Friday, April 22, 2016

වරාය කෑම



යහපාලන ආන්ඩුවේ වරාය ඇමැති ලෙස පත් වුනේ අර්ජුන කියන පුද්ගලයා ය. වැඩි අද්යාපනයක් නැත.... ඕ ලෙවල්  සමත් ද කියා සුවර් නැත.

අර්ජුන ලොක්කා වරායේ සබාපති ලෙස පත් කලේ ඔහු ගේ සොයුරු දම්මික කියනා තගෙකි.  වැඩි අද්යාපනයක් නැත.... ඕ ලෙවල් අසමත් ය.

අනෙක් ලොකු තනතුරුවලට තම බිරිඳ ගේ සොයුරන් හා නෑයින් පත් කොරන ලදී.

ආයතනයේ දියුනුව හා සේවක සුබසාදනය ගැන මෙලො හැඟීමක් නැති රනතුන්ගලා සහ ඔවුන් ගේ සට්ටැඹියෝ වරාය තුල සම්බාහන මද්යතානයක් ද ආරම්බ කල බව පුවත් පත් වල පල විය!


මම පොර ජාතකේ ඉහලින් ම හිටිනා රනතුන්ගලා කියන විදියට වැඩ කිරීමට වරායේ සේවකයො කැමති වුනේ නැත.

සින්හල අවුරුද්දට පෙර වරායේ සියලු වුර්තීය සමිති එකාවන් ව වර්ජනය කොර අර්ජුනව කොර කලහ.

එවිට අර්ජුන වෙනුවෙන් බැට් කිරීමට පිටියට පැමිනි මාජ්ජ ලීකම් කියනා හාදයා තමන් ගෝල්පීස් එකේ හෙලුවෙන් දුවන බව ජනතාවට දැනුම් දුන්නේය.

ඔහු සමග පැමිනි ටයි බයි පැලඳ සිටි වරායේ ජෙනෙරල් මැනීජර් මහත්තයා කියා ගත් ජෝකරු පැවසූයේ ඔහු ගේ ඇමැතියා නිර්දෝශී බව ය. එම ජෝකරයා වරද සේවකයන් අත පැටවීය.

රනිල් තුමා මැදිහත් වී යන්තන් ප්‍රස්නය තාවකාලික ව ගොඩ දැම්මේය.

අහෝ දුකකි.... ටයි බයි පැලඳි ජෙනෙරල් මැනීජර ජෝකරු කියූ දේ ශුන්ය කොරමින් නැවත සියලුම සේවක කස්ටිය ඒකාබද්ද වී වරායේ වැඩ වර්ජනයක් ආරම්බ කෙරුමට යයි...

වර්ජනය වෙනුවෙන් වැඩියෙන් ම උඩ පනින්නේ ජාතික සේවක සන්ගමේ හාදයෝ ය!


ස ර ස තුමා අහන්නේ සා පෙල අසමත් ඇමැති සහ සබාපති වෙනුවෙන් මාජ්ජ සාකච්චාවට ඇවිත් සේවකයන් අත් වැරදි පැටවූ ගොන් බාන ඇමැති තුමා සමගම ටටා බයි බායි කියා එලියට යන්නේ කවදාද කියා ය!



14 comments:

  1. සරසා............ සාපෙළ අසමත් සෙට් එක එළියට බැස්සුවොත් අපේ පාර්ලිමේන්තුවෙන් අති බහුතරය එළියට බස්සන්න වෙනවා.. ආ ඒ විතරක් නෙමෙයි ඔබේ ආයතනයේ කලාව කරන දරුවන්ට උගන්වන මාර්ටින් වික්‍රමසිංහ වගේ අයගේ විස්තර තියෙන විෂය නිර්දේශ පවා වෙනස් කරන්න වෙනවා.... ආ ඒ විතරක් නෙමෙයි ඕකේ තියෙන සයන්ස් ෆැකල්ටිය ඇතුළුව හැම ෆැකල්ටියක ම විෂය නිර්දේශ පවා වෙනස් කරන්න වෙනවා නේද???????

    මොනවා වුණත් අර්ජුන පහුගිය ටිකේ කෙලිය පිස්සු කිසිවක් මෙම සටහනින් වසා දැමීමට අපිට අවශ්‍ය නැති බවත් කරුණාවෙන් සලකන්න.....

    අර්ජුනලා, තිලංගලා ක්‍රිකට් බදාගන්න මරානොගෙන ක්‍රීඩාව ගැන හිතුවානං අපිට අඩුම ගානේ රෙදි ඇදගෙනවත් මැච්එකක් බලන්න තිබුණා කියලත් මතක් කරන්න කැමතියි....

    ReplyDelete
    Replies
    1. :D

      එහෙනන්.....

      සා පෙල අසමතුන් ට ජය වේවා!

      Delete
  2. සරසා ගේ කතාවට එකඟ වෙමි. රටට ක්‍රිකට් කිරුල ගෙන ඒමට කැපවී ක්‍රියාකළ අර්ජුනට මෙසේ වීම ගැන දුකක් තිබේ.

    ReplyDelete
    Replies
    1. :D

      අර්ජුන කියන්නෙ පොඩි කාලෙ ඉඳන් ම ඔලුව උදුම්මගෙන හිටි එකෙක්!

      Delete
  3. සරස.....අර්ජුන ඇමතිකමත් එක්ක ඔලුව කුරුවල් කරගත්තා. ජාතික සේවක සංගමයත් කියනවා අර්ජුන යවනකම් සටන අත් හරින්නේ නැහැ කියලා.

    මේ ඒක නෙමේ සරස ඉස්සර ලියපු බ්ලොග් එකට මොකද වුනේ>

    ReplyDelete
    Replies
    1. //මේ ඒක නෙමේ සරස ඉස්සර ලියපු බ්ලොග් එකට මොකද වුනේ> //

      ආදර කතා වලින් නොදන්න දේසපාලන කතා වලට මාරු වීමි!

      Delete
    2. ඒකත් ලියපන්කො බං. මම ඉස්සර ඒක කියවලා කමෙන්ට්සුත් දානවා.

      Delete
  4. වැඩිය කියවන්න එපා සරසෝ, සිරා ගොයියට ඇහුනොත් අර්ජුනයා අගමැති කරලයි පස්ස බලන්නේ.

    ReplyDelete
    Replies
    1. අර්ජුන අගමැති කොලොත් සුදර්මගේ පස්සත් බලතෑකි!

      Delete
  5. ක්‍රිකට් කාරයොන්ට අධ්‍යාපනය අදාළ වෙන්නේ නැත. අසන්ත්ද මෙල් තෙල් සංස්ථ සභාපති වෙලා හිටියේත් ඔය සුදුසුකම් මතම තමාය. අන්තිමට හෙජින් කියා එකක් ගසා කෙලවා ගැනීම නිසා ඌව බලෙන් ගෙදර යවන්නට සිදු වුනේය, , මට පුදුම ඌව ගෙදර යැවීම ගැන හිටපු අගවිනිසුරු තුමා සමාව ඉල්ලුවේ නැති එකටය

    ReplyDelete
  6. // අසන්ත්ද මෙල් //

    අන්න කොල්ලෝ!!
    පොඩ්ඩක්වත් ඔලුව ඉදිමිලා නැහැ....
    මඩ්ඩා (රන්ජන් මඩුගල්ලෙ ) ගේ සෙන්ටිනරි ටීම් එකේ ඕපනින් බෝලර්....
    ෆස්ට් ඔවරේ ම බඩු බනිස්!!!
    පුන්චි කාලේ අපේ හීරෝ කෙනෙක්!

    ReplyDelete
  7. අසන්ත ඩිමෙල් තෙල් සංස්ථාව කෑවා. දැන් අර්ජුන වරාය කනවා. ඉදිරියට සංගා, මහේල මොනවා කයිද කියලා බලන් ඉන්නේ හිටං.

    ReplyDelete