Monday, June 6, 2016

හදවතින් ම සතුටුයි.....




මේ වරක් ජ වි පෙ වෙනුවෙන් ජනාදිපතිවරනයට ඉදිරිපත් ව ලක්ස හතරකට ආසන්න චන්ද සන්ක්යාවක් ගත් නන්දන ගුනතිලක ගේ කතාවකි! නන්දන ගුනතිලක, අනුර කුමාරලා හැන්ගිලා සිටියදී 89/90 කාලයේ හොරෙන් හොරෙන් ජ වි පෙ ප්‍රතිසන්විදානයට ජීවිත පර්ත්යාගයෙන් වැඩ කල කෙනෙකි.

එවන් ජ වි පෙ යෝදයෙක් ඔහු ගේ දේසපාලනේ ඉදිරියට යන්නේ ජ වි පෙන් ඉවත් වී මහින්ද මාමා ලඟ කුලියට පොලිටික්ස් කිරීමෙනි. 

ඉනුත් සෑහීමට පත් නොවී, මහින්ද ගේ හෝටලේ කැම කන ගමන් ම රනිල් ගේ රෙස්ටුරන්ට් එකෙන් ද බයිට් කාලා මහින්ද ගේ හෝටලේ බන්කොලොත් කිරීමේ කටයුත්ත ඉසිසෙල්ලාම පටන් ගත්තා කියා නන්දන කල පාපොච්චාරනයක් ඉහත වීඩියෝවෙන් දැක්වේ!

මෙම වීඩියෝව නැරඹීමෙන් ස ර ස තුමා ඉතාමත් ප්‍රීතියට පත් විය. ඒ මක් නිසාද යත්, නන්දන ගුනතිලක තුමා ට, තියෙන මනුස්සයාට ඊරිසියා කොරමින් ඔහු ව වල දැමීමට උත්සාහ කරනා දර්ශනයකින් මිදී යතාර්ත්වාදී දේසපාලනයකට පිවිසීමේ දහිරිය ලැබී තිබෙනා බැවිනි.

ලාවට වයසට යනකොට සියලු ජ වි පෙ කාඩරයන් සහ ආදාරකරුවන් නවතින්නේ ඉතාම සුඛෝපබෝගී මහලු මඩම් වල බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

සියලු සුඛෝපභෝගී මහලු මඩම් වලට ජයවේවා!

12 comments:

  1. අදයි දන්නේ ඔහෙත් බොගක් දානවා කියලා... ඒ ගැන සමාව භාජනේකෙට දාලා හැන්දෑවට බොන්නම්...

    ඔය විප්ලව කාරයන්ට සත්‍ය අවබෝධ වෙන්න කාළයක් යනවා... මොකෝ මොළ හෝදනවනේ මුලින්ම... ඊට පස්සෙ මොළේ නෑ... දේශපාලන මන්ඩලෙන් තමයි හසුරවන්නේ.. ඉතින් ආයේ මොළේ වැඩෙන්න සෑහෙන කල් යනවා..

    ReplyDelete
    Replies
    1. දේසපාලන මන්ඩලේ ට මොලේ පැදුනු කාලෙට සිරි ලන්කාවට සෞබාග්ය උදාවෙනවා!

      Delete
  2. මේ රටේ මිනිසුන්ට ගැලපෙන දේසපාලුවෝ තමයි හම්බවෙන්නේ

    ReplyDelete

  3. //ලාවට වයසට යනකොට සියලු ජ වි පෙ කාඩරයන් සහ ආදාරකරුවන් නවතින්නේ ඉතාම සුඛෝපබෝගී මහලු මඩම් වල බව ස ර ස තුමා ගේ විස්වාසයයි! // නවතම සොයාගැනීමක් වගේ..ඇත්තකුත් නැත්තෙම නැද්ද මංදා.

    ReplyDelete
    Replies
    1. තෙලෙන් කා...
      කිරෙන් අත සෝදා
      අපේ මේ ජීවිතේ ගෙවනා.....

      බිවුව එකෙක් මාව ඉම්බා ඕයි!

      Delete