Friday, April 1, 2016

කුරුටුගාමී ත්‍රස්තවාදී විනාස හෙලා දකිමු!




තම පක්සේ නායකයා නීතිවිරෝදීව ස්‍රි ලන්කාවට පැමිනි විට නඩු අසා හිරේ දැමුවාට සහ ඔහුට ස්‍රි ලන්කා පුරවැසිකම නොදීමට විරුද්දව කුරුටුගාමියෝ අද දහවල් ආගමන විගමන කන්තෝරුවට කඩා වැදී රාජ්ය දේපල වලට හානි කලහ. 

එපමනක් ද නොව එම අයුතු ජන රාශිය විසිරුවා හැරීමට උත්සාහ කල රටේ නීතිය හා සාමය රැකීමට බැඳී සිටිනා පොලිසිය සමග ආරවුලකට පැටලී ආගමන විගමන කන්තෝරුවේ පිවිසුමේ ඇති මහා වීදුරු ද්වාරය ද කඩා බිඳ දැමීය.

එම කලබැගෑනිය නිසා එම ආයතනයෙන් තම කටයුතු කරගැනීමට පැමිනි බොහෝ පුරවැසියන් හට හිස් අතින්ම ආපසු හැරී යන්නට සිදු විය.

කුරුට්ටනි, තොපට අගමැති තුමා සහ ජනාදිපති හිටන් තුමා සමග හෝ ආන්ඩුව සමග මත ගැටුමක් තිබීමට පුලුවන. 

දේසපාලන වසයෙන් එකඟ නොවනා කස්ටිය වෙනස් මත දැරීම අයුතු ජන රාශියක් හදාගෙන රජයේ දෙපාර්තමේන්තුවකට බලාත්කාරයෙන් කඩාවැදී  එම ආයතනයේ දේප්ල කඩා බිඳ දැමීමටවත්, නීතිය හා සාමය රැකීමට සිටිනා පොලීසිය සමග ගුටි ගහගැනීමටවත් මූලාස්‍රයක් විය නොයුතුය!

පවතිනා රජයේ යම් ප්‍රතිපත්තියකට, දේසපාලන ක්‍රියාවකට ඔබලා එකඟ නොවේ  නම් එයට විරෝධය දැක්වීමට අවස්තාව ලබා ගත හැකිය. 

ස ර ස තුමා මේ ආන්ඩුවේ අනුගාමිකයෙකු නොවේ. 

එහෙත් සත්යය නම් ප්‍රජාතන්ත්‍ර විරෝදී යැයි ඔබලා චෝදනා කරනා වර්තමාන රජය විරෝදතා වියාපාර සඳහා පොලීසිය යොදවා බැටන් පහරවල් නොදී නීතිගරුකව ඔබේ විරෝදය දක්වන්නට අවස්තාව ලබා දෙන බව ය. 

ඒ පසුගිය මාර්තු 17 දා හයිඩ් පිටියේ පැවැත්වුනු අති දැවැන්ත විරෝදතා රලියට ස ර ස තුමා ද මුල සිට අගට ම සාබාගී වී අත්දැකීමෙන් ම දැනගත් දේ ය!

කුරුට්ටන් යනු ජ වි පෙ නැමැති පිලිලයෙන් මතු වුනු තවත් විකුර්තියකි. 

වර්තමාන ජවිපෙ නායක කුමාර සහ හිටපු නායකයෙකු වන කුමාර් අතර හටගත් මේ ආරවුල නිසා රටේ දේපල හෝ ජීවිත වලට හානි සිදු විය යුතු නැත!

1971 සහ 88/89 වකවානුවල ජ වි පෙ විසින් මෙහෙයවන්නට යෙදුනු මහා ජීවිත හා දේපල හානි ගැන අත්දැකීම් ඇති නිසාම සන්ගෙකට නැති මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සකල ස්‍රි ලාන්කිකයන් විසින් ම පිලිකුලෙන් හෙලා දැකිය යුතු බව ස ර ස තුමා ගේ අදහසයි!




24 comments:

  1. පොදු දේපල වලට හානි කිරීම හෙලා දැකිය යුතුයි...! එකඟයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙවැනි උත්සාහයන් ලත් තැනම ලොප් කල යුතුය...
      ජයවේවා..!!

      Delete
  2. //88/89 වකවානුවල ජ වි පෙ විසින් මෙහෙයවන්නට යෙදුනු මහා ජීවිත හා දේපල හානි ගැන අත්දැකීම් ඇති නිසාම සන්ගෙකට නැති මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සකල ස්‍රි ලාන්කිකයන් විසින් ම පිලිකුලෙන් හෙලා දැකිය යුතු බව// මං තුමාගේද අදහසයි.

    හැට්ස් ඕෆ් ..

    ReplyDelete
    Replies
    1. මොන දේසපාලන අදහස් තිබුනත් ජීවිත හා දේපල හානි හෙලා දැකිය යුතුය!
      ජයවේවා..!!

      Delete
  3. අවුලක් නෑ... මේ ත්‍රස්තවාදියන්ව මරන්න මානුෂීය මෙහෙයුම් නෑනෙ

    ReplyDelete
  4. Replies
    1. ඔබෙත් මගෙත් අප සියල්ලගෙත් රට වෙනුවෙන්!
      ජයවේවා..!!

      Delete
  5. පොදු දේපල වලට හානි කිරීම අනුමත කරන්න බැ.

    ReplyDelete
  6. නමින් කුරුට්ටෝ උනාට ජෙප්පන්ගෙන් පැවත එන නිසා දේපොළ හානි කිරීම නොකළොත් තමයි පුදුම...
    පොදු දේපොළ වලට හානි කිරීම පොලිසියෙන් ගුටි කෑම වගේ දේවල් ඇජෙන්ඩා එකේ කොටසක්ම වෙන්නත් බැරි නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. පොලිසියට පාට් දාලා ගුටි කෑවෙ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ නේ!

      Delete
  7. කුඩු කොට කූඩු කිරීම...කුඩු දමා කූඩු කිරීමට දෙවෙනි නෑ.

    ReplyDelete
    Replies
    1. කුමාර් ගුනරත්නම් හෝ වෙන යම් කෙනෙක් වෙනුවෙන් ආන්ඩුවෙ ආයතනයක කලබල ඇති කර දේපල හානි කිරීම වැරදියි!

      Delete
    2. කඩේ යනවා කියලා ඔහොමත් රෙදි නැතිව යන්න එපා හලෝ . සරසට නෙමේ

      Delete
  8. එකගයි
    අර එකකේ බිම වැටිලා "මරපිය මරපිය" කෑ ගගහ දාපු පඩ ෂෝ එක
    අලබය මුන්ගෙන් ගන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. :D

      මෝඩයන් ට අනුකම්පා කරනවා ඇරෙන්න මොනවා කොරන්නද... අද පැරා ලියලා තියෙනවා නේ ඔයි වාමාන්සික සහෝදරවරු කොපමන ඊරිසියාකාර සහ කුහක කස්ටියක් ද කියලා...

      Delete
  9. එකඟයි! පොදු දේපොළ වලට හානි කිරීම හෙලා දැකිය යුතුයි :D

    ReplyDelete
  10. පොදු දේපල නිතිය යටතේ මේයට සම්බන්ධ අයට එරෙහිව කටයුතු කල යුතුයි.ඒ වගේම වත්තල ඇවිදීමේ පථය කඩා දැමීමේ වරද වෙනුවෙන් අර ජෝන් බාස්ටත් ඒ නිතිය යටතේම කටයුතු කරන්න ඕනේ.

    ReplyDelete
  11. ඇයි සරසා මේ කස්ටියට කුරුට්ටෝ කිව්වේ........... ඒක අදාළ නැති නිසා මෙතෙක් නොඅසා සිටියද??? එහෙම නමක් භාවිතා කරේ ඇයිදැයි දැනගැනීමට අවශ්‍ය නිසයි අහන්නේ......

    ReplyDelete
    Replies
    1. ඒ කස්ටියට කුරුටුගාමී කියා ව්යවාහාර වෙනවා අසා නැත්ද?

      Delete
    2. නැහැ සරසා.......... දැන් හොයා බලන්නම්..... වරදවා වටහා ගැනීමක් වීම ගැන කණගාටුයි. කමක් නැහැ..... ඒක පැහැදිලි කරගත්තානේ.......

      Delete