Thursday, February 19, 2015

ටිංටිං සහෝදරයාගේ ගොන් තෙල් සමංත්‍රන


පසුගිය 18 වනදා සන්ධාන පක්ශ කීපයක් සංවිදානය කරනු ලැබූ නුගේගොඩ මහා රැලිය එකට එක කිරීමක් වශයෙන් ජෙප්පන් විසින් මහා රැලියක් බත්තරමුල්ලේ පවත්වන්නට යෙදුනි. දහ නව වනදා බත්තරමුල්ල නගරය අතුරු සිදුරු නැතිව මහා මිනිස් ගඟාවකින් පිරී ගියේ ටියුශන් යන ලමයින් ගෙන් වත් වැඩට ගොහින් එන ජහමනයා ගෙන් වත් නොව සමාජවාදයේ කන්යාභාවය නොබිඳ ආරක්ශා කර ගන්න ජෙප්පන් ගෙනි.


පෙර දින නුගේගොඩ දී එදිනෙදා කටයුතු වල යෙදුනු සාමාන්ය ජනතාවට සිදු වූ ප්රමාද වීම් සහ තෙරපීම් ගැන සංවේදීව සොය බැලූ ජෙප්පන් ගේ නායකත්වය ජහමනයාට අවම අපහසුවක් වන සේ තම රැලිය පැවැත්වීමට කටයුතු යෙදීම ප්රසන්සා කල යුතු ක්රියාවකි.



රැලියක් වෙනුවට බල පෙරලිය ගැන සම්මන්ත්රනයක් ලෙස වෙනස් වූ ජෙප්පන් ගේ රැලිය බත්තරමුල්ලේ රෝයල් ප්ලාසා උත්සව සාලාවේ දී පැවත්වුනි.
 
සූ ගාලා පැමිනි ජෙප්පන් කතා වුනේ නිකං ප්ලාසා නොව  රෝයල් ප්ලාසා එකේම සමත්රනය පැවැත්වීම වි පේ නව ප්රවනතාව පෙන්නා දෙන්නක් බවයි.  එතැන සිටි බොහෝ ගොන් ජෙප්පෝ පැවසුවේ  අනුර කුමර කරුනානායක  කොපිරයිට් ගයත්රී) සහෝදරයාරෝයල්” කිවුවාම පූස් පැටියෙක් දී කිරට සාක්කි කියන සේ දැපනේ  වැටීරෝයල් අපිට අපි රෝයල් ට” ආදී වශයෙන් සටං පාට පවා කියන බවය.


එහි දී වැඩි දුරටත් අදහස් දැක්කූ ටිං ටිං සහෝදරයා කියා සිටියේ අනුර කුමර කරුනානායක රෝයල් සාලාවට කැමති උනාට ටිං ටිං තුමා නම් හිතං හිටියේ සම්මංත්රනේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් එකේ තියන්නය කියා . විමල් වීරවංස නැමති හාදයා මෙන් නොව මහජනතාව අවුවේ වේල වේලා වතුර බිඳක් නොදී දේසපාලන කතා ඇස්සවීම පිලිකුලෙන් බැහැර කල ටිං ටිං තුමා ගවපාලනේ එකතුවී පුන්නක්කු රස බැලීම ගැන සෙසු ජෙප්පන් හට කරුනු කාරනා කියාදෙන්නට යෙදුනි.


විසිල් ගසමින් හුරේ දමමින් ආදරනීය ටිංටිං සහෝදරයාගේ ගොන් තෙල් අසා සිත් මොට්ට ජෙප්පෝ සංග්රහය සඳහා ගෙනැවිත් තිබූ පැටිස් සහ පොල් රොටි එකිනෙකාට හොරෙන් තම තමන් ගේ සාක්කු වල දමාගන්නට යෙදුනි.
 
තම අමන අනුගාමිකයන් අතර සැරිසරමින් සුහද සාමීචියේ යෙදුන ටිං ටිං තුමා කියා සිටියේ අදිරාජ්ය වාදී මහින්ද ප්රේමී "චයිනීස් රෝල්" මෙවර ඇනැවුම් නොකල බවයි. වෙනුවට ඊලඟ වාරයේ "අමෙරිකන් රෝල්" ගෙන්වා දෙන බව ඔහු පැවසුවේ ගොන් ජෙප්පන් ගේ සදු නාද මැද්දේය

 

සමංත්‍රන සහ ශෝර්ට් ඊට්ස් අවසානයේ තිස් හතරක් පමන වූ සබා තොමෝ නැවත වෝටර්ස් එජ් එකේදී හමුවීමට ප්‍රතිඟා දී සතුටෙන් විසිර ගියහ.

 

වාර්තාව තුමා ගෙනි

15 comments:

  1. ජෙප්පො යාන්ත්‍රිකකරණය වෙලා කොතනින් කෙළවරවෙයිද දන්නෙ නෑ. හරකෙක් බදින්න ගියත් කොයි වෙලේ පක්ෂයෙන් නියෝගයක් එනවද දන්නෙ නැති නිසා පෝස්ටර් මිටිය ඉනේ ගහගෙනලු යන්නෙ
    ටින් ටින් සහෝදරය තව ගොන් තෙල් බෙදුවොත් ඇස් කන් නාසා නැති අරුම පුදුම සත්ව විශේෂයක් බිහිවෙනව ඉදිරියෙදි. ටින් ටින් සහෝදරය කියන්නෙ කාල් මාක්ස්ටත් වඩා ටිකක් දන්න ලෙනින් ගෙ බාප්ප වගෙ කෙනෙක්ලු නේද

    ReplyDelete
    Replies
    1. //ටින් ටින් සහෝදරය කියන්නෙ කාල් මාක්ස්ටත් වඩා ටිකක් දන්න ලෙනින් ගෙ බාප්ප වගෙ කෙනෙක්ලු නේද
      //

      ටිං ටිං දවසක් සොමවන්ස සමග මගේ මිතුරෙකු ගේ ගෙදර ආවා.... මගේ මිතුරා භීශනය කාලේ සෝමවන්ස ගේ ජීවිතය බේරා ගැනීමට උදවු කල කෙනෙක්.

      එදා ටිං ටිං හිටියෙ පුටුවෙ වාඩි වෙලා කකුල් දෙක එකට තබා ගෙන දනිස් දෙක මත අත්ල තබා ගෙන... හරියට පන්සලේ ඇබිත්තයා ඉන්නවා වගෙ... හරි ප්වුර්ශත්වයක් තිබුනානම් මිනිහත් එක්කො යූ ඇන් පී කාරයෙක්, නැත්නම් සිරි ලංකා කාරයෙක්

      Delete
    2. //හරි ප්වුර්ශත්වයක් තිබුනානම් මිනිහත් එක්කො යූ ඇන් පී කාරයෙක්, නැත්නම් සිරි ලංකා කාරයෙක්// එතන වෙන්නැති හීනමානයේ උපත

      Delete
  2. මේ වාර්තාව ගෙන ආ සරස තුමාට ස්තුතියි.
    මෙහිදී රෝහන විජේවීර අමු අමුවේ පුලුස්සා දැමූ එජාපයට එරෙහිව හෙලා දැකීමේ සහ ඔහු මරා දැමූවන් සොයන්නට කමිටුවක් පත් කරන ලෙස පවතින රජයට බල කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවත් සැලයි.
    1989 දී තමාගේ පක්ශයේ සාමජිකයින් 60 000 කට සිදු වූ දෙය වහා හෙලිදරව් කරන ලෙස රනිල් රක්තලවන් බටලන්ද ගෙන් ඉල්ලා සිටීමේ නොනවතින අරගලයක යෙදීමටද තීරනය වීලු.

    1989 දී රටට, පොදු දේපල වලට සහ මිනිස් ජීවිත වලට ජවිපෙය විසින් එකල සිදු කරන ලද මහත් විනාශය මහින්ද රාජපක්ශ ගේ කුමන්ත්‍රනයක කොටසක් බව රටට ප්‍රකාශ කිරීමේ මහජන රැලි මාලාවක් පැවැත්වීමටද තීරනය කෙරුනේලු.
    ලඟදීම රෝහන විජේවීර වලෙන් නැගිට ඇවිත් යකෝ තොපිට හෙණ වදීවි යයි කියාවි යන බියෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවක් සම්ම ත වීමට ම ඇවිත් වාස්තවික දයලෙක්තිකයද ද මොකද්දෝ මට නොතේරෙන එකක් හරස් වී පොඩ්ඩකට කල් ගියේලු.

    මේවා ඇත්තද?. ස ර ස වහා හෙලි කරනු...!

    ReplyDelete
    Replies
    1. ඔවුවා අමූලික බොරු ය. එතැන සිටි ජෙප්පෝ විජේවීර කියන්නේ කවුදැයි දැන හිටියේ නැත. ඔවුන් කතා කලේ My3 හිටං ගෙන් පෝස්ටර් ඇලවීමට ලැබුනු මිලියන් 6 ක සල්ලි මල්ල අනුරයා තනියම හොරකං කරා නේද යන කරුන ගැන පමනි!

      Delete
    2. gayathri ++++++++++++++++++++++
      මට හිටං හිනා! :D

      Delete
    3. හැබෑටම වත්මන් ජවිපෙට විජේවීරත් අමතක වුණොත් මේ යන තාලේට පුදුමයක් නම් නෑ..අනික ඉතින් උන්දැලගේ පෞර්ෂත්ව ප්‍රශ්නවල ඉඳන් දේශපාලන බංකොලොත්භාවයට වෙනකල් හැමදේටම මුල මහින්ද නේ! :D :D

      Delete
    4. // අනික ඉතින් උන්දැලගේ පෞර්ෂත්ව ප්‍රශ්නවල ඉඳන් දේශපාලන බංකොලොත්භාවයට වෙනකල් හැමදේටම මුල මහින්ද නේ! :D :D //

      මහින්ද මහත්තයා මිනිසුන් ගේ ජීවන තත්වය උසස් කරලා ජෙප්පන් ගේ කැච්මන්ට් ඒරියාස් නැති බංගස්තාන කලා...

      Delete
  3. හහ් හා. අර සිංජොප්පෝරු පෙලාසියෝ කතාව පස්සෙං මාත් ආවා.යකඩො මෙතනනේ බොල වැඩ තියෙන්නේ.
    ජෙප්පොන්ට වදන් කියන්න එපා. එයාල පාරිසුද්දයි. කොහොමද අහන්න එපා. එහෙම තමා.
    අනුර තුමා ප්‍රාඩෝ එකෙන් රට පුරා ගිහිං, ගමේ යන්නෙ කබල් චැලියකිනුයි,පුස් බයිසිකලේකිනුයි. තින්ක් ග්ලෝබල්, ඇක්ට් ලෝකල් කියලා ලෙනින් කිව්වේ? ආන්න එහෙම.!

    ReplyDelete
  4. // ගමේ යන්නෙ කබල් චැලියකිනුයි,පුස් බයිසිකලේකිනුයි. තින්ක් ග්ලෝබල්, ඇක්ට් ලෝකල් කියලා ලෙනින් කිව්වේ? ආන්න එහෙම.!
    //

    ඒ කලෙ නම් මෑන්ස් බිල්ලෙක් වෙලා අනෙක් සහෝදරවරුන් ගේ නම් ගම් දීලා බේරුනා කියලයි තතු දත් උදවිය කියන්නේ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මාතලන්ගෙ බ්ලොග් එකේ ඇනෝ කෙනෙකුගේ කොමෙන්ට් එකක උපුටා ගතිමි.ඇනෝට කොපි රයිට් හිමි වේවා.

      //මාතලං නමින් ලියන මහත්මයෝ,
      මේ ලියන මා රෝයල් එකට ආවේ නර්සරියේ සිටය.මගේ පියාද රෝයල් ගිය කෙනෙකි. මගේ දරුවෝද දැනටත් රෝයල් යති.
      එහෙත් රෝයල් එකේදී අප පුරුදු වූයේ විරුද්ධ මත ඉවසීමටය. හොඳ හික්මුනු වචන කතා කිරීමටය.හැම ක්රියාවකින්ම පාසලට ගෞරවය ගෙන ඒමය.

      ඔබ නම් අපේ පාසල් මාතාව ගේ හොඳ දරුවෙකියි මම නොසිතමි.රස්තියාදුකාරයෙකු වගේ වැඩ කරමින් මම රෝයල් කීම පාසලට අගෞරවයකි.
      ඔබ රෝයල් කියමින් අනවශ්ය ලෙස ආඩම්බර නොවන්න.ඔබේ පවුල, හැදියාව,රැකියාව, ආදර්ශමත් භාවය ආදී ඔබ උපයා ගත් දෙයින් ආඩම්බර වන්න අවශ්ය නම් ආඩම්බර වන්න.

      ඉතා ඉහල පවුල් වලින් රෝයල් එකට පැමින, ඔබට වඩා ඉතා ඉහලට ඉගෙන ගෙන ඉහල රැකියා වල නියුක්ත වූවන් සිටින බවද එවැනි අය බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ශට චන්දය දී ඇති බවද ඔබට මතක් කරමි.

      මා මෙය ලීවේ ඔබ මෙහි රෝයල් රෝයල් කියමින් කරන නැටුම බලා ඉන්නටම බැරි වූ තැනය. ස්තුතියි!//

      Delete
    3. රෝයල් ගියත් ආරේ ගති නෑරේ.

      Delete
  5. ඕකුන්ට ගැලපෙන හොඳම නම තමයි දේශපාලන අනාථයෝ

    ReplyDelete
    Replies
    1. // ඕකුන්ට ගැලපෙන හොඳම නම තමයි දේශපාලන අනාථයෝ //

      අනුන් ගේ දේශපාලන ව්යාපෘති සඳහා කුලියට පෝස්ටර් ගසන්නෝ..

      Delete