Monday, July 25, 2016

සිරි රනිලාන්ඩුව


උම්මග්ග ජාතකේ සිරි කාලකන්නි කතාවේ පින්ගුත්තර හාදයා ට ලලනාවන් අරහන් ය. 
එතුමා ආසියාවේ ම හොඳම මොලය ලෙස මහාචාර්ය දිසාපාමොක් විසින් තෝරාගත් පසු මහාචාරිය තුමා ගේ දෝනියැන්දා වන මිස් ඒසියා කොන්ටෙස්ට් එක දිනූ උදුම්බරා කෙලී ව කසාද බන්දා දෙන ලදී.
ලොල්ලෙකු වූ බුද්දිමත් සිරි කාලකන්නි පින්ගුත්තර තුමා ලස්සන කෙල්ලෙකු වූ උදුම්බරා ව දිවුල් ගහකට යවා ගහ මුල කටු කොහොල් අතුරා, සැතිරිය ගෙන් මිදුනෙමි යැයි පවසා පලා ගියේය.

වර්තමානයේ හරක් විජේසූරිය මහඇදුරුතුමා මිට්ටර් සෝබිත සමග එක් වී රනිල් තුමා ව ආසියාවේ හොඳම මොලය ලෙස විරුදාවලි නගා, සිරි සේනව ඇඟේ පටලවා යහපාලනය හෙවත් සිරිරනිලාන්ඩුව බිහිකෙරුවේය.

සිරි කාලකන්නි ඉස්ටෝරියේ පින්ගුත්තර ලෙස ම රනිල්තුමා ද ලොල්ලුපිටියේ හාදයෙකි! 

ඔලු දෙකේ සිරිරනිලාන්ඩුවේ ලොක්කන් දෙදෙනාම   W.A සිල්වා ශූරීන්  ගේ දෙයියන්නේ රටේ පොතේ එන බබානිස් ගුරා සේ කට ඇරියොත් සාප වදින ලෙවල් එකේ කටවහ කාරයෝ ය.

සිරා ඉන්ගලන්තෙට, ප්‍රන්සයට, ජර්මනියට සහ තුර්කියට ගියේය. 

ඉන්ගලන්තය බ්‍රෙක්සිට් වී ගියේය. ප්‍රන්සයේ සහ ජර්මනියේ බෝම්බ පුපුරන්නේ දවසට දෙක ගනනේය. අක හිටන් හිට් තුර්කිය ද හමුදා කුමන්ත්‍රනයකට මැදි වී දිනපතා දහස් ගනන් ජනතාව හිර මැදිරි වලට ගාල් වෙති!

රනිලා ගේ කට ද ඊට දෙවනි නැත... කිලියාපිටියට ෆොක්ස්වැගන් කර්මාන්තසාලාව ගේනවා කියා කට ගන්නට පෙර ලෝකේ විසාලම මෝටර් රත කරුමාන්තසාලාව වන ෆොක්ස්වැගන් ෆැක්ටරිය බන්කොලොත් විය! 

අමෙරිකාවට ලොන්තපෝල් ටෝක් දී කට ගත්තා විතරයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්මතුවී ආවේය... දැන් ඇමෙරිකාවට දෙවි පිහිටය!

මුන් දෙදෙනාම සිරිරනිලාන්ඩුව හදාගෙන එක් වී කන්නේ අපේ සිරිලන්කාවය!

බුදුන් ගේ දේසය වන සිරි ලන්කාවට ජේසු පිහිටය!








21 comments:

  1. නිර්මාණශීලීත්වය ඉහලයි. well done

    ReplyDelete
  2. හැක හැක.. කථා කලත් අපි රෑ වෙනකන්, කිසී.... වැඩක් නෑ..... 🙃 🎶🎶🎶🎶🎶🎉.... හිටං ...

    ReplyDelete
  3. සහතික ඇත්ත හිටන්!

    ReplyDelete
  4. දියරමය නිශ්පාදනයකින් මෙච්චර අවුට්පුට් එකක්??වෙන්න බෑ..
    ඉංදියාවට බැන බැන කේරළේ පැත්තෙ වත් ගිහින් වගේ.. කණ පැලෙන්න දීල තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  5. කළ කර්මය පල දෙනවා.... රජු මාවත බැස යනවා....

    ඔහේ යන්නේ නැතෙයි....

    ReplyDelete
    Replies
    1. පාද (ඩ) යාත්‍රාවට අපිත් යනෝ!

      Delete
    2. Sa rasa හෙල්මට්ටුවක් බොඩි ආමර් එහෙම ඕනි නං කියන්න හොඳේ..."

      Delete
    3. යූ ඇන් පී කස්ටිය අපිව හෙල්මට්ටු නැතිවම මට්ටු කොරයි වගේ...

      Delete
  6. තව එන්න තියෙන්නේ රනිල්තුමා සිරා තුමාව (කටු නැති) දිවුල් ගහකට නග්ගවල යටින් බට්ටෝ අතුරලා ගැලවෙන්න දඟලන ජවනිකාව විතරද?

    ReplyDelete
    Replies
    1. ඒකේ අනිත් පැත්ත...

      සිරාතුමා රනිල් තුමාව කටුඉඹුලේ යවන එක...

      Delete
  7. Trump :-
    Positive - Opponent H.Clinton
    Negative - Being D.Trump

    Clinton :-
    Positive - Opponent D. Trump
    Negative - Being H. Clinton

    ඕක ලංකාවෙ ටොයි හා බයි ලටත් අදාලයිවගේ

    කටවහ:-
    ලිබියාවට හා ගඩාෆිට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ලිබියාවේ ප්‍රබෝදය!

      Delete
  8. ලෙසටම කියා ඇත. ජය වේවා සරස තුමාට.

    ReplyDelete
  9. ඕකුන් තාම ඕස්ට්‍රේලියාවට ගියේ නෑ නේද ..??

    ReplyDelete