Monday, September 15, 2014

අපි නොදන්න පොලිටික්ස්


 
ඉස් ඉසෙල්ලාම අපි නොදන්න පොලිටික්ස් ගැන වාක්‍ය රචනාවක් ලියන්නට හිතුනා.



ද්‍රවිඩ සංදානේ මංත්‍රී හුටං ලා  එකතු වෙලා අලුත්ම අලුත් brand new ඉල්ලීම් පාලහක් සම්මත කොරගෙන....



එවා ගැන කියවපු ගමන් මතක් උනේ අර අමිර්තලිංගම් ලොක්කා ප්‍රදානත්වයෙයෙන් වඩුක්කොඩෙයි නගරයේදී එකදාස් නවසිය බර ගනන් වල සම්මත කර ගත් කුප්‍රසිද්ද Vadukkodei resolution එක.



සිංහලයන් ගේ හමෙන් බෙර හදලා තොවිල් නටන්න ආසයි වගේ උන්මත්තක කතා පතිරුනේ ඒ Vadukkodei resolution එකෙන් පස්සේ.



කොහොමින් කොහොමින් හරි මේ අලුත්ම අලුත් ද්‍රවිඩ සංදාන ඉල්ලීම් වල පොදු අපේක්සකයා හට කෙලවීමේ අබිලාසයෙන් ඇතුලත් කල මහින්ද මාමා ගේ බලල් අතක් දකින්න පුලුවන්.



ඒ තමා අර " විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු" කියනා පිලුං වෙච්චි බුරියානි පිඟාන.



සිංහ සෙයියාවෙන් පෙනී සිටිනා සෝදුලුවාවෙ මාබිත මහත්තයා (දවල් ට එයා මාදුලුවාවේ සෝබිත නා හිමි!) සිවිල් සමාජ රෝග වැලඳුනු Friday Forum කස්ටිය සමග මෙච්චර දවසක් අතේ දරා ගෙන හිටි විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීමේ කොඩිය දැන් හතර හංදි කඩා ගත්තු කොර වෙලා ඉන්න කොටියා බලහත්කාරයෙන් පැහැරගෙන!



ඒ විතරක් නොවෙයි... එම ඉල්ලීම් ලබාදීමට ලබන ජනවාරි මාසය වන තෙක් කල් දීමට තරම් ද්‍රවිඩ සංදානය කරුනාවන්ත වෙලා. රජය ඒ ගැන ක්‍රියා කරලා ඉල්ලීම් ලබා නොදුන්නොත් මහත්මා ගාන්දි කොලා වගේ ගාන්දියානු විරෝධතා (අමුඩෙ ඇඳලා, කුඹූරේ රීලා ලස්සන පොඩි කෙල්ලො දෙන්නෙක් එක්ක එක ඇඳේ සැතපෙන වර්ගයේ....... සත්තයි.... මහත්මා ගාන්දි ලොක්කා නිදා ගත්තේ ලස්සන ගෑනු ලම්යි දෙන්නෙක් සමග එක ඇඳේ... ඇඳුම් නැතිව...) වියාපාරයක් උතුරු නැගෙනහිර දෙපලාතේ කොරන්නයි උන්දැලාගේ බලාපොරොත්තුව.



මම අනාගතේ ඩොලර් කීයක් හරි කොටාගන්න ඉන්න ඇමරිකන් එම්බසියෙ සිරි ලංකා දේසපාලනයට වග කියනා කස්ටිය ද්‍රවිඩ සංදානයේ එම ගාන්දියානු විරෝධතාව "පොංගු තමිල් වසන්තය" ලෙස නම් කරලා අංබානක promote කරද්දී මහින්ද මාමට කරන්න තියෙන්නේ එකම එක දෙයයි...



අන්න බලන්න පින්වතුනි මේ මට විරුද්දව ඉන්න පොදු අපේක්සකයා ගේ ඉල්ලීමත් අඬු කඩාගත්තු කොටියගේ ඉල්ලීමත් දෙකම එකයි...



"කොටියා ගෙන් රට බේරගමු පින්වතුනි... පොදු අපේක්සකයා පරදවමු" ... කියලා කියන එක පමනයි....



අහෝ.... සෝදුලුවාවෙ මාබිත මහත්තයා ගේ සහ සිවිල් සමාජ රෝග වැලඳුනු Friday Forum කස්ටිය ගේ හීනය හොරු ගත්තා නේද?

4 comments:

  1. එකත් එහෙමයි එහෙනම් ඈ

    ReplyDelete
  2. ෆ්‍රයිඩේ ෆෝරම් කතාව මාර ක්‍රියේටිව්..

    ජයවේවා...

    ReplyDelete