Sunday, September 14, 2014

මම කොහෙද යන්නෙ කියල අහන්න එපා....

පැනි බේරෙන මල් කතා ලිවුවා ඇති.... බොලඳයි බොලඳයි කියා හැමෝම කියවනවා. ඒක ඇත්ත තමා.... ආදරේ කියන්නේ බොලඳ නැති අහවල් එක වගේ එකක් කියා හැමෝම සිතති.... එම නිසා මම ද එසේ සිතන්නට උත්සාහ කරමි!

සිංහල බොග් අවකාසේ බොලඳ කතා කරුවෙක් කියා නමක් හදා ගැනීමට මම කැමැති නැහැ.
සියල්ල දත් ලෙස නොදත් දේ ගැන ද වැල් වටාරම් කියනා, අනුන් ගේ සාර්තක ජීවිතයට අවශ්ය සියලුම උපදෙස් අතෙ ඇඟිලි තුඩු වල තිබෙනා, ලෝකෙට පරකාසේ සිද්දකරනා දවල් මිගෙල් වර්ගයේ බොග් පෝස්ට් දමන්නට මට අවශ්යයි.

එම තත්වයට පත් වන්නට අවශ්ය වර්ගයේ වචනාතීසාර (verbal diarrhea) බොග් ලියන්නට මම ඉගෙන ගන්නවා.
කරත්ත රෝදයට හසු වූ බලු බෙට්ට එම රෝදය වටයක් කැරකෙන සැම විටම බලු බෙටි සලකුනක් තබන්නාසේ ගෑවෙන ගෑවෙන තැන ගඳ ගසනා "දෙඤ්ඤං ජම්බු" විචාර ප්‍රගුන කර ගැනීම දැනටමත් මම පටන් අරගෙන.

එක දවසක මහරජ මහින්දට බනිනා විට අනෙක් දවසේ ගෝටාටත්, ඊලඟට පිලිවෙලට රනිල් තුමාට, මන්ගොල කොලුවාට, සජිත් සහනාධාර මැතිතුමාට, නිමල් සිරිපාලට, "බො බ සේ" හි නානසාර සහෝදරයාට, චම්පක රනවක, නලින් සිල්වා ආදී මෙකී නොකී කස්ටියට ජම්බු දී සිංහල බොග් අවකාසේ පොරක් වෙන්න පුලුවන් බව මට දැන් තේරිලා තියෙන්නේ.
 
අර එලු රැවුල වවාගත්තු විමල් ගොනා කියනා ලෙස පැහැදිලිවම ඇමෙරිකානු මැදිහත්වීමක් සිංහල බොග් අවකාසේ තියෙනවා.(ඌට පිස්සු නැහැ සහෝදරවරුනි.... පොඩ්ඩක් මොලේ කචල් විතරයි...)

ඇමෙරිකන් එම්බසියෙ ඉඳන් (වෙන වැඩක් නැද්ද ඇත්තටම??) සිංහල බොග් කියවන නැන්දලා මාමලාට අවස්ය වර්ග්යේ සියලුම පෝස්ට් ලියා මගේ බොගේ පලකිරීමට මම සූදානම්...

ඩොලර් ආධාර බාර ගැනේ....

මම කොහෙද යන්නෙ කියල අහන්න එපා.... ඇහුවොත් උත්තරේ "මල්ලෙ පොල්"

    හුරේ... දෙන්න අප්පුඩියක් අය්යේ අක්කේ නංගී මල්ලී අම්මේ තාත්තේ............

4 comments:

  1. සුපැතුම්....!!!

    දිගටම ලියමුකෝ බලන්න....

    ReplyDelete
  2. තැන්කූ....

    දිගටම ලියන්නම්....
    වටේටම නෙලන්නම්...

    ReplyDelete
  3. //එක දවසක මහරජ මහින්දට බනිනා විට අනෙක් දවසේ ගෝටාටත්, ඊලඟට පිලිවෙලට රනිල් තුමාට, මන්ගොල කොලුවාට, සජිත් සහනාධාර මැතිතුමාට, නිමල් සිරිපාලට, "බො බ සේ" හි නානසාර සහෝදරයාට, චම්පක රනවක, නලින් සිල්වා ආදී මෙකී නොකී කස්ටියට ජම්බු දී සිංහල බොග් අවකාසේ පොරක් වෙන්න පුලුවන් බව මට දැන් තේරිලා තියෙන්නේ.//
    +++++++++++++++++++

    එළ එළ ! :)
    "අළුත් කලාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්.." :D

    ReplyDelete
    Replies
    1. මේක අතැරලා දාලා නැතුව ඇතිනේ? ෆලෝවින් එකක් එල්ලලා තව මොනාහරි ලිව්වා නම් නේද? :)

      Delete