Wednesday, July 27, 2016

මාකස් වාදී නව රැල්ල

අපේ කාලේ සිරිලන්කාවේ හිටියේ මාර්ක්ස් වාදීන් ය. 

රතු දෑකැති මිටි කොඩිය උස්සාගේන රැවුල් වවාගෙන හිටු මාර්ක්ස්වාදී උන්දැලා හන්දියේ පෙට්ටි කඩේ මුදලාලි ට ආදරේට කිවුවේ දනපතියා කියා ය. 

කවුරුන් හෝ කෙනෙක් කර්මාන්තසාලාවක්, සුලු වියාපාරයක් වැනි දෙයක් පටන් ගත්තානම් එම ආයතන වල සේවකයන් ව මනරන්ජන වැඩවර්ජන වලට පොලොඹවා වියාපාරය කම්බස් කර දැමීම එම මාර්ක්ස්වාදීන් ගේ විනෝදාන්සය විය.

හැමදාම මාර්ක්ස්වාදීන් ගේ හින්සාවට ලක් වූ සිරි ලන්කාවේ දනපති පන්තිය මාර්ක්ස්වාදීන් ගේ ඇට තලා පුස්සා කිරීමේ වියාපෘතිය රාජකීය විද්යාලයේ ආදි සිසු රනිල් වික්‍රමසින්හ මැතිතුමාට බාර දුන් හ.

සූර මොලකාරයෙකු වූ රනිල් තුමා සමාජයේ දුප්පත් පීඩිතයන් ගේ මාර්ක්ස්වාදී පක්සය වන ජ වි පෙ ට වැඩේ දෙන්න සැට් විය. 

පලමු අදියරේ දී තමන් හට ආම් බාන් කිරීමට අපහසු ව හිටි පීඩිත කුල වල මාර්ක්ස් වාදීන්  හට සම්ප්‍රදායිකව අයත් ව තිබූ ජ වි පෙ නායකත්වය රනිල් ගේ සමකුල දිසානයකලාට, හේරත් ලාට සහ රත්නායකලා ට ලබා දීම රනිල් තුමා ගේ මුල් ම ජයග්‍රහනයයි!

ඉන් පසු දිගට හරහට සෝ කෝල්ඩ් බිම්ම්මට්ටමේ ජෙප්පන් ගේ මොල සේදීම කරගෙන යෑමට රනිල් තුමා ට පහසු වුනේ බොහෝ ජෙප්පෝ තමන් ගේ පීඩිත පන්තිය අත හැර දොස්තරලා, ඉන්ජිනේරුවෝ සහ අනෙකුත් වුර්තීය වේදීන් වීම සහ තවත් කොටහක් විදේසගතව විස්කි බ්‍රැන්ඩි පාවිච්චි කොරනා සමාජ තත්වය ට පත් වීමය.

උනු හන්දා අහක දාන්නත් බැරිය.. කිරි හන්දා බොන්නත් බැරිය... තමන් එවකට ආදර බක්තියෙන් කැපකිරීම් කොල පක්සේ හරමානිස් ලා ට දෙන්නට බැරි බව ඉස්සර හරමානිස් දැන් වෙන්ඩ පොශ් ටොය්යන් වන හාදයෝ තීරනය කොලහ.... හරමානිස් ලා ගෙන් නොව වෙන්ඩ ටොයියන් ගෙන් අපමන වාසි ඇති බව පසක් කොරගත් සමකුල නායක ජෙප්පෝ බිම් මට්ටමේ සාදුකින් පෙලෙන කාඩරයන් වූ  හරමානිස් ලා ට සුහද කොකා පෙන්නා, වෙන්ඩ ටොයි ක්ලොසට් ජෙප්පන් ගේ සුරතලුන් බවට පත් විය!

සමන්තබද්‍ර උන්නාන්සේ තම අනුගාමිකයන් හට හිතේ කුකුසක් නැතිව පස් පවු සමග ජීවිතේ රස විඳීමට බුද්දාගම වෙනස් කොලා මෙන් රනිල් ගේ සම කුල ජෙප්ප නායකත්වය ද මාර්ක්ස්වාදය වෙනස් කොට තම කාඩරයන් ගේ ඔලු හෝදා ඔවුන් මාකස්වාදීන් බවට පත් කලහ.

පෝර සහනාදාර කැපුවාම ඇල් මැරුනු විරෝදතා දක්වන වර්තමාන ජෙප්ප නායකත්වය හයිබ්‍රිඩ් කාර් වලට බදු ඉහල දැම්මාම අවි අමෝරාගේන් ඉදිරියට ඒමේ රහස මෙයයි!

සාන්ත තෝමස් කොලීජියේ ඉගෙන ස්ටැලියන් කන්ඩායමේ ජනප්‍රිය සාමාජික ක්‍රිශ්මාල් වර්නසූරිය  තම ජාතික ලැයිස්තුවට දැමීමේ හිටන්, අන්කල් ජොන්සන් ලවා තම සන්වත්සරේ ලාම්පු පත්තුකිරීම දක්වා කොරනා ලද ගොබ්බ දේසපාලනේ දැන් ජවිපෙ ට හොඳටම පුරුදු වෙලා ය!

එහි අලුත් ම ප්‍රවනතාව නම් ඉස්සර දනපති ප්‍රතිගාමී කොම්ප්‍රදෝරු පන්තිය ආදී නම්බු නාම වලින් සන්ග්‍රහ කොරන්නට යෙදුනු වියාපාරිකයන් සමග බදුල්ලට ගොස් දුපත්තුන් හට ආදාර ලබා දීමයි!

සූරාකන දනපතින් ට විරුද්දව විප්ලවය කිරීමට එක්වෙයවු කියා  සාදුකින් පෙලෙන්නන් ට කෑගැහූ ගොන් බඩජාරි කටවල් වලින් ම ... අනේ දුපත්ත මිනිසුනේ, ඔයි සල්ලිකර මහත්වරුන් ට විරුද්දව පන්ඩිත වැඩ නොකර එතුමන්ලා දෙන ආදාරයක් අරගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියා කියවන්නට යෙදීම ගැන ස ර ස තුමා ට නම් ගමකට සන්තෝසය!

විපලවය වෙනුවෙන් ජීවිත පූජා කොරන්න සැට් වෙලා හිටි ගොන් ජෙප්පන් ට මරිසිය දමා ඔවුන් ගේ කටින් ම සාදුකින් පෙලෙනවුන් ඉදිරියේ මුදලාලි මහත්තුරුන් ගේ ගුන වරනනා කොරවීම සමත් වූ රනිල් තුමා ගේ රාජකීය මොලය ට අපි ගරු කොරමු!

මාර්ක්ස්වාදීන් මාකස් වාදීන් බවට පත්වීම කොම්ප්‍රදෝරු වරුන් ගේ සුලු දනේශ්වර බුරුශුවා පන්තියේ පස්චාත් නූතන්වාදී ජිජැක් ආපොහනවාදයෙන් සමාන්තර පෘතිවියේ බෞතිකවාදී චතුස්කෝටික මෙවුවා එකක් බව මෙයින් පැහැදිලි වේ!

19 comments:

  1. හා හා හා ... ගුඩ් වන් .... නතිං ටු ඩිසැග්‍රී ....

    ReplyDelete
  2. කවුරුන් හෝ කෙනෙක් කර්මාන්තසාලාවක්, සුලු වියාපාරයක් වැනි දෙයක් පටන් ගත්තානම් එම ආයතන වල සේවකයන් ව මනරන්ජන වැඩවර්ජන වලට පොලොඹවා වියාපාරය කම්බස් කර දැමීම එම මාර්ක්ස්වාදීන් ගේ විනෝදාන්සය විය.///// true

    ReplyDelete
  3. අර රැල්ල ගොඩ ගහල උන්හිටි තැන් නැතිවෙච්ච උන්ට ආපු සල්ලි ටික වැඩි ආරක්සාවට අක්කගේ ගිණුමට දාගත්ත රැවුල තාම කළු ජනරංජන උන්නැහේ ජනාධිපති කොරන්න කඩේ යනකොට විතරයි මේ මාකස් වාදීන් වැඩකට ඇති යමක් කොලේ නේද සාරස තුමා?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉයන් තුමා කියන්නේ...
      කන්ඩ අවස්ය වුනාම කබර මසුත් තලගොයි මස් වගේ පේනවා කියන්නේ කට කහනවට‍යැ?

      Delete
  4. ඈ සා හසික රසෝ.. උබේ කටට පවුමක් දාන්ට ඕනි හිටන් මෙහෙම විලිලැජ්ජා කථා අප්‍රසිද්දියේ දොඩවනවට 😜

    ReplyDelete
    Replies
    1. ඔහෙට තරහ ගියැයි?
      වැඩිය ගනන් ගන්න එපා.....
      සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් එල්ලියවු!

      Delete
    2. පිස්සුද සරසෝ. අර මක්කටෙයි උබ එක්ක තරහ වෙන්නෙ..
      "මහින්ද මාමි ආයෙ එන්න....
      වැලළුන රට ගොඩනගන්න...""😂

      Delete
  5. කතාව සහතිකම ඇත්ත. සිද්ධ වුනේ ඒ දේ තමයි.නමුත් මේකෙ ගෞරවයෙ වැඩි කොටස ඉන්දියන් ඇමරිකන් ඔත්තු සේවාවලට යන්නත් ඕන.ඒ අයට ජවිපෙ කියන්නෙ ඇබිටිල්ලන් මීයෙක් විතරක්. ඔහොම වැඩද කරල තියෙන්නෙ
    ඒත් මේක නරක දෙයක් ලෙස මම නම් දකින්නෙ නෑ. විනාශකාරී ක්‍රියා සදහා තරුනයන් පොළඹවන කන්ඩායමක් මේ විදියට හෝ යහමග යනවනම් ඒක නරකද
    කිරිබත්ගොඩල පිටිදූවල වගෙ අයත් තරුනයන් යහමග යවන්න සේවයක් කලා
    බිම බලාගෙන නාරාසන ගිල්ල පිඹුරන් මෙන් ඥානානන්ද පසුපස යන ඩිග්‍රිය අතහැර පැවිදිවූ තරුණයන් දකින විට මට සිතෙන්නෙ අනේ මේ බස් ගිනිතියන්න මිනීමරන්න සිටි පිරිසක් නේද මේ ශාන්තව ගමන් කරන්නෙ . ඥානානන්ද ගෙගුන අනන්තයි සාදු සාදු සා කියල.

    තරුණයන් නොමග යවන මෙවන් බලවේග මෙසේ නිශ්ක්‍රිය වීම රටක් හැටියට ලබන ජයක්.

    ReplyDelete
  6. // ඒත් මේක නරක දෙයක් ලෙස මම නම් දකින්නෙ නෑ //

    ස ර ස තුමා ඔබ සමග සීයට දෙසීයක් එකඟ වෙමි මද්යස්ත තුමෝ!

    ReplyDelete
  7. ජේවීපී එකත් වීරවන්ස වගේ පරිණාමය වී ඇත.

    අර අජ්ජාපනේ නිදහස සඳහා නවකයන් හා පාර යන එවුන්ව රැග් කොරන උත්තමයං තාම මාක්ස්වාදීද?

    ReplyDelete
    Replies
    1. උන් නම් කාල් මාක්ස්...
      ඒ කියන්නේ මාක්ස් වලින් කාලයි... 25%!

      Delete
    2. අරගලයේ නොසිටි විවෘත ආර්ථික විප්ලව පැටවුන්ට වඩා. එකාධිපතියෙක් හා එක්ව රට ගූ කන්දක් කළ තිස්ස වාසූ ඩීව් හා බැටිලා ගැන මාර මෙව්වා එකක් තියෙනවාය. ලිවිල්ල නම් හැමනෙන්නම ලියලා තියෙනවාය.

      Delete
    3. නැතිව කොහෙමෙයි..
      ඔහෙත් අර ජෙප්පා මන්ත්‍රී ට සාදුකින් පෙලෙනවුන් ට විප්ලවේ වගේ ගොන් පාර්ට් කෙලින්නේ නැතිව හිටන් ආර්තික බෝග වගා කොරලා ජීවිතේ ගොඩ දාගන්නා දනාත්මක සහ දනවාදී (සහ එකම හරි ක්‍රමය ) කියලා දෙන කොට?

      Delete
  8. සමන්ත භද්‍ර හිමියන් ගැන කල ප්‍රකාශයට බලවත් විරෝධය.
    අනිත් කරුණු සඳහා
    ++++++++++++++

    ReplyDelete
    Replies
    1. උන්න විදියට මලා මදෑ කිවුවලු..
      තැන්කූ ඈ

      Delete
  9. රනිල් කියන්නේ හොඳ මොලයක් නෙවෙයිද ඉතිං? හැක්..

    ReplyDelete
    Replies
    1. චෝයි මොලයක් මෙයා...

      Delete