Thursday, June 18, 2015

ජනතා විමුක්ති පෙරමුනට කුඩා ප්‍රස්නයක්

ඊලඟ මැතිවරනයේ දී මුලු අසන සන්ක්යාවෙන් සීයට හැට පහක් ලබා ජයග්‍රහනය කිරීමට ඔන්න මෙන්න ඉන්නා ජනතා විමුක්ති පෙරමුනට කුඩා ප්‍රස්නයක් මතු වී ඇත.

සිරි ලන්කා නිදහස් පාක්සිකයෝ විසි වෙනි සන්සෝදනේ ගෙන්නේ ජ වි පෙ වැනි ජනතා ප්‍රාසාදය දිනාගත් පක්ස වලින් පාර්ලිමේන්තුවට එන ජනතා නියෝජිතයන් අඩු කිරීමට බව අනුර තුමා ගේ ලපටි මොලයට වැටහී ඇත.

වහාම ක්‍රියාත්මක වූ අනුර කුමාර පාවාදෙනායක තුමා සැරසිලිසේන තුමා හමු වී, විසි වන සන්සෝදනේ දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී වරයෙකු පත් කිරීමට අවස්ය අවම ප්‍රතිසතය හෙවත් සලු වීමේ ප්‍රතිසතය සීයට පහේ සිට සීයට තුන දක්වා අඩු කරගෙන ඇති බව පුවත් පත් වල පල විය...

සිරි ලන්කා දේසපාලනේ ගැන ලොරි ටෝක් දුන්නාට මැතිවරනකයදී සීයට පහක් චන්ද ගැන්න ජනතා විමුක්ති පෙරමුනට හැකියාවක් නැති බව කට බොරු කීවද දිව බොරු නොකියන න්‍යායයෙන් පෙන්වාදීම ගැන අනුර කුමාර පාවාදෙනායක  ට ස රස  තුමා ගේ ඉස්තූතිය හිමි වේ!

11 comments:

  1. සීනුවට හැමදාම තිබුණේ 'කුඩා' ප්‍රශ්ණ.. 'ලොකු' ප්‍රශ්ණයක්වත් එහෙම එහෙකට හරිහමන් පිළිතුරක්වත් තිබ්බේ නෑ. සීනුවට අද තියෙන්නෙත් ඔය 'කුඩා'මොළෙන් ගොඩ එන්න බැරි ප්‍රශ්ණෙම තමයි..

    ReplyDelete
    Replies
    1. එදා වේල ටුවර්ස් තමා..

      Delete
  2. හරි අපුරු රූප කැල්ල නෙව. සෝමවංශ කියන විදියට මම හිතුවේ සීනුව අලියාගේ බෙල්ලේ හරි පුකේ හරි ගැට ගහල කියල. දැන් දැන් වෙන දේවල් බැලුවාම තමයි තේරෙන්නේ අලියා සීනුව ගිලල කියල.

    ජවිපෙට වෙන්නෙත් අලියා ගිලපු දිවුලට වෙච්ච දේ තමයි. අවුල තියෙන්නේ අනුර දිසානායක අලි දිවුල් ගිලල රෙන්නේ කට්ට විතරයි කියල දන්නැති කම තමයි.

    2020 දි ඇතිවෙනවයි කියන සමාජවාදී මෙව්ව එකට ජය වේවා එහෙනම් ඈ.

    ReplyDelete
  3. //2020 දි ඇතිවෙනවයි කියන සමාජවාදී මෙව්ව එකට ජය වේවා එහෙනම් ඈ. //

    රත්තන්ට ජය වේවා... *වින්ක් වින්ක්*

    ReplyDelete
  4. ජෙප්පන්ට මේ පාර ඇපත් නැති වෙනවා ශොට් එකටම. ඒ ටික වෙනකල් මුන් කේප්ප කෙලියි. මෙදා චන්දෙන් පස්සේ මුන්ගේ කේප්ප අහල හිනාවෙන්න වාසනාව අපට නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනුර ගිහින් වෙන අපත ජෙප්පෙක් ඇවිත් ආපහු අපට කෙප්ප කෙලින්න පටන් ගනී..

      Delete
  5. ජනතා විමුක්ති පෙරමුණට නිසි පාඩම උගන්වා දේශපාලනයෙන් අතුගා දමන්න කාලය දැන් හරි.

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම කියන්වා නම් තැපැල් මගින් තමාම ඉගෙනගත් පාඩමක්.. උන් ගේ කට හින්දා තමා උන් නහින්නේ..

      Delete
  6. මමත් ඔය රත්තන්ට ජන්දේ දුන්නා වතාවක් දෙකක්, ඒ උන්ගේ හොඳම කාලේ...
    ඒ වෙලාවේ වැඩ බැහැ කියල ඔප්පු කරලා පෙන්නුවට පස්සේ ඉතින් ආපහු මොන ජන්දද උන්ට...

    ReplyDelete
  7. එදාට ලාංකේය දේශපාලනය කහ දියර ඉස්සාක් වැනි විෂබීජහරණය වූ තත්වයකට යාන්තමට ලං වනු ඇත.ප්‍රීතියි ප්‍රීතියි...! :D

    ReplyDelete