Tuesday, August 20, 2024

චෝර නාග ගීතා සංදාන කතා වස්තුව




පොහොට්ටුවේ හිටපු නයිටික එකතුවෙලා අලුත් නාගපාලක කෙනෙක් ගාවට යන්න කුමන්ත්‍රනේ කරලා... දැන් පරන නාගපාලක ගාවට යන්න බැරි නිසා අපි පවුල් පාලනේට විරුද්දව සංදාන ගතවෙමු කියලා බොරළුනයා යෝජනාකරගෙන මිනිහම ඒකෙ ලොක්කා වෙලා පුතාටත් නිලයක් දෙන්න සෙට් වෙලා... 

සල්ගාදු ක්‍රීඩංගනේ දී හතරවෙනි ඇවරියට වැටුන රත්තර නයා තාම බූමිතෙල් වැඩිලා සිදු වුනු තුවාල වට ඩෙටොල් ගාන ගමන්...

තමුං හිටි හුඹහෙන් ම ආපු ලංසනයා, ප්‍රසන්නයා, මහින්දානන්දනයා වගේ කුඩු බඩු කප්පම් සහ පගා නයි කපලා දාලා උපාදිධාරී නයි වෙන පතිරනයා, කාංචනයා, ශෙහා නයා, කනක නයා, ප්‍රමිතනයා ඒ කියන්නෙ තෙන්නකෝ නයා වැනි උගත් නයි උඩට අරන් පොලේ ගිහින් නාග සංදර්ශනයක් තියන්නයි කස්ටිය සෙට් වෙන්නේ...

මේක කොපමන විහිලුවක් ද කියලා හිතන එස් බීනයා ඔය අලුත් සංදානෙට ගීතනයා කියලා නම දාමු කියලා ආතල් ගන්න බවයි පත්තෙර විස්තරේ කියන්නේ...

No comments:

Post a Comment