Friday, April 8, 2016

නාලන්දාවේ හිටපු විදුහල්පති ධර්ම ගුනසින්හ මැති තුමා

ට්‍රාන්සිල්වේනියා තුමා නාලන්ද විද්යාලයේ ගුරුවරියක් ගැන ලිපියක් පල කලාම ඒකට කොමෙන්ටුවක් ලෙස ස ර ස තුමා ගෙන් ප්‍රතිකාර ගනීමට පැමිනෙන එම විද්යාලයේම හිටපු මුල්ගුරුතුමෙක් ගැන සඳහන් කලා...

එතුමා ගේ නම ධර්ම ගුනසින්හ. 

එම කොමෙන්ටුවට ප්‍රතිචාර දක්වමින් කීප දෙනෙකුම ගුනසින්හ "සර්" ව මතක කරමින් කොමෙන්ටු දැම්මා.

එතුමා ගැන දන්නා හඳුනන කීප දෙනෙකුම, මනා පෞර්ශය යුතු, උසස් ගතිගුන වලින් සම්පූර්න වූ  විනය ගැන සැලකිලිමත් වූ ගුරු උතුමෙකු ලෙසයි ධර්ම ගුනසින්හ මහතා හැඳිවූයේ.

වයෝවෘද, ජීවිතයේ සැඳෑ සමය ගත කරන එතුමා පදින්චිව සිටින්නේ ඇතුල් කෝට්ටේ ප්‍රදෙසයේයි

හුඟ කාලෙකේන් එතුමා ව නොදැකපු එහෙත් එතුමා ගෙන් "පොල් ටොකු" කෑ නොකෑ සින්හල බ්ලොග් කියවන ආදි නාලන්දියන් ට පොඩි කික් එකක් දීම සඳහා ස ර ස තුමා ගුනසින්හ තුමා සමග ගත්තු පින්තූරයක් තමා ඔයි උඩින් පල කලේ.

12 comments:

  1. නාලන්දාවෙ කොල්ලො හොදයි....ආනන්දේ කොල්ලෝ හොදාආආආආආආආයි

    ReplyDelete
    Replies
    1. වෙන නැතුවට හොඳායි :D

      Delete
  2. මම සිටියේ ලාල්ට පසුපසිනි. ඒ නිසා රතිඤාකරු මා යැයි සැක කල ජයවර්ධන සර් මාව කන් කෙටියෙන් අල්ලාගෙන ගොස් විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාට භාර දුන්නේය​. විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා සිටියේ කෝපයෙනි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ නාලන්දේ නම්බුව කෑවා කියා හොඳ පොල් ටොක්කක් ඇන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා විද්‍යාගාරයේ තෙවන මහලේ පිහිටි විදුහල්පති කාර්‍යාලයට මා රැගෙන ගියේය​. ඒ අතර මාව විදුහලෙන් අස් කරන බවටද කීවේය​.

    ගුටි වලින් සහ බියෙන් තෝන්තුවී සිටි මා රතිඤාව දැම්මේ මා නොවේ යැයි කීවෙමි. නමුත් ඒ බවට කන් නොදුන් ධර්ම ගුණසිංහ මහතා පියාගේ සහ මවගේ රැකියාවන් මොනවාද කියා ඇසීය​. මගේ මව විදුහල්පතිනියකි. ධර්ම ගුණසිංහ මහතා ඇයව දන්නේය​. මම මවගේ නම කියූ විට ධර්ම ගුණසිංහ මහතා මඳක් සන්සුන් වී මගේ කතාවට සවන් දුන්නේය​. මා රතිඤාව නොදැමූ බව කීවත් එය දැමුවේ ලියනපතිරණ කියා පාවා නොදුන්නෙමි. නමුත් මේ ගාලගෝට්ටිය අව්අස්සේ විදුහල්පති කාර්‍යාලට පැමිණි අපගේ පන්තියේ සිසුවෙකු වූ සමන් ධම්මික නොහොත් මොරේ රතිඤාව දැමුවේ මම නොව ලියනපතිරණ බව කීවේය​. මේ නිසා මට ඇප ලැබුණි. එසේම පාවා දෙන්නාගේ භූමිකාවෙන් ද මම මිදී ගියේය​.

    ReplyDelete
    Replies
    1. පොල් ටොක්කේ රස විඳි අයෙක්....

      :D

      මතක් වුනොත් මේ කතාව ඔහු ගෙන් අසා දැනගන්නම්...

      Delete
  3. Replies
    1. සුපුරුදු ලෙස බැක් ග්‍රවුන්ඩ් එකේ සිටිමි!

      Delete
  4. ස්තූතියි සා රස, :)

    ReplyDelete
  5. සා රස නොදැක්කෙමි.ගුරුතුමා දැක්කෙමි ... :D

    ReplyDelete
  6. සා රස නොදැක්කෙමි.ගුරුතුමා දැක්කෙමි *2

    ReplyDelete