Monday, February 23, 2015

කූට ලේකන


ගව පාලකයෝ කොපමන බොරු කිවුවත් මහින්ද මහත්තයා හෝ එතුමාගේ අනුගාමිකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකිය. ඒවට සාක්ශි අවශ්යය. නොකල වැරදි වලට සාක්ශි නැත. පොලිසිය දැන දැන ම මිනිහෙක් මරා ආපසු එන කල රතු ලයිට් එක පාස් කරන් ගියා කියලා නඩුවක් දමනවා නම් ආයෙත් ඒකාට මිනී මැරුවා කියා නඩුවක් දමන්නේ නැත. ස ර ස තුමා දන්න නීතිය ඒකය.

 

කූට ලේකන හැදූ චෝදනාවට විමල් ගේ ගෙදර උන්දෑ හිරේට ගත්තීය. එයින් හැඟෙන්නේ ගවපාලකයෝ මහින්ද මහත්තයා හෝ එතුමාගේ අනුගාමිකයන් හට මැතිවරනයට කලින් එල්ල කල චෝදනා සියල්ල ෆැබ්රිකේශන්ස් බවය.

ෆැබ්රිකේශන්ස් නොවෙයි නම් එතුමන් ලාට නඩු නොදමන්නේ ඇයි?

 

කුඩු ගෙනාවා යැයි කියන මංත්රී නව ජනාදිපති සිරිසේන සමග නිදහස් උත්සවයට සාබාගි වෙයි. අඩු තරමින් ඔහු සිරි ලංකා නිදහස් පක්සයෙන් එලවීමට වත් පක්සේ නව සබාපති වන සිරිසේන කටයුතු කලේ නැත.

ගවපාලනේ ගේන්න උසස් අද්යාපන පුන්නක්කු සැපයූ මිනිහෙක් ගේ ඇස් දෙක දිහා කෙලින් බැලිය හැකි පෞර්ශත්වයක් නැති නිර්මාල් දේවයා පවසන්නේ රජයේ මුදල් හොරා කා හෙලිකොප්ටර සහ ගුවන්යානා ගත්තායැයි පැවසෙන සජින් වස් ගුනවර්දනත් ජනාදිපති සමග බොහොම සහැල්ලුවෙන් සිටිනවා දුටු බවකි.

 

සිරි ලංකාවේ දරුවෙක් පාසලකට දැමූ දෙමවු පියන් ගෙන් සීයට අනූවක් පමන කූට ලේකන අඩිපාරේ පියමැන්න උදවිය බව ගවපාලකයන් හට අමතක වෙලාය. සමහර විට තම දරුවාත් හොඳ පාසලකට දමා ගන්න එවැනි කූට ලේකන සෑදූ අය සින්හල බොග් අවකාසේ පවා ඉන්නට ඉඩ ඇත. එහෙවු රටේ විමල් ගේ ගෙදර උන්දෑ කූට ලේකන හැදුවා කියා හිරේ ගිහිල්ලාය!

 

 

කලකට පෙර මහනුවර උසස් බාලිකා විද්යාලය අසල නිවසක් තුමා සතු පැවතිනි. එම ගෙදර ලිපිනය පාවිච්චි කර උසස් බාලිකාවට තම දියනිය ඇතුලත් කර ගැනීමට කූට ලේකන සැදූ සමාජයේ වැජඹෙන ගවපාලක පැත්තේ දෙමවුපියෝ අපමනය. උනුත් අද විමල් ගේ ගෙදර උන්දෑ කල බයානක අපරාදය ගැන මුසප්පු වනවා ස ර ස තුමා බලාඉන්නේ මහත් අපුලෙනි!
 
අනේ සකෝ බල ලෝ!

14 comments:

  1. සිරි ලංකාවේ දරුවෙක් පාසලකට දැමූ දෙමවු පියන් ගෙන් සීයට අනූවක් පමන කූට ලේකන අඩිපාරේ පියමැන්න උදවිය බව ගවපාලකයන් හට අමතක වෙලාය
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා ඇත්ත!!

      Delete
    2. හා හා හා! නියම කතාව. ඇයි ඒ විතරක්ද බොරු උප්පැන්න, උපාධි සහතිකපත්‍ර හදාගත්තු කී දෙනෙක් යහපාලනයක් උදෙසා කඩේ ගියාද? තාම යනවද? අපි නොදන්න චෙස් කිව්වලු!
      මම හිතන්නේ ඒ කවුරු මොනා කලත් ශෂීගේ වැරැද්ද නිසා තමයි රටේ දේශපාලන සුනාමියක් ඇතිවෙන්න ඇත්තේ!

      Delete

    3. // හා හා හා! නියම කතාව. ඇයි ඒ විතරක්ද බොරු උප්පැන්න, උපාධි සහතිකපත්‍ර හදාගත්තු කී දෙනෙක් යහපාලනයක් උදෙසා කඩේ ගියාද? තාම යනවද? අපි නොදන්න චෙස් කිව්වලු! //

      ගවපාලක පක්සෙ බුද්දික පතිරන තුමා ට දොස්තර කෙනෙකු විදියට ප්‍රතිකාර කිරීමට වෛද්ය සබාවෙන් ලයිසන් තියෙනවද කියලා හොයා බලන්න....

      Delete
    4. උන්දැ දොස්තර එහෙනම් නමට විතරයි? අනික් වෙලාවට යහපාලනේ බසයේ කොන්දොස්තර තැන්පත්කමක්වත් නැතුවා වාගේය

      Delete
    5. yes ,, අපේ රටේ මොකක් හෝ ලියවිල්ලක් කූට විදියට හදපු නැති පුරවැසියෙක් හොයාගන්න පුලුවන්ද අප්පා.. නීතිය එක තලයකට නොගෙන මේ වගේ රට්ටු හිනස්සන දේවල් කරලා වැඩක් නෑ අප්පා

      Delete
    6. //උන්දැ දොස්තර එහෙනම් නමට විතරයි? අනික් වෙලාවට යහපාලනේ බසයේ කොන්දොස්තර තැන්පත්කමක්වත් නැතුවා වාගේය//

      කොලඹ ආනන්දේ ඉගෙනගත් රාජිතගේ කොලුවා වෛද්යපීටයට ඇතුල් වුනේ කුමන දිස්ත්‍රික්කයෙන්දැයි දන්නවාද?

      Delete
    7. ///ඔමාගේ හීන- omayaFebruary 24, 2015 at 8:25 AM yes ,, අපේ රටේ මොකක් හෝ ලියවිල්ලක් කූට විදියට හදපු නැති පුරවැසියෙක් හොයාගන්න පුලුවන්ද අප්පා.. නීතිය එක තලයකට නොගෙන මේ වගේ රට්ටු හිනස්සන දේවල් කරලා වැඩක් නෑ අප්පා ///

      රැල්ලට ගිහින් කතා කරනවාට වඩා ඔබ තුමිය ඇත්ත අති සැටියේ දැකීම ගැන සතුටුවෙමි...

      Delete
  2. //ගව පාලකයෝ කොපමන බොරු කිවුවත් මහින්ද මහත්තයා හෝ එතුමාගේ අනුගාමිකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකිය. ඒවට සාක්ශි අවශ්යය. නොකල වැරදි වලට සාක්ශි නැත.//
    හා හා ඔය සරල සමීකරණ, සංකීර්ණ ජ්‍යාමිතියකට දාගෙන ලොක්කෝ වන්නට තතනන යහපාලන අනුගාමිකයන්ට නොතෙරීම උන්ගේ ජාතියේ අවාසනාවකි! :D

    ReplyDelete
  3. ඇත්තටම දැන් මුලු යහපාලන ලාංකිකයන්ටම සිරාවටම මොකක්දෝ මානසික අවපාත්ත හෝ අවහංස එකක් වී ඇත.මා සමග වැඩ කරන එක් අධික-හංසමය-ලාංකිකයකු වැඩට එන්නේම ,ආ බැලුවද ලංකාවෙ නිවුස්? ඊයෙ අහවලාට නඩු වැටුනනෙ,ඊයෙ අරූ ගෙ ඔර්ලෝසු හම්බුනානෙ, අරු ගහල තියන ගැහිලි, ඕකුන්ට හෙන ගහනවා කරපු ඒවට. සහ ගහනවා ඕකුන්ට!, වැනි අවලාද දෙස් දෙවොල් ශාප කිරීම් වලාකුලක් සමගය. මොහු තැනක ඉන්නා විට පලාතම ඉතා අපහසු වාතාවරනයක් ගනී.මොකක් හරි ලොකු අවුලක් ලංකාවේ මහින්ද පාර්ශවයට වී නැත්නම් ඔහුගේ හදවත මිලින වෙයි.ඔහුට ශාප කිරීම්,අවලාද, දෙස් දෙවොල් නැතිව ජීවිතය ගත කිරීම අපහසු වී ඇත.
    මුලු දවසම අන්තර්ජාලයේ අහු මුලු වල රිංගා ගෙන,කුනුම සොයයි.ඒ සඳහා ආයතනයේ අන්තර්ජාල පහසුකම භාවිතා කරයි.දිනයට පඩියත් වැඩ නොකර ලබා ගෙන, අතිකාලත් ලබා ගනියි.ආයතනයෙන් ගත හැකි හැම දෙයම ගනියි.

    යහපාලන පප්පලා බොහෝ දෙනෙකු මෙවැනිය. තම ජීවිතය තුලින් ආදර්ශයක් නොවී අනුන්ගේ පාස්පෝට් එක හෝ ලැම්බෝගිනිය හොයති.

    කාට කියන්නද? පුලුන් දා ගිය ගෙදර යකඩ සොයන්නේ කෙලෙසද?

    ReplyDelete
    Replies
    1. // කාට කියන්නද? පුලුන් දා ගිය ගෙදර යකඩ සොයන්නේ කෙලෙසද? //


      ඒත් ඔච්චර තටමලාත් ගවපාලකයන් හට හිරේ දමන්න පුලුවන් උනේ තිස්ස අප්පච්චි සහ විමල් ගේ බිරින්දෑ පමනි.ගවපාලකයන් ගේ අනුගාමික ගොන් ගවයෝ හොරෙ හොරෙන් එකිනෙකා අතර කතා කරගන්නේ මේ මොන විලි ලැජ්ජා නැති දෙයක් ද කියා ය...

      Delete
    2. ගයත්‍රි:
      ඇත්තය.බහුතරයක් යහපාලන අනුගාමිකයෝ එවැන්නෝය.කන්තෝරුවලද කාට හෝ වලක් කපා, එමින් ගමන් බසයේ ජැක් එකකුත් ගසාගෙන,තව කාට හෝ කෙළ කරන්නට ප්ලෑනක් අඳිනා ගමන් එහා වත්තේ වැටී ඇති පොල් ගෙඩියත් හොරෙන් මල්ලේ ඔබාගෙන එන ජාතියේ ඈයෝ හංස ලතාවෙන් යහපාලනයට කඩේ යන්නේ ඔවැන් ශාපකිරීම්, අඳෝනාවන් වලින් වායු දූෂණය කොරනා ගමන්ය.

      Delete
  4. ''පොන්සිරි රක්තලවන් බටලන්ද'' දවස් 40 ක් තුල ''තුම්මුල්ලේ පද්මේ පච්ච සිරා බටලන්ද'' දක්වා රූපාන්තරණය වූ ආකාරය වර්නනාවිශයාතික්‍රාන්තය.පත්තර මුත්තලා ටිකට එරෙහිව නැගූ මහා සිංහ ඝර්ජනාව, ගම් නියම් ගම්,පසල් දනව් මතු නොව, දේශ දේශාන්තරයන්හි ඈත කඳු වලලු සාගර සිසාරා ඇසුනේය.මිහිකත එම අභීත නාදය ඒ කනින් අසා මේ කනින් පිට වන්නට පෙර තුන් යලක් ජබර කලන්තය දා වැටුනාය.

    දෙවියනි අර කොටි නැලේ මේ රට වනසන කල්හී, මේ සිංහ ඝර්ජනා තිබුනේ නම් මල්ටි බැරල් රොකට් ලෝන්චර්,රොකට් ප්‍රොපෙලර් ගන්, ආටිලර්ය් ආදී එකී නොකී අටමගල් නැතිව එක මොහොතින් ඒ කොටි රැල එලවන්නට තිබුනා නේද කියා මගේ මෝඩ බයි මොලයට හිතුනාය. බය බෝයි රනිල් හාමු..!

    ReplyDelete
  5. ගූගල් ෆලොවර් ගැජට් එක දාන්න

    ReplyDelete