Tuesday, February 23, 2016

මේ වෙන්ඩ පොශ් බයියන් හඳුනාගැනීමේ කාලයයි



මහින්ද ලොක්කා ට සපෝට් කොලොත් තමන් ගේ මීහරක් අතීතය දැන් ඉන්න සහ අනාගතේ යැමට බලාපොරොත්තු වන පොශ් සමාජයට හසු වී පීචන් වේය යන බියෙන් පෙලුනු සමහර වෙන්ඩ පොශ් හාදයෝ රනිල් ට චන්දේ දී තමන් ටොයියන් බව ලොවටම කියා පෑහ!

රනිල් රනිල්, අපේ රනිල් කියා බයිලා කියාගෙන තමන් ලඟට එන්නේ සත්ය ටොයියන් නොව වෙන්ඩපොශ් බයියන් බව දැන දැනම සත්ය ටොයියො වෙන්ඩ බයියන් ව ෆුඩ් සිටි පිටත් කලහ....

මහින්ද ලොක්කා කල නොකල සියලු දේ ට බැන වදිමින් එම වෙන්ඩ පොශ් සත්ය බයියෝ මහා කලබලයක් කලහ... 

විසේසයෙන් ම බොග් අවකාසේ හා සමාජ ජාලා වල වසුරු පහ කරමින් කවි බන වදාලහ!

කිසිදා වෙනස් නොවන රනිල් ආන්ඩුව අතට ගත්තාට පසු ආන්ඩු මට්ටු කිරීම පටන් ගත්තේය...

රාජ් වැනි ඔපීසියේ බයිට් නාස්ති කොරමින් සමාජ ජාලා වල සර්කස් දැක්වූවන් ගේ සිහින මෝටර් රතයට කෙලවා දැමීය.... වසර තුනෙන් තුනේ කොන්ට්‍රැක්ට් පදනම මත සේවය අලුත් කරන බව කීවේය.... රාජ් ට සහ එවැනි රාජ්ය සේවක මහින්ද විරෝදී වෙන්ඩපොශ් එවුන් ට ගුඩ් ලක් යැ!

දැනටම වාහන බලපත්‍ර ලබමින් ම මහින්ද ලොක්කාට බැන බැන හිටි උදවිය ගේ බලපත්‍රයට කෙලීය...

යන්තන් රබර් රොටියක් දමාගෙන දලු කිලෝවක් විකුනාගෙන හිටි ඈයන් ට කඳුලු එන්නම දුන්නේය...

සියල්ලටම වඩා කොහෙද යන ඉන්දියන්  ගිවිසුම් ගසා අයි ටී කාරයන් ගේ මිනී වල කැපීය...

ටී එන් එල් එකට විස්සයි විස්ස ක්‍රීඩා විකාසනය දී නිර්මාල් දේවසිරිසේනගේ ඇඳුම් ද ගැලවීය.


දැන් අර වෙන්ඩ පොශ් එහෙත් සත්ය බයියො ටික ටික රනිල් ව විවේචනය කොරති...

ස ර ස තුමා මේ නව ප්‍රවනතාව දෙස උද්යෝගයෙන් බලාගෙන සත්ය ටොයියන් ගෙන් වෙන්ඩපොශ් බයියෝ වෙන්කරගැනීමට උත්සාහ කරමින් සිටිමි!

34 comments:

  1. හරියට දෙරණේ ප්‍රවෘත්ති ඇහුවා වගේ.................

    ReplyDelete
    Replies
    1. මේ උන්නැහැ සිරස රසිකයෙක් වෙන්න ඕනෑ ....

      Delete
    2. //මේ උන්නැහැ සිරස රසිකයෙක් වෙන්න ඕනෑ ....//

      :D

      Delete
    3. නෑ චාමර අපි කිසිසේත් ම එකම මතවාදයක් හිසදරාගෙන කත් අදින්නේ නැහැ.... සිරස රසිකයෙක් වෙන්නෙත් නැහැ. හැබැයි දෙරණ මෑතක සිට කරන්නා වූ ලැජ්ජා සහගත ප්‍රවෘත්ති කියැවිල්ලත් අනුමත කරන්නේ නැහැ.....

      කලින් ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය භාවිතා කරපු විදිහ කියමින් ආපු මේ ආණ්ඩුව ඒ තරමින් ම නැතුවත් යම් මට්ටමකින් හෝ එතැනට තල්ලූ වෙමින් තිබීම ගැනත් විවේචන තියෙනවා..... ඒකයි අපි කියන්නේ වැරැද්ද දැක දැකත් අපි කුණු හෝදමින් කවුරුවත් සුද්ද කරන්නෑ...... සරසාගේ ඇති ගැටලුව ඒකයි..........

      Delete
    4. // නෑ චාමර //

      කුරුට්ටනි..... කොපමන රනිල් ට කඩේ ගියත් තොපගේ මීහරක් බයියත්වය සඟවනු නොහැකිය....
      එය අපට අපමන සතුටකි!

      Delete
  2. // හරියට දෙරණේ ප්‍රවෘත්ති ඇහුවා වගේ................. //

    වෙන්ඩ පොශ් එහෙත් සැබෑ ලෙසම මීහරක් බයියන් වන කුරුට්ටන් ට අස්පට් ගොහිනි...

    ReplyDelete
    Replies
    1. ආනන්ද නයා දුටුවද???

      Delete
  3. සා රස, කාසීයේ දෙපැත්තම බලන්න...
    මහින්දගේ බයියෝ ඒ කාලේ කට පියන් හිටියා. දැන් උන්න්ගේ වාරේ ටිකක් උඩ පැනපල්ලා....
    දෙපැත්තම කරන්නේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතරයි කරන්නේ...

    ReplyDelete
    Replies
    1. කියන්නේ මහින්ද ගේ බයියන් හා රනිල් ගේ බයියන්....??

      Delete
    2. දෙගොල්ලටම කඩේ යන එවුන් බයියන් තමයි.
      දෙපැත්ත කෙලගන්නවා බලාන ඉන්න එවුන් තමයි ටොයියන් වෙන්නේ..

      Delete
  4. මට නම් දෙපැත්තට වී කෙල ගන්න හා එක ප්ත්තකට පමණක් කතා කරන සියලුදෙනා බයියන්ය. ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන්නන් ටොයියන්ය.

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ මාතලන් ආරුඪ වෙලා සරසට

      Delete
    2. :D

      සිනාවෙන් හෝ කොමෙන්ටුවෙන් බෑ මනින්නට මිනිසා...

      Delete
    3. @Ajith Dharma

      "ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන්නන් ටොයියන්ය. "

      හැබෑට? දැන් එතකොට මේ " ස්වාධීන " කියන එක මනින්නේ ඔබතුමාද?

      Delete
    4. අපොයි නැහැ මේ සරසල ඔයාල වගේ "ස්වාධින" අය වෙන්න ඇති. මම නම් ස්වාධින නැහැ. බයි ටොයි පැති වලටත් නැහැ කියල තමා හිතන් ඉන්නේ. තුමා කෑලි නම් දාන්න එපා මහත්මයා. මම දේශපාලකයෙක් නෙමේ.

      Delete
    5. " මට නම් දෙපැත්තට වී කෙල ගන්න හා එක ප්ත්තකට පමණක් කතා කරන සියලුදෙනා බයියන්ය. ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන්නන් ටොයියන්ය. "

      ස්වාධීනව අදහස් ඇත්තේ ටොයියන්ය බව කියා මේ "ස්වාධීන" කතාව ඇදගත්තේ ඔය මහත්මයා මිස මම නොවේ. "ස්වාධීන අදහස් " යන්න නිර්නායකයක් ලෙස ගත හැකි බව දක්වා ඇත්තේ ඔබ මිස මම නොවේ.

      මම ඒ ගැන පැහැදිලි කිරීමකුයි ඇසුවේ ඒ නිසයි. ඒ නිසා හැකිනම් පමනක් අර අදහසක් "ස්වාධීන" වන්නේ හෝ "ස්වාධීන" ලෙස හඳුනාගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට උත්තර දෙනවානම් එය අගය කරමි.

      මට ඔය මහත්මයාගෙන් තමන් තමා ගැන සිතන දේ නෑසුවේ එය ඇත්තටම මට වැඩක් නැති නිසාය.

      අජිත් මහත්මයාට මම ගැන හෝ සරස ගැන කැමැත්තක් හිතා ගැනීමේ හෝ කීමේ නිදහස් තිබේ.

      "ඔබතුමා" කීම polite වීමක් මිස "ගෞරව" කිරීමක් නොවේ. එය මා සාමාන්‍යෙන් සංවාදයක් කිරීමේදී යොදන ආමන්ත්‍රනයකි. අජිත් මහත්මයා ඒ වචනය ඔච්චර අකමැතිනම් එය ඔබ වෙනුවෙන් පාවිච්චි නොකර ඉන්නම්.

      Delete
  5. හරියට වෙන් කර ගත්තම අපිටත් පෙන්නලා දෙන්ට හා..

    ReplyDelete
    Replies
    1. කන්නාඩියක් ඉස්සරහ හිටගත්තනම් හිටන්!

      Delete
    2. හිටගෙන බැලුවා.. දැක්කේ මරාට අකමැති උපන්ගෙයි බයියෙක්.. :)

      Delete
    3. කැමැත්ත අකමැත්ත වෙනස් කර ගත හැකිය.. එහෙත් බයියත්වය සහ ටොයියත්වය...??

      Delete
  6. මම හිතන්නේ දැන් "ටොයියෝ" කියන එකට එක්තරා ආර්ථික, සමාජ පන්තියක් කියන තේරුමට වඩා වෙනස් තේරුමක් අරන් දීලා තියෙන්නේ.

    එය මේ චන්දය සඳහාම කල දෙයක් මිස සැබෑවටම තිබෙන පිලිගැනීමක් නෙමේ.

    උදාහරනයක් විදිහට රනිල් මේ "ටොයියන්" බහුතරයක් තමන්ගේ මට්ටමේ අය ලෙස හීනෙකින්වත් සලකන්නේ නැහැ.

    මේ කතාවේ මුලට යනවනම් "ටොයියන්" කියන අයගෙන් බහුතරයකට, චන්දයක් දීමෙන් පමනක් තමන් මහා නිවහල්, නිදහස් බුද්ධිමතුන් පිරිසක්ය යන හැඟීම පසු ගිය චන්දය කාලෙදි ඇති කලා දේශපාලන උපක්‍රමයක් ලෙස. ඒ කල උපක්‍රමය ඕනවට වඩා හිතට ගත් පිරිසක් තමා දැන් ඇති වී තිබෙන්නේ.

    උදාහරනයක් ලෙස මේ "ටොයියන්"ගෙන් සැලකියයුතු පිරිසක් තමන්ගේ මතයට විරුද්ධ වූ අයව "වහලුන්" ලෙස හඳුන්වන තරමට වැඩේ දුරදිග ගියා.

    දැන් මේ " ටොයියන් " කියන පිරිසගෙන් තවමත් වැඩි පිරිසක් ඒ බව අදහනවා (මේක එසේ නොවන බව ඒ අයගේ යටි හිතම දන්නවා. නමුත් හිතට හොඳ දැනෙන නිසා එසේ කරනවා ).

    නමුත් හොඳම විහිලුව මේ "නිවහල්, නිදහස් බුද්ධිමතුන් පිරිස" තමන් එසේ නොවන බව දිනපතාම ඔප්පු කරමින් අනිත් අයට "වහලුන්" කීම.

    මේ "වහලුන්" කියන පදය වෙනුවට "ස්වාධීන (කඩේ නොයන ) මතධාරී" / "ඒකාධිපතිවාදයට විරුද්ධ" වගේ වචන යොදා ගත්තත් මේ පිටිපස්සේ තිබෙන වාදය නැතිනම් දෘෂ්ටිය එකයි.

    ReplyDelete
    Replies
    1. //මේ කතාවේ මුලට යනවනම් "ටොයියන්" කියන අයගෙන් බහුතරයකට, චන්දයක් දීමෙන් පමනක් තමන් මහා නිවහල්, නිදහස් බුද්ධිමතුන් පිරිසක්ය යන හැඟීම පසු ගිය චන්දය කාලෙදි ඇති කලා දේශපාලන උපක්‍රමයක් ලෙස. ඒ කල උපක්‍රමය ඕනවට වඩා හිතට ගත් පිරිසක් තමා දැන් ඇති වී තිබෙන්නේ.//
      මමත් හිතන්නෙ එහෙම තමයි.

      Delete
  7. //මේ කතාවේ මුලට යනවනම් "ටොයියන්" කියන අයගෙන් බහුතරයකට, චන්දයක් දීමෙන් පමනක් තමන් මහා නිවහල්, නිදහස් බුද්ධිමතුන් පිරිසක්ය යන හැඟීම පසු ගිය චන්දය කාලෙදි ඇති කලා දේශපාලන උපක්‍රමයක් ලෙස. ඒ කල උපක්‍රමය ඕනවට වඩා හිතට ගත් පිරිසක් තමා දැන් ඇති වී තිබෙන්නේ. //

    ඕල්සෝ න්වොන් ඈස් AKA තුමනි....

    ස ර ස තුමා උත්සාහ කරන්නේ රනිල් සහ සිරිසේන සමග යහපාලන හුඹහට රින්ගූ බොරුවට පෙන්නාගෙන ඉන්නා වෙන්ඩපොශ් කබ්බන් රැල හුඹහින් එලියට ගැනීමටය.

    හුඹහට කාබයිඩ් කෑලි කීපයක් දමා වතුර වත්කල විත් වෙන්ඩපොශ් ගැරඬි කබ්බෝ එලියට එති!

    ReplyDelete
    Replies
    1. රිංගූ එවුන්ව හුඹහේ තබා රනිල් හාමු තම සුපුරුදු වාසස්ථානය වන වලව්වට වැඩම කොර ඇත.

      කාබයිඩ් පමනක් නොවේ භූමිතෙල්ද ඒ හාමුගේ නියෝග පිට දැන් හුඹහට වැටෙන සෙයකි.

      නයි වෙස් ගත්තාට ගැරඬි, ගැරඬි මිස නයි නොවන බව හාමු හොඳින් දනී.

      හාමු ගැරඬි මරපු පලවෙනි පාර නෙමේ නොවැ?

      Delete
    2. // හාමු ගැරඬි මරපු පලවෙනි පාර නෙමේ නොවැ? //

      :D

      Delete
  8. //Ranuka GunawardhenaFebruary 25, 2016 at 6:57 AM//

    :D

    ReplyDelete
  9. දෙපැත්තට වෙලා දෙගොල්ලන්ගේ පිට කසා ගන්නා බයි ටොයි දෙගොල්ලගෙන්ම රටට වෙන යහපතක් නැහැ කියල ඔබතුමන්ලාට නොතේරෙනවද තේරිලා තේරුනේ නැහැ වගේ ඉන්නවද කියන එක විතරයි මටනම් වර්තමාන දේශපාලනය ඇතුලේ තියන ප්‍රශ්නය..

    ReplyDelete
  10. ටොයියන් යනු තමන් දේශපාලනයේ/ඉතිහාසයේ සියල්ල දත් යයි සිතාගෙන සිටිනා අවංක බයියන් සෙට් එකකකි. මං උන්ට ආදරේය.

    ReplyDelete
  11. Sorry venda toyiyan yanu..... :)

    ReplyDelete