන්න පෙරමුණෙන් වෙන් වී යන බව කනින් කොනින් ආරංචි වේ. සමහරු එය පොදු පෙරමුණට පහත් වූ මහා ඛේදවාචයක් ලෙසත් අර්ථ දක්වති.


පොදු පෙරමුණ පසුගියදා ලහි ලහියේ විනය කමිටුවක් පත් කර ගත්තේ මෙලෙස කොකා පෙන්වා රනිල් ගාවට ගිය උන්දැළාට ගේම ඉල්ලීමට බව පැහැදිලිය. එම විනය කඩ කල උන්දැලාට නැවත පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබේදැයි සැක සහිතය. 


ඒ සමගම එලෙස රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න කරනම් ගැසූ අය ගේ සහායෙන් රනිල් ජනාධිපතිවරණය දින්නොත් සජිත් ලඟ සිටිනා බොහෝ ප්‍රාදේශීය නායකයෝ රනිල් සමග එක් වීම නොවැලැක්වියහැකි කාරණයකි. එලෙස නැවත රනිල් ලඟට ආ අයට පාර්ලිමේන්තු එන්න, පොදු පෙරමුණෙන් කඩා පාත් වී සහයට ඩැනී චරිත රඟපෑ  පොහොට්ටුවන් එක්සත් ජාතික පක්ශ නොමිනේශන් ලිස්ට් එකෙන් කැපී යෑම නොවැලැක්වියහැකි කාරණයකි!!


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් වීමට නම් පිලිගත් පක්ශයකින් නාමයෝජනා දීම අත්යාවශ්ය බව හැමෝම දනිති. ඒ නයින් බලන කල එසේ රනිල් ගේ දෑත ශක්තිමත් කරන්න හයි ජම්ප් එක දැමූ අයවලුන් ට අල්ලපු අත්තත්, පය ගැහූ අත්තත් නැති වී ජනාධිපති උපදේසක තනතුරු වලින් සෑහීමට පත් වනු ඇත. 

No comments:

Post a Comment