Tuesday, February 17, 2015

කුනු කන්නංගරලා රජ කරවීම


 




අප සරසවියට ඇතුලු වන විට එහි ශිශ්ය සංගම් වල බලය සහ මැර බලය පවත්වාගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුනයි. වි පෙ විසින් එවකට පැවති ජා රජයට විරුද්දව කල මහා මහා භීශනය නිසා  අපමනක් මිනිස් ඝාතන සහ දේපල හානි වලින් පසුව සරසවි විවුර්ත විය. මුලු රටේ වි පෙ පාං කියාගන්න බැරි වෙන සේ නෙලීමට   ජා රජය හැකි වී තිබුනි. අඳබාල වි පෙ සාමාජිකයන් ඔවුන් ගේ කැලෑ ආන්ඩුව පැවති කාලයේ කල කී දේ නිසා සාමාන්ය ජනතාවට වි පෙ අරහන් පැවතිනි.

 

අවාසනාවකට මෙන් සරසවියේ තත්වය එසේ නොවීය. වි පෙ විසින් රෝපනය කරන ලද වෛරයේ බිජුවට වැඩී මහ ගස් පැවතුන තැනකි සරසවිය! වසර හතරක පමන "නිවාඩුවකින්" පසුව විවෘත කල සරසවියේ චන්ඩි පාට් නොහොත් සරසවි වදනින් පවසනවානම් "ගොන් පාට්" දමමින් වැජඹුනේ වි පේ අයියලාය.

 

නවක සිසුන් වශයෙන් අප හට වෛර පිරිමහගැනීමේ නවක වදයට ලක් වන්නට සිදු වුනේ බහුතරයක් වූ  එවැනි වි පේ අනුගාමිකයන් අතිනි. (කලාතුරකින් කිසි දිනෙක තවහ් කෙනෙකුට වද හින්සා නොකල ජෙප්පන් සිටිය බව මෙහි දී මතක් කල යුතුය ).

 

අප උගත් පාසලට සරසවියේ ව්යවහාර වූයේ "කුනු කන්නංගරය" කියාය. කන්ඩායමේ සියලු සිසු සිසුවියන් එක්ව සිටිනා විට දී ජෙප්පෙක් කඩා පත් වී කුනු කන්නංගරේ එවුන් මා එක්ක වරෙල්ලා යැයි පවසමින් අප පාසලේ සිසුන් පමනක් දක්කාගෙන ගොසින් දෙතිස් වදයට ලක් කිරීම සැමදාම සිදු වූ සාමාන්ය දෙයකි.

 

මනෝ පුටුවේ වාඩිවීමෙන් පටන් ගෙන ජේම්ස් පීරිස් ශාලාවට තනි අන්ඩෙන් පඩි පැනීමෙන් පසු මාකස් ප්රනාන්දු සාලාව පිටුපස කැලයේ ජංගල් ට්රේනිං අවසන් වන වර්ගයේ ජෙප්පන් ගෙන් සුපිරි වදයක් ලැබ "අමා සැපක්" ලබාගැනීමට හැකි වූයේ "කුනු කන්නංගරයේ" ආදි සිසුන් වූ අපට පමනි. සැමදා ජෙප්පන්ගෙන් ටිංකිරි කමින් සිටි අප වැනි කුනු කන්නංගරිකයන් හට ආඩම්බර වීමට ඉඩක් ලබා දුන්නේ රවී තුමාය.

 

 

කිසි දා නාන්නේ නැති, රැවුල් කොන්ඩ වවාගත් ගස් ගඳ ගහනා ජෙප්පන් පැත්තකට තල්ලු කර බලය අල්ලා ගැනීමට කාලා නාලා ඩිඔඩොරන්ට් පාවිචි කරනා ජෙප්පන් සමත් වුනේ අනුර කුමරාගමනයෙන් පසුවය.

 

අනුර ජෙප්පා කුනු කන්නංගර ආදි ශිශ්ය රවී තුමා සමග සංදාන ගත වුනා යැයි කතා පැතිරෙන්නට විය. නැචුරලි, රවී තුමා හොඳ වැඩ කරුවෙකි... එතුමා ජෙප්පන් හට වාසෙක්ටමි සැත්කම  කරන ලදී.

 

රවී තුමාට පින් සිදු වන්නට දැන් ජෙප්පන් හට ඇස් පෑදිලාය. වද හින්සා කරනු වෙනුවට "කුනු කන්නංගරයේ" ආදි සිසුන් හට රාජ්ය බලය ලබාදී කැබිනෙට්ටුවට පත් කිරීමේ මහත්පල මහානුසංස ලැබෙන පුන්ය කර්මය සංවිදානය කිරීම බාර ගත්තේ ජෙප්පන් .

 

ඔවුන් පත් කර එවීමට වෙන්ඩ පොශ් ජෙප්පෝ පෝස්ටර් ඇලවූහ. බැනර් දැම්මහ. මූනු පොතේ බොරු සහ අමූලික බොරු තැපැල් කලහ. තමන් විසින් මහත් නිර්මානශීලීව පරිගනක තාක්ශනයෙන් නිර්මානය කරන ලද චේතිය පච හාල් කෑලි වන කුඩා ජෙප්පන් ගේ මූනු පොත් වල බෙදා හදා ගන්නා ලදී.

 

අපේ කුනු කන්නංගරස් ලා නිකන් සිටියේ නැත.... මෝඩ ජෙප්පන් විසින් නිර්මානය කරන ලද බොරු වෙනුවට අමූලික කෙප්ප නිර්මානය කර ලොකු කුඩා සහ හාල් කෑලි ජෙප්පන් ගේ සමාජ ජාලා වල සමාජ රෝග ගත කරන ලදී

 

සමහර කන්නංගරිකයෝ සිංහල වෙබ් අවකාසේ ආක්‍රමනය කර වෙන්ඩ පොශ් බොග් කරුවන් සමග නෑදා මිත්‍ර කම ආරම්බ කරන ලදී. එම නිර්බීත කුනු කන්නංගරික බොග් කරුවන් අනෙකුත් සින්හල බොග් කරුවන් ව තම සුලැඟිල්ලේ නැටවීමට සමත් විය. වෙන්ඩ් පොශ් සිංහල බොග් කරුවන් ගේ කරුංකා සයිස් මොල සේදීම අපේ කන්නංගරිකයන් හට ගේමකින් තොරව ම කරන්නට හැකි විය.

 

වෙන්ට පොශ් නූතන ජෙප්පන් හට පින් සිදු වන්නට කුනු කන්නංගරයේ ආදි ශිශ්යයන් හට කැබිනෙට්ටුගතවීම "ටොයිස්" දෙයක් විය. යහපාලන ආන්ඩුවේ කැබිනෙට්ටුවේ කුනු කන්නංගරලා දාසය දෙනෙකු රජවෙලාය.

 

සකල ලෝක වාසී ජෙප්පනි.... ඉස්තූතියි.....

 

 

මීට කුනුකන්නංගරිත

 

තුමා

24 comments:

  1. බොහෝමයක් ජෙප්පන්ට ඇති ප්‍රධානතම රෝගය හීනමානයයි.දෙවැන්න පොරවීමේ නොනිත් ආසාවයි.එය නිසිලෙස පෝෂණය වූ කල අනේ ඉතින් සිරියාවයි..විඳින අපට ඉස්මුරුත්තාවයි..!බැලින්නම් ජෙප්පෝ නිර්ධන පංතිය වෙනුවෙන් කියා තපුල්ලෑවට ධනපති පංතියට කඩේ ගිහින් වගේ..:D

    ReplyDelete
    Replies
    1. ජෙප්පන් තරම් අසුභවාදී දර්ශනයක් සහ සෑම දෙයකම වැරදි දැකීමක් මම ගැහැණියක් වෙතින්වත් දැක නැත්තෙමි (සාමාන්‍ය පිළිගැනීම සමහර ගැහැණුන්ගෙන් හොඳක් අසාගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වාගේ යැයි නිසා).එසේම අනික, තමන්ගේ ඇහේ පොල් පරාලේ නොදැක අනුන්ගේ ඇස්වල කුණු රොඩ්ඩ ගැන සෙවීම ජෙප්පන්ගේ විශේෂ ලක්ෂණයකි.නවක වධය පිටුපස ඇත්තේත් නිරතුරු ඔවුන් පෙළන හීනමානයම මිස අන් කිසිවක් නොවේ..

      Delete
    2. ජෙප්පන් ගේ එම උපන් ගෙයි defect එක අපේ UNP කස්ටිය ලස්සනට ප්‍රයෝජනයට අරං උන්ව කඩේ යැවුවා නේ??

      අර සින්හල බොග් ලියන රාජ් වගේ කස්ටිය දැන් මුලු ජීවිතේම කැප කරන්නේ රාජකීය ආදි ශිශ්යයො ඇමැතිලා කරන්නයි...

      Delete
    3. හෑ? සරස ත් කුනුකන්නන්ගර ද? එහෙනම් මෙහෙම ඉඳලා බැහැ.මගේ ප්‍රියතම රනිල් කියලා, අපි පොශ් කියලා, රනිලුයි ඔයායි එකම කුල්ටූර් පැලැන්තියෙ කියලා, මහින්දට ගම් කබරයා කියලා...., එහෙම එපැයි?

      Delete
    4. ගං කබරයි වෙනුවෙන් පොෂෝ ද ගං ටවුන් කබරයෝද අද 5000+++ ආවෝය..දැන් ටොයියෝ දුකට පුං ගසනු ඇත.:D :D

      Delete
    5. ප්‍රියංකර ජයරත්න රාජකීය විදුහලේ. අපේ බැච් එකේ. . මහින්ද ගේ කැබිනට් එකේ. දිනේෂ් ගුණවර්ධන රාජකීය විදුහලේ. මහින්දගේ කැබිනට් එකේ ගොඩක්ඇමති ලගේ ළමයි රාජකීය විදුහලේ. UNP එකෙත් ඉන්න එක ඇත්ත. නමුත් ඊයේ පෙරේද ආනන්දෙන් මේ ආණ්ඩුවේ ආනන්දේ ඉන්න අයට උපහාරයක් තිබ්බ. ඔය ඉස්කෝලේ භේදය තේරුමක් තියෙන එකක්ද?

      Delete
    6. @ gayathriFebruary 18, 2015 at 10:16 AM

      පීටර් කේනමන් මහතා පවා රාජකීය ආදි ශිශ්යයෙක්... අපගේ පාසලේ සියලු ආකාරයේ දරුවන් අද්ය්යනය කලා... විවිද මත දරන අප හට විවිද මත ඉවසන්න අප පාසැල පුරුදු කරා

      එහෙත් එකම එක "පොරක්" අනුන් ගේ මත නොයිවසන සරම් නොඅඳින වෙන්ඩ පොශ් ඔඩොක්කු කුක්කෙක් උනා...

      අනිච්චේ දුක්කේ!!

      Delete
    7. @ තනි තරුවFebruary 18, 2015 at 11:42 AM
      // ගං කබරයි වෙනුවෙන් පොෂෝ ද ගං ටවුන් කබරයෝද අද 5000+++ ආවෝය..දැන් ටොයියෝ දුකට පුං ගසනු ඇත.:D :D
      //

      ඊයේ මා ද තව මාගේ පාසල් මිතුරන් සමග එම රැලියට සහබාගී උනා.... කියලා වැඩක් නැත... අති විශිශ්ටයි සර්!

      Delete
    8. @ Ajith DharmaFebruary 18, 2015 at 3:55 PM


      පාසල් බේද ගැන අත් විඳින්න සිරි ලංකාවේ සරසවියකට යන්න.. මා ලියා ඇත්තේ මා අත්විඳි පාසැල් බේදයයි...

      පියන්කර ගේ මල්ලී නදීජ අපට එකක් සීනියර් ය...

      Delete
    9. සරස : මම ද ඊට සහභාගී වීමි.
      රැළිය නුදුටු සමහරක් ඊට සෙනඟ ආවේ නැතැයි කියති.ඒ සිටියේ ටියුෂන් ආ කොල්ලො කෙල්ලෝත් වැඩ ඇරී ගිය මිනිසුනුත් කියති.හිනා වෙන්නට හිටගන්නට ඕනාය.අප නම් දුටු ටියුෂන් ළමුන්වත් යාගන්නට බැරිව සිරවූ කාර්යාල සේවකයනුත් නැත.අසාද් සාලිගේ තොප්පියෙන් බැලුවාද නොදනිමු..

      Delete
    10. //පීටර් කේනමන් මහතා පවා රාජකීය ආදි ශිශ්යයෙක්... අපගේ පාසලේ සියලු ආකාරයේ දරුවන් අද්ය්යනය කලා... විවිද මත දරන අප හට විවිද මත ඉවසන්න අප පාසැල පුරුදු කරා

      එහෙත් එකම එක "පොරක්" අනුන් ගේ මත නොයිවසන සරම් නොඅඳින වෙන්ඩ පොශ් ඔඩොක්කු කුක්කෙක් උනා...

      අනිච්චේ දුක්කේ!!//
      +++++++++++++++++++++

      Delete
  2. දැන් ජෙප්පන් නෙමේ නේද අන්තරේ ඉන්නේ ? විරුද්ධ මතවාදයක් දැක්කමයි. හොඳයි ලිවිල්ල.

    ReplyDelete
    Replies
    1. කුර්ටුගාමියෝ අන්තරේ බලය ඇල්ලූහ..

      Delete
  3. ජේවීපී එකට කෙනෙක් යනව කියන්නෙ පරිහානියෙ මාවත. පුද්ගලිකත්වය අමතක කරවල මනහ්කල්පිත දෙයක් කෙරෙහි වෛරය ඇතිකරවනවා. මෙහි ප්‍රතිපලය විකෘති පුද්ගලයෙක් නිර්මාණය වීම

    ReplyDelete
    Replies
    1. සහ ඇඩ්‍රිනලීන්හි උපරිම ප්‍රයෝජනය ගැනීම

      Delete
    2. @ මධ්‍යස්ථ මතධාරියාFebruary 18, 2015 at 2:01 AM

      මනංකල්පිත දේවල් නොව තමන් හට නැති අනුන් හට ඇති හොඳ දේවල් ගැනද තමන් හට ඇති අනුන් හට නැති නරක දේවල් ගැනද වයිරය පතුරවති...

      උදාහරනයකට තමන් හට නැති ගෙවල් දොරවල් රතවාහන අනුන් හට ඇති විට ජෙප්පන්ගේ උපන් ගෙයි ගතිය මතු වී ඉරිසියා කරයි...

      දෙවන උදාහරනය නම් අනුන් හට නැති තමන් හට ඇති වසන්ත සමරසින්හ ගේ බොම්බේය් ලුකිං වපරයයි... වපර නැති අය හට එතුමා වයිර කරයි...

      Delete
    3. //බොම්බේය් ලුකිං වපරය//

      බොම්බෙ ලුකිං කල්කටා වපරය නේද?

      ජවිප යේ පදනම කුහකත්වය සහ ඊර්ෂ්‍යාව.

      Delete
  4. ජෙප්පෝ යනු විජේවීරගේ යුගයේ මෙන්ම ඉන් පසුවද හරිහමන් දර්ශනයක් නොතිබුණු රටට විනාශයක් අත්කරදීමට හේතුවුණු පක්ෂයකි. ඔවුන් කැම්පස් වල සිටීම යනු උසස් අධ්යපයට වෙන් කරන මුදල් අපතේ යාමකි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. වැල යන අතට මැස්ස ගැසීමක් මිස ඔවුන්ට කිසිදු පැහැදිලි දර්ශනයක් නැත.

      Delete
    2. @මහා කළු ලාංකිකයාFebruary 18, 2015 at 2:32 AM

      ජෙප්පෝ Sado-masochism වලට ආසා කරති... ඔවුන් හට ද වද දුන් ඒ ජා ප රනිල් ට ආදරය කරනා අතර ඔවුන් ව බේරාගත් මහින්ද ට විරුද්ද වෙයි...

      Delete
    3. @ තනි තරුවFebruary 18, 2015 at 11:44 AM
      //ඇත්ත. වැල යන අතට මැස්ස ගැසීමක් මිස ඔවුන්ට කිසිදු පැහැදිලි දර්ශනයක් නැත.//

      දර්ශනය කලින් කලට වෙනස් වන සුලුය.. ඊයේ විමල් වීරවන්ස කී පරිදි අනුර කුමර රතු කමිසය ගලවා ඉන් රනිල් හට පාවඩ දමයි..

      Delete
    4. මට මගේ නොවන මගේම රජයක් තිබෙනා...//

      අනුර කුමාර කරුනානායක

      Delete
  5. ජෙප්පා - හීනමානයේත් , කුහකත්වයේත්, ඉරිසියකාරකමේත් ප්‍රතිමූර්තියකි..

    ReplyDelete