Thursday, April 28, 2016

අහවල් එක



අති උතුම් පෙරෙයිදා පත්වීම ලද මාජ්ජ ලේකම් තුමා ඒකාබද්ද විපක්සය කියනා වචන දෙක සැන්සර් ගේ කතුරින් කපා දැමූයේ එම වචන පාවිච්චි කොරනා මාජ්ජ කාරයන් ව හිරේ විලන්ගුවේ දානවා යන කරුනාබර මෛත්‍රී සහගත යහපාලන ප්‍රතිබන්දන තර්ජනයෙනි!

මහින්ද මහත්තයා රාජ්ජය කොරනා කාලේ මාජ්ජ කරුවන්ට සුලු අදොවාතයක් ගියද කලබොල වන ෆ්‍රයිඩේ ෆෝරමේ නාකි සෙප්පඩවිජ්ජා කාරයෝ, කුරවැසි බලය, ෆූටාවෝ සහ සෝබිත උන්නාන්සේ ආදී මෙකී නොකී ඇන්ජීයෝ කාරයෝ මෙම මාජ්ජ මර්දන ක්‍රියාවට විරුද්දව තාම කට ඇරියේ නැත.... කට අරිනා පාටක් ද නැත. මාවිල් ආරු වීරයා වූ රතන උන්නාන්සේ ද අපවත් හැර දා ගොසින් කියා කසුකුසුවක් ද පවතී....

අලුත් පරපුරේ කස්ටිය නම් ජනාදිපතිවරන කාලේ කුරුනෑගල් පලාතේ ශූටින් කොරනා ලද තමන් ගේ ටෙලිය ට "තගා" ගේ පාට් එක කොල කමල් ඉන්දික නැමැති ප්‍රාදේසීය දේසපාලුවාට ජාතික තලයේ ආසන සන්විදානය කම හිටන් ගේ අතින් ම ලැබීමේ සන්තෝසේ බෝතලයක් දෙකක් හිස්කරමින්, රොකට්ටුවක් දෙකක් අරිමින් සමරනවා වන්නට පුලුවන...

සිරි ලන්කාවේ මාජ්ජයට බොහෝ හිතැති එම වාහෙලා වැටී සිටිනා කුම්බකර්න නිද්‍රාවෙන් අවදිවීමට තව කාලයක් යාවි යැයි සිතනා ස ර ස තුමා එතුවක් කල් ඒකාබද්ද විපක්සයට බාවිතා කිරීමට "අහවල් එක" නැමති අගනා වචන දෙක යෝජනා කොරමි!

ප. ලි: මම තුමා ම එම යෝජනාව සම්මත කොරමි!

16 comments:

  1. Replies
    1. then I shall third it ;)

      Delete
    2. එරෙහියි. ඒ වචනයට වාසුදේව පේටන්ට් ලබා ගෙන ඇත.

      Delete
  2. 'උඹ මෙහෙම කරපං.. හරි ගියාම මම උඹව බලාගන්නං.. නැත්තං ඒත් උඹට අවුලක් වෙන්නෙ නෑ නෙ මේ කරන දෙයින්.' කියලා කමල්ට එදා කවුරු හරි කිව්ව කියල හිතෙන්නෙ ගස්ලබ්බගෙ මොලේ කචල් වෙලාද මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නැචුව නැචුව....

      හේ හේ.... ගස්ලබ්ස් ගේ ඒරියල් එකේ හාදයෙක් නේද මේ කමල් කියන ගොබිලා?

      Delete
  3. කවුරුහරි මාධ්‍ය මර්ධනය කරනවානම් ඒකට විරුද්ධ වෙන්න කට්ටිය ඉන්නවා...
    පුවත්පත් මණ්ඩලයට විරුද්ධව ගෙනයන සටන ගැන සරස තුමා දන්නෙවත් නැතිව ඇති....
    ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් කියන එකටයි අල්ලපු ගෙදර බල්ල කියන එකටයි විරුද්ධ වෙවී ප්‍රකාශ දෙමින් හිටියොත් ජනමාධ්‍ය සංවිධාන වලට වෙන වැඩ නැතිවේවි...
    ඔය කයිවාරු ගහන දේවල් කරන්න ලෑස්ති වුනොත් සිවිල් සමාජය ගැන ආණ්ඩුවට දැනගන්න ලැබේවි...

    ReplyDelete
    Replies
    1. උඩුවා තුමා එක්ක එකඟ වෙමි....

      ඒත් මම ප්‍රස්න කොර හිටියේ ෆ්‍රයිඩේ ෆෝරමේ නාකි සෙප්පඩවිජ්ජා කාරයෝ, කුරවැසි බලය, ෆූටාවෝ ආදී ස්‍රේස්ටයන් ට වුනේ මොකද්ද කියා ය!
      එම අලුත් මාජ්ජ ලේකම් තුමා ගේ අඳ බාල ලියුම ගැන උඩුවා තුමාත් ලිපියක් ලියමින් බොගේ පලකරනවා නම් හොඳය!

      Delete
    2. \\ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් කියන එකටයි අල්ලපු ගෙදර බල්ල කියන එකටයි විරුද්ධ වෙවී ප්‍රකාශ දෙමින් හිටියොත් ජනමාධ්‍ය සංවිධාන වලට වෙන වැඩ නැතිවේවි... //
      ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් තුමා අල්ලපු ගෙදර බල්ලාට සමාන කිරීම ගැන අපගේ බලවත් මෙව්වා එක "අහවල් එක නෙවී" ප්‍රකාශ කර සිටිමු...!

      Delete
    3. // ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් තුමා අල්ලපු ගෙදර බල්ලාට සමාන //

      ඒක ඇත්ත....

      ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් තුමා අල්ලපු ගෙදර බල්ලාට නොව අපේ ගෙදර හදන බල්ලාට සමාන විය යුතු ය!

      Delete
  4. සරසා තුමා ගේ මාධ්‍ය නිවේදනය නිකුත් වෙන තුරු බලා ඉමි

    ReplyDelete
    Replies
    1. කොහෙද... අර හාල්පාරු ගයන්ත තුමා එක්ක බැහැ නෙව....

      Delete
  5. සා රස තුමා ඉක්මනට කලබල වෙනවනේ. කිරුළපොන රැළිය, ගාල්ලේ රැලිය වගේ වැදගත් මාතෘකා අස්සේ මේ කොහෙවත් නැති ලියුමක් පටලගත්තනේ. බය වෙන්ට එපා ඕකත් අර කිරි ඇල්ල තුමාගේ රැකමොන්ඩේසන් ලියුම වගේ ඉක්මනින්ම අමතක වෙලා යයි. හරි දැන් කාට හරි ඕක මතකද බලන්ට.

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට..

      බලාගෙන ගියාම සා ර ස තුමාගේ නේ වැරැද්ද!

      Delete
  6. “අහවල් එක“ ට මගෙ රහස් ඡන්දය ප්‍රසිද්ධියේ පළ කරමි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අහවල් එකට ජය වේවා!

      Delete