Tuesday, April 5, 2016

වස විස නැති එලවලු පලතුරු...



මේ ලිපිය ලියන්නේ ලන්කා සිතුවිලි තුමා ගේ කාබනික වගා ලිපි මාලාවෙන් ලද කික් එකක් නිසා...

ස ර ස තුමා බට කොල කන අවදියක කාලයක් වයඹ් විස්ස විජ්ජාලෙ මාකඳුර කැම්පස් එකේ අන්ඩර දුන්න නේ...

ඔන්න ඒ කාලේ ඩීන් තුමා නියෝගයක් කොලා උඹලා පෝසනේ ගැන උගන්නනවානම් අර බැසිල් තුමා ප්‍රවර්දනය කොරනවා වගේආදරුස ගෙවත්තක් හදපන් කියලා...

විස්සාස කොරන්න මහත්වරුනි ඇග්‍රි හාදයෝ හාදියෝ හුටාමාරක් හිටියාට එම කර්තව්යය කඩා වැටුනේ ස ර ස තුමා ගේ කරපිටටයි!

මෝඩයාට බය තේරෙන්නෙ නැති එකේ ස ර ස තුමාත් ඒ අබියෝගෙ බාර අරන් අවසන් වසරේ කන්ඩායමේ පූර්න ශ්‍රම දායකත්වයෙන් හැදුවනේ මහා ගෙවතු රාජයෙක්! 

ගෙවත්ත හදන්න අපට ඉඩ ලැබුනේ පලමු මහලේ පිහිටි ඕපන් ස්පේස් එකක්...
මාකඳුරේ ම පිහිටි නෙස්ලේ කරුමාන්තසාලාවෙ කලමනාකාර තුමාට පොඩි දුක් ගැනවිල්ලක් ලියමනකින් දුනාම ලී පෙලට් ටිකක් ලැබුනා.... කොල්ලෝ නෑ බෑ නොකියා පෙලට් ටික ගලවලා ලී ටික අරගෙන ස ර ස තුමා ගේ ගනන් මිනුම් වලට පෙට්ටි හැදුවා.. ගරාජ් එකකින් ලැබුනු කලු තෙල් ආලේප කර පොලිතීන් වලින් ආස්තරන කර ගත්තාම එම පෙට්ටි පැල හදන්න හොඳ බඳුන් වුනා

ඒ ලඟ පාතින් ම කොහුබත් සහ පස් ටිකක් ලැබුනා... කුරුසිකර්ම දෙපාර්තමේන්තුවේ අද්ද්යක්සක තුමාට දුක් ගැනවිලි ලිපියක් දුන්නාම අල්ලපු වත්තේ කෘසිකර්මෙන් කාබනික පෝර ටැට්ටරර් දෙකක් ම ලැබුනා...

එක පත අටට මිස්‍ර කොරලා අර පෙට්ටි ටික පුරවලා කොච්චිකඩේ පලාතෙ තිබුන පැල තවානකින් පැලයි බැසිල් තුමා ගේ අනුග්‍රහයෙන් ඇටයි හිටවලා කොල්ලො සහ කෙල්ලො ලවා දිනපතා වතුරත් වැක්කෙරුවා....

කිසිම පොහොරක් හෝ කුරුසි රසායනයක් නොමැතිව අපි හැදූ බෝග ඔයි ඉහල තියෙන පින්තූරෙන් බලතෑකි....

ලමයි කොච්චර පැල වලට ආදරේ කොලාද යත් ඒවා පරිබෝජනයට ගත්තෙත් නැහැ.. කාටත් ගන්න ඉඩ දුන්නෙත් නැහැ... එලවලු පැල වල මල් හැදී ඇට මතුවී ස්වබාවික මරනයකට යනතෙක් ම ඔවුන් එම එලවලු නෙලාගත්තේ නැහැ

ඉඩ ලද හැම වෙලාවෙම ඇවිත් වතුර දාලා පනුවො එහෙම ඉවත් කොරලා ලමයි ගත්තු සතුට ස ර ස තුමා ට කවදාවත් අමතක වෙන්නෙ නැහැ...


27 comments:

  1. එළ වැඩක්නේ! තමන් අතින් හදන එළවලු පලතුරු කන්න ලැබෙන එක කෙතරම් සතුටු දායකදැයි අත්දැකීමෙන් දනිමි. එම එළ වැඩේට ස ර ස තුමාට මෙන්න හැට්ස් ඕෆ් එක :D

    ReplyDelete
  2. මේක තමයි වියයුත්තේ මේ විෂය ගැන දැනුම ඇති අය නැති අය සමග බෙදාගත්තනම් අපට වසවිසෙන් තොර කෑම වේලක් ගන්න පුළුවන්.

    දැනට වස ගහන විදිය ගැන දොස්තර පාදෙණිය අපුරු විස්තරයක් කළා මම එම CLIP එක දැම්මත් DATA පරිසම් කරගැනීමට බොහෝදෙනා එය බලන්නේ නෑ.

    කාරණය මේකයි https://www.youtube.com/watch?v=sWkuRmqxxHA මෙහි විනාඩි 8 යි ත්ප්පර 5 සිට බලන්න ඔහු කියනවා වෙන රටවල හෙක්ටයාරයකට එකක 10 ක් පාවිච්චි කරද්දි අපි හෙක්ටයාරයකට එකක 285 පාවිච්චි කරනවා මෙය ලෝකයේ වැඩිම කෘෂි නාශක බාවිතයයි

    ReplyDelete
  3. Replies
    1. ඔහෙත් වයඹ හාදයෙක් වගේ...
      ජයවේවා!

      Delete
    2. ඕ යේස්.. පදිංචිය කුලියාපිටියෙ කැම්පස් ඒරියල් එකේ.

      Delete
  4. මමත් ආසම දෙයක් තමයි වවන එක...

    සයිට් එකේ තීන්ත වර්ග වගේ දියර වර්ග ගෙනත් ඉවත දාන ලීටර් 20 සහ 5 බාස්කට් තොගයක්, පෝර පස් මළු කීපයක්, කොම්පෝස්ට් මළු දෙකක් සහ ඇට වර්ග තොගයක් ගෙදරට ගෙනිහුන් අපිත් වැඩේට අත ගැහුවා...
    අපි කිව්වට මම සහයෝගය දුන්නේ මේ දක්වා කොටසට පමණයි...
    පැළ කිරීමේ සහ ඉතිරි කටයුතු හාමිනේ කරන්නේ, දැන් පැළ එක දෙක ඔළුව උස්සලා බලනවා...

    ReplyDelete
    Replies
    1. අවුව හොඳින් තියේ නම් වවන එක එච්චර අමාරු නැහැ..
      ජයවේවා!

      Delete
    2. දේශීය බිජ යොදාගන්නවානම් සාත්තුව අවමව කලහැකියි

      Delete
  5. /ලමයි කොච්චර පැල වලට ආදරේ කොලාද යත් ඒවා පරිබෝජනයට ගත්තෙත් නැහැ.. කාටත් ගන්න ඉඩ දුන්නෙත් නැහැ... එලවලු පැල වල මල් හැදී ඇට මතුවී ස්වබාවික මරනයකට යනතෙක් ම ඔවුන් එම එලවලු නෙලාගත්තේ නැහැ/

    මේක තමයි හොඳම කොටස...

    මාත් මැරීගෙන පැල හිටෝනව. මිරිස් හිග කාලෙ මිරිස් එහෙමත් හිටෙව්ව. පායන කාලෙ වතුර දාන එක තමයි ඉතිං අමාරු. විසේසෙම්ම මේ පොඩි උන්නැහැත් එක්ක ඔට්ටු වෙද්දි වෙලාවක් ඇත්තෙම නෑ වෙන වැඩකට...

    ReplyDelete
    Replies
    1. හරියට පොටෝ එක බැලුවොත් පෙනෙයි ගෝවා සහ චෝයි සම් වල මල් පිපිලා කරලුත් ඇවිත් ......

      ඔහෙගේ වැවිල්ලටත් ජය වේවා!

      Delete
  6. හරි අපරාධයක් නෙව. අමාරුවෙන් හදලා ඒවා පාරිබෝජණයට නොගන්න එක.
    අපි නම් ඕකට කියන්නේ පිං මදිකම කියලා... ;)

    ReplyDelete
    Replies
    1. ලැච්චර් හාමිනේලා කීප දෙනෙකුට පොඩි පොඩි අයිඩියා පහල වෙලා තිබුනා අස්වැන්නට ගේමක් දෙන්න...

      සිසු දරු දැරියන් ට ඒකත් ආරන්චි වෙන්න ඇති මයෙ හිතේ...

      Delete
  7. මේ අමු බොරුවක්නේ කොරලා තියෙන්නේ..අච්චර පල්ලෙහා ඉඩ තියෙද්දි මොකෝ මේ ටෙරස් එකක හිටෝලා....අනික මාකඳුරේ ඉඩම් නැතුවයැ..සරසා තුමාගේ මොකක් හරි පන්සල් සූදුවක් මේක ලමයින්ව බැල්කනියට ගෙන්වන්න කරපු...
    මෙන්න මම ඇත්තටම හිටවපු ඒවා....

    ReplyDelete
    Replies
    1. //සරසා තුමාගේ මොකක් හරි පන්සල් සූදුවක් මේක ලමයින්ව බැල්කනියට ගෙන්වන්න කරපු... //

      ස ර ස තුමා ටත් පඩි දෙන්නෙ "සිරිකොතින්" කියලා අතටම මාට්ටු වුනා වගේ

      Delete
  8. ඒ කියන්නේ සරසා ඇග්රි.....................

    ReplyDelete
    Replies
    1. Yes, I do Agree!

      අතටම අහු වුනා නේද හිටන්?

      Delete
  9. දකින්නත් ආසයි..
    ජයවේවා..!!

    ReplyDelete
  10. නාථ දෙවියෝ තරහ වෙයි ඈ

    ReplyDelete
  11. මේ මොන එකක්ද..? මහන්සි වෙලා හදල පරිබෝජනය කලේ නැහැය කියන්නේ? හය්යු!

    ReplyDelete
    Replies
    1. දත් ටික පෙන්නලා විරිත්තුවට වැඩක් නැහැ. අස්වැන්න නෙලනවා කියන්නේ වගේ කරනවා කියා එකේම කොටසක්. අස්වැන්න නෙලුවාම නැවත පලදරන්න පටන් ගන්නවා. මට තේරෙන්නේ නැහැ මේක කලේ ඇත්තටම වවන්න ඕනේ නිසාද නැත්තම් වවනවා කියල ප්‍රදර්ශනේ කරන්නද කියල.

      Delete