Wednesday, February 18, 2015

මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි




මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි. වෙන්ඩ පොශ් බොග් කබ්බෝ එවනි තැන් වලට නොයන නිසා ගිය කෙනෙක් ගෙන් පෝස්ටුවක් පබ්ලිශ් වේ යැයි සිතිය නොහැකිය.
 
මා සිතන්නේ ඊයේ රැලිය ශ්රී ලාංකික දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ශයක් ලෙසය. එහි පැමිනි පිරිස ගේ තිබුනේ ඒකායන බලාපොරොත්තුවකි. එනම් මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගෙන් ඒමයි. එසේ නැවත දේශපාලනයට පැමිනෙන මහින්ද මහත්තයාට රනිල් තුමා පරදා නැවත රාජ්ය නායකයා වීම " ක්රීඩාවකින් තොරව " (no game) කල හැකි බව මහා ජන ගඟ දැන සිටියේය.
 

 

ඊරිසියාවෙන් පෙලී වයිරීය දෙශපාලනයක් කල ජෙප්පෝත් වෙන්ඩ අගමැති රනවක ඉඩියට්ටාත් රියල් ටයිම් වෙබ් කාස්ට් එක බලා සහලවා උන ගෙන ලාබ කල කොත්තමල්ලි පානය කල බව නම් අතැඹුලක් සේ සුවර් .
 
Green Blood  නැමති මූනු පොත් අනුගාමිකයන් වන සින්හල බොග් ලියන අප්පුලා ඊයේ නුගේගොඩට පැමිනි සුවහසක් වූ ජනතාව හෙලා තලා බොග් පොස්ට් දමනු ඇත. තමන් ගේ මොකක් හෝ අඩුවක් වසාගැනීම සඳහා පොර ටෝක් ඉසූ කරමින් බොග් කරන එම එන්ඩ පොශ්  ලියන අප්පුලා දැන් මෙම ලිපිය කියවා මට පෙරලා පහර දෙන බව දනිමි....

 

Green Blood මූනු පොත් ගිනුමේ අයිතිකාර ලොක්කා වන “කචල් තුමා අපේ වෙන්ඩ පොශ් ලියන අප්පුලා සිල්ලරට විකුනා ලන්කාපුත්‍ර බැංකුවේ සබාපති වුන බව දන්නේ කීයෙන් කී දෙනෙක් ද?

 

සක්කිලියනි... පහර දෙන්න!

14 comments:

  1. මව්බිමට සැබැවින්ම ආදරය කරන සියලු ජනීජනයා කාලෙකින් සතුටු වූ දවසෙකි ඊයේ.ඔවුන් ඈත ගම් නියම් ගම් දනව් වල සිට උදේ පාන්දරින් , කෙතරම් අවංක හැඟීමෙන් ද දුක් විඳගෙන ආවේ?
    ලක් මෑනියන්ට කොතරම් සතුටු සිතෙන්නට ඇත්ද?

    ගෙදර යන්න බැරි වුනු ටියුශන් ලමයි ටිකයි, රජයේ සේවකයොයි ඔච්චර ඉන්නවා නම් නුගේගොඩ කියන්නෙ ටෝකියෝව වෙන්න ඇති.
    ලංකා පුත්‍ර සීන් කෝන් එක දනිමු. අනේ මේ ගොබිලාටත් අන්න එහෙම ලොකු මක්කවත් දුන්න නම් නේ හොඳ?
    බයි ද වේ...,කොහොම උනත් නාමල් උඩුගම අසනීප වුන එක හදිසියේ මතක් වුන එක කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. මා එහි ගියේ ඔස්ට්‍රේලියාවේ පදින්චි මගේ පාසල් මිතුරන් දෙදෙනෙකු සමගිනි. නිවාඩුවට ලංකාවට පැමිනි ඔවුන් හට මහින්ද මහත්තයා වෙනුවෙන් මෙම ඉදිරිපත්වීම කරන්නට අවශ්ය විය.

      සරම් නොඅඳින වෙන්ඩ පොශ් ලා මෙන් නොව සැබෑ මිනිසුන් හට මහින්ද මහත්තයා මේ රට ට කල දේ අමතක නැත.

      ඒ වගේම ඔය වන්චා දූශන විරෝදියෝ ලන්කාපුත්‍ර බන්කු සභාපති ලෙස පත් කලේ එක්සත් ජාතීන් ගේ සංගමය කියා එකක් අටවා එයින් කර්නිවල් එකක් කර කොලෙජ් යුනියන් එකට බිල තැබූ හාදෙයක් කියාද එම මිතුරන් දෙදෙනා ඇතුලු දන්නෝ දනිති!

      Delete
  2. http://www.rivira.lk/online/visheshanga/84012-%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.html

    ReplyDelete
  3. මම ද එහි ගියෙමි.ජනගඟ දැක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.නමුත් ඒ ජන ගඟම සමහරෙක්ට අතීසාරය ඇතිවීමේ ලා හේතු පාදක විය හැකි බව මතකයට නැගී මට සිනහ නැගුණේය.

    ReplyDelete
  4. යන්තන් විරුද්ධ පක්ෂයේ මතයක් හොයා ගත්ත බැලන්ස් වෙන්න. අනිත් පැත්තට චන්දෙ දුන්න අය සක්කිලි වෙන්නේ කොහොමද මහත්මය. ඒ වචනය වැරදියි. මගේ පවුලේ කොටසක් මහින්ද මහතාට චන්දය දුන් අතර කොටසක් මෛත්රිට චන්දය දුන්හ. පවුලේ කොටසක් මේ අනුව සක්කිලි හා ද්‍රෝහීන් විය යුතුය. රටක එකම නායකයෙකු සැමදා සිටිය යුතු නැත. එංගලන්තයට යුද සමයේ නායකත්වය දුන් චර්චිල් ඊළඟ චන්දයේදී පැරදුනේය. මිනිසුන් ආර්ථිකය ගැන විෂවස්ය තැබුවේ චර්චිල්ට නොවේ. ඒ නිසා ඒ එංගලන්ත මිනිසුන් හිට්ලර්ට පක්ෂ ද්‍රෝහීන් හා සක්කිලි වුයේ නැත.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15891-2015-02-20-23-43-45

    ReplyDelete
    Replies
    1. @ Ajith DharmaFebruary 20, 2015 at 3:49 PM

      නැවත මගේ ලිපිය කියවීමට මා ඔබට ආරාදනා කරමි. එහි කොතැනවත් මහින්ද මහත්තයාට විරුද්දව චන්දෙ දුන් අයටවත් මහින්ද මහත්තයා සහ ඔහු ගෙ අනුගාමීන් විවේචනය කරන අයට වත් මා සක්කිලි යැයි අමතා නැත.

      මා සක්කිලි යැයි ඇමතුවේ මහින්ද මහතාට චන්දේ දුන් සියලු දෙනාවම එකම කුලකයකට දමා එම කුලකයේ සිටින්නේ අමන මෝඩ බයියෝ යැයි ප්‍රසිද්දියේ කියා සිටිනා වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම සක්කිලි වන සක්කිලින් හට ය.

      එවැනි අයට මා මගේ ප්‍රතිචාර පිටුවට පැමින පහර දෙන්නට ආරාදනය කෙරුවෙමි.

      අලි මන්තර වලට සක්කිලි බය වෙයි... බලන්න එකම සක්කිලියෙක් වත් මෙම පිටුවේ පහරන්නට අවෙ නැත්තෙ එම පන්ච් ලයින් (punch line) අලි මන්තරයේ බලයෙනි!

      Delete
    2. Ajith :
      //යන්තන් විරුද්ධ පක්ෂයේ මතයක් හොයා ගත්ත බැලන්ස් වෙන්න. අනිත් පැත්තට චන්දෙ දුන්න අය සක්කිලි වෙන්නේ කොහොමද මහත්මය. ඒ වචනය වැරදියි.//

      අනුන්ගේ සංවාදයක් මැද්දට පැන මේ අසන්නේ ඇත්ත වශයෙන්ම මට ඇතිව තිබෙන ප්‍රශ්නයකි.
      එසේනම් හැමදෙනාවම පහත්කොට, අපහාසාත්මක මුඛයෙන් තමාට එදිරි මත දරන සියල්ලන්ට පහර ගසන මාතලන්ගේ භාෂා භාවිතය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

      Delete
    3. මාතලන්ගේ භාෂා භාවිතය ගැන මගේ අදහස් ඒ මහතාගේ බ්ලොගයේ කියා ඇත්තෙමි. එසේ කිව්වේ මහා කළු සිංහලයා හා ඔහු අතර ඇතිවූ වාග් සංග්‍රාමයකදිය. මට දැන් එය සොයා ගැනීමට නොහැක. මට දැන් පෙනෙන්නේ බොහෝ තැන් වලදී ඔවුන් දෙදෙනා සංයමයෙන් එකෙනෙකාට විරුද්ධ වන බවත් මහා කළු සිංහලයා මගේ බ්ලොගයේ ඉතාමත් සංයමයෙන් තම අදහස මහත්මයකු සේ ඉදිරිපත් කරන බවත්ය. මාතලන්, අමාවක ඇතුළු බ්ලොග් කරුවන් අවුස්සන්නට ලියුම් ලියති. එවිට ඔබ ඇවිස්සේ . ඔහුට අවශ්‍ය වන්නේත් එයයි. අනිත් මා දුටු කාරණය වුයේ මාතලන් හොඳින් කතා කරන අයට හොඳින් කතා කරන බවයි. ඔහුටමා දන්නා කල් සිට ඇනෝ වරු කුණු හරපයෙන් බනින බවත් ඔහුත් ලෙසම පිළිතුරු දෙන බවත් දුටිමි. ඔහු භාෂාව හරියට පාවිච්චි කරනවානම් ම වඩාත් කැමතිය. නමුත් එයින් ඔහුගේ නිර්මාණශිලිත්වය මොට කරන්නට මම කැමති නැත. මා පෞද්ගලිකව මිනිසෙකුට මි හරකා වැනි වචන හෝ ගන් කබරයා වැනි වචන කියා අමතන්නේ නැත. නමුත් විමල් විරවංශ වැනි උද්දච්ච් කෙනෙක් "අපායට ඉන්ටවල් දුන්නා " කියා විපක්ෂයේ සිට තර්ජනය කරන විට (මරණය පෙන්වා) කෙනෙකුට සාධාරණ කෝපයක් ඇති වේ. ඔබට කවුරුන්හෝ පිහියක් පෙන්වා මරණ තර්ජන කරන විට ඔබ එයට පිහියකින් පහර දුන හොත් මට එය අසාධාරණ යයි කිව නොහැක. එලෙස මාතලන්ගේ ලිපි මට අනුමැත කල හැක.
      සරසා පිළිබඳවද එසේමය. සක්කිලි කියා කීවේ ඔහුයි. නමුත් ඔහුගේ නිදහස් අදහස් ප්‍රකාශනයට බාධා නොකර එය පල කෙරුවෙමු. නමුත් එසේ ඇමතීම ගැන මගේ විරෝධය සටහන් කලෙමි. එසේම ඔහුගේ තර්කයද (චන්දය දුන් යට නොකී බවද) පිලි ගතිමි.

      Delete
    4. //නමුත් විමල් විරවංශ වැනි උද්දච්ච් කෙනෙක් "අපායට ඉන්ටවල් දුන්නා " කියා විපක්ෂයේ සිට තර්ජනය කරන විට // මට මතක හැටියට විමල් එසේ කීවේ කොටි ක්‍රියාකාරකම් නැවත අවදිවීම සම්බන්ධවයි.සරස ඔබගේ අදහස කුමක්ද?

      මාතලන්ගේ භාෂාව හැසිරවීම ගැන ඔබත් දරන්නේ සිරස වැනි මතයකි.හොඳින් කතා කරන්නේ ඔහුට පක්ෂව මත පල කරන අයටය.අනික් අතට එවන් භාෂා භාවිතයක් ඔබ නිර්මාණශීලීත්වයට පිටුවහලක්යැයි සිතනවා නම් එය බස්සි වැනි අපූර්ව භාෂා ව්‍යවහාරයක් ඇති උන්ට කරනා අගෞරවයකි.කුණුහරුපෙන් ලිවීම නිර්මාණාත්මක නම් රස්තියාදුකාරයන්ටත් බස්කාරයන්ටත් අතිදක්ෂයැයි කිව හැකි නොවේද?
      ඔබ වැනි පාඨකයන්ගෙන් අපේක්ෂාවන්නේ බ්ලොග් ලෝකය යහපත් කරවීමයි.මන්ද යත්, අප වැනි විරුද්ධ මත දරන අය මෙන් නොව ඔබ වැන්නවුන් සමග යම්තරමක සුහදත්වයක් ඔවුන්ගේ ඇති බවක් පෙනෙන නිසාය.කල්ලිවාදය ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ඇත.එය බ්ලොග් ලෝකයටත් බෝ කර ඇත්තේ මාතලන්ලා වැනි අන්තනෝමතික ලෙස සිතන කිහිප දෙනෙකි.නිර්මාණ රස විඳීම කල්ලිවාදයට යටවීම ඔබ අනුමත කරන්වාද?සදාචාරාත්මක නොවන බ්ලොග් කලාවක් ඔබ අනුමත කරනවාද?

      Delete
    5. පළමුව කිව යුත්තේ ඉහත අදහස් මගේ පෞද්ගලික ඒවා බවයි. බ්ලොග් ලෝකයට පොලිස්කාරයන් අනවශ්‍ය බව මගේ අදහසයි. මේය නිදහස් තැනකි. අපුර්ව බස් වහරක් ඇති අය සිටින අතර සරල භාෂාවෙන් ලියන අයද සිටිති. නිර්මාණය එන්නේ හැම විටම හොඳ අභාෂාවෙන් යයි කියා නියමයක් නැත. ඇනෝ ලා ගේද කල්ලි තිබේ. මෙය බහුතර සමාජයේම එක්තරා පිළිඹිබුවකි . ඔබේ අදහස් බ්ලොගයක ලියන්න. වැඩි පිරිසක් කියවා එයට විවේචන හා අදහස් දක්වාවි. ඔබේ අදහස් හරි නම් ඔබගේ පාඨකයන් වැඩි වේවි. මතලන්ගේ අදහස් අනුමත කරන නොකරන දෙපිරිසම එහි සිටින නිසා ඔහු සංවාදයක් ගෙනි යයි. අවශ්‍යත් එයයි. සදාචාරය ගැන නම් බොහෝ දේවල් කීමට ඇත. ඒ නිසා නොලියා සිටිමු.

      Delete
  5. බ්ලොග් අවකාශයේ අන්‍ය මත නො ඉවසීම මා දුටුවේ ටොයියන්ගේ පෝස්ට් වලිනි. ඔවුහු සංධානයට ඡන්දය දුන් අයට ගොන්, මීහරක්, ගොබ්බයන් කියා අමතති.එහෙත් එසේ ඇමතීමට ඔවුන්ට කිසිම අයිතියක් නැත.
    නුගේගොඩ රැස්වීම ඔවුන් හැදින්වූවේ මීහරක් සංගනනයක් ලෙසයි. මේ වෛරී ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරද
    1977දී විරුද්ධවාදීන්ට හිරිහැර කලේත් 1989 දී ටයර් සෑයවල් දැල්වූවේත් මේ වෛරය හා අන්මත නො ඉවසීමයි. ඒවා කලේ මේ අයගේ කලින් පරම්පරාව විය හැක. සයිබරයේ සිටින යූඇන්පී කොල්ලන් තව ශිෂ්ට විය යුතු බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මතධාරියා. මම ඒකට එකඟ වෙන්න අමාරුයි. දෙපැත්තම එහෙමයි. මම දැක්ක විධිහට මහින්දට විරුද්ධ අයට ද්‍රෝහී ලේබල් එක ගහනවා විතරක් නෙම "අපායට ඉන්ටවල් දෙනවා " කියන්නේ මරනවා කියන එක ආවොත්. එකමනේ ඉන්න කොට කලෙත්. මේ දෙපැත්තම හැදෙන්න ඕනේ අන් මතය ඉවසන්න. අනුන්ව නොමරා මතය ඉවසා එකට ජිවත් වෙන්න. මමත් සම්පුර්ණයෙන්ම විරුධයි "ගන්කබරයා " වගේ කථා වලට වචන වලට. මම කවදාවත් කෙනෙකුට එහෙම අමතන්නේ නැහැ. මම හැම වෙලේම හිතන් ඉන්නවා මගේ මතය ඕන වෙලාවක වැරදි වෙන්න පුළුවන් එයට විරුද්ධව පිළිගත හැකි දත්ත සහ සාධක තිබ්බොත් කියා.

      Delete
    2. මද්යස්ත මත දාරියා ඇත්ත ඇති සැටියෙන් දැකීම අපට මහත් ආඩම්බරයකි

      Delete
    3. මධ‍යස්ථ මතධාරියා:
      //බ්ලොග් අවකාශයේ අන්‍ය මත නො ඉවසීම මා දුටුවේ ටොයියන්ගේ පෝස්ට් වලිනි. ඔවුහු සංධානයට ඡන්දය දුන් අයට ගොන්, මීහරක්, ගොබ්බයන් කියා අමතති.එහෙත් එසේ ඇමතීමට ඔවුන්ට කිසිම අයිතියක් නැත. //
      ++++++++++++++++++
      මටද ඇති ගැටළුවකි.

      Delete