හෝර්මුස් සමුද්‍ර මාර්ගය හරහා ගමනාගමනයට බලපාන මැද පෙරදිග යුද්ධය නැවතත් ලෝකය තුළ තෙල් සැපයුම් පිළිබඳ ගැටළු ඇති කර ඇත.
එහෙත්, සමහර විට එය ශ්‍රී ලංකාවට අපේක්ෂා නොකළ
වාසියක් ලබා දෙන තත්ත්වයක් උදා කල හැකි ය.
වර්තමාන ලෝක ආර්ථිකය තෙල් පමණක් මත පමනක් රඳා නොපවතී. ලෝක
ආර්තිකය දැඩි ලෙස එකිනෙක හා අන්තර්සම්බන්ධිත සැපයුම් දාම මත රඳා පවතින අතර,
එක් අංශයක බාධාවක් අනෙක් බොහෝ අංශ වෙත ගලා යයි. මේ අර්බුදයේ නොසලකා හැරෙන එහෙත් දැඩි ලෙස වර්තමාන
ලෝක ආර්තිකයට බලපෑමක් කරනු ලබන ද්‍රව්යයක්
වන්නේ ලිතියම්-අයන බැටරි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන කෘත්‍රිම මිණිරන් ය.
කෘත්‍රිම මිණිරන්
නිෂ්පාදනයට බොර තෙල් පිරිපහදු කිරීමේ අපපද්‍රව්‍යයක් වන පෙට්‍රෝලියම් කෝක් petroleum
coke භාවිතා කරයි. එහෙත්
කෘත්‍රිම මිණිරන් නිෂ්පාදනයට ඉතා විශාල
බලශක්තියක් අවශ්‍ය වේ. තෙල් සැපයුම් අඩුවූ විට, පිරිපහදු අපද්‍රව්ය
නිෂ්පාදනය අඩු වන අතර බලශක්ති වියදම්ද ඉහළ යයි. එය කෘත්‍රිම කෘත්‍රිම මිණිරන් නිෂ්පාදනය ට දැඩි ලෙස බලපෑම් ඇති කරන්නකි.
විදුලි වාහන මගින් ගමනාගමනය සහ පුණර්ජනනීය බලශක්ති ගබඩා කිරීම වෙත ලෝකය වේගයෙන් මාරු වන මේ අවධියේ
කෘත්‍රිම මිණිරන් වල වැදගත්කම ඉතාමත් ඉහල තලයකට පත් වන්නේ ඒවා ලිතියම්-අයන
බැටරිවල අත්‍යවශ්‍ය අමුද්‍රව්යයක් නිසා ය. විශේෂයෙන් ලිතියම් අයන් ෆොස්ෆේට් lithium iron
phosphate (LFP) බැටරිවල ඇනෝඩ නිශ්පාදනයට මිණිරන් අත්යාවශ්ය ය . විදුලි වාහන භාවිතය වේගයෙන්
වැඩි වන විට, LFP බැටරිවල ඉල්ලුම ඉහළ යයි. මෙය මිණිරන්
සාම්ප්‍රදායික කාර්මික ඛනිජයකින් එහාට ගෙන ගොස්, ගෝලීය බලශක්ති ගබඩා කිරීමේ අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් කර ඇත.
ශ්‍රී ලංකාව ඉහළ පිරිසිදු vein graphite
නිෂ්පාදනය කරන අතොලොස්සක් වූ රටවල් අතරින් එකකි. Vein graphite
95–99% කාබන් අන්තර්ගතය ඇති, අති උසස් ස්වභාවික
මිණිරන් විශේශයකි. ලෝක වෙලෙඳපොලේ බහුල මිණිරන් වලට වඩා මෙය විශේශ වන්නේ,
ඉහල ගුණාත්මක මට්ටමට පත් කිරීමට ඉතා අඩු ආයාසයක් අවශ්ය නිසා ය.
කෘත්‍රිම මිණිරන් සහ ඛනිජ තෙල් ය්ධය නිසා සීමා වන විට,
ස්වභාවික මිණිරන් වලට ඉතා ඉහල වටිනාකමක් ලැබීම ස්වභාවිකය. ශ්‍රී ලංකාව මේ වෙළඳපොළේ
ගෝලීය වැදගත්කමක් ඇති සම්පතක් මත සිටී.
බැරෑරුම් ප්‍රශ්නය වන්නේ මේ තත්වය හඳුනාගෙන ඊට සූදානම්ව අපේ
රට ක්‍රියා කරනවාද යන්නයි.
දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ස්වභාවික
මිණිරන් කර්මාන්තය—Bogala Graphite Lanka PLC සහ Kahatagaha Graphite Lanka Ltd— වැනි ආයතන මගින් සිදු කෙරේ. ශ්‍රී ලංකාව මිණිරන් බොහෝ ප්‍රමාණයක් ඛනිජයක්
ලෙස ම හෝ අර්ධ පිරිපහදු ආකාරයෙන් අපනයනය කරයි. එමඟින් සැබෑ වටිනාකමෙන් කුඩා කොටසක්
පමණක් ශ්‍රී ලංකාවට ලැබේ. සැබෑ ආර්ථික අවස්ථාව වන්නේ අගය එකතුකිරීමේ ක්‍රියාවලිඅ ඉහළට
ගෙන යාමයි. පිරිපහදුව, spheroidisation, සහ අවසානයේ බැටරි
වලට සුදුසු-ගුණාත්මක ඇනෝඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමේ කාලය දැන් එලඹ ඇත!
හෝර්මුස් අර්බුදය ඛනිජතෙල් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක්
ලෙස පමණක් නොව, අපේ රටට යම් ආර්තික අවස්තාවන් උදාකරනා සංසිධ්දියක් ලෙස ද
හඳුනාගත යුතුය. වේගයෙන් වෙනස් වන වන ලෝකයක,
මිණිරන් වැනි ද්‍රව්‍ය fossil fuels මෙන් ම අත්‍යාවශ්‍ය බව පසක් කර ගත යුතුය!
ශ්‍රී ලංකාවට මිණිරන් සම්පත ඇත. අවශ්‍ය වන්නේ අවස්ථාවන් හඳුනා ගැනීම, නිවැරදි දැක්ම සහ නිවැරදි ප්‍රතිපත්ති
ක්‍රියාත්මක කිරීමයි
අද ගෝලීය අස්ථිරතාවය, බුද්ධිමත් ව ක්‍රියා කළහොත්, හෙට ශ්‍රී ලංකාවේ
වාසනාව බවට පත්විය හැක.