Tuesday, July 19, 2016

අන්තරේ මාට්ටු!

අන්තර් විස්ස විජ්ජාලීය සිස්ය බලමන්ඩලේ පිටුපස සිට එය මෙහෙයවන්නේ කවුරුන්දැයි සැකය ස ර ස තුමා ට පහල වූයේ එතුමා පේරාදෙනි සරසවියේ සිස්යයෙකු ව හිටි කාලයේය හිටන්!

සිස්ය සුබසාදනය සහ උන්නතිය වෙනුවෙන් අවදානයට ලක් විය යුතු දහසකුත් එකක් කරුනු නොදැක්කා සේ හිටන්, කාටවත් වැඩක් නැති මරි මෝඩ කාරනා වලට අන්තරේ කරගහන්නේ ඇයි දැයි ස ර ස තුමා ට ප්‍රස්නයක් විය.

විස්ස විජ්ජාල ආචාර්ය මන්ඩලේ උදවිය විසින් කරන්නට යෙදෙනා ඉස්ත්‍රී දූශන වල හිටන් විබාගෙට පෙර ප්‍රස්න පත්තර පිටකිරීම වැනි එකී නොකී දසහක් කරුනු කාරනා දැක දැකම නොදැක්කා සේ සිටීම අරගල කරනවා කියාගන්නා සිය වියාපාරයට තරම් නොවේ.

උදාහරනයක් වසයෙන්, අද සයිටම් වලට විරුද්දව පාරට බැහැලා ඉන්නා උදවිය දැන දැනම පේරාදෙනි වෛද්ය පීටේ කාය ව්යච්චේද විද්යා මහාචාරිනී මල්කාන්ති චන්ද්‍රසේකර මැතිනිය පේරාදෙනියෙන් පඩි ගනිමින් ඉන්නා ගමන් ම එතුමිය ගේ අකල් මරනය තෙක් ම සයිටම් හී පීටාදිපතිනිය ව සිටි බව අන්තරේ සහ සියලු සිස්ය සියාවන් දැන ගෙන හිටියේය. පැහැදිලිවම වැරදි කිරියාවක් වන එම තත්වයට අන්තරේ මීක් කියා වත් හඬක් නොනැගීය... එහෙත් අද එලියට ඇවිත් පොර ටෝක් දෙති!

ස ර ස තුමා ඉහතින් සඳහන් කොරේ අන්තරේ සහ සිරි ලන්කා සිස්ය වියාපාර වල ගොන් පාට් ලක්ස ගනනින් එකක් පමනය!

මේ දිනවල යාපනේ නාහෙට නොඅහන දෙමල ගොබිලන් කීපදෙනෙක් සින්හල සිසු සිසුවියන් ට එලව එලවා පහරදීම නිසා අන්තරේ කබලෙන් ලිපට වැටුනේය.

කැලණි විස්ස විජ්ජාලේ කලිසම් කේස් එකට ඇතුලට යැවූ ආවේගසීලී මල්ලිලා සහ නන්ගිලා තවම ඇතුලේ ය. එහෙත් යාපනේ සින්හල සිසු සිසුවියන පැනි එන්න නෙලූ දෙමල ගොබිලන් ව පොලෝසියෙන් අල්ලන්නේ නැත....( බයට න්වෙවෙයි... හිරිකිටහ හන්දාය! )

වහාම තම සහෝදර සිසු සිසුවියන් ට පහරදුන් දෙමල අනාදිකාරයෝ හිරබාරෙට ගන්න යැයි කීමට අන්තරේ දිව නැමෙන්නේ නැත. ඒ අන්තරේ තීරන ගන්නේ සිසු සිසුවියන් නොව පසුබිමින් සිටිනා ඩොලර් කාක්කන් නිසා ය.

සහෝදර සිසු සිසුවියන් ගේ කචබචයෙන් බේරීමට අන්තරේ මිලියන් ගානක් වියදම් කර ලස්සන පෝස්ටර් තොගයක් ම රට වටා අලවා ඇත... 

ඉල්ලන්නේ සින්හල සිසු සිසුවියන් ට පහරදුන් එවුන් ට දඬුවම් දෙන්න කියා නොවේ. වැරදි කර හිරබාරෙට නියම වූ කැලැනියේ කස්ටිය ව හිරෙන් නිදහස් කොරන්න කියා ය!

අනේ අන්තරේ... අපට ඔහෙලා ගැන දුක ය!


27 comments:

  1. අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ අපිට නෑ ඉන්නේ.
    දෙමෙල්ලු අපට ගහන්නේ අපේ කරුමේ අපට වන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ කරුමේ අපට වන්නේ!!!

      Delete
    2. ඔහු රජෙක් නෙමෙයි ග්‍රාමසේවක කෙනෙක්

      Delete
  2. සරසා තුමා

    මේවගේ හෙළුවැලි වැඩ ගැන යම් බුද්ධියක් තියන මිනිසුන්ට තේරෙනව.
    නමුත් ලෝකේ වෙන දේවල් බැලුවහම ඕනෑම බුද්ධිමත් කෙනෙක් මෝඩයෙක්ට
    අන්දවන්න පුළුවන්.

    අද වනවිට Dr. William Thompson ප්‍රදාන විද්‍යාය වරු 3දෙනාගෙන් කෙනෙක් (ලෝකප්‍රසිද්ද ඇමරිකාවේ http://www.cdc.gov/ ආයතනයේ ) වැක්සින් වල හානියක් නොමැති බව සෙවීමට කල පර්යේෂණයේ තොරතුරු වංචා සහගත ලෙස සගවන ලදබව ප්‍රසිද්ධියේ කීමෙන් පසුවත් මෙම ප්‍රවුර්තිය ලෝක ප්‍රවුර්තියක් වියයුතුව තිබියදී අද වනතුරුත් මේ ගැන ප්‍රශ්න කරන්නේ කී දෙනාද ?

    https://healthimpactnews.com/2015/obama-grants-immunity-to-cdc-whistleblower-on-measles-vaccine-link-to-autism/

    ReplyDelete
  3. අනේ අන්තරේ... අපට ඔහෙලා ගැන දුක ය!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්තරේ කියල එකක් බිහි උන හැටි, එක පෙලට කොළඹට ඇවිත් උද්ඝෝශන තියල තියලා කුකුළගෙ කරමලේ සුදු උන හැටි එහෙම ගැන සාරස තුමා මක්කද හිතන්නෙ?

      Delete
  4. Yapaneta hariyanna 83 de areas ekath ekka dunna. Oya gunawansagen ahanna.

    ReplyDelete
  5. පව්.. කාගෙ උනත් දරුවො නෙවැ.

    නැද්ද මං අහන්නෙ ඈ..

    ReplyDelete
  6. ඒක තමයි. රටේ ලෝකයේ වෙන ඔක්කොටම වැරදිකාරයින්වන කොලඹ හවසට වැඩ ඇරිල ගෙදරයන අපිට පාඩමක් උගන්නන රැග්වෙන ප්‍රගතිශීලී විරෝධතාවක්වත් කලේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. කඳුලු අඩු නැතිව..
      විඳිනවා තවම...
      ඔබට සතුටුයි ද දැන්?

      Delete
    2. ඔබවහන්සෙත් කවි ලියන්න ගත්තද?
      අපි වගේ හුදී කමෙන්ට්ජනයාගේ පිහිට සඳහා ට්‍රාන්ස්ලේසන් එක්කම් දාන සේක්වා

      Delete
    3. ඔහෙ ලන්කාවෙ නොවෙයි ද ඉන්නේ...

      මම ලිවුවේ මහින්ද මහත්තයා ලඟකදී මීටිමකදි කියාපු සින්දුව....

      Delete
    4. වෙන්වීලා ගිය දා පටන්
      ඔබ මාව
      ආයෙ නො එනා ලෙසින්
      කඳුළු අඩු නැතිව විඳිනවා තවම
      ඔබට ශටුටුයිඩ ඩැන්..??
      https://www.youtube.com/watch?v=qO7rab7ZYGI

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සරසා තුමාගේ අන්තරේ විස්තර දැක්කම මට මතක් වුනේ... අපේ බැච් එකේ ඒ දවස්වල ඒ කියන්නේ 1985/86 කාලේ හිටියා අපේ පොරක් සුනෙත් (නම පොඩ්ඩක් වෙනස්) කියලා. මේ අපේ යාලුවට ඒ කලේ තිබුන ක්‍රියාකාරී කමිටුවේ පොරක් වෙන්න ඕනි කම තිබුනා.

    ඉතින් මු ඔය අන්ත්තරේ උද්ගෝෂණ වලට විතරක් නොමේ ටින් හොල්ලන වැඩ වලටත් අපේ බෝයිල්ර්ස්ලා යවන්න ජපුර ඇතුලේ කට්ටිය සංවිධානය කරන්න පෙර්මුන් අරන් පෙනී සිටියා. ටින් බෙදන එක, කණ්ඩායම් වෙන් කරන එක, එත කොට පොකට් මට්ටමෙන් කැම්පස් එක ඇතුලේ දිරි ගන්නවන එක වගේ දේවල්. මු මගේ හොඳ යාලුවා ඒ දවස්වල.

    මූ ගොඩක් වේලාවට් මම පැත්තකින් තියන් අනික් බෝයිල්රස්ලා ඔක්කොම් පිටත් කරලා යවනවා. පස්සේ ජිම් එකට ගිහින් ප්ලේන්ටියක් සමග සිකරට්ටුවක් බිලා මු ගිමන් නිවනවා. හැබැයි අර ගිය බෝයිල්ර්ස්ලාට් වඩා මු ලකුණු දා ගන්නවා.

    ඉතින් තුන් වෙනි වසරේ, කරුණාසේන කොදිතුවක්කුව, ජේස්ට උත්තමයන් ට සිමා කරලා ප්‍රසාලට නමිනිකරන මගුල කොරන කොට මු පන්දමක් අල්ලලා ඇතුලට පැනලා, බඩුවක් දා ගත්තා. පස්සේ මේක දැනගත්ත ක්‍රියාකාරී කමිටුව මුව බකට කරලා පක්කලියෙක් කියලා හංවඩු ගැසුවා.

    මේකා උපන්ගෙයි හොඳ බොරු කාරයෙක් රැවටිලි කාරයෙක්. මු ඊට පස්සේ විදෙස් තානාපති කාර්යාලයක් වැඩ කරා. දරුවෝ දෙන්නෙක් ඉන්න මුගේ බිරිඳ අමතක කරලා මු අර විදෙස් තානාපති කාර්යාලයේ වැඩ ආපු බඩුවක් සෙල්ලන් කොල්ල්ල විදිහට ඉඳලා පස්සේ හෙන ජරමර ගොඩක් වුනා.

    මන් මේ කතාව කිවේ, අද මේ පොර, මුළු ලංකාවම රවටනවා, දනාත්මක චින්තන මොටිවෙසනල් ගුරෙක් විදිහට. ඔය මුළු රටෙන්ම 1 කියන හිරසට සම්බන්ද වෙලාත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පොලොන්නරුවේ ග්‍රාමයා ත් ඔබතුමා ගේ බැචා වගේ මරිසිපාල කෙනෙක් වෙන්න ඇති නේ?

      Delete
    2. මටත් ගොඩක් වෙලාවට එහෙම හිතෙනවා. මු හැබැයි මර්සිපාල කෙනකුට වඩා අන්දපාල කෙනෙක්...අර ඉස්සරකලේ හිටපු ඒ ජේ වගේ...

      විශ්ව විජ්ජාලේ ඉන්න කල් මු මුට්ටි ඇල්ලුවා හොරෙන් හොරෙන්. අපි ගත කරපු අවුරුදු හත මදි වෙලා මු අවුරුදු 8 කම ඉඳලා සෙකන්ඩ් අපර එක්ක ගැහුව්වා. ඒ කරලා මු අවුරුද්ධකට පස්සේ උ මුට්ටි අල්ලපු මහාචාර්ය තුමෙක්ගේ පිහිටෙන්, අපිට පස්සේ හිටපු බචාලට තිබුන වරමක් පිල්ලි ගහලා ලේචෙක් උනා.

      ලස්සන වැඩේ කියන්නේ මු විශ්ව විජ්ජාලේ පැත්තේ ආවේ නැතුව වෙන තැනක වැඩ කරන ගමන් මාස ගානක් පඩිත් අරගෙන පැදුරට වත් නොකියා මාරුවුණා. අන්තිමට අර මහාචාර්ය තුමා මැරෙනකම් කියපු කතාවක් තමා, එයාගේ ජිවිතයට කරපු එක ලොකුම මාරි වැඩක් කියලා මුව ලේචෙක් විදිහට ගත්ත එක.

      දන මු විලි සන්ගේ නැතුව ලංකාවේ හැම ඉස්කොලේකටම ගිහින් රු 35,000 කට motivation විකුනනවා. සරසා තුමා දන්නවත් ඇති මුව.

      Delete
    3. කිසි දවසක සිරස නොබලන නිසා මේ හාදයා කවුද කියා නොදනිමි.... දැනගන්න ආසයි...

      Delete
  9. අන්තරේ අන්තරය කුණුගොඩක්..

    ReplyDelete
    Replies
    1. අන්තරේ විප්පමුත්තස්ස
      නත්ති රෝගෝ කුතො භය:?

      Delete
  10. //විස්ස විජ්ජාල ආචාර්ය මන්ඩලේ උදවිය විසින් කරන්නට යෙදෙනා ඉස්ත්‍රී දූශන වල හිටන් විබාගෙට පෙර ප්‍රස්න පත්තර පිටකිරීම වැනි එකී නොකී දසහක් කරුනු කාරනා දැක දැකම නොදැක්කා සේ සිටීම අරගල කරනවා කියාගන්නා සිය වියාපාරයට තරම් නොවේ.// මම නිතරම අහන ප්‍රශ්නයක්. කවදාවත් උත්තරායල් ලැබෙන්නෙත් නැහැ.

    ReplyDelete
  11. අන්තරේ යනු මාක්ස්වාදී වල්පල් ගෙඩි පිටින් ගිලපු රටක ජාතික අනන්‍යතාවයට වඩා බඩගෝස්තරවාදෙ ලොකු කරගත් සත්ව කොට්ඨාශයකින් සැදුම් ලත් එකකි. අන්තරේට අනුව යාපනේ දෙමළ සිසුන් පීඩිතයින් වන අතර වෙස් නැටුම් ඉදිරිපත් කළ සිංහල සිසුන් පීඩකයින්ය. පීඩිතයා පීඩකයාට ප්‍රති ප්‍රහාර දීමේ අහින්සක ප්‍රයත්නය මෙතන සිදු වී ඇත. අන්තරයේ නිගමනය මේකනම් මම පුදුම නොවෙමි.

    ReplyDelete