Friday, May 29, 2015

යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය



ඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය..   නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට....

මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති.

අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය.

ස ර ස තුමා නොදන්නවා වුනාට සියලුම dollar borrowings වල පොලී අනුපාත ගනනය වන්නේ LIBOR එකට බැන්කුවට අදාල වියහියදම් එකතු කර ය. සියල්ලේ එකතුව වාර්ශික පොලිය 2.5% අඩුවෙන් ය.

හැබැයි ඉතින් අපේ රවී ඇමති මුදල් තුමා ඩොලර් මිලියන් නවසීයක් ම අරන් තියෙන්නේ 5.26% ට ය...



යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය. කොමිස් කාක්කෝ සමාව දෙත්වා...








19 comments:

  1. මේ කියන විදියට දෙගුණයකටත් වැඩිනේ ස ර සෝ.. මුන්ට හෙන ගහන්න එපැයි. එක්කෝ තව විස්තර ටිකක් නැත්නම් මෙව්ව බලා ගන්න පුළුවන් ලින්ක් ටිකක් දැම්මනං හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ වනාහී හර්ශ ලොක්කා 22/10/2010 දා කියූ දේ ය. ස ර ස තුමා එදාත් එම පොලෙ අනුපාත ගැන හර්ශ ව විවේචනය නොකලේ එහි දී LIBOR + 3.95% පොලී අනුපාතයකට නය ගත් නිසාය.

      නමුත් අද ඔවුන් ම යහපාලනය යටතේ නය ගන්නේ LIBOR + 4.51% ට ය!!

      අඩුතරමඉන් නමටවත් යහපාලනේ මහින්දපාලනේ ට වැඩියෙන් කාර්යක්ශම විය යුතු ය.. සාදාරන විය යුත් ය... එහෙත් එය සිදු වෙයිද?? නැත!!!


      Economist and UNP National List MP, Harsha de Silva, addressing the media in Colombo, after launching the website www.lankaeconomist.com said that the government had lied to the people when it claimed that the IMF standby facility was to be used for development in general and post war reconstruction in the North and East.

      “Not one dollar of the IMF standby facility totalling US$ 640 million, was used for the purpose stated. Last week the government raised US$ 93 million by selling Sri Lanka Development Bonds, at an interest rate of LIBOR plus 3.95%. This too we were told was for development activities. But, it is being used to partly clear the massive high cost commercial borrowing resorted to in the last four and a half years.”


      http://mangalasamaraweera.com/2010/03/22/us-640-mn-imf-loan-obtained-by-govt-lying-in-foreign-banks-harsha-de-silva/

      Delete
    2. http://www.bankrate.com/rates/interest-rates/1-year-libor.aspx


      1 Year LIBOR rate

      This week 0.74

      Month ago 0.71

      Year ago 0.54

      Delete
    3. අපි ණය ගන්නේ ගිණි පොලියටද? ස ර ස ට පිළිතුරක්
      http://nelumyaya.com/?p=2902

      Delete
    4. http://economatta.blogspot.com/2015/05/blog-post_31.html

      Delete
    5. දැම්ම මේකෙත්. සාධාරණයි වගේ කතාව. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17240-2015-06-06-16-55-10

      Delete
  2. Replies
    1. ඔන්න මම බ්ලොග් පේජ් එක හඳුන්වාදීමක් කළා

      Delete
  3. සරස තුමාගේ දැනුවත් කිරීම අපි කාටත් වැදගත්. මොකද මාධ්‍ය වලින් දවස ගානේ මතුරන මන්තරේ මහින්ද හොරා නාස්තිකාරයා කියන එක. මහින්ද එහෙම කළානම් වැරදියි තමා. නමුත් මුන්ගේ වැරදි දැන් ඊටත් වඩා වැඩියි. රාජපක්ෂලාගේ එකවුන්ට් හොයලා සල්ලි එකතුකරගෙන රට කරන්න මුන් හිතුවට එහෙමට සල්ලියක් හම්බ වෙලා නෑ වගේ. ඒකයි දැන් මොන ක්‍රමේට හරි ණය අරන් රටට සල්ලි පෙන්නන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. මුන් ඇවිල්ලා හොරා කන වැඩබැරි ටාසන් ලා...

      Delete
  4. යහපාලනය කැඳ හැලියට මහින්ද භීතිකාව.

    සිංහල බ්ලොග් කුලී ලියන්නන්ට සරස භීතිකාව.

    එක බ්ලොග් වැසිකිලියක සරසට බනින්නම කමෙන්ට් සීයක් විතර තිබුනා, සංස්කෘත වලින්.

    කමෝන් සරස...! වේ ටු ගෝ....!

    ReplyDelete
  5. සිංහලින් බ්ලොග් ලියන බහුතරයක් උන්ට අනුව එක්කෝ 71 ඉදන් 2005 වෙනකම් ලංකාවේ දේශපාලනය කියල එකක් තිබිල නැත්නම් නැත්නම් උන් ඒ කාලේ ජංගිය තේමා ගත්තු හුජ්ජ කොල්ලෝ . සිරසේ රියලිටි ෂෝ වලට sms කොට කොට හිටපු උන් එක පාරට බ්ලොග් වලයි බුකියෙයි නොදන්නා දේශපාලනය කථා කරන්න සෙට් උනාම තියෙන අජුව නගරසභාවේ වැසිකිලියකට ගියාට දෙවැනි නෑ. එනිසා සරස වැසිකිලි වල කොමෙන්ට් දාල ඒවගේ රේට් වැඩි කරන වෙලාව තමන්ගේ බ්ලොග් එකේ වැඩි පොස්ට් ගානක් දාන්න යෙදෙව්වන්ම් තමයි හොඳ!

    ජයවේවා දිගටම ලියන්න අපි කියවනවා !

    ReplyDelete
  6. ඔය හුටස්පරේ කොරගන්න දවසේ ඇතුලේ මලික් සමරවික්‍රමත් ඉඳලා තියෙනවාලුය.උන්දෑට එහෙම ඉන්නට අයිතියක් නැති බව ඔය ක්‍රමවේදය පිළිබඳව දන්න උදවියගේ පිළිගැනීමය.අනික් අතට ඒ සිදුව තිබෙන බැඳුම්කර හිටස්පරය නීතිවිරෝධීබව යහපාලනයට සපෝට් කල බැංකුවේ උදවියමත් දැන් දැන් පිළිගන්නවාය.මොකුත් කියන්නට බැරිය.නළුවෙක් නොවන මොළයක් ඇති ආර්ථික විශේෂඥයෙකු කළ කචල් එකක් නිසාය.

    ReplyDelete