Thursday, February 26, 2015

පොඩි බංඩා


තනි අන්ඩෙන් ගෙම්බා පනිමින් ජේම්ස් පීරිස් ශාලාව පිහිටා ඇති කුඩා කඳු ගැටය නැගීමේ ප්රීතිජනක අවස්තාව ප්රතමයෙන් මා හට ලබා දුන්නේ පොඩි බංඩා .


හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින් ගෙම්බා පනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින්  ජේ පී කන්ද තරනය කරඅමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා බව කිසි දා අමතක නොවේ.


වචනයේ පරිසමාප්රත අර්තයෙන් පොඩි බංඩෙකු වූ ඔහු කුඩා මනුස්සයෙකි. පොකුටු කෙස් සහ කුරා උඩු රැවුල නිසා රූකාන්ත ගුනතිලක ගේ රුවට සමාන විය.
 
නවක ශිශ්යයන් ලෙස සරසවියට පැමිනි අපට වදය දීමට වඩා ගොන් පාට් දැමීමට උත්සුක වූ කන්ඩායමට ඔහු අයත් විය.

වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන්  හා නවකයන් සැවොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි.

ඉඳහිට් ඔවුන් වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරා ගෙන කෑමට උත්සුක වූයේ නැත.
 
 
තනි අන්ඩෙන් ජේ පී කන්ද තරනය කරන ලෙස සිනාසෙමින් කීවා මිස අනෙක් ජේශ්ටයන් මෙන් පොඩි බංඩා අපට තර්ජනය කලේ නැත. එපමනක් නොව තනි අන්ඩෙන් ගෙම්බා පැන නන්නත්තාර වී සිටි අපව ජේ පී කැන්ටිමට ගෙන ගොස් ප්ලේන් ටී අරන් දුන්නාත් මතකය.
 
 
නවක වදය අවසානයේ පවත්වන්නට යෙදෙන බොඩි ෆීඩ් එකට දින කිහිපයකට කලින් මාත් මගේ රූමාත් පේරාදෙනිය රාජකීය උද්භිද උද්යානයට ගියේ කොලඹ සිට නුවර සංචාරයකට පැමිනි පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමටයි.
 
මින් පෙර නුදුටු කෙනෙකු සමග පොඩි බංඩා ජේශ්ට උත්තමයා ලොකු කතාවකට වැටී සිටියේ උද්යානයේ ඇති දෙබිඩි පොල් ගසක් යට . ජේශ්ටයන් දුටුවාම මහ හැර යෑම ආනන්තරිය පාපකර්මයක් හෙයින් මත් මගේ  රූමාත් පොඩි බංඩා ලඟට ගියේ වෙන කල හැක්කක් නොවූ නිසාය.
 
 
වෙනදා සරසවියේ දී අප පසු පස හඹා එමින් ගොන් පාට් දමන පොඩි බංඩා එදින අප ඔහු වෙත ඒම ගැන දැක්වූයේ නොසතුටකි. පරුශ වචනයෙන් අප ඇමතූ ඔහු පට වහාම එතැනින් යන්නට අන කලේ . එයත් ගොන් පාට් එකේම කොටසක් දැයි පහැදිලි නොවන නිසාම එතනම ටැග් ගැහෙමින් සිටි අප දෙදෙනාටම එතැනින් වහාම යන ලෙස ආයාචනා කලේය. මෙතනෙ හිටියොත් උඹලට අනතුරක් වෙන්න පුලුවනි.... අපව එතැනින් පලවා හරිමින් ඔහු කීවේ වෙනදා මෙන් සිනා සෙමින් නොවේ.
 
මා අන්තිමට පොඩි බංඩා දුටුවේ එදාය. අපට අනතුරු හැඟවූ පොඩි බන්ඩා ලුහුබැඳ අනතුර පැමින ඇති බව ටික වෙලාවකට පසු සාලාවට ගිය අප හට ආරන්චි විය.
පොඩි බංඩා පැහැර ගැනීමට ලක් වූයේ සරසවිය තුලදීම බව කනින් කොනින් නවකයන් වන අප දැනගන්නට ලබුනි. කිසි කෙනෙකු පිලිබඳ කතා කිරීමට උනන්දු නොවීය. 
 
 
වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් විය. ඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු සිසු සිසුවියන් පසු දින දේශන වලට සාබාගී විය. දින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.
එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේ ගොවි පවුලක දරුවෙකු වවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය අයෙකු බවද දැනගන්නට ලැබුනි. එම තොරතුරු වල සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.
පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩි බංඩා ගේ පින්තූරය එල්ලිනි.... කතාව එච්චරය...
 
වසර බොහෝ ගනනකට පසු හදිසියේ දිනක මට පොඩි බංඩා මතක් වුනේ රූපවාහිනි ප්රවුර්ති නරඹද්දීය.
 
ජෙප්පන් ගේ මහ එකා වන අනුර කුමර කරුනානායක තුමා හයිබ්රිඩ් වාහන මෙරටට ගෙන්වන ආනයන කරුවන් ගේ දුක් අඳෝනා වලට සවන් දෙමින් කියා සිටියේ ඔවුන් ගේ ප්රශ්න ගැන තමාට වැටහෙන බවත් එම ප්රශ්න ජාතික විදායක සබාවට යොමු කර සහනයක් ලබා දෙන බවත් .
 
තම උගත් දරුවා නැති වූ සොවින් ඔත්පල වී මරු තුරුලට නොගියේ නම් පොඩි බංඩා ගේ දෙමවුපියනුත් එම අනුර කුමර ගේ කතාව ප්රවුර්ති වලින් දැකගන්නට ඉඩ තිබුනේය.
තවමත් ජීවත් සිටිනවා නම් ඔවුන් මහලු වයසේ පසුවන්නෝ වෙති...  සමහර විට ඔවුන් තම දරුවා දොස්තර විබාගය සමත් වී නැවත ගෙදර එන තුරු බලා ඉන්නවා වන්නට ඇත.....
 
අනුර කුමර තුමෝ... හයිබ්රිඩ් කාරයන් සහන දෙන්න යන ගමනේ නරකද ඔබ තුමාලා ගේ යහපාලනයෙන් මිල අඩු කල සස්ටජන් ටින් එකකුත් අරන් දඹුල්ලෙන් බැහලා පොඩි බංඩා ගේ වියපත් දෙමවුපියන් වත් බලලා සමාව ගත්තොත්???



31 comments:


  1. Insurance :D

    http://maathalan.blogspot.com/2015/02/tsunami-buddhist-monks-miracles.html?showComment=1425033931824#c6368206690972558684

    Sa rasaFebruary 27, 2015 at 2:45 AM
    // ගුඩ් මෝනින් ඔයා මොකද කරන්නේ.. වැඩද.. ?
    මාර වැඩේ නේ..
    මාර වැඩේ නේ..
    මොන සුනාමියක්ද අනේ.. මාර විශ්වකර්ම වැඩක්.....

    ඔයාට ඕක ඇර වෙන වැඩක් නෑ.. ඒකක් නෙමෙයි අනේ.. ඔක්කෝම බුදු පිලිම වලින් බුදු රැස් විහිදෙනවා..!
    ඔව්... මෙහේ තාම දවල් නේ..

    ඔයා හිතන්නේ බොරු කියලද..?
    මම මේ මැඩම් එක්ක ඉන්නේ ...අර වැල්ලවත්තේ බුදු පිළිමේ ළඟ.. පොඩ්ඩක් ඉන්න මැඩම්ට දෙන්න..

    පිස්සු... පිස්සු නෙමෙයි මාතලන්.. අපිට මේ හොඳට පේනවා..
    ගුඩ් මෝනින් මාතලන්..., ගුඩ් මෝනින්..! ඉතින් කොහොමද ජීවිතේ මාතලන්..? තෑන්ක්ස් ආ චොක්කා වලට.. //

    මේම සංවාදයේ පලමුව කතා කරන "ඇබට්' එක මෝඩ අදහස් වලින් හිස පුරවාගේන ඉන්නා ගෙදරක අත් උදවුවට නැවතී සිටින නියම ගෝත්‍රික සිරියාලතා කෙනෙක් බව පෙනේ.....

    ඇය ගේ සේවාදායිකාව වන මැඩම් ට ම හරියන බඩුවකි

    මෙවන් මරි මෝඩ ගෝත්‍රිකාවියන් සහ ඔවුන් ගේ කාලත්‍රයා ජීවත් ව ඉන්නා මේ සිරි ලන්කාවට කවදා හරියයි ද?

    මාදුලුවාවේ ගොන් සංගයා සහ රතනයා කරේ තියන් ආන්ඩු හදන්න යන්නේ මේ ජාතියේ ගෝත්‍රිකාවන් ගේ වාහෙලා ය.

    කාටත් හිත රිදුනානම් සමා වෙන්න... මට ගෝත්‍රිකාවියන් හා උන්ගේ වාහෙලා පේන්න බැරිය!!

    ReplyDelete
    Replies
    1. තනි තරුවFebruary 27, 2015 at 6:37 AM

      :D
      හැමෝටම තග දමනා බොග් චක්‍රවර්ති තුමාට උපහාසය තේරී නැත....

      Delete
    2. විරුද්ධවාදී ලේබලයෙන් ඔහුගේ වපර ඇසට හසුවන අප උපහාසය හෝ තග භාවිතයේ අසමත්යැයි ඔහු සිතනවා විය හැක. ;) :D

      Delete
    3. සැමියා බිරිඳ ගේ ටොමියා ය.

      Delete
  2. පෝස්ට් එකේ මුල හරියෙදි හිනා ගියා. වැඩියෙන්ම රැග් සීසන් එක සිහි වීම නිසයි.ජේශ්ඨ උත්තමයන් ගේ අණ අනුව මඩ කඩේ ෆ්‍රෙශෙක් ගලහ හන්දියේදී අල්ලා දී අත් අල්ලාගෙන විජයවර්ධන කැන්ටිමට එනතුරු '' අමා සැටක් දැනේ දැනේ..'' කියමින් ආ හැටි මට සිහි වුණා.අමා සැට කෙසේවෙතත් එම අහිංසක ෆ්‍රෙශාත් මෙම අහිංසක ෆ්‍රෙශියත් බියෙන් ත්‍රස්ථ වී සිටියේ පිටුපසින් කන ලඟින්ම එම ජ්‍යේශ්ඨ උතුමන් අපව අධීක්ශනය කරමින් ආ නිසාය.

    හිනාව කපා ගන්න වුනා අන්තිමට, පොඩි බන්ඩා ගෙ අහිංසක අම්මයි තාත්තයි මතක් වෙලා. ඒ දවස් වල මැරුනෙ අවංක කොල්ලො කියලයි මට හිතෙන්නෙ.තක්කඩි හිටියෙම අහුවෙන ලකුණු පේනකොටම පිටරට පනින්න බලාගෙන.අර දුප්පත් පවුල් ගොඩ ගන්න හිටපු දරුවන්ට අන්ඩර දීලා ,විප්ලවාදීන් කරවලා අර අම්මලට අන්තිමට මැරෙනකොට කටට වතුරටිකක් දාන්න හිටපු දරුවො නැතිකරා.

    අර තරම් මිනීමරු කොටි තමන්ගෙ සාමාජිකයො මැරුනම ඒ අම්මලාට ගරු කරේ වීර මාතා කියලා.

    ReplyDelete
    Replies
    1. //තක්කඩි හිටියෙම අහුවෙන ලකුණු පේනකොටම පිටරට පනින්න බලාගෙන.අර දුප්පත් පවුල් ගොඩ ගන්න හිටපු දරුවන්ට අන්ඩර දීලා ,විප්ලවාදීන් කරවලා අර අම්මලට අන්තිමට මැරෙනකොට කටට වතුරටිකක් දාන්න හිටපු දරුවො නැතිකරා.

      අර තරම් මිනීමරු කොටි තමන්ගෙ සාමාජිකයො මැරුනම ඒ අම්මලාට ගරු කරේ වීර මාතා කියලා.//

      ගයත්‍රි සහතික ඇත්ත!
      මම දැක්කා භීෂණය කාලේ බොරැල්ල කනත්ත භාරව හිටි මනුස්සයා මහණ වුණාට පස්සේ දුන්නු සම්මුඛ සාකච්ඡාවක් දිවයිනේ කාලෙකට කලින්.දැනටත් මහලොකුවට වැඳුම් පිඳුම් කරන රෝහණ විජේවීරගේ අළු මුට්ටිය හංගපු තැන ගිහින් කියලාවත් උන්දැලා මුකුත් කරලා නැහැයි ලු..උන් නිසා මැරුම් කෑ මෝඩ අහින්සකයන්ගේ දෙමව්පියන් ගැන කවර කතාද?

      Delete
    2. @ Gayathri:

      අහා ඔබත් පේරා ආදි ශිශ්‍යාවක්....

      මේ ගස හැර තවත් ගස් තිබෙන බව දැන ගැනීමටත් සතුටුයි....

      PS:
      හොඳ වෙලාවට විජේවර්දන සාලාවෙන් ගමන ඉවර වුනේ... මිත්තා හෙම හිටියා නම් සින්හයා කැගහනවා ගජසිංහ පාලම උඩින් යනකොට :D

      Delete
    3. @ තනි තරුවFebruary 27, 2015 at 6:27 AM

      හැමදාම සිදු වුනේ ඒක තමා... අවංක ජෙප්පෝ මලා.... නුවනක්කාර ජෙප්පෝ හයිබ්‍රිඩ් එලවනවා..... අනේ කාලේ වනේ වාසේ කිවුවලු...

      PS:
      මාතලං ට එතුමාගේ බාසාවෙන් ම පොඩි බයිට් එකක් දෙමින් සිටිමි.... දුටුවාද?

      Delete
    4. එහේ ගියේ නැහැ..හැමදාම එකම වචන සෙට් එක දැකලා එපා වෙලා..:D

      Delete
    5. @ සරස.
      මම නම් ස්වාමීනි, එහේ ගිය වෙලාවේ සර්පයා දුටිමි.හික්ස්.දැන් ඔලුව ගලේ ගසා ගැනීමට වී ඇති සෙයකි.

      රැග් කාලෙ කෑම කන්න විජේවර්දන ආවට හිටියෙ මිත්තා.
      ගජසිංහ පාලම උඩින් යද්දි..( මේ වනවිට රැග් අවසාන් භාගය. අපිත් හීනියට පොර ටෝක් දෙන සමය )

      ජේශ්ට උතුමා; ඒයි, ''----''( මගේ කාඩ් එක ), උඹ එනකොට ගජසිංහයා කෑ ගැහුවෙ නෑ නේද?
      මම; කෑ ගැහුවා ජේශ්ට උත්තමයා.
      ජේශ්ට උතුමා;එහෙනං බොල අපිට ඇහුන් නැත්තේ?
      මම;( ඉතා අහිංසකව ) අධික සංඛ්‍යාතයකින් කෑ ගැහුවේ ජේශ්ට උත්තමයා.
      ජේශ්ට උතුමා;හැක් හැක් හෑ.. යකෝ තෝ පොර ටෝක් දෙනවා නේද යකෝ? හැක් හැක් හෑ...

      අධික සංඛ්‍යාතයකින් කෑ ගැහු එක ඇහුනා නම් ජේ උතුමා බල්ලෙකු වෙන නිසා එතුමෝ මා අතහැර දැමූහ.

      මා මෙහිදී බල්ලා කිව්වේ ටී වී එකේ සිටි ටොමියාට නොවන බව කරුනාවෙන් සලකන්න.

      Delete
    6. @ තනිතරුව.

      රෝහන විජේවීර ගේ අලු ටික කොන්ටෙම්පරරි ජෙප්පෝ ගෙනියන්නැත්තේ ඒකට මේ දේශපාලන වෙලඳ පොල තුල වටිනාකමක් නැති නිසා.අලු ටිකට නෙමෙයි විජේවීර ටවත් දැන් මේ වෙලඳපොලේ අගයක් නැහැ.
      දැන් අනුර කුමාර ඇස් දෙක මහසෝනා වාගෙ ලොකු කරලා කට රෝල් කරලා, මෙහෙම කියනවා.
      ''ඔපි වොන්චා දූශන ඔක්කෝම ඔල්ලනවා.මෝධ්‍යවේඅදීන් මැරූ ඔය ඔල්ලනව.''

      එතකොට හක්කෙ තියන පුච්චපු බස් ටිකයි, ගල් කටස් එකෙන් මරපු මිනී ටිකයි, හීනියට එලියට පේනව.

      දැන් එතුමා ලිච්ඡවි රාජ සභාවෙ විධායක නිලධාරියෙක් නිසා ඒ කලින් කරපු ඒව ඔක්කොම නිදොස්! නිවාරනයි!! තීන්දුයි!!!

      ඔයාගෙ සීයටත් තව දහසක් දෙනා ටත් ඒ අපරාදෙ කරේ මං හිතන්නෙ ඉන්ඩියන් පීස් කීපිං පෝස් වෙන්න ඕනි.

      Delete
    7. මමත් බලාගෙන ඉන්නේ ඔය සර්ව සාධාරණ යුක්තිගරුක අනුර කුමාර මහත්තයා හම්බෙනකල් යටගිය දවස බරණැස් නුවර සිදුවීම්වල භීෂණයට මර්ධනයට මිනීමැරුමට එරෙහිව ගන්නා පියවර ගැන අහන්න..කට්ටිය කලින්ම ඩීල් දාගෙන 2005න් පසු සිදුවූ අපරාධ ගැන විතරක් හොයන්න ගත්තේ තමන්ගේ අරක්කු තමන්ටම කෙලී කියලා දන්න හින්දා වෙන්නැති නේ?

      Delete
  3. 89 විතරක් නෙමෙයි 71 පවා මොලහෝදල අතරමං කරල අනාගය අදුරු කරල දැම්ම කොල්ලෝ අදටත් අනාත වෙලා අපා දුක් විදිනවා විතරක් නෙමෙයි ඒ පවුල් පස්සේන් අදටත් ඒ හෙවනැලි එනව ,

    71 කාලේ අපේ ආච්චිට ගමේ මිනිස්සු කියල තියෙන්නේ චේගුවෙර අම්මන්ඩි කියල , ( අනේ උන්දැගේ ඇති දේසපාලනයක් නැ , එයාගේ කොල්ලොයි , නැදැ කොල්ලොයි , ගමේ කොල්ලොයි එකතු උනහම , අන්දෝ සංසාරයක් නොදැන කොස් ඇට තම්බල කන්ඩ දුන්නට )

    88 89 කාලේ පවුලේ කවුරුවත් දේසපාලනේ නොකරත් , ඊටත් ටික කාලෙකට පස්සේ , මං කවුද කියල වං හුං අහපු ගෑණු දෙන්නෙක් , මං කවුද කියල විස්තර ඇහුවහම , දන්න විදිහට අරහෙමයි මෙහෙමයි කියල නැදැකං කියනකොට , එක ගෑණු කෙනෙක් කියනව අනික් එක්කෙනාට , ‘‘ එහෙනං අක්කේ මේ අර ඉහලගම චේගුවෙර අම්මන්ඩි කියන්නේ ..එයාගේ මුනුපුරෙක්ද කොහෙද කියල

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කෝම පව් කැන්සල් කියන්නේ අනුරලා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවහම..ආහ් ඔව් ඔව් රෙදි ඇඳන් තමයි එහෙම කියලා තියෙන්නේ..:D

      Delete
    2. මට තියෙන දුක තමා එවැනි අසරන වුනු පවුල් වෙනුවෙන් දැන් ඉන්න ජෙප්පන් ගේ නායකත්වය කිසිවක් ම නොකිරීම.... අර මුරුංගා පොතු වගේ... විසි කරපු තැනක් වත් මතක නැහැ....

      88/89 කලෙ මරාදැමූ බොහෝ සරසවි සිසු සිසුවියන් ගේ මවුපියො හො නෑදෑයො එක්කො නැතිවෙලාම ගියා නැත්තම් බොහොම අසරන වුනා...

      හැබැයි අනුර කුමාර කියන බිල්ලා ජාතික විදායක සබාවට ගියා!!!

      Delete
    3. හා හා සරස, කරත්තෙකින් පාරේ යනගමන් අනතුරට පත්වෙච්ච, ගොම මැටි ගෑ පිල් කඩක එක දම්රෝ පුටුවක් තියන් ජීවත්වෙන සත්ගුණවත්, අවංක, නිර්මල, පවිත්‍ර අනුර කුමාර බිල්ලෙක් නෙවෙයි යහපාලන ආනුභාවයෙන්..:D

      Delete
    4. නන්දන ගුනතිලක නම් නැවත ජෙප්පන් ගොඩ දැමීමට මහා සටනක් දුන් බව දනිමි... අනුරයා නම් තම සටන් සගයන් පාවාදුන් බිල්ලෙකු විය!

      Delete
    5. මම නම් හිතන්නේ JVP දෙවැනි කැරැල්ලට තරුණයන් රැවටුනේ ඔවුන් ලෝකය ගැන දක්වපු බලවත් නොදැනුවත් බවයි. පොල් පොට් ගැන දැනගත්තනම් හොදටම ප්‍රමාණවත්

      Delete
  4. බයිට් එක ට ඉන්සුවරන්ස් ගැනීම :)

    ...............................................................................................................

    Maathalan - Priyantha HewageFebruary 27, 2015 at 3:38 AM
    මම උදෙත් කොමෙන්ට් නොකලේ මූට ළියන දේ තේරුම් ගන්න බැරි බව පෙනුන නිසා..

    හොන් වස්සෝ.. සිරියලතෙක් නෙමෙයි ඒ.. අඩු ගානේ හෙඩිමින් වත් අදහසක් ගන්න ට්‍රයි කරහන්.. ගොන් මැට්ටා....

    උඹ විතරක් නෙමෙයි.. තාත්තගේ ඔළුවත් ගලක වැදිච්ච වෙලාවකද කොහෙද සංසේචනය සිඳු වෙලා තියෙන්නේ...


    Sa rasaFebruary 27, 2015 at 6:22 AM
    //හොන් වස්සෝ.. සිරියලතෙක් නෙමෙයි ඒ.. අඩු ගානේ හෙඩිමින් වත් අදහසක් ගන්න ට්‍රයි කරහන්.. ගොන් මැට්ටා....//

    ඔන්න ඉතින් ඔයා බොරු කියනවා...

    බුදුපිලිමෙන් රැස් විහිදෙනවා කියලා සාදු කියමින් වඳින්නෙ....
    මැඩම් කෙනෙක් එක්ක ඒ බුදු රැස් බලන්න යන්නෙ
    බුදු රැස් දැක්ක කියලා පිට රට ඉන්න වාහෙට කෝල් කරන්නෙ....

    ගෙදරක වැඩට ඉන්න දුර ගමකින් (අර රාජ් ඉන්න ගමේ තරම් දුර..) ආපු "ඇබට් එකක් " මිස පොශ් කෑල්ලක් වෙන්නෙ කොහොමද මෙයා??

    ඉතින් ඒ "ඇබට්" එක වාහෙ කමට අරන් ඉන්න එවුවො අර පසුගාමී ගෝත්‍රිකයො මිසක් කමකට ඇති වුන් ද මෙයා?

    එලකිරි වගෙ පොශ් කොල්ලෝ ඔය බුදුරැස් බලන්න තියා පන්සලකට වත් යන කෑල්ලක් සෙට් කර ගනීද.. නැද්ද මං අහන්නේ???
    මම නම් ගොං මැට්ටෙක් තමා... හැබැයි ඔය ගෝත්‍රික වාහෙලා වගෙ මම බුදුරැස් බලන්න යන ඇබට් ටයිප් එක පාවිච්චි කරන්නෙ නැහැ.. අපි අත තිබ්බොත් ඉතින් ටෙම්පල් වෙනුවට ක්‍රිස්මස් යන පොශ් කෑලි තමා............

    ඔන්න මං කාටවත් අපාහාස කරන්න එහෙම නෙවෙයි මේක් ලිව්වෙ හොඳේ...?

    ReplyDelete
    Replies
    1. හා හා හා...ඔබතුමා කලිසම් අඳින් පොෂ් බුවාගේ මහාන්ත්‍රයටම වැදිලා වගේ...හා හා හා...:D :D :D :D
      ඔබතුමාව දකින්නේවත් නැතිව ගොන් මැට්ටෙක්, ගොනෙක්, හරකෙක් කියා නිගමනයකට එළඹ ඇත්තේ කෙසේදැයි මට ගැටළුවකි..:D :D

      Delete
    2. //ඔබතුමාව දකින්නේවත් නැතිව ගොන් මැට්ටෙක්, ගොනෙක්, හරකෙක් කියා නිගමනයකට එළඹ ඇත්තේ කෙසේදැයි මට ගැටළුවකි..:D :D
      //

      මම නම් ඉතින් මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ම ගොන් මැට්ටෙක් තමා..... ඉතින් මාතලං ඇත්ත කීවාම මට තරහ යන්නේ නැහැ....

      :)

      PS:

      හැබැයි මාතලං ගේ "සිරියලතා" ගැන කීවාම මෑන්ස් ට නම් මල පැනලා...

      Delete
    3. ඒකනේ වෙලා තියෙන්නේ සරස..හාමීනේට කෝචෝක් එක දැම්මම එයාගේ හිත රිදිලා..අහිංසක රෝමියෝ..:(
      ලිපිය නම් සුපුරුදු ලෙසම ජුගුප්සාජනකයි..මං මොකෝ අපරාදේ කාලේ නාස්ති කොරගන්නේ ඔය ගොම්බෙටිවලට..:D

      Delete
    4. මොනා වුණත් ඔබතුමා ඇත්තම කියලා තියෙනවා..අර ඇනෝ කෙනෙක් අහලා ජිනා මැඩම් එක්කද ගියේ කියලා...ලොලෙ ලොල්! :D :D :D :D

      Delete
    5. @ තනි තරුව &. සරස

      ඇනස්ලි, බර්ටි, සැමුවෙල් සමග විනෝද සමය.... ඉල ඇදෙන පිනුම් සමග ත්‍රාසජනක හිනා..

      හක..හක..හක..
      ( ඇත්තමයි මට හරි හිනා)

      Delete
    6. හී හී...අපරාදේ සරමක් අඳින කෙනෙක්වුණා නම් සරමෙන් මූණ වහගන්න තිබ්බා නේද ගයත්‍රි? හැක් හැක් හැක්...:D :D :D :D

      Delete
    7. සරම් අඳින්නේ ගෝත්‍රිකයෝ.අපි ''කපාල අඳින මහත්වරු ''

      Delete
  5. හිනා වෙවී කියවගෙන ආපු පෝස්ට් එක එක පාරටම හිනාව කපල දැම්ම
    සමහර විට හිතෙන්න ඇති උගෙත් එක්ක කතා කරපු වාම උඹලටත් බැස්ටිය සෙට්වෙයි කියල... මොනා වුණත් හොද පොරක් වගෙයි...
    ඒක නෙවෙයි ඇයි ඒ ඒ වගේ අයට ගොංපාට් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ගොන් පාට් කියන්නෙ හිනා වෙන්න පුලුවන් දේ දැන හෝ නොදැන කිරීමයි...

      නවක වදය කාලයේ බොහෝ දෙනා නියම වදකයන් වන අතර කීප දෙනෙක් නවක වදය දෙන උපහාසයට නගමින් හිනා වෙයි...

      උදාහරනයක් විදියට අප කීප දෙනෙක් මාකස් ශාලා පොකුනු ගැට්ටේ වදයට ලක් වෙද්දී, එම වදය කලමනා කරනය කල ජේශ්ටයා හට ඊට වඩා හොඳ විදියට රැග් එක දෙන විදිය කියා දුන් එවැනි ගොන් පාට් උත්තමයෙකු ගේ බස් ඇසූ වදකයා එම ක්‍රියාව හරියට කරන විදිය අපට පෙන්වන්න ගොස් පොකුනට ඇද වැටුනු සඳ... අන්න ගොන් පාට්!

      Delete
  6. Insurance :D

    Sa rasaFebruary 28, 2015 at 12:03 AM
    //උඹලයි කක්කුස්සි මදිවට. මුන් ඇවිත් මගේ කකුස්සියයි, පුකත් හෝදලා යනවා.. හරි පව්..//

    චැහ්...... දෙන්නෙ නම් තමා ගෝත්‍රිකයෙක් නොවේ කියල පොර ටෝක්...

    හැබැයි බිග් ජොබ් එකෙන් පස්සේ තාමත් පස්ස පැත්ත සෝදනවා....



    ඔන්න ඒකට අපි....

    අපේ ගෙවල් වල තියෙන්නෙ ඩ්‍රය් ටොයිලට්ස්.... පාවිච්චි කරන්නේ සුවඳ ගහන ත්‍රී ප්ල්යි ටොයිලට් පේපර්ස්....

    හදිසියෙවත් මේ බුවාට ඒක පාවිච්චි කරන්න දුන්නොත් මිනිහා ශවර් කියුබිකල් එකට යයි පස්ස හෝදගන්න... චැහ්... ඉකේයියිආ

    ReplyDelete
  7. පොඩි බණ්ඩා ගැන රිවිරේ ගිය ලිපියක්. සරස නොහොත් කුමරා කලුආරච්චි ගැන ද සඳහන් ය.
    http://www.rivira.lk/epaper/sunday/2015/10/18/files/assets/basic-html/index.html#36

    ReplyDelete